2012-02-26

පාසල් පෙම්වතා තම පෙම්වතියට තෑගි දීමට මිතුරන් සමග කුක්කු හැට්ටයක් තේරූ හැටි ( බිග් මැච් ආතල් කතා 2 )



 උදාවෙලා තියෙන බිග්-මැච් සීසන් එක නිසා මේ දවස්වල බිග් මැච් ආතල් කතා ටිකක කියන්න හිතල මුලින්ම දැම්මෙ ගාල්ලට උඩින් අහසෙදි අපේ පුකවල් ලෙලි ගිහිහිපු හැටියි... කියවපු නැති කට්ටිය මෙතනින් ගිහින් කියවතෑකි...

ඔය පිස්ස.. ඒ වගේම රත්ගමය යන ස්කෝලෙ එක්ක තමයි අපේ ස්කෝලෙතාඋවෘදු 106 තිස්සෙ බිග් මැච් කෙරුවාව කරන්නෙ...  ආදරවන්තයන්ගෙ හටන කියල විරුදාවලිය ලබාගෙන ඉන්නෙ මේ බිග්- මැච් එක ගහන ස්කෝලෙ දෙකේ සෑහෙන පිරිසක් බ්ලොග් අවකාසෙ ඉන්න නිසා ඉස්සරහට ඔය බිග් මැච් ගැන කට්ටිය ලියාවි කියල හිතනවා....

පිස්සගෙ ප්ලාමල්ල, රත්ගමයා... ආවාටය ලියන අසංග,  ඉසවුව  ලියන චාමික  වගේ තවත් කට්ටිය අතින් ඔය ගැන ලියවේවි...

බිග් මැච් ගන කතා  කතා කරණකොට පොඩි කාලෙ ඉදල  අපි සිහින මැවුවෙ පෙරඩ් යන්නයි... මැච් එකේ දවස් දෙක වෙලාවෙත් වාහනේක නැගල කොඩියක් එල්ලගෙන රවුමක් දාන එක වගේ නෙවෙයි පෙරඩ් එක කියන්නෙ මැච් එකට කලින් දිනයක නිලවසයෙන් යන  රථ පෙලපාලියයි...

මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ  පෙරඩ් එකයි... ඉස්සුවෙ  එරන්ද සොයුරගෙ ප්‍රොෆටිල් එකෙන්...  වීඩියෝ එකේ ද්වනියට තියෙන පොටෝ කෑල්ලෙ පොර වගේ ඉන්නෙ ඌ තමයි....




මේකෙ අරමුන තමයි අදාල පාසලේ ක්‍රිකට් කන්ඩායමේ නායකයගෙ ගෙදරට.. ඔබුට සුභ පතන්න යන එක....  බයිසිකල් කාර් වෑන් ජිප් ලොරි ඔය කොයි වාහනෙත් එදාට කොල්ලො කෙල්ලො එල්ලගෙන පෙරඩ් එකේ යන හැටි බලාගන්න පුලුවන්...

මැච් එක ගහන ස්කෝල දෙකේම ඉදියෙ කොල්ලො වොතරක් උනාට අනිවාර්යෙන් පෙරඩ් එකේ ලස්සන ලස්සන කෙල්ලො ටිකක්නම් අනිවාර්යෙන්ම යනවා....  

..  වෙනසකට තියෙන්නෙ මේ ගෑනු ළමයි ටික කොල්ලෙක් මොනවත් කිවුවට කොහෙන්වත් ඇල්ලුවට.. මිරිකුවට... උම්ම එකක දුන්නට...  මොනවත් නොකියන්න තරම් විනීත වුවිනීත ගෑනු ළමයි වෙච්ච එකයි......  උනුත් හරි කැමතියි වැඩේට...

මේ ඉන්නෙ ගිය සැරෙ පෙරඩ් එකේ ගියපු ගෑනු ළමයි ටික දෙනෙක්...














මේන්න නේ  පෙරඩ් එක නිසා ඊට කලින්  වෙච්ච ආතල් කතාවක් තමයි මේ...

ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ ඒ කියන්නෙ 2010 වසරෙ ඔයවගේ ගෑනු ළමයකෙ වෙන්න එකතරා පුද්ගලයෙකුත් ලක ලෑස්ති උනේ දවස් දෙකකට විතර කලින් ඉදන්... තම නැගනියගේ නෙට් බෝල් ගහන්න අදින  සායක්  සහ  කබඩ් එකේ මුල්ලක තිබුන හැට්ට කෑල්ලක් වැඩේ සදහා සොයා ගත්තාල ... ගෑණු ළමයෙක් උනාම දුටුවන් මන බඳින රූ සපුවක ප්‍රධාන අංගයක් උස් වූ ලැම පෙදෙස...  පෙරඩ් එකේ වැඩි හරියක් කොල්ලො ආකරෂනය කරගන්න පුලුවන් ඒ වගේ ලැම පෙදසක හිමිකාරියකට....අනිත් දේ තමයි වැඩිහරියක් එවුන්ට කියල මිරිකවාගන්න පුලුවන්.... සහෝදර බාලිකාවන් පාරෙ යනකොට පොඩ්ඩක හොලවල පෙන්නන්න පුලුවන්.....

උස් වූ ලැම පෙදසක් තනාගැනීම  සදහා ඉතිං අනිවාර්යෙන්ම ඕනෙ දෙයක් තමයි කුක්කු හැට්ටෙ.... බ්‍රෙෂියර්.. බ්‍රා.. තන පට වගේ විවිද නම් භාවිතා කරත් කොල්ලොන්ගෙ වචනෙ උනේ " කුක්කු හැට්ටෙ " කියන එකයි.... කොල්ලො යට අදින ටී වෙස්ට් එකක රෝල් කරලා මැදින් කට්ටක් ගහල ගන්නවට වඩා ඔරිජිනල් කුක්කු හැට්ටෙකින් තියෙන ආතල් එක වැඩි නිසා පෙරඩ් එකේ යන ගෑණු ළමයි කුක්කු හැට්ට හොයාගන්න පෙරඩ් එකට කලින් ඉදලම හෙන ගේමක් දෙනවා... කුක්කු හැට්ටෙ ඇතුලට පොල්කටි දෙකක්.. පරන රෙදි කෑලි ටිකක දානවට වඩා ෆුල්ම නැචුරල් ලුක් එක එන්නෙ බැලුම් බෝල දෙකකට වතුර පුරවල දැම්මාමයි....

ඒ නිසා  පෙරඩ් ලංවෙන කාලෙ වෙනකොට පාසල අවට අහල පහල ගෙවල් වල, වැල් දිහා ඇහැ ගහගෙන ඉන්න එක ඔය ගෑණු ළමයි වෙන්න හදන කාගෙත් එක ක්‍රියාවක්...

  පාසලට යාබඳ.. පාසලේම ගුරුතුමියකගෙ ගෙදර රෙදි වැලේ ඔය වගේ දර්ශන කලින් දිනවල සුළබ උනත්.. පෙරඩ්  දින ලංවෙනකොට ඒවගේ දෙයක් හොයාගන්න බැරි උනේ ගිරුතුමී ගිය අවුරුදු වල උගත් පාඩම් නිසා ගත් ක්‍රියාමාර්ගයක් කියල ඉහත කී පුද්ගලයා ඇතුලු පිරිස නිගමන්ය කරාලු...

ඊට පස්සෙ තිබුනෙ එක ක්‍රියා මාර්ගයයි... ඒ සල්ලි දීල අලුතෙන්ම කුක්කු හැට්ටයක් මිලදී ගැනීමයි...

ඉතිං අදාල පුද්ගලයා තවත් පුද්ගලයන් තුන් හතර දෙනෙක් එක්ක කාන්තා ඇඳූම් විකුනණ වෙලඳ සැලකට ඇතුලු වෙලා වටපිට බලන  වෙලාවෙ එහි සිටි සුකුමාල වෙළද සේවිකාවක් කෙල්ලොන්ගෙ ඇඳුම් සාප්පුවකට ඇවිත් හතර වටේ කට ඇරගෙන බලන සෙට් එක දිහාවට ආවලු...

ඊට පස්සෙ ඇතිවෙච්ච දෙබස මෙහෙමයි...

