2012-03-20

මම එය වින්දෙමි.... නැත විදෙවුවෙමි.... ...


මම වලාකුලක්මි....
රාත්‍රී අහසේ සුළගට ගසාගෙන යන වලාකුලක්මි...
දහස් සංඛ්‍යාත තාරකාවෝ දිලි දීලී මා වටේ සිටිනා හැටි බලා සිටීමට අපූරුය...
තරාකා එලිය පරයා නැගී ආ චන්ද්‍රයා  මා අසලම දිලෙන්නට විය... 
මා දෑත් විහිදා එය මා තුලට ගමි...
මා තුලට වන් චන්ද්‍රයාගේ සෞම්‍ය එලියෙන් රාත්‍රී අහසේ දිලෙන තාරකාවන් පරයා නැගෙන මනස්කාන්ත දර්ෂනයක් මවන්නෙමි....
ඉමක කොනක නොපෙනෙන රාත්‍රී අහසේ ඔහේ පාවී යන්නෙමි... මේ දැනෙන සැහැල්ලුව නිදහස කියා නිම කිරීමට බැරි තරම්ය...

රාත්‍රිය නිමාවෙමින් සඳ බැස යන්නට  විය...   නැග හා හිරුගේ තේජස් රිවි කිරණින්  සැහැල්ලුවේ ආ මම තරවී ඇදහැලීමට ආසන්න වැහු වලාකුලක් වූවෙමි.... තවත් නොබෝ වේලාවකින් මේඝ ගර්ජනා මැද ඇද හැලෙන්නට වන බව දුටිමි...

දැන් මම වැස්සක් වීමි....

හිරුගේ රැසින් වියලී ගිය පොලෝ තලය තෙමා සුවපත් කරමින්  ඉඩෝරය නිමාකර ඇද හැලෙන වැස්ස වීම ගැන මම සතුටුවීමි....

වියලී ඉරිතැලී ගිය පොලව මගේ පැමිනීම ගැන සතුටු විය... ආදරයෙන් පිලිරැගෙන මම ඔහුගේ තුලට ගතිමි...  කාස්ටක පොලවට ඇදහැලී මඩපාඩ වී ගිය මම ඔහුගේ තුලදී නැවතත් පිරිසිදුවී පුංචි දිය බුබුලකින් යලිත් මතුපිටට පැමිනියෙමි....

මම දැන් ගලා යන දිය පහරක් වීමි....

හිරුගේ රැසින් පොලෝ තලය විඩා නොකරන මහා වන මැදින් ගලා බහිනා පුංචි දියාපරක් වීමි...
ගස් වැල් මුල් අස්සෙන් ගලා බසිමින් පෝෂනය ලබා  මම ටික ටික හැදී වැඩෙන්නෙමි... ඇලක්.. දොලක් වී.. කෙත්වතු සරුකරන නිල්වන් දියදහරක්ව තවත් වර්ධනය වෙමින් මා ගලන්නෙමි....

මම දැන් ගඟක් වීමි...

පුංචි දොලපාරක්ව ගැලූ සංදියේ මෙන් නොව බොහෝ දෑ  මගේ දිය තුල සගවා.. තවත් බොහෝ දෑ ඒ දියෙන්ම විනාශ කර දමමින් ගලා යන්නෙමි.. විටක තැනිතලා ඔස්සේ අලසකමින් යුතුවද තවත් තැනක ගල්පර මතින් චන්ඬවද කිසිවෙකුට නොනැවතිය හැකි ලෙස  දඟකාරව ගලා යන්නෙමි...  එ පෙරලිකාර ගමනේ උච්චතම අවස්ථාවක මට දිය ඇල්ල නැමති ඇය හමුවීමි....

වලාකුලක් සේ අහසේ පාව ඇවිත්  වැස්සකව මහපොලවට වැටී දියබුබුලක්ව නැවත් ඉපදී ගමන අරබා විටක නැවතෙමින්... විටක සැඩවෙමින් සැම විටම වැඩෙමින් ආ මගේ ගමන්  එය  උච්චතම අවස්ථාව වීමි...

දුටු දුටුවන් මවිතයටත්  අමන්දානන්දයටත්  පත්කරමින්.. සුදු පෙනකැටි විහිදුවමින්  සතුටෙන් පිම්බෙමින් ගඟක් වූ මට මගඳි හමු වූ ඇය නැමති දිය ඇල්ල සමග  කලින් දරා සිටි දගකාර  බව.. නිහඩ බව අවසන කොට වේගයෙන් ඇදහැලෙන්නෙමි...  එය මගේ ගමන්  අලංකාරවත්ම.. ප්‍රීතිමත්ම අවස්තාව බව දනිමි....

