2015-11-12

අප්පච්චි , අලිවික්‍රම , හිටං මාමා සහ අපේ ගමේ එවුවෝ .... !



අපේ අප්පච්චි හරි හොඳ පොරකි ..

ගමේ ගානට ශේප් එකේ කාගෙන්වත් කතාවක් බතාවක් නැතුව තමන්ගෙ පාඩුවේ ඉඳපු පොරකි .

ගමෙ පොදු වැඩ වලටද මළ ගෙදරට මගුළටද සහබාගී වෙමින් ගානට පාඩුවෙ සද්ද නැතුව
හිටපු පොරකි ..

දවසක් රතු තොප්පියක් දාගත්ත රැවුලෙක් අපේ ගෙදර ආවය

තව එක එක පොරවල් කීපදෙනෙකුත් එක්ක ඇවිත් අප්පිච්චිත් එක්ක කුටු උටු ගගා ඉඳ යන්නට ගියේය ..

ටික දවසකින් ගම් සභාවේ සබාපති කමට අපේ අප්පච්චි මාට්ටු වී ඇති බව අපිට දැගන්න ලැබිනි ...
එක සැරේම අපේ අප්ච්චිගේ අගයද වැඩි විය 
අප්පච්චි සබාපති විය ...

අපේ අගයද වැඩිවිය ..

අප්පච්හි ඒ කාලයේ ඉදලම කැරියාය ... ගමේ අලි බලනා අලි වික්‍රමද අප්පච්චිත් එක්ක ගේමට ඇවිත් පරාද විය ... මිනිහා හැමදාම එහෙමය ..

අප්පච්චිට ගේමක් ගැසීමට ඌමනා විය .. ගේම මොකක්දැයි අප්පච්චි කල්පනා කරේය 
හැම්දාම හැන්දෑවට වැට පැනගෙන ගමට එන කොටි හපුව නිසා ගමේ උන් සිටියේ බියෙනි ...

අප්පච්චි තුවක්කුව කරේ තියාගෙන කැලේ යන කළවැද්දා මාමා චැනල් කොට 

කුඩප්පච්චිලාත් ගේමට එන්ටර් කොරගෙන කැලෑමහත්තුරු පඩේකට මායින් නොකර අනිත් එවාද බැලන්ස් කොරගෙන ගමේ කොල්ලො සෙට් එකක්ද එකතු කර කොටි හපුව කුදලාගෙන එන්නට කැලේට යැවුවාය ...

සෙට් එකම ලෙසටම ගේම දුන්නාය .. වෙඩි කාගෙන කොටි හපුවා ඇලෙ වැටී මැරී සිටිපු දා ගමම කිරිබත් ඉවුවාය ..

සමහරු අප්පච්චි වැන්දාය ..

කොටි හපුවාගෙන් ගමට එච්චර වින කෙටී තිබිනි ..

දැන් ගමෙ මිනිස්සුන්ට බය නැත 
අප්පච්චි ගමේ බෝකු දමා කැලෑ එලිකර ගම දිවුනු කොරන්නට හෙන හෙන වැඩ රාසියක් කරේය ...
අප්ප්ච්චි නිසා අපිටත් පුල් ආතල්‍ ය 

ඔය ගමේ උපාසක සෙට් එක කියන ලොකු කතා ගනන් නොගෙන අපි පන්සල් වත්ත පහල ඇට බෝල ගැහුවාය 

බට්ට පැන්නාය 

ඔලුබක්කො නැටුවාය ...

තිරික්කල රේස්ද තිබ්බාය ...

අපෙ ගමෙ පොර අප්පච්චිගෙ උක්කුං පුත්තු වීමු ..

අපේ උක්කුවා අප්පච්කිගෙන් ඉල්ලාගත් ගම් සබාවේ නූල් බෝලෙකින් හෙන පත ස රුංගල් හදා ඇරියාය ...
ඒත් ගමේ උන් හෙන පාංකඩයෝය ...

අපේ ආත්ල් උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ විය 
අප්පච්චි ගනන් ගත්තෙ නැත 

කට්ටඩි අංකල් අප්පච්චිගෙ සුරයක් දාල තිබුනාය 
අප්පච්චි ඒක පෙන්නා අපිත් එක්ක සිනා සුනාය ...

අපිට ඕනෑ මගුලක් නටන්නට ඉඩ දුන්නාය .. අපිට ආතල් වැඩි විය 
අප්පච්චිට ආතල් වැඩි විය 

අප්පච්චිත් පුල් අතල් ගත්තාය 

කුඩාප්පච්චිලා එක්ක සෙට් වී හෙන හෙන වැඩ කලෝය ...

ගමේම පොර අප්ප්ච්චි බව අප්පච්චි හිතාගෙන හිටියාය ..

අප්පච්චිගෙ ගජයා කුබුරු කොටන හිටං මමාය .. 

දවසක් හවස හිටං මාමා ඒක්ක හංදියෙ කඩෙන් ආප්ප කාලා එද්දි හිටං මාමාට අලි වික්‍රම හම්බවූ බවත් උන්ගේ කුටු කුටුව එච්ච ඇල්ලුවේ නැති බවත් අප්පච්චි දවසක් අපි සමග කීවාය .. 

කලිනුත් ඔය අලි වික්‍රම මාම කලවැද්දා මාමට විස බීජ දමා කොටියා එලවන්න එක්ව ගේම ගැසූ පොර අප්සට් කර තිබිනි ... 

කලවැද්ද මමා මෝඩයාය 
අලි වික්‍රමගෙ චාට්ටට අසු වී දවසක් අපේ ගෙදර සද්දෙ දමාගෙන ආවාය ..

අප්පචි කලවැද්ද මමාට දෙකක් ඇන පස්සෙ ගබඩා කාමරේ දමා වැසුවේය ...
ඒ සන්තෑසිය අලි වික්‍රම හිටං මමාටද කර හිබුනේය ..

ඔලුවට විසබීජ දමා හවස අප්ප කෑ හිටං මම උදේ එනකොට ඔරොප්පු වී තිබුනාය ...

අප්පච්චිගෙ අවටියල් වැඩ ගැන අලිවික්‍රම හිටං මාමා එක්ක එකතු වී ගම පුරා කැලෑපත්තර ගසලාය ... 
කතාව හා හෝ ගා ගසා ගෙන ගියාය ...

අලි වික්‍රම කොහොම හරි ගේම ගසා ගමේ උන් එක්ක අපේ වැරදිද කීවෝය 
පන්සලේ බෝල පිට්ටෙනියත්

උක්කුංගෙ සරුන්ගලෙත් මදිවට රත්තරං අස්ප බිත්තර්ද අපේ ගෙදර තියෙන බව කීවාය
මෝඩ ගමේ එවුවලා හැමදාම කන ලනුව් කෑවේය ..

අප්පච්චි පන්නා අමුඩ ගැසූ හිටං සබාපති කෙරෙවුවේව ...

අමුඩ ලේන්සුව අල්ලගෙන හිටියෙ අලි වික්‍රමය

තමා උප සබාපති නොකලොත් අමුඩ නූල අදිනා බව අලි වික්‍රම හිටංට කියා තිබුනාය .. 
හිටන් අලි වික්‍රම උප සබාපති කරාය ...

ගමේ එඋවොව්ව්ට සතුටුය ... 

ඒත් අප්පච්චි කොටි හපුව පැන්නවූ හැටි මතක ගමේ එවුවො අඩා වැලපුනාය 

කොටි හපුවාට තියා රිලා මොටෙක්ටවත් ආපහු විරිත්තන්නට හිටංට බැරි බව උන් දැන ඉටියෝය ...

ඒත් අපේ අප්පච්චිද වැඩේ අනාගෙන තිබිනි ..

පොර හිතාගෙන හිටියෙ කට්ටඩි මමාගෙ යන්තරේ වැඩ කරයි කියලාය ... 

ඒත් අප්පච්චිට කෙල උනාය ..

හිටං මමා සබාපති වී පොර ටෝක් දුන්නේය .. 

අලි වික්‍රම ලගින්ම හිටියාය ...

ඒත් සබාපති උනාට පස්සෙ දීපු ලොකු ටෝක් නැත ... අපේ අප්පච්චි 

සබාපති වී වුරුදු ගානකින් කරා වගේ , අවුරුද්දක් යන්නටත් කලින් හිටං මාමා අනම් මනං කියූ ස්කෝලෙ කෝල්ලො සෙට් එකකට කන පැලෙන්න ගසා තිබිනි ...

සමූපකාරේ හාල් පොතේ සමාජික අංක වෙනස් කිරීම
සරන් ඇදන් පුට් සයිකලේ යද්දී  ජොකා නොඇදීම වගේ හෙන හෙන විකාර නීති රාසියක් ගෙනල්ලාය ...

දැන්  දැන් ගමේ ගෑනුන්ට  රෙද්ද අදින හැටිද  ස්කෝලෙ මහත්තුරුන්ට ස්කෝලෙ වේලාවෙ ටැලිගැරම්  ගහන්න බැරි කොරන්නද  යනවාය ...

හිටං මාමා .. සභාපති පුටුවේ හිටං පිස්සු නටනවාය ..
අලි  වික්‍රම  පුරුදු විදියට අලින්ට  කිතුල් කපයි ...


අලි තියා කරවල කට්ටක් දෙන්නට ගෙදර  බල්ලෙක් නැති ,
අප්පච්චි එපා කියූ හිටං ඕනෑ කියූ ගමේ බයියෝ දැන් තක්කු මුක්කු වී සිටියි ... 

