2011-08-24

දැන් පෙන්නනවා... "ග්‍රීස් යකා රී ලෝඩඩ් " රෙද්දෙ ගාගන්න කැමති අයට වඩාත් සුදුසුයි



ග්‍රීස් යකා නැවතත් කරලියට පැමින ඇත්තේය. ඒ ග්‍රීස් යකා රීලෝඩඩ්ය... අලුත් ෆිල්ම එක ලෙසටම නැගලා ගියේය..... කලින් ගීස් යකා ෆිල්ම් එක දිවුවේ ගමේ හෝල් එකේ විතරක්ය... ත්‍රාසය බීතිය පිරි ෆස්ට් ෆිල්ම් එක  මුලින් ඇඩල්ස් ඔන්ලි එකක් උනේයැයි ලොකු ලොකු කස්ටිය කියන්නේය... ඒ නිසාම ක්‍රවුඩ් එක අඩු වැඩි වෙමින් කාලයක්ම ගමේ හෝල් එකේ දිවුවාය.... ඒත් පහු පහු වෙන්න හොද හොද ෆිල්ම් ආවෝය.... ඒවා පස්ටම පස්ට ඇඩ්න්ස් ඔන්ලි විය.... ඒ කැටගරියේම ලගකදි දිවුව ෆිල්ම් එකනම් හික්කා 2009 ය ලේටස්ම එක ගණිකා නිලියන්ය... දවස් දෙකෙන් ග්‍රීස් යකා සහ තවත් ෆිල්ම් තබා තිබූ වර්තා සුනු විසිනු වී ගියාය... ඒත් ග්‍රීස් යකා තරම් කාලයක් ෆිල්ම් එක දිවුවෙ නැත...

පරණ ෆිල්ම් මොඩිපයි කරන එක කාලයේ සිරිත නිසා පෙර දැනුම්දීම් නැතිවම ග්‍රී යකා රී ලෝඩඩ් ආවාය...  අනිත් ෆිල්ම් වලට ඇඩ්‍රස් නැතිවෙන්න හිට් උනේය... කලින් ෆිල්ම් එකේ ඇඩ්ස් ඔන්ලි කෑලි නිසා රී ලෝඩඩ් එකෙත් ලෙසටම වැඩේ ඇතයි ෆිල්ම් එක බලන්න කස්ටිය පොර කෑවාය... ඒත් කඩුපයිට් අරපයිට් මේ පයිට් ඇරුනාම ෆිල්ම් එක අබ්ලික්ය... දැන් ෆිල්ම් එකේ හිට් එක කූල් වේගෙන යනවාය...

ඒත් ග්‍රීස් යකා රීලෝඩඩ් ඩිරෙක්ටර් බුවලාට පාඩු නැත... ආදායම වාර්තා බොක්ස් ඔෆීසියටද කිට්ටු කරාය.. ඒත් ෆ්ලිම් එක පට්ට වයල්න්ට් නිසා කාකි ඇදුම් ඇදගත් රැගුම්පාලක මන්ඩලේ මාමලා ගේමට බැස්සෝය..... ඩිරෙක්ටර් බුවාලාගෙන් ගේම ඉල්ලුවේය... ඩිරෙක්ටර් බුවාල ශේප් එකේ පිලුම් එක අකුලා ගත්තාය...

ග්‍රීස් යකා පස්ට් එක ඩිරෙක් කරේ ගමේ ගොඩේ වයසක බුවලා කීප දෙනෙකි.. ගෑනු පරානයක් පැත්ත නොබැලූ නිසා හෝ.... ගෙදර උන්දෑ රට පිට ගියා නිසා හෝ..... තෙල් ටික මාරු කරගන්නට තරම් ආර්තිකේ අප්සට් නිසා බුවාලා බයෙන් බයෙන් පිල්ම් එක ස්ක්‍රිප්ට් ලියා ඩිරෙක්ට් කොට ප්‍රදාන චරිතය තමන්ම රගපා හැන්දෑවට හැන්දෑවට පිලිකනුවල ගෑනු නාන තැන්වල පාලු පාර තොටේ තිරගත කෙරුවාය... ග්‍රීස් ඉෆෙක්ට් එක පට්ට ක්‍රියේටිවු නිසාත් සෙක්ස් ෆැන්ටසියක් නිසාත් අලුත් තාක්ශනික ක්‍රම අඩංගු ඇඩන්ස් ඔන්ලි ෆිල්ම් එකක් නිසාත් වැඩේ හිතුවාට වඩා නැගලා ගියාය....

ඒත් පහු පහු වෙනකොට ඔය වයසක ඩිරෙක්ටර් බුවාලට තෙල්මාරු කිරීමේ ආර්තික අහේනියට විස්දුම් රූප පෙට්ටියේම යන්නට විය...  ගමේ පොදු ලිද ලග තෙමුන රෙදි අස්සෙන් පෙනුන ඒවා රූප පෙට්ටියේ මියුසික් වීඩියෝ වල යන්නට විය... ගමේ පොල් කේක් කෑලි වෙනුවට ටෙයාරා මුද්දරස් පලම් දැමූ ඩබල් ලේයර් කේක් වලට කෙල හල හලා ග්‍රීස් ටින් පැත්තක දමා නාකි බූඩලා ටික රූප පෙට්ටිය සරණං ගච්චාමි විය...

වී සී ඩී ආවේය... උපන්තේකට චීන සර්ගස් වලවත් දැක නැති අස්ප ගුඩුං ක්‍රම සහ විදි දැක පිස්සු බම්ප්වී නාකු බූඩලා අමු කුරහං වී චක බලාස් වී බිම හොත්තේය.... ග්‍රීස් යකා පස්ට් ෆිල්ම් එකේ පරිහානියට හේතුව එය විය...

අලුත් ඩිරැක්ටර් බුවාල පරණ බුවාලා තරම් ක්‍රියේටිවු නැත... ඒත් පස්ටම කපටිය... පරණ බුවාලා තෙල් මාරු කිරීමේ ආර්තික අවපාතයට විසදුම් වශයෙන් නිස්පාදනය කල ග්‍රීස් යකා නව නිස්පාදනය කරන්නට අලුත් ඩිරැක්ටරලා සෙට් විය... මුලින් වේලිච්ච නරියන්ට අමු ගූ වගේ ලෙසටම නැගලා අස්ප ගුඩුං වැල පිලුම් දැන් දැන් කස්ටියට එපා වී ඇති බව නව ඩිරෙක්ටර් බුවාලාට තේරුනේය...  දෙකක් දාගෙන බඩේ චංඩියා එක්ක ඇවිත් අස්ප ගුඩුං පිලුම් වල සර්ගස් ගෙදර ගෑනිට පෙන්නන්නට ගිය බුවාලා කොදු කඩාගෙන ගෑනිගෙන් ගුටිකා ඇඩ්‍රස් නැති විය... ඒක නිසා බුවාලාට අස්ප ගුඩුං ක්‍රම එපා විය...

මේ සිටුවේෂන් එක උඩ පරන ග්‍රීස් යාකාගෙ යතුරු හිල් බැල්මට සංකල්පය ආයෙ හිට්වන බව සයිකොලොජි ලෙස හිතා බැලූ අලුත් ඩිරෙක්ටර් බුවාලා දැනගත්තාය... ප්‍රේක්ෂක ජනතාවට නැවු කඹ සයිස් ලන්නක් ගිල්ලවා ග්‍රීස් යාකා රීලෝඩඩ් කරලියට දැම්මාය... මෙහි ග්‍රීස් ගා තිබුනේ ලන්නක් මිස යකෙක් නොවේය... ගැලරි ඕඩීසී බැල්කනි වල කවුරු කවුරුත් ලන්න ලෙසටම ගිල්ලාය...

ප්‍රේක්ෂකයෝ ලන්න ගිල තක්බීර් වී බලාගෙන ඉන්න අත්ර තුර ඩිරෙක්ටර් බුවාලා යටින් ගේම ලෙසටම ගැහුවෝය...  ඩිරෙක්ටර් බුවාලාගේම කටුකන මැක්කන් දෙතුන්දෙනෙක් ඕඩියන්ස් එක අස්සට දමා විසිල් ගැස්සවුවෝය... ලන්න ගිලපු උනුත් ගහන්නං වාලේ ඔහේ විසිල් ගසා බල්ටිද ගැසුවෝය...

