2015-11-26

අහසෙ ඉහලක .. අලුත් සිහිනෙක







අහසෙ ඉහලක 
ඈත ගවුවක 
වලාකුළු බෝ ගැවසුනූ ...

සිහිණ මැදුරක 
පාළු සවසක 
මදු විතක් ලඟ තනි මැරූ ...

අලුත් සිහිනෙක 
පාට අරගෙන 
හෙමි හෙමින් මා පසු කෙරූ ...

පුංචි සුරඟන 
යන්නෙ කොයිබඳ 
හොරෙන් මා වෙත ඉඟි මැරූ ...

හඳ එලියෙ රෑ බිමට බැහැලා 
පුංචි නැටුමක් නටන්නද ඔය ... 
ලඟින් යනකොට ඉඟිකලේ දැන් 
මටත් නැටුමට එන්න කියලද ...

නැටුම අහවර කරල හනිකට 
උදේ වෙනකොට ආයෙ යනවද ...
හඳ වගේ නෑ .. රිවි සරසි තෙද 
හරිම නපුරුයි .. හිතල බැලුවද ...

නොකිය මේ ටික , උනත් නැටුමට 
එන්න පුලුවන් .. නුඹ ලඟට මට 
ඒත් එලිවෙන කොට අඬයි නුඹ 
බැහැ දරන්නට .. ආදරෙයි මම


4 comments: