2014-12-20

මල් පිපෙන්නෑ අපේ පැත්තෙ ....


මල් පිපෙන්නෑ අපේ පැත්තේ ...
වෙනද වගෙ දැන් රෑවෙලා ...
පාලුවට ගිය පාර අයිනේ
ගෙම්බො ටිකනං රජ වෙලා ...


උඩහ වෙල ලඟ ඇලේ බැම්මේ
තෝරු මෝරුන් යන නිසා ..
පහල දෙවැටේ බෝක්කුවෙ හිටි
හාල් මැස්සො හැංගිලා ...


කොටි වලස්සුයි සිංහයොයි ටික
ලයිට් කනුවල එල්ලිලා ...
උන්ට බුර බුර බල්ලො සේරම
පාර දිගෙ එහෙ මෙහෙ ගියා ...


මලුත් තියලා බණත් අහලා
පිං කරපු උන් විසිරිලා ...
මිනිස් පුලුටක් නෑ රෑට දැන්
සත්තු සර්පයො බෝ වෙලා ..


කන්න දගලන කාල බුදියන
තිරිසනුන් හට ඉඩ තියා ...
කරපු පිංවල බලේ මහිමෙන්
එකෙක් දැන් දෙවුලොව ගියා ...



 ___________________________හාට්Piercing‬
...✿•*

3 comments: