2011-08-08
මග දිගට 5 "ඒවගේද බොල හක්ක වින්කලේට දෙන්න උනානම් බකල් අරින්න ...???"
පලවෙනි කොටස් ටික කියෙවුවෙ නෑ...
මගදිගට 1
මගදිගට 2
මගදිගට 3
අද එතැන් සිට....
ගමගේ සර් ඇස් දෙකත් ලොකු කරගෙන අපේ දිහා බලාගෙන ඉන්නවා... ඇස් දෙකෙන් ගින පිටවෙනව වගේ... වෙලාව අටහ මාරත් පහුවෙලා... ඉස්කෝලෙ පටන් ගන්නෙ හතහ මාරට... වෙලාවට වඩා පැයක් පරක්කු වෙලත් කිසිම ගානක් නැතුව පැද්දි පැද්දි කරට අතදාගෙන මහ හයියෙන් හිනාවෙවේ එන අපි දෙන්න දැක්කම සර්ට කොහොම හිතෙන්න ඇද්ද...
සර්ගෙ උඩට කරකවපු රැවුලයි රතුපාට තඩි ඇස් දෙකයි මට මතක් කරේම ගිය සැරේ ගාල්ලෙ තිබුන තොරනෙ ආලවක යකාමයි... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... සර් අපේ දිහා බලන්න ඉන්නව දැක්කම ගියර් බොක්ස් එක මැනුවල් ගියර් උනත් ටොප් එකේ තිබිල නිවුටල් එකට වැටුනේ ඔටෝමයි....
ලහිරුවනම් තාම සර් දැක්කෙ නෑ... ඌ තාම කියවනවා..
"සිරාවට මචං අර උඹ කිවුවත් වගේ බලන් ගියාම පරක්කුවෙලා ආව එක සිරාවට ගියා නේ...... කෑල්ලත් සුපිරි.. වැනිල ඩ්‍රීම් එක වගේ... ඒක සෙට් වෙනව්නම් ඉස්කෝලෙ බල්ලට ගියාදෙන් බං.. ඔය ඒ ලෙවල් කරල කාටද හරි ගියේ....."
වැනිල ඩ්‍රීම් කේසේ වෙතත් දන්නම් ෆෘට් ඇන්ඩ් නට් තමයි හම්මබවෙනෙ...අම්මප මූගෙ කටටත් බ්‍රේක් නෑනෙ... කටවහපන් බූරුවෝ.... මම ලහිරුවගෙ තට්ටම පුලුවන් තරන් හයියෙන් කෙනිත්තුවා...
"ඌයි.. .....!! තොට... .."
ලහිරුව ඉතුටු ටික කියන්න කලින් මම ඇහෙන ඉස්සරහ පෙන්නුවා... එතකොට තමයි ඌත් අපේ අනාගත ඉරණම සියැසින්ම දැක ගත්තෙ.... හැබැයි මට ඒ ඉදිරියේ වෙන සෝකාන්තය උපේකෂා සහගත සිතින් විදගන්න පුලුවන් උනාට ලහිරුවගේ සුදුලූනු බික්කක් තරම් මොලේට එච්චර දෙයක් කල්පනා කරගන්න තරම් හැකියාවක් තිබුනේ... නෑ
"දුවපං යකෝ........!!!
2011-08-07
සිත් අහසෙ සෙවලිට සුභ උපන්දිනයක්.....
මේ දවස්වල පට්ටෙට වැඩ.. වැඩ කියල මේක නොලිය කොහොමද...මුල අමතක කරන්න හොද නෑ නෙ බෙල්ල ගහල ගියත්....
ඔය බ්ලොග් අවකාශෙ බස් පදින අයනම් දන්නවනෙ සෙවලි නගා... නගා කිවුවට මේකි අක්කනෙ.. වැඩියෙ නෙවෙයි දවසකට.. ඔවු ඔවු.. සෙවලි කියන්නෙ සිත් අහස බ්ලොග් එක ලියන ප්‍රාර්ථනා තමයි... දැන් ඉතිං උඩ තියෙන ෆොටෝ එකත් දැක්කාම හිතාගන්න පුලුවන්නෙ මොකකද කියල... අද ප්‍රාර්ථනාගෙ හැපි බර්ත් ඩේ එක... කට්ටිය දැකල නැති නිසා අදුනගන්න බැරි උනාට ඔය ඉන්නෙ ප්‍රාර්ථනා තමයි උපන්දිනේට අම්ම අරන්දීපු අලුත් ඇදුමත් ඇදගෙන...
