2011-12-29

සයිබර් මිතුරන් ආයෙත් ගාල්ලට සෙට් වන වගයි!!!!!!!!!



බ්ලොග් කියවිල්ල ලිවිල්ල නිසා වෙච්ච තවදියක් තමයි ලෝකෙ වටේම විසිරිලා ඉන්න  කට්ටිය ටිකක් දැන අඳුනගන්න ලැබීම....  කවුරු හරි එකෙක් , එකියක් ලියපු බ්ලොග් පෝස්ට් එකක් කියවල ඒකට කමෙට් එකක් දාලා ඇතිවෙන ඇදුනුම් කම මූණු පොතේ ලයිවු චැට් එකට ස්කයිප් හෑන්ෆෝන් එක දක්වා ගිහින් හැබැහින් හමු වෙච්ච අවස්ථාත් තියෙනවා.... මතක ඇතිනෙ... සයිබරයේ සිහින බක් මහ සැනකෙලිය  එහෙම....

ටිකක් හිනා වෙන්න ඇවිත් ලියන අභීත අයියගෙ අදහසක් අනුවනෙ ඕක සංවිදානය උනේ... ඒත් ඔන්න මිනිහම කියනව ආයෙ ඒ වගේ වැඩක් වෙන එකක් නෑ කියල....

ඇත්තටම අපි ආදරය කරපු බ්ලොග් කරුවන්... ඇත්තට දැන අඳුන ගන්න.... ඩිජිටල් තිරේටකට සීමා වෙච්ච යාලුමක හැබැහින් දකින්න විදින්න..ආයෙමත්  ඒවගේ වැඩක් වෙන එකක් නෑ කියන්නෙනම් ලෝක අපරාදයක්...  

ඔය සිහින සැනකෙලියට පස්සෙ බ්ලොග් කෙරුවාවට ආව අය.... ??
මේ පොඩි මෑනුත් එහෙම කෙනෙක්.... :)

අනන්න ඒක නිසා ඔය ලොකු ලොකු මිනිස්සු වගේ ලොකු ලොකුවට නැතත් පොඩි පොඩියට හරි මොකක් හරි කරන්න ඕනෙ කියල අපිට හිතුනෙ ඒක නිසයි...

ඔන්න එහෙනම් කලිනුත් වතාවක් ගාල්ලෙ බ්ලොග් කියවන ලියන උදවිය දවසක් සෙට් උනා වගේ මේ පාරත් කට්ටිය සෙට් වෙන්නයි කල්පනාව... අර උඩ තියෙන්නෙ කලිං වතාවේ සොදුරු සිතගෙ සොදුරු අයිස්ක්‍රීම් සංග්‍රහය...

සෙට් වෙන්නෙ  ගාල්ලට උනාට අපේ මේ ආරාධනාව ගාල්ලෙන් එපිට ඉන්න බ්ලොග් කියවන ලියන හැම දෙනාටමත් එක්ක.....

එන්න අපි දැන අදුනගෙන කතාකරලා විනෝද වෙමු..... ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන්....

දිනය මේ ජනවාරි 7 වෙනි සෙනසුරාදා.....
වෙලාව උදේ 9.00 ය
ස්ථානය ගාල්ලෙ දුම්රියපල හා බස් නැවතුම්ප්ල යා කරණ පාලම
යටට නෙවෙයි උඩට...

යන්නෙ රූ මස්සල...  අර හනුම  හිමාලෙ උස්සගෙන යනකොට වැටිච්ච කෑල්ල තමයි...
හනුමට වැටිච්ච කෑල්ල නෙවෙයි හිමාලෙන් වැටිච්ච කෑල්ල...









මුලින්ම සාම චෛයිත්‍යට තමයි යන්නෙ.......




වඳින කට්ටිය වැඳලා... බලන කට්ටිය බලලා ලස්සන රූමස්සල සුදු වැල්ලට ඇවිත් කථාබහ කරල ගේන දෙයක් කාල සින්දුවක් දෙකක් කියල ගෙවල් වලට යන්න තමයි කල්පනාව....

ප්‍රධාන සංවිදායක බනී තුමාගේ ප්‍රභල විරෝදය මූදේ නෑමට....  ඒත් මිනිහට හොරෙන් නන්න කැමති උන් ඉන්නවනම් මම ඉන්නව එක පයින්.... මොකද රූමස්සල සුදු වැල්ල අනතුරුදායක මුහුදු තීරයක් නෙවෙයි....




නාන්න කැමති අය පිට ඇතිල්ලීමට පොල් කොස්සක් භාල්දියක් නැතිනම් කෝප්පයක් හරි බනියට හොරෙන් ගෙනාවට කිසිම අමනාපයක් නෑ...

ඔය ගාල්ලෙන් පිට අගනුවර පැත්තෙ එන්න කට්ටියට සෙට්වෙලා ආවොත් නරකද වැඩේට....  .... හයි වේ එකේ ආවොත් හරියටම පැයයි යන්නෙ... රූමස්සල පෙනෙන සීමාවෙන් තමයි ගාල්ලෙ එක්සිට් එක තියෙන්නෙත්....  අපිනම් කියන්න පුලුවන් කට්ටියට සෙට් වෙලා එන්න කියලයි....

