2011-05-29

ආයෙත් තැටමීම

   ඔන්න මම ආයෙ තටමන්න යන්නෙ... මොකටද ?? වෙන මොකටවත් නෙවෙයි බ්ලොග් ලියන්න... බ්ලොග් ගඩොල්, කතන්දර,ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න,මගේ ලෝකය වගේ බ්ලොග් කියෙවුවාම මගෙත් අතපය වෙවුලන්න පටන් ගත්තා... රෑට හීනෙන් පේන්නත් පටන ගත්තා.... කෑම හිර උනා... බ්ලොග් එකක් ලියාගන්න..
                                              ඉතිං ඔන්න පටන් ගත්තා.. පුග්... ලොකු සයිස් එකෙන්... ඉතිං මුලින්ම තටමන කොට ලොකු සයිස් එකේ එකක් ආවම මොකද වෙන්නෙ කියල දන්නවනෙ... ආයෙ හෝදන්න දෙයක් නෑ.. තටමල තටමල දත්කූරු කාල  දාඩියත් දාල මුකුත්ම එලියට ආවෙ නැති තැන  නිකන් ඉදියා....
                                             මොනව කරන්නද ඉතිං.... ඒත් ටික ටික බ්ලොග් කියවනකොට තමයි දැක්කෙ ලොකු සයිස් එකෙන් නැතුව පොඩියට තැටමුවාම පොඩියට හරි එලියට එනව නේද කියල .. අන්න වැඩේ.. පොඩි ළමයි වෙච්ච අපිට ලොකුවට බෑනෙ කියල තේරුනා... ලොකු සයිස් එකෙන් පටන් අරන් මොනවත් එලියට එන්නෙ නැතිවට වඩා පොඩියට පොඩ්ඩක් හරි එලියට දැම්මාම ටික් හරි සනීපයි නේද කියලත් හිතුනා..
             ඒත් ඔන්න තවත් සීන් එකක්... ආයෙ බ්ලොග් එකක් හදාගන්න වැඩේ... මට ලෝකෙ එපාම කරපු වැඩ කීපයක් තියෙනවා... දත් මැදීම.. රෙදි හේදීම.. කාපු පිගාන හේදීම.. ඊලගට ඔය ආයෙ බ්ලොග් එකක් හදාගැනීම.. කොච්චර ආසාව තිබුනත් බෑම තමයි...
          ඒත් අන්තිමට ඔන්න මගේ ලගම හිතවතියක් බ්ලොග් එක් පටන් ගත්තා  සිත් අහස...  දැක්කාම ආසාවෙ බෑ...මටත් හෙන ලෙඩේ ලියන්න කියල... එයාම බ්ලොග් එකකුත් හදල දුන්නා.. දැන් ඉතිං ඔන්න මම ආයෙ තටමන්නයි හදන්නෙ..හැකෑස්... හැබයි පොඩි සයිස් එකෙන්...
  බලමුකො තටමල එලියට දාගන්න පුලුවන් වෙයිද කියල... කස්ටියම බලල කියනවනම් කොහොමද කියල ගොඩක් වටිනව.. අනේ එහෙම කරන්න හොදේ...

10 comments:

  1. ජය වේවා... දිගටම ලියාගෙන යමු පොඩි මෑන්, අපි එන්නම් පස්සෙන්.. :)

    word verification අයින් කරොත් තවත් හොදයි...

    ReplyDelete
  2. ලෙඩ දාපු එකේ පලවෙනි බෙහෙත් පෙත්තත් මගේ ගානෙම දුන්නා ඕං..

    ReplyDelete
  3. බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියමු..!!!

    ReplyDelete
  4. @ priyantha බොහොම ස්තූතියි... දිගටම ලියන්න තමයි අදහස.. අලුත් බ්ලොග් එකකට මේ වගේ අයගෙ දිරිගැන්වීම් ලොකු හයියක්..

    ReplyDelete
  5. එහෙනං වයිරස් එක බෝකර ගත්තා ඈ!
    හොඳ නොවේවායි පතමි.

    ReplyDelete
  6. හොද වෙන්නෙ කොහොමද කතන්දරලවගේ ලොකු වයිරස් කාරයො ඇවිත් මේවගේ කමෙන්ට් දාල තව වයිරස් දාල යනකොට.. හොදවෙන එකක්ම නෑ.. :)

    බොහොම ඉතූතියි....!!!

    ReplyDelete
  7. එළ එළ... එකා එකා බ්ලොග් ලියන්න එකතු වෙනවා කියන්නේ මරුම තමා... ගූගල් එකේ සර්වර් පිරෙන තරම් ලියපන් සහෝ... එළකිරි වගේ බ්ලොග් එකක් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ජයවේවා !!!

    ReplyDelete
  8. ගූගල් එකේ ස(ර්)වර් පුරවන්න ලංකාවෙ උන් ඔක්කොම ලිවුවොත්නම් ගේමක් දීල හරි පුලුවන් වේවි... මමත් එක මෙගාබයිට් එකකට හරි වැඩක් දෙන්නම්.. බොහොම ස්තූතියි චතුරංග...!!!

    ReplyDelete
  9. අද තමයි කොල්ලො බ්ලොග් එක දැක්කෙ. වැඩේ සුපිරියට කරගෙන යනවා. එලම කිරි. දිගටම මේ වගේ ලියපං. මම මගේ බ්ලොග් ලිස්ට් එකටත් උඹව එකතුකර ගත්තා. ජයවේවා!!!

    ReplyDelete
  10. @ blog gadol :- බොහොම ස්තූතියි..... :D

    ReplyDelete