2011-10-25

බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එහාටත් ගෙනියන්න කැමතිද... මෙන්න අවස්තාවක්....


ඉස්සර හිතට දුකක්... සතුටක්... ආවම අපි අහුවෙන කොල කෑල්ලක පොතක පිටිපස්සෙ ඔහේ කුරුටුගෑව...
මතකද...

සමහර වෙලාවට ඒව දකින්නෙ අපිම විතරයි...ඕනෙනම් ඉස්කෝලෙ .. පන්තියෙ.. අල්ලපු ඩෙස් එකේ යාලුව දකීවි...

වැඩිම උනොත් බිත්ති පුවත්පතට යාවි.....

ඒත් දවස් කීයකටද... ..

සමහර වෙලාවට  කොලකෑලිවල පොත් පිටිපස්සෙ ලියපු ඒව  ගේ අතුගාගෙන  යනකොට අපිටම ආයෙ අහුවෙලා  නැද්ද... ??

කාඩ් බෝඩ් පෙට්ටි පුරවපු පරණ පොත් බෝතල් පත්තර කාරයට දෙනකොට කාවොකාපු තමන්ම ලියපු පරණ කවියක් කකුල් දෙක මුල වැටිල නැද්ද...

පස්සෙ පස්සෙ අන්තර්ජාලෙ එක එක අඩවි වල... මූනුපොතේ තමන්ගෙ වෝල් එකේ... ගෲපයක වෝල් එකේ...
එහෙමත් නැත්නම්  බ්ලොග් එකක....

ඒවනම් ටිකක් දෙනෙක් දැක්ක...
ලයික් දෙක තුනක් වැටුනාම කමෙට් එක් වැටුනාම.. හිතට එනවා මාර ගැම්මක්...

ඔන්න ඉතිං ලියනව.. ෆේස්බුක් එකේ...  ගූගල් එකේ සවර් පිරෙන්න  කවි.. නිසදැස් ... සින්දු කෙටිකතා... අපිට හිතෙන දේවල්  ඔය හැම ජාතියම

ඒත් මූනුපොතේ වෝල් එකේ දාපු පරණ කවියක් ආයෙ හොයාගන්නෙ කොහොමද......

 අන්තර්ජාලෙ හැමෝටම සමීපත් නෑ...

ඒවගේම අන්තර්ජාලෙ කියන මාහා විසාල  මුහුදෙ අපි පුංචිම පුංචි එක වතුර බින්දුවක් විතරයි...

සයිබරයෙ හිරවුන අපේ නිර්මාණ ඊට ටිකක් එහාටත් ගෙනියමුද...
මොකද කියන්නෙ....

කැමතිනම් මෙන්න හැමෝටම අවස්තාව......  බ්ලොග් ලියන කියවන හැමෝටම....

                    

ඔබේ අපේ නිර්මාණ වලටම එලිදකින පත්තරයක්...

මාසෙට කලාප දෙකක් එලියට දාන්න තමයි අදහස.....

මංගල කලාපෙ ලගදීම ....

තමන්ගෙ නමින්.. එහෙමත් නැතිනම් බ්ලොග් අඩවියේ නමින් පින්තූරයක් ඇතුව නැතුව... තමන්ට කැමති විදියකට... කැමතිනම් ඕනෙ කෙනෙක්ට පුලුවන් වියමනත් එක්ක එකතුවෙන්න...

ඔබේ අතින්ම වියූ හොඳම අකුරු සහ ලස්සනම වචන...
අපට එවන්න ඕන මෙහෙමයි..

  අපිට ඊ මේල් කරනවානම් viyamana.art@gmail.com

  අපේ 'වියමන' face book group එකේ wall එකේ දාන්නත් පුලුවන්

   එහෙමත් නැත්නම්   'ප්‍රවිෂ්ඨ' ප්‍රකාශන, 199/ඒ, ඔරුතොට, ගම්පහ, ශ්‍රී   ලංකාව, ලිපිනයට තැපෑලෙන් එවන්නත් පුලුවන්...



                        හොඳම අකුරුවලින්
                        ලස්සනම වචනවලින්
               නිදහස් කරගන්න කාලය ඇවිත්
                       හිත පුරාවට පිරුණු
                             ආදරණීයම
                               හැ ඟී ම්. . .
                 මගේ ආදරණීය නොරිකෝ෴


          

          
  

39 comments:

  1. අඩේ . . මොනව උනත් සිරා වැඩක් . . . සිංහල බ්ලොග් කියන සීන් එක මීට වඩා මිනිස්සු අතරට ගෙනියන්න මේ පියවර ලොකු උපකාරයක් වේවි . . . .

    ප.ලි.
    මට නං ඔය කියන විදියට සිරා කවි, නිසඳැස්, කතා ලියන්න බෑ බං

    ReplyDelete
  2. පොඩි පබ්ලිසිටියක් දීල මේ මගගු පුණ්‍යකර්මයට දායක වෙන්නත් පුලුවන්.. :)

    ReplyDelete
  3. අෆ්ෆච්චියේ.. මගේ අප්සට් කවි ටිකකුත් ඇති :D

    ReplyDelete
  4. මේ පා:ලී ඇ...

    උඹේ බ්ලොග් එකේ හොද දෙයක් ගැන ලියවිලා :P

    ReplyDelete
  5. මේකනම් ඇත්තටම නියම වැඩක්.. ලියන්න ඕනෙ කවියක් පල කරගන්න පුලුවන් වෙයිද බලන්න.

    ReplyDelete
  6. තනි අලියා(blogger එකට ලොග් වෙන්න කම්මැලියි! එ්කයි!)October 25, 2011 at 2:04 PM

    ඔන්න එහෙනං අපිත් සුභපැතුව අෑ! :)

    ReplyDelete
  7. හොදයි හොදයි අපෙ එවත් නිසිපරිදි පලකරනවානම්..

    ReplyDelete
  8. නියම වැඩක් මගෙත් න්ර්මානයක් එව්වා, බලන්නකෝ

    ReplyDelete
  9. @ Bunny :- කවදද යකෝ නරක ඒව ලිව්වු.. එවපන් බලන්න උබේ අප්සට් කවි...

    ReplyDelete
  10. @ බුවා :- නෑ ඕනෙම දෙයක්.. කවි ,නිසදැස් , රචනා , කෙටිකතා, තව තමන්ට හිතෙන ඕනෙ දෙයක්... නිර්මාණශීලීව ලියන්න පුලුවන්නම් එච්චරයි.. දාපු බ්ලොග් පෝස්ට් උනත් කමක් නෑ>.. බ්ලොග් එකේ ලින්ක් එකත් එක්ක දානවා... කැමතිනම් නමයි පින්තූරෙකුයි එක්කම... :D

    ReplyDelete
  11. @ නිසූපා :- ඕනෙ දෙයක් ලියන්න අක්කෙ... මූනුපොතේ ගෲප් එකත් එක්ක එකතුවෙන්න... :)

    ReplyDelete
  12. @ තනි අලියා :- තැන්කූ තැන්කූ ඈ... :D

    ReplyDelete
  13. @ හිරු එලිය :- අනිවා පලකරනව... මොකද නැත්තෙ..

    ReplyDelete
  14. @ Short. kutz :- නියමයි... මූනුපොතේ ගෲප් එකත් එක්කත් එකතු වෙන්න.. :)

    ReplyDelete
  15. සිරාවටම හොඳ වැඩක් . .

    ReplyDelete
  16. නියම වැඩක් ජය වේවා..!

    ReplyDelete
  17. හොඳ වැඩක් අයියේ..මගේ සුබ පැතුම්..නිර්මාණයකුත් එව්වා ඔන්න..

    ReplyDelete
  18. වාව්.මාත් ෆේස්බුක් එකේ group එකට රික්වෙස්ට් එකක් එව්වා.කන්ෆර්ම් කරාම නිර්මාණයකුත් එවන්නම්කෝ

    ReplyDelete
  19. මරු පොඩි මෑන් . . . :) ස්තූතියි නොකියාම බෑ මේකට . . . .

    ReplyDelete
  20. කියෙව්වෙ නැහැ, කියෝලම කොමෙන්ට් කරන්නං

    ReplyDelete
  21. නියම වැඩක් පොඩ්ඩා.. ස්තුතියි අපිව දැනුවත් කලාට..

    ReplyDelete
  22. matath liyanna puluwandoooooooooooooo mekata

    ReplyDelete
  23. මොන උනත් හොඳ වැඩක්....

    ReplyDelete
  24. මරු වැඩක් නේ. ගම්පහ සෙට් එකක් ද ඕක කරන්නේ. අඩේ අපේ පැත්තේ ඔහොම දෙයක් කරන එකටත් සතුටුයි !!!

