2011-10-29

වදාපු ගෑණි _____ හාට් Piercing...✿•*`¨" ය




                                  ඉස්සර වාගේ
                                  අමාරූ නෑලු
                                  ඔනේ වෙලාවට සිසේරියන්...
                                  වින්නඹු නෝනල
                                  දැන්නම් නෑලූ
                                  ඉන්න් හයි ෆයි ස්පෙෂලිස්...

                                  කැත කුණු ඇදලා
                                  හෝදන් නෑලූ
                                  ආයා බේබිව වොෂ් කරපං
                                  තන කිරි දෙන්නට
                                  වෙලාව නෑලූ
                                  ඇන්කර් වන් ප්ලස්  ලැට්ටෝජන්..

                                  මතු බුදු වේවා
                                  කියන්න බෑලූ
                                  ඉස්සර වාගේ පිං නැතිනම්..
                                 පසේ බුදුන්වත්
                                 වේවා වැන්දලු

                                 අඩුමතරමෙ වැදු ගෑනිනෙ මං
                                                                                       ________ හාට් Piercing...✿•*`¨"
  


කලින් හාට් එකේ  Pierce කරපුවා... 
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්

වේසිගෙ පුතා මම 18 + නොවේ

වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +

මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව      
ආමි බූට්

හදවත සිදුරු කර සිතුවිලි පලදින්න   _________ හාට් Piercing...✿•*`¨" 


ප.ලි


කමෙට් අතුරුදහන් වන ලෙඩක් ඇවිල්ල... දන්න කෙනෙක් ඇයි කියල කියනවද... ??

34 comments:

  1. දැන් අම්මලා එන්න එන්නම ස්මාර්ට් වෙන නිසා දරුවන්ට අබ සරණයි !!!

    මේ කමෙන්ට් එකත් මකා ගත්තොත් බලාගමු !!! කපනවා ඩෝ !!!

    ReplyDelete
  2. අඩේ මේ චාන්දනී සෙනෙවිරත්න නේද? ;-)

    ReplyDelete
  3. මට මතකයි කාලෙකට කලිං "ශක්ති"ලා ගහපු නන්ස්ටොප් එකක තිබ්බ සිංදු කෑල්ලක් . .

    පොඩි වීදුරු බට කුසෙහී . . . ඇතිවූ නලදරු පැටියා . . .
    දොස්තරවරු නිදි මරලා . . . . හදාගත්ත පැටියා . . .
    මවු ගුන ගීතය ගයලා . . . වීදුරු බටයට වැඳලා . . .

    (ඇත්තටම බලද්දි කැත කතාවක් තමයි . . . ඒත් පොඩි ගතියක් තියනව)

    ReplyDelete
  4. නූතන ලෝකය....මානව ජයග්‍රගන.... වඩාහොඳ යහපත් සමාජයක්...සුවපහසු ජීවිතය....නල දරුවන්.....තාක්ශනය....පැවැත්ම....සදාචාර..පුරුශාර්ත... අම්මෝ ...මට බෑ බං....මොලේ කුරුවල් වෙලා...ඔලුව කැරකෙනව...... ඉස්සර තාත්ත කවුද කියල හොයන්න බැහැලු මාතෲ මූලික සමාජයක්ලු....ඊට පස්සෙ සංස්කෘතික ගත උනාලු... එක ගෑනියි එක මිනිහයිලු.... කසාදයක් කියල එකකින් එක්තන් කලාලු... දැන් ලමයට හරි තාත්ත ඉන්නවලු... දැන් තවත් දියුනුයිලු දරුවෝ නැති අම්මාලා...තමංගේම දරු සුරතල් විඳිනවලු නල දරුවො ශුක්‍ර බැංකු...ආයිත් තාත්ත අතුරු දහන්.. පත්තරෙ දැන්වීමක්.. මගේ තාත්තා කවුද....කරුනා කර සොයා දෙන්න...අම්මට උඩු නව ලෝකය.....බෑ..බෑ.... මට බෑ... මොලේ කුරුවල් වෙලා... කකුල් දෙක යට පොලොව කැරකෙනවා.......ඒයි දෑත බදල මගේ ඔලුවට ගහපං...තරු විසිවෙන්න...එක්කො මගේ ඔලුව අරං පොල්ලට ගහපං

    X-Porter

    ReplyDelete
  5. @ මදුරංග :- හැක් සද්දෙ දාපු පාර කමෙන්ට් එක තියෙනවා මදුරං අයියේ... :D

    ReplyDelete
  6. @ Heresh :- මම දන්නෙ නෑ බං.. ගූගල් එකෙක් හොයාගත්තෙ,,, :D

    ReplyDelete
  7. @ ඕනයා :- ඇත්තට බලද්දි කැත උනත්.. කැත උඉන් අත් කතාව ඇත්ත...

    ReplyDelete
  8. @ විසිතුරු :- මොකෝ ?

    ReplyDelete
  9. @ ඇනෝ X :- දෙන්නම් දෙන්නම්... පැනි මුට්ටුය බේරෙන්න... :D

    ReplyDelete
  10. niyamai a!!! Heart eka Pierce welama yanawa...

    ReplyDelete
  11. මම දන්න තරමිං නං සමහර වෙලාවට සිසේරියන් අවශ්‍ය වෙනව,

    තනකිරි දෙන්න වෙලාව නැත්තං, කැතකුණු අදින්න වෙලාව නැත්තං, ඉතිං හැදුවෙ මොකටද කියල තමා අහන්න වෙන්නෙ,

    ReplyDelete
  12. අම්මාගෙ ජිවිතේ බෙරන්නයි, බබාගෙ ජිවිතෙ බෙරන්නයි සිසේරියන් සැත්කම මාර වැදගත් මචං..
    සෞභාවිකව බිහි වෙනවාට වඩා දුකක් විදින්න ඔනේ සිසෙරියන් එකෙන් පස්සෙ.. සිසෙරියන් කරන්න කලින් අර ලොකු බඩට කොට්ටයක් තියලා නැවෙන්න කියනවා .. කොදු නාරටියෙ අග හරිය හොයලා ගහනවා අලි ඉන්ජෙක්ශන් එකක්... හිතහං ඇට කට්ටකට කට්ටකින් අනින කොට මොන තරම් වේදනාවක්ද..? ආයෙ මැහුම් වේලෙනකම් ඉන්න කාලේ ? පික්සු හැදෙනවා බං..
    කිරි දෙන්නැති එක, කැතකුණු අදින්නැති එක.. ඒවා නම් මං දැකපු බලපු හැම අම්මා කෙනෙක්ම කැත නැතිව කරනවා.. උඹ කියන ජාතියේ කෙනෙක් නම් තාම දැකලා නැ.. දැක්ක දාට විශ්වාෂ කරන්නම්.. ඒ වගෙම පිලිකුල් කරන්නම්..!! :)

    ReplyDelete
  13. මම උඹට ආස හේතුව මෙකයි.. වෙන ඒවුන් ලියනවා තියා මේ වගේ ඒවා හිතන්නවත් බයයි.. බම්බූ සදාචාරේ.. සංස්කෘතිය..

    ReplyDelete
  14. @ මාතරේ.. :- හේ හේ.... :) ස්තූතියි ....

    ReplyDelete
  15. @ තනි අලියා :- සිසේරියන් ඕනෙ වෙන එක වෙනම කතාවක් මචන්... ඕනෙ කමින් කරගන අයත් ඉන්නවා..

    ReplyDelete
  16. @ Bunny :- උඹට සිසේරියන් එකක් කරල තියෙනව වගේ... :D :D ඔක්කොම දන්නවනෙ.. :)

    මෙතන පිලිකුල් කිරීමක් ගැන කිවුවෙ නෑ බං බනියෝ... ඉස්සර අම්ම කෙනෙක්ගෙයි දැන් අම්ම කෙනෙක්ගෙයි වෙනස ගැනයි කිවුවෙ...
    සිසේරියන් ඕනෙ වෙන වෙලාවල් තියෙනවා... මම පිලිගන්නවා... ඒත් ඉස්සර සිසේරියන් නැති කාලෙ... දරුවෙක් හම්බවෙන්න ගිහින් මැරුණ අම්මල කොච්චර ඉදියද.. ?? අද ස්වාබාවිකව ළමය හම්බ වෙන්න බෑ කියල සිසේරියන් කරණ තරමට සාපපේක්ෂව අඩුයි නේද ? තාක්ෂනේට මිනිසා අනුවර්ථනය වෙලා... අම්මගෙ අගේ ඒ අනුවර්ථනයත් එක්ක අඩුවෙලා...

