2015-03-25

වෙරි වෙනවද ? මත් වෙනවද ?? පක් වෙනවද ???


කරන්න වැඩක් නැති උනාම ඉදල හිටල බ්ලොග් එක මතක් වෙනවා ...   ඒත් ලියන්න කම්මැලි ..  ඉස්සරනං පුක ඉරාගෙන බ්ලොග් ලිවුව ... බුකියෙ ශ්‍යා කරා .. කමෙට් වලට රිප්ලයි කරා...  ඒත් අනේ මන්ද ඇයි කියල ... දැන්නම් ඒ ඉස්ස හැලිලද කොහෙද  ..  

සිංඩි ටිකෙනුත්  එලවලා මම හිතන්නෙ ... 

ඕනම් දෙයක් එහෙම තමයි .. ටික කාලයයි ... 

නිකන්  ඉන්න වෙලාවට කම්මැලි වෙලාවට වෙන වැඩක් නැතිනම් ඉන්නෙ තනියමනං  දුමක් දාල ෆිල්ම් එකක් බලන්න තියෙනවනම් ... අන්න ආතල් එක ... 

නැතිනම්   ඒ වගේම මම කැමති හොද කයියක් ගහන්න ... ඔවු .. පරණ ජොකියො දෙන්න තුන්දෙකෙන් සෙට් වෙලා ලාවට පැට්ටෙක් මරල දුමක් අදිනගමන් කයියක් ගහන්න ... 

කයියක් ගහනව කියන්නෙ ඔය වල පල් දොඩවන එක තමයි ... 
සම්ප්‍රප්පලාප ...
ඒ කියන්නෙ හිස් වචන ... 
ඒත් ඔයි හිස් වචන වලට පුලුවන් අපේ ඔලුගෙඩි ඇතුලෙ තියෙන ඔක්කොම කුණු කන්දල් ටික එලියට අදින්න.. මිනිස්සුන්ට ඕනෙ ඒකයි ... 

නිකං ඉන්න වෙලාවට ඔය කුණු ටික එලියට අදිනව කියන්නෙ 
තමගෙ හිතේ තියෙන දේවල් කියවල එලියට යවන්න ... හිත නිදහස් කරගන්න .
වෙරි උනාම දොඩමළු වෙන්නෙ ඒ නිසා ... වෙරි උනාට වඩා දොඩමලු වෙන්නෙ මත් උනාම ... ඉතිං ඒක ට හැබැයි සෙට් වෙන්න ඕනෙ .. ගෑණුනම් ඉතිං බිවුව නොබිවුව කියල වෙනසක් තියෙන එකක්යැ ...
ඒත් තව සමහරු කැමති අඩියක් එහෙම ගැහුමාව සිංදු කියන්න ... නටන්න කෑගහන්න හූ තියන්න ..
මත්වෙන එකෙයි .. වෙරිවෙන එකෙයි වෙනස ඒකයි ...
එතකොට පක් වෙනව කියන්නෙ ...??
ඔවු ඒ වචනෙ තේරුම වගේ එකක් තමයි .. එහෙම වෙන්නෙ බවුව දාන අය ... උන් කැමති හීන ලෝකෙ හිරවෙන්න ...
මත් වීමයි ... වෙරි වීමයි.... පක් වීමයි වෙනස් ...
ඔය වෙනස හොදටම පෙන්නන කතාවක් තියෙනව ....
පැට්ටෙක් බාගෙට සෙන්ටිමෙන්ටල් කරල ඉන්න වෙලාවෙ  ඔන්න එහෙනම් ඒ කතාවත් මෙහෙම කියන්නම්කො ... 


එකම බෝඩිමේ ඉන්න යාලුවො තුන්දෙනෙක් හිටියලු .. 
එකෙක් හොද බෙබෙක් ...
අනික මලෙක් ... 
අනික බවුව කාරයෙක් .. ඒ කියන්න් කුඩු
ඔන්න දවසක් තුන්දෙනා තම තමන්ගෙ ආතල් අරගෙන රෑ වෙලා ආයෙත් එනවලු බෝඩිමට ... යතුර තිබිල තියෙන්නෙ බීපු එකා ගාව ඌ යතුර හලාගෙන ... ඌ කියනවලු ..
" මෙ ලබ්බ හරියන්නෙ නෑ ... කඩනො ඩෝ මම ඩොර ... "
වෙරි උනාම සිහිය නෑ ඉතිං අමතක වෙනවා .. ඒවගේම කලහකාරී .... වලි බරයි ...
මත් වෙච්ච එකා කිවුවලු ...
"පිස්සු කෙලින්න එපා .. අපි ආපු පාරෙ තමයි යතුර වැටිල ඇත්තෙ ... ගිහින් හෙමීට යතුර හොයාගෙන ඇවිත් දොර ඇරල ඇතුලට යමූ .. අනික තව ටිකකින් එලිය වැටෙයි යතුර පේනව එතකොට .. ඒක නිසා හිමීට යතුර හොයාගෙන යන් .. කලබල වෙලා ආතල්නම් කඩන්න එපා .."
මත් උනාම කලබල නෑ ... කට්ටිය පාඩුවෙමයි ඉන්නෙ ...
එතකොට අනිත් එකා .. බවුව කාරයා ....
" සිග් .... හිග් .... 
මම මීදුමක් වෙලා හෙමීමීමීමී ට දොර හිලෙන් ඇතුලට යන්නම් ... උබල යතුරු හොයන් වරෙන් .... "
ඌ පක් වෙලා .... 
________________________
අන්න ඒක නිසා වෙරි වෙන්න එපා ... පක් වෙන්න එපා ...  වෙරිත් ඕනෙ නෑ ... ගානට මත් උනානං 

