2011-05-30

මතකද ??

            බ්ලොග් එක පටන් අරන් දෙවනි දවසෙම මම දාපු පලවෙනි කවියටම බ්ලොග් අවකාශයේ  දැවැන්තයෙක්   හොද ප්‍රතිචාරයක් දුන්නා ... හිතට ආව සන්තෝසෙ නිසාම ඔන්න දැම්ම තවත් කවියක්.. කවියක් කිවුවට කවි පෙලක්.. කලින් එක වගේම...



                                               
                                                
                                එක දවසක් රෑ ගල් පඩි පෙල උඩ
                                ඉදගෙන අපි හද බැලු හැටි මතකද....
                                නුඹෙ ඔය වත මගෙ උරයෙ හොවාගෙන
                                හද අල්ලන්නට හැදු හැටි මතකද....

                                බිංදු බිංදු පිනි එක එක වැටි වැටි 

                                අපි දෙන්නා රෑ තෙමුනා මතකද....                        
                                හමනා හුලගට හීතල දැනුනම
                                නුඹ තව තුරුලට ආ හැටි මතකද....

                                ඇසි දෙක පියාන තුරුලේ හිදගෙන
                                ඉද හිට ටික ටික හිනැහුන මතකද...
                                ඔය කොපුලේ පිනි බිදු එක එක මම
                                සැරින් සැරේ රස බැලුවා මතකද....

තාම තියෙනවා මං ලග...

                                          
                                         සුළං රළක පාව ආපු
                                           නුබේ සුවදින් පොට්ටු තියපු
                                         පුංචි එකම මල් පෙත්තක්
                                       තාම තියෙනවා මං ලග
                                          අරන්තියල පරිස්සමට..

                                         රෑ පින්නට යටින් ආපු
                                              ඔය කොපුලේ පාට බීපු
                                         එකම පුංචි කදුලු බිදක්
                                       තාම තියෙනවා මං ලග
                                           අරන් තියල පරිස්සමට..

                                         මුතු බෙල්ලෙක් අතේ එවපු
                                       ඔය ඇස්වල දිස්නෙ දීපු
                                           එකම පුංචි මුතු ඇටයක්
                                       තාම තියෙනවා මං ලග
                                       අරන් තියල පරිස්සමට...

2011-05-29

හදපානෙ නිරුවත් වානරයා 2



ඔන්න තුන්දෙනත් එක්ක උපන් ඇදුමෙන්ම ගස් වලට බඩ ගෑව... අනිත් උන් දෙන්නට වගේ නොවුනත් පවුද්ගලික අවයව වලට අවම හානි වෙන විදියට ගහට නගින්න මට ටිකක් වෙලා ගියා...ඔන්න කස්ටිය කුරුම්බ කඩ්ඩනව එකසිය ගානට... පහල එවුන් අල්ලනව... ගහේ කදේ නැවතිල ඉන්න බැරි නිසා මම නැග්ග කරටියටම. නැගල හිතේ හැටියට උපන් ඇදුමෙන් හදාපානෙ හොර කුරුම්බ කඩනව... ශා.... කවි සිතුවිලි පහල වෙන වෙලාවක්... ඒත් ඔය මගේ කවි සිතුවිලිම මට කෙලවයි කියල කවුද හත්දෙයියනේ දන්නෙ හැබෑවට.. කවි සිතුවිලි වලින් මන් මත් වෙලා ඉදපු මට මුරකාරය එනව කියල අනිත් උන්ගෙ අනතුරු ඇගවීම ඇහුනෙ කවුදෝ නිරුවත් වානරයෙක් පොල් ගහෙන් පැනලා පස්සට පෙට්ට්‍රල් ගහපු බල්ලෙක් වගෙ පන එපා කියල දුවනව යාන්තමට දැකල මොකක්ද වෙන්නෙ කියල යාන්තමට සෝදිසි කරල බලද්දියි...
අම්ම ගහයි බැට් එකෙන්.... වත්ත බලාගන්න ඉදිය දෙමල මුරකාරයා(පස්සෙ දැනගත් විදියට මුරකාරය මඩකලපුවෙන් පැමිනි දෙමල පෙරියදොරේ කෙනෙක් විය) සිංහල දෙමල කියල වෙනසක් නැතුව ජාතිය අමතමින් තඩි ටෝච් එකකුත් අරගෙන ටිකක් එහායින් කෙලගෙන එනව... අතේ තඩි පොල්ලකුත් තියෙනව... අහු උනොත් කනව ලෙසටම අයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.. එහෙම කියල ගහේ ඉන්නයැ... මාත් පුලුවන් ඉක්මනට දඩි පඩි ගාල ගහෙන් බහින්න සෙට් උනා.. මම කරටියෙන් බැහැල කදට අඩිය තිබ්බ විතරයි මෙන්න බොලේ මුරකාරය ගහයට... දැන්නම් හීන් දාඩියත් එක්ක මහ දාඩියත් දාල... අත අතාඑරිල දැන් වැටෙයි දැන්වැටෙයි වගේ.... කකුල් දෙකත් ගැහෙනව... යකෝ.. ඒමදිවට අදුමුත් නෑ..... කොහොමද පොල්ලෙන් එකසියගානට කාල එලිවෙනකන් ගස් බැදල තිබුනොත් පොල් හොරා කියල බෝඩ් එකකුත් ගහල... හත්වලාමයි.......!!! මේ අස්සෙ මේවත් මැවිල පේනව
කොච්චර මහඹබා සීන් දැම්මත් පොඩි සූටි චාන්ස් එක් හරි දෙනවාමයි.....
පෙරියදොරේ ගහ යටට ඇවිත් අම්ම මෝ නැති වෙනක්ම් කෑ ගැහුවට උඩ බැලුවෙ නෑ... ගස් දෙකකින් දෙන්නෙක් පැනල අමු නිර්වස්තරෙන් දුවනව දැකල මිනිහට මොලේ කොලොප්පන් වෙච්ච නිසාද නැත්නම් තව කවුරු හරි නෑ කියල හිතපු නිසාද මොකද මම දන්නෙ නෑ මිනිහ කොහොම හරි උඩ බැලුවෙ නෑ.. ටිකක් එහාට වෙන්න පදුරුවල හැංගිල ඉන්න උන් මට දැන් පේනව... උන් අතින් කියනව ඔහොමම ඉන්න කියල... උන් කියාවි මම එපැයි ඉන්න... තව විනාඩියක්වත් ඉන්න බෑ අත් ඇතඇරිල මම වැටෙනව මුරකාරයගෙ කකුල් දෙක මුලට අයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ බුදුශූවර්... අයෙ උඩට නගින්නත් බෑ නිකන්වත් සද්දයක් ඇහිල පොර උඩ බැලුවොත් සුං......
මරන බය යටිපතුලෙන් පටන් අරගෙන ඔලුවටම එනකොට මගේ ටිකිරි මොලේට ආව අයිඩියා එකක්... දෙන්නම් සෙල්ල ශාමි මම උඹට..... මම හිමීන් සද්දෙ නෑහෙන්න් කැඩුව හොද ලොකු පොල් ගෙඩියක්... කඩල එල්ල ගත්ත කටේ... බැස්ස තව අඩියක් දෙකක්... තාමත් මුරකාරයට මෙලෝ සිහියක් නෑ ලවක් දෙවක් නැතුව බනිනවා..


"යක්කො.. මේ ක උම්බලංගේ අම්මගෙ අප්පගෙ වශ්තුවද ? ත්ප්පිලන්ට හෝනෙ හෝනෙ වෙලාවට කාඩාගෙන යන්න... අහුඋනානම් කඩන්නවා අන්ඩු... එන්කගල් වාන්ගට්ට අලෝරුක්කුම නීන්න්ග...@$#%#$$& 56‍ය්%&#@$%^^ඌඊ?{}.."


