2015-03-27

දුමක ආතල් එක .. අතිසයින්ම දුම් බොනන්න සදහා පමනයි ...



කාලෙකට පස්සෙ බ්ලොගට බැහැල දාපු කතා දෙකට හොද  ප්‍රතිචාර තිබුනනෙ ...  අර ඒ කාලෙ ඉදල මේකෙ නසරානි වෙච්ච සෑම එහෙම තාම ඉන්නවා ... ඉස්සර මේකෙ පැල් බැදගෙන ඉදලා පස්සෙ පස්සෙ බුකියට බැහැල ඉන්නකොට මම හිතුවෙ   පරණ එවුන් මේකෙන් තොලෝන්චි වෙලා ඇති කියලා ... 

කොහොමින් කොහොම හරි තව කතාවක් මතක් උනා ... ඒකත් අර කලින් දාපු යාලුවො තුන් දෙනාගෙ එකක්ම තමයි ...  වෙරි වෙන එකයි .. මත් වෙන එකයි... පක් වෙන එකයි .... 

ඔය තුනේ වෙනස දන්නෙ නැතිනම් ඉතිං ඒක කියවල එන්න වෙයි ... 

බුකියෙන් සෙට් උන මත් වෙන එවුන් සෙට් එකක් එක්ක දුමක් දාල ආතල් එකේ කයියක් දාගෙන් ඉන්නකොට ඔය මම කලින් කියපු කතාව කිවුවම මේක මට කිවුවෙ බුකියෙ බොක්කක් වෙච්ච  සුරංග ලක්මාල්... 

ඉතිං ඒ ආතල් එකට මේ ආතල් එකට මේකත් පැට්ටට  චොකට් කේක් කෑලක් වගේ සෙට් වෙන නිසා ... 
ඔන්න එහෙනම් කොටල දානවා ... 

ඔන්න ඔය වෙරි වෙන එකයි... මත් වෙන එකයි... පක් වෙන එකයි ... වෙරි වෙන්න විදියක් නැතුව .. මත් වෙන්න විදියක් නැතුව .. පක් වෙන්නත් විදියක් නැතුව  සඳ බොද වෙලා නසරානි වෙලා ෆුල් අන්දොස් වෙලා ඉන්නවලු බීච් එකේ ගලක් උඩට වෙලා ... 

එහෙම ඈත බලාගෙන ඉන්නකොට ... ඉන්නකොට... ඉන්නකොට ...

 බොන එකා ... ඒ කියන්නෙ වෙරි වෙන එකා  කියනවලු

"මචං... මේ මුළු මූ...දම ගල් බෝතලයක් වෙලා, මේ ගල රෝස්කරපු මස් කුට්ටියක් වුණොත් කොහොමද අාතල් එක" කියලා.... 

ඕක අහගෙන ඉදල පක් වෙන එකා සික් එකේ  කිර කිර ඉඳල කිව්වලු

" මේ මුළු මූ...දම බවුව  පැකට් එකක් වෙලා , මේ ගල කිරිටොෆියක් වුණොත් කෝමද ආතල් එක" කියල

එතකොට මත් වෙන  එකා ඉන්නවලු මුහුදෙ ඈ...ත බලාගෙන 
හෙන කල්පනාවක. 

එහෙම ඉඳල කිව්වලු,

" මේ මුළු මූ...දම වැඩි සීනි ප්ලේන්ටියක් වෙලා, මේ ගල ජොයින්ට් පැකට් එකක් වෙලා, 

උඹල දෙන්නත් ගොල්ලිෆ් දෙකක් වුණානම් 

හම්මා ..... !!!
පකින් ඕසම් කිවුවලු ...
___________________________________________________


කතා දෙකක්  දැම්ම කිවුවනෙ ... මෙන්න ඊටත් කලින් එක ... ඒකනං ගංජ කතාවක් නෙවෙයි ...
මේ නිකං කෙල්ලෙක් ඩයරියක් ලියපු එකක් ගැන ... 


එහෙම ඩයරි ලිවිල්ල නිසා කෙලවී  යන පාසල් කාලෙ ආදරේ ගැන ...  ඔබ මගේ වෙලා ... මම ඔබේ වෙලා ...







10 comments:

  1. පකින් ඕසම් ඕයි..

    මටත් මගේ බ්ලොගේ මතක් උනා..

    ReplyDelete
  2. බව්වා ඒ කියන්නේ පැක් එක ගහන වුන් නේද අනිත් වුන් ගැන හිතන්නෙ නැත්තේ.
    ඩයරිය එල ද බ්‍රා

    ReplyDelete
  3. \\\උඹල දෙන්නත් ගොල්ලිෆ් දෙකක් වුණානම්/// මරු යාලුවා......
    කතාව නම් පකින් ඕසම්.......

    ReplyDelete
  4. උඹල දෙන්නත් ගෝලිප් දෙකක් උනානං පත්තු කරල දාල ඒ කරදරෙත් ඉවර කරගන්න තිබුණනෙ.

    ReplyDelete
  5. මචං දෙකෙන් එකක් මට දීහං

    ReplyDelete
  6. උඹ මේ කතා කොහෙන්ද බං හොයා ගන්නේ...
    මටත් එහෙම ගෝල්ලිෆ් විදිහට පත්තු කරලා බීලා ඉවරයක් කරල දාන්න හිතෙන එවුන් එකෙක් දෙන්නෙක් ඉන්නවා.. හැක්...

    ReplyDelete
  7. පට්ටම කෑල්ල තමා උඹල දෙන්න ගෝල්ඩ්ලීෆ් එකක් වුණා නම් කියන කතාව.

    ReplyDelete
  8. අන්න එහෙම ලියපල්ලකො මේ වල් වැදිල තියන එවුවයෙ . . .

    ReplyDelete
  9. මත තමා බන් සැප.

    ReplyDelete