2014-03-06

පත්තරෙන් විලි වැසීම සහ පොඩි මෑන් යහගුනෙන් ඉදිරියට .....






 ගාල්ලෙන් E1 ඇක්ස්ප්‍රස් එකට ගොඩවෙන්න පෝලිමට සෙට් වෙනකොටම එතන ඉන්නව ඩුවෙල් ඒසි දාපු දනහිසට වියතක් විතර කොට සායක් ඇඳ ගනිපු පට්ට පොෂ් කෑල්ලක්... ඒකි තනියම වෙච්ච එකේ සායෙ ප්‍රමානෙන් ඒකි වාඩි උනාම ඇතිවෙන දර්සනේ ගැන මගෙ ස්තානෝචිත දුර දක්නා අහවල් එකෙන් දැකපු මම ඒකි ගාවින්ම ගිහින් වාඩි උනා . මහරගමට යනකන් පැය එකහමාරක් අර බස් ටීවී එකේ එක්ස් ඒලියන් කෙල්ලගෙ අයියල මල්ලිල කරපු සිංහල මියුසික් වීඩියෝ බල බල යනවට වඩා නැචුරල් දර්සනේකින් හිත පිරිසිදු කරගෙන දෙයියගේ කියල ගෙදර ගිහින් ගතත් පිරිසිදු කරගන්න ඇහැකි එකේ  රු 500 දෙගුනයක් වාසියි . 

මම් ලගින් වාඩි උන ගමන් ත්මයි ඇදගෙන ආපු ඇදුමෙ විසාලෙ ඒකිට මතක් උනේ ... අරෙහෙන් අදිනවා .. බෑග් එක තියනවා ආයෙ හදනවා ....   පට්ට ඩ්‍රාම එක ...  හරියට හොරු සමග හෙළුවෙන් වගේ ....
මේ ආතල් ගිතෙල්  මැද්දෙ හිතේ හැටියටම පැතුම් මල් පිපීගෙන එනකොට එනකොට එනකොට ඔන්න මේකිට ආවනෙ නිදිමතක් ...


බොහොම සිරා විදියට හිනාවක් දාල කටට අත තියල ඈනුමක් යන්න ආපු එකත් නවත්තගෙන කෙල්ල එහා පැත්තට හැරුනා. මට තේරුනා ඒකි ඉන්නෙ පට්ට නිදිමතෙන් කියල ... නින්ද යාගෙන එනවා ... ආයෙ ගැස්ස්සිල ඇහැ අරෙනවා ...  සාය අදිනවා ... බෑග් එක තියනවා ...

ඉස්සර නයිට් කාලාස් ඉවරවෙලා  එනකොට  ගෝමස් බාර් එකෙන් ගල් කාල අරගෙන එක හුස්මට ගහල රු 5ක කඩල කටේ දාගෙන කැප්ටන් එකක් බාගෙට බීල  ඒකෙ ඉතුරු කොටස කනේ ගහගෙන එන නාකි බූඩ අංකල් කෙනෙක්  අන්තිම බස් එකේ ඉස්සරහම ශීට් එකේ යන විදියෙයි ඒ නිදිමත පොශ් කෑල්ලගෙයි  වෙනසකට තිබුනෙ  අංකල් කාරය ගාව එන මල පෙරේත ගදට හරියන්න මේකිගෙන් එන්න නහය ගලවගෙන යන සුවදක් ...  නිදිමතට කිරන්නෙ එකම විදියට ....

මෙච්චර නින්ද යන එක බොහොම අමාරුවෙන් නවත්තගෙන මෙයා මේ වලි කන්නෙ මම ඉන්න නිසා කියල මට තේරිලයි තිබුනෙ ...

කොච්චර උනත් අනියම් විදියකින් හරි ගෑනුලමයෙක්ගෙ නින්දට බාදා කොරන්න හොද නැති නිසා සිට් එකට හේත්තුවෙලා මමත් පොඩි ඇලට් එකක් දැම්මා ...

විනාඩි 10 විතර යන්න ඇති ... සද්දයක් හැල හොල්මනක් නෑ ...   


බස් ටීවී එකේ  මොකද්දෝ ටකරන් බෑන්ඩ් එකකට සුප්‍රියා වන්ගෙඩි නැටුමක් දාන ගමන් මොකද්ද සින්දුවක් කියනවා .. මමත්  මගේ ලග තියෙන වංගෙඩි කඩෙ පැත්තට ඇහැ රබර් රබර් පටියෙන් පන්නල නෝමල් පාක් එකට දාලචැනල් එක ට්වුන් කරා ...


මෝල් ගහක් ගිලල වගේ ඉස්සර කෙලින් ඉදපු කෙල්ල වීදුරුවට  හේට්තුවෙලා පට්ටෙට නිදි .. ඒත් නින්දෙන් හැම විනාඩියකටම සැරයක්  කෙල්ල සාය අදිනවා ....

මේ විකාරෙට හිතින් හිනාවෙන ගමන් වට පිට බලනකොට එහා පැත්තෙ ඉන්න අංකල් කෙනෙක් බල බල හිටපු පත්තරේ නවල උකුලෙන් තියාගත්ත ....

පත්තරේ දැක්ක ගමන් මට ආව ඉතා  කුප්ප අදහසක් ....

මම අංකල්ගෙන් පත්තරේ ඉල්ල ගත්ත ... ඉල්ලගෙන එක නැම්මක් දිග ඇරල නින්දෙන් සාය ඇද ඇද නිදි කෙල්ලගෙ මට හංගන්න හදන සුදු කෙහෙල් බඩයක් වගේ කකුල් දෙක වැහෙන විදියට තිබ්බා ... 

ඒකි දන්නෙ නෑ ඒකි නිදි  ... නින්දෙන් අදිනකොට පත්තරේ අහු  වෙලා නැගිටීවි කියල මම බලාපොරොත්තු උනත් එහෙම උනේ නෑ ...

හයි වේ එකෙනුත් බස් එක එලියට දාල මහරගම කිට්ටුවටම ආව ....

" කට්ටිය මෙතනින් බැහැගන්න අපි ස්ටෑන්ඩ් යන්නෙ නෑ .. "

කොන්ද කෑගැහුවා ... ඒ සද්දෙට කෙල්ලත් නැගිට්ටා .. එතකොටම අංකලුත්

" පුතා පත්තරේ .... "

මම හැරුනා කෙල්ලගෙ පැත්තට .. එතකොටත් ඒකි බලනව උකුලට පත්තරයක් ආවෙ කොහොමද කියලා ...

මමත් බොහොම සිරා විදියට හිනා වෙලා  

" එක්ස් ක්වුස් මී ...  පත්තරේ ....  "

එහෙම කියල ඒකිගෙ උකුලෙන්ම පත්තරේ අරගෙන අංකල්ට දුන්නා ...  කෙල්ල ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නව බහින එකත් අමතක වෙලා ....

 " නෑ ඔයා සාය අදිනවා බෑග් තියනවා ඒත් හරියට වැහෙන්නෙ නෑනෙ ... ඔයාට නිදාගන්නත් නෑ ඔය සුදු කකුල් දෙක  පේනකොට මට නින්ද යන්නෙත් නෑ ... ඒක නිසා පත්තරේ අරන්  මමම වැහුවා ..... "

මම බොහොම සිරා විදියට  මම කරපු සත් ගුනවත් දානපති යහපත් ක්‍රියාව විස්තර කලා ...

ටිකිරි මාරි අංකල්  දැක්කනං " යහ ගුනෙන් ඉදිරියට "  කියල  ඇඩ් එකක් ගහන්න පුලුවන් සත් ක්‍රියාවක් උනත් මෙන්න යකෝ මේකි මට ඔරවල ගස්සගෙන හොල්ලගෙන බැහැපි ....

ආයෙ ඔය සාය ඇදගෙන බස් එකේ යනවනම් ඒකිම පත්තරයක් අරගෙන යාවි මයෙ හිතේ ...  ආයෙ හෝදන්න දෙයක් නෑ ....

කොහොමද මගෙ ටිකිරි මොලේ ....

බස් වල යනකොට දැක්ක දර්සනයක් ගැන මම කලිං ලිවුව මතක ඇති ...
මතක නැතිනං ගිහින් බලන්න ...

ලංගම රියේ ... ඇගෙ බුරියේ ....


ලයිෆ් ඉස් ... පකින් awesome    කියනෙ  නිකන්‍ යැ .... !!!

35 comments:

  1. පුතයගේ තරම දන්න එකේ ඔක නොකලා වෙන්නත් බෑ අම්මපා....

    ReplyDelete
  2. කොහොම උනත් ඇත්ත ඇති සැටියෙන් කියන එක හොද ගුණයක්. ගාල්ලේ ඉන්නේ කෙල්ලෙක්ගේ කකුලක් දිහාවත් බලාගෙන යන්න බැරි අඳබාලයෝද බං..

    ReplyDelete
  3. Ammapa oya kiyapu de e widihatama kara nam eka niyamai.kello ohoma andagena awith apita orawa orawa saaya hadanne hariyata api eka unta anduwa wage. :-)

    Maga digata 18ta witharai kiyewwe.aye liyanne nedda?

    ReplyDelete
  4. Me aththatama ayage kakul 2ka paththaren wahuwada bn???Mta nm sure na galle ekek oya wge wdak kra kiwwama.

    Maga digata kathawe ithuru tika danne naddooo....damme nathoth gedarata
    enwa ubawa hoyagena hodeee

    ReplyDelete
  5. ඔයිට නරකද ඒකිට සාරියක් අරන් දුන්නනම්

    ReplyDelete
  6. අර ස්ථානොචිත මෙවුව එක තිබිල නේ.

    ReplyDelete
  7. උපන් දිනේ අහගත්තනම් ඒකිට රෙදි යාර දෙකක් විතර අරන් දෙන්න තිබ්බ :3

    ReplyDelete
  8. උඹ පත්තරෙන් වැහුවේ නැත්නම් එතන හෝදන්න වෙනවනේ!

    ReplyDelete
  9. machan mama meekata aluth. but mama hewwa ubawa contact karanna kramayak ube blog 1 puraama. eeth hamba une naa. ube blog 1 patta. uba kiyana dewal sahathika athha. puluwannam mata ubawa contact karanna widiyak deepan adu tharame fake email 1k hari. me wage post 1 kata comment karanawata wada deyak kiyanna thiyanawa. "beela kiyanawa newe," mee kathaawa kiyana okkoma beeelane ban inne. ithin maath beela inne. eeth mama eeye hoda sihiyen ube hama post 1kma kiyewwa.
    hama deyakma patta. aluth wachana keepayakuth igena gathha

    ReplyDelete
  10. Contact me
    My Web Page :- Blog not found

    The blog you were looking for was not found. If you are the owner of this blog, please sign in.
    onna ookai une

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. හොද ළමයෙක්නේ බලාගෙන යනකොට..

    ReplyDelete
  13. මට නම් පේන්න බැහැ ගලයි,බුරියයි ඇද ඇද වහගන්න වේසියන්ව ....
    හැබැයි ගල්,බුරි,කානු එලට පෙන්නගෙන ඉන්න පට්ට එකීලා ඉන්නව අපි බැලුවත් "thanks මෙයා බැලුවට"කියන්න වගේ Laugh පාරක් දෙන.

    ReplyDelete
  14. අංකල් මොකැ සීන් එක දැකල කිව්වෙ???

    ReplyDelete
  15. ඒ කෙල්ල යන ගමං සාරියක් හරි සල්වාර් එකක් හරි අරගෙන ගියයි කියල ආරංචියක් නැද්ද?
    අන‍ේ අර අංකල් කාරය දැං ඔය පත්තරේ පූජා භාණ්ඩයක් වගේ තියාගෙන ඇති.

    ReplyDelete
  16. හැක් හැක්...
    හුගක් උං කොටට අදින්නෙ පොස් කියල පෙන්න්න්න... සමහර උං නං ඇත්තටම පෝස...
    ඒත් සමහරු කොටට ඇදන්ඇවිත් සාය පාතට අදින්නෙ හරියට අපි උංට සාය ඇන්දුව වගේ නෙද්දකිං....


    අවන්හල

    ReplyDelete
  17. //ටිකිරි මාරි අංකල් දැක්කනං " යහ ගුනෙන් ඉදිරියට " කියල ඇඩ් එකක් ගහන්න පුලුවන් //
    අම්මප ඇත්ත! ඌ දැක්ක නං අනිවා උඹ ඇඩ් එකට ගන්නව

    ReplyDelete
  18. ඉතිරි ටිකත් කියපං. ඒ කිවේ ගෙදර ගියාට පස්සේ හරිය

    ReplyDelete
  19. කාපිය පොලොස් කිව්වලු.
    කෙල්ලෝම පෙන්න ඇදලා, අපි වගේ නිරෝගී මිනිස්සු බැලුවම ඔරවනවා. වැරදි නැද්ද මං අහන්නේ. අනික පොඩි මෑන් වරදක් කොලායැ

    ReplyDelete
  20. අඩනිරුවත් vs නිරුවත් http://sexisnotamagicfree.blogspot.com/

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. niyama wachana set eka patta.....
    maga digata 20 demmanam pattama patta.......

    ReplyDelete
  24. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete