"ජම්පින් විතරයි තියෙනෙ.. ලොකු ෂීට් නෑ..."
බස් එකේ දොරකඩ ඉදපු කොන්ද කිවුවෙ මගේ මූණවත් බලන්නෙ නැතුව ...
මම පෝලිමෙන් පැනල ආයෙත් පැත්තකට උනේ කොළඹ ඉදල ගාල්ලට ජම්පින් එකක යනව කියන එක එපාවෙන වැඩක් නිසා... වෙලාවත් තාම 3 යි .. ඊලග එකේම යනවා....
මට පරක්කුවක් නැති උනාට ජම්පින් සීට් වල යන්න කැමති උදවිය බස් එකේ නැගල ගියාට පස්සෙ ඊලග බස් එකේ යන්න ඉතුරු උනේ හතර පස් දෙනෙක් විතරයි...
ඊලග බස් එක එනකම් තේරුමක් නැතතුව ඈත බලාගෙන ඉදපු මගේ ඇස් දෙක හොදට හුරුපුරුදු ගැහැණු රූපයක් ලග නතර උනා...
"සමාධි"
ස්කෝලෙ යන්න කලින් ඉඳලම මගේ අතිජාත යෙහෙලිය වෙච්ච...ස්කෝලෙ දිග කලිසම අඳිනත් අවුරුදු තුන හතරකට කලින් ඉදලම මගේ හිත කුළුදුලේම අයිතිකරගත්ත .. මට අයිතිකරගන්න බැරිවෙච්ච මගේ හීන කුමාරි.... අවුරුදු පහකට විතර දකින්න තියා වචනයක්වත් කතකරන්න හොයාගන්න බැරුව ඉදපු කෙල්ල එකපාරට ඇස් දෙකට අහු උනාම මම අඩි දෙකක් පස්සට විසි උනා...
"සමාධි නිවර්ථනා.. යකෝ ඒකිට දාල තියෙනෙන් දස සිල් මෑනියෙක්ට දාන්න ඕනෙ නමක්නෙ... හැබැයි හරියටම ගැලපෙනවා.... ෂුවර් එකටම සෝවාන් වෙලා වෙන්න ඇති... "
කොල්ලො සමාධි ගැන කතාකරේ එහෙමයි.... එච්චරටම නිවිච්ච අහිංසක ගතිගුණ තිබුන අඩම්බර කමක් ගෑවිලාවත් තිබුනෙ නැති කෙල්ලෙක්... යාලුවෙන්න පස්සෙ ආඅපු එකෙක්ටවත් යාලු කරගන්න බැරිවෙච්ච කෙල්ලෙක්...
ගෙවල්වලින් තරමක් අඳුනන නිසාත් මම එහේ ගෙදර ආව ගිය නිසාත් ස්කූල් වෑන් එකේ ඇරුනාම අම්ම නැතුව කඩේකටවත් නොගිය නිසාත් සමාධි ආස්රේ කරපු එකම කොල්ලා මමයි...
ඇත්තටම මේ සමාධිද... ? මම ආයෙත් හොදට මූන බැලුවා... මම එයා දිහා බලාගෙන ඉදියට එයා නෙවෙයි මාව දැක්කෙ... හැමදාම වගේ බයවෙලා බෑග් එක අතින් තදකරගෙන ඒසී බස් එකක් එන දිහා කෙල්ල එබිලා බලාගෙන ඉදියා...
පස්ස ගාවට තිගට තිබුන කොන්ඩෙ උරහිසට පොඩ්ඩක් පහලට වෙන්න කපල තිබුනත් එක පැල්ලමක් නොතිබුන සුදු මූනෙ පිම්පල් එකක් දෙකක් තිබුනත් ඉදියටත් වඩා කෙල්ල ලස්සන වෙලා....
"සමාධි....."
මම වචන ගැටගහ ගත්තෙ හරි අමාරුවෙන්.. ඒ ඇයි කියන්න මටවත් තේරෙන්නෙ නෑ...
කෙල්ල ඇස් දෙක ලොකු කරල මගේ දිහා බැලුවා.....
" ඔයා... ඔයා කොහෙද මෙහේ... ? "
සමාධි මගෙන් ඇහුවෙ හිනා කටක් පුරවගෙන...
"මට කලින් කියන්න ඔයා කොහෙද මෙහේ... එකපාරට අතුරුදහන් වෙච්ච කෙනා මෙන්න කොළඹින් හම්බ වෙනවා...."