පොඩි මෑන්ගෙ ලට්ට ලොට්ට පටන්ගන්න හේතු උනේ ප්‍රාර්ථනා.. කලින් බ්ලොග් දෙකක් ලියල අතඇරල දාල වස කම්මැලි කමේ ඉදපු මට බ්ලොග් එකක් හදල දීල "ලියනව හලෝ ඔයාට හොදට ලියන්න පුලුවන්නෙ.. "
කියල මට පොඩි තල්ලුවකුත් දැම්මෙ මේ සෙවලිම තමයි... ඒ විතරක්ද මාස දෙකයි දවස් දොලහක් වෙනකොට ෆලෝවස්ල 105ක් ඉදියට බ්ලොග් එකේ පලවෙනි ෆලෝවත් සෙවලිම තමයි...
ඒවගේම ජීවිතේ සමහර ප්‍රස්න වලදි සහෝදරියක් වගේ හිත හදපු... හැමවෙලාවෙම නැති උනත් යාලුවෙක් විදියට ඕනෙ වෙලාවට ලග ඉදපු පන දෙන්න කතා කරේ නැති උනාට උදවුවක් ඔනෙ වෙලාවට උදවු කරපු... ඒ යාලු කම මට ගොඩක් වටිනවා ප්‍රාර්ථනා.. ඉතින් ඔයාම හදල දීපු බ්ලොග් එකේ ඔයාගෙ උපන්දිනේට සුභ පතන්න මම පෝස්ට් එකක් දාන්නෙ නැත්නම වැඩක් නෑ කියල හිතුනා....
එහෙනම් ඔන්න පිකීට සුභ උපන්දිනයක් වේවා......!!!
බස් පදින අය සෙවලි කිවුවට ඔය පිකී කතාව දන්නෙ නෑනෙ... මෙයාට කට්ටිය කියන්නෙ පිකී කියල තමයි.. ඔන්න උපන්දිනේට දෙන්න පුලුවන් තෑග්ග ඒ නම ෆේමස් කරල දෙන එක හොදේ...
මග දිගට 5 දාන්න කියල ඉල්ලීම් මතක් කිරීම් අස්සෙ තර්ජනත් තියෙනවා... ඒක මේ විදියට ලියන්න බෑ බොලවු.. ඉදපල්ලා අද නැත්නම් හෙට දානවා අනිවා.. එතකන් හිටු...
2011-08-04
බැල්ලිගෙ පුත්තු...
නඩුකාර හාමුදුරුවනේ...
ඔවු..
මම ඒ බැල්ලිගෙ පුතාව
මැරුව තමයි...
ඒ ඌ මගේ තාත්තට
කැත්තෙන් කොටපු නිසා..
නඩුකාර හාමුදුරුවනේ...
මැරිච්ච එකාගෙ අම්ම
මට බැන්න
බැල්ලිගෙ පුතා කියල......
එහෙම කියල මොනරකොල මිටියක්
දුන්න මේ කලුකෝට් කාරයට....
දැන් මේ කලුකෝට් කාරය
ජූරියට කියනව
මාව එල්ලන්නලු....
ඔබ තුමාට කියල.....
නඩුකාර හාමුදුරුවනේ...
මම ඌව මරපු නිසා...,
මම බැල්ලිගෙ පුතා නම්..,
අර අම්මන්ඩිගෙ
මොනරකොල වලට
මාව එල්ලන්න කියන මේ
කලුකෝට් කාරයත්
බැල්ලිගෙ පුතා.....
ජූරිය කියන නිසා..
මාව එල්ලන
ඔබ තුමත්
බැල්ලිගෙ පුතා.....
ඔවු...
උඹත් මහ
බැල්ලිගෙ පුතා.......
___________________ හාට් Piercing...✿•*`¨
කලින් හාට් එකේ Pierce කරපුවා...
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ
මම රස්තියාදුකාරයා
මගදිගට 5 මීලගට....
Subscribe to:
Posts (Atom)