ඒත් දිය ඇල්ල සේ ඇද හැලී එහි කෙලවර දුටිමි.... ඒ මනස්කාන්ත බව සැහැල්ලු බව ක්‍රමයෙන් නිමාවී පෙරටත් වඩා ගැඹුරුව.. එහෙත් නිහඩව ගලා යමි...  බොහෝ දෙනා මෙන් මමත් පෙර දුටුවේ සුදු පෙනකැටි විහිදුවා අදහැලෙනවා  පමනක් උවත්... දිය ඇල්ල යනු ගඟක එක නිමේෂයක් පමණක් බව දැන් මා දනිමි...

යලිත් නිහඬව මෙන්ම  ගැඹුරුව බවද දාරාගෙන  ගලා යමි.... ඔරු පාරු මා මත එහේ මෙහේ යන හැටි බලා හිදිමි.. එවින් දැන් මා සතුට ලබමි... නිහඩව
 ඔවුන් උඩුගං බලා යෑමට වෙරදරන හැටි බලා සිටිමි...එය නිහඩවම විද ගමි...

දැන් ගඟෙහි අවසානය බව දනිමි.. කලපුවෙන් ගලා ආ කරදියේ  ලුණුරස ටික ටික දැනෙන්නෙමි...

දැන් මම මහා මුහුද වන්නනෙමි...
වලාකුලක්ව පාවී... වැස්සක්ව ඇදවැටී... ගඟක්ව ගලා විත් ...අවසානයේ ,පොදු ධර්මතාවය වූ මහමුදේ කරදිය වීමි...

බොහෝ දෑ සගවාගෙන  බොහෝ බර දරාගෙන නිසසලව හිදිමි...  පෙර මාසේම ගලා ආ බොහෝ ගංඟා මාසමග සමුදුරේ එකතු වෙන හැයි බලා හිදිමි...

දැන් දැන් අහසේ පාවී යන වලාකුළු යලිත් දකිමි... මේ ගැඹුරු බව .. සංකීරණ බව  නොමැතිව සුළගට පාව යන ඒ වලාකුලු දිහා බලා සිනා සලමි...  විටක එයට ඉරිසියා කරමි... සිතින් වලාකුලක් වන්නට තැත් කරමි...

එක වරම ඒ මා දරාසිටි ගැඹුරු බව නොදැනී  සැහැල්ලුවක් විදිමි... ඇස් නිලංකාරවන දීප්තිමත් හිරු එලිය පමනක් දකිමි...


දැන් මම යලිත්  හිරුගේ තෙදින් කරදියෙන් වාෂ්ප වී මිදුණු පුංචි දිය බිඳුවක් වන්නෙමි....

අගක මුලක් නැති ඉමක් කොනක් නැති අහසේ අරමුණකින් තොරව මම පාව යනෙමි...

ඉතිං කියමි...
ඒ මා වින්දේ ජීවිතය බව දැන් දනිමි...  දැන් එයින් මිදී නැවත්ත වලාකුලක්  වනතෙක් මෙසේ පාවෙන බව දනිමි...  වලාකුලක් වී පාවී සදේ තුරුලේ සැනසී හිරුගේ තෙදින් වැස්සක්ව යලි මම මහපොලවටම වැටෙනවා ඇත...  එයින් යලි දිය බිබුලක්ව ඉපදී දොලක් සේ වැඩේ ගගක් සේ ගලා දිය ඇලිද පසුකරමින් යලිත් මහ මුදුදටම පැමිනෙන බව දනිමි...

එහි නිමක කොනක් නොමැති බව දැන් සිතමි...

යලිත් වලා කුලක් වීමට ප්‍රථමයෙන් මෙම චක්‍රයේ අවාසානයක් සොයමි....


 ඈත සිතිජයේ බලාපොරොත්තුවේ දේ දුනක සේයාවක් දුටුවත් ....

එයට පමා වැඩි බව පමනක් දනිමි.......

                                                 ෴෴෴

අද දාපු අනිත් පෝස්ට් එක...

දේ දුන්න දුර වැඩියි හිතුනා....


21 comments:

  1. මමත් එය විඳවන්නෙමි...

