2012-02-02

කතාවක් සහ තවත් කතාවක් (අවසාන කොටස ) "මම මගේ හැමදේමආදරේ වෙනුවෙන් දුන්නෙ මෝඩ කමට කියල වෙලාවකට මට හිතුනත් ඒ මගේ ආදරේ නිසාම නේද එයා මට ලැබුනෙ"



පලවෙනි කොටස් මෙතනින් කියවන්න....




කතාවක් සහ තවත් කතාවක්




මගෙ ස්කයිප් එකවුන්ට් දෙකක්
තිබුනා... එක අකවුන්ට් එකක ඉදියෙ දිනෙත් විතයි. මම එ අකවුන්ට් එකෙන් ලොග් වෙලා ඉස්සර මම එයත් එක්ක චැට් කරපුව කියවනවා එහෙම කියව කියව ඉන්න දවසක තමයි එයා මට චැට් කරේ එ අකවුන්ට් එකෙන් එයාව බ්ලොක් කරල තිබුනෙ නෑ

එය එහෙම චැට් කරේ නිකන් වෙන්න ඇති කියල මම හිතුවෙ... මමත් වෙනසක් පෙන්නන්නෙ නැතුව චැට් කරා  මට අහන්න ඔනෙ උනත් එයාගෙ අලුත් ගෑනු ළමයට කොහොමද කියල , එක අහන්න මට හිත දුන්නෙ නෑ

ඊට පස්සෙ දිනෙත් ආයෙ මට දිගටම චැට් කරා ඒ වෙනකොට තරූෂ මම ගැන වැඩියෙ හොයන්නෙ නෑ මට ජීවිතේ එපාවෙලා මගෙ අම්ම තාත්ත නිසා ජීවත්වෙන වෙලාවක දිනෙත් ආයෙත් මට චැට් කරා...


එයාමගේ නම්බර් එක ඉල්ලගෙන දවසක් ගොඩක් වෙලා කතාකරා එයා මගෙන ඇහුවා තරූෂ ගැන.. මම ඇත්තම එයාට කිවුවා.. ඊට පස්සෙ එයාම කිවුව එයාගෙ ගෑනූ ළමයත් දැන් නෑ කියල.. මම කිවුව එහෙම කරන්න එපා එයත් එක්ක යාලුවෙන්න කියලයි මට කොච්චර දුකක උනත් එයා සතුටින් ඉන්නයි මට ඕනෙ උනෙ එත් එයාට වෙන පිරිමි ළමයෙක් ඉන්නව කියල දිනෙත් මට කිවුවා

මගේ මොඩකමට කියපු දේ නිසයි එයා මගෙන් ඈත් උනේ...  එයා මට වෙන කෙනෙක් ඉන්න නිසා ඈත් වෙලා ඉන්න කාලෙ එයාට කැමැත්තෙන් ඉදපු ගෑනූළමයෙක්ට එයා කැමති උනා කියලයි එයා කිවුවෙ... ඒ ගෑනුළමයට එයාට වඩා හොද එක්කෙනෙක් ලැබුනාම ගියා යන්න කියලත් එයා කිවුවා...

ඒත් ආයෙ මගේ ලගටට එන්න කියන්න තරම් ශක්තියක් මට තිබුනෙ නෑ ඒත් මගේ ආදරේ ඇත්ත නිසාම වෙන්න ඇති මට මගේ දිනෙත්ව ආයෙත් ලැබුනා.. අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සෙ එයා  ආයෙත් මාව බලන්න ආවා...

මම නැති කාලෙ  එයා මටත් වඩා දුක් විදල තියෙනව කියල මම දැනගත්තෙ පස්සෙයි. මම ඒකට එයාගෙන සමාව ඉල්ලුවාම එයා කිවුවෙ අපි ඒ අපි කරපු පවු වලට අපිට වන්දි ගෙවන්න වෙච්ච හැටි වෙන්න ඇති දැන් ඒ පවු ඉවරයි දැන් අපි දෙන්නට ආයෙත් අපිදෙන්න ඉන්නව නේද කියලයි...

දිනෙත්ට මම මගේ හැමදේම ආදරේ වෙනුවෙන් දුන්නෙ මෝඩ කමට කියල වෙලාවකට මට හිතුනත් ඒ මගේ ආදරේ නිසාම දිනෙත් මට ආයෙ ලැබුන නේද කියල හිතනකොට  මට දැනෙන්නෙ මගේ ආදරේ ගැන ලොකු ආඩම්බරයක්... ඊටත් වඩා මට සතුටු දේ වෙනද මම කොච්චර ආදරේ කරත් දිනෙත් එහෙම නෑ කියල දැනුන හැගීම මාට දැන් දැනෙන්නෙ නැති එකයි...

ඇත්තටම එයා මට දැන් ගොඩාක් ආදරෙයි... මට හිතාගන්නවත් බැරි තරම්ම...
                            ෴෴෴෴෴෴෴෴෴

එහෙනම සමාදිට සමාදිගෙ ආදරේ ආයෙත් ලැබුනා... සමාධි වගේ කෙල්ලෙක්ට කවදාවත් වරදින්න පුලුවන් කමක් තිබුනෙ නෑ.. හැමෝම ඒ කෙල්ලට වැරදි කරත් ඒ කෙල්ලගෙන් කාටවත් වැරද්දක් තිබුනෙ නෑ... 

කතාව කියවල ඉවර වෙනකොට මම අදන්නෙත් නැතුවම මගේ ඇස් දෙක් කදුළු ගලාගෙන ගිහින්.. ඒ ඒ කදුළු වලට හේතුව සමාධිගෙ කඳුළු කතාවවත් ඒක අන්තිමට හොඳින් ඉවර උන එකවත් විතරක් නෙවෙයි කියල මගේ හිත මටම කෑ ගහල කිවුවා... මට පණවගේ ආදරේ කරන කෙල්ලෙක් ඉදියත්  රහත්වෙලා නොහිතපු මගේ හිතේ මගේ කුළුදුල් ආදරේ වෙච්ච සමාධි මට නැත්තටම නැති උනා කියල දැනෙන හැගීමට දෙදරලා ගියා... මටවත් නොතේරෙන කියන්න බැරි හැගීම මහ ගොඩක් මගේ හිතේ මහා බරක් වගේ එල්ලිල තියෙනව මටවත් දරාගන්න බැරි වෙන්නම..

අවුරුදු ගානක් මගේ ලග මාත් එක්කම ඉදපු.. ඒත් මම ගැන යාලුවෙක්ට වඩා හැගීමක් ඇති නොවුනු කෙල්ල කවදාවත් නොදැකපු එකෙක්ට මෙච්චර මැරීගෙන ආදරේ කරේ ඇයි..... ??   සමාධි ගියේ කොහේද මොනවද කරන්නෙ කියල හොයාගන්න බැරි උනාම.. එයාගෙ යාලුවෙක්වත් එයාගෙ විස්තරයක් දන්නෙ නැති උනාමවත් සමාධි නෑ කියල එක කදුළු බිංදුවක් ආවෙ නෑ මගේ ඇස්දෙකෙන්..දිනේත්  ඊට පස්සෙ ටික දවසකින් ආයෙත් අලුතින් ආදරයක් පටන් ගනිපු වෙලාවෙ සතුටින් හිනාවෙච්ච මගේ ඇස් දෙකන්... සමාධිව ආයෙ හොයන්න මහන්සි නොවී වෙන රූපයක් දකින්න ආසකරපු ඇස් දෙකන්... අද ආයෙ සමාධි වෙන එකෙක්වෙනුවෙන් පැලෙන්න ආදරේ කරලා ඒ ආදරේ දිනාගත්තාම ගලාගෙන යන ඉරිසියාවෙ කඳුළු මට  එලිවෙනකන් නවත්තගන්න පුලුවන් උනේ නෑ...

මම මහා කුහකයෙක් වෙන්න ඇති... චපල පොන්නයෙක් වෙන්න ඇති... ඒත් මගේ හිතට මේ දැනෙන ඒව මට අල්ලලවත් නවත්ත ගන්න බැරිනම් මම මොනව කරන්නද.... ජීවිතේ පලවෙනි වතාවට මට මම ගැනම කලකිරුණා... 

ඊට පස්සෙන්ද මගේ කෙල්ලත් එක්කත් බොරු රංඩුවක් හදාගෙන ගෙදරටත් පට්ට පල් බොරුවක් ඇද බාලා පලවෙනි වතාවට තනියෙන්  පිස්සෙක් වගේ වැල්ලෙ ඔරුකබලක් උඩට වෙලා  එලිවෙනක් බිවුවා....