    ReplyDelete
  25. බොහොම හොඳ වැඩක් මචං! මාෆිලා එකෙත් මේ ලිපිය දාපං. කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. කියවන්න බැරිවෙච්ච පෝස්ට් ටික කියවලා ඉන්න ඕනෙ

    ReplyDelete
  26. හපෙ අප්පේ මගෙ බ්ලොග්ගෙ ලිව්ව එව්වා දැම්මොත් පත්තෙරෙත් වහන්න වෙලා උඹට මටයි සුදු වැන් චාරිකාවකුත් ගිහිනුයි නතර වෙන්න වෙන්නේ ... ඉස්සරහට එවන්නම් මේ බ්ලොග් නමෙන් නෙවෙයි ඔරිජිනල් නම ගම සහිතව

    ReplyDelete
  27. මේ දෙන සපෝට් එකට මාර ස්තූතියි පොඩි මෑන්ටයි, අනිත් අයටයි...
    ජය වේවා...!!!
    නිර්මාණ එවන්න... හැමෝටම අවස්ථාව තියෙනවා.

    ReplyDelete
  28. @ දුකා , නලින් :- ස්තූතියි..)

    @ කඩේ හාමිනේ :- නියමයි තව එවන්න... :)

    @ හිම හංසි :- ඇයි එකක්.. එවන්න ඕනෙ තරමක්

    @ සුශාන් :- :P

    ReplyDelete
  29. @ Observer :- හා හා.. කියවලත් කමෙන්ට් එකක් දාන්නකො... :D

    @ Dinesh :- එල... ලියන්න වියමනට...

    @ අංජලී :- පුලුවන් බොල අං -ජලියෝ... පුලුවන්...

    @ දිල් :- ස්තූතියි..:)

    ReplyDelete
  30. @ මධුරංග :- ෆේස් බුක් සෙට් එකෙක් කිවුවොත් වඩා නිවැරදියි... ලොකු මහත්තයා ගම්පහ තමා... එකතුවෙන්නකො ගෲප් එකට

    ReplyDelete
  31. @ BLOG ගඩොල් :- ස්තූතියි මචං... ඔන්න මම අද දැම්ම..

    @ බුවාගේ සිතුවිලි :- ඉතිං හොදයිනෙ.. :D :D එවන්න එවන්න

    @ රස්තියාදුකාරයා :- උඹට රිප්ලයි කරන්නෙ නෑ මම

    ReplyDelete
  32. කියෙව්වා, අදහස හොඳය් තමා කියල හිතෙන්නෙ

    ReplyDelete
  33. මේ වැඩේ නම් හොඳයි නොකිව්වොත් බොරුවක් . පරණ පොත් අස්සේ තිබිල වැටුන කවි නම් තාම බිම වැටිලා . හොයා ගන්න බැහැ. දැන් ලියන ඒවා මෙලෝ රහක් නැහැ .
    මොකෝ මේ ඔබා මාම කියවන්න කලින් කමෙන්ට් දාන්නේ . කමෙන්ට් දැමීමේ තරඟයක් වත්ද

    ReplyDelete
  34. අහ්හ්... කොච්ච්ර හොද දෙයක්ද?? මම අදයි මේ ගැන දැක්කෙ... අපූරුයි.. නියමයි සහෝ.. ඔන්න මගෙනුත් සුභ පැතුම්.. නිර්මාණය්ක් එවන්නම්කෝ..

    ReplyDelete
  35. අපි කොහොමද සඟරාව බලන්නේ? ගෙදරට ගෙන්න ගන්න පුළුවන්ද පොඩි මැන් අයියා?

    ReplyDelete
  36. චතුරි මින්දුලාJanuary 10, 2012 at 8:48 PM

    මාත් කැමතියි ඒ වැඩේට..... කියන්නකෝ කොහොමද අපි සඟරාව ගන්නේ.... මම පානදුරෙන්.... පානදුරේ කොහෙන්ද ගන්න පුළුවන්...? මම අදයි දන්නෙ. කියන්නකෝ දැනට කලාප පිට වෙලාද?ඕං මගෙනුත් සුභ පැතුම්....

    ReplyDelete
  37. These are in fact enormous ideas in concerning blogging.
    You have touched some nice things here. Any way keep up wrinting.
    Feel free to visit my web page world soccer transfer news

    ReplyDelete
  38. My coder is trying to persuade me to move to .net from PHP.
    I have always disliked the idea because of the costs.
    But he's tryiong none the less. I've been using WordPress on a number of websites for about a
    year and am concerned about switching to another platform.
    I have heard fantastic things about blogengine.net. Is there
    a way I can import all my wordpress content into it? Any help would be greatly
    appreciated!
    Also visit my webpage - transfer news epl 2009 2010

    ReplyDelete