"මොනවද සර් බැලුවෙ...."

වෙලද සේවිකාව  සුමුදු සුදු මුදු දසන් පෙන්නා විමසා ඉදියාලු.... එක සැරේ කටක් ඇරල ඉල්ලන්න පුලුව දෙයක් නොවන නිසා  අදාල පිරිස මුලින් මද සිනා පෑවාලු...

" ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ගිෆ්ට් එකක්ද... ??

අදාල පිරිසෙන් එකෙක්ගෙ කට ඉස්සර උනේ ඔය වෙලාවෙලු...

"ආ... ඔවු ඔවු... මෙයාගෙ
ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ගිෆ්ට් එකක් ගන්න තමයි අපි ආවෙ.... ..."


"මොනවද සර් බැලුවෙ...  ටොප් එකක්... ජින්ස් එකක්... ??

ඉහත සදහන් කල එක්තරා පුද්ගලයාගෙ ලගට ලංවුන සේවිකාව නැවතත් සුමුදු සුදු මුදු දසන් දක්වා විමසා සිටියාලු.... ලැජ්ජ බිමදිගේ යවා හෝ පැමිණී කාර්ය ඉටුකරගැනීමට අවශ්‍ය නිසා ඔහුත් සමග පැමිණි නොසන්ඩාල යහළුවන් පිරිසගේ මහ සිනා මැද ඔහු කට ඇරියාලු...

"නෑ  කුක්කු හැට්ටයක්......"

" ආ....."

කිසිදින නොඇසූ ඇඳුමක නමක් නිසා සේවිකාවගේ අපහසුතාවයට පත් උනාලු...

"නෑ නෑ මේ.... මේ... බ්‍රා එකක්..."

අන් අයගෙ සිනහ හඬ හා  "සර්" කියා ඇමතුවත් පාසල් යන වයසෙ හුජ්ජ කොල්ලෙක් පෙම්වතියට දීමට යන තෑග්ග ගැන ඇසූ වෙලද සේවිකාවගෙ මුව මොහොතකට ගොලු උනාලු.....

" අපිට බලන්න පුලුවන්ද...."

වෙලද සේවිකාවගෙ නිහඬතාව බලාගන්න බැරි තැන පෙර සදහන් කල පුද්ගලයා විමසා සිටියාලු...

" මේ පැත්තෙන් එන්න... "

වෙලද සැලේ වෙනත් පැත්තකට පිරිස කැදවාගෙන ගිය සේවිකාව....

" සර් මොකද්ද සයිස් එක... "

" අග්.. ඒක ප්‍රස්නයක් නෑ අක්කෙ.. ලොකුම බ්‍රා එකේ සයිස් එක කීයද...?

වෙලද සේවිකාව නැවතත් ගොලු උනාලු ....

"එක එක ජාතියේ ඒව එක එක සයිස් සර්..."

"වර්ගෙ ප්‍රස්නයක් නෑ පුලුවන් තරන් ලොකු එකක් දෙන්න.... "

වෙලද සේවිකාව නැවතත් ඉතා අපහසුතාවයෙන්  ප්‍රිය පාරිබෝගික හිතවතාගෙන් ලැබුන ඉල්ලීම අනුව විශාලම ප්‍රමානයේ කාන්තා යට ඇදුම් කීපයක් මොහොතකින් පිරිස ඉදිරිපිට මේසය උඩ ගොඩ ගැසුවාලු...

"අඩේ මේක හොදයි බං..."

" මේක හොද නැද්ද... මේක ඇදෙනවත් එක්ක... "

" නෑ  නෑ මේක ගනිං.. මේකෙ කෝප්ප වගේ අයිටම් එකකුත් තියෙනව... එතකොට එලට තියේවි..."

"එතකොට ගල වගේ  බං... එහම උනාම වැඩක් නෑ.. මේක ගනිං  මේකට හොදට පැද්දි පැද්දි තියේවි.... "

" මාත් කියන්නෙ මේක ගනිං... මේක මරු ගාන..."