 මට ඕන උනේ  ආයෙත් පරණ මමම හොයාගන්නයි.... සමාධි දිනෙත්ට තරමට මගේ කෙල්ලත් මට ආදරේ කරන බව දන්නවා මම... ඒ ආදරේට දුකක දෙන්න ඕනෙ උනේ නැති නිසාම බෝතලේ ඉතුරු ටික නැගිටලා වැනි වැනි මූදට විසිකරලා කෝල් එකක් ගත්තෙ අවුරුදු දෙකකට වඩා සමාධියෙක් ගැන මතකවත් නැතුව එලිවෙනකන් හිනාවෙවී කතාකරපු නම්බරේටයි...

අරක්කු වලින් හයිය කරගනිපු හිතෙන් සම්පූරණ කතාවම බිංදුවක් නෑරම එලියට පැන්නා....

එහාපැත්තෙන් වචනයක් නොකිය ඉදපු කෙල්ල අන්තිමට මට කිවුවෙ එක දෙයයි...


සමාධි ඔයාටවත් ඔයා සමාධිටවත් කරන ආදරෙන් මට වැඩක නෑ මගෙ මහත්තයෝ.. මට වැඩක් තියෙන එකම දේ  මම ඔයාට ආදරේ එක විතරයි....  ඔයාට සමාධි මතක වෙලා එහෙම වෙන එක මට තේරෙනවා වගේම ඔයා මට ආදරෙයි කියලත් මට තේරෙනවා...

ඔයා මොනව කරත් මම ඔයාට හැමදාම ආදරෙයි....  දැන් ඔතන ඉන්නෙ නැතුව පරිස්සමෙන් ගෙදර යන්න....


ආදරේ මහ පුදුම දෙයක්... මිනිස්සු තිරිසන්නු කරන්නත්... තිරිසන්නු මිනිස්සු කරන්නත් ඒකට පුලුවන්...


තිරිසනෙක් වෙලා වැල්ලට ආපු මම ආයෙත් එතනින් පිට උනේ මනුස්සයෙක් වෙලා...

                       *********************


ඊට පස්සෙන්ද උදේ මම සමාදිගෙ පොතත් අරගෙන කොළඹ කිවු එකට යනකොට සමාධි ඇවිත් තිබුනෙ නෑ... මම එතන තියෙන බාර් එකට වාඩි වෙලා ඉන්නකොට කොල්ලෙක් ඇවිත් මගේ පිටට තට්ටු කරා...

"උඹ පොඩි මෑන්ද... ?"
"ඔවු.."
" මම දිනෙත්... "
"අම්මට හුඩු.. නයිස්ටු මීට් යූ මචං...කොහොමද මාව අදුන ගත්තෙ... "
"මී ටූ  සමාධි කියල තියෙනව මට උඹ ගැන ෆේස් බුක් එකේ ෆොටෝ දැකල තියෙනවා...... ඉතිං අදුනන්න බැරිද... සමාධි එන්න ටිකක් පරක්කු වෙයි.."
" අග්... ඒක අවුලක් නෑ.. "
"උඹ සිගරට් බොනවද..."
"ඔවු"
" යමං පාක් එක්ක පැත්තට සිගරට් එකක් බොමු.."

අපි දෙන්න පාක් එකට ඇවිත් ගෝල්ඩ් ලිෆ් දෙකත් පත්තුකරගෙන කෙලවරේම හට් එකේ ඉස්සරහ බැම්මෙ වාඩිවෙනකන් කතාකරේ නෑ එකෙක්වත්...

" මට සමාධි උඹ ගැන කිවුවා...මාර ලෝඩ් එකක් විස්තර... "

මම හිනා උනා...

"උඹ ගැන මම කියෙවුවා... "

මම ඌට පොත පෙන්නුවා...

ඌත් හිනා උනා...

ආදරේ හරි පුදුමයි බං... සමාධිට මම කැමති උනේ මොකද කියලවත් මම දන්නෙ නෑ... ඒත් ඒකිගෙ ආදරේ මාව වෙනස් කරා...  ඇත්ත ආදරේ මොකද්ද කියල ඒකි පෙන්නුවා....  මට මගේ ආදරේ අදුනගත්තෙ ඒකි නිසා... සමාධිව මුලින් මීට් වෙනකොට ඒකිගැන මගේ හිතේ මෙච්චර ආදරයක් තියෙනව කියල මවත් දැනගෙන ඉදියෙ නෑ.. ඒකි නැති උනාමයි මට ඒක තේරුනේ...

මම වචනයක් කතාකරේ නෑ.. ඌට විතරක් නෙවෙයි.. මගේ ආදරේ පෙන්නුවෙත් සමාධියි...


" මම අද ඒකිව බඳිනව.... "

ඉස්සෙල්ලෙ  දිනෙත් ගැන අහපුවාමත් මගේ හිතේ ආව ඉරිසියාව වෙනුවට ඒ වෙලාවෙ නං  මට  ආවෙ මාර සතුටක්...

" උඹ එල කොල්ලෙක්නෙ..."

"ඌ හිනා උනා...  පිට එවුන්ගෙ වැරදි නිසා අපේ මෝඬකම් නිසා විදෙවුව ඇති බං,,... මගේ යාලුවො දෙන්නෙක් එනව කිවුවා... සමාධිත් ආවම මම ඒකිව බඳිනවා... එතකොටා යෙත් මොන යකාටවත් අපිව වෙන් අක්‍රන්න බෑ... මම රෙජිස්ටාර් කෙකෙන් කතාකරල තියෙන්නෙ.. "

මෙච්චර  දවස් හැංගි හැංගි.. ආයෙ මතුවෙවී.. අඩ අඩ  හිනාවෙවී ගලාගෙන ගිය ආදර කතා දෙකක්.. ඒ විදියට අවසානයකුත් පටන්ගැනීමකුත් එක්ක, දිනෙත් සමාධි පාවඩ පෝරු නැකැත් චාරිත්‍ර නැතුවම  උන්දෙන්නගෙ හිතේ තියෙන ආදරේ විතරක් පුරවගෙන කසාද බැන්ඳා.....

සමාධි දිනෙත්  උන් දෙන්න අලුතින් පටන් ගත්ත ආදරකතාවත් අරගෙන කොළඹ ඒසී බස් එකේ පිටත්වෙලා යද්දි.. මම උන්දෙන්නට හදවතින්ම සුභපතලා ආයෙමත් අලුත් වෙච්ච මගේ ආදර කතාව හොයාගෙන ගෙදර එන්න බස් එකේ නැග්ගා...

(නම් ගම්  මනංකලිපිතයි...)
                             
                                      ෴෴    නිමි  නැත   ෴෴


පංචාංග ලිතෙන් ඔප්පුවන ලංකාවෙ ලෙස්බියන් සීන්....   කියෙවුවද ?






51 comments:

  1. අඩේ මේක ඇත්ත කතාවක්ද....

    කතාවෙ අන්තිම හරියෙදි මගෙත් ඇස් වල කදුලු.

    මං ආසම මේ ටිකට මේ කතා සීරීස් එකේ...

    //සමාධි ඔයාටවත් ඔයා සමාධිටවත් කරන ආදරෙන් මට වැඩක නෑ මගෙ මහත්තයෝ.. මට වැඩක් තියෙන එකම දේ මම ඔයාට ආදරේ එක විතරයි.... ඔයාට සමාධි මතක වෙලා එහෙම වෙන එක මට තේරෙනවා වගේම ඔයා මට ආදරෙයි කියලත් මට තේරෙනවා...

    ඔයා මොනව කරත් මම ඔයාට හැමදාම ආදරෙයි.... දැන් ඔතන ඉන්නෙ නැතුව පරිස්සමෙන් ගෙදර යන්න....//

    පට්ටයි....

    ReplyDelete
  2. Radiya :-


    හදවතින්ම සුභ පෑතූම් ...

    ReplyDelete
    Replies
    1. මේ රැඩිය නම මුලින් මම වරද්ද ගත්තනෙ... :D දැන් දන්නව කවුද කියල... :D :D එල... ස්තූතියි

      Delete
    2. Radiya
      රැඩිය නෙමෙ පොඩි මෑන්.... රදියා ....:)

      Delete
  3. අනේ මන්ද මොනවා කියන්නද කියල එත් මග ජිවිතේ කතාව ඔච්චර ලස්සනට ඉවර උනේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඉවර උනේ නෑ කියන්නෙ තාම තියෙනව කියන එකනෙ.. ඉවරකරගන්න උත්සහ අක්‍රන්න ඕනෙ අපිමයි ලස්සන විදියකට... සමාධි ඒක කරා.. ඒ එයාගෙ වෙනස් වෙච්ච නැති ආදරෙ... උත්සහ කරොත් අපි හැමෝටම ලස්සන ආදර කතාවක් තියේවි...

