2011-07-13

Modern Love සමීකරණය විසදීමෙන් කෙල්ලෙක්ගේ කන්‍යාභාවය = රු 800/= ??







Modern Love සමීකරණය
---------------------------


ආදරය = කොල්ල +කෙල්ල
කොල්ලගෙ පරිත්‍යගය = රු 800/=(room එකට),
කෙල්ලගෙ පරිත්‍යාගය = කෙල්ලගේ කන්‍යා භාවය ,
නම්... පහත Modern Love සමීකරනය විසදන්න


ආදරය = පරිත්‍යාගය(කොල්ලගෙ +කෙල්ලගෙ )


පිලිතුර..
ආදරය = පරිත්‍යාගය(කොල්ලගෙ +කෙල්ලගෙ )
ආදරය = කොල්ලගෙ පරිත්‍යාගය+ කෙල්ලගේ පරිත්‍යාගය


ඉහත අගයන් ආදේශයෙන් ...


කොල්ල +කෙල්ල = රු 800/=(room එකට) +කෙල්ලගේ කන්‍යා භාවය
කොල්ල - රු 800/=(room එකට) = කෙල්ලගේ කන්‍යා භාවය - කෙල්ල
කොල්ල +කෙල්ල -රු 800/=(room එකට) = කෙල්ලගේ කන්‍යා භාවය --1
කොල්ල +කෙල්ල + ආදරය -- 2
(1-2)
(කොල්ල +කෙල්ල) - (කොල්ල +කෙල්ල) - රු 800/- = කෙල්ලගේ කන්‍යා භාවය - ආදරය
- ආදරය = ඔ නිසා
- රු 800/- = කෙල්ලගේ කන්‍යාභාවය
සමීකරණය - න් වැඩිකිරීමෙන
රු 800/- = කෙල්ලගේ කන්‍යා භාවය -
(-) නැතිවූ
එමනිසා
රු 800/= = කෙල්ලගේ නැතිවූ කන්‍ය භාවය


එමනිසා පිලිතුර...


කෙල්ලෙක්ගේ කන්‍යාභාවය = රු 800/=

අලුත් මගක



මගේ හඳ මගේ අහසින් බැහැල ගිහිල්ලා......
හඳට පායන්න මගේ අහස ගැලපෙන්නෙ නැතිලු....
අවුරුදු දෙකයි මාස දෙකක් පායල එලිය දුන්න හඳ බහැල ගිය ඉක්මනටම වෙන අහසක පායලා....
මගේ අහසෙ බොරු කැටයම් තිබුනෙ නෑ...
තිබුනෙ ඇත්ත කරුවල විතරයි...
ඒත් ලස්සන ලස්සන දේදුනු වලින් හැඩ දාපු... වලාකුලු වලින් කැටයම් දාපු.. තරු වලින් එලිය වෙච්ච අහසක හඳ පායල.....
ඒත් කරුවල වලාකුලු නැති හිස් අහසකට අහින්සක හඳ කොච්චර ලස්සනද කියල හඳට මම පොලොවෙ හැපිල කියල දුන්නත් තේරුනේම නෑ...

මම බලෙන්ම හඳ ගෙනත් මගෙ අහසෙන් තිබ්බා...
මගේ අහසින් බැහැල ගියොත්... අමාවක ගැන ලෝකෙට කියනව කිවුවා.....
ඒත් අහසට ගෙනල්ල තියපු හඳකින් ඇති වටිනාකම මොක්ද... ??
වෙනද වගේ හඳ පායන්නෙ නැතිනම්....

ඉතිං මම හඳට යන ගමනක් යන්න ඉඩ ඇරියා........

හඳ නැති අහසෙන් මම අද පොලවට බැස්සා......

පොලවෙ කකුල් දෙක වදිද්දි.... අහසට වඩා හොදයි කියල හිත හදාගත්තා.... කොච්චර අමාරුවෙන් උනත්....
තාම ටිකක් කකුල් වදිනව හොරයි පොලවට.....
ටික දවසකින් හරියාවි...

