2011-08-02

මම රස්තියාදුකාරයා....





මොකද නෝනා
මගේ දිහා ඔරවල බලන්නෙ...
සිගරට් දුම පොඩ්ඩක් වැදුනටද..
ඉතිං නෝනමනෙ
මේක අස්සෙ රිංගුවෙ....
හරියට ඔරවන්නෙ
මම ආව වගේනෙ
නෝනගෙ රෙද්ද අස්සට..
හෙ හෙ...
නෝන තරහ ගත්තට
මම තරහ ගන්නෙ නෑ නෝනා....
මම දන්නවා
නෝන ඔරවන්නෙ
දුම වැදුනට නෙවෙයි
ඉරිසියාවට......
මගේ තරහ..
මගේ දුක...
ඇතුලට එන සිගරට් දුමේ දියකරල..
එලියට පිඹල යැවුවට..
නෝන මේ රෙද්ද අස්සෙ රිංගල
එක එකාලට රෙද්ද උස්සපුව....
පිඹල නෙවෙයි මකලවත්
එලියට දාන්න බැරි නිසා...
අමතක කරන්න බැරි නිසා...
නෝනට ඉරිසියයි නේද....
එහෙම දුක් විදවන්නෙ නැති
මම වගේ..
රස්තියාදු කාරයෙක් ගැන...
සිගරට් දුම පිට දාල
නෝන එරෙවුවෙ
ඉරිසියාවට නේද........
___________________ හාට් Piercing...✿•*`¨


කලින් හාට් එකේ  Pierce කරපුවා...

ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ

මීලගට  මගදිගට  5 .......

මග දිගට 4 " මෙන්න මේ වෙලාවට තමයි වදුරු කුණුහරුප මතක් වෙන්නෙ..."



පලවෙනි කොටස් ටික කියවල නැතිනම් මුලින් ගිහින් කියවලා එන්න... නැතිනම් ඉතිං පිස්සු බම්ප්වෙයි.....

මගදිගට 1
මගදිගට 2
මගදිගට 3

අද එතැන් සිට.....

"අනේ විහඟ...... මම ටිකට් ගත්තෙ නෑ......."

එයා කියනව මට හීනෙන් වගේ ඇහුනා......... ඇහුනත් මගේ කටට වචන ආවෙ නෑ... ඒ අත් එච්චරටම සිනිදුයි......මම නිකන් මල්ලක දාල පොලවෙ ගහල අත ඇරපු ගෙම්ම්බෙක් වගේ බලාගෙන ඉන්න්වා... කෙල්ල තව තව අත මිරිකනවා... අන්තිමට යන්තන් මගේ මොලේට සිහිය ටිකක් ආවා...

"මොකක්..."
"අනේ ඔවු මම ටිකට් ගත්තෙ නෑනෙ... දැන් මොකද කරන්නෙ..."

ඔන්න ඒ පාර තමයි මගේ රිච්ටර් මාපකේට වෙලා තියෙන භූමිකම්පාවෙ තරම දැනුනෙ..... මුකටි ගෙට පැන්නෝ කිවුවලු... දැන් මොකද කරන්නෙ..... මගේ ගාවනම් සීසන් කට්ට තියෙනවා.. ඒත් මෙයාට දඩ ගහවිද... දඩ ගෙවන්න එයාගාව සල්ලි තියෙනවද දන්නෙත් නෑ... මගේ ගාවනම් සීසන් එක ඇරුනාම රුපියල් පනහයි තියෙන්නෙ.. ඒකෙන් ගෙවන්න වෙන්නෙ කින්ඩිය තමයි... ලන්ඩන් වල ඇල්බට් අංකල්ලවත් නෑනෙ අපිට කෝල් කරන්න... ෂිකේ....

බස් එකේ සෙනග පෝලිමට ටිකට් අරගෙන  බහින්න යනව දොර ගාවට... ටික්කො දෙන්නෙක් ඉන්නව ඉස්සර දොරේ.. පස්සෙත් එකෙක් ඉන්නව... කොන්ද පේන්න නෑ... අම්මප යකෝ මේ කොන්දගෙනෙ බඩ මාලු කන්න ඕනෙ අල්ලලා.. මූ නිකමටවත් ඇහුවද ටිකට් කියල...අහන්න ඕනෙ නෑ පේන්න ආවද... වෙන වෙලාවකන් අපි වැඩක් කරගන්න හදනකොට පොල්ල ඇත ඇරල ඉස්සරහට යන්න කියල උදැල්ල දන්නවා.. ඒකට අද... මේ වෙලාවට තමයි කටට වදුරු කුණුහරුප එන්නෙ...

ලහිරුවත් සීසන් එක දීල බැහැල ගියා බස් එකේ තව දහ දොලොස් දෙනෙක්ට වඩා නෑ... ටික්ක ඉන්නව මූනෙන් බාගෙක විතර කන්නාඩි දෙකක් දාගෙන ගිනි පිඹින මකර වගේ..... කෙල්ල ඉන්නව කොල්ලගෙ අතේ එල්ලිලා... දැන් ඉතිං සුපර් මෑන් වගේ ගේම දෙන්න ඕනෙ... එතකොට තමයි ගැලරියේ විසිල් වදින්නෙ...නැත්නම් හූ ගොඩයි.... ෆිල්ම් එක හබක්..... ඔවු ඔවු.. ඇරල බෑ.. මම ගත්තා ඊයෙ රෑ කාපු පාන් බාගෙ ෆුල් ෆිට් එකම ඇගට... ෆිට් එක කොච්චරද කියනවනම් පොඩි අයිඩියා පාරක් ආව ඔලුවට..... බලමු වැඩේ හරියන්නම්  පොඩි චෑනිස් පාරක් වදින්න ඕනෙ....,,

2011-08-01

දෙයියො දීපු ලබ්බ





පුංචි කාලෙ ඉදලම
මම ආසකරේ
බෝනික්කො නලවන්න..
කොල්ලො බෝලගහද්දි
මට ඕනෙ උනේ
සෙල්ලම් බත් උයන...
ටික ටික ලොකු වෙද්දි
කොල්ලො කෙල්ලො දිහා බලද්දි
මට ඕන උනේ කොල්ලො දිහා බලන්න..
බස් එකේ කොල්ලො ජැක් ගහද්දි
මට ඔනෙ උනේ
සුදු කොල්ලෙක්ට හේත්තු වෙන්න
උන් මම දැක්කාම හිනා වෙනවා..
යන් කියල කතා කරනවා...
එකයි ඉන්නෙ කියල  රොත්ත පිටින් එනවා..
ඊට පස්සෙන්දට ආයෙ
ඇවිදගන්නවත් බෑ....
මට මේක එපා වෙලා අයියෝ..
දෙයියො මට ඔක්කොම දීල
මට ඕනෙ විදියට ඇග දුන්නෙ නෑනෙ...
එහෙම උනානම්
කොල්ලො කැමතිවෙයි මට
අර පට්ට වේස කෙල්ලොන්ට නැතුව...
කොහෙද...
දෙයියො මට දුන්නෙ
මේ කෙහෙල්මල්
ලබ්බනෙ අයියෝ...
                            
__________________ හාට් Piercing...✿•*`¨


මීට කලින්  හාර්ට් එකේ 
Pierce කරපුවා..   ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට

පොඩිමෑන් ලියන යුගයේ ලටපැවුන ලවුස්ටෝරිය..
            මග දිගට
" ගිනි පිඹින මකාර නැමති බස් ටික්කාගෙන් ටිකට් නැති තම සිහින කුමරිය බේරාගන්න විහඟ සුපර් හීරෝගේ මීලග ලොමු දැහැගැන්වෙන පැණි බේරෙන වික්‍රමය.."
4වෙනි කොටසින් ඊලගට..
එතකන් මුල ඒව කියවල සෙට් වෙලා ඉන්න...
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3