      Delete
  4. කතා set එකම බැලුවා..සිරා මචං..

    ReplyDelete
  5. මේක ඇත්ත කතාවක් ද? හිතා ගන්නවත් බෑ.... මේ වගේ වාසනාවන්ත මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවද? මොනව වුණත් ලස්සන අවසානයක්!!!

    ReplyDelete
    Replies
    1. හොද මිනිස්සුන්ට දවසක හොදක් වෙනවමයි බං...

      Delete
  6. හ්ම්ම් මේක ඇත්තම කතාවක්ද බං. කාලෙකට පස්සේ ආදරේ ගැන ලියපු කතාවක් කියවලා ඇහැට කදුලක් ආවා. මම හිතාගන හිටියේ ඔහොම සීන් තියෙන්නේ නවකථා වලයි ෆිල්ම් වලයි විතරයි කියලා. උන් දෙන්නට මමත් බොක්කෙන්ම සුභ පැතුවා කියපන් ....

    "ආදරේ මහ පුදුම දෙයක්... මිනිස්සු තිරිසන්නු කරන්නත්... තිරිසන්නු මිනිස්සු කරන්නත් ඒකට පුලුවන්"..
    මේක නම් සහතික ඇත්ත

    ReplyDelete
  7. අන්තිමට එහෙනං සභා තොමෝ සතුටෙන් විසිර ගියා ඈ......

    ReplyDelete
  8. //ආදරේ මහ පුදුම දෙයක්... මිනිස්සු තිරිසන්නු කරන්නත්... තිරිසන්නු මිනිස්සු කරන්නත් ඒකට පුලුවන්...//

    සිරා කතාවක් පොඩි මෑන්!!! අනේ මංදා ආදරේ නිසාමද කොහෙද දැන් දැන් පොඩි මෑන් අතින් පුදුම විදියට හිතට වදින ලස්සන කතා ලියවෙනවනෙ.. ලියන ශෛලියත් නියමයි!! මංදා මම නම් හරිම අඅසාවෙන් කියෙව්වෙ.. හරිම ලස්සනට ලියලා මේ කතාව,,

    කොහොම වුනත් ඒ කෙල්ලට හරියන්න ඕනෙ.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.. ජය වේවා!!

    ReplyDelete
  9. පිස්සු කතාවක්නේ බං! මූවි එකක් වගේ! මුල ඉදලා කියෙව්වට කමෙන්ට් කලේ මේකෙ! අහා පොඩි මෑන්! උඹ ලිව්ව එළම කතාව මේක කියලා මට හිතෙනවා! මරු මචං!

    ReplyDelete
  10. කියන්න හුඟාක් දේවල් හිතට එනවා...මොනව කියන්නද කියල හිතාගන්න බෑ...
    මට කවදාවත් උඹව මුනගැහිල නෑ.හැබැයි උඹ ගැන මම එක දෙයක් තේරුම් ගත්තා....
    උඹ හරි අවංක ඒ වගේම හරි සංවේදී කොල්ලෙක් කියන එක......

    "දිනේත් ඊට පස්සෙ ටික දවසකින් ආයෙත් අලුතින් ආදරයක් පටන් ගනිපු වෙලාවෙ සතුටින් හිනාවෙච්ච මගේ ඇස් දෙකන්..."

    "... අද ආයෙ සමාධි වෙන එකෙක්වෙනුවෙන් පැලෙන්න ආදරේ කරලා ඒ ආදරේ දිනාගත්තාම ගලාගෙන යන ඉරිසියාවෙ කඳුළු මට එලිවෙනකන් නවත්තගන්න පුලුවන් උනේ නෑ..."

    හක්කෙ බුදු රැසුයි බොක්කෙ දඩමසුයි තියාගෙන ඉන්න එකෙක්ට මෙහෙම ලියන්න බැ මල්ලි..
    තව දෙයක්.....අද කාලෙ හුඟක් කොල්ලන්ට වඩා උඹ හරි වාසනාවන්තයි....මොකද උඹට ඉන්නව පෙරාපු රත්තරන් වගේ කෙල්ලෙක්....

    "එහාපැත්තෙන් වචනයක් නොකිය ඉදපු කෙල්ල අන්තිමට මට කිවුවෙ එක දෙයයි...