සති ගානක් තිස්සෙ සපයාගැනීමට උත්සහකොට අවසානයේ මල් පල ගැන්වෙන්න යන උත්සහය ඉදිරියේ වෙලද සේවිකාව අමතකව ගිය  පිරිස  අදාල බාන්ඩය තෝරාගැනීම් කටයුතුවල නිරත උනේ ඔය ආකාරයටලු...  තමන්ගෙ පෙම්වතියට පාසල් වයසේ ආදරණිය පෙම්වතෙක් මිලදී ගැනීමට  යන තෑග්ග සහ... එය සාමූහික අදහස් මත තෝරාගන්නා ආකාරය අසා සිටි පැහැපත් පෙනුමෙන් යුතු සේවිකාව ගනුදෙනුව අවසානයේ සිටියේ ජම්බු ගෙඩියක් වගේ රතුවී බව පිරිසේ එක අයෙකුට මතක තිබිනි...


අදාල ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු පුද්ගලයා.. පුද්ගලියක් උන හැටි පහත චායාරූපයේ දැක්වේ...






මිලදී ගත් විසාල තනපටයේ තරමට විසාල පියයුරු යුවලක් හිමිව තිබුනත් පෙරඩ් එක අවසාන වෙනවිට චායාරූපයට අනුව  පියයුරු කුඩා වූ හැටි ඊලග කොටසින් කියවන්න.......

64 comments:

  1. මිරිකලාම වෙන්න ඇති මගේ හිතේ පොඩි වෙන්න ඇත්තේ... අලේ මම එක........

    ReplyDelete
    Replies
    1. නෑ විකලා... බලපංකො ඊලග එක.. :D

      Delete
  2. ඉකේ රිද්ම......අයියෝ........
    ලැජ්ජාවෙ පණ යනව.......

    ReplyDelete
    Replies
    1. ඇස්දෙක විතරක් වැහුවට වැඩක් නෑ හලෝ...
      ඕන බූරුවෙක්ට තේරෙනව ඔය ඉන්නෙ මොකද කියල..:P

      Delete
    2. බූරුවොන්ටත් තේරෙනවද ? ෂික්...

      Delete
    3. තොගෙ තොල් දෙක දැකපු එකෙක්ට කියන්න පුළුවන් බං
      හික්
      නිපුවගෙ කොමෙන්ට් එක දැක්කෙ පස්සේ

      Delete
  3. Replies
    1. සිරාවට අපරාදෙ තමයි සල්ලි... හැන්දෑවෙ සෙට් උනාට පස්සෙ අරක කොහේද දන්නෙත් නෑ...

      Delete
  4. අදාළ පුද්ගලයා අපි නොදන්නවයි

    ReplyDelete
  5. මල කෙලියයි. අපේ පෙරඩ් එකේ නම් ඔහොම සීන් දාන්නේ නෑ. වාහන පිස්සොනේ. හමර් එකකුයි, ලිමෝ දෙක තුනකුයි. ‍Porshe car එකයි, කැමෑරෝ එකයි ඔය වගේ සීන් තමයි. පෙරඩ් එක අතරේ අපි යනවා කෙල්ලන්ගේ ඉස්කෝල වල තාප්ප පේන්ට් කරලා දීලා එන්න. :D

    ReplyDelete
    Replies
    1. ඒකෙයි මේකෙයි වෙනස.... තාප්ප පේන්ට් කරන්නෙ පෙරඩ් එකට කලින්....

      Delete
  6. අපේ පෙරඩ් එකෙත් ඉතින් වරදින්නේ නැති අයිටම් එකක් තමයි ඕක...බලන් යනකොට කොල්ලෝ ඉස්කෝල ඔක්කොගෙම මේ ගැජට් එක තියෙනවා වගේ නේ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං කොල්ලො කියන්නෙ...

      Delete
  7. 6 පින්තූරේ නම් කෙල්ලෙක් වගේමයි ඒත් මම බැලුවා ඇයි මෙහෙම විෂම දෙකක් තියෙන්නේ කියලා...(මුලින් ලෝඩ් වුනේ ඒක)...

    ඔය අන්තිම පින්තූරේ නම් පොඩි මෑන්ගේ නිවුන් සහෝදරි වගේ හි හි.... අනේ යකෝ....

    ගිලන් රථයක් රෙඩි කරගෙන ඉන්නේ වලිත් යනවද ??? අර සර් කියපු නම මතක් වුනා(ළදරු කුපාඩි)

    ReplyDelete
  8. ඕක මානසික ලෙඩක්.. මැච් එකට ඉස්සෙල්ල හරි පස්සේ හරි ගිහින් හරිශ්චන්ද්‍ර මහත්තයා හම්බ වෙයන්

    ReplyDelete
    Replies
    1. Tharaha ganna kari ne.. Skole kale noganna athal naki wela moko salli walata gannada...

      Delete
    2. පිස්සා.. අල්ලල දාපං බං... එයා කියනවනං එහෙම වෙන්න ඇති :D

      Delete
  9. ඕක මානසික ලෙඩක්.. මැච් එකට ඉස්සෙල්ල හරි පස්සේ හරි ගිහින් හරිශ්චන්ද්‍ර මහත්තයා හම්බ වෙයන්

    ReplyDelete
    Replies
    1. මේසැරේ බිග් මැච් එක ඉවර වෙලා යන්නම්... තෑන්ක්ස් ඇඩ්වයිස් එකට... :D

      Delete
    2. හරිශ්චන්ද්‍ර මහත්තයාත් පෙරඩ් ගියපු පොරක් හරියෙ :D

      Delete
  10. Ara anthima photo eka.... Ane manda huru puruduy wage :D

    Ay ban kapa wechchi samahara kollo kakul deke mailuth gaanawa perad yanna kalin :D

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒ අන්තිම 4ටෝ එකේ බලපං කකුල් දෙකේ තිය බඩේවත් මයිල් තියෙනවද කියල ???

      Delete
  11. First i'm sorry as i dont know how to get sinhala font. But i really really enjoied this & well done!!!!
    And again better word is "Kukkun Thoppi" instead of "Kukku Hatta"

    ReplyDelete
    Replies
    1. ha ha.. doesn't matter.. search "sinhala Unicode" and try it. thank you for the comet hope to see your comment in next posts too... :)

      Delete
  12. හැබෑ කෙල්ලොන්ට වඩා ආතල් මෙහෙම උන් දැක්කම! නාරි ලතා මල් පූදිනවා ! :D

    ReplyDelete
    Replies
    1. එහෙනං මේ 8 වෙනිද ගාල්ලට වරෙන්...

      Delete
  13. චණ්ඩි ගුණේFebruary 26, 2012 at 2:32 PM

    පොඩි මෑන් ඇස් කැපුවට උඹව අඳුරගන්න බැරිකමක් නෑ.

    ReplyDelete
  14. මම හිතුවේ කොළඹින් පොන්නයෝ ගෙන්නලා කියලා.. ගාල්ලෙත් ඉන්නවනේ කස්ටිය..

    ReplyDelete
    Replies
    1. මේ අට වෙනිදට ආවනං පොන්නයින්ගෙ වැඩ කෑල්ල බලාගන්න තිබුනා...

      Delete
  15. හයියෝ අපේ ඉස්කෝලෙට ලැබුනු පලවෙනි බිග් මැච් එකේදි පලවෙනියට මිරිකලා ආරම්බ කලේ අපේ ප්‍රින්සිපල්

    ReplyDelete
    Replies
    1. ප්‍රින්සිපලුත් කුක්කු හැට්ටයක් ඇන්දද ??

      Delete
  16. අර යට පිංතූරෙ ඉන්න එකානං ලොල්ලම තමයි . . . ආයෙ දෙක හමාරක් නෑ

    ReplyDelete
    Replies
    1. උඹ ලොල්ලො හොදට අඳුනනව නේ... ලොල්ලොත් එක්කත ආස්සරේ.. ?