"අපි දැන් මෙහේ ඉන්නෙ... "
මාව දැකපු වෙලාව පුදුම උන නිසා වෙන්න ඇති පලවෙනි ප්‍රස්නෙ අහපු විදිය වෙනස් උනත් ඊලට සමාධි කතාකරේ පුරුදු විදියටමයි...
"අප්පට හුඩු ඒකත් එහෙමද.... ඒක තමයි පේන්නවත් ඉදියෙ නැත්තෙ... හොදම යාලුවටවත් කියන්නෙ නැතුව අතුරුදහන් උනා... අඩුමගානෙ ෆෝන් නොම්බර් එකක් දීල පලයංකො...කෝ කොහෙන්ද.. මෙන්න යාලුවො...."
කෙල්ල හිනා උන විතරයි...
" පොඩි ප්‍රස්න වගයක් උනා.. ඒකයි අපි ආවෙ.... "
" හරි හරි දැන් මේ කොහෙද යන්නෙ.... ?? "
කෙල්ල අප්සට් යනව වගේ දැකපු නිසා මම කතාව වෙන අතකට හැරෙවුවා...
"ගාල්ලෙ... පුංචිලගෙ ගෙදර...."
" එලනෙ... මාත් යන්නෙ ගෙදර.. ඔන්න දැන් චැටක් දාගෙන යන්න කෙනෙක් ඉන්නවා... "
කෙල්ල ආයෙත් හිනා උනා....
" ඒක හොදයි.. මාත් තනියම යන පලවෙනි පාර.. බයේ ඉදියෙ මම.. දැන් බය නෑ... "
සමාධි හිනාවෙලා එහෙම කියහ්දි හිතේ කොනක පොඩි සතුටක් ඇති උනා නිකන්ම...
විනාඩි 10 යනකොට අපි දෙන්න ඉදියෙ ගාල්ල බලා යන ඒසී බස් එකේ එකලග සීට් දෙකක... ආගිය තොරතුරු රයට කොහොමද මෙයාට කොහොමද දැන් මොනවද කරන්නෙ අරකද මේකද වෙන විශේෂ කතාවක තිබුනෙ නෑ පානදුර පහුවෙනකම්ම....
අවුරුදු ගානක් හිතේ හිර කරගෙන ඉදපු අතිජාත යෙහෙලිය හින්දම එලියට දාන්න බයේ ඉදපු අවුරුදු ගානක් තියෙනවදවත් නැතුව හොයාගන්න නැතුව තිබුණු ආයෙත් එකපාරටම ගිණි කන්දක් වගේ හිත ඇතුලෙන් එලිට ආව ගැගීම් ගොඩකින් හිතම හිරිවැටිල වගේ මට දැනුනා... ඒ හිරිවැටිල තිබුන හිතට ඒ වෙනකොට අයිතිකාරියක් ඉදියත්... පරණ මතක ඒ ඔක්කොම වැට කඩුලු කඩාගෙන එලියට ආවෙ හරියට සුනාමිය වගේ...
" ඉතිං... කොහොමද... දැන්වත් නැද්ද අයිතිකාරයෙක්.... "
ඇතුලෙන් ටොන් ගානක් බරට හිතේ එල්ලිල තිබුන හැගීම් ගොඩක් බොහොම සන්සුන්ව සැහෙල්ලු වචන ටිකක් විදියට එලියට දාගත්තෙ මම අමාරුවෙන්...
කෙල්ල හිනා උනා.... ඉස්සරහ බාලාගෙන් ඉදපු ඇස් දෙක මගේ දහසක් පලක් නැති බලාපොරොත්තු පිරුණු ඇස් දෙක දිහා බලල ඔලුව වැනුවා....
" ඉන්නවා.... ...."
ඒ වචන ටික මට ඇහුනෙ හරි හෙමින්.... ඒ වෙනකොට මටත් අවුරුදු ගානක තිස්සෙ ආදරේ කරණ කෙලෙක් ඉදියත් ... මගේ එලියට ආවෙ නැති කුළුදුල් ආදරේ නිසා හිතේ කොනකින් ඇතිවෙච්ච රිදිල්ලක් ටිකෙන් ටික වැඩිවෙන්න ගත්තෙ මටත් නොදැනිම....
" ඉතිං කියන්නකො විස්තර..."
මම වෙනසක් නොපෙන්නන ආයෙත් කිවුවා...
"මොනව ගැනද.. ??"
"ඔක්කොම ගැන.... කොහොමද හම්බ උනේ... කවුද කොහේද කින්ද මන්ද.... ... ?"
හිත රවට්ටගෙන මම දාපු බොරු හිනාවට තමන්ගෙ ආදරේ කරණ කෙනා මතක වෙලා එබ ඇත්තම හිනාවකින් සමාධි මට උත්තර දුන්නා.....
"ඒක දිගගගග කතාවක්......"
ආදරේ ගැන මතක් කරාම වෙනද නොදැක්ක දඟ කාර කමකින් සමාදි කිවුවෙ ඇදල පැදලා... ඒ දඟකාරකම කෙල්ලගෙ ලස්සනත් මගේ ඉරිසියාවත් වැඩි කරා...
"තව පැය දෙකකට වඩා තියෙනවනෙ කියන්නකො......"
මම ආයෙත් කිවුවා...
කෑලි බෑලි එල්ලෙන මල්ලෙන් එලියට ගනිපුබෝතලෙන් වතුර ටිකක් බීපු කෙල්ල මගේ දිහා ආයෙත් බැලුවා...
" මට කියන්න මොකද්ද වගේ අනේ..."
" අයියෝ.. මම ඔයාගෙ හොදම යාලුවනෙ... අපි දෙන්න අතර පුංචි කාලෙ ඉදලම රහස් තිබුනද... ??
කෙල්ල ආයෙත් හිනා වෙලා කල්පනා කරා.. ඊට පස්සෙ බෑග් එක ඇරල එලියට ගත්ත පොතක්....
"මෙතන මම ලියල තියෙනවා මගේ කතාව.. පලවෙන පාරට කියවන්න දෙන්නෙ ඔයා මට ඉන්න එකම යාලුව නිසා...... එයාවත් තාම කියවල නෑ... හැබැයි දැන් කියවන්න එපා... ගෙදරගිහින් කියවන්න... මම අනිද්ද යනවා.. ආයෙ මට ගාල්ලට ගෙනත් දෙන්න එදාට ෂුවර් එකටම... හා ද... ?? "
සමාධි කොයි වෙලාවකවත් කිසිම දෙකක් කාටවත් හංගපු නැති කෙල්ලෙක්... ඒක තාම එහෙමමයි... මම පොත අතට ගත්ත ආයෙ පොත ගෙනත් දෙන්න එයාට පොරොන්දු වෙලා....
ගාල්ලට එනකන් කතා කර කර ඇවිත් දවස් දෙකට පස්සෙ එයා යනකොට පොත දෙන්න පොරොන්දු වෙලා මම ගෙදර ආවෙ ඉවසිලක් නැතුව..
නාල කාලා මහන්සිය නිසා ඉක්මනට නිදාගන්නව කියල මගේ කෙල්ලටත් බොරුවක් කියපු මම ඇදේ හාන්සි උනේ නවකථාවක් කියවනවත් වඩා ආසාවෙන්....
එතන ඉදල සමාදිගෙ පුරුදු දිග ඇලවෙච්ච අත් අකුරින් මම කියෙවුවෙ අවුරුදු 23ක ජීවිත කාලෙ පුරවට මම අහපු දැකපු කියවපු සංවීදීම ආදර කතාවක්..... සමාධි වගේ කෙල්ලෙක් මේ වගේ දේවල් කොහොම විද දරාගත්තද විස්වාස කරන්න තියා හිතන්නවත් බැරි හැල හැප්පීම් වලින් පිරිණු ආදර කතාවක්....
සමාධිගෙ වචන වලින්ම එයාගෙ පුද්ගලික විස්තර විතරක් වෙනස් කරපු ඇත්තම ආදර කතාවයි මේ.....
මගේ කතාව කියන්න කලින් අතුරු කතා කීපයක් කියන්නම්.ඒ අතුරු කතාවල අතුරු සිද්දීන් මගේ කතාවට කොහොමද බලපාන්නේ...මගේ කතාව ඒ හැම එකක් ගැනමයි
මම **** එකට ගියේ දෙවනි පාරට උසස් පෙළ කරල ඉවර වෙලා.අපි කොළඹ පදිංචියට ආවේ පළවෙනි පාර උසස් පෙළ කරල ඉවර වෙලා ඉස්කෝලෙනුත් අයින් වෙලා.අපි අවුරුදු ගානක් ජීවත් වුනේ ගාල්ලේ.ගාල්ලෙන් ආපු දවසෙ ඉදලම මම හැමදාමත් ආස කලේ මට ආයේමත් ගාල්ලටම යන්න පුලුවන් වෙනවනම් කියලමයි.අදටත් මම රෑට දකින හිනවල මම දකින්නෙ අපේ ගමෙ ගෙදරමයි.මම හැම වෙලාවකම හිතුවෙ මම මෑරිලා ආයෙමත් ඉපදුනොත් මම ගාල්ලෙම ඉපදෙන්න කියලමයි.
