2011-08-07

සිත් අහසෙ සෙවලිට සුභ උපන්දිනයක්.....




මේ දවස්වල පට්ටෙට වැඩ.. වැඩ කියල මේක නොලිය කොහොමද...මුල අමතක කරන්න හොද නෑ නෙ බෙල්ල ගහල ගියත්....

ඔය බ්ලොග් අවකාශෙ බස් පදින අයනම් දන්නවනෙ සෙවලි නගා... නගා කිවුවට මේකි අක්කනෙ.. වැඩියෙ නෙවෙයි දවසකට.. ඔවු ඔවු.. සෙවලි කියන්නෙ සිත් අහස බ්ලොග් එක ලියන ප්‍රාර්ථනා තමයි...  දැන් ඉතිං උඩ තියෙන ෆොටෝ එකත් දැක්කාම හිතාගන්න පුලුවන්නෙ  මොකකද කියල... අද ප්‍රාර්ථනාගෙ හැපි බර්ත් ඩේ එක... කට්ටිය දැකල නැති නිසා අදුනගන්න බැරි උනාට ඔය ඉන්නෙ ප්‍රාර්ථනා තමයි උපන්දිනේට අම්ම අරන්දීපු අලුත් ඇදුමත් ඇදගෙන...

පොඩි මෑන්ගෙ  ලට්ට ලොට්ට පටන්ගන්න හේතු උනේ ප්‍රාර්ථනා.. කලින් බ්ලොග් දෙකක් ලියල අතඇරල දාල වස කම්මැලි කමේ ඉදපු මට බ්ලොග් එකක් හදල දීල "ලියනව හලෝ  ඔයාට හොදට ලියන්න පුලුවන්නෙ.. "
කියල මට පොඩි තල්ලුවකුත් දැම්මෙ මේ සෙවලිම තමයි... ඒ විතරක්ද මාස දෙකයි දවස් දොලහක් වෙනකොට ෆලෝවස්ල 105ක් ඉදියට බ්ලොග් එකේ පලවෙනි ෆලෝවත් සෙවලිම තමයි...

ඒවගේම ජීවිතේ සමහර ප්‍රස්න වලදි සහෝදරියක් වගේ හිත හදපු... හැමවෙලාවෙම නැති උනත් යාලුවෙක් විදියට ඕනෙ වෙලාවට ලග ඉදපු පන දෙන්න කතා කරේ නැති උනාට උදවුවක් ඔනෙ වෙලාවට උදවු කරපු... ඒ යාලු කම මට ගොඩක් වටිනවා ප්‍රාර්ථනා.. ඉතින් ඔයාම හදල දීපු බ්ලොග් එකේ ඔයාගෙ උපන්දිනේට සුභ පතන්න මම පෝස්ට් එකක් දාන්නෙ නැත්නම වැඩක් නෑ කියල හිතුනා....


එහෙනම් ඔන්න පිකීට  සුභ උපන්දිනයක් වේවා......!!!

බස් පදින අය සෙවලි කිවුවට ඔය පිකී කතාව දන්නෙ නෑනෙ... මෙයාට කට්ටිය කියන්නෙ පිකී කියල තමයි.. ඔන්න උපන්දිනේට දෙන්න පුලුවන් තෑග්ග ඒ නම ෆේමස් කරල දෙන එක හොදේ...

මග දිගට 5 දාන්න කියල ඉල්ලීම් මතක් කිරීම් අස්සෙ තර්ජනත් තියෙනවා...  ඒක මේ විදියට ලියන්න බෑ බොලවු.. ඉදපල්ලා අද නැත්නම් හෙට දානවා අනිවා..  එතකන් හිටු...

17 comments:

  1. හැපි බර්ත්ඩේ එකක්ම වේවාය!!!

    ReplyDelete
  2. ආ...සෙවලිට සුබම සුබ උපන්දිනයක් හොදේ....

    ReplyDelete
  3. සෙවලි අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා කියල ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා...!!!!!:):)

    ReplyDelete
  4. අනේ සෙවලි කියන්න එපා.. ප්‍රාර්ථනා අක්කා හැමෝටම ගොඩක් හොදයි. මම යන්න හදපු වෙලේ නොදන්න ආගන්තුකයෙක්ව නවත්තගන්න අච්චර වීරිය දැම්මේ අක්කා ට ලැබෙන දෙයක් හින්දා නෙමෙයි‍. අක්කා ගේ හොදකම හන්දා. අක්කා ට සුභ උපන්දිනයක්.

    ReplyDelete
  5. පිකි ? ඕක බං නිකං ටැපලෙනවා වගේ :P

    නිකං නම කැත කරගන්නේ මොකටද.. අක්කෙ කියලාම කියනවා :P
    සුභ උපංදිනයක් වේවා..!

    ReplyDelete
  6. අහ්....මම ඒ සිත් අහස කියවනවා....අක්කිව නම් හුගාක් දන්නෙ නෑ...ඒත් එයාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා....:)

    ReplyDelete
  7. නංගිට සුබ උපන්දිනයක් වේවා !!!
    අච්චර උදව් කරපු කෙනෙක්ට සෙවලි කියන එක හරි මදි නේ :)

    ReplyDelete
  8. කළ ගුණ සළකන එකනම් ගොඩක් හොදයි තමා..සෙවලි කියන එක එපා නේද??? :)

    ReplyDelete
  9. අක්කියට සුභම සුභ උපන්දිනක් වේවා.......!!!

    ReplyDelete
  10. සහෝදරීට සුභ උපන්දිනක්..!!

    ReplyDelete
  11. මොකක්ද පීකි සීන්එක.... පීකි කිව්වාම මට මතක්වෙන්නේ සාපේ සිතියම් ලකුණු කරපුවා :P

    ReplyDelete
  12. @ all :- සෙවලි කියලයි බස් පදින අය දන්නෙ.. අනික එහෙම කියන්නෙ කාඩ් එකනෙ... පිකී කියන්නෙ ගාල්ලෙ යාලුවො... :)

    ReplyDelete
  13. H ,B' Day Parrrrrrrr

    ReplyDelete
  14. ගොඩාක්ම ස්තූතියි පොඩ්ඩෝ, ගොඩාක්ම ස්තූතියි හැමෝටම...

    ReplyDelete
  15. මේ හැබැයි මට ගහපු මඩ වලට නම් මම වේලාවක අල්ල ගන්නම් ඔයාව හොඳේ... :P :D

    ReplyDelete
  16. හෙ හෙ... මම හිතන්නෙ නෑ අනේ ඔයා එච්චර මොලේ නැති වැඩක් කරයි කියල... පොඩි මෑන්ට කියල සංසකරණය නොවෙච්ච තව පෝස්ට් එකක් ඔයා ගැන ලියා ගන්න ??? ඔයා එහෙම කරනවද ?

    ReplyDelete
  17. හපොයි... මම මුකුත් කිව්වේ නෑ කියලා හිතාගන්න...

    ReplyDelete