2012-03-29

කොල්ලන්ගේ බනිස් කෑම ( අතිශ්‍යයින්ම කොල්ලන්ට පමනය )



කොල්ලෝ බනිස් කෑමට රුසියෝය... බනිස් කන්න ආස කෙල්ලෝද සිටියාට  වැඩිපුරම බනිස් කන්න කැමති කොල්ලෝය... බනිස් කන්නේ බඩගින්නට නෙවේය... බනිස් කන්නේ ආසාවටය... අවුරුද්ද කාලයට නම් කන්නේ තරගයටය.. ඒ තරගවලත් වැඩිපුරම සිටින්නේ කොල්ලෝය.. කොල්ලෝ හා කෙල්ලෝ එකට බනිස් කනවා පොඩිමෑන් හැබැහින් ජීවිතේට දැක නැත්තේය...  දකින්න ආසාවෙන් ඉන්නවාය.. ඒත් ලංකාවේ ඒවා දැකීමට තව අම්බාඑක කලක් යාවිය...

කොල්ලෝ  බනිස් කෑමට ආස උනත් බනිස් ගැන දන්නා උන් අඩුය... ඒ නිසා බනිස් කෑම ගැනි කියන්න කලිං බනිස් ගැන ලියනවානං හොදයි කියා හිතෙනවාය... 

බනිස් ජාති මහ හුගක් තියෙනවායා... සිංගල් බනිස් , ඩබල් බනිස් , ක්‍රීම් බනිස් , කැට බනිස් , සීනි බනිස්  ගල් බනිස් ආදී වසයෙන්ය... සමහර බනිස් සෝ කේස්වල දමා මැස්සෝ ඇහිරි ඇහිරි තියෙනවාය... ඒවා කන්න කස්ටිය වැඩි කැමැත්තක් නැතිය... ඒත් නැති කමට ඒ බනිස්ද ගිල දාන එවුවෝ නැත්තෙම නැතිය... සෝ කේස් වල තියෙන බනිස් ගෙඩි තියෙන කඩේ අනුව ගාන වෙනස් වෙනවාය... මෝනිස් එක වගේ හයි පයි කඩේකින් ගන්නවානං ගාන සැරය.. පෙට්ටි කඩේකින් ගන්නවානං ගාන අවුලක් නැතිය... කඩේ සෝ කේස් එකට රැවටි එකම බනිස් ගෙඩිය සමහරු වැඩි මිලක් දීලා කනවාය... උන් හෙන පවුය..


සීනි බනිස් තියෙනේ  පුල් කවර් පිටය... හුලං වැදුනත් සීනි දියවෙනවාය..  ක්‍රීම් බනිසුත් එහෙමය..  යන්තන් ඇත්තං ක්‍රීමී බේරෙනවාය.. ගල් බනිස්නං ඕන මළ දානෙකට ඔට්ටුය..  ඒත් වැඩි දෙනා ආස පැකට් එකේ තියෙන පැකිං පිටිං බනිස් වලටය...


ඔය කොයි බනිසත් කන්නේ ආසාවටය...  සමහරු බඩගින්නටද කනවාය.. ඒත් බනිස් ගෙඩියකින් බඩ පිරෙන්නේ යන්තං ඇබිත්තය.. තව චුට්ට වෙලාවකින් බඩගිනි මහ හුගක් එනවාය...

  ගොඩක් දෙනා ආසා බනිස් තමන්ගේම කරගෙන කන්නය. තමන්ගේ කරගන්නත් කැමති අලුත්ම බනිස්ය.  සිංහලෙන්ම කියනවානං අර කලිං කිවුවා වගේ පැකින් පිටින් බනිස්ය.. පැකින් එක කඩලානං ඒවා ගේන්න කැමති නැතිය..  පැකින් කඩපු බනිස් හොරෙන අහලවලා සමහර හොර  මුදලාලි ගොල්ලා හොරෙන් විකුනනවාය.. ගෙදර ගෙනැල්ලා කන්න බලපු වෙලාවට වැඩේ අහු උනොත් මුදලාලිටත් බඩු පැකිංය... ඒත් හයි පයි කඩවලින් ගේන නිසා සමහරුට ඒවා ගානක් නැතිය..  ගානක් තිබුනත් කඩේ කොලටි එක මතක් කොරං නිකං ඉන්නවාය...  කොලටි කඩවල තියෙන හෙන ගනං බනිස් හිටපු හැටියේ අඩුවට දෙනවාය... ඒවා පැකිං කඩපු බනිස් බව කොල්ලෝ දැනගත යුතුය...


පැකින් එක අප්සට් උනත් කොළටි බනිස් නැත්තේම නැතිය.. ඒවානං අවුලක් නැතිය.. පැකින් කඩපු එකාලාට ඒවා කන්න පින නැතිය... ඔය පැකින් එකේනං වැඩක් ඇත්තේම නැතිය.. විකුනන්න... ගාන වැඩි කරන්න දාමු උප්පරවැට්ටියක්ය.. බනිස කොලිටි නං එච්චරය...

වෙන එකෙක්  කාපු බනිස් වලට කවුරුවත් කැමති නැතිය.. ඒත් නිකන් දෙන නිසා ඒවා කන උන්ද සිටිනවාය... කවුරු හරි පැකින් කඩලා බාගෙට කාලා තියෙන බනිස් ගෙඩියකින් කෑල්ලක් කඩාගන්න වැඩි හරියක් උන්දැලා කැමතිය.. ඒ මොකද කියනවානං තමං කාපු කෑල්ලත් පැකිං කඩපු එකාගේ අකවුට් එකට ඩිපොසිට් වෙන නිසාය... ඒත් හොරෙන් බනිස් කා මාරුවෙන්න හදන වෙලාවල් වල බඩු පැකට් වෙන අවස්තාද ඇත... එහෙම වෙලාවට අතින් පහක් දී අනුන් කාපු පජාත බනිසක් සෙට් වෙනවායා... ඒකනං හොඳම වැඩේය...

බනිං කෑම ගැන කතා කරනවානං ඒක කරන්න ඕනෙ ක්‍රමේටය.. කාලෝචිත උදාහරණයක් අරගෙන
ඔහෙලාට ඒක  මෙහෙම පැහැදිලි කොරලා දෙනවාය

අවුරුද්දට අපි බනිස් කෑමේ තරග ඕනෑ තරං දැක තියෙනවාය..  කොල්ලෝ බනිස් කන්න ගියාම බදාගෙන කන  බව දන්නා නිසා   උන්ගෙ අත් බඳිනවාය.. හැබැහින් පලවෙනි සැරේට බනිස් ගෙඩිය කන්න යනකොටත් අපේ අත් තියෙන්නේ ඒ වගේම බැඳලාය.. බනිස අල්ලන්නට අපිට බැරිය... ගේම දෙන්නට ඕනේ කටින් ය...

බනිස් වැලට එල්ලෙද්දී ඕනේ තරං බනිස් තියෙනවා නේදැයි සිතා කම්මැලි උනොත්  වැඩේ කොට උඩය... ඉස්සෙල්ල දුවන එකා කන්න ලේසි හොදම බනිස තෝරා ගන්නවාය... ඒක නිසා  අනිත් එවුට කලින් දුවගෙන ගොස් හොදම බනිස්  ගෙඩිය අල්ලා ගැනීමට කොල්ලෝ දස්සයෝ වෙන්ඩ ඕනෑය...

තරගයේ  බනිස් තියෙන්නෙ වැලේ එල්ලිලා උඩින්ය.. ඇත්ත බනිසුත් එහෙමමය..  තියෙන්නෙ හෙන උඩිංය.. ඒවා බිමට ගන්න කොල්ලෝ දැනගන්න ඕනෑය.. ඒකත් ක්‍රමේටය...

බනිස් ගෙඩිය ගාව දන ගැහුවොත් බනිස් තව තව උඩ යනවාය... ඒක නිසා දුවගෙන ආවත් බනිස් ගෙඩිය ගාව දනගාන්න හොද නැතිය.. ඒ වගේම පැනපු ගමන් බනිස් කන්නද බැරිය.. බනිස් එතකොට දුර යනවාය...  දුවගෙන හොදම බනිස අල්ලගත්තානං කලබල වෙන්න බැරිය... පස්ට් ඔප් ඕල් උඩින් තියෙන බනිස් ගෙඩිය කටිං ගේම දී බිම දාගත යුතුය.. ඒතකොට කන්න පට්ට ලේසිය... බනිස් උඩින් තියෙන විට කන්න අමාරුය. අපේ බෙල්ලේ පොට යනවා විතරය...