    තවත් සමහරු ඕනෙ කමින්ම සිසේරියන් කරගන්නවා... සිසේරියන් එක කරාම අමාරු තමයි ඒත් ළමය හම්බ වෙන වෙලාවෙ දැනෙන වේදනාවට බය නිසා.... නැතිනම වැදගත් දවසකට ළමය එලියට ගන්න ඕනෙ නිසා.. අම්ම අම්ම කෙනෙක් කරන්න පුලුවන් තුප්පහිම වැඩක්ල් විදියටයි මම දකිනෙ ඒක...

    මිනිහෙක්ට දරන්න පුලුවන් ලොකුම වේදනාව ඒකයි.. පිරිමියෙක්ට බැරි තරම් දරාගැනීමේ ශක්තියක් ඕනෙ... දරුවෙක් ප්‍රසූත කරන අවස්තාවක ගැහැනියකගෙන හදවත් විනාඩියකට 120 වාරයක් දක්කවා ගැස්ම වැඩි වෙනවා... පිරිමියෙක්ගෙනම් හදවතේ නහර පුපුරල මැරිල යනව.. නමුත් ගැහැනියකගෙ දරාගැනීමේ හැකියාව වැඩියි.මේ ළමයෙක් හදන්නම ශරීර අවයව සැකසුන නිසා....
    ඒ ප්‍රසව වේදනාව ස්ථන ග්‍රන්තිවල කිරි හටගන්න ප්‍රධාන සාදකයක්... සිසේරියන් කරපු අයට ටික කලක් යනකොට කිරි නෑ කියන්න හේතුවක්... මිනිසා තාක්ෂනේට අනුවර්ථනය වෙලා...

    ළමයව බලලාගන්න ඔය ඕනෙතරම් පවුල් වල ආයල ගන්නව නේද ?? ඇයි ඒ.. ?? ඇයි අම්මට විතරක් ඒ වැඩකටයුතු කරන්න බැරි ? ඇයි සමාජෙ ඩේ කෙයා හැදිල තියෙන්නෙ.. ආර්ථක ප්‍රස්න තියෙනව තමයි.. අම්මල රෙඇකියාවට යන්න ඕනෙ තමයි.. නෑ කියන්නෙ නෑ.. ඒත් සමායෙ විකාෂනයත් එක්ක .. ගැහැණියක් "අම්ම" කියන් තනතුරට දෙන වටිනාකම අඩුවෙලා කියලයි මම කියන්නෙ...

    බුදුන් වෙන්න පින් මදිනම පසේ බුදුන්වත් වෙන්න...

    පිලිකුලක් අපහාසයක් නෙවෙයි... උපහාසයක්...

    කියෙවුවාම රිදෙනව... හිතට දැනෙනව.. ඒත් තිත්ත ඇත්ත,,,
    පිලිගත්තොත් ආබරණයක් වගේ සිතුවිල්ලක්..
    ඒකයි __ හාට් Piercing...✿•*`¨" එකක්... :)

    ReplyDelete
  17. ඒ කතාවනම් හරියටම හරි පොඩ්ඩා...

    ReplyDelete
  18. හෆ්ෆා.. ලෝකෙ වෙනස් වෙනවා. කාලය ගත වෙනවා.. එහෙම කියලා අම්මා කියන උත්තරීතට පදවිය ත් වෙනස් වුනොත්... අනේ..... එහෙම නම වෙන්න එපා..

    ReplyDelete
  19. 1. ගෑනුකෙනෙක් වේදනා විඳීම අත්‍යාවශ්‍යයි කියල හිතන එක සාධාරණද?????
    2. ඔය කුනු බක්කි වල ගංගාවල කබරකැලෑ වල දාල යන්නෙ සිසේරියන් සැත්කම් වල ප්‍රතිඵල වන දරුවොද?

