2011-06-20

මෙලෝ රහක් නෑ 1


                                   
                               තට්ට තනියම ගියත් විදගෙන
                               රෙද්ද තද වී ඇති හෙයින්
                               යනෙන උඩ යට නටන තට්ටම
                               තද කරයි කරු දෙක මුලින්

                               පැලුන දෙකොනම අතින් වහගෙන
                               සලෙලු කොල්ලෝ ඇති හෙයින්
                               ගස්ස ගස්සා දුවන ලඳකගෙ
                               පස්ස දැක්කා යන්තමින්

මෙන්න කලින් ගොතාපු ඒවා..
        ප්‍රීති-යෙන් මිනී මැරීම
       අවජාතකයාගේ යුතුකම් ඉටුකිරීම
       ගොතාපු ඒවා 3
       සසර දුකෙන් එතෙර වෙන්න දහම් දෙසාපන් අම්මෙ
       මතකද
       තාම තියෙනවා මං ලග      

හිතෙන්නෙ මොනවද කියලත් කිවුවනම්.....

8 comments:

  1. එළ එළ.. අමුතුම විදියෙ කවිනෙ ගොතන්නෙ.

    ReplyDelete
  2. maximum romantic very good

    ReplyDelete
  3. ඇයි මගේ කමෙන්ට් එක මැකුවේ?

    ReplyDelete
  4. @ පූසා :- නිර්මාණයක් කරද්දි කොහේ හෝ දැකපු අහපු දෙයක ආභාශය යෙදෙන්න පුලුවන්... නිර්මාණ කරු නොදැනවත්ව හෝ දැනුවත්ව... මෙතනදි වෙලා තියෙන්නෙ එහෙම දෙයක්.. මම පිලිගන්නවා මේකතනදි ඒ ආබාශය ලබාගත්තෙ මම කියල ඒකෙ හෝදන්න දෙයක් නෑ.. නමුත් ඒ සෑහෙන කලකට කලින්. මොකද මේ දෙකම බ්ලොග් කරලියට ආවෙ ලගදි උනාට මූනූ පොතට ගොඩක් පරණයි මම හිතන්නෙ.. මගේ නෙත ගැටුනෙ ඒ හරහා හෝ මුද්‍රිත මාද්‍යෙන් ඔබ සදහන් කරපු "තැනින්" නෙවෙයි නමුත් ඒකම තමයි.. අන්න එහෙම මම දැකපු දෙයක් හෝ අහපු වචන කිහිපයක් හෝ තාලයක් හිතෙන් ඉබේ මතුවෙන්න ඇති.. අනික මගේ මේ නිර්මානය තරමක් ප්‍රසිද්ද එකක්... ඒ වගෙම ඔබේ ඒ කමෙන්ටුව හරහා මගේ පැත්ත ගැන වගේම ඒ පැත්ත ගැනත් වැරදි වැටහීම් ඇතිවෙන්න තිබුනා.. කෙසේ වෙතත් ඔබේ පෙන්වා දීමට ස්තූතියි... ඒකයි මම ඒ කමෙන්ට් එක ඉවත්කරේ... ම්ම කමෙන්ට් මොඩරේශන් පවා බාවිතා කරන්න නැත්තෙ ඕනෑම කනෙක්ට ඕනෑම ආකාරයේ අදහසක් ප්‍රකාශ කරන්නයි.. නමුත් ඒ මම නිසා තව යම් කෙනෙක්ගෙ ප්‍රතිරූපය ගැන වෙන අය වැරදි වැටහීමක් ඇතිකරගන්නවාට මම අකමැති..
    නැවැතත් කිඉයනවා දෙවැන්නා මමයි... කමෙන්ට් එක ඉවත් කිරීමට හේතුව පැහැදිලි ඇති කියලා හිතනවා.. මම වැරදිනම් පෙනවා දෙන්න...

    ReplyDelete
  5. "නිර්මාණයක් කරද්දි කොහේ හෝ දැකපු අහපු දෙයක ආභාශය යෙදෙන්න පුලුවන්" ඇත්ත! නමුත් තවත් නිර්මාණයක වචන අපි කරන නිර්මාණයකට ඒ අයුරින්ම යොදා ගැනීම කොච්චර දුරට සාධාරණද කියන්න මම දන්නේ නෑ. ඒ වගේම ප්‍රථම නිර්මාණයේ අයිති කරු නොදැන ඔහිගේ වචන ඔබේ නිර්මාණයට යොදා ගැනීමත් කොතරම් දුරට සාධාරණද කියන්නත් මම දන්නේ නෑ. හිතන්න ඔහු අකමැති නම් ඔබ ඔහුගේම වචන කිහිපයක් ඔබේ නිර්මාණයට යොදාගන්නවට? ඔබ කැමතිද කවුරුන් හෝ ඔබේ නිර්මාණයක වචන කිහිපයක් ඔබට නොදන්වා යොදාගෙන නිර්මාණයක් කරලා ඔබටත් වඩා හොඳ ප්‍රතිචාර ලබනවාට? සමහර විට ඔබ කියාව "ඔව් මටනම් ඒක ප්‍රශ්නයක් නෑ" කියලා. ඒත් හැමෝම ඔබ වගේම සිතාවිද?


    ඔබේ නිර්මාණය බොහොම හොඳයි ඒකේ තර්කයක් නෑ.නමුත් අර වචන කිහිපයත් වෙනස් වුනානම් ලස්සනයි නේද?

    (වරදවා වටහා ගන්න එපා. මට ඔබත් එක්ක කිසිම තරහක් නෑ. මම ඔබ ලියූ කවිය දැක්කාම තවත් ඒ වගේම එකක් දැක්කනේ කියලා මතක් වුනු නිසයි ඒ ගැන ලිව්වේ.)

    ReplyDelete
  6. @ පූසා :-ඔබ කියන එක හරි... නමුත් ඒක මම ඒ නිර්මාණයෙන් උපුටා ගත්තෙ නෑ.. ඔබට ඒක පේනව ඇති.. මම මේ කවිය ලියාගෙන යද්දි හිතට ආව වචන යෙදුව විතරයි... ඒව මගේ හිතේ තැම්පත්වෙලා තිබුන වචන වෙන්න ඇති... බොහොම ස්තූතියි මේ ගැන මේ විදියට ප්‍රතිචාර දැක් උවාට මීට පසෙ නිර්මාණ වලදි මේ ගැන මගේ උපරිම අවදානය යොමු කරන්නම්...

    නැවතත් ස්තූතියි....

    ReplyDelete