බනිස් ගෙඩිය බිම දැම්මාමත් කන්න හදිස්සි වෙන්න හොද නැතිය.. කලබලේට කටට ආව බනිසත් හිරවෙනවාය...ඒක නිසා  එක සැරේ මුලු බනිසම කන්න බැරිය. කන්න ඕනෙ චුට්ට චුට්ටය.. චුට්ට චුට්ට කාල බැලින්නං මුලු බනිසම කාලා ඉවරය... ඒ කියන්න ගේම දිනුන්ය...

බනිස් කෑම සැබැවින්ම ගේමක් කරගන්නේ  කොල්ලෝ අපිමය... ක්‍රමේට කරනවානං ගේමක්  ඇත්තේම නැතිය..  බනිස් පැකිං කඩා බාගෙට කා දමා යාම සුදුසු නැතිය...  ඒව හෙන පවුය... කන එකෙක්ටවත් කන්න නැතිය.. පැකින් කඩා බාගෙට කා බනිස් මග දමා යන උන්ට අන්තිමට ලැබෙන්නේත් වෙන එකෙක් කාපු බනිසක්මය... ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නැතිය.. ඒක නිසා අල්ල ගනිපු බනිස කෑම  හෙමි හෙමින් හිත සතුටින් කල යුතුය...  එතකොට එය ලෝකේ හොදම බනිස වෙනවාය.. අනිත් උන්ගේ බනිස්වලට ඉරිසියා නොකල යුතුය... ඒවා හොරෙන් කෑමද  හොද නැතිය.. ඒවා හොරෙන් කන්න යන වෙලාවේදී තම්න්ගේ බනිසට කපුටෝ කොටන්නට පුලුවන්ය... එල්ලෙන බනිසට වඩා බිම දාගත් බනිස හොදය.. කෑමට ලේසිය... පුල් ආතල්ය....

අන්තිමේදී ඔහෙලාට මෙහෙම කියනවාය...

 කොයි කඩේ වික්කත්... ගාන කීය උනත්... සීනි ක්‍රීම් දමා රසට පෙනුනත්... බනිස බනිසමය...  කාල බැලුවාම එකමය... වෙනසක් නැත්තේමය.. ආයෙ ඒකේ  හෝදන්න දෙයක් ඇත්තේම නැතිය......  ...

කලිං පොඩි මෑන් මයිනාට බනිස් කැවීමක්  ගැනද  ලිවුවාය...  ඒකත් මේකේම සබ් කැටගරියක්ය... ඒකත් ඕනෙනං පහලිං බලන්න පුලුවන්ය...

"වල්ලද මල්ලද ? , මයිනද බනිසද ? " ජැක් ගැහිල්ල


                                                         ෴෴෴
ප. ලි

 පෝස්ටුවට පොටෝවක් දමන්න "බනිස්" කියා සර්ච් කරවිට කලිං සැරේ සිහින බක් මහ උළෙලේ අපේ කස්ටිය බනිස් කන හැටි පොටෝ අම්බානෙක ආවාය... මේ සැරේ  බනිස් කන්න ඔහෙලටත් චෑනිස් එක තියෙනවාය.. ඒක නිසා ඔහෙලත් අප්‍රේල් 22 වැල්ලවත්ත කුරේ ග්‍රවුන්ඩ් එකට  එන්නය... එනවානං මෙතනට ගිහින් රෙජිස්ටර් වෙන්න  වෙනවාය...   පොඩි මෑන්ද බනිස් කන්නට එදාට එනවාය...



44 comments:

  1. ආයිත් හෝදන්න දෙයක් නැත්තේය.........

    ReplyDelete
    Replies
    1. ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වගේය...

      Delete
  2. මුලින්ම දැක්කේ උඩ තියෙන පින්තූරේ තාම හිනා නවත්තගන්න බෑ අයියෝ.... එක එක තේරුම් අස්සේ කරකැවුනු පට්ට පෝස්ටුවක් එල ආ... මේකේ කොමෙන්ට් කියවන එක ඔක්කොටම වඩා ආතල් වෙයි...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... කට්ටිය කියාවි බනිස් ගැන ලෙසටම... :)

      Delete
  3. පින්තූරා ගැන කියනවනං......... තාත්වික බනිස් ගෙඩි දෙකක්! ....

