2011-11-19

ඔයා රිද්දනව රත්තරං මට...... ...!!!



ඇයි රත්තරනෙ ඔයා මට මෙච්චර රිද්දන්නෙ... ??
ඔයා දන්නවද...
ඔයා මගේ ලගට ගන්න මම කොච්චර ආසාවෙන්ද ඉදියෙ...
කොච්චර කාලයක් බලාගෙන ඉදියද ??
ඔයා දැකපු දවසෙම මට ඔයා ගැන මාර ආදරෙ හිතුනා...
මාර ආසාවක් ආවා...
ඔයාව මගේ ලගට ගන්න මොනව උනත් කමක් නෑ කියල හිතුනා...
ඇත්තමයි...
ඕනෙ දුකක් ඕනෙ වේදනාවක් උහුලන්න මට පුලුවන් කියල මට හිතුනා...
ඒත් ඒ වේදනාව දරාගෙන ඉදියත් එක සැරේටම ඔයාව ලබාගන්න මට බැරිවෙන විත්තිය මම දැනගෙන ඉදියා...

මම දුප්පත් කොල්ලෙක්...
ඔයා වගේ වටින දේකට ආස හිතුනෙ ඇයිද දන්නෙ නෑ...

යාලුවො කිවුවෙ
 
" තොට පිස්සු යකෝ... උඹට ලංවෙන්නවත් පුලුවන්ද... ?? මෙන්න මේ අපි වගේ උබේ තත්වෙට ගැලපෙන එකක් දාගනින්... නිකන් අහසෙ මාලිගා හදන්නෙ නැතුව... "

ඇත්ත...
ඔයාට හිතින් ආදරේ කරාට... හැමදාම ඔයාවම ඕනෙ උනාට  වෙන වෙන අය මට ලංවුනා තමයි...
ඒ ඔයා මගේ ලගට එනකම්...
එහෙම උනා කියල මම එයාලට ආදරේ
ඒ එකකවත් ඔයා අහලින්වත් තියන්න බෑ...
ඒව එක්ක ගත්තාම ඔයාගෙ වටිනාකම අහස උසයි....
ඔයා දහස ගානක් වටිනවනම් ඒව නිකන් රුපියල් පනහැ හැටේ කෑලි...

ඔය වගේ ලාබ බඩු මම ඕනෙ තරම් දැකල ඇති...
ඒත් ඔයාව දැක්කාමයි මටත් ඔයා වගේ කෙනෙක් ඕනෙ උනේ...
ඔයාව දැකපු වෙලාවෙ ඉදලමයි මම ඔයාට ආදරේ කරේ....
ඔයා නිසාමයි මෙච්චර වේදානාවක් විදල අවුරුදු දෙකකට කිට්ටු කාලයක් බලාගෙන ඉදියෙ...

අන්තීමේදී මගේ ප්‍රාර්ඨනාව ඉෂ්ඨ උනා.....
ගොඩාඅක් කාලයක් බාලාගෙන ඉදල මම ඔයාව ලගට ගත්තා,,,,

ඒත්....
ඔයා ආපු මොහෙතෙ ඉදලම ඇයි මට මෙච්චර රිද්දන්නෙ.... ??
මට හිතාගන්නවත් බෑ...
මම දුප්පත් එකෙක් නිසාද... ??

අර කොල්ලො මට කියන්න වගේ මට ඔයාව ගැලපෙන්නෙ නැද්ද... ??

ඔයා රිද්දනව  රත්තරං මට...... ...!!!

ගනං උනාට කමක් නෑ...  ඔයා මට රිද්දනවනම් අපි දෙන්නට එකට ඉන්න බෑ...
එහෙම ඉන්න එකේ තේරුමක් නෑ...
 මම  කැමති උනේ නැතත්...  මට රිද්දපු නැති  අර පේමන්ට් එකෙන් ගනිපු පනහෙ  කෑල්ලටම ආයෙ මම බැස්සා...

මම දැන් සතුටින්...
ඒ කරාඹුව රිදෙන්නෙ නෑ...
රත්තරං ඒව තරං...


                                   

        
______________________________________________

ප . ලි
 
කුණූහරුපයක් බලන්නද ආවෙ... ??

                                  ෂික් මෙයාල වල්ල්ල්ල්ල්ල්ල්ල්.......
   