වැඩි වැඩ ඕනෙ නෑ... දවල් කෑමට රු 200 වගේ මුදලක්...
වැල්ලෙ සෙල්ලම් අක්‍රන්න රගර් බෝලයක් හෝ ෆුට් බෝලයක් ( පුලුවන් කෙනෙක් )
සිංදුවක් කියන්න තට්ටුකරන්න පුලුවන් සංගීත භාන්ඩයක්...
හවසට කන්න වෙන මොනවහරි ගෙනාවත් කමක් නෑ...

එච්චරයි වෙන්න ඕනෙ...

ආ... නාන්න කැමති උදවිය බනියාට හොරෙන් අදාල ආම්පන්න රැගෙන ඇවිත් බනියාට හොරෙන් පොඩි මෑන් හමුවන්න....   අදාල ආම්පන්න කිවුවෙ අදාල අම්පන්න...


වැඩි විස්ථර සදහා අමතන්න 

ප්‍රධාන සංවිදායක       :-     බනියා     - 0719250005
නියෝජ්‍ය සංවිදායක    :-    කිඩෝ      - 0775215692
නිල නොලත් සහායක  :-    පොඩි මෑන්  - 0719586007

 පැමිනීම කලින් සදහන් කරන්න පුලුවන්නම් වඩා හොදයි.... කීඩෑවත් මෙන්න මෙහෙම ලියල තියෙනව මෙතන... ඒකත් බලන්න....

සියලුම බ්ලොග් කියවන ලියන අයට එන්න කියල නැවතත් ආරාධනා කරනවා... ... ගාල්ලෙ නෙවෙයි මොන තූත්තුකුඩියෙ ඉදියත්.....


මේ අන්තිමට සිංහලෙන්ම කියනම්...   අනේ වරෙල්ල හොදේ.......


 ප.ලි

සැ. යු

බීම ජාති ගැන ඇල්මක් ඇති අය ඒ සදහා රහසිගතව යටම නො. අමතන්න....

ප.ප. ලි

ගාලු එන්න කොළඹ ඉදන් කට්ටිය සෙට් වෙලා ඉන්නෙ... තව කට්ටියට එනවනම් මෙන්න මෙතනට ගිහින්
යාලත් එක්කම සෙට් පුලුවන්....


ප. ප. ප. ලි  

ඔන්න කොළඹ ඉදන් එන කට්ටියෙගෙ ප්‍රස්නවලට පිලිතුරුත් එක්ක කට්ටිය යන විදිය...රාජ් මෙතන දාලා...

115 comments:

  1. සෙනසුරාදා වරුවක් වැඩනේ බන්, කමක් නෑ ඒකට නම් ඔය මොනව හරි බුලක් ගහන්න බැරියැ. හවසට කන ජාති විතරද ඕනේ ?

    ReplyDelete
  2. ඔන්න මමත් එන්න උපරිම උත්සාහයක් දරනවා.....................

    ReplyDelete
  3. @ රෙප් :- යකෝ ඒව කතාක්‍රගන්න තමයි ඔය නො දීල තියෙන්නෙ .. සික් කනව වැඩේ.... :D

    ReplyDelete
  4. ධෝවු හෝවු... නො. කිවුආට නිල නොලත් සහායකගෙ නො විතරයි :D

    ReplyDelete
  5. ළමයා...... ඕක 8 වෙනිදාට දාගන්ටකො සෙනසුරාදා නිවාඩු නෑ අළුතින් ගිය ගමන් නිවාඩු ඉල්ලන්නත් බෑනේ :(

    ReplyDelete
  6. මමයි ..අභීත අයියයි එනව උබලගේ ගේට් එකට හරිනේ එහේනං..ඒදාට හම්බේමු....

    ReplyDelete
  7. @ ශානු :- එකසිය ගානට කට්ටියට පුලුවන් 7 වෙනිදලුනෙ...

    එදාට ඔයා ලෙඩ වෙන්න...

    ReplyDelete
  8. @ රාජ් :- එල කිරී.... පුලුවන්නම් අනිත් උන්වත් සෙට් කරගෙන කනෙන් ඇදන් වරෙල්ලකො.... :)

    ReplyDelete
  9. කොලඹින් එන උන් කවුද මචන් ඉන්නේ

    ReplyDelete
  10. @ ම :- අභීත අයියයි රාජුයි එනව කියල තියෙනවා....

    ReplyDelete
  11. ගිය ගමන් ලෙඩ උනොත් බොසා මාව එලවයි :(

    ReplyDelete
  12. අයියෝ 7 මම කොළඹ යන්න දාගත්තනේ. බලමු බැහැල කතාකරල හරි යන්න පුළුවන්ද කියල.

    ReplyDelete
  13. මචන් මේ දවස් වල සීතලයි, රත් වෙන්න එහෙම මොකුත්.... :පී (ගිනිමැලයක් වගේ)

    ReplyDelete
  14. හරි මාත් එනවා

    ReplyDelete
  15. නිවාඩු ගිහින් ආවා විතරයි. ටිකට් සල්ලි ඕ.පූ. කියලා ආයි නිවාඩුවක් දාලා එන්න හිතෙනවා බන්z

    ReplyDelete
  16. අපිට කොහෙද ලේන් පූසෝ!

    ReplyDelete
  17. අපි වගේ නාකි පොරවල්ටත් එන්න පුලුවන් නේද මචෝ ...?

    ReplyDelete
  18. එන්න විදියක් නෑ.
    නොඑන එවුන්ටත් එක්ක ඇති වෙන්න ජොලියක් දාපල්ලා....

    ReplyDelete
  19. මං ඉතින් හැංගිලා ඉන්න මනුස්සයනෙ... මං ඔය වෙලාවට පාලම උඩින් ගිහින් මූණු ටික බලා ගන්නම්, කට්ටිය ලොකුවට තම තමාගේ නම ලියපු බෝඩ් එකක් තියාගෙන ඉන්නවද...

    ReplyDelete
  20. දන්නවනේ පොඩ්ඩෝ මමත් ඕන හෙම්බිරිසායකට ....එහෙනම් 7 උදේට මුණ ගැහෙමු....

    ReplyDelete
  21. අයියෝ මාර වැඩේ නෙ.වයිෆ් ගෙදර එන්නෙ ඔය දවස්වලමනේ.මාසෙකින්නෙ එන්නෙත්.මාර අවුල.බලමු ට්‍රයි එකක් දාලා.ෂුවර් නෑ.

    ReplyDelete
  22. හයියෝ අපි කොළඹ ඈයෝ නෙ..:( ගාල්ලෙ අය තියා කොළඹ් ඉන්න අයවත් අඳුරන්නෙ නෑ.. හිතුවක්කාරි ඉතින් මෑතකාලින සාමජිකාවක්නෙ..:(

    මොකෝ පොඩි මෑන් කරන්නෙ අපි??

    ReplyDelete
  23. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් උඹල කොළඹ සෙට් වෙනවා නම් සිරාවට එන්න තිබුනා.මොන රෙද්දකට ගාල්ලේ යනවද මන්ද.

    ReplyDelete
  24. @ රමේශ් - හරි මචං ගියපාර සයිබර් සැනකෙලිය කොලඔ මේ සයිබර් සැනකෙලිය පාර බොහෝ දුරට නුවර වසර මුල සුලුපරිමාන ගෙට්ටුව ගාල්ලෙ ඔහොම කාලෙන් කාලෙට ලංකාවම කවර් කරනවා එතකොට කාටවත් අසාදාරනයක් නෑ නේ

    ReplyDelete
  25. ඔන්න දේවා ගේ සහභාගිත්වය ඉස්තිර කරනවා.. පොඩි මැන් අපි ඉතින් කුරුනැගල යන්න ටයිම් නැති උනොත් උබලගේ ගෙදර ඉන්න පුලුවන් වෙයිනේ නේද?

    ReplyDelete
  26. මමත් කොළඹ ඉන්න, බ්ලොග් අවකාශයේ මෑතකාලීන සාමාජිකාවක්. එන්න උපරිම උත්සහ දරනවා. කොළඹින් සෙට් වෙන අය අපිට විස්තර කියන්න............

    ReplyDelete
  27. පූරුවේ පවක් ගෙවනවා බං හුඟක් ඈතකට වෙලා...හොඳ ෆන් එකක් ගනින්!

    ReplyDelete
  28. මකම බෑවිය... අපිටත් ලඟ තැනක සැට් වෙයල්ලා...

    ReplyDelete
  29. කොලඹින් යන අය මේ පෝස්ටුවත් බලන්න
    http://raj-rajmyblog.blogspot.com/2011/12/blog-post_29.html
    හැමෝටම සෙට් වෙලා එකට එන්න පුලුවන් විශේෂයෙන් අලුත් අයට මේක පහසුවක් වේවි මහී රමේශ් හිතුවක්කාරි ඔන්න එනවනං චාන්ස් එක තනියම නැතුව කට්ටියත් එක්කම එන්න

    ReplyDelete
  30. කීඩෝ උඹ තව එක වතාවක් හරි මට රමේෂ් කිව්වොත් මම උඹව හොයන ඇවිත් බෙල්ල මිරිකන්නේ.කට පුරා රමේෂා කියල කියපන් බන්. මම සම්පූර්ණ කෙල්ලෙක් . ගාල්ලේ එන එක නම් වෙන්නේ නෑ කීයටවත්.උඹල ගාල්ලේ ගිහින් කොළඹ එනකල් ඔටුවෝ වගේ ඉන්නම්. කොළඹ සෙට් වෙන දවසට අනිවා මම එනවා .

    ReplyDelete
  31. //නාන්න කැමති අය පිට ඇතිල්ලීමට පොල් කොස්සක් //

    ඒ කියන්නෙ මෙච්චර කාලෙකට නාපු නැති උන් හොඳට කුණු අතුල්ලගෙන නාගන්නත් බලාගෙන වරෙල්ලා

    එන්න හැකියාවක් නැති වුනත් යන කට්ටියට සුභ පැතුම් !

    ReplyDelete
  32. @ ඔය කිඩෝ දාල තියෙන්නෙ.... කට්ටියම එතනට ඇවිත් සෙට් වෙන්න පුලුවන්... අදුනන්නෙ නැති අයට අඳුනගන්න තමයි වැඩේ සෙට් කලේ... ගෑනු පිරිමි කිසිම බේදය නෑ... පැයෙන් ගාල්ලට එන්න පුලුවන් කට්ටියටම... කට්ටියම වරෙල්ලා.. කොළඹ තියෙන හැම මගුලකටම ගාල්ලෙ වෙන පලාත්වල උන් එන්නෙ... අර කිඩී කිවුව වගේ ලංකාවම කවර් කරන්නයි අයිඩියා එක...

