2014-01-03

පොඩි මෑන් රිටන්ස් විත්.. පකින් Awesome .. !!!



බ්ලොගේට කෙලවෙලා ..  ගිය අවුරුද්දටම ලියල තියෙන්නෙ දෙකයි ... ...

ඉස්සර බ්ලොගෙ ලිවුවුවෙ පට්ට කික් එකෙ... ඒත් කාලයක් කාලයක් යනකොට හිට්ස් අඩුවක් නැති උනත්  නූර් මන්ජීතෝ වෙලා ගියා ලාවට වගෙ ... ... 

හිතල හිතල ලියන මොනවහරි ජිල් මාට් එකක පස්සෙ පස්සෙ නිකම්ම කම්මැලි වෙලා ගියා වගෙ  ...   ඒක නිසා ඒක එහෙමම මග ඇරිල ගියා කියන එක ...  අවුරුදු දෙකකට කිට්ටු කාලයක් මම හිතන්නෙ ලිවුවෙ නෑ  ... 

ඒත්  ඉස්සර හිතල හිතල ලියපුවට වඩා .. නිකන්ම ලියවෙන ඒවා පට්ට නැචුරල්  කියල හිතෙන්න ගත්තෙ ලගකදි ඉදල ...
බ්ලොගෙට බැහැපං බ්ලොගේට බැහැපං ... කට්ටිය එකසිය ගානට කියපුවත් ආයෙ අහගෙන ඔන්න බහින්නයි කල්පනාවා  ...

ඉස්සර ඉදල කට්ටිය ගේමට ආවෙ  මේක ලියාගෙන ගියපු බාසාව අන්තිම සවුත්තුයි කියල  ...  මොනව කරන්නද ලොක්කා ... දකුණෙ වැල්ලෙ  ඉපදිලා .. වැල්ලට එලිබැහැල .. රැල්ලට පුක අල්ලපු අපිට ඕව හරියන්නෙ නෑ.. ඔය බාසා විලාසෙ ඉතිං උප්පත්තියෙන් අරගෙන ඒවා .. මලාට වෙනස් කොරන්න බෑ  ...

ඔය බාස විලාසෙ ලංකාවෙ එක එක පැතිවලින් පැතිවලට වෙනස් වෙනවනෙ  ...  ඒ ඒ පැතිවල එවුන් කතා කරන වෙනම් වචන සෙට් එකක් තියෙනවා  ... 

මාතර පැත්තෙ මුදලාලි කෙන්ක් ගාවට ගිහින් පොරක් වැඩ ඉල්ලගෙන ගියාම මුදලාලි ඇහුවලු ...

" ඔහේට පොල් ඔයන්න ඇහැක ... ? ? "

මාතර පැත්තෙ පොල් ඔයනව කියන්න පොල් ලෙලි ගහනවට ... මූ ගත් කටටම කියාපි ..

"පොල් ඔයන්නනං දන්නෙ නෑ මුදලාලි .. අඹ බයන්නනං දන්නව" කියල  ...

ඒ වගේම තමයි ඔය දකුණෙ පැත්තෙ පොරක් ආමි ඉන්ටවු යන්න වේලි වේලි පෝලිමේ ඉන්නවලු ... පට්ට සෙනග නිසා ඉන්ටවීවු කරන බුවාලටත් පට්ට කට්ට... ඉතිං පොඩ්ඩක් උස්මක් කටක් ගන්න කියල හිතාගෙන මද විරාමෙකට එන්ටර් වෙලා වතුර පොඩ්ඩක් බොන්ඩ කියල හදනකොටම අරූ පෝලිමෙ ඉදගෙන කට දැම්මලු ...

" සර් ... අපිට දොඩන්නැතෙයි ... ?? "

මේ පැත්තෙ දොඩනවා කියන්නෙ කතා කරනවනවට  ,....
ඇතුලෙන් මූට කතා කරල .. පොර ඇතුල්ට ගියපු ගමන්  කින්ද සකපෝනා කනේ පාරක් වැදුනලු ඇස් දෙක පත්තු වෙන්න ....

" ඈ බොල බල්ලො ... උදේ ඉදල වේලි වේලි ඉන්න අපිට දැනුයි වතුර උගුරක් ලැබුනෙ  ... තොට දොඩං නේ ... ? ?

නුවර පැත්තෙ භාසාව ...  කන්ඩ.. එනඩ... බොන්ඩ... නිදන්ඩ ...
ඔක්කොටඩ්ම ඩ ඩ ඩ
අර කොළබ කොල්ලෙක් නුවර කෙල්ලෙක් යාලුකරගෙන කොහේටද උස්සලා කිස් කරගෙන කරගෙන යනකොට කෙල්ල කිවුවලු ....

" තොලම කන්ඩ තන්නෙ මක්කැයි අයියා.....හාද්දකුත් දෙන්ඩකෝ ... කියල ...

