2016-01-06

සල්ලිද .. මිනිස්සුද බ්‍රෝ .. ??




බ්‍රෝ ... 


මේ දවස්වල බුකියෙන් ප්‍රසිද්ධ වෙච්ච ආමන්ත්‍රණයක් ..
ඉස්සර උණවටුනෙත්  හිටිය  බ්‍රදර්  කියල එකෙක් ... 
කාගෙත් හිතවතා ... කොයි කවුරුත් කතා කරේ ඌට බ්‍රදර් කියල .. 
හැබැයි ... 
කාගෙ කවුද .. ඉන්නෙ කොහොමද ... වයස කීයද ... කරන්නෙ  මොනවද .. රස්සාවක් ..  බැඳලද ඌව දන්න කිසිම එකෙක් දන්නෙ නෑ ... 
අඩුම තරමෙ නමවත් ... 
බ්‍රදර්  විතරයි ... 

කාලයක් කොන්ඩෙ වවාගෙන, බැඳගෙන  ආරුගම්බෙ  හරි වේවුස් හරි  ස්ලීපස් දෙකක් දාගෙන .. 
 බොහෝ වෙලාවට,ටී එක කරේ දාන්ගෙන ;රිදී. සුදු යකඩ මාල දාගෙන පාට පාට සඟක් දාගෙන .. චිලි කැෆේ , වයිබ්‍රේශන් ,හැපි බනාන පැත්තෙ රවුමක් දාගෙන ඔහේ ඇවිද ඉන්නවා ...  
කොල්ලො එක්ක .. 

කාලයක්... 
කන් කඩාවැටෙන්න ගහල .. මඩ තැවරිල කිලුටු වෙලා, 
කොන්ඩේ ඩාගෙන ,පිස්සෙක් වගේ ;
ටයිර් කඩේ , රොටී කඩෙ ,වැල්ලෙ , නුගේ , කඩොලානෙ , අතුපැලේ .. 
අංකල්ල සෙට් එකක් එක්ක ... 

කාලයක් ..
රේස් බයි එකේ , බුකියෙ ,ඩාලින්  එකේ , ගෝල් ඉන් එකේ ...  
එක  නාකි බූඩලත් එක්ක ... 

කාලයක් 
සැන්මිරා එකේ .. යූ බී ආර් එකේ  එක එක ටයි කෝට් දාපු පොරවල් එක්ක ... 

කාලයක් 
බීච් සෝටක් ගහන් , කට්ට කලු වෙලා  බෝඩ් එකක් අරන් .. යුක්‍රේන් , ජර්මන් ,රශිය 19 යෙ 20 සුද්දියෙක් එක්ක ... 

කාලයක් 
ඇලියොන් , ප්‍රියස්  වල  ඇඩිඩාස් ස්නිකර්ස් ගහල  කොන්ඩෙ කපල කනට කරාබුවක් දාල අයි ෆෝන් එකක් එක්ක  විස්කි කෑලක් එක්ක ... 

එක එක වෙලාවට කොහෙන් හරි  පොරව  සෙට් වෙනව ... 

සමහර එලාවට බෑම කිවුවත් ... බලෙන් ඇදන් ගිහින්  රෙඩ් ලේබල් එකක් කඩලා මැල්බරෝ පැකට් එකක් මේසෙ උඩට විසි කරනවා ... 
එහෙම නැතිනම්  .. වරෙන් වරෙන් කියල  ඉනේ ගහගනිපු ගල් බාගයක් දික් කරලා  පරිප්පු ඇට පැකට් එකකින් ඇට දෙක තුනක් අල්ලට හලනවා ... කනේ ගහගෙන ඉදපු කැප්ටන් එකක් පත්තු කරනව ... 

තවත් සමහර වෙලාවට ..  
" බ්‍රදර් .. දුංකොල ටිකක් පුච්චන්න විදියක් නැද්ද ...  . ?"
කියල ලගට ලං වෙල ශේප් එකේ කියන වෙලාවලුත් තියෙනවා ... 

ඉදල හිටල, සති ගානකට ආයෙ ඇහැට දකින්න නැති  උනත් .. පැයෙන් දෙන්න රු 100 ත් ඉල්ල  ගන්නවා ...  
අඩුත් නෑ වැඩිත් නෑ 100 යි .. 

ඒ උනාට නිතරම පාරක දැක්කොත් ,

ස්කූටි .. බාජ ... හොනට් .. සීබී .. ඇල්ටො .. පැන්ඩ  වගේ කාර්වලිනුත්  ගමන්  බිමන්  යනවා ... 

" බ්‍රදර් .. උබ එක එක දවසට  එක එක වාහනේ නේ ...   ඊයෙ ආවෙ හොනට් එකෙන් .. අද ඇල්ටො එකෙන් ... ..  පෙරේද සිගර්ට් එකක් බොන්න විදියක් නැතුව දැගලුවා ... 

" අනේ බං මගෙ නෙවෙයි ... යාලුවෙක්ගෙ ...  "
 " එතකොට ගිය සතියෙ ඇලියොන් එකේ ආව කෑලක් එක්ක ...  "

 " ඒ කාර් එක ඒ කෙල්ලගෙ බ්‍රදර් ...   කෙල්ල තමා යාලුවගෙ ...  "

අපි ඔක්කොම හිනා උනා ... 

ඌ ඉන්න තැනක කොහොමත් හරි ප්‍රිය මනාපයි .. විහිළු තහලු ... රස කතා ගොඩයි ... 
කොහේ අරි තැනකට එක පාරට බ්‍රදර් එනව කියන්නෙ එතන සිට පිට වෙලා යනකං වෙදිකාව  උගේ ... 
කිසිම තැනක පැය දෙක තුනකට වඩ ඌව දකින්න බෑ ... 

එහෙම තැන් වලදි ඌ කියන්න පුරුදු වෙලා ඉඳපු දෙයක් තිබුනා ... 

" මම සල්ලි හම්බ කරේ නෑ .. මම හම්බ කරේ  මිනිස්සු ...  "

කාලෙකට පස්සෙ අද අහම්බෙන්  හයි වේ එක ලගදි මගේ ලග බරාස් ගාල නතරකරා 
ප්‍රාඩෝ තඩියක් ... 

ක්‍රීස් ... 
වීදුරු පහත් උනා ... 

 අම්මට හුඩු ... බ්‍රදර් කාරයා ... 

" ඉතිං බ්‍රදර්  කොහොමද ... කාලෙකින් දැක්කෙත් ...  "
ඌ මගෙන්  බොහොම සිරා විදියට හිනා වෙලා ඇහුවා ... 
" අඩෝ ඒකනෙ ... දැන් දැන්  මොන්ටෙරෝ උබට දන්නත් යාලුවො ඉන්නව නෙ ...  "

" නෑ  බ්‍රදර්  මේක  මගේ ....  "

මට ඇඩ්‍රස් නැති උනා ... 
කොච්චර උනත් ඌට කිවුව වචනෙ හරි නැති නිසා .. ඒක කැපිල යන්න මගේ හිදිසි සංතෝසය පල කරා ..
" අඩෝ එලනෙ ... එහෙනං උබ  ගොඩ ගිහින් ආ ...  "

" ඔවු කෝස්  බ්‍රදර් .... අර මම ඉස්සර කියනවනෙ මම සල්ලි නෙවෙයි හම්බ කරේ මිනිස්සු කියලා ... "

 "ඔවු ඔවු ..  ඒක තමයි බං වෙන්න ඕනෙ ...  සල්ලි බල්ලොවත් කනවද ...  ?මිනිස්සු තමයි හම්බකරන්න ඕනෙ ..  "

" අනේ උබේ ... පුක ......  "
සල්ලි වලින් ඕනෙ දෙයක් කරන්න පුලුවන්...  ඒව ඔක්කොම එක වගේ ..
මිනිස්සු එක්කත් ඕනෙ දෙයක් කරන්න පුලුවන් .. හැබැයි එක එක වගේ ..

සල්ලි වෙනස් වෙන්නෙ නෑ ... 
මිනිස්සු වෙනස් වෙනවා ... 

 ඉතිං බ්‍රදර් මිනිස්සු හම්බ කරා කියන්නෙ ..  ඒව චංචල දේපල 
ඉතිං 

- ඒ හම්බෙච්ච මිනිස්සු ඔක්කොම මම සල්ලි වලට විකුන්න ... _ 


2016-01-02

පොඩි මෑන් ප්‍රසැන්ට් - අති විශේෂ ( DCSL) ජනෙල් සුප්


සිංහල බ්ලොග් අවකාසයේ  සූප සාත්‍රය පටන ගත්තේ .. මං දන්නා තරමින්  " මාරයාගේ  හෝරාවය "

දේස දීපාංකරේ සිංහල කෑම ඒලක උක විදින උන් පමනක් නොව  අපේ ඛේට දාතුවද ස්මයිල් අන කෑම ජාති  එක එක එවුවා හදාගෙන පොර මේකේ ඇලෙවුවාය ...

පස්සෙ පස්සෙ ඔය ලෙඩේ  බොගෙත් .. බුකියෙත් සීග්‍රයෙන් පැතිර ගියෝය ...

බුකියෙත් , ටීවී එකෙත්  කෑම ජාති මොන යකා මොන ලෝකේ හදපුවාදැයි මටනං තේරෙන්නෙ නැත ...

ටීවී එකේ ද අර සරණිය මේ පවනියා කියා එකසිය ගානට කුකරි ප්‍රෝග්‍රෑම් යනවාය. 

අපේ ගෙදර උන්දලාත් පොත් පෑන් පැන්සල් තියාගෙන...ලියාගෙන ... ඕවා බලනවාය 
ඒත් හදපු මළ බතක් මතක නැත ...

ඕන්න ටික කාලෙකට ඉහතදීනං , සුදු උස තොප්පියක් දැමූ මිස්ටර් ඕපාත අංකල් කියාලා දුන්න විදියට එලෝලු රොටි හැදුවා මතකය ...

හැඩේ පොඩ්ඩක් ලෙඩේ වී තිබුනත් රසනං එකසියගානට මරුවට තිබුනාය . ඒත් ඉතිං එලෝලු රොටි හදන්නට ගලදාරී හෙඩ් චෙෆ් උවමනා නැත . හංදියේ බේබි අයියාගෙ කඩේ ආප්ප මල්ලිගෙන් ඇහුවානං .. 

එලෝලු රොටි විතරක් නොව බිත්තර රොටි , මස් රොටි , මාලු රොටි , ගෝදම්බ රොටිය දකවා පට් ගාලා කියා දෙනවාය ...

රොටියේ අවුට් ලේයර් එකේ ගෝල්ඩන් කලර් එක ප්‍රොටෙක්ට් කර ගැනීමට , නන් ෆැට් බටර් පින්සලෙන් ගා සොෆ්ට් ටිෂූ එකක ඔතා මයික්‍රොවේවු එකේ පැරන් හයිට් 130 තර්ටි මිනිස්ට් බේක් කර ගැනීමට කරදර නොවී ආප්ප මල්ලී ... , ඇලුමිනියම් මේසයේ අතුරා , නවා පිටි පොඩ්ඩක් දියිකරගා අලවා සිස් ගාල තැටියට විසිකොට ඇගිලි දෙක පුකේ පිහිදාගන්න ලේසි ක්‍රමය කියා දෙනවා ඇත ....

මුන්ට ඕවා නොතේරෙන්නේ මන්දැයි මට තේරෙන්නෙ නැත ...

තවත් බොහෝ කලකට ඉහතදී දවසක් .... 
මාලුවෙකු ගෙන්වා .. උගේ බඩ පලා .. අරමා මේවා ඔබා ... 
ඉසුරු නොබ් දෙකක් ගසා .. වෙලේ පාස් ඔයිල් ගල්වා පැය බාගයක් පමන පොඩි පත්තකින් තට්ටු කරමින් මාලුවාට දෙනු ලබන මසාජ් එක මොකද්දැයි ඇහැ දංකුඩ කරගෙන මම බලාගෙන සිටියාය ..

ඊට පසු ඌ පෙති කපා බැද රවුන් කොට පුප්පවා ... ගුලිකොට බෝල බෝල කොට අවන් එකේ දැමුවාය ...
මගේ ඇස් බෝල කුස්සිය පුරා බම්ප්වෙනු දැක

" අපි _ෆිශ් ඩුග්ලරි_හදනවායැයි කුස්සියෙන් උත්තර ලැබුනේය ... "

මොන ලැරිය හරි අලුත් කෑමක් කෑමේ චිත්‍තක් ප්‍රමෝදයෙන් යුතුව ඇග පත සෝදා මේසට ආ කල වෑන්ජන දෙකකුත් කටලටුත් බතුත් තිබෙනු දැක මගේ ෆිශ් ඩුග්ලරියට කුමක් සිදු උනාදැයි බියෙන් මම විලාප තැබුවෙමි ....

අවසානයේ ලගට පැමිනි පිස් ඩුගලරි නිෂ්පාදිනී ... මා කටලට් යැයි රැවටුනේ අසවල් ඩුග්ලරියට බව මට තරයේ කරුනු පැහැදිලි කරමින් කියා දුනි ...

හැඩයැනුත් රසයනුත් වෙනසක් නැති .. උපන්දා සිට කට්ලට් යැයි හදුන්වා දුන් රවුම් බෝල කෑම විෂේශයක් " ෆිස් ඩුග්ලරියැයි " කියා බඩපුරා කා .. අතුරුපසට ඇල්ටොනික් වීදුරුවකින් සන්තර්පනය වී එදා රාත්‍රිය සතුටෙන් අප සැම නින්දට ගිය හැටි මගේ මතකයෙ අද වගේ නොමැකී සටහන්ව තිබේ ....

ඉස්සර ඕපාත අංකල්ලා පබිස්ලිස් සීයලා වැඩ දැම්මාට දැන් දැන් , එක එක චෙෆ් අයියලා අක්කලා මාමලා නැන්දලා සූ ගාලාය...

බුකියෙත් ඕනෑතරම් ඉන්නවාය ..

මේ අල්ල පනල්ලෙ අලුත් කෑමක රෙසිපියක් දා මටත් නිකන් චෙෆ් පට්ටමක් ගසාගැනීමට මට පුල් චුවෑනිස් අයිඩියාවක් පහල විය ...

ඒ අඩියාව පහල වීම නිමිත්තෙත් මෙන්න මං චෙෆ් තුමා කුලුදුලේ ඉදිරිපත් කරන


අති විශේෂ  (DCSL )- ජනෙල් සුප් -


මේ සදහා අපට උවමනවා වෙන්වා පරන ජනේලයක් ...

දැන් මේ කාලෙ කවුරුත් තමන්ගෙ ගෙවල් නවීන පන්නයට හදනවනෙ ...

එතකොට පරන අයින් කරපු ජනේලෙකින් අපිට පුලුවන් රසවත් සුප් එකක් හදාගන්න ...

පරන ජනේලයක් අරගෙන පොරවක් අදාරයෙන් කුඩා කැබලි වලට පලා ගන්න ...
ඊට පස්සෙ ලොකු වතුර මුට්ටියක් ලිපේ තියලා ...

අගල හතරෙ ඇන 100g 
ග්‍රීස් ස්වල්පයක් 
සරනේරු පොඩි කෑල්ලක් ...
දැකල තියෙනව නේද ඉස්සර අර ජනෙල් වල දාල තිබුන පොලු ... 
අන්න ඒ පොලු කෑල්ලකුත් මේකට එකතු කරගන්න පුලුවන්නම් සුප් එක වඩාත් රසවත් වේවි ...

ඊට පස්සෙ ස්පැනර් එකක් අරගෙන මේක හොදට නටනකන් හැදිගාගන්න ... 
ඊට පස්සෙ උනු උනුවෙන්ම පිලිගන්වන්න ...

ඔය කොච්චර එපා කිවුවත් ජනෙල් උඩ නගින දුවන පනින අපේ දග පොඩ්ඩො 
ජනෙල් පඩිය උඩ තියාගෙනම රස ගුන සපිරි

" ජනෙල් සුප් "

කෝප්පයක් බොන්න හරිම කැමති වේවී .......


ටං ටංංනා ......... ++++++++

2015-12-21

අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...




අයියා ...  මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ... ??

හැබැයි අපේ අම්ම සිංහයෙක් එක්ක බුදියෑවේ නෑ ... අපෙ අම්ම බුදියාපු එකම මිනිහ ... ඒ කියන්නෙ මගෙ අප්පොච්චි ... රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තියාපු අභීත සෙනවියෙක් ... උන්දැ සිංහ කොඩියට සීරුවෙන් ඉදල සැලුයුට් ගැහුවෙ නියම සිංහලේ පුරුසයෙක් විදියට . සැලුයුට් ගැහුවෙ දවල් රෑ නැතුව මේ සිංහලේ වනසන්න ආපු හැත්තකගෙන් මේ සිංහලේම රැකගන්න නොකා නොබී නිදි මරලා ... නැතුව සිංහලෙ කියල අතෙයි පපුවෙයි .. පුකෙයි පකෙයි පච්ච කොටල නෙවෙයි ..

මොන මොන නම් දාගෙන හරි කාගෙ හරි උවමනාවකට පටන්ගන්න මොකක් හරි සෙප්පඩ විජ්ජාවකට. අහක තියෙන පලන්චියකට නැට්ට දාල කෙලවගන්න වදුරො වෙන්නෙ නැතුව .ඇත්තටම පලක් ඇති වැඩක් ඇති දේකට කාල යොදපු උනුයි සිංහලයො කිවුවෙ ...
සිංහ ලේ කිවුවමා සිංහයගෙ ලේ තමයි ... 
එහෙනං අම්මත් එක්ක සිංහයෙක් බුදියෑවෙ නැත්තං .. තාත්ත සිංහ දේනුවක් එක්ක නිදිවදින්න ඕනෙ ...
ගොන් හැත්ත ... 

1815 උඩරට ගිවිසුමත් ඇතුලුව, 1974 විවස්තාවෙ ශ්‍රී ලංකා කියල අඳුන්වන්න පටන් ගන්න කලින් ශ්‍රී ලංකාව හැදින්වුවෙ සිංහලේ කියල තමයි ...

එතකොට අපේ රටේ පුර වැසියො හැමෝම සිංහලේ උන් තමයි ... 
සිංහබාහුගෙන් පැවතෙන හයිබ්‍රිඩ් මනු සිංහ පැටවුට තමයි ජාතකයක් නැති නිසා පුකේ ලේබල් අලවං පෙන්නන්නෙ ජාතකේ මේකයි කියලා ...
නියම සිංහලේ එකා පැවතෙන්නෙ විජය ලංකාවට එනකොටම කපු කැට කැට ඉදපු කුවේනිගේ යක්ෂ පරපුරෙන් ..

ජීවමාන බුදුන් සිංහලේට වැඩමකරවන්න හේතුවක් වෙච්ච , චූලෝදර මහෝදර දෙබෑයන්,,පියාගෙ මැනික් පුටුව බෙදාගන්න බැරි වෙඑච්ච කෝලහාලෙ සාක්ෂි දරන 
මැණික් පුටුවක් සිංහාසනයට තියාගෙන රජ කරන්න තරම් තේජසක් තියෙන මනියක්කිත නා රජු වගේ නාග පරපුරෙන් ..
සුරයන් ඇදහූ අලකමන්දාව (සීගිරිය ) රජ මාලිකරගෙන විසූ " සුමාලි වගේ " දේව ගෝත්‍රවලින් ...
ඒ හැම එකාම සිංහලේ ...
ස්‍යං පෝශිත ආර්තික ක්‍රමයක් යටතෙ ජීවිකාමය හේතු සාදකයක් වශයෙන් වුන විවාහය යටත් විජිත සමයෙන් පසු ඉතිරිවුණු වික්ටෝරියානු මලවිකාර සංස්කෘතියෙන් ඉතුරුවෙච්ච කුල මල ටිකයි ... 
ස්ර්ව ජන චන්දබලයෙන් පස්සෙ බලය විමද්‍යගත කිරීමේ උපක්‍රමයක් විදියට ලොක්කු සෝක්කො දැන - නොදැන මෙහෙයුවා වූ වර්ගවාදයයි 
ඉරිසියාව කුහක කම මුල්දැරිකොටගෙන අනුන්ට හරි ගියා කියල තමන්ගෙ ජාතිය -ජාතියේ මුල නොදැන කවුරුහරි ඔබපු සමාජවාදෙකුයි බදාගෙන ...
මාකට් වෙච්ච ආගමට වැඳගම ...
නිකන් පරගැති නපුංසකයො ටිකක් බිහිවේගෙනයි එන්නෙ ...

නියම සිංහලයො ඇත්ත ඇති සැටියෙන් දකින උන් මිසක් පරගැතියො නෙවෙයි ...

කවුරුහරි හයිබ්‍රිඩ් මනුසිංහයෙක් / අවජාතකයෙක් උගේ ආත්ම සංකාව පහ කරගන්න කරන මොකක් අරි දීන වැඩකට හොට දාල උබලත් නිකන් පරගැතියො වෙනවා ...
සිංහලයෙක් නොවෙච්ච ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවො ..
උස් තැන් දැක හැකිලෙන්නෙ 
මිටි තැන් දැක පුප්පන්නෙ 
නිවටුන් බව සිතමින්නෙ 
මගේ පුතේ නිදියන්න කිවුවෙ ඒකයි ....
අපේ නිවට කමෙන් පත් වෙච්ච රට කොරන එවුන් එවන ගිනිගෙඩි අල්ලගෙන උබල කෑගහනවා ...
උඩින් දාපු ටොපියට උබල බයේ 
යටින් ඉන්න උන්ට පුප්ප පුප්ප සැනසෙනවා ....
මෙච්චර රටේ ප්‍රස්නයක් වෙලා තිබුනා අය වැය ගැන කෝ කතා ... 
එක සැරේට ජාතිය මතක් වෙලා බඩ අමතක වෙලා ..
ආයෙ බඩ මතක් උනාම ජාතිය අමතක වෙනවා ... 
ඒත් එහෙම නොවෙන්නව කියල ලෝකෙට පෙන්නන්න එක එකා දාන ලබ්බවල් පුකේ පච්ච කොටනවා ...
එතනත් පරගැති කම ...

සිංහලේ උන් හැතැක්මට අගලෙ බැස්මට යෝද ඇල කපද්දි ...
වැද්ද වෙලා ඉදපු සුද්දගේ සිස්ටම් කරට ගත්තාම ඔහොම තමයි ....

ඒව උලුප්පල ඒවයෙ ටොපි අපිටම කැරකුනාම හාංකවිසියක් නැතුව එක එකා  කා කොටාගන්නවා ...

ජාතියත් තමන්ගෙ තත්වෙ පෙන්නන්න් පාවිච්චි කරන උන් කිසිම දේක බැලිල්ලක් හෙවිල්ලක් නැතුව හොම්බ  දාල නිකන් හැමදේම සවුත්තු කරල දානවා ...

ඕක මාකට් එකට වැඩි හැඩේට සෝබනේට සිංහ ලේ කියාගේන වෙනම " ලේ " එක රතුපාටින් දාගෙන තමන්ගෙ ජාතියත් , තමගෙ පඩ ශෝ එක වෙනුවෙන් පවිච්චි වෙනකොට අම්මට සිංහයෙක් නෙවෙයි බල්ලෙක් හුකවන්නෙ නැතුව බේරුනා ඇති ...

නියම සිංහලේ ... වෙන්නනං .... ඉස්ටිකර් අලවන්නයි ... ඒක හරිද වැරදිද කියල තර්කකොරන්නයි .. එක එකාගෙ බෙලි විකාගන්නයි යන්නෙ නැතුව 
නිවටයො නොවී හිටපල්ලා ....

ඒ එක්කම අනිත් පැත්ත ...

අපිනං ජාතිවාදෙට විරුද්දයි කිය කිය ඒකත් පෞද්ගලික පරමාර්තවලට ගන්න වු හා උන්ගෙ ටොපි ගිලපු අනිත් පර්ගැති සිංහලයො ටිකත් දැන් මෙතන ස්ටිකර් කාරයොන්ට බැනල පොර වෙන්න හදන්න එපා ...

උබත් එහෙම නියම සිංහලයෙක්ද .... 
එහෙනං මාක්ගෙ ලයික් බටන් ඔබල විතරක් ......
අනිත් උන්ට බැනල කමෙන්ට් කරල විතරක් ...
ආයෙමත් ගැති වෙච්ච පරයෙක් නොවී තමන් ගැන ආඩම්බර වෙයල්ලා ...


නිවැරදි  අනන්‍යතාවයක්  සහිතව පල කරන සියලුම මත් වලට පිලිතුරු දෙනු ලැබන අතර ..
අනෝනිමස්  හා වෙනත් බොරු නම් අලින් ඉන්න  කොන්ද පන නැති පොන්නයින්ට  උත්තරදීම ආතල් එකට පමනක්බව  කරුනාවෙන් සලකන්න 

2015-12-03

මාමගෙ කඩේ චූන් නැති උනාට ... කෑම රහයි ... !



ටී වෙනයි 
ප්ලේන් ටී වෙනයි ...
කිරි තේ වෙනයි 
කිරි කහට වෙනයි ... 

ඒත් ..
ටක ටකස් ගාන 
යාරෙ මනින 
අන්ඩ කැඩුනු  බෙලෙක් කෝප්ප එකයි ... !