      Delete
    2. ඒකනෙ බං උඹලත් එක්ක එක කදේ වැටිල ඉන්නෙ

      Delete
  17. ඇත්ත කියපන් උබ නේද කඩෙන් කුක්කු හැට්ටේ ඉල්ලුවේ..:D

    ReplyDelete
  18. වටිනා කියන දේවල් හපන්න නොදී පරිස්සන් කරගන්න එපැයි බොල

    ReplyDelete
    Replies
    1. හපන්නෙ නෑ කිවුවා.... මුලින් :D

      Delete
  19. අපි ඔය ඉස්කෝල දෙකට නැතත් , 91 92 කාළෙ ඉඳන් අපිත් හරි ආසාවෙන් ඉන්නවා , මැච් එකටත් වැඩිය පෙරෙඩ් එක බලන්න ...(විශේෂයෙන් ,මොකද ඒ දවස් වල නම් අපේ එක බැචාලනේ යන්නේ ...),

    ReplyDelete
  20. ඉරිසියයි බන් උබලා ගත්ත ආතල් ගන්න බැරි වෙච්චි අපට..

    ReplyDelete
  21. ඕකට කියන්නෙ "කුක්කු තොප්පි" කියල. පුරුශ එකට කියන්නෙ "ලේන් කූඩ" කියල.

    ReplyDelete
  22. :p aiye last pic eke inne oyane?

    ReplyDelete
  23. මුංට මානසික අසහනයක්.. ඩොකෙක් ගාවට පලයව් :P :P

    අඩෝ ගිය පාර නම් සිරාම කෙල්ලො සෙට් එකක් වගේ උන්නෙ :-D :-D
    මෙහෙම ආතල් ගන්න උනෙ නැතිවට බලන් උන්නමත් මාර ආතල් බං :D

    ReplyDelete
  24. ඊ...........

    හෆ්ෆෝ පොඩි මෑන්... මොන එහෙකට ඔය යටම පින්තූරෙ ඉන්න එකාගෙ ඇස් දෙක වැහුවද මංදා...මම දන්න තරමින් ඒකාට ලැජ්ජාවක් නෑ හෆ්ෆා..:Dධික්ස්ස්

    ReplyDelete
  25. හෆ්ෆේ මුං කොරපු හරියක්.. ඊට පස්සෙත් රෙදි ඈදං ක්ලාස් හෙම ගියයි??

    ReplyDelete
  26. හික් හික් අපේ බිග් මැච් එකට ඔය කාන්තා ඇඳුම් සීන් එක තහනං කරා පස්සේ කාලෙක...ට්‍රක් යන එක තමා ආතල්ම වැඩේ....

    ReplyDelete
  27. ශ නියම භාණ්ඩ ටික....

    ReplyDelete
  28. අපිට ඉතිං හවුස් මීට් තමා... කොහෙද බිග් මැච්...

    ReplyDelete
  29. කැම්පස් අවට පස්සේ ගාල්ලේදී ඔහොම උඹලගේ බිග් මැච් පෙරඩ් එකක් බලාගන්න චාන්ස් එකක් ලැබුනා...
    පට්ට..

    ReplyDelete
  30. අඩේ ..... අපේ කට්ටිය........ මේ පාරත් සෙට් වෙමු ඈ... පොඩි අයියා මාත් එනවා යන්න..

    ReplyDelete
  31. මෙච්චර කල් බුකියේදී හෙම දැකල තිබුනට පොඩි මෑන් මගේ ඉස්කෝලේ බව දන්නේ අදනේ.එල එල..

    ReplyDelete
  32. Very nice article. I definitely love this website.
    Keep it up!
    Feel free to surf my site : arsenal transfer news premiership

    ReplyDelete
  33. This piece of writing is in fact a pleasant one it
    helps new web people, who are wishing for blogging.
    My page - transfer news liverpool echo

    ReplyDelete
  34. If some one needs expert view concerning blogging and
    site-building then i recommend him/her to pay a
    quick visit this website, Keep up the good work.
    My website ; man utd transfer news now

    ReplyDelete
  35. Wow, awesome blog layout! How long have you been blogging for?
    you made blogging look easy. The overall look of your site is fantastic, let alone the content!
    My web blog transfer rumours 2013 arsenal

    ReplyDelete
  36. Thanks for any other wonderful article. Where else may just anybody get
    that type of info in such an ideal manner of writing?

    I've a presentation subsequent week, and I'm on the search for such info.
    Feel free to visit my webpage pizza games cake

    ReplyDelete