ආ.. දකුනෙ ආතල්ම සිද්දියනං පට්ට ෆේමස් ඇත්තම සිද්දියක්ය කියනවා  ...  ඔය දකුණෙ බාසා විලාසෙන් ආතල්ම බාසාව තියෙන්නෙ ගාල්ලෙ රත්ගම .... බසාවෙ විශේසත්වෙ තමයි වැඩිපුර කන්ජන්සන්ස් බාවිතා කිරීම හා අනවස්ස විදියට වචන රබර් කිරීම ....

කොහෙද බොල තීතීතී  මේ යන්න තනන්නෙඑඑඑ  .. දැන් නොවැ ආආඅවෙග් ..

ඔන්න ඔය ආකාරයි ...

දවසක් රත්ගම බුවාල බුවීල සෙට් එකක් වෙසක් එකට වෙස්සන්තර නාඩගම පෙන්නුවලු .. ඉතිං නලු  නිලියොත් රත්මග කරාල තමයි ...

ඔන්න සාලියි කිරිස්නජිනයි ජූජක බමුනට දන්දීල වැඩේ සපෝරු කරගෙන වෙසන්තර ආතල් එකෙ ඉන්නකොට එනව අර මන්තරී දේවි .... ...

ජාලියයයයයයයය ..... ක්‍රිස්නජිනාආආආආආ .........

බැරිම තැන ආවලු වෙසන්තර ගාවට ....

" කෝ බොල වාහේඑඑඑඑ .. දරු දෙන්නානානානා ......

" මොර නොගහ ඉදින් යෝදියේ ... බුදු බව පතා දන් දුන්නානනාආආආ ... "

" හුකා බොලේ මේ මටත් නොකියා  .....  ?? ? ?

පොල්කෝම්බ ටිං බෙලෙක්  වේදිකාව සිසාර ගියාය කියනවනෙ  ....

ඔන්න එහෙමයි සත්තලංලා අපේ පැත්තෙ පකින් ඕසම් බාසාව .. ඉතිං ඒ බාසාවෙන්ම ඉස්සරහට හිතල නෙවෙයි හිතෙන ලයිෆ් එකේ පට්ට සින් කෝන් ලියල දාන්නයි කල්පනාව .. ආයෙ හිටියිද දන්න්නෑ ... රන්ඩු කරන්න මරාගන්න අඩන්න වෙලාවක් නැති මේ කොට ජීවිතේ අපි පොඩ්ඩක් ආතල් එකේ ඉමු ...

එවුරි නවු ඇන්ඩ් දෙන්  .. ලයිෆ් ඉස්  පකින් ඕසම් .....!!!
ගිහිල්ල එන්නං ඈ ...




42 comments:

  1. කාලෙකට පස්සේ පොඩි මෑන් ඇවිල්ලා තියෙන්නේ.. ඒකම මදෑ.
    එහෙනං ඉතින් දැන් කවි එහෙම කියෙව්වෑකි. මට තාමත් මතක කවි සෙට් එකක් මේකේ තිබ්බා "කොයි ගෑනිත් එකයි අමරේ කළුවරට" කියලා. :)

    ReplyDelete
    Replies
    1. ඇයි ටීචාලංකාරෙ මතක නෑ ... ??

      Delete
  2. ඔන්න එහෙනම් වෙල් කම් කිව්වලු අපිත්...........

    ReplyDelete
  3. එහ්නෙං ආයෙ පට්ට්ට්ට්ටාං අරං ලියමුකො බලන්නඅඅඅඅඅඅඅ.

    ReplyDelete
    Replies
    1. උඹට වඩානං ලියනව අයියෙ ... :D

      Delete
  4. ඇවිල්ලයි කියල දැනගත්තම එල්ලුනා..

    ඔය ගාල්ලෙ මේ දෑස කුමටද කියන ෆිල්ම් එක රන් උනේ කටවුට් එකේ මේ දෑස කුමටද කියන එක මකලා ඒ වෙනුවට මේ දෑස මක්කටෙයි කියල දැම්මමයි කියල කියනවනේ :D

    අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි සෙල්ලම් කර කර ඉන්නකොට එක පාරටම අක්ක කෑගැහුවලු

    අම්මෙ අම්මේ... මල්ලි මගෙ පිට වික්කා කියලා .. :D වික්ක කියන්නෙ විකුවා ඒහෙමත් නැත්නම් හැපුවටනේ..

    තවත් මතක්ල් වෙනව පුංක්ජි පුංචි සිද්දි.. කොටන්ඩ කම්මැලියි

    ReplyDelete
    Replies
    1. මයියංගනේට ගියාම ආයෙ ෆිල්ම් එක හිට් නෑලු ... ඒ පාර ගැහුවලු ..

