2015-11-11

ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!! // තිසර පට වරුණ



මාතලන් ලොක්ක  මගේ පොස්ස්ට් එකකට තැනක් දීල තිබුනනෙ ...  ඊයෙ ...

බොහෝ  වු ඉතා තදින් බැනලා  තිබුනා ලියන්නෙ  නැති  එක ගැනත් ...

ඉතිං එහෙම අපිට ආදරේ  කරන ජන  මනයා  ඉන්නකොට ලියන්න  හිතෙනවා ...

ඒත් කම්මැලියි  අප්ප දැන්  ...

 බුකියෙනම් ඔහේ කොටල  දානවා ...


 ටීචාලංකාරයෙන්  ආයෙ කරලියට නිසා  ඒ වගෙම  කයියකින්  අරඹන්න හිතුවා ...


ඇරබුවට  කොච්චර  දුර  යාවිද  දන්නෙ  නෑ ...

බලමු ...

ඒක කමක් නෑ ... උඹල්ගෙ  රෝලටත් මේක  ඈදා ගනිල්ලා ....



මෙන්න එහෙනම් ..


ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!!

තිසර පට වරුණ

______________________

නෙක හැඩ මවා පිරිමින් සිත මවිත කෙරූ
තන පට තමයි ගැහැණුන්ගේ රහස් කරූ
ඔසවා තබා දුටු දන මන මුලා කෙරූ
තිසර පට වනමි ගැහැණුන් බඳින යුරූ ...

කොටු කොට තබා යන්නට නොම නිදැල්ලේ
හැඩ තල මවයි මන බඳිනා ඇසිල්ලේ
රුව වඩවනා තුරු දහවල මුලුල්ලේ
තබා රකියි ඇගෙ හංසයො කැදැල්ලේ ..

අසුවී නොමැතිනම් පිරිමියකුගෙ අතට
එහෙමත් එකකි ඇත්තේ ලොකුවට යසට
කුමක් කරන්නද මඳිනම් හැඩ හිතට
අරන් බඳිනු මිස පුම්බපු පටි තනට

පොදුවේ " බොඩිය කියලා අපි කීවාට
දැන් නෑ " බොඩිය " බ්‍රා වී ඇත පොෂ් ලෙසට
අඳිනා ඇඳුමෙ හැටියට එක එක හැඩට
බඳිනා තිසර පටි කැටගරි වෙයි හෙනට

පුශප් , වොන්ඩර් , ඩෙමි , ෆ්රන්ට් ක්ලෝෂර් ද බ්‍රා
මිනිමයිසර් , කන්වර්ටබල් , මැටිනි බ්‍රා ..
තදට හිරට අකමැතිවට සොෆ්ට් කප් බ්‍රා
මේ හැම ගැනදැන හිටියොත් එලද බ්‍රා ...

කිරි දෙන දරු ඇති අය හට නර්සින් ද
උර පටි නැති ඒවට රේසර් බැක් ද
වෙස්ටන් මනාලියකට බ්‍රයිඩල් බ්‍රා ද
පටි ඕනෙම නෑ නම් ස්ට්‍රැප් ලිස් ද

පිටට දාර නොපෙනෙන ටී ශ්ට් බ්‍රා ද
දුවන පනින අයනම් ස්පොට් බ්‍රා ද
චූටි චූටි අය හටි ටෙයි න බ්‍රා ද
ඕනෙ තැනට සෙට් වෙන බිල්ඩ් ඉන් බ්‍රාද

මෙකී නොකී ඔය හැම එක එක බ්‍රාද
පෙන්න නොපෙන්නා හංගාගෙන අඳිනාද
හංගා ඇගේ සුදු මෘදු ලැම රැකුවාද
විටක පිරිමි හට වඳ කොතරම් වේද ..

කැන්ඩි , ෆැශන් බග් , නෝ ලිමිටුත් යනවා
ඔඩෙල් තිලකවර්ධන එක පීරනවා
එක එක පාට පටි ඇති නැති තෝරනවා
වැහුන රුවට රැවටී අපි ලණු කනවා ...

එල්ලී වැනෙනවා ගස් වැටකොලු වාගේ ...
හෙල්ලි වැනෙනවා අයියෝ තන මාගේ
මල්ලි අඩනවානම් කෙල්ලත් උබගේ
සල්ලි විසි කරොත් බඩු ඇත වෙඩි වාගේ ...



කතෘ දේපලකි .. කරුණාකර අයිතිය සුරකින්න ....
කොපි කිරීම / පිටපත් කර ලඟ තබාගැනීම / උපුටා ගැනීම / බද්දට හෝ කුලියට දීම / පාඩම් කර සමූහ ගායනය සපුරා තහනම්

කමෙන්ට් කිරීම සහ  ශ්‍යා කිරීම  පමණක් සෑහේ ....