බංකු වෙනයි 
පුටු වෙනයි ... 

බංකුවේ වාඩිවෙන්න කඩදාසි ඉරයි .. 
පුටු ලග අත පිහින්න ටිෂූ පේපර් තියයි .. 

කැප්ටන් 
ත්‍රී රෝස් 
මුත්තයිය ,
ගෝල්ෆ් ලිෆ් 

දුම කෝකත් එකයි .. 

පාටට .. ෆිල්ටරේට ..
හැබැයි  ගාන වෙනයි ... 

දිස්නෙ ගහන සපත්තුවෙන් 
පිල්ටර් කොටේ තලයි ... 

ෆිල්ටර් නැති ඒවා ..
බාගෙට නිවන් කනේ ගහයි ... 

ඒත් 
අත හෝදන්න..
එක පයිපෙන් තමයි ... 

ආනමාළු  
කෝලිකුට්ටු ... 

කෝකත්  කෙහෙල් තමයි ... 

තන්තිරියෙ කොනෙන් ...
එකම පරාලෙ එල්ලී වැනෙයි ... 

ඒ ... ඒ ... බනිසට ...
ඒ ... ඒ ... කෙසෙල් .. 

ගනන් වෙනස්  හැබැයි ...
කෙසෙලුත් එහෙම තමයි ... 

දිග සර්ට් අත් නැමෙයි ..
සරම් වලා පොට කැඩෙයි ...
කොට අලිසන් මජං  සූට් ..
අත පුකේ පිහයි ... 

නයින්ටි 
ඩිස්කවරි 
හොනට් ,
සීබී  කියයි ...

ඇල්ටො 
ප්‍රියස් 
බෙනස් ,
ප්‍රාඩෝත්  බහියි ... 

ලොබු කටනම් තමයි ...
හැබැයි ...
මාමගෙ හිනාව එකයි ... 

පොඩි සල්ලි ටකස් ගා ...
ලාච්චුවට වැටෙයි ... 
විස්ස පනහ 
පිලිවෙලක් නෑ ...
හැම තැනම හැලෙයි ... 

මොනරගෙන් උඩ ... 
ලාච්චුවෙත් පත්තරේ යටට යයි ... 


රෙඩ් ලයිට්  නිමෙයි ... 
කොල ලයිට් වැටෙයි ...

ඔක්කොම ...
අධි වේගයෙන්  දුවයි ... ... 
‎_______හාට්Piercing‬...✿•*`¨"

2015-11-26

අහසෙ ඉහලක .. අලුත් සිහිනෙක







අහසෙ ඉහලක 
ඈත ගවුවක 
වලාකුළු බෝ ගැවසුනූ ...

සිහිණ මැදුරක 
පාළු සවසක 
මදු විතක් ලඟ තනි මැරූ ...

අලුත් සිහිනෙක 
පාට අරගෙන 
හෙමි හෙමින් මා පසු කෙරූ ...

පුංචි සුරඟන 
යන්නෙ කොයිබඳ 
හොරෙන් මා වෙත ඉඟි මැරූ ...

හඳ එලියෙ රෑ බිමට බැහැලා 
පුංචි නැටුමක් නටන්නද ඔය ... 
ලඟින් යනකොට ඉඟිකලේ දැන් 
මටත් නැටුමට එන්න කියලද ...

නැටුම අහවර කරල හනිකට 
උදේ වෙනකොට ආයෙ යනවද ...
හඳ වගේ නෑ .. රිවි සරසි තෙද 
හරිම නපුරුයි .. හිතල බැලුවද ...

නොකිය මේ ටික , උනත් නැටුමට 
එන්න පුලුවන් .. නුඹ ලඟට මට 
ඒත් එලිවෙන කොට අඬයි නුඹ 
බැහැ දරන්නට .. ආදරෙයි මම


2015-11-25

සීයගෙ කතා


මගේ ජීවිතේ මම දැකපු පට්ටම පොර තමයි සීයා ...
දොං පැට්‍රික් හේවාවිතාරණ 


එහෙමත් නැත්තන් 

" පැටි මහත්තයා ... "


මේ පහුගිය සතියට සීය මැරිලා අවුරුදු අටක් වෙනවා ... 


අවුරුදු 91 ක් , සාමාන්යෙන් තුන්වෙනි සැරේ බඩුම තමයි කිවුවට ,
හාට් ඇටෑක් 5ක් හැදිලත් ... ;
දෙවැනි හාට් ඇටෑක් එකෙන් පස්සෙ ... 
"ජීවත් වෙන්න ආසනං තවත් සිකරට් බොන්න එපා .." කියල ; ඩොකා කිවුවහම,
,
"ඔවු මහත්තයො ... මට තියෙනවා , මූණුපුරාල ටිකකට මුන්ගෙ පරපුරේ ඉතිහාසය කියල දෙන්න "
කියල කිවුවත් ;
එදා පටන්, පුතාලාගේ අධිකරණේ,ඒක මතික තීරනෙන්.රැලේ පුට් සයිකලේ විකුණල දැම්මට පස්සෙත් ... කාටවත්ම නොකියා , කවුරු ගෙනල්ල දුන්නත් හරියන්නෙ නැති ... තමන්ම ගිහින් ගන්න ඕනෙ , සීකරට් බීම නවත්තන්න පුරුදුරුකරගත්ත 
රුපියලේ බන්ටි ටොපි ගේන්න මැරෙන්න දවස් දෙකකට කලිනුත් හැතැම්මක් එහා දහයෙ කණුවට පයින් ගිහින් ආපු ... 
දිනපතා ලංකදීපෙ, ලුහුඩු දැන්වීම් එක්කම අසවල් දින අසවල් තැන මුද්‍රණය කර බෙදා හරින ලදී වෙනකන් අකුරක් නෑරම කන්නාඩියක් නොදා කියවපු , 
කුඹුරු කෙටීම ,
පෙර පරිදිම ජීවත් වෙලා ඉන්න පුත්තු හතර දෙනාම ඒකමතිකව තීරණයෙන් තහනම් කරාට පස්සෙත් , උදැල්ලක් අරන් ගිහින් වත්තෙ පහල,පැය විසි හතරෙම උඩින් උතුරන ලිද
වටේ කාණු පාදපු , 
මැරෙනකං,
තමන්ගෙ දෙවනි කසාදෙ, තමන්ට වඩා අවුරුදු 16 බාල , සීය මැරිච්ච දවසෙනං ,මිනිය තියෙනකං,එකම වචනයක් , වතුර උගුරක් , අඩු ගානෙ එක කදුළක් 
නොවැටි,දවස් තුනක හොද සිහියෙන්,
කෙලින්,මිණිය දිහා බලාගෙන හිටියත් , ඊට පස්සෙ හැම අවුරුද්දකම , සීය මැරිච්ච දවසට
හැම පුතාටම හේතුවක් නැතුව කෝල් කරල අඩන ... පහුගිය 83 උපන්දිනේට,ගෙදර තනියම් සිල් ගත්ත , 
කොරඹුරුවාන හෙට්ටිගේ පේමවතී ... , එයාගෙ"පේම" එක්ක . තමං හදපු ගෙදර ජීවත් වෙච්ච සීයට ,,,
; මැරෙන මොහොත වෙනකං ඒ වැඩේ බැරි උනා ...
ඒත් ...
කවදාවත් කියපු වචනෙ වෙනස් නොකරපු සීයා ...;
මැරෙන්න පැය කීපෙකටකලින් ,
"දැන් ඉතිං අපි මැන්ටල්නෙ බොලවු ... කොච්චරවාත් හුජ්ජ බර ... , දැන් මේ සරීරෙ .. ඉන්දිරිය ඔක්කොම වැහැරිලා .... පාලනේ නැති වෙලා තියෙන්නෙ ... .. අවුරුදු 90ක් කියන්නෙ සෙල්ලන්ද ... , 
කිය කිය හැමදාම රෑට හතර පස් ගමනක් දොට්ට පිලට යය ගමනක්දි , ලිස්සල වැටිලා පැය 20 විතරක් ඇඳේ නැගිටගන්න බැරුව ඉඳල හැමෝම එලවල තනියම කාමරේ දොර වහගෙන මැරෙන්න පැය කීපයකට කලින් .. රෑ 9 විතර ... තමන්ගෙ අධිෂ්ඨානෙ ඉෂ්ඨ කරගන්න මූනුපුරාල කැදෙවුවා ...
පිලිවෙලට ... ,
ලොකු තාත්තගෙ පුතා ට පස්සෙ 
මම ,
මම ගිහින් ඇඳලග වාඩි උනා ...
"දන්නවද උබේ කිරිකිත්ත කවුද කියල ... "
" නෑ සීයේ .... "
" ඒකනෙ ... , දොං ඩේවිඩ් හේවාවිතාරණ , දන්නෙ නෑ .... ?? "
මම මුකුත් කිවුවෙ නෑ ... 
මම බලාගෙන හිටියෙ සීයගෙ මූණ දිහා ... මකරෙක් පච්ච කොටපු රැල් බේරෙන , ඒත් සිනිදු දර දඩු බාහුව මම ල්ලගෙන හිටියා ... 
කට පොඩ්ඩක් පැත්තට ගියාට ... කෙල බින්දුවක් බේරුනාට ... කියන වචන පැහැදිලියි ...
" පොතකුයි .. පැන්න්සලකුයි ගෙනෙන් .... "
මම පොතකුයි .. නැන්දගෙන් පෑනකුයි ඉල්ලගත්ත ...
ලියපං උබේ සම්පූරණ නම ... කොලේ පහලින්ම ....
මම ලිවුවා ....

ඊට උඩින් තාත්තගෙ නම ...;
මට පරපුරක් ඕනෙ උනේ නෑ ... මම හැමදාම ආදරේ කරපු ,
පුංචි කාලෙදි , උක්කුං මහත්තය මගේ පුතා කිවුවහම මම කොස්සෙන් ගහනකොට දොර මුල්ලෙ හැංගිලා ... 
" චූටි හාමිනේ ... මෙන්න මේකව ගනින් ... කියලා,කෑ ගහපු සීයා ...,

පස්සෙ පස්සෙ අපි තාත්තලගෙ මහ ගෙදර ගියාම වරු ගනන් ඉස්සර කතා කියපු සීයා ... 
මගේ වීරය වෙච්ච සීයා ... ,
පහනක තෙල් නැතුව නිවෙනව වගේ .. ටිකෙන් ටික් නිවෙන බව පේන නිසා මම හිටියෙ දරාගන්න බැරි දුකෙන් ...
මම ඉරක් ඇන්ද හෙමීට ...
"ඊලගට උබගෙ සීයා ... ; 
මම ,
ලියපං ... 
දොං පැට්‍රික් හේවාවිතාරණ ... "
මම තව ඉරක් ඇන්දා .....
"මගේ තාත්ත ... , උබේ මුත්ත ... 
දොන් ප්‍රැන්සිස් හේවාවිතාරණ ... "
ඉරක් ... ..........
"මගෙ සීය ... , උබෙ නත්තා ... 
දොන් බෙනඩික් හේවාවිතාරණ ... "
ඉරක් ... , කදුළු .....

"මොකද  උඹ අඩන්නෙ .... ? "
මගේ අස් දෙකෙන්  කදුලු  බේරිලා යනව ලයිට් එලියෙ මුවාවට පවා ඒ සියවසකට කිට්ටු  පරන  ඇස්  දැකල තුබුනා ...

"හෙග් හෙග් ... බය නොවී  හිටපං ... මම මැරෙන්නෙ නෑ .... "


එක දවසට අගල් ගානක ගිලුන වගේ පෙනුන ඇස් දෙක බාගෙට පිය උනාට .. බැල්ම තියුණුයි ...

" කෝ පෙන්නපං ලියපුව .... "
පොතේ තිබුනෙ ඉරි ටිකකුයි මගේ නමයි විතරයි ....
" පලයං යන්න .. මෙතනින් ... තොපිට කියල වැඩක් නෑ .... "

සීය  මාව  කමරෙන්  එලියට එලවගත්ත ... ඊට පස්සෙ බාප්පගෙ පුතා ...
ඌවත් වැඩි වෙලාවක් යන්න කලින්  එලවගත්ත  සීය එකෙක්ටවත්  කාමරේට එන්න එපා කිවුව ...

" මම දැන්ම  මැරෙන්නෙ නෑ ... මට පාඩුවේ  ඉන්න දීපල්ල ... "

කිසි කෙනෙක්ට කාමරේට එන්න දෙන්නෙ නැතුව දොර වහන්න අපට සිද්ද  උනා ...

අවුරුදු අනූවක් පරන කුරුං කුරුං සද්දයම් මැද්දෙන්  උස්ම ඇදපු ඒ යන්තරේ හෙමීට නවතිනව, කාමරේ එලියෙ ඉඳ අපි
අහගෙන  හිටියා ....