ඩිරෙක්ටර් බුවාල අදෝ මුඛ මදහසක් නංවා වැඩේ ලෙසටම කරගෙන ගියෝය... වෙනත් ෆිල්ම් වල ඔරොප්පු ඩිරැක්ටර් බුවාල කීප දෙනෙක් සෙත්ත පෝච්චි කරවා දමා ග්‍රීස් යකා පෙන්නා ප්‍රේක්ශක ජනතාවගේ පොකට් එකටද ශේප් එකේ දෂ්ඨ කලේය... ලන්න ගිල තක්බීර් වී සිටි ජනතාව අහවල් එක කපාගෙන ගියද දැනුනේ නැත...

ඩිරෙක්ටර් බුවාලා ගේම ගහගෙන යන අස්සෙ දියවන්නාව පැත්තෙ කලුකඩ කාරයෝ ටික දෙනෙක්ද ටිකට් වැඩි මිලට විකුනා මඩිය තරකරගැනීමේ අසාර්තක ගේමක් ගැසුවෝය....

කෙසේ වෙතත් කාකි ඇදුම් ඇදගත් රැගුම්පාලක මංඩලේ මමලා ගේමට බහින විට වැඩේ ලාචෝරු වී අවසන්ය... ගිලපු ලන්න කොච්චරදැයි කියනවනම් ජනතාව රැගුම්පාලක මංඩලේ මමලාගෙන්ද ගේම ඉල්ලුවෝය... ඒත් රැගුම් පාලක මාමල අත ඇරියේම නැත...

පස්සෙ පස්සෙ ප්‍රේක්ශකාගාරයට තමන් පුක බිම ඇනගත්වග තේරුනෝය... ඒත් පැරහැරේ දිය කපාද අවසන්ය.... ඩිරෙක්ටර් බුවාලාද වහාම වේශනිරූපනය කරගෙන  ජනතාව අතරට බැස නොපෙනී ගියේය... වැඩේ අමු කුරහං වී ගූ හැත්තෑවක් විය.....

ග්‍රීස් යකා රී ලෝඩඩ් පස්ටම චාටර්ය.. එහි ග්‍රීස් යකෙකු සිටියේ නැත.. ග්‍රීස් ගෑ පත සයිස් ලන්නක් තිබුනේය... අපි කස්ටියම ඒක ලෙසටම ගිල්ලේය... ලන්න වමාරන විට රෙද්දේ ගොස් අවසන් වී ඇත්තේය..... ජීවිත කීපයකින්ද වන්දි ගෙවන්නට කස්ටියටම සිදුවිය..... පිල්ම් එක අජපල් උනත් ආදායම් වාර්ථා බොක්ස් ඔපීසියටද ඔලුව දැම්මාය..... ඒ නිසාම ග්‍රීස් යකා පාට් ත්‍රී... ග්‍රීස් යකා රී බවුන්ඩඩ් තව ටික් කලකින් වෙනස් ග්‍රීස් ගෑ ලන්නක් අරන් එනවා ඇතිය... ඒක නිකන් බඩේ බත් වගේ ශුවර්ය.... 

එදාටත් සුපුරුදු ලන්න ගිල හත්පොලේ ගාහන්නට අපි ඇප කැප වී බඩ උනාලගෙන බිම බලාගෙන මගබලා සිටිනවාය....

21 comments:

  1. හික් හික්..පට්ට පට්ට...උපරිමේටම ලොල් සහගතය..

    ReplyDelete
  2. පොඩි මෑන් ගෙ බාසාවෙන්ම කිව්වොත් "ලෙසටම ලියා ඇත්තේය"

    ReplyDelete
  3. මු හොදට ග්‍රීස් යකා ගැනදන්නවා මට සැකයි මේකා ගැනත් ..o.O

    ReplyDelete
  4. "එදාටත් සුපුරුදු ලන්න ගිල හත්පොලේ ගාහන්නට අපි ඇප කැප වී බඩ උනාලගෙන බිම බලාගෙන මගබලා සිටිනවාය..."

    ග්‍රීස් යකා ගැන දන්නෙ ග්‍රීස් යකෙක්ම විය යුතුය..!

    ReplyDelete
  5. මොකද්ද මේ කථාවෙ තේරුම?වැඩක් නැති විකාරයක්.ඕව තමා ලියන්න දන්නෙ.බුරු හාමි

    ReplyDelete
  6. 1 weni anota kathawe theruma therenne nathinam katawahagena innawa buru hami thamise

    ReplyDelete
  7. අනේ මන්ද බන් මැද හරියට කියවන් එද්දි මගේ මෝඩ මොලේ චේන් පැනල වයර් මාරුවුනා... කොහෙන් කැරකිලා කොහාට ගැහුවද මන්ද :(

    ReplyDelete
  8. ආයෙ හෝදන්න දෙයක් නැතිය ;)

    ReplyDelete
  9. @ Chamma :- ලොල්ය

    @ Observer:- තැන්කිවුය

    @ හිරු එලිය :- උඹත් ඩිරෙක්ටර් කෙනෙක්ද කියල සැකයි මටත්

    @ බනී :- අනිවාර්යෙන්ම උඹත් ග්‍රීස් ගාගෙන එහෙ මෙහෙ යනව කියල කතාවක් තියෙනව නේද හාවො ?|

    @ ඇනෝ 1 :- ලගදි ඉදල මගේ බ්ලොග් එකේ නරක කියන පලවෙනි කෙනා... ගොඩක් ස්තූතියි..

    @ ඇනෝ 2 :- හා හා එහෙම කියන්න එපා එයාගෙ හිත රිදෙයි..

    @ සාතන් :- පොඩිමෑන් කාටවත් ගැසුවේ නැතය... උන් සතෑනිය විතරල් ලීවේය... වදින අයට වැදිල්ලට පොඩි මෑන්ට කොරන්න දෙයක් නැත්තේය...

    @ සාටර් :- අමු කුරහන්ය... ;)

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කතාවනං තේරුම් ගියා. හැමදාමත් වගේ සිරාවට ලියලා තියෙනවා. හැබැයි අක්ෂර වින්‍යාසය ගැනනං පොඩ්ඩක්වත් සැලකිලිමත් වෙලා නෑ පොඩි මෑන්. ආපහු කියවලා බලන්න තැන් කීයක් වරද්දලාද කියලා.

    හොඳට ලියන්න පුලුවන් මනුස්පයෙක් නිසා තමයි අඩුපාඩුව පෙන්නුවේ. විජේසේකර කී බෝඩ් එක යූස් කළොත් අඩුපාඩු අඩුවෙන් ටයිප් කරන්න පුලුවන්.

    ReplyDelete
  12. @ blog gadol :- බොහොම ස්තූතියි... මම රී සිංග්ලිෂ් තමා පාවිච්චි කරන්නෙ.. මගේ කලබලේ නිසයි අඩුපාඩු වෙන්නෙ... මීට පස්සෙ සැලකිලිමත් වෙන්නම් බොහොම ස්තූතියි :)

    ReplyDelete
  13. @ StArry aNgeL :- තැන්කූ..... :)

    ReplyDelete
  14. @ඇනෝ2:දුෂ්ඨ මෝඩය මම බූරු හාමි කිව්වෙ ඔයාට නෙවෙනේ ඔයා බූරු හාමි වෙන්න නැතුව ඉන්නවද...

    ReplyDelete
  15. ග්‍රීස් යකා ගැනයි මේ ෆිල්ම් ගැනයි දන්නා තරමේ හැටියට පොඩි මෑන් සෑහෙන ගිල්ම් ගහල තියෙනව වගේ..

    ReplyDelete
  16. පස්ට... මෙහෙම හිටියට පොඩිමෑන්ස්සුත් එක් තරා විදිහට ඩිරෙක්ටර් කෙනෙක් නෙහ්... යතුරු හිල වෙනුවට ජනේලයක්ම පාවිච්චි කරානෙ මේකා හි හි :D

    ReplyDelete
  17. ලොලේ ලොල්ය.. පොඩි එකාගේ අගේ ග්‍රීස් ගා තෙල් ටික මාරු කිරීමට වටි...

    ReplyDelete
  18. ග්‍රීස් යකා රීලෝඩඩ් කියන තරම්ම චාටර් නෑ බං.... සම්භාව්‍ය මණ්ඩලේ පෙන්නපු පළෘත් තාම හොල්මං.... දැනුත් ඉඳ හිට එක එකාට නෙළනවා.... ගෑනු බුදියන්නෙ මන්නා ලඟ තියං...
    කොටු කර්මාන්තෙ සීරෝ.... නන්නත්තාරයි

    ReplyDelete
  19. එලය.... ලන්න ගිලීමට සිටින උන්ට කදිමය... අපිද ඇතුලුව...

    ReplyDelete