මම හොදට ටාගට් කරල අතඇරියා පොරගෙ ඔලුවට පොල් ගෙඩිය... අඩි පාලවක් විතර උඩ ඉදල පත සයිස් කලටි ගෙඩිය වැටුන පොරගෙ ඔලුවට ඩිංංං ගාල....
"ආඩවනෙ,,,,,,,,,,,,,,!!!!" පොර ඔලුව බදාගෙන බිමට පහත් වෙද්දි අඩියට දෙකට පුලුවන් තරම් දුර බැහපු මම එතනින් බිමට පැනල පන එපා කියල දිවුව වෙල පැත්තට... මගදි මගේ සහායක දාවකයොත් එක් උනා මාත් එක්ක.. එතනින් වෙලට පැනගනිපු අපි එක් රැස් කරගත් නිදානයත් කර තියාගෙන වෙලද නියරද නොබලා දිවුවා...
වෙල් යාය කොනට එනකම් දුවල ඇවිත් ඇලෙන් ඇගපතත් හෝදගෙන බඩගිනිත් නිවාගෙන ඇදුමුත් ඇදගෙන හොදළමයි වගේ අයෙමත් 3.30 විතර වෙනකොට මලගෙදරට ලගා උනා......


අපි කල පසු විපරමකට අනුව පෙරියදොරේ අංකල්ගෙ ඔලුව චුට්ටක් පැලිලා තිබුනා එකච්චරයි.. ඒවගේම
පවුද්ගලික අය වැය සදාහා ගැනිය නොහැකි තරම් අලාබයක් සිදුවී තිබුනා

හදපානෙ නිරුවත් වානරයා 1

මොකටද පරක්කු කරන්නෙ... ඔන්න අද පටන් ගත්තට බ්ලොග් එක අදම දානව පෝස්ට් එකක් කලින් ලිවුවෙ අර ඉතිං හදුන්වාදීම වගේ එකක්නෙ.. ඒ කියන්නෙ පෙරවදන කොහෙදෝ එක.. හරි මේක මම  කලින්ම මගේ ලට්ට ලොට්ට ගොඩ අවුස්සල බුකියේ ගෲප් එකකට දැම්මා ඒ ලියපු විදියටම මේකෙත් දානවා බ්ලොග් එකෙ පටන්ගන්නකොටම පෙරවදන ලියනව වගේ පෝස්ට් එකටත් පෙරවදනක් ලියන්නම ඕනෙ නැත්නම් ඉතින් මොකක්ද වගේ.. තාම පටන්ගත්ත විතරනෙ.. ඕන මගුලක් ඔන්න මගේ ලට්ට ලොට්ට ගොඩ අවුස්සල ගනිපු පලවෙනි ලට්ටෙ හරි ලොට්ටෙ හරි මොකක් හරි..