ඔන්න හඳ උඹ උඹේ ගමන පලයන්.... මම මගේ ගමන පොලව උඩින් යන්නම්......
උඹ හැමදාම අහසෙ එකම රවුමෙ පලයන්..... මම පොලව උඩින් මගේ ගමන යන්නම්....
මීට පස්සෙ මගෙන් කවිත් නෑ උඹට....
උඹ හිනා වෙනව නේද .... ?? ඒත්..දවසක අඩාවි..... හැබැයි එදාට මම ගොඩක් දුර...

ඔන්න මගෙන්  අන්තිම කවිය.....

 

                       හඳට මින් පසු කවි මුකුත්          නැති
                       මගෙ හිතින් හඳ ගැලවිලා           ඇති
                       යන අහක හඳ යන්න ඉඩ            දුනි
                       මහ පොලොවෙ මම මගෙ ගමන යමි

2011-07-11

ඇස් බී මාමාගේ නායකත්ව පුහුණු ටොපිය වෙනුවට දුමින්ද දිසානායක මාමාගේ චොකලට් එක


රත්ගමයා කියන විදියට ඇස් බී මාමාගෙ නායකත්ව පුහුණු ටොපිය අජපල්ය..පොඩි මෑන්ගේ ටිංකිරි මොලේට වැටහෙන පරදි ඇස් බී මමා හදන්නේ ඔලුව අතගා ටොක්කක් අනින්නය... නාකත්ව පුහුණු කතාවක් දමා කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට පොඩි ආතල් එකක් දී ඇස් බී මාමලා කරණ  අප්සට වැඩ වලට කෑගහන උන්ගේ කට වසන්නටය... ලැප් ටොප් දෙන බවද කියති... පොඩි මෑන්ට පුකෙනුත් හිනාය... රත්ගමයාගේ ලිපිය හා තවත් කස්ටියගෙ අසා දැනගත් පරිදි පුහුණුව ප්‍රායෝගික නැත... පුහුණුව කෙසේ වෙතත ඩී ජේ නයිට් හා මියුසිකල්නම් ලෙසටම තිබුනේලු....

ඇස් බී මමාගේ ටොපිය කෙසේ වෙතත් දුමින්ද දිසානායක මමානම් ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට වැඩක් වෙන විදියේ නායකත්ව චොකලට් එකක් දුන්නේය.. ඒ Emerging Young Leader Award  හෙවත් EYLA ය.

පබ්ලිසිටිය මදිකම නිසා වැඩි දෙනෙක් දැනගතේ නැතිවද ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය (NIBM ) හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙ මගින් සංවිධානය කර මේ වැඩේනම් පස්ටය...මෙය නිකන්ම නිකන් නායකත්ව පුහුණුවක් විතරක් නොවේය.. ලංකාවේ හොදම තරුණ නායකයන් 10දෙනා තෝරා උන්ට තෑගිත් දෙනවාය..

1 ස්ථානය :-  මුදලින් රු මිලියනයක්, පිටරට සවාරියක් NIBM එකේ නොමිලේ ඩිග්‍රියකට චෑනිස් එකක් සමගම ජොබක්ය.

2 ස්ථානය  :- මුදලින් රු ලක්ෂ 5ක් . පිටරට සවාරියක්, NIBM එකේ නොමිලේ ඩිපක් කිරීමට චෑනිස් එකකය.

3 සිථානයේ සිට 10 ස්ථානය දක්වා :- මුදලින් රු ලක්ෂයක් හා (NIBM) එකේ නොමිලේ ඩිපක් කිරීමට චෑනිස් එකකය.


ලැබුන මේල් එකක්  මගින් දැනගත් අයිලාවට පොඩි මෑනුත් ඇප්ලයි කරාය..
ඉන්ටවීවු දෙකකිනුත්  ටෙස්ට් එකකිනුත් පසු ලංකාවේ අවසාන 100 තේරෙන්නට පොඩි මෑන්ටත් හැකියාව ලැබුනේය... සෙමි ෆයිනල් එක තිබුනේ කිරිඇල්ල විජය හොලිඩේ රිසෝට් හා ඇඩ්වෙන්චර් පාර්ක් එකේය... කොලඹ NIBM එකේ සිට අලි පත බස් 3කින් කිරි ඇල්ලට ගිය සියදෙනාට දවස් දෙකක් ඇතුලට ලැබුන අත්දැකීම්  හා දැණුම  පස්ටය....ආතල් එක කියලා වැඩක් නැත...