    :D

    ReplyDelete
  33. @ රමේෂ් :P :_ කෙල්ලො එනව හත්තිලවුවෙ... උඹත් වරෙන් මයෙ අම්ම... අර දාල තියෙන ලින්ක් එක දිගේ ගිහින් සෙට් වෙලා... ට්‍රිප් එකක් වගේ ඇවිත් යන්න පුලුවන්.. පැයයි යන්නෙ...

    ReplyDelete
  34. @ දේව :- අනිවා ඩෙෆා මචං... නවතින්න පුලුවන්... මට කෝල් එකක් දීපං,,,,

    ReplyDelete
  35. @ සුළගිල්ලා :- කොටු පනින්න රට වටේ යන්න පුලුවන්.. මෙන්න මෙහෙ වරෙන් කට්ටිය එක්ක සෙට් වෙලා...

    ReplyDelete
  36. @ ඊ මේල් කවි කාරි :- පට්ට නාකි එනවා... එයාලට වෙනම හවස භාවනා වැඩ සටහනකුත් තියන්වා... ඔයත් එන්න..

    ReplyDelete
  37. @ thushara :- ප්‍රිය භාර්යාවත් එක්කන් එන්න... තනිවෙන්න අවශ්‍යනම් ඕනෑ තරම් ස්වාභාවික පොට්ස් තිබේ... ;)

    ReplyDelete
  38. අඩේ පට්ට සොරි වේවා මේ රීඩිං මිස්ටේක්ස්නෙ සික් ඇස් දෙක චෙක් කරගන්න යන්න හිටියට තාම යන්නවුනේ නෑ නේ රමේශ් කියල නෙ දැක්කේ සෝ සොරි රමේෂා උබ බොලං කියලා තිබ්බ එකේ ආයෙ දෙපාරක් නම කියෙව්වෙත් නෑ අවුලක් නෑ තැන්කූ වැරැද්ද පෙන්නුවට ඇති යන්තං ගුටි නොකා බේරුනා :D

    ReplyDelete
  39. @ මන්තරකාරි :- මොනවද හලෝ එනවකො ඇත්ත නම නොකිය වෙන නමක් හරි දාගෙන එන්න.. තනියම බැරිනම් තව කාත් එක්ක හරි... දැන අදුනගෙන විසිරී යනව විතරයි...

    ReplyDelete
  40. පොඩි මෑන් හත් දෙයියනේ මට රමේෂා කියපන් බන් රමේෂ් නොකියා. කෙල්ලෝ ආවත් නැතත් නෙමේ අවුල .මේ වෙලාවේ හැටියට ගාල්ල දුර වැඩි බන්. උඹල ඉතින් ගිහින් සැප අරන් වරෙන්. කොළඹ සෙට් වෙන දවසට මම එනවා .

    ReplyDelete
  41. @ ඔබා මාම :- ලයිවු සැට් කරගන්න ට්‍රයියක් දාන්නම් .. ස්කයිප්පුව හරහා...

    ReplyDelete
  42. @ කුමාරයා :- නාකි භාල මහළු ගෑනු පිරිමි කාටත්... ඉත්තෑවෙක් හරි ඌ බ්ලොග් කියවනවනම් එන්න පුලුවන් මචෝ.... :)

    වරෙන් වරෙන් සෙට් වෙමු....

    ReplyDelete
  43. @ රමේෂා :- හත්තිලවුවෙ බං අහපං.... අර දාල තියෙන ලොන්ක් එකට ගිහින් බලපං.. අදිවේගී එකේ කට්ටිය එන්න හදන්නෙ සෙට් වෙලා පැය දෙකයි යන්ඩ එන්ඩ දෙකටම...

    හතරට ගාල්ලෙන් නැග්ගත් 6ට කොට්ටාවෙ,,,, වරෙන්කො කට්ටිය එක්ක සෙට් වෙලා...

    ReplyDelete
  44. @ බුවාගේ සිතුවිලි :- අර මොකෝ එන්න හැකියව නැත්තෙ ???

    ReplyDelete
  45. අයියෝ මට සිරාවට ඉරිසියයි දැන් .. මොන කරුමයක්ද මන්ද. උඹල කොළඹ ඉන්න ගාල්ලේ එන්න බැරි උන්ට මොනවා හරි මගුලක් ලැස්ති කරපංකෝ.පොඩ්ඩෝ සිරාවට ගාල්ලේ එන්න බෑ බන්. හේතු ගොඩයි.

    ReplyDelete
  46. @පොඩි මැන් - 'බුවා' චරිතය පුද්ගලිකව අනික් බ්ලොග් කරුවන් නොදන්න එක , මම ලියන කියන දේවල් එක්ක වඩාත් හොඳයි කියල හිතෙනව . ඒ නිසා දැනට අනෙකුත් බ්ලොග් කරුවන් පෞද්ගලිකව හමුවීමේ අදහසක් නැ :)

    ReplyDelete
  47. අනේ රෑ වෙයි නේද.. :((

    ReplyDelete
  48. අපිත් ගාල්ලේ හරිද මල්ලි..ඒත් බං එන්න වෙන්නේ නැහැ ඊලග එකටවත් බලමු ලංකාවේ ඉන්නේ ලැබෙයිදෝ කියල.ජයවේව ...

    ReplyDelete
  49. @ වර්ණා :- නෑ හතරට මෙහෙන් ගියත් පහට කොට්ටාවෙ... ඒකත් රැයක්ද...

    ReplyDelete
  50. @ රමේෂා :- හේතුනම් මොනවද අප්පා... බෝලයක් දැම්ම ආවා.. කොළබ කට්ටිය සෙට් වෙලා එන්නෙ ට්‍රිප් එකක් එන්න වගේ.. අනික මේ අවුරුද්දෙ අගනුවර මුකුත් තියෙන එකක් නෑ කියල තමා ආරංචිය

    සයිබරයේ සිහින බක් මහ උලලත් මෙදා පොටේ කන්ද උඩ රටට...

    ReplyDelete
  51. @ අසරණයා :- ෂැක් ඒජත් එහෙමද.... එහෙනම් කුමක් කරමුද... :(

    ReplyDelete
  52. @ බුවාගේ සිතුවිලි :- බොරු නමක් දාගෙන එමු :D :D සිරාවට කියන්නෙ...

    ReplyDelete
  53. මමත් එන්නම්කෝ එහෙනම් :)))

    ReplyDelete
  54. හානේ උඹලා සෙට් වෙන්න නේද යන්නේ?
    අපිටත් එක්කම ෆන් එකක් ගනිල්ලා එහෙනං ඈ ;)

    ReplyDelete
  55. නියමායි!! මාත් එනවා... 07 ඉරිදා නේ....
    එලකිරි ආ.....

    ReplyDelete
  56. නෑ නෑ 7 සෙනසුරාදා

    ReplyDelete
  57. එදාට එන අය මේක පුරවලා අපිට පොඩි සහයෝගයක් දෙනවද
    https://docs.google.com/spreadsheet/viewform?formkey=dEM2empWT0JtS0RJdnBYelNGajByZ3c6MQ

    ReplyDelete
  58. aiyoooo ogollo set wenne galle witarada... cbo walath dawasak dagamu... galle ena eka case ane..

    girl of 27

    ReplyDelete
  59. අපොයි විභාගේ මැද නේ.....:( ශික් විතරක්!

    ReplyDelete
  60. අඩෝ අපි එනවා යකෝ...අපි ගාල්ලෙ කොල්ලෝ.....

    ReplyDelete
  61. @ girl of 27 :- අහන්නකො අර පෝස්ට් එකේ යටම තියෙනව කොළඹ අය මෙහේ එන්න සෙට් වෙන විදියට ලින්ක් එකක් දාල ඒකට ගිහින් බලන්නකො..

    කිසිම කේස් එකෙක් නෑ.. හතරට ගාල්ලෙන් පිට උනත් පහට කොට්ටාවෙ.. රූමස්සලට අදිවේගී එක පේන දුර... රෑවෙන්නෙත් නෑ..

    වඩා හොද ලමයි වෙලා ගෙවල්වලට කියන්න ඕනෙත් නෑ..

    කොළඹ ඉදල ගෑනු ළමෝත් එනවා... ඔයත් ඒ කියන තැනට සෙට් වෙලා අදිවේගී එක දිගේ අදි වේගයෙන් එන්න ගාල්ලට... :)

    කොළඹනම් මේ අවුරුද්දෙ සෙට් වීමක් නැති වෙයි බක්මහ උළලත් නුවරට... :)

    ReplyDelete
  62. @ වැඩකාරයා :- වරෙන් ඩෝ... :D

    ReplyDelete
  63. @ වර්ණා :- එන්න ගාල්ලට.. බය වෙන්න දෙයක් නෑ.... :D :D

    ReplyDelete
  64. @ පූසා :- ඉතිං අපි විතරක් මොකද... උඹත් වරෙන් සෙට් වෙලා ආතල් එකක් ගන්න... :D

    ReplyDelete
  65. මාත් එනෝ !!!!
    කොළඹින් ගාල්ලේ බස් එකක ආවම හරි නේ. එලෑ එලෑ

    ReplyDelete
  66. හයියෝ . . . හිටියනං එනව නොවැ . . . . දුක තමයි . . . . කමක් නෑ උඹල සෙට් වෙයල්ල. දෙයියංගෙම පිහිටයි

    ReplyDelete
  67. අනේ ඉතින් අප්‍රේල් වෙනකං චැන්ස් එකක් නෑ එන්න.ගිහිල්ලා පොටෝ ටිකක් දාන්නකෝ අපිටත් බලන්න.....

    ReplyDelete
  68. මම තාම බ්ලොග් ලියන්න ඇවිත් මාසයක්වත් නෑ එන්න කැමතියි ඒත් කොහොමද දන්නෙත් නෑ මේක විවෘත ආරාධනයක් නේද එන්න ආසාවෙන් පසුවන්නෙම්

    ReplyDelete
  69. මටත් එන්න ආසයි.හිත කියනව කොහොමහරි යන්න කියලා.මේ මගේ පලවෙනි බ්ලොග් හමුවීම.මීට කලින් ඇවිත්ම නෑ...........

    ReplyDelete
  70. මා කොළඹින් යමි.මාත් සමග තවත් 4 දෙනෙකුට ඉඩ පහසුකම් ඇත.ගමන් පහසුකම් සඳහා විමසන්න chirathfonseka@ymail.com

    ReplyDelete
  71. @ සඳකිදුරා :- ඔය තියෙන්නෙ... එල කොල්ලෙක්නෙ... :D :D

    එන්න එඑනා එදාට හමුවෙමු...

    ReplyDelete
  72. @ ගැමියාගේ පත් ඉරුව :- එක දවසක් බ්ලොග් කියවල තිබුනත් ඇති එන්න... අනිවා එන්න එන්න... හැමෝම අදුනගන්න තමයි මේවගේ එකක් සංවිදානය කරන්නෙ... එදාට මුනගැහිලම කතා කරමු...