    අවුරුද්දට බනිස් කන තරඟෙකට යන අයට වැදගත් උපදෙස් මාලාවක්ම තියනවනෙ! :D

    ReplyDelete
    Replies
    1. තරගෙට නෙවෙයි කොයි වෙලාවෙත් කන බනිස් වලට අදාල වෙයි :D

      Delete
  4. මේ අපි ආවෙ වෙන බනිසක් බලන්න.. සික් අපරාදෙ අපේ කාලය.. කේවා කේවා තෝ මයෙ රු 5 :P

    ReplyDelete
  5. බනිසුත් දැක්ක මෙහෙම බනිසක් දැක්කමයි අම්මපා

    ReplyDelete
  6. කටින් අල්ලාගැනීමට බනිස උල්කර දී ඇත.දතින් ඇල්ලීමටද සිතේ.හැපීමට සිත් නොදෙන නිසා දිවෙන් ලෙවකා තොලින් කරකවා බැලිය යුතුය.මෘදු බනිස් රස වැඩිය.ඒත් හැපීම වින්දනීය වීමට බනිස යන්තම් තද වේනම් හොඳය.එතකොට බඩ මෙන්ම හිතද පිරේ :))))

    ReplyDelete
    Replies
    1. බනිස් තද කර ගැනීමට අත් දැකීම හා පල පුරුද්ද අවශ්‍ය වේ.. බනිස් කෑමේදී එල්ලී බදාගෙන කෑම හොද නැත... එතකොට බනිස් කිඹූල බනිස් වගේ වෙනවාය.. සමහ්‍ර කස්ටිය ඕනෑ කමින් බනිස් කර කර ගන්නවාය.. ඒවා එතකොට ගල් බනිස්ය..

      උඹ සඳ කිඳුරා නිසා කිඳූරු බනිස් දැක ඇතයි සිතනවාය... ... බනිස් පෙගුනාම දිය රහය... ඒත් පෙගුනු බනිස් පිම්බෙන්වායා... බලන්න ලස්සනය... බලන්න ලස්සනයි කියා බනිස් හැමදාම පොගවන්න ගියොත් බඩු බනිස්ය..

      Delete
  7. ඔය මොන බනිසත් උනත් හයි පයි කඩයකින් ගෙනාවොත් පැකිං වලට හෙන ගැහුවද කමක් නැත. කඩේ මෙන්ම බනිසද හයි පයි ය

    ReplyDelete
    Replies
    1. හයි පයි කඩේ බනිසුත් පයි හයිනං හයි පයි කම නිකම්ම බහිනවාය...

      Delete
  8. නියම කතාවක්ය. පොඩි මෑන් පොඩි වුනාට බනිස් කෑමට හෙන පුරුද්දක් තියෙනවා වගේය. වැඩිපුර බනිස් කෑම හොද නැත. බඩේ අමාරු හැදෙන්නට බැරි නැතිය.

    ReplyDelete
    Replies
    1. පොඩිමෑන්ගේ බනිස් කෑම් ගැන ලියන්න වෙම බ්ලොගයක් ඕනෑය... ලෝකල් මෙන්ම ඉන්පෝටඩ් බනිස් කතාද එමටය... ඒක නිසා වැඩේ අල්ලලා දානවාය... බනිස් කෑම ක්‍රමයෙන් පුරුද කල අයෙක්ට බඩේ අමාරු ඇදෙන්නේ නැත... මුල්ම බනිස් ගෙඩිය හිරවීමේ අවදානමක් තිබුබත් ප්ලේන්ටියක පොගවාගෙන කෑමෙන් අවදානමෙන් මිදිය හැක..

      Delete
  9. සොසේජස් මැදින් දැමූ බනිස්ද ඇත ඒවා සොසේජස් බනිස්ය

    ReplyDelete
    Replies
    1. එහෙම බනිස් ජාතියක් නැත්තේය.. තියෙන බනිසට සොසේජස් ඔබන්නේ අපේ උන්දලාය... සොසෙජත් එබුව පසු ඒවාට උණු බල්ලෝයැයි කියන්නේය... සෝස් සමග කෑ යුතුය.. නැතිනම් කට පිච්චෙනවාය..

      Delete
  10. ශෙක් මයි ඩර්ට් මයින්ඩ් මේ කියලා තියෙන්නේ බනිස් ගැන උනාට මට හිතුනෙම වෙන දෙයක්නේ...