    ReplyDelete
  2. පද වැල නම් අනර්ගයි ..කියවා අවසන් වන විට මුලු ජල චක්‍රයම සුන්දර වර්ණනාවකට ලක් කර තිබුණා ...හරිම නිර්මාණාත්මක සටහනක් ..සාම්ප්‍රදායික ඔබේ ලිපි ආකෘතියෙන් පිට , වෙනස් රසයක් දෙන සොඳුරු සටහනක් ...

    ReplyDelete
  3. වින්දාද විදෙව්වාද
    මට තේරුමක් නෑ ඒ ගැන

    ReplyDelete
  4. මොකක්ද බං මේ බ්ලොග් ලෝකේ ඉන්න එවුන්ට වෙලා තියෙන්නේ හරි අමුතුයි..

    ReplyDelete
  5. මං කියව්වෙ නැ මේක.. විකාරයි..!

    ReplyDelete
  6. ඔයාට මොකද වෙලා තියෙන්නෙ මගේ රිද්ම කසුන්?

    ReplyDelete
  7. //කලපුවෙන් ගලා ආ කරදියේ ලුණුරස ටික ටික දැනෙන්නෙමි...//පොඩි වරදක් අහු වුනා.හදලා දාන්න ඒක...

    වතුරට එයාගෙ චක්‍රය අවසන් කරන්න නම් ප්‍රතික්‍රියා කරන්න වෙයි නේද? අපිටනම් ඉතිං නිවන් යන්න වේවි.නියමයි සංසාර චක්‍රය නියමෙට පෙන්නලා...:)))

    මේ ඒක නෙවෙයි කෝ මගදිගට??? තාම මගදිගේද??

    ReplyDelete
  8. ජලචක්‍රය රොමෑන්ටික් කරලා.....සංසාර චක්‍රයට ආදේශ කරලා ...ලස්සනයි මචං

    ඔන්න ඔයවිදියට විවිධත්වයක් ඇතුව ලියපන්, නැත්නම් උඹ එකම රාමුවකට කොටුවෙනවා....

    ReplyDelete
  9. මලක්‌ වත් ඇද්දද ?

    ReplyDelete
  10. AnonymousMar 15, 2012 10:21 PM
    මොනවද බන් මේ පෝස්ට් කක්ක කතා ගූකතා චූකතා පුකවල් ගැන කතා, තොට ලියන්න දෙයක් නැත්නම් නොලිය හිටපන්, දෙකයි පනහෙ ගොන් ජෝක් නොදා.
    { http://mamaiarui.blogspot.com/2012/03/blog-post_16.html#comment-form }

    to Podi Man - Good reply for the above comment ..patta matchn ... I appreciate you

    ReplyDelete
  11. CHuu post eke ara anoge comment eka Podi Mange bokkatama wadila wage. Umbath porak kiyala pennanna haduwata watena welawal thiyanawa neda poddo.

    Me eka newe mama nam umbe blog ekata enne 18+ balanna vitharamai. Sahena kalekin ekak damme nane ban.

    Umba oya eke eka ha paruwange comments walata salen nathiwa honda 18+ ekak dapan honda podi eka wage. Onawata wada wadagath post danna epa ban. Umbe quality bahinawa.

    ReplyDelete
  12. එකම ආරකට කොටු නොවී...මෙන්න මෙහෙමත් ලියහන් පොඩි මල්ලියෙ..ඉස්සෙල්ලා ඒවට කමෙන්ට් කලේ නැතුවට මම සේරම කියෙව්වා.. ජය !

    ReplyDelete
  13. මම නම් වින්දා.. සුපිරි ලිවිල්ල !

    ReplyDelete
  14. මේ ඉට්ටයිල් එකත් නරක නෑ...!!!

    ReplyDelete
  15. පිස්සු බක්කි කරත්ත වගේ මට

    ReplyDelete
  16. පාගල් වෙනව...
    අපිත් මුහුදට ගියාම ආයෙ මුලට එන්න ඇත්නම් කොච්චර හොඳද...

    ReplyDelete
  17. Good write-up. I certainly love this site. Thanks!
    Feel free to surf my web site :: transfer news arsenal 2010

    ReplyDelete
  18. If you are going for most excellent contents like I do, simply pay a quick visit this
    website everyday since it provides feature contents, thanks
    Look at my web site latest epl transfer news premier league

    ReplyDelete
  19. I got this site from my friend who informed me concerning this
    web page and now this time I am visiting this website and reading very
    informative articles or reviews at this time.
    Also see my web site > arsenal latest transfer rumours

    ReplyDelete