
මේක මට ආපු මේල් එකක්... කතාව මගේ ගානෙ එඩිට් කරල මෙන්න මෙහෙමයි..
වසර බර ගානක් තිස්සේ එක එකාගේ ලේ බොමින් සිටි ඩ්‍රැකිවුලා තුමා දැන් පස්ට නාකියෙක් වෙලාලු.. දැන් ඉතිං පොර වල පයයි ගොඩ පයයි..... මොන දහජරා වැඩේ කරත් දෙවියන්ටවත් නවත්තගන්න බැරි වෙච්ච ඩ්‍රැකිවුලා වැම්පරයන් අතර පස්ට පොරක්ක්නේ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. ඔන්න ඩ්‍රැකිවුලා මරන මන්චකයෙ ඉන්න කොට දෙවියන් වහන්සේ පෙනී සිටියලු පොර ඉස්සරහ...
දෙවියන් :- තමුසෙ මොනව උනත් සිරා වැඩ කාරයා.. මම කැමති තමුසෙට වරයක් දෙන්න මැරෙන්න ඉස්සර වෙලා...
ඩ්‍රැකිවුලත් එක පයින් වැඩේට කැමතියි...
ඩ්‍රැකිවුලා :- මොන විදියෙ වරයක්ද දැන් මට දෙන්නෙ ??
දෙවියන් :- කරපු වැඩවල හැටියට තමුසෙ යන්න ඕනෙ අපායට.. ඒත් තමුසෙ එහේ ගියාම මටත් ලැජ්ජයි එහේ එහේ උන් කියාවි මෙච්චර කලක් මට තමුසෙව එහෙට එවන්න බැරි උනා කියල. ඒක නිසා තමුසෙ ඊලගා ආත්මෙ තමුසෙට කැමති තැනකට යන්න පුලුවන්... මම පැන්ෂන් ගියාම තමුසෙ අපායෙ යනවා...
තමුසෙට කොයිවගේ ජීවිතයක්ද ඕනෙ ඊලග ආත්මෙට ??
ඩ්‍රැකිවුලා පොඩ්ඩක් කල්පනා කරාලු.. කල්පනා කරල මෙන්න මෙහෙම කිවුවලු..
ඩ්‍රැකිවුලා :- ලබන ආත්මෙත් මට මේ වගේම ලේ ගොඩක් බොන්න ලැබෙන්න ඕනෙ... කලු ඇදුම මට දැන් ඇතිවෙලා.. මට සුදුපාට ඇදුමක් ලැබෙනන්න ඕනෙ...... ගෑනුන්ට අනිවාර්යෙන් මාව ඕනෙ වෙන්න ඕනෙ...
දෙවියන් :- එච්චරද ?
ඩ්‍රැකිවුලා :- තටු දෙකකුත් තිබ්බනම් මරේ මරු.....
දෙවියන් :- උබේ පැතුම් එහෙනම් ඉටුවෙයි...
එහෙම කියල දෙවියන් නොපෙනී ගියාලු...... ඔන්න ඩ්‍රැකිවුලා පන ඇදල ඇදල මැරිල ගිහින් මෙන්න මෙහෙම ආයෙ ඉපදුනාලු...
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*
|*

පලමුවත් මවුබිම
ලොකු එකාට
දෙවනුවත් මවුබිම
මද්දුමයට
තෙවනුවත් මවුබිම
බඩ පිස්සට
ශික් අපරාදෙ...
තව එකෙක් ඉදියනම්...
සිවුවෙනුවත්
මවුබිමම තමයි...!!!!
නමෝ බුද්ධාය
බුදධ වර්ෂ 2664 වූ ඇසල මස දෙවන ශනි දින හිම හංසි මෙනවිය/මහත්මිය (ඊයේ දවල් වන තුරු දැන සිටියමුත් දැන් නිස්චිත අදහසක් නැත) අදහසකට අනුව බනියා නොහොත් වල් හාවා තුමාගේ සංවිධානයෙන් දක්ෂිණ දිසාවේ (ගාල්ල හා ඒ අවට) ගඩොල් කරුවන්ගේ සුහද හමුව හිරු නැගී පස් හෝරා ගිය කල්හි ගාල්ල ඓතිහාසික කොටු පවුර මස්තකයෙහි පැවැත් උනාය... මම තුමා ඊට පෙරදින හවස සිට උදෑසන දෙක පමන වනතෙක් ගිහි ශීලයේ පස්වන ශික්ෂාපදයට එරෙහිව යාම හේතුවෙන් සුභ මොහොතින් කොටුපවුර මස්තකාරූඩවන්නාවූ සාදු කර්තව්‍යට සම්ප්‍රාප්ත වන විට මුල් අදියරේ දෙහෝරා ඉක්ම තිබ්බේය. සංවිදායක තුමාගේ අප්සට් සංභන්දීකරණය නිසා මට තවත් ටින්කිරි මුට්ටියක් පෙරලුනෙමි.

ජංගම දුර බනයෙක් ඇමතූ විට අසවල් කෞතුකාගාරයේ යැක් කියමින් කෞතුකාගාර දෙකකට ඇතුල් වීම සදහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට සිදු වූවේය.ඒ දෙකෙන් එකකවත් මුන් සිටියේ නැති බව හදපුරා බුර බුරා නැගෙන සංවේගයෙන් ප්‍රකාශකරනවාය. සංවිදායක තුමාගේ හොම්බේ ස්පර්ශය කෙසේ වේදැයි බැලීමට තරම ඒ සංවේගය ප්‍රබල වූ බව දන්වා සිටීමට කැමැත්තෙමි. අවසානයේ පොඩිමෑන් තුමාගේ තැනට සුදුසු අසවල් එක ශරීරයේ ප්‍රමානයට වඩා ඇති හෙයින් කස්ටිය සොයා ගැනීමට හැකි උනේය... සිත් තුල තිබූ ප්‍රකෝප සිතුවිලි සංවිධායක තුමාගේ රැවුලෙන් වැසුනු හා මූන දුටු විට තඩි හම්බ සයිස් පූසෙක් දුටු කොසැට මීයෙක් සේ පලා ගියේය...
මීලගට යෙදී තිබුනේ ස්ව හැදින්වීමේ වාරයයි.. එහිදී ප්‍රාර්ථනා ඉදිආප්ප වන්ගෙඩියක් සේ කැරකැවෙමින්ද, හිම හංසි කූරිය ගසන සරුන්ගලයක් සේ දෙපැත්තට පැද්දෙමින්ද, ජනරග ප්‍රාදේශිය සභා ඦ්න්දය පැරදුන මගෝඩිස්තුමාගේ ලේකම් තුමා වගේ දගලමින්ද, බනියා හාවෙකු සේ ඉව අල්ලමින්ද, කලුවා සිග්නල් ඇඩ් එකක් සේ විරිත්තමින්ද, හුස්නි පොසොන් රූකඩ නාට්‍යක රූකඩයක් සේ උඩපහත යමින්ද, බනියා ලෙසටම හාවෙකු සේ ඉව අල්ලමින්ද, කිඩෝ ඔටුවෙක් සේ බෙල්ල දිකරමින්ද, කල්හාර මුල්ලේරියාවෙන් පිටමන් කර එකෙක් සේ හිනාවෙමින්ද, පොඩි මෑන් ඉතා විශිෂ්ඨ ලෙසද එමෙ ක්‍රියාව අවසන් කලෝය... ඒ සමගම නැව බලන්න ගිය වත් අක්කා පරිවාර බෝට්ටුවක් පිටුපස වරායට ඇදෙනා නැවක් සේම තම නැගනිය සමග එම ස්ථානයට සේන්දු වූවාය...
අනතුරුව හිම හංසිගේ අනේක සෝකාවෝ හා විලාපයන් නිසාම දිවා ආහාරය සදහා සබාව මදකට කල් තැබිනි මෙහිදී කඩේ ගිය කල්හාර හා කිඩෝ අමතක නොකරම බැරිය..
යට ගිය දවසක වෙලක පෙරලාගෙන කුකුලෙක් තමාට කොටා ඇති නිසාම බත් හා හාල් සමග ඇතිකරගත්තා වූ අනේක කෝපයෙන් යුතුව කිඩෝ සහ හුස්නි චිකන් රයිස් වලින් එම තරහ පිරිමසා ගත්තාය..
අනතුරුව වත් අක්කාගේ මහා දන පරිත්‍යාගයෙන් ලැබුන හිම කිරම අතුරු පස සංග්‍රහය හිම හන්සි ප්‍රතික්ශේප කරේ සෙම් අමාරුවක් නිසා බව කියවුනත් දවල් ආහාරය ආහාර මාර්ගයේ සැලකිය යුතු උස මට්ටමක් දක්වා තිබූ නිසා බව විස්වාස කටයුතු ආරංචි මාර්ග අපට පැවසුවෝය..
බනියා සර්ගස් පෙන්නන්නට ගොස් පවුද්ගලික අයවැයට පාඩු සිදුකරගන්න අතර තුර සියලු දෙනා මුහුදුවෙරලට සම්ප්‍රාප්ත විය... අනතුරුව පැවති ගීත කතා වටයේදී ජනරග විසින් ආරම්බ කරන ලද විකුර්ති ගීත සදාහා පොඩිමෑන්ගේ නොමසුරු දායකත්වය ලබාදීමට හැකිවීම මහත් හදපිරි සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි...
අනතුරුව සියලුදෙනාගේ ජංගම දුර බනයේ අංකයන් හුවමාරුකිරීමෙන් අමතරව... හිම කිරිම නොකෑවායි කෑගසමින් සිටි හිම හංසිගේ දොලදුකට පිලියමක් ලෙස පැවති ලොලිපොප් සංග්‍රහයකින් පැවැත්වීමෙන් අනතුරුව සභාතමෝ සතුටින් විසිරගියහ...
සැ. යු අනෝනිමසෙක් විසින් සොරාගත් ( දිවාආහාරයට ආසන්න වෙලාවකදි) හිම හංසිගේ රු 50 ගැන ඉහත මුලු කාලය තුලම දුක් ගීත වැයුනු බව සලකන්න...
ස්තූතියි ඔබ සැමට ගූගල් දෙවියන්ගේ පිහිටයි ආ...ර...සා..ව..යි...!!!