    සමාධි ඔයාටවත් ඔයා සමාධිටවත් කරන ආදරෙන් මට වැඩක නෑ මගෙ මහත්තයෝ.. මට වැඩක් තියෙන එකම දේ මම ඔයාට ආදරේ එක විතරයි...."

    හුඟක් අය මෙ වගෙ වෙලාවක හරි ආත්මාර්තකාමී වෙනවා.....ඒ අතින් උඹේ කෙල්ල great. එ ගැන උඹට සතුටු වෙන්න පුලුවන්...

    ReplyDelete
    Replies
    1. අනිවා ලොකු අයියේ... ඒක ඇත්ත.. :)

      ස්තූතියි කෙමෙට් එකට.. මේ මූනුපොතේ ලස්සන ශ්‍රී ලංකා එකේ ලොකු අයියද වෙනත් කෙනෙක්ද ??

      Delete
    2. http://www.facebook.com/lokuayiya

      Delete
  11. kathaawa mulin thibuna widhihata hodha awasaanayak thiyeiwi kiyalaa hithagannawath baeri wuna... balaaporothu nowu hodha awasaanayak.. :)

    ReplyDelete
    Replies
    1. හොද අවසාන වලට කට්ටිය කැමතියි වගේ....

      Delete
  12. මේ මචං අර උඹ කිවත් වගෙ අර සීං එක ඇත්ත නේද ? මට උඹ දැක්කාම එම හිතුනා..

    ReplyDelete
    Replies
    1. මම දැක්කාම එහෙම හිතුවා ?? තේරෙන්න කියාපං යකෝ...

      Delete
    2. . චපල පොන්නයෙක් වෙන්න ඇති...
      මේ කතාව ? :D :D :D

      Delete
  13. මේ ඇත්තටම ඔයාගේ කතාවනම් ( මට හිතිච්ච විදියට ) ඔයාට ඉන්නේ රත්තරන් ගෑනු ළමයෙක් මල්ලි.. මේ කතාවේ කොටස් 4 ක සමාධි ගැන කියෙව්වට මන් නම් වැඩියෙන්ම ආස උනේ අන්තිමට ලියල තිබ්බ ඒ ගෑනු ළමයාගේ ටිකට.. ලස්සන කතාවක්.. දැන් ඉතින් ඔහොමම අතරමග නවතිච්ච මගදිගටත් පටන් ගත්තනං

    ReplyDelete
  14. ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත්වූහ......!!!

    ReplyDelete
  15. ලොකූ හුස්මක් හෙලුවෙමි......................සන්තෝසයි පොඩි මෑන් සන්තෝසයි

    ReplyDelete
  16. හ්ම්ම්.. ලස්සනට ඉවර උන කතාවක්.. මුල ඉඳන්ම බැලුවා.. අදයි කමෙන්ට් කරේ...

    ReplyDelete
  17. කතාව බලල මම බැලුව මේ ලිත කොහෙන්ද මෙතන කියල.. ;)

    ReplyDelete
  18. ජයවේවා බං
    …උබල 4ට වරදින්නෙ නෑ...

    ReplyDelete
  19. අම්මෝ ඇති යාන්තම් මමනම් පන බයේ ගැහි ගැහී කියෙව්වේ සමාදිගෙයි දිනෙත්ගෙයි ආදර කතාව මග නතර වෙයි කියලා.. දැං තමා ඇගට ලේ ටිකක් ඉනුවෙ ඔන්න..

    මම කලින් පෝස්ට් එකේත් දැම්ම වගේ සෑහෙන කාලේකින් බොක්කට දැනුන කතාවක්....

    ReplyDelete
  20. සිරා කතාව...ඇඬේනවා...මොන හැල හැප්පිලි උනත් සතුටුදායක අවසානයක් නිසා සතුටුයි...

    ReplyDelete
  21. fatta kathawa,mage ahatath kadulak awa bn
    anyway ubata Jaya!!!!

    ReplyDelete
  22. හොඳ අවසානයක්.... විඳවපු දුක්වල ට හරියන්න දැන් දෙන්න ට සතුටින් ඉන්න පුළුවන්...

