2012-01-04

බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ ගාලු හමුවේ හොට් හොට් නිවුස්.....!!!




ඔන්න දැන් ආයෙ කියන්න දෙයක් නෑනෙ...  ගාල්ලෙ ගෙට් එක ගැන..  ඔක්කෝමල දන්නවනෙ ඒ ගැන..

එන්න බැරි උන්දල දුකෙන් හූල්ලද්දි  පිටරට ඉන්න උන්දල ඉරිසියාවෙ මරණීය තර්ජන කරද්දි  ලංකාව වටෙන්ම 60 කට ආසන්න බ්ලොග් ලියන කියවන පිරිසක් 7 වෙනිද ගාල්ලට එනව  කියල තමයි වාර්ථා වෙලා තියෙන්නෙ...

සමහර විට  සෙනග ඊට වැඩි වෙයි ....

මීගමුව  ගම්පහ  කට්ටිය උදේ කොළබ සෙට් වෙනකොට කොළබ කට්ටියට සැට් වෙන්න  අනුරාධපුරෙන් වගෙම  කුරුනෑගල , කෑගල්ලෙන්  කට්ටියත් දිවාරෑ නොබලා  කොළඹට එනවලු...

රට පිට ඉදගෙනත් මේ වෙනුවෙන්ම එක්කෙන්ක් එනව කියලයි ආරංව්ය...

කොහොමද කට්ටියගෙ කැප කිරීම...

කොළඹින් හා ඒ අවටින් තව එන අය ඉන්නවනම් රාජ් තුමාගෙ මෙන්න පෝට් එක බලන්න... එතුමාව දැනුවත් කරලා අධිවේගී එකේ අධිවේගයෙන් එන්න එතැනට  සෙට් වෙන්න....

කොළඹ අවට අය එහෙම එනකොට   බෙලිඅත්ත , මාතර  , ඇඹිලිපිටිය , රත්නපුර  , මතුගම  ප්‍රදේශවලින්  කට්ටිය ගාල්ලට එනවා... වෙලාව මතකනෙ උදේ 8 ගාල්ල නව බස්නැවතුම්පල හා දුම්රියපල යා කරණ පාලම...
 
කලින් වෙලාව අපි 9ට දාගෙන තිබුනත්  කොළඹ සිට  එන ගෑණූ දරුවො වෙලාවට ගෙවල් දොරවල් වලට ඇරලීමේ මහා බර පැණ අපේ රාජ් තුමා  කරට අරගෙන ඉන්න නිසාත්.. ලංකාව වටෙන්ම කට්ටිය එන නිසා  උපරිම පුලුවන් වෙලාවක් කට්ටියට එකට විනෝද වෙන්න අවස්ථාව ලබා දෙන්න අවශ්‍ය නිසාත්  වෙලාව පැයක් කලින් දැම්මා....


එහෙනම් මතකනෙ....  


ගාල්ලෙ  හා ගාල්ලට සෙට් වෙන අයට
________________________________


දිනය :- ජානවාරි 7 වෙනි සෙනසුරාදා
වෙලාව   :-  උදේ 8.00
ස්ථානය :- ගාල්ල බස් නැවතුම්පල  හා දුම්රියපල යා කරන පාලම යට නෙවෙයි උඩ
ඩ්‍රෙස් කෝඩ් එක :-  විලි වැහෙන ඕනෙම එකක්
අවශ්‍ය ද්‍රව‍ය :-  රු 200 /= මුදලක් ,  තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වතුර ( වතුර තියෙනව අම්බානෙක  හැබැයි තියෙන්නෙ මූදෙ..... ඒව නැතුව වතුර හොයාගන්න තැනක් ලොවෙත් නෑ... ඒකයි කියන්නෙ උදේ ඉදල හවස් වෙනකං... )

වෙනැත් දෑ :-  
_______________

හවසට හපන්න මොනවරි  කිරි ටොපි, මස්කට්, පැනී බූන්දි, ඕනෙම එකක්...
                  
ඔය අපේ සීනි බෝල නංගිලා අක්කලා පැනෝඩෝල් පෙත්තක් දෙකක් ගේන්ටලා. ඔලුවෙ කැක්කුමක් හෙම හැදුනොත්...

