2015-11-12

අප්පච්චි , අලිවික්‍රම , හිටං මාමා සහ අපේ ගමේ එවුවෝ .... !



අපේ අප්පච්චි හරි හොඳ පොරකි ..

ගමේ ගානට ශේප් එකේ කාගෙන්වත් කතාවක් බතාවක් නැතුව තමන්ගෙ පාඩුවේ ඉඳපු පොරකි .

ගමෙ පොදු වැඩ වලටද මළ ගෙදරට මගුළටද සහබාගී වෙමින් ගානට පාඩුවෙ සද්ද නැතුව
හිටපු පොරකි ..

දවසක් රතු තොප්පියක් දාගත්ත රැවුලෙක් අපේ ගෙදර ආවය

තව එක එක පොරවල් කීපදෙනෙකුත් එක්ක ඇවිත් අප්පිච්චිත් එක්ක කුටු උටු ගගා ඉඳ යන්නට ගියේය ..

ටික දවසකින් ගම් සභාවේ සබාපති කමට අපේ අප්පච්චි මාට්ටු වී ඇති බව අපිට දැගන්න ලැබිනි ...
එක සැරේම අපේ අප්ච්චිගේ අගයද වැඩි විය 
අප්පච්චි සබාපති විය ...

අපේ අගයද වැඩිවිය ..

අප්පච්හි ඒ කාලයේ ඉදලම කැරියාය ... ගමේ අලි බලනා අලි වික්‍රමද අප්පච්චිත් එක්ක ගේමට ඇවිත් පරාද විය ... මිනිහා හැමදාම එහෙමය ..

අප්පච්චිට ගේමක් ගැසීමට ඌමනා විය .. ගේම මොකක්දැයි අප්පච්චි කල්පනා කරේය 
හැම්දාම හැන්දෑවට වැට පැනගෙන ගමට එන කොටි හපුව නිසා ගමේ උන් සිටියේ බියෙනි ...

අප්පච්චි තුවක්කුව කරේ තියාගෙන කැලේ යන කළවැද්දා මාමා චැනල් කොට 

කුඩප්පච්චිලාත් ගේමට එන්ටර් කොරගෙන කැලෑමහත්තුරු පඩේකට මායින් නොකර අනිත් එවාද බැලන්ස් කොරගෙන ගමේ කොල්ලො සෙට් එකක්ද එකතු කර කොටි හපුව කුදලාගෙන එන්නට කැලේට යැවුවාය ...

සෙට් එකම ලෙසටම ගේම දුන්නාය .. වෙඩි කාගෙන කොටි හපුවා ඇලෙ වැටී මැරී සිටිපු දා ගමම කිරිබත් ඉවුවාය ..

සමහරු අප්පච්චි වැන්දාය ..

කොටි හපුවාගෙන් ගමට එච්චර වින කෙටී තිබිනි ..

දැන් ගමෙ මිනිස්සුන්ට බය නැත 
අප්පච්චි ගමේ බෝකු දමා කැලෑ එලිකර ගම දිවුනු කොරන්නට හෙන හෙන වැඩ රාසියක් කරේය ...
අප්ප්ච්චි නිසා අපිටත් පුල් ආතල්‍ ය 

ඔය ගමේ උපාසක සෙට් එක කියන ලොකු කතා ගනන් නොගෙන අපි පන්සල් වත්ත පහල ඇට බෝල ගැහුවාය 

බට්ට පැන්නාය 

ඔලුබක්කො නැටුවාය ...

තිරික්කල රේස්ද තිබ්බාය ...

අපෙ ගමෙ පොර අප්පච්චිගෙ උක්කුං පුත්තු වීමු ..

අපේ උක්කුවා අප්පච්කිගෙන් ඉල්ලාගත් ගම් සබාවේ නූල් බෝලෙකින් හෙන පත ස රුංගල් හදා ඇරියාය ...
ඒත් ගමේ උන් හෙන පාංකඩයෝය ...

අපේ ආත්ල් උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ විය 
අප්පච්චි ගනන් ගත්තෙ නැත 

කට්ටඩි අංකල් අප්පච්චිගෙ සුරයක් දාල තිබුනාය 
අප්පච්චි ඒක පෙන්නා අපිත් එක්ක සිනා සුනාය ...

අපිට ඕනෑ මගුලක් නටන්නට ඉඩ දුන්නාය .. අපිට ආතල් වැඩි විය 
අප්පච්චිට ආතල් වැඩි විය 

අප්පච්චිත් පුල් අතල් ගත්තාය 

කුඩාප්පච්චිලා එක්ක සෙට් වී හෙන හෙන වැඩ කලෝය ...

ගමේම පොර අප්ප්ච්චි බව අප්පච්චි හිතාගෙන හිටියාය ..

අප්පච්චිගෙ ගජයා කුබුරු කොටන හිටං මමාය .. 

දවසක් හවස හිටං මාමා ඒක්ක හංදියෙ කඩෙන් ආප්ප කාලා එද්දි හිටං මාමාට අලි වික්‍රම හම්බවූ බවත් උන්ගේ කුටු කුටුව එච්ච ඇල්ලුවේ නැති බවත් අප්පච්චි දවසක් අපි සමග කීවාය .. 

කලිනුත් ඔය අලි වික්‍රම මාම කලවැද්දා මාමට විස බීජ දමා කොටියා එලවන්න එක්ව ගේම ගැසූ පොර අප්සට් කර තිබිනි ... 

කලවැද්ද මමා මෝඩයාය 
අලි වික්‍රමගෙ චාට්ටට අසු වී දවසක් අපේ ගෙදර සද්දෙ දමාගෙන ආවාය ..

අප්පචි කලවැද්ද මමාට දෙකක් ඇන පස්සෙ ගබඩා කාමරේ දමා වැසුවේය ...
ඒ සන්තෑසිය අලි වික්‍රම හිටං මමාටද කර හිබුනේය ..

ඔලුවට විසබීජ දමා හවස අප්ප කෑ හිටං මම උදේ එනකොට ඔරොප්පු වී තිබුනාය ...

අප්පච්චිගෙ අවටියල් වැඩ ගැන අලිවික්‍රම හිටං මාමා එක්ක එකතු වී ගම පුරා කැලෑපත්තර ගසලාය ... 
කතාව හා හෝ ගා ගසා ගෙන ගියාය ...

අලි වික්‍රම කොහොම හරි ගේම ගසා ගමේ උන් එක්ක අපේ වැරදිද කීවෝය 
පන්සලේ බෝල පිට්ටෙනියත්

උක්කුංගෙ සරුන්ගලෙත් මදිවට රත්තරං අස්ප බිත්තර්ද අපේ ගෙදර තියෙන බව කීවාය
මෝඩ ගමේ එවුවලා හැමදාම කන ලනුව් කෑවේය ..

අප්පච්චි පන්නා අමුඩ ගැසූ හිටං සබාපති කෙරෙවුවේව ...

අමුඩ ලේන්සුව අල්ලගෙන හිටියෙ අලි වික්‍රමය

තමා උප සබාපති නොකලොත් අමුඩ නූල අදිනා බව අලි වික්‍රම හිටංට කියා තිබුනාය .. 
හිටන් අලි වික්‍රම උප සබාපති කරාය ...

ගමේ එඋවොව්ව්ට සතුටුය ... 

ඒත් අප්පච්චි කොටි හපුව පැන්නවූ හැටි මතක ගමේ එවුවො අඩා වැලපුනාය 

කොටි හපුවාට තියා රිලා මොටෙක්ටවත් ආපහු විරිත්තන්නට හිටංට බැරි බව උන් දැන ඉටියෝය ...

ඒත් අපේ අප්පච්චිද වැඩේ අනාගෙන තිබිනි ..

පොර හිතාගෙන හිටියෙ කට්ටඩි මමාගෙ යන්තරේ වැඩ කරයි කියලාය ... 

ඒත් අප්පච්චිට කෙල උනාය ..

හිටං මමා සබාපති වී පොර ටෝක් දුන්නේය .. 

අලි වික්‍රම ලගින්ම හිටියාය ...

ඒත් සබාපති උනාට පස්සෙ දීපු ලොකු ටෝක් නැත ... අපේ අප්පච්චි 

සබාපති වී වුරුදු ගානකින් කරා වගේ , අවුරුද්දක් යන්නටත් කලින් හිටං මාමා අනම් මනං කියූ ස්කෝලෙ කෝල්ලො සෙට් එකකට කන පැලෙන්න ගසා තිබිනි ...

සමූපකාරේ හාල් පොතේ සමාජික අංක වෙනස් කිරීම
සරන් ඇදන් පුට් සයිකලේ යද්දී  ජොකා නොඇදීම වගේ හෙන හෙන විකාර නීති රාසියක් ගෙනල්ලාය ...

දැන්  දැන් ගමේ ගෑනුන්ට  රෙද්ද අදින හැටිද  ස්කෝලෙ මහත්තුරුන්ට ස්කෝලෙ වේලාවෙ ටැලිගැරම්  ගහන්න බැරි කොරන්නද  යනවාය ...

හිටං මාමා .. සභාපති පුටුවේ හිටං පිස්සු නටනවාය ..
අලි  වික්‍රම  පුරුදු විදියට අලින්ට  කිතුල් කපයි ...


අලි තියා කරවල කට්ටක් දෙන්නට ගෙදර  බල්ලෙක් නැති ,
අප්පච්චි එපා කියූ හිටං ඕනෑ කියූ ගමේ බයියෝ දැන් තක්කු මුක්කු වී සිටියි ... 

ගෙදර බතක් පිහාගෙන කාල පාඩුවේ ඉන්නෙ නැතුව ගම කොරන්න යන කොයි එකාටත් ඔලුව ඉදිමී පස්සෙ පිස්සු වැටෙන බව අපේ අම්මා කීවාය .. 

ඔය සබාපති පුටුවල හැටි ඔහොමය ...

වාඩි වෙන හැම කාගේම මොලේ පුකේ නිසා වාඩි වී ඌස්නෙ වැදුන ගමන් පිස්සු තද වෙනවාය ... 
ඊට පස්සෙ උන් පිස්සු කෙලිනවාය ...

කරන්නට ඕනේනම් පුටුව මාරු කරන එකය 
අප්ච්චිට උනෙත් ඒකය ...

එත් ගමේ එවුවො දැන් වෙන එකෙක් පුටුවේ තියන්නට කුටු කුටු ගානවාය ...
ඒත් ආයෙත් ගමේ එවුවෝ ඉල්ලාගෙන කනවා ඇත ...

2015-11-11

ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!! // තිසර පට වරුණ



මාතලන් ලොක්ක  මගේ පොස්ස්ට් එකකට තැනක් දීල තිබුනනෙ ...  ඊයෙ ...

බොහෝ  වු ඉතා තදින් බැනලා  තිබුනා ලියන්නෙ  නැති  එක ගැනත් ...

ඉතිං එහෙම අපිට ආදරේ  කරන ජන  මනයා  ඉන්නකොට ලියන්න  හිතෙනවා ...

ඒත් කම්මැලියි  අප්ප දැන්  ...

 බුකියෙනම් ඔහේ කොටල  දානවා ...


 ටීචාලංකාරයෙන්  ආයෙ කරලියට නිසා  ඒ වගෙම  කයියකින්  අරඹන්න හිතුවා ...


ඇරබුවට  කොච්චර  දුර  යාවිද  දන්නෙ  නෑ ...

බලමු ...

ඒක කමක් නෑ ... උඹල්ගෙ  රෝලටත් මේක  ඈදා ගනිල්ලා ....



මෙන්න එහෙනම් ..


ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!!

තිසර පට වරුණ

______________________

නෙක හැඩ මවා පිරිමින් සිත මවිත කෙරූ
තන පට තමයි ගැහැණුන්ගේ රහස් කරූ
ඔසවා තබා දුටු දන මන මුලා කෙරූ
තිසර පට වනමි ගැහැණුන් බඳින යුරූ ...

කොටු කොට තබා යන්නට නොම නිදැල්ලේ
හැඩ තල මවයි මන බඳිනා ඇසිල්ලේ
රුව වඩවනා තුරු දහවල මුලුල්ලේ
තබා රකියි ඇගෙ හංසයො කැදැල්ලේ ..

අසුවී නොමැතිනම් පිරිමියකුගෙ අතට
එහෙමත් එකකි ඇත්තේ ලොකුවට යසට
කුමක් කරන්නද මඳිනම් හැඩ හිතට
අරන් බඳිනු මිස පුම්බපු පටි තනට

පොදුවේ " බොඩිය කියලා අපි කීවාට
දැන් නෑ " බොඩිය " බ්‍රා වී ඇත පොෂ් ලෙසට
අඳිනා ඇඳුමෙ හැටියට එක එක හැඩට
බඳිනා තිසර පටි කැටගරි වෙයි හෙනට

පුශප් , වොන්ඩර් , ඩෙමි , ෆ්රන්ට් ක්ලෝෂර් ද බ්‍රා
මිනිමයිසර් , කන්වර්ටබල් , මැටිනි බ්‍රා ..
තදට හිරට අකමැතිවට සොෆ්ට් කප් බ්‍රා
මේ හැම ගැනදැන හිටියොත් එලද බ්‍රා ...

කිරි දෙන දරු ඇති අය හට නර්සින් ද
උර පටි නැති ඒවට රේසර් බැක් ද
වෙස්ටන් මනාලියකට බ්‍රයිඩල් බ්‍රා ද
පටි ඕනෙම නෑ නම් ස්ට්‍රැප් ලිස් ද

පිටට දාර නොපෙනෙන ටී ශ්ට් බ්‍රා ද
දුවන පනින අයනම් ස්පොට් බ්‍රා ද
චූටි චූටි අය හටි ටෙයි න බ්‍රා ද
ඕනෙ තැනට සෙට් වෙන බිල්ඩ් ඉන් බ්‍රාද

මෙකී නොකී ඔය හැම එක එක බ්‍රාද
පෙන්න නොපෙන්නා හංගාගෙන අඳිනාද
හංගා ඇගේ සුදු මෘදු ලැම රැකුවාද
විටක පිරිමි හට වඳ කොතරම් වේද ..

කැන්ඩි , ෆැශන් බග් , නෝ ලිමිටුත් යනවා
ඔඩෙල් තිලකවර්ධන එක පීරනවා
එක එක පාට පටි ඇති නැති තෝරනවා
වැහුන රුවට රැවටී අපි ලණු කනවා ...

එල්ලී වැනෙනවා ගස් වැටකොලු වාගේ ...
හෙල්ලි වැනෙනවා අයියෝ තන මාගේ
මල්ලි අඩනවානම් කෙල්ලත් උබගේ
සල්ලි විසි කරොත් බඩු ඇත වෙඩි වාගේ ...



කතෘ දේපලකි .. කරුණාකර අයිතිය සුරකින්න ....
කොපි කිරීම / පිටපත් කර ලඟ තබාගැනීම / උපුටා ගැනීම / බද්දට හෝ කුලියට දීම / පාඩම් කර සමූහ ගායනය සපුරා තහනම්

කමෙන්ට් කිරීම සහ  ශ්‍යා කිරීම  පමණක් සෑහේ ....


2015-05-19

ලැට් එක / The Toilet


Ridma Kasun's photo.


ලැට් එක යනු මිනිසෙක් තම ජීවිතකාලයෙන් අවුරුදු දෙකක් පමන කාලයක් ගෙවා දමන. එක එක හැඩයේ .. එක එක විදියේ .. ඒ ඒ තට්ටම් වලට ගැලපෙන්නට බී බී මට්ටම් වලට හැදූ හැමෝටම ඉතා අත්‍යවශ්‍ය .. බොහෝ දෙනාගේ බොහෝ රහස් සැගවූ .. අති විසේස උත්කුස්ඨ අලංකාර විටක බයංකාර .. අතිරමණීය වාගේම මරණීය ...පියංකර මදුර මනෝහර පොට් එකකි ..
කක්කුස්සිය , වැසිකිලිය , ලැට් එක , බාතෘම්ම් එක, වොෂ් රූම් එක , රෙස්ට් රූම් එක ආදී වසයෙන් එක එක ආකාරයට නව්‍යකරණය වෙමින් දැන් දැන් කුඩා පවුලකට සතුටින් සමාදානයෙන් ජීවත් විය හැකි සයිස් එකට ඔය ලැට් සාදා තිබුනද ඈත අතීතයේ මිනිසාට මේ ආකාරයෙ පොට් එකක් තිබුනේ නැත ... වර්තමානයේ එසේ නොවුවද අතීතයේ සිට ම ලැට් එක නැමති පොට් එක වෙන්වී තිබුනේ අත්‍යාවශ්‍ය මානුසික ඕනෑකමක් වන " කක්කා කිරිමට " උවද ..
වර්තමානයේ ... චූ කිරීම , ස්‍වයං වින්දනේ යෙදීම , අම්මාට තාත්තට බිරිදට සැමියාට අසු නොවන පරිදි මොකක් හෝ පොඩි හොර ජිල්මාට් එකක් දැමීම, සිගරට් කංසා බීම , කුඩු ගැසීම , අරක්කු බීම , බඩු ගැසීමේ වගේ කර්තව්‍යන් කිරීම යොදා ගනියි .. බාත් රූම් වොශ් රූම් රෙස්ට් රූම් වැනි මෙහි මොඩිෆයි වර්ශන් වලට යනවානම් එසේ මොඩිපයි වීමට ප්‍රධාන හේතුව ඌ ස්ත්‍රී මනවයාගෙ ... අනවශ්‍ය රෝම ඉවත් කිරීම , අවශ්‍ය රෝමත් ඉවත් කිරීම හෙවත් මයිල් බෑම , බොහෝ රූපලාවන්‍ය කටයුතු වගේම එදිනෙදා රෙදි සේදීම , ඇඟ සේදීම, නෑම , රැවුල කැපීම , දත් මැදීම , තමගෙ රූ සපුව බැලීම වැනි පවිත්‍රථා කටයුතු වලටද , තවත් අය තමගෙ වාසස්ථානය ලෙසද ආදායම් මාර්ගය ලෙසදබාවිතා කොරයි .
විවිධ සුන්දර දර්ෂණ තලයන් වල කෙරුන සිනමා කර්මාන්තයේ අවදානයද දැන් දැන් මේ අත්බූත පොට් එක වෙත යොමුවී ඇති බව පෙනෙ ...
විදේස රටවල නම් මනවයා තම ජීවයේ අඛන්ඩතාවය රැකගැනීමේ ක්‍රියාවලියේ උච්චතම වස්ථාව විවිධ හැඩ තලවලට.. විවිධ ස්රූපයෙන් ..විවිද ශබ්ද රසයන්ද යොදාගෙන සිනමා පටවලට නගා ඇති අතර අප රටේ වෙන උන් ලැට් එකේ එසේ කරන ක්‍රියා කොහේවත් නැති හාල්පාරුවෙක් සිනමා පටයට නගා තිබෙනවා මට හමු වී ඇත ...
ගෙදරට ලැට් එකක් කිය පොට් එකක් හදාගනවා වගේම දැන් දැන් ලැට් වැනි පොට් ගෙදරක කාමරයක් කාමරයක් ගානෙ හදාගන්නට මිනිසුන් පෙලබී ඇත්තෙ ලැට් එක නැතුවම බැරි පොට් එකක් නිසා බව පෙනීයයි ...
අමුඩෙත් සමග පුක එකට කියවෙනවා වාගේම ලැට් එක සමග එකට කියවෙන වචනය වතුර වන අතර තමගෙ ලැට් එකට වතුර ගැසුවාට අනුන්ගෙ ලැට් එකේ අමාරුවෙන් හරි වැඩේ කරගත්තත් වතුර නොගසන පුරුද්දක් තිබෙන නිසා දැන් දැන් තමගෙ පොදු ස්තානවල තියෙන ලැට් පොට් වල
" පාවිච්චියෙන් පසු වතුර ගසන්න " යැයි බෝඩ් වල ලියා තිබෙනවා දැක ගත හැකිය ...
ලැට් එක ගැන වැදගත් කරුනු කාරණා රාසියක්‍ ය ..
මතක් වෙන දෙයක් ඇතිනම් කොමෙන්ටුවක් ලෙස කොටන ලෙස ඉල්ලා සිටිමි ...
අපි අපේ ලැට් වගේම අනුන්ගෙ ලැට් ද රැකගමු ....!!!
පාවිච්චියෙන් පසු හොදින් වතුර ගසමු ....!!!