    වේදනාවට හැමෝම බයයි තමා, එහෙම තත්ව යටතේ ගෑනු අය වේදනාව මගඅරගන්න යමක් කරනවනං එ්කත් තුප්පහියි කියල හිතන එක මනුස්සකමට ගැලපෙනවද??

    ReplyDelete
  20. @ තනි අලියා :- වේදනාව විදින එක නැතිවෙන එක හොදයි... ඒකෙ වැරදක් කියන්නෙ නෑ... ... කැමතිනම් සිසේරියං එකක් කරල ගන්න කිසිම වරදක් නෑ... අම්මගෙයි දරුවගෙයි ජීවිත්වල අවදානමත් අඩුයි... හැබැයි ඒ අවදාන ගන්න තැනට මිනිසා අනුවර්ථනය වෙලා.. ඒ අනුවර්ථනයෙන් "අම්මා" කියන පදවියට ලැබිල තියෙන තැන අඩුවෙලා කියලයි මට හැගෙන්නෙ... අනික මේ නිර්මාණේ තොප්පිඅය හරි අයට දාග්න ජාතියේ එකක්... හැමෝම එහෙම නෑ.. සිසේරියන් එකක් කලාට ලමයට ඇති ආදරේ සැලකින්න අඩුකරන්නෙ නෑ..

    ඒත් ළමයි කියන්නෙ වදයක්....
    ළමයි හැදුවාම කැතවෙනවා...

    එහෙම හිතන අයත් ඉන්නව නේද.... ??

    වැරදීමකින් අම්මල උන අය ??? ඒ අය දකින්නෙ ළමය කියන්නෙ තමන්ගෙ ජීවිතේට එන අපහාසයක් විදියට තමන් කරපු වැරදි වලට ලැබිච්ච් අදඩුවමක් විදියට...

    තන්ට ඕනෙ දවසට ඔපරේෂ්න් එකෙන් දරුවව ගන්න එක... ( සමහර අය තන්ගෙ ඇනිවසරිය දවසට වගේ වැදගත් දවසකට දාගන්නවා ) කොහොමත් ඉපදෙන්න ඉන්න දරුව තමයි... ඒත් රෑට වහීවි කියල රංදෝලි පෙරහැර වේලාසනින් යන්නෙ නෑනේද... ?? අන්න ඒ වගේ.. අම්ම ගෙ තත්වෙ බාලවෙන වැඩක් විදියටයි මම දකින්නෙ....

    ReplyDelete
  21. [ඒත් ළමයි කියන්නෙ වදයක්....
    ළමයි හැදුවාම කැතවෙනවා...
    ]
    උන්ටනං ඉතිං වෙඩි තමා තියන්න ඔ්න!

    ඔය අනුවර්තන කතාවත් මට ටිකක් අන්ජබජල්! bunny ගෙ comment එකකටත් ඔහොම එකක් කියල තිබ්බ මතකයි

    [සිසේරියන් කරපු අයට ටික කලක් යනකොට කිරි නෑ කියන්න හේතුවක්.] දැනට මෙහෙම දෙයක් අහල නෑ! වැඩිදුරටත් හොයල බලන්නම්!(අලියා ගේ මට හෙද නිලධාරිනියක්, පියා සෞඛ්‍ය පරීක්ෂකයෙක්, ලඟම ඥාතීන් සිවු දෙනෙක් වෛද්‍යවරුන් බව සලකන්න! ලොකුකමක් කිව්ව නෙවෙයි ඉහත කරුණ කියන්න පදනමයි ඉදිරිපත් කලේ! (සහ මට තමා යනඑන මගක් නැත්තෙ ;) ) )

    [තන්ට ඕනෙ දවසට ඔපරේෂ්න් එකෙන් දරුවව ගන්න එක... ( සමහර අය තන්ගෙ ඇනිවසරිය දවසට වගේ වැදගත් දවසකට දාගන්නවා )] මෙහෙම කරන එකනං එබතුමා කියනව වගේ ගොංපාට් එකක් තමයි! මම අහල තියනව නැකැත් වලටත් ගන්නවනෙ! අතීතයේ නම් නැකැත් වලට පිලිසිඳගැන්වීමත් කරනවලු ;) (අැහැක් වැහුවට මම සිරාවටම පොත් වල දැකල තියනව!)