මෙන්න වල් වෙන්න කැමති අයට...

ඊයෙ දාපු පෝස්ට් දෙක...

ජොක්කු ගැන කතාවක්. ..සික්... තමුසෙල ලොකු ළමයිනෙ ඕයි.... යටට මොනවත් ඇදගන්නවකො


@ හනිමූන්





29 comments:

  1. අපෝ අපි හොද ළමයි වල් එව්වා බලන්නෙම නෑ. කිව්වනම් තාත්තට කියල රිදෙන්නේ නැති කරබුවක් හදල දෙනවනේ ඔය උබෙසිරි එකෙන්

    ReplyDelete
  2. මතකද එදා මුතු අහුරක් එක දවසේ ඔයා කරපු වැඩේ මල්ලි ඔය කරාඹුවට

    ReplyDelete
  3. මට ඔය මගුල පේන්න බැහැ.. ඇක්කා..

    ReplyDelete
  4. කක දැක්කා උබේ කරාබුව ( කරාබුවද බන් ඇහේ දාන එකට කියන්නේ ) මූනු පොතේ... පටලැවෙන්නෙ නෑ ඕක ???

    ReplyDelete
  5. අඩේ රිද්මයියා බොට හොදටම සුවර්නේ උබ ඔය කරාඹුව දැම්මේ ඇහිබැමේ විතරයි කියලා. ඔව්වා වෙන වෙන තැන්වල දාන්න ගිහිල්ලා නපුරු තැනක් හිල් වුනොත් කාට කියන්නද ;)

    ReplyDelete
  6. හික්ස්ස්ස්ස්ස්ස්...මරු..හැබැයි කොල්ලො කරාඹු දැම්මහම මමනම් කැමති නෑ...

    ReplyDelete
  7. පයිලට්ලාත් ත්‍රීවිල් එලවන්න ආසයි වගේ. ඒකනේ මෙහෙම ලිපි වැට්යෙන්නේ. එල එල මල්ලි. යන්තන් හිත පාලනය වෙලා තියෙනවා.

    ReplyDelete
  8. දැංවත් තේරැනානේ...ඒ මදැයි.

    ReplyDelete
  9. ලාභ සිනා සිත කළඹන නුහුරු සෙයිලමේ..නුඹ පාර සොයා මඟ නොඅසන් ...කියලා කිව්වේ නැද්ද ඒ රත්තරන් කරාඹුව...ඒත් මල්ලියේ අදාළ දේ තියෙන්න ඕනේ අදාළ තැන...හරියට සුදුස්සාට සුදුසු තැන වගේම...කරාබුවට කණ...මාලෙට බෙල්ල..සපත්තුවට කකුල..මුද්දට ඇඟිල්ල.. එහෙම නෙවෙයිද??

    ReplyDelete
  10. ඕන් කිව්වා අපි නම් බලන්න ආව කුනුහරුපයක් නෑ හරිය..
    මං නම් ආවේ පොඩි මෑන්ගේ පරම , පිවිතුරු , අකලංක ප්‍රේමය ගැන ලිපියක්ය වෙන්ට ඇති කියල හිතාගෙන..
    බලාගෙන ගියාම මේකත් මරු ප්‍රේමයක් නේ.. එල එල.. :D :D

    ReplyDelete
  11. අනේ අම්මේ..ඕකත් කරාඹුවක්ද??

    දැක්කාම ඇග හිරි වැටිලා යනවා.යක්ෂයාගෙ හෙල්ලයක් වගේ..

    ReplyDelete
  12. පියර්සිං.. නියමයි...

    ReplyDelete
  13. නියමයි ඔන්න උඹත් එහෙනම් උඹත් piercing කළා ඇ .එළකිරි ඇ.wel come to the club.

    ReplyDelete
  14. අඩෙ උබ කුරුනැගල ඇතා ගල උඩ නේද ඉන්නෙ ?

    ReplyDelete
  15. හප්පේ කොහොමද ඕක දාගත්තේ...මමත් පෙරුම් පුරලා පුරලා පච්චයක් ගහගත්තා...ලේ දැක්කම තමයි කලන්තෙට වගේ ආවේ......

    ReplyDelete
  16. @ Dush :- හා... එහෙම කරමු

    @ ශානු :- මොකක්ද කලේ.. ?? මට මතක නෑනෙ

    @ ඇනෝ :- thanks

    ReplyDelete
  17. @ bunny :- ඉතිං නොබල හිටපං.... :P

    @ පිස්සා :- නෑ මේවට කියන්නෙ පියසින් රින්ග්ස් කියල නේ.. මම දන්න විදියට... අවුරුදු දෙකක් තිස්සෙ දානවා... තාමා පටලැවුනෙ නෑ.. :D

    ReplyDelete
  18. @ කිඩෝ :- දැන් උඹ දන්නවද මම වෙන කොහාටද දාල තියෙන්නෙ කියල...

    ReplyDelete
  19. @ හිතුවක්කාරි :- මේක කරාඹුවක්ම නෙවෙයි ඇහිඹබටනෙ දාන්නෙ... කෙලො කොච්චර කියල තියෙනවද මට ඈයිය... ගලවල දාන්නකො.... කතාකරන්නවත් හිතෙන්නෙ නෑ ඔයා එක්ක කියල.. ඊට පස්සෙ මම උන් එක්ක කතා කරන්නෙ නෑ...

    ReplyDelete
  20. @ හිතුවක්කාරි :- අනිත් එක... මම කැමති නෑ.. කොන්ඩෙ වවල ඉන්න කෙල්ලොන්ට... කකපු උන්ටත් කැමති නෑ.. තට්ටෙ ගෑපු උන්ට විතරයි ආස.. :D :D

    ReplyDelete
  21. @ මදුරංග :- ත්‍රීවිල් එකක් කියල හිතාගෙන තමයි එලියට දැම්මෙ.. ඒත් එහෙමම නෑ අයියෙ... මාතර කොළඹ ඒ සී එකක් ගානට ගියා... කලින් එකනම් ෆුල් පයිලට තමයි... 2600 යි මේක 1400 අනෙ මයෙ මොකෝ...

    ReplyDelete
  22. @ ඇනෝ 2 :- 53 යි ?? මොකකද බං මේ.. බෙල්ල ගැලවෙනකං කල්පනා කරා තේරෙන්නෙ නෑ

    @ තරූගේ ලෝකය :- ඒකනෙ කියන්නෙ

    ReplyDelete
  23. @ සුජානි :- මමනම් එහෙම හිතන්නෙ නෑ... ඔය අදාල තැන් කියන එකත් හදාගත්තෙ අපිමනෙ...

    ඔන්න මෙහෙම හිතන්නකො ගෙදරට ඇතුලුවෙනකොට සපත්තු අයින්බකින් ගලවල තියනව... හැමදාම එකම තැන... ඒ අදාල තැන.. කාලෙ අලුත් තාලෙ වෙනස්.. ගේනව ඔන්න ෂූ රැක් එකක්... දැන් සපත්තු දෙක උස්සල තියෙනව රැක් එකේ... ඉස්සර පිඟන් දැම්මෙ රැක් වල... අපි අලුත් තැනක් හදාගත්තා... ඒකෙ වැරැද්දක් තියෙනවදැ ??

    ReplyDelete
  24. @ Ice :- මේකත් පරම පිවිතුරු ප්‍රේමයක් තමයි.. අවුරුදු දෙකකට පොඩ්ඩක් වැඩියි...

    @ නිසූපා :- යක්ෂයාගෙ හෙල්ල... බි . පෙ . සි

    @ Diesh :- පියර්සිං ගැනම විතරක් නෙවෙයි... අනේ මන්ද... හැමෝටම ඒක තේරිල තියෙන්නෙ... වෙන මුකුත් තේරෙන්නෙම නැද්ද ?

    ReplyDelete
  25. @ Rawana :- මම ඕක කරල අවුරුදු දෙකකට වැඩියි බං... තොලෙත් එකක් තිබුනා.. ඒකන් දැන් නෑ ... ඒක කරදරයි..

    @ ඇනෝ :- හරියට හරි :D :D

    @ඔබ නොදුටු ලොවක් :- ඇහි බඹ හිල් කරලා :D :D

    ReplyDelete
  26. Highly energetic article, I enjoyed that bit. Will there be a part 2?
    Feel free to visit my blog post - football news headlines

    ReplyDelete
  27. It's remarkable designed for me to have a web site, which is good for my knowledge. thanks admin
    Check out my web-site :: pizza games nashville tn

    ReplyDelete