2012-01-13

නැති- ඇති



නුඹට ගනු බැරි මට නොදෙනු හැකි
පෙමක් සිත ඇත සැඟවිලා...
නුඹට පෙම ඇති ඇයට බැඳි ඇති
ලොවක ඇත මා තනි වෙලා ....

සියලු දේ ඇති නමුදු නුඹ නැති
මටම මා දැන් ඇති වෙලා
මට ඕන නැති මා ඕන ඇති
ඇය නිසා ඉමි ඉවසලා .....

ඇගේ හිතෙ ඇති මගේ හිතෙ නැති
පෙමක මා ඇත හිරවෙලා
නුඹ නමින් නිති මැවු හීන ඇති
හිතේ පතුලෙම හිරවෙලා .....

යලි නොයනු හැකි ආයෙ එනු නැති
මතක සිත්තම් බොඳවෙලා
නිමාවක් නැති ඇරඹුමක් ඇති
බවම ආයෙත් සිහි කලා .....

සිතා නිමි නැති අඩා පල නැති
විරහ දුක ඇත පැමිනිලා
දරාගනු බැරි මුත් දරා ගමි
අපිට අපි නෑ හිමිවෙලා .....


_____________________________________________________________________________

මේ ගොතාපුව කියවල තියෙනවද ??...



කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග

සම්මතයෙන් එහා අසම්මතයට නොයා




මගදිගට 17    දාලයි තියෙන්නෙ...

21 comments:

  1. මම එක.....

    හිමි වෙන්නෙ නැත්තම් ෆලෝ කරල ගිහින් අයිති කරගනින් හැබැයි උඹට කැමති නම් ඕන්...

    ReplyDelete
  2. රූපෙ දැක්කාම මං හිතුවෙ වාහන සීං එක්ක කියලා :D

    ReplyDelete
    Replies
    1. සාස්පානක් කියල හිතුනෙ නැද්ද උඹට

      Delete
  3. Erotic වලින් Romantic වලට සීරු මාරු වුනා ද ?
    විරිතක් තියෙන ලස්සන කවිය.......

    ReplyDelete
    Replies
    1. Erotic , Romantic සම සමව බ්ලොග් එකේ දාල තියෙනවා... බලන්න " ගොතාපුව " ටැග් එක යටතෙ තියෙන ඒවා...

      Delete
  4. හ්ම්ම් කවිය ලස්සනයි/

    ReplyDelete
    Replies
    1. කොයි කවියද.. ? කවි 5ක් තියෙනවනෙ

      Delete
  5. ෂෝක් කවි ටික පොඩ්ඩෝ..! උම්මා! ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒ සික් බං... ප්‍රසිද්දියේ උම්ම දෙනවද මෙහෙම...

      Delete
  6. එකෙන්ම ෆට්ටයි ඇහ් !

    ReplyDelete
  7. කවිය මරු ඈ.
    මොකෑ හාට් පියර්සින් වලින් සමු ගත්ත ද ?

    ReplyDelete
  8. එයා මට ආදරෙයි.... මම ඔයාට ආදරෙයි...
    මොකෝ ඩබල් ගේමෙකක් දෙන්නද සෙට් වෙන්නෙ.....

    "රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි..
    පෙම් ‍රැහැනින් බැඳ සිතුම් වසඟකල ආදරයයි......"

    හය්යෝ සල්ලි... පොඩි කොලුවටත් වෙන දේවල්........

    X-Porter

    ReplyDelete
    Replies
    1. කොහෙද පොට්ට හැරියො මට වෙලා කියල තියෙන්නෙ මෙතන ??

      Delete
  9. දුක තමයි මල්ලි....

    ReplyDelete
  10. ඇත්තටම මාරම ලස්සනයි අය්යේ

    ReplyDelete
  11. සියලු දේ ඇති නමුදු නුඹ නැති
    මටම මා දැන් ඇති වෙලා

    මටම ලියල වග‍ේ

    ReplyDelete