කියපු විදියටම පැටි මහත්තය මැරුනෙ නෑ ...

ගමේ මිනිස්සු වගේම මගේ ජීවිතෙත් හරි ඉහලින්  සීය ජීවත් වෙනවා තාමත් ........

2015-11-16

H වාට්ටුවෙන් එකෙක් .. ___________හාට්Piercing‬...✿•*`¨"





උඹට වගෙමයි මචං 
මටත් ප්‍රාඩෝ තිබුන 
කඩ්ඩ වැනු පට්ට සුදු 
විස්කි කෑලිත් හිටිය

ඇහැට සඟ අතට ලැප 
වගෙම හිතෙ ගට තිබුන 
මවුන්ට් එම් සී බම්බ 
කිලියො කාම වල බැස්ස .

ගියපු තැන දොර ඇරුන 
එහෙන් සැලුටුත් වැදුන 
මචං උඹ අඩෝ බං 
යාළු බේබිල හිටිය

සවුන්ඩ් වැඩි කරපු තඩි 
බෆල් මැද කල් මැරුව 
එලි පාට හූ බල්ටි 
ඔලුව මැද කරකැවුන

බැටන් තරු බූට් අඩි 
තලල අපි හිර කෙරුව 
අතින් බඩු අපිට නඩු 
පාට හරහට හිටිය ..

2015-11-15

රෝම ( මයිල් ) ධාතුව , ස්ත්‍රී පාත්ත වර්ගයා සහ අපි ( පිරිමි )






සියලු ගැහැණුන් තමගෙ ඇගේ වැවෙන රෝම දාතුවට අකමැතිය ...

මූණෙ නම් ත්‍රෙඩිං කරති .. ඇහි බමේ සිට මුලු මූනම දක්වා .. 
බෙල්ල ගෙල පිටුපසත් එසේමය ...
පපුව , බඩ නං වැක්ස් කොරති .. බොහෝ විට උක්කුන් බබාලගේ තැන තැන වැවෙන යෝද තනි දාර මයිල් ලෝ උගුලුවා දමති ...
කිහිලි නම් සේවු කරති ... ඒවාට වෙනම ලේඩිස් රේසර් තිබෙති ... ඒවා නොගෙන කොල්ලන්ගේ ඒවයින් උලා කලු ඌ පසු මූන එල්ලා ගනිති ... වැක්ස් සහ වීට් උලති .... එව හරියන්නෙ නැති බව නොදනිති ... කිහිලිනම් සබන් යොදා ලේඩිස් රේසර් එකකින් ස්මූත්ව සේවු කල යුතු බව මෙසේ කියා දෙති ...
බඩ ද වැක්ස් කොරති ... පෙර සේම හුදකලා මයිලෝ උගුල්ලෝවති ... 
කදුලු වැකෙරෙති .. ආයි හූයී ගාති .. ඒත් ගලෝවති ...
සිල්ක් වගේ පුල් ක්ලීන් දිස්නෙ දිස්නේ දිදී තියෙන බඩකට වඩා ලා බන්ඩක්කා බූවක් වගේ නැචුරල් වෙල්වට් ලුක් එක මටනං සෙක්සි බව දැනෙති ... ඒත් දැන් දැන් බුරි වලට මෙහේ කේස් ඇදෙති ... බුරි දැන් සෝබනේට පේන්නට නැතුව කැලෑ වැදී කලු පාටින් ගොඩවෙති
බොහෝ වෙන්ඩ පොස් කාන්තාවන් ප්‍රදර්සනය වන තැන් වල ඇති රෝම දාදුව පමනක් ඇඳ දමති ... අනිත් තැන්වල ගන සැරේට කැලෑව පවතිති ...

අධි ආරක්සිත කලාපයක් කොර ඇහේ බබාලාට ඇතුල් වෙන්න නොදෙන බුරිද ටික කලකින් වල් වැදී හොරි වෙති ...

ඉතිං අපි චොර වෙති ...

බුරියට පහලින් ප්‍රදේසයද එසේ වෙති .. 


පෙම්වතා , සැමියාගේ ඉල්ලීම පිට මිසක් බොහෝ වුන් එහෙට අත නොතබති ... බොහෝ කාන්තාවන්ගේ වැඩේ කොරන්න පෙම්වතා හෝ සැමියා .. කලින් දිනයේ වරු බාගයක් වෙහෙසී කොඩියක් සිටවා තැබිය යුතු වෙති .


වානරයාගෙන් මානවයාට .. මානවයාගෙන් මනුස්සයාට පරිණාමය වීමේදී .. කැලේ දඩයමේ ගිය ගල් ගුහාවල බිම නිදාගත් සතා මනුස්සයා වීමේදී අනවශ්‍ය බොහෝ ශාරීරික අංග කෙමින් වියැකී ගියත් රෝම දාතුවේ අතීත සහසම්බන්දතාව තවමත් මද වසයෙන් අපි බුක්ති විදිති ... 

ගෙදර සැප ඇදෙ ඒසී රූම් වල නිදියන කාන්තාවො ඔය රෝම දාතුව සේවු කොර වැකස් කොර හෝ මොන මගුලක් කර හෝ ගලවා කපා ඇද උගුල්ලා දැමීමෙන් වඩා ලස්සනටත් සෞඛ්‍ය සම්පන්නවත් පිරිසිදුවටත් හිටිය හැකි වෙති ..

මූනේ පේසල් දමන නංගිලා උක්තේ මයිල් වවති ... කට ස්ටෝබෙරිය වගේ වී එහේ, පහල හරිය පල් පුවක් වගේ වෙති ... ඉතිං රෝම දාතුව ගලවා කපා ඇද උගුල්ලා දමා හරියට මේන් ටේන් කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු උක්ය ආක්‍යාත සම්බන්දය පවත්වාගන්නට හැකි වෙති ...


එහෙම වෙන සමහර ගෑනු පිරිමියාගෙ රෝම දාතුවට අකමැති වෙති .. තමන්ගෙ රෝම දාතුව උගුල්ලා දමා පිරිමියාගේ එකද උගුල්ලවා දැමීට සැලසෙති .. විරුද්ධ වෙති .. රැවුල් උගුල්ලවා කොන්ඩ කපා උන් මල් පොන්නයින් බවට පත් කිරීමට වෙහෙසෙති ...

ඒ නම් ,

අනන්තයේ සිට පැමිනි තරු කුමාර බිලින් පයියලාට මුලා වූ පාන්කඩ , කඩි බිත්තර , ටුන් ටුරාටේ සත විසිපහේ චිච්චි කෑලි වෙති ... පිරිමි උන් සමග සිප්පි ඇහිදා , පසුව පිප්පි කොට චුප්ප වෙති .. එකට වැසීමට කැමති නොවෙති ..

ඒවා පිරිමියාගේ පරිණාමිය සාදක බව ගැහැණු දැනගත යුතු වෙති ... පොලවේ හැපී පස් කා ....

පස්සේ උක්ත පොලවේ ගැසිවත් අවුරුදු දාස් ගානක් පරිණාමයේ ගති ලක්සන එක චිච්චියකට නතර කල හැකි නොවෙති ...

එහෙත් සමහර ගැහැනු රෝම දාතුවට කැමති වෙති .. ඒ නියම පිරිමින්ට කැමති ඔරිජිනල් ගැහැනු වෙති . පිරිමි එකට වැසීමට , සම්බන්දතා පවත්වා ගැනීමට කැමති උන් සමග වෙති


ගැහැණු මේවා කියවා බලා තේරුම් ගන්නවානම් අපි සතුටු වෙති ...

නැතිනම් .. ඒත් සතුටු වෙති ... අපි අපේ වර්ගයා බෝ කිරීමට නිකන් සිප්පියක් නොව හොද හයිය සකක් හොයන බැවිනි ...
සිප්පියේ පිප්පි කොට මරද වැල්ලේදී අපි සකක් සොයා පසුව සක පාරවති ...

සක පාරා ...
ඊට පසු එකට වසති ...
වර්ගයා බෝ කරති ...

අනිත් ඕක්කොම ටොයින් චූස් .. ලක ප්‍රාරාන්ස් , සීනි බෝල ,පෙපරමීන්ට්, ලවු කතා,

 සුජීව අයියාගෙ හා බස් අජිත් අයියාගේ ලාමක ටිං ටිං බයිස් කෝප් වෙති ...

ඒවාට නොරැවටී වෙසෙනවානම් ලෝකය සුන්දර වෙති ...

සොබාව දහම මනුස්සයා බිහි කරද්දී උවමනාවක් එකක් පමනක් දායාද කරති .. එනම් ජීවය නොනැසී පවත්වා ගැනීමට වර්ගයා බෝ කිරීමේ අවශ්‍යතාව වෙති .. ඉපදුන ගමන් ඕක කොරන්නට නොහැකි නිසා වැඩීමට ආහාර .. සහ නිසි කලමනාකරනයට නින්ද වශ්‍ය වෙති . මේව සපයා ගැනීම පහසු වීමට රංචු වශයෙන් වෙසෙති .. පසුව සුදුසු ශක්තිමත් සහ කරුවෙක් සහ කාරියක් හොයා වර්ගයා බිහි කොට උන් ලොකු මහත් කොට වල කජ්ජ ගසති ...


මනසින් උසස් වූ පමනට මනු - සතා මේවා අස්සේ වල් බූත ටපලාගෙන පිස්සු කෙලිති ..


________________________________________________

තමන්ගේ ස්ත්‍රී වර්ගයාට පෙන්වීමටද කොල්ලෝ මේව ශ්‍යා කොරති ...
මෙම පනිවිඩය ඔබ වෙත ගෙන ආවේ Veet සාදර අනුග්‍රහයෙනි ...
Veet - රුවැත්තියන්ගේ තේරීම ...


________________________________________
මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීම් .... ________________________________________

කලකට පෂ්ෂේ  වෙලකට බැස දැමූ බොග  සැට් එක 



තාමත් නොවැටී ... හිත රිදවන්නෙ  කිමද වස්තුව 

අප්පච්චි , අලිවික්‍රම , හිටං  මාමා සහ අපේ ගමේ එවුවෝ 

ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන  උද්දමාචාර කවි තිසර පට වරුණ 

2015-11-14

තාමත් නොවැටී .. හිත රිදවන්නෙ කිමද වස්තුව ...



නිසල රැයක සයුරු ඉමක සිට  ,
මගේ ආදරණීය වස්තුව වෙත ලියමි ...

මම මෙතෙක් කාලයක්  උඩ  බලාගෙන බඩ උලාගෙන බකන් නිලාගෙන හිටියේ ඔයා වැටෙනකන්‍ ය . ඒත් ඔයා තාමත් වැටුනේ නැතය . ඒකට මට හිත හෙනට කරදරය ... ඔයා වැටෙන එක ගැන මම සිරසේ යන මෙගා එකක් වගේ අම්බානෙක දිග හීන බැලුවාය . ඒත් වැටුනේ නැතිය... ඒත් ඔයා කවදා හරි වැටෙන බව මම දන්නවාය .. එතකන් මගේ සිතුවිලි සසල උනත් නිසල කරගෙන ඉන්නට මම අම්බානෙක ට්‍රයි කොරලා කොරලා දත් මිටි කාගෙන බලාගෙන හිටියාය ...

ඒත් ඔයා තමත් වැටේන්නෙ නැති එක ගැන අපේ එක එක පඩාත්තල වල් නරි එක එක වල් කතා කියනවාය .. මේවා මට අහගෙන  ඉන්නට බැරිය.... බැරිම තැන ඇඳේ  පෙරලි පෙරලී හිටි මම ඇඳෙන්  බිමටද වැටුනාය ...

නොවැටිච්ච වස්තුවකට ඔච්චර මොකට දත කනවාදැයි මගේ බොක්කේ ෆිට් එකක් මගෙන් ඇහුවාය ...
වැටුනත් නැතත් ඔයාට මම එකෙන්ම මගේහඳවතේ පතුලේ අන්තිම කොනේ වම් කර්ණිකාවේ කුණු ලේ වලින් බුර  බුරා නැගෙන ආදරේ ඔයාට නිසල පුද සුනක තියා පුජා කරනවා කියා මම ඌට කිවුවාය .. ඌ මට කොචෝක් එක දමා  ගියාය ..
මගේ වස්තුව .. මොන රිම් ටොපයියෙක්  මොන මීට් බෝලයක් කීවද ඔයා දවසක එකෙන්ම වැටෙනවා බව මම දන්නවාය  ..

