2012-02-12

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?






ජීවත් වෙන්න අපි හැමෝම ආසයි...  ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට  යන්න වෙන්න පුලුවන් මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක් පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම  ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට..රු 100ක් බැගින් පරිත්‍යාග කලත්  2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook:<http://www.facebook.com/M.M.Nishantha
Blog: http://nursinglanka.blogspot.com/



මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ නැගනියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

28 comments:

  1. අනිවාර්යෙන් උදව් වෙමි

    ReplyDelete
  2. ගොඩාක් පින් පොඩි මැන්... පුලු පුලුවන් විදිහට අපි උදව් කරමු මේ වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. වානිවාර්යෙන්ම අපේ සහෝදර බාලිකාවෙ සහෝදරියක් නෙවැ...

      Delete
  3. මහේශ් අයියට කතා කරන්නං

    ReplyDelete
  4. පිං සිද්ද වෙනව පොඩි මෑන්..

    ReplyDelete
  5. අනිවා උදවු කරනවාමයි !!!

    ReplyDelete
  6. පුළු පුළුවන් විදියට අපිත් උදවු කරන්නම් පොඩ්ඩෝ..

    ReplyDelete
  7. කොහොමහරි උදව් කරන්නම්

    ReplyDelete
  8. එල කිරි පොඩ්ඩෝ! අපිත් පුළුවන් විදියට උදව්වක් කරන්නම්.

    ReplyDelete
  9. ගෙඩි පිටින් උස්සන ලදී.
    http://www.nikama.tk/2012/02/blog-post_12.html

    ReplyDelete
  10. හැකි විදියෙන් යමක් කරන්න ඕන!!
    බොහෝම පින් මේ වගේ දෙයක් ගැන අපිව දැනුවත් කල එකට!!

    ReplyDelete
  11. ඹන්න මාත් share කෙරා

    ReplyDelete
  12. ඹන්න මාත් share කෙරා

    ReplyDelete
  13. මාත් නම් ශෙයර් කලා.. ඒකේ වැදගත් කමෙන්ට් දෙකක් වැටිලා තිබ්බ මම ඒ දෙක මේකේ දාන්නම්

    පන්සල් හංදියFeb 12, 2012 05:45 AM

    නිකමට වගේ මම කිව්වට මේ පෝස්ට් එකේ(http://pansalhandiya.blogspot.com/2011/05/blog-post_23.html) කියලා තියන ඩොක්ට ලඟට යන්න. මේ ෆෝන් නම්බර් එකට කෝල් කරලා එපොයින්ට්මන්ට් එකක් ගන්න පුලුවන් 0112622822. එයාට සනීප කරන්න පුලුවන්නම් පුලුවන් කියනවා. බැරිනං බෑ කියනවා. රෝගියාම යන්න ඕන නැහැ. රිපෝට් ටිකත් අරං වෙන කෙනෙක් ගියත් ඇති. මම හිතන්නෙ ඔය තරම් වියදමක් යන එකක් නැහැ .....

    කොහොම උනත් මම අනිවා මට කරන්න පුලුවන් තරමින් මම ඔය එකවුන්ට් එකට යම්කිසි මුදලක් දාන්නම් .....
    ReplyDelete



    AnonymousFeb 12, 2012 06:53 AM

    macan me gana FB eke thiyena asarana sarana group eke danna
    ReplyDelete

    මේ කමෙන්ට් දෙක අපේ බ්ලොග් එකේ වැටුනේ.. අපේ බ්ලොග් එක ලගදි පටන් ගත්ත නිසා මම මේකට ඒ දෙක දැම්මා උදව්වක් වෙයි කියා සිතමි...

    ReplyDelete
  14. හැමෝම එකතු වෙලා පුළුවන් විදියට උදව්ව කරමු

    ReplyDelete
  15. මල්ලී , ඔබටත් මේ එක්වූ සැමටත් බොහොම පිං , මේත් ඔබේ වයසේම නැත්නම් ආසන්න වයසක සොඳුරු යොව්වනයේ නැගෙණියක් මිතුරියක් , මට නම් දියණියක් ....මේ ප්‍රථිකාරය කරගන්නට පුළුවන් නම් මේ රෝගය සම්පුර්ණයෙන් සුව කරන්නට පුළුවන් තත්ත්වයක් . එක්වන , එකුවුනු හැමෝටම බොහොම පිං ...අපි එක්වෙමු , මධුෂාණිට නැවතත් අප හා එක්ව සිනහසෙන්නට ...

    ReplyDelete
    Replies
    1. මටනම් මේ ගැන දැන්වූයෙ දේවා.. සංගමිත්ත බාලිකාවෙ කියන්නෙ මගේ පාසලේ සහෝදර බාලිකා පාසල... එතකොට ඇය සහෝදරියක්.. ඒවගේම අක්මීමන කියන්න මගෙත් ගම... ඉතිං අනිවාර්යෙනම උදවුකල යුතුයි...

      අනිවාර්යෙනම මදූෂානිට ආයෙත් සිනාසෙන්න පුලුවන් වෙවි...

      ආයු බොහෝ වේවා...!!!

      Delete
  16. දැනුවත් කල එක ගැන සතුටු වෙනවා අයියේ.. අපි අපිට පුළුවන් දේ කරමු..

    ReplyDelete
  17. සල්ලිය බාගේනම් මහා ගොඩක් නැහැ දරුවෝ. ඒත් පුළුවන් උපකාරයක් කරනවා.මේක බලන දරුවන්ටත් මං කියන්නේ, මාසෙකට රුපියල් තුන් හාර දහක් ඉන්ට්නෙට් බිල ගෙවන්න වියදම් කරන එකේ ජිවිතයක් බේර ගන්න රුපියල් දාහකින් වත් දායක වෙන්න.ජීවිතය කියන්නේ අවිනිශ්චිත දෙයක්.සමහරවිට අද මදුෂානි ඉන්න තැන හෙට ඔබ ඉන්න පුළුවන්....

    ReplyDelete
  18. මමත් පුළුවන් විදියට උදව්වක් කරන්නම්

    ReplyDelete
  19. පොඩ්ඩො අපි ගොඩ දාමු...එකතු උනොත් කරන්න බැරිදෙයක් නෑ

    X-Porter

    ReplyDelete
  20. මචං මමත් ඒක ෂෙයාර් කරා....එම සොහොයුරිය ඉක්මනින්ම සුවපත් වේවා....!!! දැනුවත් කිරීමට ස්තූති මචෝ...

    ReplyDelete
  21. මුදල් ටිකක් යවන්නම්

    ReplyDelete
  22. මමත් යවනවා. අපි මේකට ප්‍රසිද්දියත් දෙමු අපේ බ්ලොග් හරහා..

    ReplyDelete