    ReplyDelete
  22. දැනට විද්‍යාවෙ හොයාගෙන තියෙන විදියට ( මම දන්න තරමට)

    මවකට කිරි එරෙන්න ප්‍රදාන සාධක 4යි..

    දරුව අඩන හඩ ඇහීම...
    දරුවාගේ තල්ල මගින් අම්මාගෙ තන පුඩුව මත ආත්තියක් ඇති කිරීම
    දරුවාගේ උනුසුම දැනීම...

    ප්‍රාධාන් කාරණාව

    දරූවා ප්‍රසූත කරණ අවස්ථාවේ වෙන ෂාරීරක බලපෑම මගින් සිදුවන බලමෑම නිසා හෝමෝන ක්‍රියාකාරීත්වය මගින් ස්ථන ග්‍රන්තිවල කිරි නිපදවීම... මුලින්ම අම්මට එරෙන කිරි ටික දොවල අයින් කරන්න කියලයි තියෙන්නෙ.. ඒක අදි ප්‍රෝටීනම සංගඨක අඩංගු උනත් ගනමය සභාවය්ක් ගන්න නිසා දරුවාට දිරවීම අපහසුයි....

    අනිත් කියන්න තියෙන දේ තමයි... මේ නිර්මාණයේ තියෙන හැම කාරණයක්ම ඒ විදියට උනත් දරුවාට නොසෑහෙන්න ආදරේ කරන " අම්මා" කියන උතුම් පදවියට ඒ නියම වටිනාකම දෙන කාන්තාවන් ඉන්නව ඕනෙ තරම්...

    නමුත් සමස්ථයක් වශයෙන් ගත්තාමයි මම මේ කියන්නෙ... සමාජ විකාෂනයත් එක්ක...ඒ ඒ කෙනා බිහිවන සමාජ පැලැන්තියත් එක්ක වරදක් කිය්න්න බෑ... නමුත් වරදක් නැතුවම නෙවෙයි...

    තාක්ෂනයට අනුවරඨනයි කියන්න එක මෙහෙම පහදන්නම්...

    ඉස්සර මීට අවුරුදු 8 විතර කලින් ස්කෝලෙ පන්තියේ උන් එක්ක ගමනක් යන්න ප්ලෑන් කරනව... යන්නෙ ඉරිදට... සිකුරාඅද කියනව කට්ටියම ඉරිද මේ වෙලාවට මෙතනට එන්න මෙතනදි මීට් වෙමු කියල... අපි ඉරිදට යනවා.. සෙට් වෙනවා... ගමන යනවා..

    ඒත් දැන්... අපිට එහෙම සෙට් වෙන්න කෝල් කීයක් දෙන්න ඕනෙද.. ?? පරක්කු උනාම අතනට වරෙන් මෙතනට වරෙන් උඹකොහෙද.. කෝලි කීයක් එනවද... ??

    ඒ වගේ වෙලාවට ෆෝන් එකේ බැට්‍රි ඕෆ් උනා... කොච්චර අසරනයි වගේද.. ?? අරුන් ගියාද දන්නෙ නෑ.. කෝ එකෙක් දෙන්න විදියක් නෑ...

    අන්න මිනිහා තාක්ෂනේට අනුවර්ථනය වෙලා... අපට ඒක නැතුව බෑ දැන්..

    පැහැදිලියි කියල හිතනවා....

    ReplyDelete
  23. [දරූවා ප්‍රසූත කරණ අවස්ථාවේ වෙන ෂාරීරක බලපෑම මගින් සිදුවන බලමෑම නිසා හෝමෝන ක්‍රියාකාරීත්වය මගින් ස්ථන ග්‍රන්තිවල කිරි නිපදවීම... මුලින්ම අම්මට එරෙන කිරි ටික දොවල අයින් කරන්න කියලයි තියෙන්නෙ.. ඒක අදි ප්‍රෝටීනම සංගඨක අඩංගු උනත් ගනමය සභාවය්ක් ගන්න නිසා දරුවාට දිරවීම අපහසුයි..]

    වරද්දගෙන කොල්ලෝ! ප්‍රසූතකරන හෝමෝන වලින් වෙන්නෙ නිපදවීම නෙවෙයි! මුදා හැරීම! නිපදවීම කියන්නෙ වෙන හොමොනයකිං පාලනය කෙරෙන වැඩක්!

    මුලිම්ම එරෙන ටික තමයි අනිවාර්යෙන්ම දියයුතු ටික! දරැවට අවශ්‍යයි කියන ප්‍රතිදේහ, පෝෂක අරව මේව වැඩියෙන්ම තියෙන්නෙ මේ කොටසෙයි , අපි දන්න විදියට!

    අනුවර්තන උදාහරණෙවං හරි, ප්‍රායෝගිකව දකින්නත් පුලුවන්! හැබැයි මේ සිසේරියන් කතාවට (මම කතා කරන්නෙ එ් ගැන! අනිත්වට බොහෝදුරට එකඟයි!) අදාල වෙන්නෙ කොහොමද?

    ReplyDelete
  24. කමෙන්ට් ටිකත් කියෙව්වා... පෝස්ට් එකත් කියෙව්වා...


    ඔය නැකතට එලියට ගන්න සීන් එකක් සැරට යනවලු දැන්.... අනේ කාලේ කිව්වලු.

    ReplyDelete
  25. @ තනි අලියා :- සිසේරියන් එකත් එහෙමයි.... ඉස්සර සිසේරියන් තිබුන නැති නිසා.. සවාභාවිකක්‍රමේම තමයි... නමෞත් දැන් එක තියෙනාවා... කොයි ඔපරෙෂන් එක කරත් කාලයක් පරිස්සන් වෙන්න වෙනවා... ) සුස්ලු සුලු ඒව නෙවෙයි ) නමුත් සජීවී අත්දැකීමට මූන දෙන්න බය නිසා සිසේරියන් එකටම යනවා... ඒක අවෂ්‍ය තාවයක් වෙනවා.. අර මොබයිල් ෆෝන් එක වගේ... ඉස්සර මොබයිල් ෆෝන් තිබිල නෙවෙයි අපි එක එකාව සම්බන්ද උනේ.. දැන් ඒක පහසු වෙල...

    ඒ වගේම අර පහසු ක්‍රමේට මිනිස්සු හැඩගැහෙනව.. පහසු තාක්ෂනේ දියුනු නිසා... මිනිසා තක්ෂනේට අනුවර්ථනය වෙනවා...

    ඔවු අරක හරි වෙන්න ඇති... ඒත් මුලින්ම අම්මගෙ තන පුඩුවෙන් එන කිරි ගනනකම වැඩි නිසා දොවල අයින් කරනව කියලයි මම ආහල තියෙන්නෙ...

    ඒලෙවල්වලට මැතිස් කරපු මම ඔයතරම්වත් දැනගත්ත මැදෑ... ස්තූතියි දැනුවත් කිරීමට...

    අනිත් දේ තමයි මගේ නිමාණ ගැන අනිවා කිසිස්ම කෙනෙක් එකග වීම අවෂ්‍ය නෑ.... මගේ අදහස් එක්ක වෙන කෙනෙක්ගෙ අදහස් වෙන්ස් වෙන්න පුලුවන්...

    නමුත් විවේචනයට එකගයි... ආයෙත් ඉස්තූති කරනවා..නිර්මාණය හරවත් සොවාදයකට යොමුකරපු එකට,,, :)

    ReplyDelete
  26. @ පිස්සා පලාමල්ල :- කතන්දරත් ඔයගැන ලියල තිබුනා... වැඩියෙ ඕනෙ නෑ.. මගේ නෑන ඩිංග එලියට ආවෙත් එයාගෙ අම්මගෙයි තාත්තගෙයි ඇනිවසරි එකට....