    ReplyDelete
    Replies
    1. වල් කනියා.... උඹට මොනව ගැනද හිතුනෙ... ?

      Delete
  11. එළ ඈ..පරන බනිස් කාලා එපා වෙලා අප්පා...

    ReplyDelete
  12. පොඩි මෑන්ගේ පොස්ට් ඒකෙන් පස්සේ ..... බනිස් කෑමත් එපා වෙන සයිස් ය .... මොකද ඒකටත් ගොඩක් ගයිඩ්ලයින්ස් දීල වගේය

    කතාවේ ඇතුල් පැත්ත සීනි බනිසට වඩා රසය....

    ReplyDelete
  13. බනිස් නං ලොවෙත් නැත. ඒ ඒ බන්සිවලට ඒ ඒ කෙහෙල්ගෙඩිද තියනවා යැයි කතාවක් ඇත. කෙසේ වුවත් දිනපතා බනිස් කෑමේ ආසාවෙන් ගෙදර බේකරියක් දමාගන්නා හැම එකාම අමාරුවේ වැටෙනවාය. මෙව්වා තේරුම්ගැනීමට පොඩ්ඩා තව ටිකක් ලොකු වියයුතුය.

    ReplyDelete
  14. පොඩි මෑනුත් හොඳ බනිසක් කාල වගේය.

    ReplyDelete
  15. කොයි බනිසත් කරුවලේ එක වගේය

    ReplyDelete
  16. මමත් ආසම කෑමක්ය...ගේමට කා ෆස්ට් ප්ලේස්ද දිනා ඇත.
    උඩ පින්තූරෙ නං සුපිරිය!!!

    ReplyDelete
  17. කිඹුලා බනිසුත් රසය.. ඒවා දිගය..

    ReplyDelete
  18. පොඩි කාලෙ සිටම බනිස් කෑමට ලැදිය....දාල තියෙන පින්තූරයද මරුය.........

    ReplyDelete
  19. \\ගොඩක් දෙනා ආසා බනිස් තමන්ගේම කරගෙන කන්නය.// සම්පූර්ණ ඇත්ත

    මං නම් ආස පොඩි පොඩි බනිස් වලට ලොකු බනිස් කන්න ගියාම අපිට එපා වෙනවා බනිස්

    ReplyDelete
  20. මට නම් බනිස් විතරක් මදිය ...

    ReplyDelete
  21. හිකිස්! චමිත ග්‍රොසරියේ බනිස් තිබුනේ නැත්ද කොහෙදය... :)

    ReplyDelete
  22. මම නං කැමතිම කිරිං බනිස් කන්නටය. ඒ එකපාරට බනිස් දෙකක්ම කන්න ලැබෙන නිසාය. කිරං ටිකත් නිකම්ම ලැබෙනවාය . . . . .

    ReplyDelete
  23. Hi Dear, are you really visiting this site on a regular basis, if so afterward you will definitely get good experience.
    Also visit my webpage : latest transfer news football premier league

    ReplyDelete
  24. I am regular visitor, how are you everybody? This post posted at this
    web page is actually fastidious.
    Also visit my web blog - arsenal transfer news cavani

    ReplyDelete
  25. Definitely consider that which you stated.
    Your favourite justification seemed to be on the web the simplest thing to consider of.
    I say to you, I certainly get annoyed even as folks consider worries that they
    just do not realize about. You controlled to hit the
    nail upon the top and also defined out the whole thing with no need side-effects ,
    other folks could take a signal. Will probably be again to get more.
    Thanks
    Have a look at my blog post - manchester united transfer news january 2013

    ReplyDelete
  26. Does your website have a contact page? I'm having problems locating it but, I'd like
    to shoot you an email. I've got some ideas for your blog you might be interested in hearing. Either way, great website and I look forward to seeing it expand over time.
    my website: football transfer news 2011

    ReplyDelete
  27. Asking questions are in fact nice thing if you are
    not understanding anything completely, but this paragraph provides good understanding yet.
    Here is my webpage - pizza dress up games

    ReplyDelete
  28. බනිස් නම් බනිස් කිවුවලු....... ලොකු බනිස් වල රස දන්නෝ දනිති....

    ReplyDelete
  29. බනිස් නම් බනිස් කිවුවලු....... ලොකු බනිස් වල රස දන්නෝ දනිති....

    ReplyDelete