ඔයා වැටිච්ච දවසට  මේ මහා සප්ත සාගරේ තරනය කරමින්  ගාල්ල පරන ජැටියේ ඉඳලා ඕස්ට්‍රේලියාවට වෙනකං උනත් ඔයාව හොයාගෙන  පීනාගෙන් පීනාගෙන එන්නට  මේ මම ලෑස්තිය .. එසේ පීනාගෙන පීනාගෙන ඇවිත් වෙන එකෙක් ගන්නට කලින් ඔයාව කරේ තියාගෙන අර අපේ ස්කෝලෙ බුද්දාගම පොතේ තිබුන මාතුපෝසක ජාතකේ කුමාරයා වගේ දවස් හතක් පීනලා පීනලා ගොඩ එනවාය ...

ඒත් ඔයා වැටුනේ නැතිය ...

වැටුනෙ නැති ඔයා ඔය තරු බලා එක එක කියන පොරවල්ගේ කට ඇරෙන්න කාටවත් නොකියා වැටුන දවසක , ඔයාගෙ අගේ වැඩි වෙලා ඔයා බලන්න හතර දිබාගෙන්ම එන බවට සැක නැත ... ඔයා එතකොට  ඔය රිප්පිඩියෝ ගනන් ගන්නෙ නැතුව හෙන ගැම්මෙන් ඉන්න එක මගෙ ඒකායන පැතුමය  ...

ඒත් වස්තුව ... දැන්  බලාගෙන ඉදලාම  ඇහේ බබා බේබි වෙලාය ...

මම කොච්චර  හිත කරදරෙන් බලාගෙන හිටියත් ඔයාට කලින් අල්ලපු ගෙදර  නංගී දැන් වැටී ඇත... වැටී නැති චූ කෙලෙකුට ලවු කරන්න වීමෙන් මට වස විලි ලැජ්ජාවට පත් වෙන්නට වෙනවාය ... ඒක නිසා ඔයාට කලින්  වැටුන එහා ගෙදර  නංගීට  මගේ ලවු එක ට්‍රාන්සර් කොරනවාය .,...

ඒකට සොරිය ..

ඔයා වැටිච්ච දවසක ඔයාගෙ පාටියට ඇවිත් ලිවුම් කවරේ දාලා මේ ලියුම ඔයාට දෙන්න හිතාගෙන නවතින මම
ඔයා වැටෙනකං උඩ බලා හිඳි  ගාල්ලෙ

පොඩි මෑන් ය .. 

2015-11-12

අප්පච්චි , අලිවික්‍රම , හිටං මාමා සහ අපේ ගමේ එවුවෝ .... !



අපේ අප්පච්චි හරි හොඳ පොරකි ..

ගමේ ගානට ශේප් එකේ කාගෙන්වත් කතාවක් බතාවක් නැතුව තමන්ගෙ පාඩුවේ ඉඳපු පොරකි .

ගමෙ පොදු වැඩ වලටද මළ ගෙදරට මගුළටද සහබාගී වෙමින් ගානට පාඩුවෙ සද්ද නැතුව
හිටපු පොරකි ..

දවසක් රතු තොප්පියක් දාගත්ත රැවුලෙක් අපේ ගෙදර ආවය

තව එක එක පොරවල් කීපදෙනෙකුත් එක්ක ඇවිත් අප්පිච්චිත් එක්ක කුටු උටු ගගා ඉඳ යන්නට ගියේය ..

ටික දවසකින් ගම් සභාවේ සබාපති කමට අපේ අප්පච්චි මාට්ටු වී ඇති බව අපිට දැගන්න ලැබිනි ...
එක සැරේම අපේ අප්ච්චිගේ අගයද වැඩි විය 
අප්පච්චි සබාපති විය ...

අපේ අගයද වැඩිවිය ..

අප්පච්හි ඒ කාලයේ ඉදලම කැරියාය ... ගමේ අලි බලනා අලි වික්‍රමද අප්පච්චිත් එක්ක ගේමට ඇවිත් පරාද විය ... මිනිහා හැමදාම එහෙමය ..

අප්පච්චිට ගේමක් ගැසීමට ඌමනා විය .. ගේම මොකක්දැයි අප්පච්චි කල්පනා කරේය 
හැම්දාම හැන්දෑවට වැට පැනගෙන ගමට එන කොටි හපුව නිසා ගමේ උන් සිටියේ බියෙනි ...

අප්පච්චි තුවක්කුව කරේ තියාගෙන කැලේ යන කළවැද්දා මාමා චැනල් කොට 

කුඩප්පච්චිලාත් ගේමට එන්ටර් කොරගෙන කැලෑමහත්තුරු පඩේකට මායින් නොකර අනිත් එවාද බැලන්ස් කොරගෙන ගමේ කොල්ලො සෙට් එකක්ද එකතු කර කොටි හපුව කුදලාගෙන එන්නට කැලේට යැවුවාය ...

සෙට් එකම ලෙසටම ගේම දුන්නාය .. වෙඩි කාගෙන කොටි හපුවා ඇලෙ වැටී මැරී සිටිපු දා ගමම කිරිබත් ඉවුවාය ..

සමහරු අප්පච්චි වැන්දාය ..

කොටි හපුවාගෙන් ගමට එච්චර වින කෙටී තිබිනි ..

දැන් ගමෙ මිනිස්සුන්ට බය නැත 
අප්පච්චි ගමේ බෝකු දමා කැලෑ එලිකර ගම දිවුනු කොරන්නට හෙන හෙන වැඩ රාසියක් කරේය ...
අප්ප්ච්චි නිසා අපිටත් පුල් ආතල්‍ ය 

ඔය ගමේ උපාසක සෙට් එක කියන ලොකු කතා ගනන් නොගෙන අපි පන්සල් වත්ත පහල ඇට බෝල ගැහුවාය 

බට්ට පැන්නාය 

ඔලුබක්කො නැටුවාය ...

තිරික්කල රේස්ද තිබ්බාය ...

අපෙ ගමෙ පොර අප්පච්චිගෙ උක්කුං පුත්තු වීමු ..

අපේ උක්කුවා අප්පච්කිගෙන් ඉල්ලාගත් ගම් සබාවේ නූල් බෝලෙකින් හෙන පත ස රුංගල් හදා ඇරියාය ...
ඒත් ගමේ උන් හෙන පාංකඩයෝය ...

අපේ ආත්ල් උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ විය 
අප්පච්චි ගනන් ගත්තෙ නැත 

කට්ටඩි අංකල් අප්පච්චිගෙ සුරයක් දාල තිබුනාය 
අප්පච්චි ඒක පෙන්නා අපිත් එක්ක සිනා සුනාය ...

අපිට ඕනෑ මගුලක් නටන්නට ඉඩ දුන්නාය .. අපිට ආතල් වැඩි විය 
අප්පච්චිට ආතල් වැඩි විය 

අප්පච්චිත් පුල් අතල් ගත්තාය 

කුඩාප්පච්චිලා එක්ක සෙට් වී හෙන හෙන වැඩ කලෝය ...

ගමේම පොර අප්ප්ච්චි බව අප්පච්චි හිතාගෙන හිටියාය ..

අප්පච්චිගෙ ගජයා කුබුරු කොටන හිටං මමාය .. 

දවසක් හවස හිටං මාමා ඒක්ක හංදියෙ කඩෙන් ආප්ප කාලා එද්දි හිටං මාමාට අලි වික්‍රම හම්බවූ බවත් උන්ගේ කුටු කුටුව එච්ච ඇල්ලුවේ නැති බවත් අප්පච්චි දවසක් අපි සමග කීවාය .. 

කලිනුත් ඔය අලි වික්‍රම මාම කලවැද්දා මාමට විස බීජ දමා කොටියා එලවන්න එක්ව ගේම ගැසූ පොර අප්සට් කර තිබිනි ... 

කලවැද්ද මමා මෝඩයාය 
අලි වික්‍රමගෙ චාට්ටට අසු වී දවසක් අපේ ගෙදර සද්දෙ දමාගෙන ආවාය ..

අප්පචි කලවැද්ද මමාට දෙකක් ඇන පස්සෙ ගබඩා කාමරේ දමා වැසුවේය ...
ඒ සන්තෑසිය අලි වික්‍රම හිටං මමාටද කර හිබුනේය ..

ඔලුවට විසබීජ දමා හවස අප්ප කෑ හිටං මම උදේ එනකොට ඔරොප්පු වී තිබුනාය ...

අප්පච්චිගෙ අවටියල් වැඩ ගැන අලිවික්‍රම හිටං මාමා එක්ක එකතු වී ගම පුරා කැලෑපත්තර ගසලාය ... 
කතාව හා හෝ ගා ගසා ගෙන ගියාය ...

අලි වික්‍රම කොහොම හරි ගේම ගසා ගමේ උන් එක්ක අපේ වැරදිද කීවෝය 
පන්සලේ බෝල පිට්ටෙනියත්

උක්කුංගෙ සරුන්ගලෙත් මදිවට රත්තරං අස්ප බිත්තර්ද අපේ ගෙදර තියෙන බව කීවාය
මෝඩ ගමේ එවුවලා හැමදාම කන ලනුව් කෑවේය ..

අප්පච්චි පන්නා අමුඩ ගැසූ හිටං සබාපති කෙරෙවුවේව ...

අමුඩ ලේන්සුව අල්ලගෙන හිටියෙ අලි වික්‍රමය

තමා උප සබාපති නොකලොත් අමුඩ නූල අදිනා බව අලි වික්‍රම හිටංට කියා තිබුනාය .. 
හිටන් අලි වික්‍රම උප සබාපති කරාය ...

ගමේ එඋවොව්ව්ට සතුටුය ... 

ඒත් අප්පච්චි කොටි හපුව පැන්නවූ හැටි මතක ගමේ එවුවො අඩා වැලපුනාය 

කොටි හපුවාට තියා රිලා මොටෙක්ටවත් ආපහු විරිත්තන්නට හිටංට බැරි බව උන් දැන ඉටියෝය ...

ඒත් අපේ අප්පච්චිද වැඩේ අනාගෙන තිබිනි ..

පොර හිතාගෙන හිටියෙ කට්ටඩි මමාගෙ යන්තරේ වැඩ කරයි කියලාය ... 

ඒත් අප්පච්චිට කෙල උනාය ..

හිටං මමා සබාපති වී පොර ටෝක් දුන්නේය .. 

අලි වික්‍රම ලගින්ම හිටියාය ...

ඒත් සබාපති උනාට පස්සෙ දීපු ලොකු ටෝක් නැත ... අපේ අප්පච්චි 

සබාපති වී වුරුදු ගානකින් කරා වගේ , අවුරුද්දක් යන්නටත් කලින් හිටං මාමා අනම් මනං කියූ ස්කෝලෙ කෝල්ලො සෙට් එකකට කන පැලෙන්න ගසා තිබිනි ...

සමූපකාරේ හාල් පොතේ සමාජික අංක වෙනස් කිරීම
සරන් ඇදන් පුට් සයිකලේ යද්දී  ජොකා නොඇදීම වගේ හෙන හෙන විකාර නීති රාසියක් ගෙනල්ලාය ...

දැන්  දැන් ගමේ ගෑනුන්ට  රෙද්ද අදින හැටිද  ස්කෝලෙ මහත්තුරුන්ට ස්කෝලෙ වේලාවෙ ටැලිගැරම්  ගහන්න බැරි කොරන්නද  යනවාය ...

හිටං මාමා .. සභාපති පුටුවේ හිටං පිස්සු නටනවාය ..
අලි  වික්‍රම  පුරුදු විදියට අලින්ට  කිතුල් කපයි ...


අලි තියා කරවල කට්ටක් දෙන්නට ගෙදර  බල්ලෙක් නැති ,
අප්පච්චි එපා කියූ හිටං ඕනෑ කියූ ගමේ බයියෝ දැන් තක්කු මුක්කු වී සිටියි ... 

ගෙදර බතක් පිහාගෙන කාල පාඩුවේ ඉන්නෙ නැතුව ගම කොරන්න යන කොයි එකාටත් ඔලුව ඉදිමී පස්සෙ පිස්සු වැටෙන බව අපේ අම්මා කීවාය .. 

ඔය සබාපති පුටුවල හැටි ඔහොමය ...

වාඩි වෙන හැම කාගේම මොලේ පුකේ නිසා වාඩි වී ඌස්නෙ වැදුන ගමන් පිස්සු තද වෙනවාය ... 
ඊට පස්සෙ උන් පිස්සු කෙලිනවාය ...

කරන්නට ඕනේනම් පුටුව මාරු කරන එකය 
අප්ච්චිට උනෙත් ඒකය ...

එත් ගමේ එවුවො දැන් වෙන එකෙක් පුටුවේ තියන්නට කුටු කුටු ගානවාය ...
ඒත් ආයෙත් ගමේ එවුවෝ ඉල්ලාගෙන කනවා ඇත ...

2015-11-11

ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!! // තිසර පට වරුණ



මාතලන් ලොක්ක  මගේ පොස්ස්ට් එකකට තැනක් දීල තිබුනනෙ ...  ඊයෙ ...

