2011-06-23

දවස් 26යි, පෝස්ට් 16, ෆ්ලෝවස්ලා 50යි, කමෙන්ට් 114 යි, හිට්ස් 3056 යි,

                      

                බ්ලොග් එක ලියන්න පටන් අරන් දවස් 26 යද්දිම ෆලෝවස්ලා 50 වෙලා...  ඉතින් පොඩි මෑන්ට මාර හැපි... ඔය උඩ මාතෘකාව දැක්කනේ  හෝදන්න දෙයක් නෑනෙ ආයෙ ආයෙ ඒකෙ...නැද්ද...

බ්ලොග් එක හදල දවස් 16 ගියාට පස්සෙ තමයි ඔය දැන් බ්ලොග් එකට ඔබල තියෙන හිට් කවුන්ටර් කෑල්ල එබුවෙ.. ඒකෙ තියෙන්නෙනම් 1201 කොහෙදෝ... ඒත් ගූගල් දෙයියො කියනවනෙ හිට්ස් 3056 කියල... ඔය චූ කොල්ලොන්ට වගේද .. ගූගල් කාරයට වරදින්න බෑනේ... ඉතිං මට තවත් හැපි.... බකස්..

කොහොම කොහොම හරි බ්ලොග් එක එලියට දාපු දවස්වලම තමයි ඔය මාර අයියා  මගේ ලෝකයේ රංග අබේපාල මාම එහෙම අලුත් බ්ලොග් කාරයන්ට තල්ලුව දුන්නෙ.... මමත් ඉතිං ඒ තල්ලුවේ එල්ලුනානෙ..වැඩේ පොඩ්ඩක් නැගල ගියා

ඒ වගේම වැප් වගේම කතන්දර දීපු තල්ලුවත් අමතක කරන්න බෑ.. ඊට පස්සෙ තමයි කස්ටිය මගේ බ්ලොග් එකට එන්න ගත්තෙ...  කොහොම කොහොම හරි කස්ටියටම ඔන්න පොඩි මෑන්ගේ අචාරය..
        සැලියූට්.....!!!

කවි කතා ඔක්කොම ලියාගෙන යන මේ බ්ලොග් එකේ වැඩිම ප්‍රතිචාර ලැබුනෙ  මග දිගට පෝස්ට් එකට... ඒකෙ දෙවනි කොටස දැම්මෙ නැත්තෙ අර පලවෙනි කොටස හිට් උන ෆිල්ම් වල දෙවනි කොටස පටාස් ගාල එලියට දාල... එක ගූ ගොඩේ ගල්බනිස් වගේ වෙලා පලවෙනි එකේ හොදත් එතනින් චක බලාස් වෙනවා වගේ කරගන්න ඕනෙ නැති නිසා... ඔය සැම්පලේට යන්න ගියොත් පොඩි එකා වෙච්ච මටත් වෙන්නෙ රෙද්දෙ ගාගන්න තමයි..එහෙම හොද නැති නිසා ලියල ඩ්‍රාෆ්ට් කරල එහෙම කොලිටි එකට ලගදීම මගදිගට 2 එනවා...

        අනිත් සිද්දිය තමයි කවි.  ඔය කවි වලදි පොල්ලෙන් ගැහුව වගේ ලියන ඒවට වැඩි ප්‍රතිචාර ලැබුනා.. වැඩේ කියන්නෙ සමහර වැඩියෙ තේරෙන්නෙ නැති වගේ ප්‍රබුද්ද වෙන්න ලියපුවට නෝ කමෙන්ට්ස්...අනේ මගේ ප්‍රබුද්ද හික්.. ඒ උනාට හිට්ස්නම් තියෙනවා.. අනික මම කැමති වැඩිපුර ඒව ලියන්න... මේක මාකට් එකටම ලියල හරියන්නෙ නෑනෙ... මම කැමති ඒවත් ලියන්න ඕනෙ.. ඒකයි කමෙන්ට් හිට්ස් ලැබුනත් නැතත ඒවත් දිගටම ලියනවා...

මග දිගට පෝට් එකට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්න ඇත්තෙ ඒක තියෙන රචනා ශෛලියට වෙන්ඩැ.. කතාවත් එහෙම තමයි ..කතන්දරත් එහෙම කිවුවා... හැබැයි මග දිගට වඩා හිතට මගේ හිතට අල්ලල ගිහිපු .. ලියද්දිති  හිනාවෙවී නවත්ත නවත්ත ලියපු හදපානේ නිරුවත් වානරයා 1,  හා දෙවනි කොටස කට්ටිය එච්චර බලල නෑ වගේ... මොකද බ්ලොග් එකේ මුල්ම පෝස්ට් එක ඒක... ඒ කැටගරියෙම එකක් වෙන තින්තතෙතයියා  නම් ටික දෙනෙක් විතර බැලුවා...  බලපු නැති කට්ටියට ඕනෙනම් ඔන්න  බලන්න ලින්ක් ටික දැම්ම බලල කමෙන්ට් එකකුත් දාන්න.. බ්ලොග් කාරයෙක්ට වෙන මොනවද ඉතිං නේද...

එහෙනම් මග දිගට 2 න් හමුවෙමු...  කමෙන්ට් කරපු මාව දිරිගන්වපු විවේචනය කරපු හැමෝටම පොඩිමෑන්ගේ බොක්කෙන්ම තැන්කූ කිවුවා... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

18 comments:

  1. එලස් මචං සුභ පැතුම්... මටත් අල්ලලම ගිය කතාව තමයි බොගේ අර මග දිගට කතාව ඒකනං මරු හැක් හැක්...

    ReplyDelete
  2. තැන්කූ මචං.. අල්ලල ගිහිපු කතාව එහෙනම් අල්ලගෙනම යන්න.. දෙවනි කොටස ලගදිම දානවා... හික්

    මට තව පොඩි ප්‍රස්නයක් තියෙනවා.. ඇත්තටම කිඩෝ සයිබරයේ පදිංචිකාරයෙක්ද..?? ඕනෙම අලුත් බ්ලොග් එකක කමෙන්ට් තියෙනවා..පෝස්ට් එකක් දාල වැඩි වෙලාවක් යන්න කලින්..

    ReplyDelete
  3. එල එල.. පොඩි මැන් එක්ක අපි හැමදාමත්.. දිගටම ලියන්න

    ReplyDelete
  4. ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුමක් පිලිගන්න. පොඩි එකා උනාට කමක් නෑ. දිගටම ලියන්න.

    ReplyDelete
  5. නියමයි පොඩි මෑන්.. ජයවෙවා... මගෙනුත් සුබ පැතුම්..

    ReplyDelete
  6. @ පොඩි මෑන්, නෑ බන් මාන් මේ 2013 උපෙ කරන පොඩි කොල්ලෙක් පන්ති නැති පාඩම් වැඩ නැති වෙලාවට ඉතින් මම මේකෙ පදිංචිකාරයෙක් වගේ තමයි... අර ‍කමෙන්ට් දැමීමට හේතු නං මේ පෝස්ට් එකේ තියනවා...

    ReplyDelete
  7. සුභපැතුම් මලේ

    ReplyDelete
  8. @ චතූ :- තෑන්ක්ස් මචං.. ඔයවගේ කමෙට් හරියට පුකට පෙට්‍රල් ගහනවා වගේ.. ඉතිං නොලියා කොහොමද...

    @ all :- හැමෝටම ගොඩක් ස්තූතියි සුබ පැතුම් වලට...

    ReplyDelete
  9. එලකිරි පොඩි මෑන්

    ReplyDelete
  10. @ පූසා , නුවන් :- ස්තූතියි...

    ReplyDelete
  11. මට නම් මේක කෙළින්ම සින්ඩියෙන්ද කොහෙද මුණ ගැහුණෙ. ලියල තියෙන ඔක්කොම කියෙව්වෙ නෑ, කියවපු කවි ටිකට තමයි මම කැමැති වුණේ. කාලය අරන් හොඳ දෙයක්ම එළියට දාපන් පුතේ. ඉක්මන් ගමනක් යනවට වඩා ඒක හොඳයි.
    සුබ පතන්නම්...

    ReplyDelete
  12. පොඩි මෑන්ට ඔන්න මගෙනුත් සුභ පැතුම්.. මම මේ බ්ලොග් එකේ මුලින්ම කියෙව්වේ තීන්තතෙතයියා පෝස්ට් එක..

    ReplyDelete
  13. @ outsider :- බොහොම ස්තූතියි...

    @ දිනේශ් :- එල එල.. බොහොම ස්තූතියි...

    ReplyDelete
  14. සුබ පැතුම් ..ඇත්ත තමයි මාත් කියවන අයට ස්තුතිවන්ත වෙනවා හද පත්ලෙන්ම . කියවන නැත්නම් ලියන්න ගැම්මක් එන්නේ නැහැනේ.

    ReplyDelete
  15. උබ එහේම තනි පන්ගමේ හේමේ යන්න එපා බොල උබව උස්සයි චැනල් වලින් පරිවර්ථනයට.....
    අනික උබට මාව ගන්න තිබ්බානේ බොල මුද්දට හරි... :D

    ReplyDelete
  16. @ දගයා :- :O මොකක්ද බං... මට තේරුනේ නෑනෙ මේ කියපු හරුපෙ... ???

    ReplyDelete