2014-01-05

ලංගම රියේ .... ඇගෙ බුරියේ ...


මේ ලගදි දවසක කාර් එක සර්විස් එකට දාල එන වෙලාවක බස් එකෙ මට වෙච්ච  ඩිකිබිරිං එකක් මට හදිසියේම මතක් උනා .. ....  මම ගියපු ජනතා සංතක  ලංගමේ හවස් ජාමෙ නිසා කට කපල එකයි සෙනග  ...   ඒත් දෙයියනේ කියල බස් එක ආපු ගමන් සෙට් වෙච්ච නිසා මට පස්චාත් ප්‍රදේෂය නූර් මංජීතෝ කරගන්න චාන්ස් එක ලැබිලයි තිබුනෙ  ... එහා පැත්තෙ අංකල් කාරය ලංකදීපයක් දිගෑරගෙන බලන්න ගනිපු නිසා වැඩකුත් නැති එකේ මමත් ඔලුව දැම්ම එ පැත්තට  ...  අංකල් කියවනවා කියවනවා ඉවරයක් නෑ  .. හෙඩ් ලයින් ඔක්කොම ටික කියවල ඉවර උනාම කියවන්න දෙයක් නැති කමට මම බෙල්ල හැරෙවුව අනිත් පැත්තට  ...

එක සැරේට මගේ ඇහැට අගල් හයක් දුරින් තිබුන දර්ශනේ දැකල තව පොඩ්ඩෙන් ඇහෙ බබා බේබි වෙනව එකෙන්ම .... ලංකදීප පැත්තක දාල.. රබර් ඇහෙන් මම දියත් කරා පට්ට නිරීක්ෂක මෙහෙයුමක් ... යුද්දෙන් පස්සෙ නන්දිකඩාල කලපුවේ බිම් බෝම්ම හොයන්න ආමි එක කරපු විමර්සනේටවත් නොදැවෙනි නිරීක්සන මෙහෙයුමක් ...  බස් එකෙන් බහිනකන්ම ...

නිරීක්සන වාර්තාව මෙන්න මෙහෙමයි ....

තැඹිලි පාට හැට්ටෙක දාරයක් .... ඒ දාරෙට රතුවෙච්ච ඉරි පාරවල් තුනහ මාරක් ...වඩා සුදු පාට පෙති හෝමර ඉහිච්චි සුදුපාට හමක් 

ඒ හමේ ... ලා බන්ඩක්ක කරලක වටේ තියෙනව වගේ ... ලා.. කලුත් නැති තඹත් නැති ජීවිතේට කියගන්න බැරි පාටකින් ජනේලෙ වීතුරුවෙන වර්තනය වෙලා එන ඉරේ කිරණෙන් දිස්නෙ ගහන  හීනි බූවක් තුබුනා .. ලතාවකට එක පැත්තකට කැරකිලා අන්අයිඩෙටිෆයි ෆලයින් ඔබ්ජෙක්ට් එකක් ඇවිත් බඩ ඉරිගු යායක ඇදිච්චි ක්‍රොප් සර්කල් එකක් වගේ අංශක තිස් එකයි කලා දහතුනක් .. අර සුදු හමට
ආරෝහණ කෝනෙකින් .......

උදේට නිදිකුම්බ මලක රේණු අගිස්සෙ තියෙන පිනි බිංදු වගෙ ඒ බූව වලින් සීයට හතලිහකත්  වඩා වැඩි ගානක අගිස්සෙ පුංචි දාඩිය බිංදු .... එහෙමම පහලට එනකොට එනකොට එනකොට එනකොට .............
 හඳේ තියෙන කලු ආවටයක් වගෙ පුංචි උපන් ලපයක් ... ලදු කැලේවක ඔය පොඩි පොඩි පලු ...
 ඉපිල් ඉපිල් වගේ ගස් මැද්දෑවෙ
තියෙන යෝද කුඹුක් ගහක් වගේ ඒ උපන් ලැපෙ මැද්දෙ අර බංඩක්ක බූවට වඩා තේජාන්විත ලොකු කලු මහත කෙස් ගහක් ... ඒකටත් පහලින් ...කලූ පාටට හුරු රෝස පාටින් පටන් ගෙන වඩා තද පාට ගැහැනෙ රැලි වලින් ආරම්බ වෙලා නුවර එලියෙ හෝටන් තැන්නෙ හැන්දෑවෙ 6ට පුංචි ලෝකාන්තෙ වගේ .. නිමක් කොනක් නොපෙනෙන පතුලක් අගක් නොදකින... සත පනෙගෙ කාසියක විස්කම්බෙට වඩා චුට්ටක් ලොකු .. ඒ තරම් රවුම් නැති ... 10 වසරෙදි විද්‍යාවට පොලව සූරියා වටේ කැරකැවෙන ගමන් මගේ හැඩේයි කියල කියප දීපු ඉලිප්ස්සාකාර හැඩේ .......
" බුරියක් .... "

එතන අපි සෑහෙන වෙලා නැවතිලා හිටියා ... අපි කිවුවෙ මමයි හිතයි .. ඇස් දෙකයි ...


ඊට යටින්  ගුරුපාරක යද්දි වැදිච්ච ට්‍රැක්ටර් කෝද සලකුණක් හැඩේට පහලට පහලට ,,,, ආයෙත් ... අර බන්ඩක්ක ඹුව ... ඒ ට්‍රැක්ටර් රෝද පාරෙ පහලට පලට යනකොට ඇහැ හැපුනෙ ආයෙමත් තදවෙච්ච සාරියට රතුවෙච්ච ඉරි තියෙන අර පෙති ගෝමර ගොඩේ ... ඊට උඩින් සාරියේ රැලි ටික අල්ලල ගහපු කට්ට තව පොඩ්ඩෙන් මගේ ඇහෙ  බබා මරනවා ....

"වලහනන්දූව හංදිය බැහැගන්න .. ....

එ  අක්කම කොන්ද කෑ ගැහුවා ... .....

ඒක නිසා රු 20 දුරට නිරීක්සන වාර්තාව ඔච්චරයි ...  බස් එකෙන් බැහැල ගෙදර එන ටිකට ම කල්පනා කර කර ආවෙත් මෙ ගැනමයි ...

ස්ත්‍රී සිරුර පුරුස පාර්සවේ ඇස් වලට රස දුනක් කියනවනෙ  ...  ඒක නිසාම දැන හෝ නොදැන අපේ ස්ත්‍රී කස්ටිය ඒ රසදුන තම විරුද්ධ ලිංගික පාත්ත වර්ගයාට දෙන්න පට්ටෙට මංන්සි වෙනවා  ... ...  එකසි ගානට සොපින් කොරාගෙන ... සැන් පවුඩර් පාට කලර් උලාගෙන ... හදිස්සියකට ගලවල හරි උස්සගෙන හරි දොට්ට පිලට යන්න බැරි තරමෙ ගිරි ගිරි තදේ ඇඳුම් ඇඳගෙන ...  කිහිලි වල ... කකුල් වල වැවෙන රෝම දාතුව සේවු කොරාගෙන ... ඒවයි ඔය එක එක ක්‍රීම් ජාති උලාගෙන .... එහෙම කෙහෙල් බඩෙ වගේ සුද්ද කරපු  කකුල් දෙක එකට ඇතිල්ලිලා ගිනියං වෙනව කියල ගානක් නැතුව පූස් ගමන පැට්ටිස් කොරාගෙන ...  හදිස්සියකට හයියෙන් යන්න බැරි ගාට ඇදුම් කොට කොරාගෙන ඔය විදින දස මහ දුක් විදින්නෙ අපේ පුරුස පක්සෙට අර කියන රසඳුන දෙන්න තමයි ... ඉතිං රසදුනෙන් ට්වුන් උනා කියලා ඕවට ඇගිලි ගහන්න මිරිකන්න ඔබන්න වෙන වෙන දේ කොරන්න නරකයි  ... මමනං කරන්නෙ අපි 7 වසරෙදි පේරාදෙනියෙ පාක් එකේ ට්‍රිප් එකක ගියපු වෙලාවෙ අපේ සර් දීපු උපදෙස් පිලිපදින එකයි ...

" ඔය ලස්සන්න ලස්සන මල්ජාති හිටවල එව හැඩට කපල ඔය ලස්සන්න කරල තියෙන්නෙ අපිට බලන්න විදින්න විතරයි ... ඒව දැක්කාම කඩන්න හිතන්නෙ ගෙදර ගෙනියන්න හදන්නෙ නරක ළමයි .. ඕව පොදු දෙපල .. අපි අයිතිකරගන්න හදන්න හොද නෑ .. ලස්සන බැලුව වින්ඳ .. අනිත් මිනිස්සුන්ටත් ඉතුරු කරන්න ඕනෙ  ...  අපි කඩාගෙන යන්න හැදුවොත් එයාලට නෑ .. එතකොට ඒ මිනිස්සුන්ට දුකයි..

වැඩියෙන්ම ඕනෙනං ඔය ෆොටෝ එකක දෙකක අරගෙන ගෙදර ගිහින් සුද්ද කරගන්න .... "

ඔන්න ඒක නිසාත් මම නරක ළමයෙක් වෙන්න අකමැති නිසාත් මමනං කරන්නෙ පොටෝ එකක් කාරිය ගන්න එක විතරයි ... ඕව පොදු දේපල කියන එක අපි නිතර හිතේ තියාගන්න ඕනෙ ...

එතකොට හැමදාම ...  පකින් ඕසං තමා ....

ගිහින් එන්නං ...




27 comments:

  1. අම්මට හුඩු පොඩි මෑන් උඹව දකින්නත් සන්තෝසයි මචෝ.. එල එල ආපහු බ්ලොග් එක ලියපන්.. මතක ඇතුව නව කතා කෑල්ලත් ලියපන්..

    ඇත්තටම බන් අපිට නම් කෙල්ලන්ගේ බලලා සතුටු වෙන්න ගොඩක් තැන් තියනවනේ ඒත් කෙල්ලෝ අපේ මොනවා බලලද බන් ස්තුටු වෙන්නේ....

    ReplyDelete
  2. බුරියේ වටිනාකම හොයාගත්තෙ ඉන්දියන් ෆිලිම් ප්‍රොඩුසර්ල! එහෙම කියල උඹටත් තැනක් නොදී බෑ!

    අර මගදිගට ඉවරද?

    ReplyDelete
  3. පිස්සු පීකුදු .. උපමා ටික මරු :D

    ReplyDelete
  4. ඇහෙන් කනවා කියන්නේ මේකටද කොහෙද! :D

    ReplyDelete
  5. උඹ වලහන්දූවෙද යකෝ...මට මතක නෑනේ

    ReplyDelete
  6. අනේ අම්මේ ඇති යන්තන් ... මුළු බ්ලොග් එකම දවස් දෙකකින් කියෙව්වා ... එත් එක්කම පොඩි මෑන්ට බ්ලොග් එක මතක් වෙලා, දෙයියනේ කියල තව කියවන්න පුලුවන් වෙයි . මචෝ මතක් කරලා අර නවකතා කෑල්ල මොනවා හරි ලියලා දැම්මා නම් හොදා ..

    ReplyDelete
  7. සුපිරි හොඳේ.....අකමැත්තක් නැතුව කියෙවුවා දෙයියනේ කියලා..පට්ට අදහස්....සුපිරි ලියවිල්ල

    ReplyDelete
  8. උපමා සහිතව යාං හෑල්ලක් නොලියා කෙටියෙන් ලිවිම සුපිරිය.
    පෙති ගෝමර කිව්වට...අළුහම් තියෙන එකියෙක් නෙමේ නේද බං...?

    ReplyDelete
  9. මේ ඊයේ පෙරෙදා බුරිය ගැන තව පෝස්ට් එකක් කියෙවුවා මතක නෑනේ බං කාගෙද කියලා.. මරු උපමා ටික හැබැයි..

    ReplyDelete
  10. /වලහන්දූව හංදිය බැහැගන්න/ කියලද කිවුවෙ නැත්තං වල් හැතිකරේ හින්ද ගෑණියෙකුට බස්එකකවත් යන්න බෑ කියල කනේ පාරක්ද හම්බඋනේ. :D

    ReplyDelete
  11. කෝ දැන් එතකොට ගත්ත ෆොටෝ? :D

    ReplyDelete
  12. අඩෝ අපිත් ගාල්ලෙ තමා....

    නියමෙට ලියල තියෙනව

    ReplyDelete
    Replies
    1. අපිත් ගාල්ලේ ඩෝ.උබ සිත්මන් කොලෙජියෙද?

      Delete
  13. අරව මේව ගෑව කියල පොශ් වෙන්නෑ බං. ඒක මනසෙන්ම එන්න ඕනි එකක්. ඒකට තමයි රියල් පොස් කියල කියන්නෙ. මරු උපමා ටික. "අර ට්‍රැක්ටර් පාර"

    ReplyDelete
  14. නොදකින් විතරක් තෝ මොකෝ ෆොටෝ කැල්ලක් අල්ලලා මේකේ එබුවේ නැත්තේ. ඇයි අපි ඔය රසඳුන ගා ගත්තොත් නරකද?

    ReplyDelete
  15. පොඩි මෑන් වලහන්දූවෙ එහෙනම්. අපි පෝද්දල. අර ගාලු කොල්ලා කොහෙද දන්නෑ.

    අර මග දිගට ඩබල් නිවුන් කේස් එක මං එකක් නෑර කියෙව්වා.තව ඒ වගේ සුපිරි නවකතාවක් අපි බලාපොරොත්තු වෙනවා උබෙන්.

    දැන් බිග් මැච් එකටත් ළඟයිනේ.ගියපාර උබල නූලෙන් බේරුනේ.

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
  16. උඹ ලිව්වොත් ආයේ මක්කා කියන්නෙයි...

    ReplyDelete
  17. උපමා ටිකට දිව උලුක්කු වෙලා ඇස් කැරකිලා උණ්ඩුකපුච්චෙත් මෙව්වා වෙලා ගියා ඕයි

    ReplyDelete
  18. එල මචං සුපිරි............... නවල් එකේ ඉතුරු ටික දාපංකො

    ReplyDelete
  19. බස්සෙකෙන් බහිනකොට තමුසෙට ලීක් නේද....ඊටත් පස්සෙ නේද පතෝල කරල කෙලින් කරන්න ට්‍රයි කොරලා බැරිම තැන නිකා හිටියෙ...ඒක කොහොමත් කෙලින් වෙන එකක්යැ....

    ReplyDelete
  20. නාරි දේහේ විස්තර කරන්න උඹ තරං සමතෙක් නම් නෑ මල්ලියේ,

    ReplyDelete
  21. mekanam ela
    sahodaraya maga digata 20 demmoth thawath hodai.. :D ty

    ReplyDelete