2012-02-11
ඇය
ළඟින් හිඳින
සිනා සලන
විටක රවන
යෙහෙළිය ඇය....
සළුව ලිහන
හෙළුව යොමන
ඇඟ විකුණන
වේසිය ඇය....
ළමයි වදන
උන්ව හදන
රැහේ රකින
පතිනිය ඇය....
කතර මැවෙන
මුවන් මරණ
බොරුවෙ උපත
මිරිඟුව ඇය...
හිත් බරවෙන
ඇස් රතුවෙන
ඔතප් බිඳින
මීවිත ඇය...
අඳුර නසන
පිස්සු හදන
බල්ලො බුරන
පුන් සඳ ඇය...
ලොවම සදන
දිරිය ගෙනෙන
මතු බුදුවන
අම්මා ඇය....
සැවොම බනින
සැවොම වඳින
ඇයත් නොහැඳි
ගැහැනිය ඇය....
කලින් ගොතාපුවා _______________
නැති ඇති
කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්
වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග
සම්මතයෙන් එහා අසම්මතයට නොයා
තියෙන ගොඩ
ගොතාපු ඒවා,
මෙලෝ රහක් නෑ
Subscribe to:
Post Comments (Atom)
//සැවොම බනින
ReplyDeleteසැවොම වඳින
ඇයත් නොහැඳි
ගැහැනිය ඇය....//
මේ ටික නම් ෆට්ට... පින්තුරේ සම්බන්ධෙ මොකක්ද අෆ්ෆා??
ෆුල් කම්පිලිකේටඩ්.... :D :D
Deleteහැකැ හැකැ...
ReplyDeleteබක බක
Deleteසිරා කොල්ලෝ
ReplyDeleteමේකනේ ඇත්ත
තැන්කෝ...:)
Deleteසැවොම බනින
ReplyDeleteසැවොම වඳින
ඇයත් නොහැඳි
ගැහැනිය ඇය....
me tikata man mara kemathiyi...ban.
තැන්කෝ තැන්කෝ.... :)
Deleteමේකට මාත් ලයික් පොඩි මෑන්...
ReplyDeleteස්තූතියි.... :)
Deleteමේ පාරනං ඔක්කොම එකතුකරල පත අට එකට හින්දල දීල තෙයෙන්නෙ......මේක කියෙවුවට පස්සෙ පිංතූරකෑල්ල දිහා බලං හිටිය...... ඔවුබං ලෝකෙම නව තිනෙව.... සහතිකෙන්ම.......ලෝකෙ පවත්වගෙන යන්නෙත් උං හම්බානක අවලං කතා අහන්නෙත් උං... කප්පරක් දුක් උහුලන්නෙත් උං......
ReplyDeleteX-=Porter
ලෝකෙ විනාස කරන්නෙත් උන් කප්පරක් දුක් දෙන්නෙත් උන්.. අම්බානෙක අවලංකතා කියන්නෙත් උන්
Deleteඅනේ මන්දා මේ ලෝකේ හැමදේටම මුල "ඇය"
ReplyDeleteහැමදේකම අවසානය වෙන්නත් පුලුවන් :)
Deleteපින්තුරේ දිහා ට්කක් වෙලා බලාගෙන ඉදලා කවිය කියවන්න පටන්
ReplyDeleteගත්තා පදේට එක ගානේ මාර්ග සලකුණු පෙන්න ගත්තා
ඇත්ත ලෙසටම ලියලා තියනවා
එල පොඩිඩෝ
ඇය නැත්නම් ඉන්ටර්නෙටුත් නැ.. :)
ReplyDeleteඅපිත් නැ
ලොවත් නැ..
ලෝක වෙළද පොලත් නැ..!!
පිංතුරෙන් කියන දේ නම් පැහැදිලි මට :)
උබත් නෑ මාත් නෑ :D
Deletew = washing machine
ReplyDeletei = ironing person
f = f##king machine
e = etc
w = wonderful
Deletei = Item
f = for
e = every night
W ithout
DeleteI nformation
F ighting
E vrytime!
This comment has been removed by the author.
DeleteW - Wonderful
DeleteI - Instrument for
F - F***ing and
E - Entertainment
කියන්න දේයක් නෑ. සුපිරියි පොඩ්ඩෝ....
ReplyDeleteඇත්තටම හොඳයි බං.....
ReplyDeleteමජං නැතුව පහක් දාන්න පුළුවන්...
ඕ....යේ.... තෑන්කූ මචං...
Deleteඑල.වදාපු ඈ ගැන මෙහෙමත් කෙනෙක් ලියල තිබුන.
ReplyDeletehttp://navifantasy.blogspot.com/2011/01/blog-post.html
වදාපු ගෑණි ගැන පොඩිමෑනුත් මෙහෙම ලියල තියෙනවා...
Deletehttp://mamaiarui.blogspot.com/2011/12/2-18.html
ලොවම සදන
ReplyDeleteදිරිය ගෙනෙන
මතු බුදුවන
අම්මා ඇය....
ලොකු ඇත්තක්
ඇයි අනිත් ඒව බොරුද ?
Deleteඋතුර දකුණ මාරු වෙලා...
ReplyDeleteඒ විතරද වයඹ ගිනිකොත මාරුවෙනව බං...
Deleteමාව නරක් වුණොත් තෝ තමයි අල්ල ගන්නෙ පොඩි එකෝ..
ReplyDeleteඋබේ මොනව නරක් වෙන්නද අමුතුවෙන් ලොකු පැණීයෝ... ??
Delete//සැවොම බනින
ReplyDeleteසැවොම වඳින
ඇයත් නොහැඳි
ගැහැනිය ඇය....//
මේ ටිකට මම කැමතියි..:) පින්තූරෙනම් තේරෙන්නෙ නෑ... o_O
ඔය පිතූරෙ තියෙන විදියට අපිට කොහේටවත් යන්න බෑ නවතිනව ඇරෙන්න... ස්ත්‍රිය කියන මාත්රිකාව ගත්තත් අපිට කොහෙටවත් හැරෙන්න බෑ හරි නිගමනෙකට ඇවිත්... අපිට වෙනව නවතින්න ... අරපැත්ත හරි මේපැත්ත හරි කියල අපිට එක පැත්තක් විතරක් අරගෙන කතාකරන්න බෑ.. අන්න ඒ අදහස එන්නයි මම දැම්මෙ ,,,
Deleteඋදුම්බර භවං පුෂ්ප ශ්වේත වර්ණංච කාකයෝ
ReplyDeleteමත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත් නාරිචිත්තං න විශ්වාසෙත්
දර්ශනං චිත්ත වෛකල්‍යං ස්පර්ශනං ධන නසනං
ශයනං මරණං කුයර්යාති ස්ත්‍රී ප්රත්යක්ෂ රාක්ෂසී
තේරුම දාපං... හරියට මතත මතක නෑ.. අර මාලුවන්ගෙර් පාද සටහන් ජලේ ඇතයි කීවත් සුදුවපාට කක්කො ඇතයි කීවත් විස්වාස ක්රන්න ස්ත්රියකගෙ හිත විස්වාස කරන්න එපා කියන ටික විතරයි මතක...
Delete1. දිඹුල් ගසෙහි මල්ද සුදු කපුටන්ද දියෙහි මසුන්ගේ පා සටහන්ද දුටුවායයි කීම විශ්වාස කලත් ස්ත්‍රියකගේ සිත නම් විශ්වාස නොකල යුතුය
Delete2.තරුණ ස්ත්‍රීන් දැකීමෙන් පිරිමියාගෙ චිත්තය විකල් වීමද ස්පර්ෂයෙන් වස්තු හානියද වැලඳ ගැනීමෙන් මරණයද ලඟා වන බැවින් ස්ත්‍රිය ප්‍රත්‍යක්ශයෙන්ම රාක්ෂියක්ය
“සැවොම බනින
ReplyDeleteසැවොම වඳින
ඇයත් නොහැඳි
ගැහැනිය ඇය....“
මසුරන් වචන ටික අයියෝ......
එහෙනං සල්ලි දියං... :D
Deleteකොහෙවත් නොයා එතනම වචන හරඹය රස වින්දා පොඩ්ඩා..නියමයි !
ReplyDeleteඅන්න පොයින්ට් එක.. ජය වේවා...!!!
Deleteහරිම අමුතු වචන හරඹයක් මාර ගති අදහස් නම් මාර පටිටයි
ReplyDeleteස්තූතියි... :)
Deleteසිරාවට.. ඇතත් බැහැ නැතැත් බැහැ.. ගැහැණිය.. !
ReplyDeletemaxa වදන් ටික ආ...
ReplyDeleteමාරු කතාව!!!
ReplyDeleteසිරාවටම ගැහැණිය කියන්නේ ප්‍රහේලිකාවක් තමයි!!!
හ්ම්.....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔක්කොම එකාමයි නේ! :O
ReplyDeleteපද ටික නං සහතික ඇත්ත.....
ReplyDelete