    ReplyDelete
  73. ඇතිවි තිබෙන තත්වය තාමත් එසේමයි... 50%ක් අනිවා එන්නම තමා ඉන්නේ.... බලමු... තැන්කු තැන්කු. මම කොල් එකක් දෙන්නම්කෝ

    ReplyDelete
  74. මමත් එනවෝ........ කලුව යි රත්ගමයයි සෙට් කරගන්නම්...

    ReplyDelete
  75. මචන්, මම, මරේ, අභියා, ලසියා, රවා, රනා, හීනයා, පූසා, වාසල, ජේඩී, පැට්ටා, වෙනියා, නිශ් මෙහෙන් එනවා.

    අවුරුදු උත්සවේ ගැන කියන්න තියෙන්නෙ නුවර තියමුද කියන එක කට්ටියගෙ ඉල්ලීමක් විතරයි.

    මම පුද්ගලිකව හිතන විදියට ඕක කොළඹ නැතුව වෙන කොහේ හරි තිබ්බොත් අනිවා එන ප්‍රමාණය අඩු වෙනවා.

    ඒක නිසා මෙදා පාර සංවිධායකයොන්ට පොඩ්ඩක් හරි මොලේ තිබ්බොත් මෙදාත් ඒක කොළඹම තියයි ;-)

    ReplyDelete
  76. ව්‍යංගයි විමංසයි ඒනව නං මමත් ඒනවා... නැත්තං ඉතිං ටිකට් ඒකටත් පාඩුයි...
    ගාල්ල අැවිල්ලා ෙහාඳ පලාතක්... ජරා කරන්න ඒෙහම ඒපා....

    ෙම් මගුල් ෙපා්ස්ට් ඒෙක් අකුරු ෙවනස් ෙවලා වදින්ෙන

    අැල්

    ReplyDelete
  77. @ රංග :- එල කිරී........... :)

    ReplyDelete
  78. @ ඇල්කෙමියා :- විමංසට කවදාවත් එන්න බැරි වෙයි.. ව්‍යංගටත්.. අනේ මම දන්නෙ නෑ....


    :D

    ReplyDelete
  79. @ රහස්පරීක්ෂකයා :- එල කිරි.. රත්ගමයගෙ ක්න්ටෑක්ට්ස් නෑ... උනුත් සෙට් කරගෙන වරෙල්ලා... :)

    ReplyDelete
  80. බ්ලොග් ලියන්නෙ නැති ඒත් ෆේක් සිංහල නම් වලින් පෙනී ඉන්න අයටත් එන්ට පුළුවනිද? අපි ලියන්නෙ නැති උනාට බ්ලොග් කියවනවා

    ReplyDelete
  81. @ ඇනෝ :- කියවන අයටත් එන්න පුලුවන්.... අනිවාර්යෙන්ම.... ඒකෙ කිසිම ප්‍රස්නයක් නෑ... සිංහල බ්ලොග් අවකාශෙ ලියන එකෙක්වත් නෑ කියවන්න කට්ටිය නැතිනම්... කියවන කට්ටිය තමයි වැදගත්.... අනිවාර්යෙන්ම හැමෝටම එන්න පුලුවන්... මේ පෝට් එක දකින්නෙ ඔයාල බ්ලොග් කියවන නිසානෙ.. මේ පෝට් එක දැක්ක කියන්නෙ ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන්... :)

    ReplyDelete
  82. හරේ මම උඩින් තියෙන නම්බර් එකකට කෝල් එකක් දෙන්නම්කෝ මම ඉන්නේ කැස්බෑවේ හික් හික් කහතුඩුවේ පිවිසුම් මාර්ගෙට ඇවිත් අර බස් එක ගාල්ලට ගන්න පුළුවන් වෙයි.බොහෝම ස්තූතියි අයියේ

    ReplyDelete
  83. පොඩිමෑන්,මෙදාපාර මමත් එනව,මම එන්නෙ බෙලිඅත්තෙන්...,කරුන්නා කොරල කියන්ඩ පුලුවන්ද අපේ මීට් එකට සෙට්වෙන *දකුණෙ කස්ටිය කව්ද කියල....තව ඕන කීදෙනක් විතර ඒව්ද මීට් එකට.;)

    ReplyDelete
  84. දැනට ගනං හදපු විදිහට 40+ එනවා කියලා තියනවා
    දකුණෙ උන්නං පොඩි මෑන්, කිඩෝ , බනී, හිම හංසි, කස්, හුස්නි, කුරුං ගුරුං, සොඳුරු සිත, නලින් කාරියවසම්, සමිල, රත්ගමයා, රෙප් මහත්තයා, ගයාන් etc......

    ReplyDelete
  85. කීඩෑවා : අපිත් ගාල්ලෙ තමා හරිය :D

    ReplyDelete
  86. @ රංග :- ඒත් රංග අයිය බ්ලොග් කැටගරි වල කලම්බො බ්ලොගර් කෙනෙක් හැටියටනෙ සදහන් වෙන්නෙ.... :D

    ගම ගාල්ලෙ.. ගාල්ලෙ කිවුවට අහංගම නේද :P

    ReplyDelete
  87. අපිට නම් ඉතින් එන්න වෙන්නේ නෑ.. දුක තමා.. :(

    ReplyDelete
  88. This comment has been removed by the author.