                 යකෝ මැරිච්ච එකා මැරුණා.. ඒ වෙනුවෙන් ආපු එවුනුත් දැන් මැරෙන්න යනව මේ ගෙදර එකාලන්ට ගානක් නැති හැටි.. දැන් 12 ත් පහුවෙලා තාම එකෙක් කිවුවද ඔය ළමයිත් බත් ඩිංගක් කන්න කියල.. අපිටත් ඉතිං හොද පාඩන් .. මල ගෙදරක් කිවුවොත් අපි එතන.. ආයෙ ඉතිං හෝදන්න දෙයක් නෑ ඒකෙ.... මැරිච්ච් එකා සුදුද කලුද කියලවත් අපි දකින්නෙ නෑ සමහර වෙලාවට.. මේකත් ඉතිං ඒ කැටගරියෙම එකක් තමයි...අපෙ එකෙක් හවස දුවගෙන ඇවිල්ල කියනව මලගෙදරක් කියල... තව එකෙක්ගෙ බාප්ප කෙනෙක්ලු....ඉතින් අපිත් කෙලගෙන ආව.. බාපාද පුංචි අම්මද වැඩක් නෑනෙ මැරුනෙ. කවුරු හරි මැරිලනෙ... කොහොම හරි කොහොම හරි පැය 2ක් විතර බස් හුචක්කුවකත් ඇවිත් මලගෙදරට ඇවිල්ලත් පැය දෙකකට වැඩියි... හප්පා... උහුලන්න බෑ බඩේ ගින්දර..ඇවිල්ල කන්න නැතිවෙන කොට තමයි මලගෙදර වෙච්ච එකාගෙයි මැරිච්ච එකාගෙයි පතුරු යන්නෙ
"යකෝ පැංචෝ... උබලයි බාප්පා කිවුව නේ ද මැරිල ඉන්නෙ... පුංචි අම්මත් ඊට කලින්ම ටිකට් කපාගෙනද... බත් ඩිංගක් කන්න එන්න කියන්න එකෙක් නැත්ත යකෝ...."
"මේ උඹවත් ගිහින් බලපන්කො.. උඹලගෙනෙ යකෝ නෑදෑයො මලගෙදරට ආපු එවුන්ට ඔහොමද සලකන්නෙ..."
අනේ බං පැංචො මාර බඩගිනි මොනව හරි කරපන්කො"
පැංචගෙ තමයි බාප්පද කවුද මැරිල තියෙන්නෙ.. සෙට් එකේ හැම එකාම පැංචට බර බරේ දාන්න ගත්තෙ බඩගිනි වැඩි කමටමයි
"නෑදෑයො කිවුවට ටිකක් දුරින් බං... මෙහෙ අය මම එච්චර අදුනන්නෙ නෑ..."
අපෙ එවුන්ගෙ කෙලවරක් නැති අවලාද හමුවෙ මෙච්චර වෙලා නිහඩව ඉදපු පැංචා කට ඇරියා..
"මොන .............. මෙ කියන්නෙ ? දැන් තොපේ බාපා කිවුව නේ ද මැරුනෙ..??"
ඌ කියපු කතාවට මටත් මල පැන්නා... හොද වෙලාවට මම කට අරින්න කලින් අභිඳර්ම පාටෙකුත් එක්කම අමිලය ප්‍රස්නෙ අහුවා..
නැත්නම් ඉතිං මගෙන්නම් දෙක තුනක්වත් කියවෙනව.. ඒ තරමට බඩගිණි.. ඇස් දෙක පේන්නෙත් නෑ වගෙ. වචනත් ගොත ගැහෙනව..
"බාප්ප කෙනෙක් තමයි බං..."
"කෙනෙක්..?"
"බාප්ප කිවුවට අපෙ බාපාගෙ මස්සිනා ඉන්නවනෙ ඒ කියන්නෙ පුංචි අම්මගෙ මල්ලි... අන්න පොර බැදපු එක්කෙනාගෙ ලොකු තාත්තගෙ පුතෙක්කද කොහෙදො...."
ඔන්න නෑද කම.....
"තොගෙ @$%%^%#@@$#%^&^*&(**&%^%$#@....." තොට පිස්ස්සුද මූකල් බස්සො.. තො එහෙනම් අපිට කිවුවෙ බාප්පා කියල..#$^#%^$%
තෝවත් දන්නෙ නැති ගන් කබරයො මැරුනාම අපි මලගෙවල් වල ඇදගෙන එන්න.... ආ ඒක කමක් නෑ කියමුකො වතුර උගුරක් බිවුවද ආවට පස්සෙ...කියපං මට "
කෑදරටත් හොදටම මල පැනල.. පොරට කෑදර කියන්නෙ නිකන් නෙවෙයි.. ඌට බඩගිනි වැඩි වේගෙන එනකොට මොලේට ලේ යන නහරෙ වැහෙනව... ඊට පස්සෙ කට සහ සරීරෙ විතරයි වැඩ කරන්නෙ මොලේ නෑ... මම බයේ ඉදියෙ කෑදර ඒ තත්වෙට මොන වෙලාවෙ පත් වෙයිද කියල .... එහෙම උනොත් පැංචගෙ මල ගෙදරත් අපිට නයිටක් ගහන්න වෙනව ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ ... ඒක නිස මම බබාට ඌව ඇහෙන් පෙන්නුවා.. මොන හරි උනොත් අල්ලගන්නෙ නැතෑ.. කෝකටත් සූදානම් සරීරෙ හොදයිනෙ..
"මම පොඩි මල්ලිට කිවුවෙ බාප්ප කෙනෙක් කියල බං... ඌනෙ ඇවිත් කියල තියෙන්නෙ බාප්ප කියල මම මොනව කරන්නද..."
පැංචත් අපේ එවුන්ගෙ රැවුම් ගෙරවුම් වලින් බේරෙන්න නිදහසට කරුනු කියනව... දැන් ඉතිං මුන් දෙන්නගෙම බඩමාලු කෑවත් මදිනෙ මොනව කරන්නද...ශිකේ ශිකේ.... කෑවයින් කෑවෙ නෑ මෙහෙම කට්ටක්.... නොදකින් විතරක්....
"මෙ මේ මගුල හරියන්නෙ නෑ යමන් කුරුම්බයක්වත් බාමු නැත්නම් ඉතිං බඩගින්නෙ මැරෙනව..."
ඔය තියෙන්නෙ අප්ප ටිංකිරි අදහස්... බඩගිනි වැඩි වෙනකොට තමයි අපේ උන්ගෙ ටිකිරි මොල ටික වැඩ කරන්නෙ කෑදරයගෙ ඇර..
චූටිය කියපු කතාවට කවුරුත් එක පයින් කැමති උනා... ඒ ත් ඉතින් පුරුදු ප්‍රාන්තෙත් නෙවෙයි.. එහෙම කියල පුලුවන්ද කැලේ මාරු උනාට කොටියගෙ අර මොක්ද එක මාරු වෙන්නෙ නෑ කියනවනෙ..
කස්ටියම එකා දෙන්න පල්ලම් බැස්ස... මල ගෙදර ඉස්සරහම තියෙන්නෙ ලොකු වෙල් යායක්. ඒ අයිනෙන්ම පාර... හද එලියට සෑහෙන්න දුර පේනව මාරම ලස්සනයි... ඒ උනාට අපෙ රසවින්දර හැකියාවත් යටපත් කරගෙන බඩගින්න ඔලුවටම ගහලයි තිබුනෙ.. අපි ටික දෙනා හිමීට වෙල අයින දිගේ වැටිල තියෙන පාර දිගේ ඇවිතගෙන යනව...මිශන් ඔෆ් බඩගිනි මානුසික මෙහෙයුම උදෙසා...
ලබල තිබුන ග්‍රහය ඒ තරම් නරක නෑ වගේ.. වෙල් යාය ඉවරවෙන තැනම තියෙනව ලොකු පොල් වත්තක්ම.. ඔන්න දැන් සෙට් එකේම මූනෙ හිනා ඉරවල් මතුවෙනවා...
"මෙ තියෙන්නෙ බඩු.. හැබැයි ගස් තමයි උස..."
චූටිය ඉනට අත් දෙකත් ගහගෙන පොල් වත්ත දිහා බලාගෙනඉන්නෙ නිකන් කාලෙකින් තමන්ගෙ වත්ත බලන්න ආව අයිති කාරය වගේ
"එහෙනම් උඹ කොට ගස් හොයපං.. හරියට මූ නගිනව වගේ.. "
නතා දැම්ම චූටියට උදැල්ල.. නාත තමයි අපෙ සෙට් එකේ සුපර්ම ෆ්යිලට... ගහක් කොච්චර උසද පොරට ගානක් නෑ...
"නෑ ඉතිං උබලගෙ හොදටනෙ බං කිවුවෙ.." චූටියත් ශේප් උනා... පාර අයින දිගට එකසියගානට කටු කම්බි ගහල නිසා ඇතුලට යන්න ටිකක් අමාරුයි.. අපි වත්ත් මායිම දිගේ ගිහින් වෙලේ නියරට ඇවිත් එතනින් වත්ත් ඇතුලට ආව... තැන තැන පොඩි පදුරු ටිකක් ඇරුනාම වෙන මොනවත් ගස් නෑ තනිකරම පොල් විතරයි.. අපි වෙල පැත්තෙන් ආව නිසා පාර පේන්නෙත් යන්තමට.. අනිත් දෙපැත්තෙම වෙල එහාපැත්තෙ පේන තෙක් මානෙ වෙනකම් පොල්වත්ත.. කවුරු දකින්නද..
ඔන්න කස්ටිය සෙට් උනා ගස් නගින්න...
නාතා අමිලයය දෙන්නට තමයි හොදටම ගස් නගින්න පුලුවන්.... මටත් ඔය ලාවට ගහකට බඩගාගන්න පුලුවන්... ලාවට හරි නැගගත්තොත් ඉතිං බඩටනෙ.. ඔන්න මම නාත අමිල සෙට් උනා නගින්න.. ඒ ත් ඉතිං පොඩි කොස්සක්... පින්නට ගස් තෙමිලයි තියෙන්නෙ නැග්ගොත් හැමතැනම දියසෙවෙල්... උදේ පාන්දර මේව ඇදගෙන බස් එකෙත් යන්න ඕනෙනෙ තුන්දෙනාම සියලු වස්ත්‍ර උනා තැබුවා.. හරියට දියකෙලියට ආව දුටුගැමුණු කුමාරයා හා පිරිස වගේ.. කවුරු දකින්නද මෑ මහ රෑ....




දිග වැඩිවෙනව නේ... ඊලග කොටස වෙන පෝස්ට් එකකින් දාන්නම්...

ආයෙත් තැටමීම

   ඔන්න මම ආයෙ තටමන්න යන්නෙ... මොකටද ?? වෙන මොකටවත් නෙවෙයි බ්ලොග් ලියන්න... බ්ලොග් ගඩොල්, කතන්දර,ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න,මගේ ලෝකය වගේ බ්ලොග් කියෙවුවාම මගෙත් අතපය වෙවුලන්න පටන් ගත්තා... රෑට හීනෙන් පේන්නත් පටන ගත්තා.... කෑම හිර උනා... බ්ලොග් එකක් ලියාගන්න..
                                              ඉතිං ඔන්න පටන් ගත්තා.. පුග්... ලොකු සයිස් එකෙන්... ඉතිං මුලින්ම තටමන කොට ලොකු සයිස් එකේ එකක් ආවම මොකද වෙන්නෙ කියල දන්නවනෙ... ආයෙ හෝදන්න දෙයක් නෑ.. තටමල තටමල දත්කූරු කාල  දාඩියත් දාල මුකුත්ම එලියට ආවෙ නැති තැන  නිකන් ඉදියා....
                                             මොනව කරන්නද ඉතිං.... ඒත් ටික ටික බ්ලොග් කියවනකොට තමයි දැක්කෙ ලොකු සයිස් එකෙන් නැතුව පොඩියට තැටමුවාම පොඩියට හරි එලියට එනව නේද කියල .. අන්න වැඩේ.. පොඩි ළමයි වෙච්ච අපිට ලොකුවට බෑනෙ කියල තේරුනා... ලොකු සයිස් එකෙන් පටන් අරන් මොනවත් එලියට එන්නෙ නැතිවට වඩා පොඩියට පොඩ්ඩක් හරි එලියට දැම්මාම ටික් හරි සනීපයි නේද කියලත් හිතුනා..
             ඒත් ඔන්න තවත් සීන් එකක්... ආයෙ බ්ලොග් එකක් හදාගන්න වැඩේ... මට ලෝකෙ එපාම කරපු වැඩ කීපයක් තියෙනවා... දත් මැදීම.. රෙදි හේදීම.. කාපු පිගාන හේදීම.. ඊලගට ඔය ආයෙ බ්ලොග් එකක් හදාගැනීම.. කොච්චර ආසාව තිබුනත් බෑම තමයි...
          ඒත් අන්තිමට ඔන්න මගේ ලගම හිතවතියක් බ්ලොග් එක් පටන් ගත්තා  සිත් අහස...  දැක්කාම ආසාවෙ බෑ...මටත් හෙන ලෙඩේ ලියන්න කියල... එයාම බ්ලොග් එකකුත් හදල දුන්නා.. දැන් ඉතිං ඔන්න මම ආයෙ තටමන්නයි හදන්නෙ..හැකෑස්... හැබයි පොඩි සයිස් එකෙන්...
  බලමුකො තටමල එලියට දාගන්න පුලුවන් වෙයිද කියල... කස්ටියම බලල කියනවනම් කොහොමද කියල ගොඩක් වටිනව.. අනේ එහෙම කරන්න හොදේ...