ගෙදර බතක් පිහාගෙන කාල පාඩුවේ ඉන්නෙ නැතුව ගම කොරන්න යන කොයි එකාටත් ඔලුව ඉදිමී පස්සෙ පිස්සු වැටෙන බව අපේ අම්මා කීවාය .. 

ඔය සබාපති පුටුවල හැටි ඔහොමය ...

වාඩි වෙන හැම කාගේම මොලේ පුකේ නිසා වාඩි වී ඌස්නෙ වැදුන ගමන් පිස්සු තද වෙනවාය ... 
ඊට පස්සෙ උන් පිස්සු කෙලිනවාය ...

කරන්නට ඕනේනම් පුටුව මාරු කරන එකය 
අප්ච්චිට උනෙත් ඒකය ...

එත් ගමේ එවුවො දැන් වෙන එකෙක් පුටුවේ තියන්නට කුටු කුටු ගානවාය ...
ඒත් ආයෙත් ගමේ එවුවෝ ඉල්ලාගෙන කනවා ඇත ...

24 comments:

  1. එළ මචං...

    ///එත් ගමේ එවුවො දැන් වෙන එකෙක් පුටුවේ තියන්නට කුටු කුටු ගානවාය ...///
    ඒ පාර මොකාද එන්න හදන්නේ...

    ReplyDelete
  2. කලවැද්දා... වෙල් විදානේ තනතුරකට උසස් කරනා ලද්දේය...

    මල් මසුරන් බං... ඒ වගේම ඉස්තරන්.. මයෙ සත්තරන්

    ReplyDelete
    Replies
    1. ඔයානෙ සත්තලන් මල් මසුරන් තියෙන තැනට වැඩේ සැලැස්සුවෙ ස්තරං

      Delete
  3. සුපිරිය....

    අර උඩින්ම දාල තියෙන්නේ ගමේ ඈයොන්ගේ සමූහ පිංතූරයක් වෙන්න ඕනෑය...

    ReplyDelete
    Replies
    1. බයියොයි ටොයියොයි රත්තොයි

      Delete
  4. ඇත්තටම ඔය ගම කොහෙයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය ගම ඉන්දියාවට ගිය පඩයක වගේ ඒකෙ යට තියෙන්නෙ

      Delete
  5. Replies
    1. බ්‍රා ගැන කලින් පෝස්ට් එකේ ලිවුව මෙන්ඩො

      Delete
  6. ඒ අස්සේ රතු පාට තොප්පි දාගත්ත අලි වික්‍රමගේ හෙන්චයියෝ සැට් එකක් අප්පච්චි මදිවට බාප්පොච්චිටත් කෙලින්න පැලෑන් ගහනවාය. හැමදාමත් ඩබල් ගේම් වලට කප් ගැසූ අලි වික්‍රමයා ගමේ උන්ට මොකුත් නොදන්න බබා පාට් දානවාය. අන්තිමට නටපු තොයිලෙකුත් නැතුවා වාගේම බෙරේ පලු දෙකත් නැත්තේය

    ReplyDelete
  7. බෙරේ පලුව හොයන්න පරීස්සනයක් පවත්තන්න ඕනෑලු...ඔව්...රතු තොප්පි අයියෙක් කිව්වේ....

    ReplyDelete
  8. එළකිරි..සුපිරියටම ලියල..... ජයවේවා කිව්ව ආයෙත් ලියන්න පටන් ගත්තු එකට. දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි කම්පනාව .. ඒත් දිගට කොරන්න හිතාගෙන බහින ඒව කොච්චරනං කෙල වෙනවද ... ??

      Delete
  9. පෙර ලෙස මැයි. පට්ටය

    ReplyDelete
  10. ලොකු පුටුවල වාඩි වුනොත් ඔහොමම තමයි හිටං

    ReplyDelete
  11. සයිබරයෙන් මුලින්ම හඳුනාගත්ත පොඩිමෑන්ගෙ ආගමනය ගැන අපමන සතුටුයි..හිටං...

    ReplyDelete
  12. සුපිරියි........... පට්ටයි...............

    ReplyDelete
  13. කාලෙකට පස්සෙ කියවපු සුපිරිම කතාවක්..

    ReplyDelete
  14. කාලෙකට පස්සෙ කියවපු සුපිරිම කතාවක්..

    ReplyDelete
  15. හිටපු ගම් සභාපතිත් එකයි , ඊට පස්සේ ආපු සභාපතිත් එකයි කියා මට හිතෙනවාය.උන් උන්ට කර ගන්නවා මිස අනුන්ට කරන දෙයක් නැතිය.පුටුවේ වාඩි වුණු ගමන් උෂ්ණය වැදී පිස්සු නටන්නේ ඒකය.

    ReplyDelete
  16. මේ..න්න්න කතාව.. හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
  17. ඇයි බන් උඹ ලියන් නැත්තේ

    ReplyDelete