මම ෆෙස් බුක් ගෑන දෑන ගත්තෙ ***** එකට ගියාට පස්සෙ ඒ 2010 අවුරුද්දේ,ඉන්ටනෙට් ගැන ෆෙස් බුක් ගෑන කිසිම දෙයක් දෑනගෙන හිටියේ නැති මමයි මගේ අනිත් යාළුවොයි නිකන් ඉන්න හැම වෙලාවකම **** එකේ ලැබ් එකකට රින්ගගෙන කාත් එක්ක හරි චැට් කරන්න තමයි හැම වෙලාවෙම බලන් හිටියෙ. චැට් කරන්න කියල ගියත් මගේ ප්‍රොෆයිල් එකේ ඒ දවස් වල හිටියෙ යාලුවො 20,30 වගේ පුංච් ගානක්.ඇවිල්ල තිබුන සමහර රිවෙස්ට් මම වැඩක් නෑ කියල තියාගෙන හිටිය,එහෙම ආපු රිවෙස්ට් එකක් තමයි ********. ඒක නාකි කෙනෙක් නිසා කැත ෆොටො එකක් තිබුන නිසා මම එයාව යාළුවෙක් කර ගත්තෙ නෑ.ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලේ මගේ යාළුවෙක් *****
මාත් එක්ක බොරුවට රන්ඩුවෙලා කරන්න දෙයක් නැති නිසා එයා ඒක කලේ මම බනිද්දිම.එක ආයෙ මකල දාන්න මටත් අමතක උනා...
ඊට පස්සෙ, ඉතින් මට ඕනෙ උනෙත් යාළුවො ගාන වැඩි කර ගන්න නිසා මමත් එක ගැන ආයෙ හිතුවෙ නෑ.
**** එකේ පලවෙනි අවුරුද්දෙ මුල් මාස හය ඉවර වෙද්දි මම හැම වෙලාවෙම හිතුවෙ ගෙදර ඉන්නකොට චැට් කරන්නෙ කොහොමද කියලමයි.අපේ ගෙදර ඒ දවස් වල තිබුනෙත් CDMA
දුරකථනයක් නිසා ඉන්ටනෙට් ගන්නත් බෑ.ඒ නිසා මම ගෙදර ඇවිත් අම්මට කිව්ව මේ පාර නම් මට ඩොන්ගල් එකක් අරන් ඕනෙමයි නිවාඩු කාලෙත් ගෙදර වැඩ දෙනව කරන්න කියල මම කොහොම හරි නිවාඩු දීල සතියකට විතර පස්සේ ඩොන්ගල් එකක් ගත්තා.
ඉතුරු ටික ඊලග කොටසින්......... :)
_____________ ෴෴෴ ___________________
ප. ලි
මෙන්න ඊලග කොටස
කතාවක් සහ තවත් කතාවක් 2
ඉතුරු ටික ඊලග කොටසින්......... :)
_____________ ෴෴෴ ___________________
ප. ලි
මෙන්න ඊලග කොටස
කතාවක් සහ තවත් කතාවක් 2
___________________________________________________
ඊයෙ දාපු ______ හාට් Piercing...✿•*`¨" එක
ඔන්න ඔන්න හොම්බට දෙකක් අනින්න හිතෙනවා ළඟ හිටියනම් හැන් බලන් හිටපන්කො තව කාලයක් .
ReplyDeleteප්‍රින්ටින් මිස්ටෙක් වගයක් තියෙනවා වගෙ ආයෙත් බලලා හදන්න
එල තැන්කෝ... මම බලන්නං...
Deleteආයෙත් අහලා දැකට වඩා අනින්න හිතෙනවා අම්මපා.
Deleteදැකට වඩා... :P :P ඉදා ඇනපං..
Deleteඋඹ ඒ ගමන අළුත් එකක් පටන් ගත්තද...