බොහෝ  වු ඉතා තදින් බැනලා  තිබුනා ලියන්නෙ  නැති  එක ගැනත් ...

ඉතිං එහෙම අපිට ආදරේ  කරන ජන  මනයා  ඉන්නකොට ලියන්න  හිතෙනවා ...

ඒත් කම්මැලියි  අප්ප දැන්  ...

 බුකියෙනම් ඔහේ කොටල  දානවා ...


 ටීචාලංකාරයෙන්  ආයෙ කරලියට නිසා  ඒ වගෙම  කයියකින්  අරඹන්න හිතුවා ...


ඇරබුවට  කොච්චර  දුර  යාවිද  දන්නෙ  නෑ ...

බලමු ...

ඒක කමක් නෑ ... උඹල්ගෙ  රෝලටත් මේක  ඈදා ගනිල්ලා ....



මෙන්න එහෙනම් ..


ජගත් කාන්තා ප්‍රජාවට පිදෙන උත්තමා .. චා ... ර ............. කවි ..!!!

තිසර පට වරුණ

______________________

නෙක හැඩ මවා පිරිමින් සිත මවිත කෙරූ
තන පට තමයි ගැහැණුන්ගේ රහස් කරූ
ඔසවා තබා දුටු දන මන මුලා කෙරූ
තිසර පට වනමි ගැහැණුන් බඳින යුරූ ...

කොටු කොට තබා යන්නට නොම නිදැල්ලේ
හැඩ තල මවයි මන බඳිනා ඇසිල්ලේ
රුව වඩවනා තුරු දහවල මුලුල්ලේ
තබා රකියි ඇගෙ හංසයො කැදැල්ලේ ..

අසුවී නොමැතිනම් පිරිමියකුගෙ අතට
එහෙමත් එකකි ඇත්තේ ලොකුවට යසට
කුමක් කරන්නද මඳිනම් හැඩ හිතට
අරන් බඳිනු මිස පුම්බපු පටි තනට

පොදුවේ " බොඩිය කියලා අපි කීවාට
දැන් නෑ " බොඩිය " බ්‍රා වී ඇත පොෂ් ලෙසට
අඳිනා ඇඳුමෙ හැටියට එක එක හැඩට
බඳිනා තිසර පටි කැටගරි වෙයි හෙනට

පුශප් , වොන්ඩර් , ඩෙමි , ෆ්රන්ට් ක්ලෝෂර් ද බ්‍රා
මිනිමයිසර් , කන්වර්ටබල් , මැටිනි බ්‍රා ..
තදට හිරට අකමැතිවට සොෆ්ට් කප් බ්‍රා
මේ හැම ගැනදැන හිටියොත් එලද බ්‍රා ...

කිරි දෙන දරු ඇති අය හට නර්සින් ද
උර පටි නැති ඒවට රේසර් බැක් ද
වෙස්ටන් මනාලියකට බ්‍රයිඩල් බ්‍රා ද
පටි ඕනෙම නෑ නම් ස්ට්‍රැප් ලිස් ද

පිටට දාර නොපෙනෙන ටී ශ්ට් බ්‍රා ද
දුවන පනින අයනම් ස්පොට් බ්‍රා ද
චූටි චූටි අය හටි ටෙයි න බ්‍රා ද
ඕනෙ තැනට සෙට් වෙන බිල්ඩ් ඉන් බ්‍රාද

මෙකී නොකී ඔය හැම එක එක බ්‍රාද
පෙන්න නොපෙන්නා හංගාගෙන අඳිනාද
හංගා ඇගේ සුදු මෘදු ලැම රැකුවාද
විටක පිරිමි හට වඳ කොතරම් වේද ..

කැන්ඩි , ෆැශන් බග් , නෝ ලිමිටුත් යනවා
ඔඩෙල් තිලකවර්ධන එක පීරනවා
එක එක පාට පටි ඇති නැති තෝරනවා
වැහුන රුවට රැවටී අපි ලණු කනවා ...

එල්ලී වැනෙනවා ගස් වැටකොලු වාගේ ...
හෙල්ලි වැනෙනවා අයියෝ තන මාගේ
මල්ලි අඩනවානම් කෙල්ලත් උබගේ
සල්ලි විසි කරොත් බඩු ඇත වෙඩි වාගේ ...



කතෘ දේපලකි .. කරුණාකර අයිතිය සුරකින්න ....
කොපි කිරීම / පිටපත් කර ලඟ තබාගැනීම / උපුටා ගැනීම / බද්දට හෝ කුලියට දීම / පාඩම් කර සමූහ ගායනය සපුරා තහනම්

කමෙන්ට් කිරීම සහ  ශ්‍යා කිරීම  පමණක් සෑහේ ....


2015-05-19

ලැට් එක / The Toilet


Ridma Kasun's photo.


ලැට් එක යනු මිනිසෙක් තම ජීවිතකාලයෙන් අවුරුදු දෙකක් පමන කාලයක් ගෙවා දමන. එක එක හැඩයේ .. එක එක විදියේ .. ඒ ඒ තට්ටම් වලට ගැලපෙන්නට බී බී මට්ටම් වලට හැදූ හැමෝටම ඉතා අත්‍යවශ්‍ය .. බොහෝ දෙනාගේ බොහෝ රහස් සැගවූ .. අති විසේස උත්කුස්ඨ අලංකාර විටක බයංකාර .. අතිරමණීය වාගේම මරණීය ...පියංකර මදුර මනෝහර පොට් එකකි ..
කක්කුස්සිය , වැසිකිලිය , ලැට් එක , බාතෘම්ම් එක, වොෂ් රූම් එක , රෙස්ට් රූම් එක ආදී වසයෙන් එක එක ආකාරයට නව්‍යකරණය වෙමින් දැන් දැන් කුඩා පවුලකට සතුටින් සමාදානයෙන් ජීවත් විය හැකි සයිස් එකට ඔය ලැට් සාදා තිබුනද ඈත අතීතයේ මිනිසාට මේ ආකාරයෙ පොට් එකක් තිබුනේ නැත ... වර්තමානයේ එසේ නොවුවද අතීතයේ සිට ම ලැට් එක නැමති පොට් එක වෙන්වී තිබුනේ අත්‍යාවශ්‍ය මානුසික ඕනෑකමක් වන " කක්කා කිරිමට " උවද ..
වර්තමානයේ ... චූ කිරීම , ස්‍වයං වින්දනේ යෙදීම , අම්මාට තාත්තට බිරිදට සැමියාට අසු නොවන පරිදි මොකක් හෝ පොඩි හොර ජිල්මාට් එකක් දැමීම, සිගරට් කංසා බීම , කුඩු ගැසීම , අරක්කු බීම , බඩු ගැසීමේ වගේ කර්තව්‍යන් කිරීම යොදා ගනියි .. බාත් රූම් වොශ් රූම් රෙස්ට් රූම් වැනි මෙහි මොඩිෆයි වර්ශන් වලට යනවානම් එසේ මොඩිපයි වීමට ප්‍රධාන හේතුව ඌ ස්ත්‍රී මනවයාගෙ ... අනවශ්‍ය රෝම ඉවත් කිරීම , අවශ්‍ය රෝමත් ඉවත් කිරීම හෙවත් මයිල් බෑම , බොහෝ රූපලාවන්‍ය කටයුතු වගේම එදිනෙදා රෙදි සේදීම , ඇඟ සේදීම, නෑම , රැවුල කැපීම , දත් මැදීම , තමගෙ රූ සපුව බැලීම වැනි පවිත්‍රථා කටයුතු වලටද , තවත් අය තමගෙ වාසස්ථානය ලෙසද ආදායම් මාර්ගය ලෙසදබාවිතා කොරයි .
විවිධ සුන්දර දර්ෂණ තලයන් වල කෙරුන සිනමා කර්මාන්තයේ අවදානයද දැන් දැන් මේ අත්බූත පොට් එක වෙත යොමුවී ඇති බව පෙනෙ ...
විදේස රටවල නම් මනවයා තම ජීවයේ අඛන්ඩතාවය රැකගැනීමේ ක්‍රියාවලියේ උච්චතම වස්ථාව විවිධ හැඩ තලවලට.. විවිධ ස්රූපයෙන් ..විවිද ශබ්ද රසයන්ද යොදාගෙන සිනමා පටවලට නගා ඇති අතර අප රටේ වෙන උන් ලැට් එකේ එසේ කරන ක්‍රියා කොහේවත් නැති හාල්පාරුවෙක් සිනමා පටයට නගා තිබෙනවා මට හමු වී ඇත ...
ගෙදරට ලැට් එකක් කිය පොට් එකක් හදාගනවා වගේම දැන් දැන් ලැට් වැනි පොට් ගෙදරක කාමරයක් කාමරයක් ගානෙ හදාගන්නට මිනිසුන් පෙලබී ඇත්තෙ ලැට් එක නැතුවම බැරි පොට් එකක් නිසා බව පෙනීයයි ...
අමුඩෙත් සමග පුක එකට කියවෙනවා වාගේම ලැට් එක සමග එකට කියවෙන වචනය වතුර වන අතර තමගෙ ලැට් එකට වතුර ගැසුවාට අනුන්ගෙ ලැට් එකේ අමාරුවෙන් හරි වැඩේ කරගත්තත් වතුර නොගසන පුරුද්දක් තිබෙන නිසා දැන් දැන් තමගෙ පොදු ස්තානවල තියෙන ලැට් පොට් වල
" පාවිච්චියෙන් පසු වතුර ගසන්න " යැයි බෝඩ් වල ලියා තිබෙනවා දැක ගත හැකිය ...
ලැට් එක ගැන වැදගත් කරුනු කාරණා රාසියක්‍ ය ..
මතක් වෙන දෙයක් ඇතිනම් කොමෙන්ටුවක් ලෙස කොටන ලෙස ඉල්ලා සිටිමි ...
අපි අපේ ලැට් වගේම අනුන්ගෙ ලැට් ද රැකගමු ....!!!
පාවිච්චියෙන් පසු හොදින් වතුර ගසමු ....!!!

2015-04-10

ප්‍රේමපූර්ණිකාව ( තද බල බූට් කෑ ලපයි සිපයිට හෘදයාබාද ඇතිකල හැකි බව කරුනාවෙන් සලකන්න)



ප්‍රේමය ...යනු කුමක්දැයි කියා ...

ඇට මුන් ඇට වෙන තර්ක විතර්ක තිබුනාට ...  

බොහෝ උන් රෙද්දෙර රෙවෙනා කවි ලීවාට..
 ගෝන අල බහින සයිස් වැල්  බයිල කීවාට..
ප්‍රේමය  යනු නිස්චිතවම මෙයයැයි  කීමට ..

දන්ත හේමමලාටවත් .. දස්කොන් ප්‍රෙමිලාටවත්  ..  රෝමියෝ ජුලියට්ට  තියා ..

එක වසරේ සිට ..