    ReplyDelete
  89. *බලමු* කොලොම්පුරෙන් එන අයට හෝම් මේඩ් sweets වලින් ග්‍රහයක් දෙන්න,එදාට එන ගාන approximately ලබන බදාදට දැනගන්න පුලුවන්නම් වැඩේ ගොඩ,මමනම් නෙවි මේවට මහන්සි වෙන්න මගේ අරය :)
    මේකත් බලන්න මඩනම් නෙවි හොදේ.
    http://coolchiran.blogspot.com/2011/12/blog-post_30.html

    ReplyDelete
  90. අනේ අපිට දුරයිනේ....:'(....මේ ඉක්මනට මග දිගට ඊලඟ එක දානවද?

    ReplyDelete
  91. ලෑස්ති වෙලා හිටහන් පොඩිමෑන්.. අපි එනෝ...

    ReplyDelete
  92. //@ ඇනෝ :- කියවන අයටත් එන්න පුලුවන්.... අනිවාර්යෙන්ම.... ඒකෙ කිසිම ප්‍රස්නයක් නෑ... සිංහල බ්ලොග් අවකාශෙ ලියන එකෙක්වත් නෑ කියවන්න කට්ටිය නැතිනම්... කියවන කට්ටිය තමයි වැදගත්.... අනිවාර්යෙන්ම හැමෝටම එන්න පුලුවන්... මේ පෝට් එක දකින්නෙ ඔයාල බ්ලොග් කියවන නිසානෙ.. මේ පෝට් එක දැක්ක කියන්නෙ ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන්... :)//

    සිරාම සිරා . . . මේක තමයි වෙන්න ඕනෙ . . . ලියන එවුන්ට වගේම කියවන එවුංටත් චාන්ස් එක තියෙන්නෙ ඕනෙ . . . නියමයි මල්ලි

    ReplyDelete
  93. මමත් එන්නද?
    ලියන්නේ නම් නෑ කියවනවා විතරයි

    ReplyDelete
  94. @ මහීම :- ඔඋඅ උඩ කට කැඩෙනකම් කියල තියෙන්නෙ බං... එන්න එන්න... ආයෙ හෝදන්න දෙයක් නෑ.. ... අපි හැමෝටම තමා මේක....

    ReplyDelete
  95. @ chiran :- හොද කොල්ලෙක්නෙ... අරවුන්ඩ් ෆිෆ්ටි තමයි මචං.. සීයකට උනත් වැඩි වෙන එකක නෑ... උඹ ගෙනෙන්.. :D

    ReplyDelete
  96. සෙට් වෙලා ආතල් එකක් ගනින්.. ලංකාවෙ හිටියනම් අනිවා එනව.. මොනා කරන්නද...

    හිතට දුක ගමේදි සෙට් වෙලත් එන්න බැරි එකනෙ

    ReplyDelete
  97. @ කෝඩු :- ඉතිං වරෝ.....

    ReplyDelete
  98. මම බ්ලොග් ලියන්නෙ නම් නැ නමුත් හුගක් කල් ඉදන් බ්ලොග් කියවනව.
    අඩේ මගේ උපන්දිනේ දවසේමනේ බොලා සෙට් වෙන්න යොදාගෙන තියෙන්නේ, එදාට ගෙදර ගියේ නැත්නම් අම්ම මාව දරුකමෙන් අස් කරාවි, ඊළගට කට්ටිය සෙට්වෙන දවසට වත් සෙට් වෙන්නම්..

    ReplyDelete
  99. මම එන්ඩයි හිතන් ඉන්නෙ ඕන්. මෙ කෙල්ලො කොල්ලො ටික මාව පරිස්සම් කොරයි නේද?. හැබැයි මාව පරිස්සම් කොරහල්ල... මම බ්ලොග් කලාවටත් අලුත් නිසා ටිකක් බයයිත් වගෙ.... අනික මමත් නිර්නාමික බොලොග් කාරයෙක් (කාරයෙක්, කාරියක් නෙමේ ඕන්..) නෙ.... :)

    ReplyDelete
  100. @පවනි :- සික්.... මම හිතුවෙ කාරියක් කියල... මැදැයි කොලා... :D :D වරෙන් වරෙන්... එදාට සෙට් වෙමු :D :D

    ReplyDelete
  101. @ චම්ලි :- දුක තමා රංජනී .... :(

    ReplyDelete
  102. බලන බලන හැම තැනම තොපේ ගෙට්‍ටුව ගැනය.... ඔය විජ්ජුම්බරයට තොපේ බොලොක්ක පිස්සුවෙන් වගේ කියවන අපිටත් සැට් වීමට ඇහැකිද..?????? හුහ්..තොපි තනියෙං ආතල් අරං වරකො බලන්න කොරපුව ගැන පොස්‍ටු දාගෙන අපේ මෙව්ව එක අවුස්සන්න...... අනික තොපි අපිට එන්න කිව්වත් මේ හද්ද හදිස්සියේ... අපි කොහොමෙයි බොල නිවාඩු දාගෙන මෙහේ ඉඳල ඔහේට පියාඹන්නෙ... තොපි හිතුවද අපි වැඩ කොරන්නෙ අපේ ආච්ච්ල ගාව කියල ඉල්ලපු ගමං නිමාඩු දෙන්න.. නෑ බොල ගල් අරාබියෝ ගාව.. ඒනිසා මින්පස්සෙ මේවගේ දෙයක් සංවිදානෙ කොරන කොට මතක තියාගං තොපේ මේ හඩු බොලොක්ක පිස්සුවෙං වගේ බලන උන් ලංකවෙ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම ඉන්න බව.... තොපි තනියෙං ආතල් ගන්නයි අපි ඇටදෙක එල්ලං හූල්ලන්නයි.... මේ ජුන්ඩ එකා තමයි මේවට මුල... අර අභීත තද මොකාද කියන ගල් භූතය අනික් එකා... කට පුක පියං ඉන්න බැරුව දැම්ම රෙද්දෙ අනා වැකියක්.... අඩෝ භූත අභීත ආයිත් වැකි අනා කියන්න ආවොත් තොට දෙන්නෙ වක පුනා...... හ්ම්...... හරි හරි තොපි ගනිල්ලකො ආතල් තනියෙං කොකාට වාරයක් නං ගෙම්බටත් වාරයක් එනවනෙ කොකා කකුල් දෙකෙන්ම ඉන්න එදාට දෙන්නංකො තොපිට දොඹෙන්.....

    මීට,
    නහුතෙට මල පැන
    නැවත පැන පැන සිටින
    X-Porter

    ReplyDelete
  103. හික් හික් දුක තමා බන් හේනං සයිබර් සැණකෙලියටවත් අප්‍රේල් මැද වගේ නිවාඩු දාන්න බලාගෙන හිටුකො ඔන්න කලින්ම කිව්වා දැන්ම ගිහින් අරාබිකාරයට කියපන් අප්‍රේල් නිවාඩු ඕනෙ කියලා දිනේ හරියටම කියන්නංකො 7වෙනිදයින් පස්සේ... අරාබිකොරේ එකෙක්ටනං පැනගන්න වාසනාවක් ලැබිලා කියලත් ආරංචියි 7ට කලිං. හේනං ජය වේවා සයිබර් සැණකෙලියටවත් වරකෝ

    ReplyDelete
  104. වැඩේ එළකිරිය. මගේ හොට්ම හොට් සුබපැතුම්ය. දැනට වෙන වැඩක් එදාට වැටි ඇත. වැඩේ කැන්සල් කරගැනීමට උපරිම උත්සාහ දරමි.

    ReplyDelete
  105. @ වල් පෝටර් :- අරාබියාට කියපං මේ මම කිවුව කියල... දුන්නෙ නැතිනම් මට කියාපං... :P

    සොරි මෙයා....


    @ ගඩෝල් පූෂා :- කොහෙද ඉතිං දැන් අවාරෙට දෙල් වැටෙන්න වගේනෙ එන්නෙ... ඉතිං කොහොමෙයි කියන්නෙ...

    රට පිට ඉදගෙනත් කස්ටිය එනවා.... ඔන අල්ලල දාපං බං පූෂ් අයියෙ,,,

    ReplyDelete
  106. @කිඩෝ: තැංකූ මචෝ ඔත්තුවට හෙටම දෙනව වැකේසොං ඉල්ලල ලියුමක්. ඊරිසියයි බං... අම්මපා.......අර පොඩි මෑන් කියන ජුන්ඩ කොලුව අපිව අවුස්සනවනෙ..

    @ පොඩ්ඩා: හොව් හොව් මං කියන්නං එතකොට ගල් අරාබියා දෙයි මට උස්සල උඹේ... මං කියන්නෙනෑ... ‍තෝ තමයි මේ ඔක්කොටොම මුල .... අපිව අවුස්සල මෙතන.....

    "උඹලට ජය මචං... ගනිං ආතල් එකක් කං ඈත්වෙන්න... අපි සෙට්වෙමු සැනොකෙලියදි.... දුක තමයි සුමන ලමය හම්බුවෙනකං කිව්වලු......" පට්ටම ඊරිසියයි අම්මප මචෝ

    X-Porter

    ReplyDelete
  107. එලම ආතල් එකක් හැමටම ලැබේවා... අපිට එන්න බැරි උනාට තුන් හිතකවත් අහිතක් නෑ ඕං....

    ReplyDelete
  108. වැඩේ නම් ගොඩේ ගොඩ.

    ලියන බ්ලොග් එකක් නැතුවට, ගොඩක් ඒවා කියවනවා.
    දැක්කම ආස හිතෙනවා අප්පා,මක්කෙයි කොරන්නේ එන්න බැරිකමට.
    මෙතන බොසාලටත් 7 වෙනිදට සවාරිනේ.
    උඩරට එකට එන්න නම් දැන්ම නිවාඩු අරන් තියන්නේ.

    ‍හැමෝම හොදට විනෝද වෙන්න ඕනි හොදේ. නැත්නම් මම තරහයි......

    ReplyDelete
  109. දැක්කෙ පරක්කු වෙලානෙ අෆ්ෆා ...උඹල ඉතින් ෆන් එකේ ගොහින් ආවැය..?

    ReplyDelete
  110. Technological/ cultural gap seems nullified and web is getting more userfriendly for Lankans

    ReplyDelete
  111. I love your blog.. very nice colors & theme. Did you design this website yourself or did you hire someone to do it for you?

    Plz answer back as I'm looking to create my own blog and would like to know where u got this from. thank you
    Also visit my web-site college football news

    ReplyDelete
  112. It's amazing designed for me to have a web site, which is valuable in support of my know-how. thanks admin
    Take a look at my page ; english premier league transfer news january 2013

    ReplyDelete