 
                            

හැමදේම 100% ප්‍රායෝගිකය... ඇස් බී මාමාගේ ඉලවු නායක්ත්ව පුහුණු ටොපිය නැතුව ඒ සල්ලි වලින් මේ චොකලට් එකට ලංකාවේ හැම කොල්ලෙක්ටම කෙල්ලක්ටම එන්ටර් වෙන්න චෑනිස් එක දුන්නානම් කොච්චර පස්ටදැයි පොඩිමෑන්ගේ ටිංකිරි මොලයට කල්පනා වෙන්නේය... එහෙනම් හැංගී ඇති වැඩකාරයෝ ලෙසටම එලියට එනවා ඇත...
දුමින්ද මාමා සභාව අමතමින්


කෙල්ලන්ටත් ඇඩ්වෙන්චර්


අවසානයේ පැය විසිහතරකින් සංවිධානය කර ටැලන් ශෝ එකක්ද කලෝය... ටැලන් ෂෝ එකත් මල් හතය.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැත. ලංකාවේ මෙච්චර පස්ට මීටර් හා වැඩකාරයෝ ඉදීදැයි දැක පොඩි මෑන්ගේ පොඩි කට ලොකුවට ඇරුනේය...
කදවුරු ගිනිමැලයක්ද තුබුනේය...  කසිටිය කැසි බොල් වෙනක්න් සින්දු කියා නැටුවේය...
දවස් දෙකක් තුල ලංකාවෙ අට පැත්තෙන් ආපු උන් 100 දෙනෙක් පස්ට ලෙස සෙට් වීය. අන්තිමේදී තරගකයකට අපු උන් ලෙස නොව සහෝදරයන් වෙන්වී යන කලක ලෙස උන් ඇඩුවෝය...

ඇස් බී මමාගේ ටොපිය කෑවෝ මෙය දැක සුසුම් නොහෙලනු මැනැවි... EYLA GENERATION 02 එක ඊලග අවුරුද්දේ තියනවායි කස්ටිය කියන්නේය... ඒ කෙසේ වෙතත්  EYLA නම් පස්ටම පස්ටය... අවසන් 10 දෙනා කවුදැයි තාම ප්‍රකාශ කොරලා නැත්තේය... පොඩි මෑන්ටත් පොඩි චෑනිස් එකක් ඇත්දැයි කට ඇරගෙන බලාගෙන ඉන්නවාය.... එහෙම චෑනිස් එකක් නැතැත් EYLA වලින් පොඩි මෑන් ඉගනගත්ත දේවල්නම් පස්ට ලොකුය.



EYLA ගැන පොඩි ඩිස්කසන් එකක්  11 වෙනිදා ඒකියන්නෙ අද 2 ට රූපවාහිනියේ යනවාලු...කස්ටිය පුහුනුවේදි දැමූ වැඩ කෑලිත් පෙන්නනවාලු... කල් ඇතුව මේක දැක්කෝ බලනු මැනවි. කැප්චර්ඩ් කොට ලින්කුව පසුව ඔබන්නෙමි....

 
EYLA කොරපු ඇත්තන්ට පිංය..   EYLA ජයවේවායි එක සිතින් පතමි..!!!



වයන පදට තබමින් ප්ය කම්ල්ලා
( ටැලන්ට් ෂෝ එකේ අවස්තාවක්)
   

අපි මෙතනයි නිදා ගත්තෙ
 
අපි එකා වගේ
(පුහුනුවේ ප්‍රායෝගික අවස්තාවක්)
      


කදවුරු ගිනිමැලය වටා කස්ටිය නටමින්




පොඩි මෑන්ගේ ලොකු වැඩ

එමින් ගමන්
ටැලන්ට් ෂෝ එකේ කස්ටිය වැඩ පෙන්වමින්
කවද කාපු ටකරන්ද
 



















පොඩි මෑන් කරලියේ :D