ReplyDeleteනෑ .. මේක අඅර තරම් දිගවෙන එකක් නෑ.. :D :D
Deleteඅය්යෝ... ආසා හිතෙන හරිය කියවද්දී කතාව ඉවරයි !!! :(
ReplyDeleteතව තියෙනවා.... හෙට ඊලග එක දෙන්නම්
Deleteලස්සනයි මට අවුලක් නැති නිසා එක වෙනස් කරන්න එපා පොඩි
ReplyDeleteමටයි අවුල.. :P
Deleteමරු මරු පොඩ්ඩෝ.. කථාව නම් නියමයි,.. ඊළඟ එකත් ඉක්මණට දානෝ හොඳේ,. :P :D
ReplyDeleteඑල.... :D
Deleteතව මාසෙකින් විතර අවොත් කස්ටියට අලුතෙන් කතාව බලත හැකි මගේ හිතේ
ReplyDeleteනෑ නෑ,... මේක ඉක්මනට දානවා... :D :D
Deleteතෝත් එක්ක බෑ යකෝ. එහෙන් අර වැල්ල දිගට ඉවර කලෙත් නෑ මේ අස්සෙ සමාධි ගැන... පැටලැවෙනවනේ යකෝ...
ReplyDeleteමටත් පටලැවිල තියෙන්නෙ :D :D
Deleteඅපොයි... කුතුහලයෙන් පිරි හොඳ ම කොටස කියවන්න හිතනකොට ම කතාව ඊළඟ දවසෙ ලු.... :(((
ReplyDeleteලියපු ටික ලස්සනයි. ඉතුරු ටිකත් ඉක්මණ ට ලියන්නෝ.........
දිග වැඩි උනානෙ...:D
Deleteහයියෝ කතාව පටෑන් ගද්දිම මතුසම්බන්දයි නේ අර නිකම් සිරස TV එකේ රන්දෙපැය වගේ..
ReplyDeleteගොන් දෙපැය...
Deleteගොං දෙපෙයම තමයි බං ඒකනම්
Deleteසමාදි ද..?
ReplyDeleteසදුනිකා ද...?
සඳුනිකා ??
Deleteපට්ටයිනේ ඉතිරි කොටස ඉක්මනට ලියන්න.....
ReplyDeleteලගදිම දානවා....
Deleteකොටස් වලින් යන කතාවක් මුල ඉඳල කියවන්න චාන්ස් එකක් වගේ....
ReplyDeleteහැබැයි මේක එච්චර දිග නෑ...
Deleteඑළ එළ...
ReplyDeleteතැන්කෝ...
Deleteඔන්න ඔන්න පොඩි මෑන් පවුල් සංස්ථාවේ දඬු ආණ්ඩුවට අහුවෙන්නයි යන්නේ...බොරුත් කියලා ලජ්ජා නැතුව මේකෙත් දානවනේ..
ReplyDeleteමේ..ඉක්මනට ඉතුරු ටික දාපන් යකෝ!!!
#@%$^#%^*$^&(*
මොනවද ඩෝ කියපු බොරු ??? :D
Deleteඔන්න ඕවා ලියපන් බං....අනං මනං නැතුව "ප්‍රතිභාව" පොලිෂ් කරගන්න...
ReplyDeleteඬොය කෙහෙල්මල් පොලිශ් කරන්න ඕනෙ නෑ බං.. ඒවයි මේවයි මටනං වෙනස්ක් නෑ.. ඔක්කොම මට හිතට එන ඒව විතරයි...
Deleteලස්සනයි පොඩි මෑන්!!! ඉතුරු කොටස් කියවන්න බලන් ඉන්නවා...
ReplyDeleteස්තූතියි.. ලගදිම දානවා...
Deleteමේකත් ලස්සනයි....ඒත් මගදිගට දාන්නකො අයියෝ.........:(
ReplyDeleteදානව දානවා... ඔය හිතට ආව එකක් ලියල දැම්මා... :D
Deleteමගදිගට ඉවරකරලා දන එකක් දාපන්කෝ....:(
ReplyDelete-sLr
මේක එච්චර දිග නෑ බං... ඉවර කරනව ඉක්මනට :D
Deleteකමෙන්ට් දාන්න කලින් ඔක්කොම කියවලාම හිටියනම් හොදයි වගේ .
ReplyDeleteඅනිත් කොටස ඉක්මනට ඒවි නේ?? කොහේද හොදම හරියට එද්දි ඉවර කරලනේ.. මතු සම්බන්දයි කියලා...
ReplyDeletehombata dekak newei ... 60k aninna hithenawa ban ubata....
ReplyDelete--- Thilini akka-----
මගෙ අනිත් කොමෙන්ට් එක . . . කතාවෙ අන්තිම කොටසට
ReplyDeleteඕකනේ ඉතිං කරන්න බැරි.. මැරියං තෝ..!!
ReplyDeleteඅඩේ උබ නම් සිරා කතා කාරයෙක්,,, එල මචන් අනිත් කොටසත් ඉක්මනටම දාපන්
ReplyDelete