    හැමෝ ම කියලා තියෙනවා වගේ මගෙ හිතටත් වැදුණේ මේ කොටස තමා...
    //සමාධි ඔයාටවත් ඔයා සමාධිටවත් කරන ආදරෙන් මට වැඩක නෑ මගෙ මහත්තයෝ.. මට වැඩක් තියෙන එකම දේ මම ඔයාට ආදරේ එක විතරයි.... ඔයාට සමාධි මතක වෙලා එහෙම වෙන එක මට තේරෙනවා වගේම ඔයා මට ආදරෙයි කියලත් මට තේරෙනවා...

    ඔයා මොනව කරත් මම ඔයාට හැමදාම ආදරෙයි.... දැන් ඔතන ඉන්නෙ නැතුව පරිස්සමෙන් ගෙදර යන්න....//

    කුළුදුල් ආදරේ අමතක කරන්න බැරි එක සාමන්‍ය දෙයක්. ඒත් හැම කෙල්ලට ම මෙහෙ ම තේරුම් ගැනීමේ ශක්තියක් නෑ. ඒ අතින් ඔයා වාසනාවන්තයි පොඩි මෑන්.........

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  23. පොඩ්ඩො මෙක ඉවර කරන්ඩ එපා දැන් තමා ලස්සන කතාව................

    ReplyDelete
  24. මචං, මට අන්තිමට කියන්න තියන්නෙ මෙච්චරයි.
    උඹ මේ ලෝකෙ වාසනාවන්තම කොල්ලෙක්. නැත්නම ඔය තරම් වටින කෙල්ලෙක් ලැබෙන්නෙ නෑ කීයටවත්.

    ReplyDelete
  25. නියම කතාව අයියෙ...ලස්සනයි....මමත් වැඩියෙන්ම අාස ඹයාගෙ girl friend කියපු මෙ කතාවට තමයි....

    "සමාධි ඔයාටවත් ඔයා සමාධිටවත් කරන ආදරෙන් මට වැඩක නෑ මගෙ මහත්තයෝ.. මට වැඩක් තියෙන එකම දේ මම ඔයාට ආදරේ එක විතරයි...."

    ඹයත් ඵයාට ගොඩක් ආදරෙ කරන්න......all the best.....jaya wewa..

    ReplyDelete
  26. සිරාම කතාවක් බොල කොලුවෝ!!!

    ReplyDelete
  27. macho novel 1k liyahane ..... sira ma kathawa bokatama hit wunea

    ReplyDelete
  28. දිනෙත් හිතපු තරම් කලු ඩයල් එකක් නෙමෙයි නේ... උබේ කෙල්ල ට හිස නමා ආචරය. එහෙම තමා කෙල්ලො ඉන්න ඕනි... ( කෙල්ල බලනවද බන් මේක.. ? තව බටර් තලියක් අතුල්ලන්න හික් හික් )

    සතුටුයි අවසානය ගැන.. ඒත් ඇයි බන් උන් හොරෙන් බැන්දෙ ????


    උබේ කෙල්ල ග්‍රේට් අහ්.. බටර් නෙමෙයි...

    ReplyDelete
  29. අල්ලපු රටට ජයවේවා!

    ReplyDelete
  30. කොටස් දෙක තුනක්ම එක හුස්මට කියවගෙන ගියා.හරිම ලස්සනට ලියල තියනවා.
    සිදුවීම ලස්සනයි කියල කියන්නේ නැ.ඒත් විටක කඳුලු විටෙක සුසුම් අතරින් සතුට.ඇත්තම කතාවක් නොවෙනව නම් මම කැමති.ඇත්තම කතාවක් නම් අලුත් ජෝඩුවට හදවතින්ම සුභ පතනවා.
    ජයවේවා!!

    ReplyDelete
  31. adenawa machan....sirawata..wena monawa karannada ubata thawa digatama liyanna wasanawa labewa

    ReplyDelete
  32. Howdy just wanted to give you a quick heads up. The text in your content seem to
    be running off the screen in Safari. I'm not sure if this is a format issue or something to do with web browser compatibility but I figured I'd
    post to let you know. The style and design look great though!
    Hope you get the problem resolved soon. Cheers
    Here is my blog : football transfer news 2013

    ReplyDelete
  33. I'm impressed, I must say. Seldom do I encounter a blog that's equally educative and engaging,
    and without a doubt, you have hit the nail on the head. The issue is something
    which not enough men and women are speaking intelligently about.
    I am very happy I came across this in my search for
    something regarding this.
    Look into my site - pizza games for girls to play

    ReplyDelete