2012-03-23

ඇගේ කව




දිනක් කොළයක ලියපු කවියක
අහම්බෙන් ඇස නැවතුනා
දහසකුත් තව එකක් කවි මැද
ඒ කවියටම හිත ගියා...

කවියෙ  ලස්සන එලිසමය  දැක
මගෙ හිත තව  බර වුනා
මොකද්දෝ හුරු පුරුදු ගතියක්
තියෙන වගනම් සිහි කලා...

කවිය කාගෙද කයිති කාටද
මගේ සිත විමසිලි උනා
කාත් කවුරුත් නෑ වගෙයි මුත්
තනි කවට මම පෙම් කලා...

හිතේ පතුලෙම තිබුණු තනුවක
තාලයක් මට සිහි වුනා
ඒක කවියට නූලටම හරි
කවිය මම හොරකම් කලා....



කවිය ලී ඒ අයිති කාරිය
දිනක හදිසියෙ පැමිණුනා...
මගේ තනුවට වැයෙන්නේ ඇගෙ
කවිය බව ඈ සැල කලා....

මගේ  තනුවක තාලයට මේ
කවියෙ පද වැල  හරි ගියා
ඒ නිසා මට කවිය දෙන්නකො
මම ඇගෙන් එය  ඉල්ලුවා...

නොකිය මගෙ කව ගත්ත මදිවට
ලස්සනත් එහි නැති කලා...
නුබේ තනු මට එපා මගෙ කව
දෙන්න ඈ එය ඉදිරුවා...

මගේ තනුවට බැඳුනු කවි පද
කැඩිල එහෙ මෙහෙ විසිරුනා
කැඩුණූ කවියේ අකුරු එක එක
අඬ අඬා මම ඇහිලුවා....






                                                                          ෴෴෴෴

කලින් ගොතාපුව ටිකක්....


දේ දුන්න දුර වැඩියි හිතුනා

ඇය
ඒ රණ තිසරු යැයි රැවටෙති කණ කොක්කූ...
කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්
වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා

43 comments:

  1. දිඨධමවේදණීය කර්මය!!
    පවු.. !!

    ReplyDelete
  2. හ්ම්ම් හ්ම්ම් ඔහොම යන්

    ReplyDelete
  3. Replies
    1. කවිය විතරද අහෝ.. ඇයි තනුව... ?

      Delete
  4. hoda wade gon ridmayata

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ඇනෝ ඔයා මට බැන්නත් ඔයාට මම ආදරෙයි

      Delete
    2. aththada?koi tharam aadareida? :P :P

      Delete
  5. කැඩුණූ කවියේ අකුරු එක එක
    අඬ අඬා මම ඇහිලුවා....
    මේක නමි මට සුවර් නෑ

    ReplyDelete
  6. පොඩි මෑන් ගෙ වැ‍ඩ !

    ReplyDelete
  7. කවියනම් එල මල්ලි.....අද්දැකීමක්ද....?

    ReplyDelete
  8. අනුන්ගේ ඒවට දාන්න ගියෙ මොකටැයි තනු

    ReplyDelete
  9. කවදාවත් නැතිව බොක්කෙන්ම රසවින්ඳා.

    ReplyDelete
    Replies
    1. ජෝන් මහත්තය වෙනද කොහෙන්ද රස වින්දෙ... ? ටැංකු ඈ.. :D

      Delete
  10. මරු අලෝ.. ලස්සනයි මේ කවිය

    ReplyDelete
  11. Replies
    1. අපොයි උඹට කාලෙකින් මතක් වෙලා... :D

      Delete
  12. ඇයි බන් අඬන්නේ....

    ReplyDelete
    Replies
    1. කවිය කැඩුව බං අර ගෑණි :D

      Delete
  13. මටත් ඇඬෙන්න එනවා බං....

    ReplyDelete
  14. මේක ඇත්තටම සිංදුවකට අගෙයි

    ReplyDelete
  15. අනුන්ගේ කවි ගන්නේ මොකටද... මේකට තනුවක් දාල ගත්තනම් ඉවරනේ....මරේ මරැ..

    ReplyDelete
  16. MAXaaaaaaaaaaa PODI MAN

    ANO FOR EVER

    ReplyDelete
  17. මොකෝ බන් උඹට වෙලා තියෙන්නේ

    ReplyDelete
  18. ඈ... කෝ මගෙ කොමෙන්ට් එක???

    ReplyDelete
  19. තොට හොඳ වැඩේ අනුංගෙ ඒව උස්සනවට....උස්සල මදිවට තව නාහෙනුත් අඬනව...සාටර්.

    X-Porter

    ReplyDelete
  20. Dimuth -බොක්කෙන්ම රසවින්ඳා

    ReplyDelete
  21. I'm truly enjoying the design and layout of your site. It's a very
    easy on the eyes which makes it much more enjoyable for me to come here and visit
    more often. Did you hire out a developer to create your theme?

    Exceptional work!
    Also visit my homepage :: football transfer news january 2013

    ReplyDelete