දහම්පාසලේ පන්තියේ පලවෙනියා වෙමින් මා තැබූ රෙකෝඩ් එකට කෙලවමින්   අවසාන ශ්‍රේණියට හිමිදිරි උදෑසන ඇති වූ මෝල් අමාරුවක් ලෙස පැරෂුට් දැම්මා වූද ..  දැකපු එකෙකුට අත දැමූ විට මයින පැටවු ඇතැයි සිතෙන බුරියට.. අගල් තුනහ මාරකටත් වඩා පහලට ළමා  සාරිය ඇන්දා වූද ...  බඩ ඉතා සුදු වූද..  මම ආසම ට්‍රයම්ප්, සයිස් 32  සුදුපාට තිති තිත් තිබුන රෝසපාට කුක්කු හැට්ටයේ කොහොම ඇතුලට දැම්මාදැයි හිතාගන්නට බැරි .. ඕගස්ට් එම්ස් , ටෙර පැට්‍රික්, ජෙඩා ස්ටීවන්ලාත් පදිරි තරමේ පුන් පයෝදර දැරුවා වූද ...   අනර්කලිත් පදිරි තරමේ කොමල දැම්මා වූද .. ලොකු හාමුදුරුවන්ගෙ උපසම්පදා සීලයත් තොලෝන්චි.. චකබ්ලාස්  වී යන්නා තරමේ ක්ලෝගාඩ්  ඇඩ් එකක්වත් දැක නැති ඉටිකිරිස්, අහිංසක, ප්‍රේමාන්විත.. සිනහවක් තිබුනා වූද ... පසු කලෙක ගාල්ලෙ බීච් එකේ සිට  කොළඹ පැත්තට..  මහමෝදර, දඩල්ල, නාරිගම, හික්කඩුව, බලපිටිය, කළුතර. ගල්කිස්ස .. අනිත් පැත්තට... රූමස්සල, උණවටුන, මිහිරිපැන්න,තල්පෙ, හබරාදූව, කොග්ගල, වැලිගම, මිරිස්ස, මාතර, මූදු වෙරලවල්වල... කඩල,පෝලෝ, මින්ට්, ග්ලූකෝරස කාරයන්ගෙ මඩි පුරවමින් කකුල් කොටවෙන තුරු... පුකෙ දියපට්ටා එනතුරු...  ගල් උඩ, මැද, යට .. වැටෙකෙයි පදුරුවල ..  සිමෙන්ති, ගල්, ලී, ෆයිබර්, බංකු වල, මැසි වල,  කොට උඩ  බෝටුටු උඩ  , රස්තියාදු වූද ...  ප්‍රින්ස් ..ප්‍රින්සස් .. ජීවන් .. කුවීන්ස්  සහ  තවත් නම මතක නැති ෆිල්ම් හෝල් ගානේ...  ඕඩීසී..  බැල්කනි.. බොක්ස්...  ශීට්  වල මකුණො මැරුවා වූද ...  පන්සලේ බෝ මලුව කොනේ .. විහාරගෙයි  මුල්ලේ ...  වැසිකිලි.. කැසිකිලි පල්ලේ සිට  .. සී ලයින්  .. උනවටුන බේ  ඉන් .. තරූශ  හොලිඩේ ඉන් .. ලෝටස් ගෙස්ට් වල  පවා යටගල පන්සලෙන්  ගෙනා කොඩි වැල් එල්ලා .. අඬා, දොඩා,රවා,පුප්පා,  මුකුළු වී... තොදොල් වී .. හුර්ර්ර්ර්ර්ර්ර්ර්තල් වී .. මහත් වූ පින් රැස්කරගත්තා වූද .....  ඒලෙවල් දිස්ත්‍රික් පස්ට් වී ..  ලෝකල් කැම්පස් හොද මදි වී..  මැල්බෝන් යුනිවසිටියක ඩිග්‍රි මදිවට පීඑච් ඩී ගැසුවා වූද ...  සික්ස් පැක් දැමූ කොල්ලන්ට ආස වී .. හොරෙන් සිගරට් බිවු විට තරහ වී .. බිත්තර රොටි සමග නිවුඩේල් යෝගට් කවා .. යකඩ පඩි උඩදාන්නට  ..අතින් වියදම් කර මාව ජිම් යැවුවා වූද .. පසු කලක  බඩ තඩි කලු කොට මැනික් මුදලාලි කෙනෙකුගේ පුතෙකු වූ කද මයිලෙක්ගෙ කරේ එල්ලී  යූ ඇස් ඒ සිට , ඌට කියා බඩ පුම්බාගෙන  රෙද්දකුත් ඇදගෙනම  බුකියේ මට පොටෝ එවන්නා වූද  ..  විසි ගනන් වලදී .. ගනන් වැරදී ගිය  අති රමණීය විටක මරණීය  පිප්ටි පසන්ට් ඩිස්කවුන් ලැබුනාවූ .. මගේ කුළුදුල් ප්‍රේම වෘතාන්ත වල එකක් වූද ...
පිංකි  අක්කාටවත් ...
බැරි විය .......

එහි අල ගිය තැන .. මුල ගිය තැන ... වැල ගිය තැන  ...  බවුන්ඩේසම  කැපූ තැන .. මුල් ගල් තැබූ තැන .. ගෙපල කැපූ තැන සොයා ගැනීමට

අටුවා .. ටීකා .. ටිප්පනි ..  රිප්පිඩි  .. ලේන් තැරි .. තියා ..
අලුත වැදූ මී ගොන්  පැටියාගෙ නෙස් ටී වගේ හොට් හොට් අමු කිරි ගොම බෙට්ට ... ඒ වැස්සිගේම බුරුල්ල කහ වතුරෙන් සෝදා .. .. දොවා ගන්නා ..   මගෙ පෙරපාසල් .. කිරිබබා ..කොස්කොල නැටි ලවු එක වූ ... නැවත දහය වසරේදි අහම්බෙන් හමු වී වෙසක් කාඩ් දී .. ඉහත කතාවම ටිකක් අඩුවෙන් රිපීට් වී.. පසුව එකීම  වෙඩින් කාඩ් එකක් අපෙ ගෙදරටම එවුවා වූ... සඳමාලි .. මොන්ඩිසෝරියේ  කොන්සට් එකේදි නැටූ  දීකිරි දීකිරි සිංදුවේ වගේ එලකිරි .. මීකිරි හට්ටියකකින් අනා .ඉරිවේරිය ගිරි - කටරොළු  - ගිනි බුරුත  - අමු ඉඟුරු - ගෙළ නික -කරාබු යන උපන් ගෙයි  දොස් නසනා බෙහෙත් වට්ටෝරුව ..දෙහි ඇඹුලෙන් .. මී පැණියෙන් අනා මිශ්‍ර කොට .. අසූවක් රෝග .. අට අනූවක්  ව්‍යාදි .. එකසිය එකක්  බූත දොස් නැති බංගස්ථාන වන්නට සර්ව බල දාරී අකිලිකටප්තේසි මත්‍රය එද්දාස් එකසිය අට වාරයක් මතුරා හත්පොලේ ගා තුන් වරුවක් ගිණි තැපුවද  ..

බැරිය ..

එහෙවු ඉලවුවේ ... 
බජාර් එකේ ලලක්කාගෙ ගර්බාසෙ වගේ මල ඉලවු බඩ කඩුත්තු අමන සක්කිලි ප්‍රේමය ගැන ...
ලබන ආත්මෙක මගේම දරුවෙක් වන්නට ප්‍රාර්ථනා කරනා  දැනට මාස පහ හයකඩ උඩදී අලුතෙන්  ලාතර පාස් වූ ඕයිසී මහතාගේ වික්‍රමාන්විත මතට තිත  ගේමෙන් අයිස් පයිස් වී ...  පන්සලේ හිටපු ප්‍රධාන දායක මැම්බර් පොඩි මහත්තය  මහත්තයාගෙ කසිකබල්  13 ශ්‍රී  ලදරං දංකුඩ ජිප් කබලටත් බයවෙමින් ... නයික් ස්නික්ර්ස් දමාගෙනම  ජක බක ගගා වෙලේ වැටි වැටි දුවා .... කැරකෝප්පුවේ රැය පහන් කර බෙල්ල බේරාගෙන ඇවිත් ඊට පසුවදාත් ගේමෙන්ම ඩීල් එක කරනා ලසාගෙන් ...  වැස්සෙ තෙමි තෙමි  ගොස්  හේමන්ත අයියාගෙ රේස් බුකියෙ ටකරං වහල යට සිකරට් තුනහ මාරකුත් පිට් එකට ලද කැප්ටන් උගුරු හතරපහකුත්  මම නොකෑවද ලග ඉදපු එකා බුලත් විඩ බාගයකුත් කනතුරු තෙමි තෙමි වේලි වේලි සිට .. ජොකා පල්ලෙ රදවාගෙන  " හෙට උදේට උයන්නද යකෝ මිරිස් ගෙනාවෙ" යැයි අරඹමින්..  අවුරුද්දක වැරදි එක පිට එක රිපීට් පිට රිපීට්  පෝලින් කරවා .. සූරියා අහවල් රාසියේ ගැට්ටේ සිටිනා මොහොතේ වසර ගානක් සිට සුපුරුදු , හුරුපුරුදු, කන් කලු අපෙ අම්මාගේ බැනුම් සංඝායනා සුනාමිටත් අසු වී ..  ගෙනා කංසා සුට්ට... රෝල් කරමින් උර උරා ඉන්න නිදි නැති තනි අදුරු මූසල තුප්පහි නිහඩ ජඩ ....  මාන්දමික ..  ශෝකාකූල  .. ව්‍යාකුල ..  ෆෑන් එකත් කැඩුන ... මදුරු කොයිලුත් ඉවර.. නෙටුත්  ස්ලෝ  රාත්‍රියකදී  පවා 

ගංජා ටික ඉවර වී .. ගෝල්ප් මක බෑවී .. කෝක් බෝතලෙත් සිදී ... . රිබිඩ්ඩ විසිවෙන තුරු ..  අන්තිම ගෝල් ලිප් එකේ බසිය නිකම හැලෙන තුරු ...  මොනිටර් ලිස්ස්ප් වෙන තුරු .. දෙපාරක් දොට්ට යනතුරු ..  පුක ඉරෙනකං තැටමුවද ..

බැරිය ...

මේ මහා යහං හෑල්ල ... දත් මිටි  කකා ..  මේසෙට ගගහා  .... කුනුහබ්බ කිය කියා ,,,  හිනා වෙවී ..  මට බැන බැන   කියවගෙන ප්‍රේමය මොකද්දැයි හොයාගෙන  ඉස්සා පුකේ දමාගෙන ආ තොපිලාට හොද වැඩේය ...

ඒක නිසා හොදම මේ මේන් මේ වගේ  වැඩගම්මකට නැති පුක් ගැටි වල සුලැගිල්ල නොදමා පාඩුවේ වැඩක් බලාගෙන .. බනක් තලාගෙන ..  අතක් මරාගෙන .. අහු උනොතින් .. වෙලකුත් කොටාගෙන  ඉන්න එකය ...

එතකොට පකින් ඕසං  ය ... !!!




2015-04-02

පොඩි මෑන් සෙල්ෆ් රැප් නම්බර් වන් .. .. - මගෙ ඇට දෙක -



මේ ඔන්ලයින් අවකාසෙට කාලෙන් කාලෙට එනවා එක එක අමුතු දේවල් ... ඒක එක ත්‍රෙන්ඩ් ...   ඉස්සරම බ්ලොග් වල මඩගහගන්න ත්‍රෙන්ඩ් තිබුනා ... බ්ලොග් ලියන උන් එලියෙදි හම්බලා කොරන් කියන එව මඩ ගහ ගත්ත ...  ඒ මඩවලට වටේ ඉන්න උන් පෝර දැම්ම ... 

එක එක ජනප්‍රිය බ්ලොග් වල පලවෙනි කමෙන්ට් එක දාන්න පුදුමු පුකේ අමරුවක් තිබුනේ ...  

පස්සෙ බ්ලොග් ලිවිල්ලත් ත්‍රෙන්ඩ් එකක් උනා ...  

බුකියෙත් මර ආතල් තියෙන්නෙ ...

කාලෙන් කාලෙට එක එක මල මගුල් එනවා ... බුකියටත් .. ...

ගෘප් එකක් හදාගන්නවා ... මොකක හරි සමාජ සත්කාරයක් කරනවා ... ඒවයෙ වලි ඇතිවෙනවා ..

උන් විප්ලවයක් කරල වෙන ගෘප් එකක් හදාගෙන යනවා ... අර තරහ වෙච්ච තුන් හතර දෙනා විතරයි වෙනස් එකම එවුන්මයි ඔක්කොම ගෘප් වල සුජීවයියගෙ නවකතා වගේ ...

පොෆයිල්  එකේ ඉන්න උන්ට බැනල දාන එකත් කාලයක් ත්‍රෙන්ඩ් එකක් විදියට ගියා .. 

මේකෙ ඉන්න බැරි එවුන් තොලෝන්චි වෙලා පලයවු කිය කිය හැම එකාම බනිනවා ... උන් රික්වෙස්ට් යැවුවෙ නැතිලු ..අනිත් එවුන්ලු රික්වෙස්ට් එවල තියෙන්නෙ ...
එතකොට මේ හැම එකාම පූට්ටු කරල තියෙන්නෙ සකබර්ක් කාරයා .. එකෙක්වත් වෙන එවුන්ට රික්වෙස්ට් දාලනෑ ...

පිස්සු බල්ලො වගෙ පොටෝ දැම්ම කාලයක් කන බොන ඒවයෙ ... ඒපාර ගෘප් හදාගෙන කියාගෙන කුස්සි පාටි වෙනම සෙට් උනා ... ඒවයෙ ඉන්නනම් හිත දෙන්නෙ නෑ අපි කොච්චර පවු කරලද කියල අපේ ආච්චි වගේ සීවලී හාමුදුරුවන්ට පහන් තියන්න හිතෙනවාලබන ආත්මෙවත් කෑම බීම යහමින් ලැබෙන්න කියල ... 

ඇයි සන්තානම් මෑනියනෙ උන්ගෙ දුප්පත් කෑම වෙලවල්වල එකසිය ගානට කරවෙච්ච කුකුල්ලු හායි ගාල හාන්සිවෙලා ඉන්නවා අපි කුකුල් අන්ඩක් කන්නෙ බ්‍රොයිල්ර් කුකුලෙක්ගෙ ජීවිත කාලෙටම එක සැරයයි ..


අපිට හවසට තේ බොන්න කියලා අපේ ගෙවල්වල අවුරුද්දටවත් හදන්නෙ නැති කැවිලි ජාති කැවුම් මුන්ගුලි ආස්මි ඔක්කොම හදනවා ... 

අයිස්ක්‍රීම් එකක් කඩෙන ගෙනාවම අපේ ගෙවල්වල උන් පෝලිමේ ඉන්නව උන්ට වටලප්පං අයිස් පුඩින් කැරමල් කස්ටට් හැමදාම ...
කොහොම හරි ඒකත් ටිකක් අඩුවෙලා ගියා ... එහෙම් කාපු උන් කොලෙස්ටරෝල් ඩයිබිටික් හැදිල මැරිලද කොහෙද ....

දැන් ත්‍රෙන්ඩ් එක සෙල්ෆ් රැප් ... මම දෙක තුනක් බැලුවා ... සෙල්ෆ් රැප් එකක් කරන්නනම් නිකන් 
බෑ 
මුලින්ම සිංදු කියන්න බැරි වෙන්න ඕනෙ ...
ඊලගට හොදට කට ඇරල කුණුහබ්බ කියන්න ඕනෙ ..
රෑට චූ කරන්න අම්මත් එක්ක එලියට ගියත් හෙන පජාත මැර රස්ත ලුක් එකක් ගන්න ඕනෙ ...

කෙල්ලෙක්නං සීයට පහෙ මල් ජංගිය යටට ඇන්දත් පියස් කරල කැප් එකක් හරහට දාන්නම ඕනෙ ...

මට ඕව් වීඩියෝ කොර කොර මේකෙ ඔබන්න කම්මැලියි අනිත් එක ඒපාර කැප් එකක් රස්ත බෑන්ඩ් වලලු මාල හොය හොය යන්න ඕනෙ ගමේ වටෙ කොල්ලොන්ගෙන් ...

ඒක නිසා ඔන්න ලියල දැම්ම ... 

අනේ කවුරු හරි මේකත් කියල වීඩියෝ එකක් දාපං ... කොපි අයිට්ස් එපා ..ආත්ම තෘප්තිය ඇති ..


ඕ යේ ... සෙල්ෆ් රැප් .. නබර් වන් ...
මද ෆකින් පොඩි මෑන් ... ..

යෝ යෝ ...
බත් කන හරක්කු 

කුලප්පු උනහම 
නැට්ටෙන් සට පට 
අල්ලල දෙකටම 
නවලා හොදටම 
නැට්ටෙ උඩ ගොම 
යට ගොම 
මැද ගොම 
ගොම ගොම 
රාආඅයි ... 
ඇද යට හිටගෙන 
ටොක්කක් වැදුනම 
අල්ලං හෙමිහිට 
ලිස්සන් පහතට 
ගෙවිලා මගෙ තුන 
නෙදකින් කලු පුක .. 
එලියට ආවම 
ඇට දෙක පුක වට 
නට නට ඉද ඉද ..
ගලවං හැලුනා 
දන්නෙම නැතුවම ..
නෙදකින් - ලොකු 
අම්මගෙ 
යටිබඩ ...
යේ යේ.. !!!

2015-03-27

දුමක ආතල් එක .. අතිසයින්ම දුම් බොනන්න සදහා පමනයි ...



කාලෙකට පස්සෙ බ්ලොගට බැහැල දාපු කතා දෙකට හොද  ප්‍රතිචාර තිබුනනෙ ...  අර ඒ කාලෙ ඉදල මේකෙ නසරානි වෙච්ච සෑම එහෙම තාම ඉන්නවා ... ඉස්සර මේකෙ පැල් බැදගෙන ඉදලා පස්සෙ පස්සෙ බුකියට බැහැල ඉන්නකොට මම හිතුවෙ   පරණ එවුන් මේකෙන් තොලෝන්චි වෙලා ඇති කියලා ... 

කොහොමින් කොහොම හරි තව කතාවක් මතක් උනා ... ඒකත් අර කලින් දාපු යාලුවො තුන් දෙනාගෙ එකක්ම තමයි ...  වෙරි වෙන එකයි .. මත් වෙන එකයි... පක් වෙන එකයි .... 

ඔය තුනේ වෙනස දන්නෙ නැතිනම් ඉතිං ඒක කියවල එන්න වෙයි ... 

බුකියෙන් සෙට් උන මත් වෙන එවුන් සෙට් එකක් එක්ක දුමක් දාල ආතල් එකේ කයියක් දාගෙන් ඉන්නකොට ඔය මම කලින් කියපු කතාව කිවුවම මේක මට කිවුවෙ බුකියෙ බොක්කක් වෙච්ච  සුරංග ලක්මාල්... 

ඉතිං ඒ ආතල් එකට මේ ආතල් එකට මේකත් පැට්ටට  චොකට් කේක් කෑලක් වගේ සෙට් වෙන නිසා ... 
ඔන්න එහෙනම් කොටල දානවා ... 

ඔන්න ඔය වෙරි වෙන එකයි... මත් වෙන එකයි... පක් වෙන එකයි ... වෙරි වෙන්න විදියක් නැතුව .. මත් වෙන්න විදියක් නැතුව .. පක් වෙන්නත් විදියක් නැතුව  සඳ බොද වෙලා නසරානි වෙලා ෆුල් අන්දොස් වෙලා ඉන්නවලු බීච් එකේ ගලක් උඩට වෙලා ... 

එහෙම ඈත බලාගෙන ඉන්නකොට ... ඉන්නකොට... ඉන්නකොට ...

 බොන එකා ... ඒ කියන්නෙ වෙරි වෙන එකා  කියනවලු

"මචං... මේ මුළු මූ...දම ගල් බෝතලයක් වෙලා, මේ ගල රෝස්කරපු මස් කුට්ටියක් වුණොත් කොහොමද අාතල් එක" කියලා.... 

ඕක අහගෙන ඉදල පක් වෙන එකා සික් එකේ  කිර කිර ඉඳල කිව්වලු

" මේ මුළු මූ...දම බවුව  පැකට් එකක් වෙලා , මේ ගල කිරිටොෆියක් වුණොත් කෝමද ආතල් එක" කියල

එතකොට මත් වෙන  එකා ඉන්නවලු මුහුදෙ ඈ...ත බලාගෙන 
හෙන කල්පනාවක. 

එහෙම ඉඳල කිව්වලු,

" මේ මුළු මූ...දම වැඩි සීනි ප්ලේන්ටියක් වෙලා, මේ ගල ජොයින්ට් පැකට් එකක් වෙලා, 

උඹල දෙන්නත් ගොල්ලිෆ් දෙකක් වුණානම් 

හම්මා ..... !!!
පකින් ඕසම් කිවුවලු ...
___________________________________________________


කතා දෙකක්  දැම්ම කිවුවනෙ ... මෙන්න ඊටත් කලින් එක ... ඒකනං ගංජ කතාවක් නෙවෙයි ...
මේ නිකං කෙල්ලෙක් ඩයරියක් ලියපු එකක් ගැන ... 


එහෙම ඩයරි ලිවිල්ල නිසා කෙලවී  යන පාසල් කාලෙ ආදරේ ගැන ...  ඔබ මගේ වෙලා ... මම ඔබේ වෙලා ...







2015-03-25

වෙරි වෙනවද ? මත් වෙනවද ?? පක් වෙනවද ???


කරන්න වැඩක් නැති උනාම ඉදල හිටල බ්ලොග් එක මතක් වෙනවා ...   ඒත් ලියන්න කම්මැලි ..  ඉස්සරනං පුක ඉරාගෙන බ්ලොග් ලිවුව ... බුකියෙ ශ්‍යා කරා .. කමෙට් වලට රිප්ලයි කරා...  ඒත් අනේ මන්ද ඇයි කියල ... දැන්නම් ඒ ඉස්ස හැලිලද කොහෙද  ..  

සිංඩි ටිකෙනුත්  එලවලා මම හිතන්නෙ ... 

ඕනම් දෙයක් එහෙම තමයි .. ටික කාලයයි ... 

නිකන්  ඉන්න වෙලාවට කම්මැලි වෙලාවට වෙන වැඩක් නැතිනම් ඉන්නෙ තනියමනං  දුමක් දාල ෆිල්ම් එකක් බලන්න තියෙනවනම් ... අන්න ආතල් එක ... 

නැතිනම්   ඒ වගේම මම කැමති හොද කයියක් ගහන්න ... ඔවු .. පරණ ජොකියො දෙන්න තුන්දෙකෙන් සෙට් වෙලා ලාවට පැට්ටෙක් මරල දුමක් අදිනගමන් කයියක් ගහන්න ... 

කයියක් ගහනව කියන්නෙ ඔය වල පල් දොඩවන එක තමයි ... 
සම්ප්‍රප්පලාප ...
ඒ කියන්නෙ හිස් වචන ... 
ඒත් ඔයි හිස් වචන වලට පුලුවන් අපේ ඔලුගෙඩි ඇතුලෙ තියෙන ඔක්කොම කුණු කන්දල් ටික එලියට අදින්න.. මිනිස්සුන්ට ඕනෙ ඒකයි ... 

නිකං ඉන්න වෙලාවට ඔය කුණු ටික එලියට අදිනව කියන්නෙ 
තමගෙ හිතේ තියෙන දේවල් කියවල එලියට යවන්න ... හිත නිදහස් කරගන්න .
වෙරි උනාම දොඩමළු වෙන්නෙ ඒ නිසා ... වෙරි උනාට වඩා දොඩමලු වෙන්නෙ මත් උනාම ... ඉතිං ඒක ට හැබැයි සෙට් වෙන්න ඕනෙ .. ගෑණුනම් ඉතිං බිවුව නොබිවුව කියල වෙනසක් තියෙන එකක්යැ ...
ඒත් තව සමහරු කැමති අඩියක් එහෙම ගැහුමාව සිංදු කියන්න ... නටන්න කෑගහන්න හූ තියන්න ..
මත්වෙන එකෙයි .. වෙරිවෙන එකෙයි වෙනස ඒකයි ...
එතකොට පක් වෙනව කියන්නෙ ...??
ඔවු ඒ වචනෙ තේරුම වගේ එකක් තමයි .. එහෙම වෙන්නෙ බවුව දාන අය ... උන් කැමති හීන ලෝකෙ හිරවෙන්න ...
මත් වීමයි ... වෙරි වීමයි.... පක් වීමයි වෙනස් ...
ඔය වෙනස හොදටම පෙන්නන කතාවක් තියෙනව ....
පැට්ටෙක් බාගෙට සෙන්ටිමෙන්ටල් කරල ඉන්න වෙලාවෙ  ඔන්න එහෙනම් ඒ කතාවත් මෙහෙම කියන්නම්කො ... 


එකම බෝඩිමේ ඉන්න යාලුවො තුන්දෙනෙක් හිටියලු .. 
එකෙක් හොද බෙබෙක් ...
අනික මලෙක් ... 
අනික බවුව කාරයෙක් .. ඒ කියන්න් කුඩු
ඔන්න දවසක් තුන්දෙනා තම තමන්ගෙ ආතල් අරගෙන රෑ වෙලා ආයෙත් එනවලු බෝඩිමට ... යතුර තිබිල තියෙන්නෙ බීපු එකා ගාව ඌ යතුර හලාගෙන ... ඌ කියනවලු ..
" මෙ ලබ්බ හරියන්නෙ නෑ ... කඩනො ඩෝ මම ඩොර ... "
වෙරි උනාම සිහිය නෑ ඉතිං අමතක වෙනවා .. ඒවගේම කලහකාරී .... වලි බරයි ...
මත් වෙච්ච එකා කිවුවලු ...
"පිස්සු කෙලින්න එපා .. අපි ආපු පාරෙ තමයි යතුර වැටිල ඇත්තෙ ... ගිහින් හෙමීට යතුර හොයාගෙන ඇවිත් දොර ඇරල ඇතුලට යමූ .. අනික තව ටිකකින් එලිය වැටෙයි යතුර පේනව එතකොට .. ඒක නිසා හිමීට යතුර හොයාගෙන යන් .. කලබල වෙලා ආතල්නම් කඩන්න එපා .."
මත් උනාම කලබල නෑ ... කට්ටිය පාඩුවෙමයි ඉන්නෙ ...
එතකොට අනිත් එකා .. බවුව කාරයා ....
" සිග් .... හිග් .... 
මම මීදුමක් වෙලා හෙමීමීමීමී ට දොර හිලෙන් ඇතුලට යන්නම් ... උබල යතුරු හොයන් වරෙන් .... "
ඌ පක් වෙලා .... 
________________________
අන්න ඒක නිසා වෙරි වෙන්න එපා ... පක් වෙන්න එපා ...  වෙරිත් ඕනෙ නෑ ... ගානට මත් උනානං 

පකින් ඕසම් .... !!!