පකින් ඕසම් .... !!!

24 comments:

  1. මද පමනට අනුමත වෙන්න වෙයි වගෙ......
    කතාව නම් පට්ට.....

    ReplyDelete
    Replies
    1. මද පමනට වෙලා මද පවනෙ මන්දහස්මිත්තයේ ඉන්න් තියෙනවනම් ...

      Delete
    2. මද පමනට අනුමත වෙන්න වෙයි වගෙ.

      හායි මෙයා මෙහෙ ආවද සුදා
      අනේ මාව සොයා එන්න මෙයා
      මගේ ලව් එක නේද ඔයා
      මාව දමා යන්න එපා

      Delete
    3. කොන්ද පන නැති ඇනෝ මැක්කා ඇවිත් වගෙ.......

      Delete
  2. //නිකන් ඉන්න වෙලාවට කම්මැලි වෙලාවට වෙන වැඩක් නැතිනම් ඉන්නෙ තනියමනං දුමක් දාල ෆිල්ම් එකක් බලන්න තියෙනවනම් ... අන්න ආතල් එක ... //

    එහෙම වෙලාවට ඉදල හිටල හරි අතත් මරපං මුල අමතක කරන්ඩ එකා

    ReplyDelete
    Replies
    1. අමතක කරන්න කියන්නෙ තාම මුල තමා ඩෝ ඉන්නෙ ...

      Delete
    2. මත්වෙලා හෑන්ඩ් ෆයිට් අල්ලනවනම් නම් කෙල කියලා ජාතියක් තියෙනවා පාවිච්චි කරන්න නැතිනම් තුවාල වෙයි

      Delete
  3. මාත් කැමතියි අනුමත උනාම සිංදු කියන්න. ඒත් ටිකක් වෙලා යදිදි අනිත් උන්ට යන්න ඕන වෙනවා. අනේ අනේ ඉන්න කිව්වත් උං යනවා නේ බං

    ReplyDelete
  4. අපෝ.....................ගූ ගොඩක්. මේවත් බ්ලොග්ද පක් එක කියන්නේ මොකක්ද ෆක් කියලනම් වචනයක් තියනවා ඔහේ ඒක දන්නේ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ගූ තමා .. ඊයෙ රෑ තටමල දැම්මෙ ... උබ මොකද ඇනෝ කලේ .. බලල අයින් වෙලා යන්නෙ නැතුව මේකට බැස්සෙ මොකද ?

      Delete
  5. නොබී මත් වෙන්ඩත් පුළුවන්.... ට්‍රයි කරලා බලපන්...

    ReplyDelete
    Replies
    1. බිවුවාම් කොහොමත් මත් වෙන්න බෑ ...

      Delete
  6. ඔය විදියට බෝක්කුවක් උඩ ආතල් එකේ පාවි පාවි හිටපු එකෙක්, පොලිසියෙන් ඇවිත් අරන් යන්න හදද්දි කීවලු
    "සර් ආතල් එක කඩන්නෙ නැතිව හිමීට උස්සලා ජීප් එක ඇතුලෙන් තියන්න" කියලා

    ReplyDelete
    Replies
    1. සෑර් ... ගහන්න එපා බනින්න එපා ... සෑර්ලට ඕනෙ තැනකට හිමීට උස්සල ජිප් එකේ දාල අරන් යන්න ... ආතල්නම් කඩන්න එපා ...

      Delete
  7. එතකොට මන්මත් වෙනවා කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ උබ මතුනාමනෙ ... මම මත් නාම තමයි මන්මත් වෙන්නෙ

      Delete
  8. ඇත්තටම පෝස්ට් එක අවුසොම් ය...

    ReplyDelete
  9. අන්තිම එකා ඉතිං මීදුම වෙලා හිල අස්සෙන් ගියාද?

    ReplyDelete
    Replies
    1. අනවස්ස ප්‍රස්න අහල ආතල්නම් කඩන්න එපා ..

      Delete
  10. කතාව එල ද බ්‍රා..
    කලින් අහලා තිබුනේ නෑ

    ReplyDelete