තව  පොඩි ප්ලාස්ටර් කෑල්ලක් එහෙම.... සූදානම් සසීරෙ කෝකත් හොදයිනෙ...   මුලින්ම  කන්දක් නැගල  ගලින් ගලට පැනල ගිහින් වැල්ලෙ තමයි ඉන්න වෙන්නෙ... ඊට පස්සෙ ඉතිං හොටෙල්වල වගේ නෝ එයාර් කන්ඩිෂන් අම්භානෙක මූදු හුළග , නෝ ටයයිල් ෆ්ලෝ  සිප්පි කටු කකුලුවො පිරිච්ච වැල්ල , නෝ වට තිර  ඔන්ලි ගස්කොලං , නෝ සැප පුටු  දිරච්ච ඔරු කබල් දෙක තුනක් තිබුන වගේ මතකයි , නෝ හිල් කරපු පුටුව තියෙන බාත් රූම්  විනාඩියට දෙපාරක් හෝදගන්න වතුර එන ( රැල්ල ගහන )  ෆුල් කවර් වාත බිත්ති සහිත මුහුද පමණයි...

ඒක නිසා ඔය බවලත් උදවිය ඔය බාත් රූම් ප්‍රස්නෙ ගැන පොඩ්ඩක් සැලකිලි වෙලා එන්ට... සැලකිලි වෙලා එනට කියන්නෙ උදේ ඔක්කොම කොරල එනට... කොල්ලොන්ට ඕනෙ තරම් ගස් ගල් පදුරු  තියේ...

ආ.. අනිත් එක මම කිවුවනෙ ගමන් මාර්ගෙ ස්භාවය... පහසු ඇඳුමක්... මේකත් ඉතිං බවලත් උදවියටම තමා... උඩ යන ඒව  ගැන සැලකිලිමත් වෙන්න.... හරිනේ....

ආ.... එතකොට ටොකොස් ටොකොස් සපත්තු.... බෙල්ලෙ තමයි එල්ලන් ඉන්න වෙන්නෙ.....


හරිනෙ හෙනම්...   විනෝදය සපිරි වෙනස්ම විදියෙ අත්දැකීමක් අරගෙන.... අඟල් ගානක රාමුවකින් වටවෙලා  ඩිජිටල් සංකේතවලින් ගොඩනැගුණු යාලුකම හැබැහින් විදගන්න  දැකගන්න  විනෝද වෙන්න දැන දුනගන්න....

7 වෙනිදට සෙට් වෙන්න...

තාමත් එනව කිවුවෙ නැති අය  අද මේ පොට් එක දකින් අයට උනත් එන්න පුලුවන්...
බ්ලොග් ලියන්නම අවශ්‍යය නෑ... එක බ්ලොග් එකක් හරි කියවනවනම් එච්චරයි....  වයස ප්‍රස්නයක් නෑ.. අවුරුදු 16 ඉදල අවුරුදු 50 වැඩි අය දක්වා...  ( නාකියයි , අඹේපාල මාමයි  විතරයි හැබැයි)  එදාට අපිත් එක්ක එකතු වෙනවා...

එකම එක පොදු අරමුණයි... බ්ලොග් ලිවීම හෝ කියවීම.... එපමනමයි.... 

එහෙනම්7 වෙනිදා ගාල්ලෙදි හමුවෙමු.. .....




මැතැන තමයි සෙට් වෙන්නෙ


 

    ________________________________________________

ගෙට්ටුව ගැන කලින් ලියවුනු පෝස්ට්


සයිබර් මිතුරන් ආයෙත් ගාල්ලට සෙට් වන වගයි!!!!!!!!!

අවා.. ආවා ..ආවා... පොඩි මෑන් ලියූ.. සයිබර් ගෙට්ටුවේ තීම් සෝන් එක ආවා.... !!!

 මෙන්න කිඩෝගෙ පෝස්ටුව

කොළඹ ඉදන් එන අය රාජ්ගෙ පෝස්ටුව බලන්න

 මෙන්න දේවා ලියපු අලුත් පෝස්ටුව මේ ගැන  ( ඒකෙනම් මඩ  සික් )

 


      

43 comments:

  1. 7 වෙනිදා තහනම් වචන෴
    බනියා
    හයිබ්‍රිඩ්
    ඉන්සයිට්

    ReplyDelete
  2. හයියෝ සල්ලි ඉරිසියයි ඉරිසියයි :-(

    ReplyDelete
  3. මේ මචං නාගන්න වගේ බැරි වෙයි ද ? දන්නේ නැ නේ. මම කියන්නේ මුහුදේ නාන එක හොදේ .

    ReplyDelete
  4. එළ එළ පොඩිමෑන්.. අපි එඤ්ඤං...

    ReplyDelete
  5. මොකෝ බන් බැරි පුලුවන් ඇදුම් අරන් වරෙන්

    ReplyDelete
  6. @ ගයාන් :- මොකා නෑවෙ නැත්ත මම නානවා... එහෙනම් ෆිට් තමායි... සෙටාර් වෙලා එන්න.... :)

    ReplyDelete
  7. අයියෝ යෝ යෝ ඊළග අවුරුද්දෙවත් බලමු

    ReplyDelete
  8. කස්ටිය සෙට් වෙලා

    ලොකු ජොලියක් දාලා

    ප්‍රිති වෙලා නටලා

    ගෙදර යනවලූ

    ReplyDelete
  9. රත්නපුර පැත්තෙන් කවුද දන්නෑ යන්නෙ අපිටත් සෙට් වෙන්න.

    ReplyDelete
  10. එලම තමා.... 7 ට සෙට් වෙමුකෝ... නැම බලමුකෝ එදාටම

    ReplyDelete
  11. පරිස්සමින් ගිහිං එන්න කියල තමයි කියන්න තියෙන්නේ...
    ඊළඟ පාරවත් බලමු :(

    ReplyDelete
  12. Praසන්ன :- හෂාන් කියල පොරක් කතා කරා එනව කිවුවා...
    0777648199 කාතා කරල බලන්න

    ReplyDelete
  13. කෝ හොට් හොට් නිවුස්වල නෑනේ පොඩි මෑන් ප්‍රසිද්ධියේ මගෙන් සමාව ගන්නවා කියලා...

    ReplyDelete
  14. පොඩි මෑන් -ගම්පහ පැත්තෙන් කවුරුවත් නැතෙයි? (එදාට ලාවට වගේ ගන්න මොකුත් නැතෙයි ඕන්?) ;)

    ReplyDelete
  15. @ මංතරකාරි :- ඔවු ඔවු.. මොතර කාරි කෙල්ලෙක් උනොත් ඔක්කොමල ආවාම මම දණගහල සමාව ගන්නවා...

    ReplyDelete
  16. @ පවනි :- ඇයි උඹ ඉන්නෙ... :D :D 7ට කොට්ටාවට සෙට් වෙයං... රාජ් කන්ටෑක්ට් කරපං

    ReplyDelete
  17. නුවරින් එන එකෙක් නැද්ද මේකට? ඉන්නවා නම් හොයල දීහල්ලකෝ... :(

    ReplyDelete
  18. හපෙ හප්පෝ ඉරිසියාවෙ මගෙ පපුව පුපුරන්න වාගේ....
    පරිස්සමෙන් කල්පනාවෙන් වැඩේ සාර්ථක කරගෙන ගිහින් ඇවිත් දුර ඉන්න අපිට බලන්න පෝටෝ ටිකක් දාන්නලකෝ....

    ReplyDelete
  19. හෆ්ෆා... මේකට එන්න බැරි වුනොත්නම් මට ඉරිසියාවෙ පැලෙන්න වෙයි..:( :( එන්න උපරිම උත්සාහය ගන්නවා...හනේ...හයියෝ....

    ReplyDelete
  20. මේකත් අර සංගගෙ ෆේස්බුක් වොරෝධතාව වගේ අතිසාර්ථක වේවා!

    ReplyDelete
  21. පොඩි මෑන් - හිකිස්..... අඩේ මම ගම්පහ ද ඕන්? එහෙනම් අවුලක් නෑ.. මම ත් එක්ක එන්නම්කො මම....
    :D :D

    ඕ. කේ. :D

    ReplyDelete
  22. හුල්ලන්ට තමා වෙන්නෙ.... සෝ සෑඩ්..... :'((((

    ReplyDelete
  23. උපරිම ට්‍රයි එක දෙනවා. උඹේ නොම්බරේ දාගත්ත පරණ ෆෝන් එක නැති උනා. නම්මබර් එක දාපන්...

    ReplyDelete
  24. අපි මාකුඹුරට එනකොට මජ්ජම බෙහෙත් ශාලාව ඇරලා නෑ. කලින් දවසේ ගත්තොත් උදේට මොකුත් නෑ. ගාල්ලෙදිම කලෙක්ෂන් කරල පිළිවෙලක් කරගන්න බැරිවෙයිද ? ( මේක ‍මේ රහසින් අහන්නෙ)

    ReplyDelete
  25. වෙන එවුන් හොට් හොට් නිවුස් කිව්වම හිතෙන දේ නෙමෙයි මේකා 'හොට්' කියලා කිව්වම මට හිතෙන්නේ.

    අනිවා වෙලාවට අපි එතන.

    ReplyDelete
  26. අට වෙනකොට අපි ගාල්ලෙ දෑන් මන්තරකාරි කොල්ලෙක් උනොත් මොකදෑ වෙන්නෙ.

    @ Sumith Niriella

    එකට ඉතින් පොඩිමෑන්ව කොන්ටෑක් කර ගනින්

    ReplyDelete
  27. ඇත්තෝ කති -බොති- සුඛති (සුවයෙන් හැසිරෙති)
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති .(සූත්‍ර පිටකය කියවති- අනිත්‍යය මෙනෙහි කිරීමට )
    කමක් නෑ මලේ. උඹල හොඳට විනෝද වෙයල්ලා. අපිට නිවාඩු නැහැ .
    සුබ සයිබර දවසක් වේවා!

    ReplyDelete
  28. අඩෝ......මැරුම් නොකා මගදිගට දාපිය....:'(

    ReplyDelete
  29. එළ එළ මමත් දෙතුන් පාරක් මෙතනට නාන්න ගිහිල්ලා තියෙනවා...සුදු වැල්ල කියන්නේ මෙතනට මගේ හිතේ....ගිහිල්ලා ඇවිල්ලා විස්තර කියන්නකෝ....ජය..

    ReplyDelete
  30. හා එහෙනම් හම්බ වෙමුකො ! හුටා තව දවස් 2යි නේද ?

    ReplyDelete
  31. ගැත්තාට සමාවන සේක්වා.. කැළණි පෙරහැර බලන්ට යමි..

    කැළණි රජ මහා විහාරයේ පිහිටයි.. සුභ ගමන් කිව්වා..

    ReplyDelete
  32. enna kamathi e unata office ....... :(
    Gud Luck ...

    Randika

    ReplyDelete
  33. මට ගාල්ලට ලඟ වුනත් එන්න වෙන්නේ නෑ පොඩි මෑන්..ඒත් කට්ටිය හැමෝටම සුභ පතනවා.ඔන්න ගමන ගිහින් ඇවිත් ගමනේ විස්තරයි පොටෝයි දාන්න ඕන හරිද?

    ReplyDelete
  34. මදැයි... :( එන්නම බලාගෙන හිටියේ... කොහෙද පන්ති නේ... මොකද කරන්නේ..? පන්තිද ගේට්ටුවද? අයියෝ සල්ලි... මොනෝ කරන්නද හිතා ගන්න බෑ...

    ReplyDelete
  35. @දේවු දාස් :- මචං... සවුදියේ ඉදං.. අනුරාදපුරේ ඉදං.. බන්ඩාරවෙල ඉදං එවවුන් එනව ගෙට්ටුවට.. මම මේ කමෙට් එක දානකොට ගෙට්ටුවට තව පැය 17ක් තියෙනව... ඒත් සමහර උන දැනටමත් මග....

    දවසක් ක්ලාස් වගේද මේක... ඔය දවස උඹ කාල්ස් ගියේ නෑ කියල විභාගෙ ෆේල් වෙනවද ??

    ReplyDelete
  36. @පොඩි මෑන්
    දැන් අපි එනකොට මක්කෙයි උබට අරන් එන්න ඕන, හා කියමු බලන්න..

    ReplyDelete
  37. Kastiya awei gaalu... :(

    ReplyDelete
  38. nodakin adayi dakke mekamaka bawiya podi man mala perethaya publicitya mad yakooo

    ReplyDelete
  39. These are actually enormous ideas in on the topic of blogging.
    You have touched some good things here. Any way keep up wrinting.
    Look at my blog ; chelsea transfer news 2012

    ReplyDelete
  40. I don't know if it's just me or if perhaps everyone else experiencing problems with your site.
    It appears as though some of the text within your
    posts are running off the screen. Can someone else please comment and
    let me know if this is happening to them too? This could be
    a problem with my web browser because I've had this happen previously. Kudos
    Visit my web site - man utd transfer news ronaldo

    ReplyDelete
  41. Very descriptive article, I enjoyed that a lot.
    Will there be a part 2?
    Also visit my website :: arsenal transfer rumours bleacher report

    ReplyDelete
  42. I blog quite often and I really thank you for your content.
    The article has really peaked my interest. I will
    bookmark your website and keep checking for new details about
    once per week. I subscribed to your RSS feed as well.
    Also visit my web site ... pizza games for girls

    ReplyDelete