26 comments:

  1. හැක්! උඹ යමක් ලියල කාලයක් ගියාම තමයි ඒ ගැන කතාබහක් යන්නෙ. තව කාලෙකින් කවුරුහරි ගොබ්බයෙකුගෙ වැඩක් නිසා මේ මාතෘකාව ඇදිල ආවොත් මේකට ආයෙ පබ්ලිසිටියක් ලැබෙනව ෂුවර්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ... කොච්චර කල්ද ඕව කියල .. දැන් කියන ඒව ඇහුවම උන් කියන්නෙ පිස්සු කියල ...
      පිස්සොන්ට පිස්සු කෙලගන්න කියල මම මගේ පාඩුවේ ඉන්නවා ...

      ඒත් ආරාදනාවලින් ලියන්න හිතෙනවා ...

      Delete
    2. ඇයි බං රුවංගිගේ තිසරපට ගැන යන්නෙ කතාව මේ දවස්වලම.

      Delete
  2. එළ ද බ්‍රා...

    මෙන්ඩෝ පොඩි මෑන් කියන්නේ උඹගේ ගුරාද...

    ReplyDelete
  3. උඹ වගේ උන් නොලියන එක ජාතික අපරාදයක් බං...

    මම හිතුවා නොරටකටවත් චුත උනාද කියලා...

    ReplyDelete
    Replies
    1. ඔය කියන " යාතිය " ම තමයි අපිව අපරාධ වලට පොලබවන්නෙ ...

      ජීවන අරගලේ

      Delete
  4. මලයා මේ මාතෘකාව ගැන සෑහෙන්න ස්ඩටි කරල තියෙනවනේ ! :D

    ReplyDelete
    Replies
    1. අනෙක , වෙලාවක් ඇතොත් ආයෙත් ලියන්න පටන් ගන්න , ස්තුතියි

      Delete
  5. එල ද බ්‍රා
    අපි සම්මුඛ පරික්ෂනයකදි අහන ප්‍රශ්නවලට උඔ උත්තර ලියලා..
    යකෝ..මේ හැකියාව අපිට වටිනවා ලියපිය දිගටම
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. උබ මේල් ස්ට්‍රිපර් එනෙක්ද ??

      Delete
    2. නෑ යකෝ..................

      උඹ ඔය ලියලා තියෙන්නේ ඔ්කාගේ බඩවියත රැකෙන ඒක ගැනනේ..... ඔය බ්‍රා ස්පෙෂලිස්ට් කෙනෙක් යකෝ.... ෆීල්ඩ් ඒකේ රජෙක්.......

      අනේ මෙන්ඩෝ තව ටිකක් පැහැදිලි කිරීමකුත් කරහංකෝ......

      Delete
    3. මෙන්ඩට සෑහෙන ප්‍රයෝජනවත් වෙන කවි ටිකක්......

      Delete
    4. ඕක ස්ට්‍ර්පර් කෙනෙක් උනොත් මරු... හැක්... මට මැවිල පේනව මෙන්ඩ අන්තිමට උගෙ පැට්ටේරියෙම මහන ජොකා ගලෝල හෙලුවෙන් නටනව...

      Delete
  6. Replies
    1. මාෙකක් ද ඒළ........................?????

      Delete
  7. කට කැඩි කලේ දිය උකුලේ තබා ගෙන
    "ලොට තන් දෙකක් ගෙරි සමකින් වසා ගෙන"
    තඹත් ලෝකඩත් දෙවගේ පැලඳගෙන
    රොඩී කෙල්ල කොහි යනවද උදෑසන

    පතුල ගසා අල උගුලන කලට ලියේ
    මකුල සේම වත සුලඟට යාය ලියේ
    මුකුලු සිනා අප දැක කෝඩු කාරියේ
    "කැකුලු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ"

    ඒ් කාලේ නොතිබුන ඒ් තන පටිය
    නිසා අන්දරේ දුටුවේ මේ විදිය
    අද වෙන කොටහිටියා නම් අප අතර
    අන්දරේගෙ කවි කෝමද මගෙ මිතුර

    මම තෙලිදිය

    ReplyDelete
  8. මචං සුපිරිම සුපිරියි.................................... කලින් කවියත් සුපිරියි.... අර මාතා දාලා තිබුණේ..... අන්න කවි......

    ReplyDelete
  9. රනතිසර මහා කාව්‍ය සංග්‍රහය කියලනේ බං මේකට නම දාන්න තිබුනේ..
    කවි ටික ඉස්තරම්..

    ReplyDelete
  10. සුපිරියි පොඩි මෑන්.. "බොඩි ගුණ අලංකාරය" කියල නම දාහං...

    ReplyDelete
  11. හම්මේ මට බේ :D

    ReplyDelete
  12. යකෝ කට පාඩම් කර ගත්තත් පාඩු නෑනේ බන් මේ වරුණේ..ඉස්තරං පද ගැලපිල්ල manz සහෝ

    ReplyDelete