2011-06-15

කතන්දරගෙන් හා වැප් ගෙන් පොඩිමෑන්ට තල්ලුවක්...




    බ්ලොග් එක ලියන්න පටන් අරගෙන අද වෙනකොට (අද කිවුවට මේක දාන්න වෙන්නෙ හෙට, මොකද මම මේක ලියන්න පටන්ගන්න කොට වෙලාව 11.50 ) සති තුනක් නෑ... ලැබුන වැඩිම හිට්ස් ගාන වගෙම කමෙන්ට් ගාන ලැබුනෙ අද... අද බ්ලොග් එක පැත්තෙ ඇවිත් බැලින්නම් මෙන්න බ්ලේ මලකෙලි විසි එකොලහයි... මෙන්න හෙනගහන්න හිට්ස්... කමෙන්ස්.. ෆලෝවස්ලා... නයි කයිද රෝස් පාන් කිවුවලු

"ඒ මේ මොකක්ද බලන්නෙ හො(ර්)අ මූවි එක්ක්ද...  මොකද කට ඇරගෙන..."

නංගි ලගටම ඇවිත් එහෙම අහනකොටයි මට  තේරුනෙ මම ඉදපු තත්වෙ...එයා හිතල තියෙන්නෙ මම කටත් ඇරගෙන හොල්මන් චිත්‍රපටියක් බලනව කියල... යකඩෝ ... මොක්ද එකපාරට මෙහෙම වෙන්න හේතුව.. ??

දියත් කරා මහා විමර්ශන හෙහෙයුමක්...  බලාගෙන යද්දි කතන්දරගෙ  බ්ලොග් එකෙන් තමයි වැඩිම ගානක් ඇවිත් තියෙන්නෙ... කතන්දර ඉතින් බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉදලම කමෙන් දාල මට ෆුල් සප් එක් දුන්නා... ඒත් ඉතිං මේ එකපාර හෙන වැදුන වගේ වෙන්න  මොක්ද හත්වලාමෙ වෙලා තියෙන්නෙ.. ??

බැලින්නම් මේකනෙ..... කතන්දර මට පොඩි තල්ලුවක් දාලා..... කතන්දර දැම්මෙ පොඩි තල්ලුවක් උනාට මටනම් පුකට පෙට්‍රල් ගැහුව වගේ...ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... කතන්දර මම කියවන බ්ලොග් ගොඩට මගේ එකත් දාල ඒකයි මේ ශනික විපර්යාසෙට හේතුව..

බොහොම ස්තූතියි කතන්දර.......

අපිවගේ අලුත් බ්ලොග් කාරයෙක්ට ලියපු දේකට කමෙන්ට් එක් වැටෙනව කියන්නෙ ආයෙ...... ආයෙ..... ම්හ්... ඒ සතුටට කියන්න උපමාවක් හිතාගන්න බෑ මේ වෙලාවෙදි...



කලකට කලින් මූනු පොතේ කතාලියන ගෲප් එකට  දාපු මීට අවුරුදු 4කට  විතර කලින් පරන ඩයිරි එකක දිගට ලියාගෙන ගිය මග දිගට කතාවට තමයි වැඩිම ප්‍රතිචාර ඊලගට අවජාතකයාගෙ යුතුකමට.. මගදිගට කතාව දිගටම ලියන්න කියල මූනු පොතෙත් ඉල්ලීම් ගොඩක් තිබුනා... දැන් බ්ලොග් එකෙත්.. කට්ටිය කියවනකොට කමෙන්ට් වැටෙනකොට..අම්බානෙක ආතල් එකෙක් දැනෙනකොට කොහොමද ඉතිං නොලිය ඉන්නෙ...

මම ලියනවා .... අයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

කමෙන්ට් කරපු අයට, කතා කියවපු අයට බොහොම ස්තූතියි... කතන්දරටත් ආයෙ බොහොම ස්තූතියි..

කථාව එක්කම හැමදාම මම ආස කරපු සදැස් නිසැදැස් ටිකුත් දාන්න අයිඩියා එක තියෙනවා... හැමදාම මූනුපොතේ නම් දහයක් විතර ලියනව.. ඒවයින් තෝරල ටිකක් දානව මේකෙත්...

වෙලාව තමයි ප්‍රස්නෙ... වෙලාවක් හදාගෙන හරි දාන්නම්කො...
එතකන් හැමෝටම හා මට ජයවේවා.... !!!

ප.ලි

පයනු අතදිග ලෝයනු කිවුවලු..... මේක ලියල පබ්ලිශ් කරල බස් පැත්තෙ රවුමක් දාද්දිනෙ හත්වලාමෙ වැප් අයියා මගේ කතාව ගැන වරුනනාවකුත් එක්ක බස් එක් දාල තියෙනව දැක්කෙ.... ඔන්න එහෙනම් වැප් අයියේ... ටැන්කූ කිවුවා... බොක්කෙන්ම තමයි.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..

15 comments:

  1. මරු ආ.....

    ReplyDelete
  2. ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  3. නොයා කොහොමද සමනලයෝ.. කස්ටිය මෙහෙම එනකොට... :)

    ReplyDelete
  4. එළ මලේ... දිගටම ලියමු... හිට්ස් එයි වහින්න !

    ReplyDelete
  5. නියමයි පොඩි මෑන්.. මගේ සුබ පැතුම්

    ReplyDelete
  6. සුභ පැතුම් පොඩි මෑන්.... උබ මේ ගෘපියේ ඉන්නවද නැත්තං වරෙන් :D http://www.facebook.com/home.php?sk=group_192579577425984

    ReplyDelete
  7. එල කිරිස්...පුකට පෙට්‍රල් ගහන්න එකා...බැට්‍රියෙන් දුවහන්

    ReplyDelete
  8. @ ප්‍රාර්ථනා :- තැන්කූ තැන්කූ

    @ කිඩෝ :- මූනුපොතේ මගේ නියම නමින් තම්යි ප්‍රොෆ්යිල් එක තියෙන්නෙ ඉතින් ඔයක මම ඒකෙන් රික්වෙස්ට් එකක් දම්මට ඇඩ්මින් අයියාලා මාව ගන්න එකක් නෑ නේද .... ? මේ නමිනුත් ප්‍රොෆ්යිල් එකක් හදාගෙන එන්නම්

    @රත්ගමයා :- පැට්ට්‍රල් ගැහුවෙ නැත්නම් හයියෙන් දුවන්න බෑනෙ.. අර හයිබ්‍රිඩ් කාර් එක වගේ... අනික දුවනකොට සද්දෙ තියෙන්නත් ඕනෙ නැහ්ට්නම් ගතියක් නෑ.. තැන්කූ රත්ගමයා

    ReplyDelete
  9. ජය වේවා පොඩි එකා !! ඔහොම යං

    ReplyDelete
  10. සුබ පැතුම් මචො~හොද දෙවල් ලියපන් දිගටම......

    ReplyDelete
  11. @ සබිත් :- බොහොම ස්තූතියි...

    ReplyDelete