2011-10-21

කා.. මා..



එපා නුඹ වී එන්න
සිසිල දෙන පොද වැස්ස
ගිනි ගත්ත මේ වතට
ඕනෙ මෝසම් වැස්ස...

එපා නුඹ වී එන්න
සුව ගෙනෙන මද පවන
කැකෑරෙන මේ හිතට
ඕනෙ මහ සුළි සුළග..

එපා නුඹ වී එන්න
ප්‍රේම දෙවු දුව වෙසින
රකුසු වෙස් ගත් සිතට
ඕනෙ මරඟන රැජිණ...


කලින් ගොතාපුවට මෙතනින් යන්න......

31 comments:

  1. පොඩි එකෝ,මොලේ මලකඩ කාවි,පිනි බාලා.

    ReplyDelete
  2. හුළඟට තවත් ගින්න ඇවිලෙනවානෙ බං ?

    ReplyDelete
  3. අද හිත පාලනය කරගෙන වගේ !!!!

    ReplyDelete
  4. උඹ අපේ කොමෙන්ට් වලට රිප්ලයි දාන්නේ නැත්නම් මින්පසු කොමෙන්ට් නොකරමි..

    ReplyDelete
  5. කොල්ල හොඳටම හීට් එකේ වගේ

    ReplyDelete
  6. මොකෝ එකපාරටම උනේ බෝල///

    ජය..

    ReplyDelete
  7. බනි මල්ලි කියපු එක හරි.හුලගට තවත් ගින්න ඇවිලෙනවා නිවෙන එක කෙසේ වෙතත්. ඔයාට ඕනෙ තව වැඩි කරගන්න නම් අවුලක් නෑ ඉතිං..:D

    ReplyDelete
  8. මරඟන රැජිනක් තමයි උඹට හරියන්නේ.....:D

    ReplyDelete
  9. මරඟන රැජිනව නෙමේ මෝහිනීව අඬගහගත්තනම් තවත් හොඳයි වගේ...මොනා උනත් පද ටිකනම් නියමයි...සිරාවටම..

    ReplyDelete
  10. @ Bunny :- ඒකනෙ ඔය ඕන කියල තියෙන්නෙ.. :D

    ReplyDelete
  11. @ මදුරංග.. :- :D :D වෙනද එහෙම නැද්ද .. ?

    ReplyDelete
  12. @ Gayaan :- ඇයි බොල මොකද වෙලා තියෙන්නෙ.. ??

    ReplyDelete
  13. @ මාතලන් :- ඇයි හත්තිලවුවෙ.. හදිස්සියෙන් එකකට දෙකකට කමෙට් කරන්න බැරි උන්න කියල ඔහොම බනින්නෙ... එහෙම කරන්න එපා වස්තුවේ..... :D

    ReplyDelete
  14. @ කස්සා :- ආයෙත් අහලා....

    ReplyDelete
  15. @ නිසූපා :- ඔන්න ඔනෙ දෙයක් වෙද්දෙන්... ;) :D

    ReplyDelete
  16. @ රවිඳු :- බලපං මේ අහිංසක මූන බලාගෙන උඹ එහෙමත් කිවුවනෙ... :(

    ReplyDelete
  17. @ දිල් :- මෝහිනීට ළමයෙක් ඉන්නවනෙ බං ඒක බෑ... :D තැන්කූ ආ...

    ReplyDelete
  18. මරඟන රැජින.. හ්ම්ම්.. ට්‍රයි කරලා බලන්න ඕන..

    ReplyDelete
  19. පොඩ්ඩක් ඉඳහන්.....මං මේ ෆයර් බ්‍රිගේඩ් එකට කෝල් කරන ගමන්....

    ප.ලි.
    පදවැල හොඳා...

    ReplyDelete
  20. [එපා නුඹ වී එන්න
    සිසිල දෙන පොද වැස්ස
    ගිනි ගත්ත මේ වතට
    ඕනෙ මෝසම් වැස්ස...]

    සිරාවට! වහිනව හයේ ඉඳං! සතේක වැඩක් නෑ! පොද! :( :( :(

    ReplyDelete
  21. මරඟන රැජිණන් 3 දෙනෙක්ම ඉන්නවනේ ඉතින්...තණ්හා..රතී..රඟා..ඒ 3 දෙනාම ඕනෙද? ඒත් මේකේ දාලා තියෙන්නේ නම්..කාලි මෑණියන්ව...ලේසි පහසු නැහැ එයා වැරදි වලට දඬුවම් දෙන්න ගියහම...ඒ හින්දා එයාව ගැලපෙන්නැහැ..පොඩි මෑන්ව තවත් පොඩි කරලා සුන්නද්ධූලි කරලා දාවි..අනේ එතකොට අපි කියවන්නේ මොනවාද?නේද ..ඒ නිසා..අර ඉහත කී 3 දෙනාගෙන් එක්කෙනෙකුට try කරමුද..එයාලාව shape කරගන්න ලේසි වෙයි මගේ හිතේ..මම ඉතින් මේ වැඩි හොඳට කිව්වේ...

    ReplyDelete
  22. පොඩ්ඩක් ඉඳහන් මල්ලි මම ගඩාපිට කියන්නම් ඔය තුන් දෙනාගෙන් කාව හරි එවන්න කියලා ......

    ReplyDelete
  23. @ Observer :- එහෙම නිවල හරියන්නෙ නෑ ඔබා මාමෙ..

    ReplyDelete
  24. @ තනි අලිය :- ඒකනෙ බං පොද වැස්ස මොනව කරන්නද... වහිනවන්ම් දෙගොඩ තාලා යන්න වහින්න ඕනෙ..

    ReplyDelete
  25. @ සුජානි :- ඒ තුන්දෙනාම රැජිනියොද... ? මම හිතුවෙ එයාලට බොස් කෙනෙක් ඇති කියල... කමක් නෑ ඉතිං එයින් එක්කෙනෙක් එහෙනම් හොදයි.... රතී.... එයාට මම ආසයි....එයාගෙ නමත් ලස්සනයි ...

    ReplyDelete
  26. @ පංසල් හන්දිය :- පොර දැන් එහේද ඉන්නෙ ??

    ReplyDelete
  27. මොකෑ මේ හිච්චීඑකාට මෝල් කලන්තෙවත් ගහලද.......එන පොට හොඳනෑ මේක ඉල්ලන්නෙම ලොකු ලොකු ඒවනේ.....

    X-Porter

    ReplyDelete
  28. meka liwwe nam oya wenna be... mokada anik posts ekka baladdi oata me wage hithak thienna be..

    Girl of 27

    ReplyDelete
  29. Thanks for the good writeup. It if truth be told used to be
    a leisure account it. Glance complex to far delivered agreeable from you!
    However, how could we keep in touch?
    Feel free to surf my web blog : live transfer news football

    ReplyDelete
  30. Thanks for finally writing about > "කා.. මා.." < Liked it!
    Here is my website - arsenal transfer news january 2013

    ReplyDelete