    මොකට එලියට ආවත් වැඩක නෑ.. නෑන අවු 20 බාලයි බං :(

    ReplyDelete
  27. ම් ! හරි හරි එ්කත් ක්ලියර්! වේදනාව වලක්වගන්න එකත් ඉතිං අවශ්‍යතාවක් තමා! සහ සිසේරියන් හැරුනු විට ස්වාභාවිකව කරන වේදනා රහිත ක්‍රමයකුත් තියනවා ලු! වැඩි විස්තර දන්නෙ නෑ!

    කොහොමටත් වේදනාව අවම කරගැනීම මිනිස් අවශයතාවක් තමයි! එ් මම දකින විදිය!

    හබැයි තාක්ෂණයට අනුවර්තනය වීමෙ ටිකක් නරක ප්‍රතිඵලයක් තියනව, තාක්ෂණය යොදන්න බැරි තනකදි කෙළවෙන එක! කලින් මොබයිල් උදාහරණය වගේ!

    දොවලනං අයිං කරනවලු තමා! නමුත් එ්කලු අත්‍යාවශය කොටස! කොටිම්ම කියනවනං එ්ක ළමයට එ් වෙලාවෙ නොදුන්නොත් දැං බීල වැඩක් නෑ! මට පොඩ්ඩක් මතක් කරල දෙන්න මේ කතාව foreground එකට අාව හැටි! O.o

    ok

    ok
    :)

    ReplyDelete
  28. // මුලින්ම අම්මට එරෙන කිරි ටික දොවල අයින් කරන්න කියලයි තියෙන්නෙ.. //

    එතකොට පැටියට කොලොස්ට්‍රම් ටික දෙන්නෙ පොඩි මෑන් ද ???

    මගෙ මිත්‍රයෙක් ගෙ හාමිනේට බබා ලැබෙන්න ලං වෙද්දි එයාගෙ අම්ම (මගෙ මිත්‍රයගෙ නැන්දම්ම) හෙන ගේමක් දුන්න බබාව උන්දැගෙ ආගමේ සාන්තුවරයෙක්ගෙ උපන්දිනේට එලියට ගන්න. හරියටම නියමිත දවසට මාසෙකට විතර කලිං . . . අවසානයෙ දරුව නියමිත දවසට බිහිකරගන්න මිත්‍රයට සිද්ද උනා නැන්දම්මගෙ දතක් අයිංකරන්න . . . .

    ReplyDelete
  29. @ ඕනයා :- මම අහල තියෙන දෙයක් කිවුවෙ... වැරදි ඇති.. ඒත් ඒ ටික සාමන්‍ය කිරිවලට වඩා ඝනකමයි නේද.. ඒක නිසා නේද දෙන්න එපා කියන්නෙ.. ??

    ReplyDelete
  30. @පොඩි මෑන්! 1. මේ කොලස්ට්‍රම් කතාව සම්බන්ධ උනේ කොතනින්ද?
    2. ගමේ ගොඩේ මිනිස්සු නං ඔ්ක ඝනයි කියල දැක්කම ඔහොම ගොංපාට් කතා කියයි! කිරිදෙන අම්මලාට හාල්මැස්සො දෙන්න එපා කියනවලුනෙ, සමහරු! මොකද දරුවක කිරිදෙද්දි තනේ හරි දරුවගෙ උගුරෙ හරි කටු හිරවෙයි කියල! :D

    ReplyDelete
  31. කොලස්ට්‍රම් කතාව ගෙනාවෙ ඕනෙයා... අනික මම ගමේ ගොඩේ මිනිහ බං.... :D :D

    ReplyDelete
  32. Very nice post. I just stumbled upon your blog and wanted to say that
    I have really enjoyed browsing your blog posts.
    After all I will be subscribing to your rss feed and I hope you write again
    very soon!
    Here is my page : latest transfer news for arsenal fc

    ReplyDelete
  33. Please let me know if you're looking for a article writer for your blog. You have some really good posts and I feel I would be a good asset. If you ever want to take some of the load off, I'd absolutely love to write some articles
    for your blog in exchange for a link back to mine.
    Please blast me an email if interested. Regards!
    Feel free to surf my site ; english premier league transfer news chelsea

    ReplyDelete