      මේ මොර ගෙඩි කුමඩ අඩා කියල ..... :D :D

      Delete
  5. ඔබ ඇමතූ අංකය වැරදියි හරිය,මුලට දෙක පූට්‍ටු කර ආයි දොඩන්න.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  6. ඒ බo උබ දැන් ආපු එකේ මග දිගට 20 ලියපන් :ඩී

    ReplyDelete
  7. රත්ගමයා මේක දැකලා නැතුව ඇති තමා මයේ හිතේ

    ReplyDelete
  8. රත්ගම කතාවනම් සිරා,අර රත්ගමයා කියල එකෙක් ඉන්නවලු,ඌ ත් ඔහොම්මමලු :p
    ආපහු ආව එක ගැනනම් සතුටුයි මචන්.උබේ බාසාව අපිට දිරවනවා,දිරවන්නේ නැති උන්ට අරිෂ්ට බොන්නයි කියහන්,කවුරු මොනවා කිව්වත් උබේ බාසාව මාරු කරන්නේ එපා
    ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. //කවුරු මොනවා කිව්වත් උබේ බාසාව මාරු කරන්නේ එපා //

      පොඩි මෑන් කියන්නෙ තනිකරම බාසා වෙල්ලෙක් මචා

      Delete
  9. වෙල්කම් බැක්...
    ජයම වෙච්චාවේ..

    ReplyDelete
  10. පකිං ඕසම්.... වෙල්කං බැක්...

    ReplyDelete
  11. සැහෙන දවසකින් පෝස්ට් එකක් බලලා හිනා උනා . එල ල දිගටම ලියහං . රන එව්වා ඉවරකරලා ගොඩක් දවස්

    ReplyDelete
  12. ඇරියොත් පුකේ හිතවතා සදහට දුකේ. ලිව්වොත් මලේ උඹ රජෙකි බ්ලොග් ලොවේ

    ReplyDelete
  13. මැයියෝ නුවර එවුං අන්තිමට දාන්නේ "ට" "ඩ" නෙවෙයි. අපිත් ඉතිං දකුණේ කකුලේ නේ. කොස්ගොඩ් බලපිටියේ කොල්ලේ ආශ්‍රේ කරලා තියෙනවා.

    ReplyDelete
  14. අපිට නම් "මග දිගට" තමා ඉක්මනින්ම ඕනා කරන්නේ.... :D ;)

    ReplyDelete
  15. ඇති යාන්තං මේ පැත්ත මතක් උනා

    ReplyDelete
  16. වැල්ලබඩ පත්තුවෙ ගම්දොරේ ඉපදිලා, මාගම් පත්තුවෙ ගිරුවාගම් දොලොස්දාහේ ඉඳලා, ගෙන්දගම් පොලවට ආපු ගන්දරයාත් ඔන්න ආවා ටිකක් දොඩලා යන්න

    ReplyDelete
  17. යන්ට අය්යා යන්ට නුවර නම් ඉතිං ට යන්න තමා..... :D
    ඔන්න ඔහේ ඕන හුයන්නක් කියලා උබැහේ කොටහන්.. අපි එන්නං කියවන්ට...

    ReplyDelete
  18. අනේ බං පොඩි මෑන් මග දිගට20 දාපංකෝ

    ReplyDelete
  19. බඩුම තමයි උඹ ආපහු ලියනවා කියනඑක

    ReplyDelete
  20. අම්මටසිරි.. නම ගම වෙනස් කරන්ම ඇවිල්ලා.. පකින් ඕසම් ඈ..

    ReplyDelete
  21. අහා උඹ ආයෙත් ඇවිල්ලා එහෙනම්...හොඳයි හොඳයි :D

    ReplyDelete
  22. එළ මචන් ලියපන් ..උඹ අර දාපු කුක්කු පෝස්ට් එකත් නියමයි ....

    ReplyDelete
  23. ලියනකං තමා බොල බලා ඉන්නෙ...සුනංගු නොවී ලියහං....ඉතිං කිව්වම ලියහංකො...

    ReplyDelete
  24. magadigata 20 liyanna bro.. :v

    ReplyDelete
  25. නුවර එවුන් කියන්නේ .. නිතරම '' ට '' මිසක් ''ඩ '' නෙවෙයි බොල.
    ඒත් කොහොමහරි කමක් නෑ උඹ ආපහු ආපු එකට නම් සතුටුයි ලු ඈ ..
    උඹට කියන්ට .. මගෙත් මේ බ්ලොගේ කෙළවෙන්ට ගිහින් නූලෙන් බේරුනා ... [ දැන් නම් ඉතින් බොරු හරි ලියලා දාන්ට වෙනවා ]

    ReplyDelete
  26. ගාල්ලේ උන් හොඳා බලපිටියෙ උන් අදින ඇදිල්ලත් එක්ක බලනකොට! :D හැපි නිව් ඉයර් වේවා!

    ReplyDelete
  27. ඔයලියන විදියටම ලියමු කොල්ලෝ ... ජය වේවා .. මතක් කරලා දිගටම කරාන් ඈ

    ReplyDelete
  28. පොඩි මෑන් අයියෙ..... නුවර කට්ටිය අගට ට යන්න නේද යොදාගන්නෙ ඩ නෙමෙයි කන්ඩ නෙමෙයි කන්ට . !

    ReplyDelete