2012-04-01

සිහිනයක පා සටහන්..... ( හිතුවක්කාර හීන 3 )




ආයෙමත් මට  ඔයාව මුනගැහෙන්න   එන්න වෙන්නෙ නෑ...
අපි දෙන්න හමබවෙන අන්තිම දවස අද....
මම ගැන ආයෙමත් හොයන්නත් එපා...
ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි...

හරියටම අවුරුද්දකට කලින්.. අද වගේ දවසක ඔයා අර ඉර බැහැගෙන යන ඈත අහස දිහා බලාගෙන කිවුවා...

මම ඔයා දිහා බැලුවෙ එක පාරටම...

ඒත් ගොඩාක් වෙලා යනකං ඔයා ඉදියෙ දවසක්ම අපිට එලියදීල   ඒ එලිය මුලු ලෝකෙන්ම උදුරගෙන කලුවර විතරක් ඉතිරිකරල මුහුදෙ හැංගෙන්න හදන ඉර දිහා....

ඔයා දැන් මේ කියන්නෙත් ඔයා ඒ ඉර වගේ වෙන්න හදනව කියලද... ??

ඇත්තමයි සුද්දි...
ඒවෙලාවෙනං මගේ පපුව නැවතුනා...

රැල්ල ඇවිත් කොච්චරවත් කකුල් දෙක තෙමාගෙන ගියාට..
ඒ වෙලාවෙ මගේ පපුව පිච්චුනා...

ඔයා නැතුව මම ඉන්නෙ කොහොමද... ??
ඔයාව ලගින් තියාගෙන මවපු හීන හැබෑ වෙන්නෙ කොහොමද... ??
ඔයාව සුරංගනාවි කරපු අපේ සුරංගනා ලෝකෙ මම හදාගන්නෙ කොහොමද... ??
කොටින්ම මම ජීවත් වෙන්නෙ කොහොමද... ??

ඒ ඔක්කොම ප්‍රස්න මූනෙ තියාගෙන ඔයා දිහා බලාගෙන ඉන්න  මම දිහා ඔයා එක පාරටම බලල හිනා උනේ මහ හයියෙන්....

හූ ... හූ... රැවටුනා නේද මෝඩයා..... අද අප්‍රේල් පලවෙනිද බව මතක නැද්ද මගෙ මෝඩ පැටියෝ....

ඔයා එහෙම කිවුවෙ මගේ කනත් මිරිකලා මට දිව ඇදල ඇදත් කරලයි...

වෙනද ඔයාගෙ ඒ දගකාරකම් වලට මම පැලෙන්න ආදරේ කරත් ඒ වෙලේනං මගේ හිතට ආවෙ දුකක් විතරයි සුද්දි...

ඔවු.. මාරම මාර දුකක්... විහිලුවටවත් ඔයාට එහෙම කියන්න පුලුවන් වෙයි කියල මම හිතුවෙ නෑ...

ඔයාට ඒක තේරුනා නිසා වෙන්න ඇති බිම බලාගෙන ඉදපු මගේ මූන ඔයා ඔයාගෙ පැත්තට හරවගත්තෙ...

"තරහද.. ??"

ඔයා ඇහුවෙ ඔයා තරහ උනාට  මම ඔයත් එක්ක කවදාවත් විහිලුවටවත් තරහ වෙන්නෙ නැති බව දැනගෙන....

" විහිලුවටවත් ඔයා ඒ වගේ කතා කියනවට මම කැමති නෑ සුද්දි..... "

මම කිවුවෙ ඔයාගෙ මූන දිහා බලාගෙන...    තොල් දෙක තදකරගෙන මගේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු ඔයා මගේ නෙලලෙ මූන හංග ගත්ත අද වගේ මතකයි...

" සොරි.... මම හිතුවෙ නෑ ඔයට දුක හිතෙයි කියල...  මම විහිලුවටනෙ කිවුවෙ...  "

ඔයා කිවුවෙ මගේ ඉන බදාගෙන මූන මගේ බෙල්ලෙ හංගගෙනමයි...

මට දුක හිතුනට ඔයාටත් දුක හිතුන කියල මට දැනුන නිසාමයි රත්තරං පාට ඉර එලිය වැටිල රත්තරං පාටම දිස්නෙගහන ඔයාගෙ ඔලුව අතගාල " හරි හරි දැන් එක ඉවරයිනෙ " කියල මම කිවුවෙ...

"ඔයා වෙලාවකට හරි බොලදයි..."

ඔයා ආයෙමත් කිවුව්වා...

"ඔවු මම බොලදයි තමයි... අදරේ කරද්දි මම බොලද වෙන්න ආසයි...මහා පන්ඩිතයෙක් වගේ පුලුවන්ද ආදරේ කරන්න..."

ඔයා මගේ දිහා බලාගෙන හිටියා...

" ඇයි බොලද වෙන්න ආස.... "

හැමාදාම මම දෙයක් කිවුවාම ඔයාට දාහක් ප්‍රස්න....

එතකොටනෙ අපිට මේ ආදරේ ලස්සන බලන්න පුලුවන්.... ආදරේ විඳින්න පුලුවන්... .. අපිට හීන දකින්න පුලුවන් වෙන්නෙ...

" හීන.... "

ඔවු හීන තමයි.... 

ආදරේ හින්ද තමයි දවාලටත් හීන බලන්න පුලුවන්...

අර බැහැල යන ඉර එලියෙන් දිස්නෙ ගහන මුහුදෙන් පටි දෙකක් ඉරල අරගෙන ඔයාගෙ කොන්ඩෙ ගැටගහන තරමට...  යන්තමට පායගෙන අර තරු කඩාගෙන ඇවිත් ඔයාගෙ නලලෙ පොට්ටුවක් තියන තරමට... තැඹිලිපාට වලාකුලු චූටි කෑලි කෑලි වලට කපල ප්ලේන්ටියකට දාල දියකරගෙන ඔයත් එක්ක තුරුල්වෙලා බොන තරමට හීන දකින්න පුලුවන් එහෙම   බොලඳ විදියට ආදරේ  උනාමයි....

එතන නෙවෙයිද ආදරේ ලස්සන තියෙන්නෙ... ??

ඔයා ඇස් දෙක ලොකු කරගෙන හිටිය විතරයි මට උත්තරයක් දුන්නෙ නෑ...

පන්ඩිතය... මටනං එහෙම හීන පේන්නෙ නෑ...  ඔයා මගෙ නහය මිරිකල  ආයෙමත් මට තුරුල් වුනා


 ඊට පස්සෙ අපි දෙන්න වැල්ලෙ ඒ විදියට තුරුල් වෙලා කොච්චරනං වෙලා හිටියද....

ඔයාගෙ ඔය මූන.. ඇස් ... තොල්.. මම කීසැරයක්නං ඉඹින්න ඇද්ද...


ඒත් අවුරුද්දක් ගෙවිල යද්දි ඔයා එදා විහිලුවට මාව මෝඩය කරන්න කියපු කතාව ඇත්ත වෙලා....

මගේ බොලද ආදරේ දාල මහා බැරෑරුම් ආදරයක් හොයාගෙන ඔයා යන්න ගිහින් සුද්දි....

ඒත් ඔයා දන්නවද....

 ඔයා එදා මාව දාල යනව කිවුවාම මගේ හිතට ආපු අර ප්‍රස්න ගොඩ....

ඔයා නැතුව මම ඉන්නෙ කොහොමද... ??
ඔයාව ලගින් තියාගෙන මවපු හීන හැබෑ වෙන්නෙ කොහොමද... ??
ඔයාව සුරංගනාවි කරපු අපේ සුරංගනා ලෝකෙ මම හදාගන්නෙ කොහොමද... ??
කොටින්ම මම ජීවත් වෙන්නෙ කොහොමද... ??

ඒ හැම ප්‍රස්නෙකටම මම උත්තර හොයගත්ත සුද්දි....

උත්තරේ තමයි ඔයා බොලදයි කියපු ඒ ආදරේ.... 

ඔයා මගේ ගාව නැති උනත් ඔයාට තිබුන ඒ ආදරේ ... ඒ ආදරේ ගැන දැකපු හීන එහෙම්මමයි...

පන්ඩිතයෙක් වගේ ආදරේ කරානං ඒ හීනවල අයිතිකාරි හොය හොය මාව පිස්සු වැටේවි....

ඒත් මගේ බොලද කමට වෙන්න ඇති.... ඒ හීන ඇතුලෙ ජීවත්වෙන විදියක් මම හොයාගත්ත සුද්දි...

ඔයා නැති උනාට  මම ඉන්නෙ...
ඔයා නැති උනාට මගේ හීන හැබෑවෙන්නෙ
ඔයා නැතුව මගේ සුරංගනාලෝකෙ හදන්නෙ..
කොටිනම ඔයා නැතුව මම ජීවත්වෙන්නෙ

ඒ බොලද කමට මම බලපු  හීන වල.....

ඒ බොලද කමට හීන බලන මාව දාල ගියාට...
ඒ බොලද කමට හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවසක ඔයා මාව මෝඩය කරාට..

ඇත්තටම මෝඩය උනේ කවුද සුද්දි... ??




                                                      ෴෴෴


කලින් ලියපු හිතුවක් කාර හීන

සුද්දි

හීන කුමාරි




25 comments:

  1. අද තමයි කෙල්ලෙක් ගෙන් යාළුවෙන්න අහන්න තියන හොදම දවස

    ReplyDelete
  2. සමාන අත්දැකීමක් ඇත.

    ReplyDelete
    Replies
    1. පොදු අත්දැකීම් ගැන හිතල තමයි ලියවුනේ... :)

      Delete
  3. අප්පේ දවසෙ වැරැද්ද !

    ReplyDelete
    Replies
    1. ඕක දවසෙ වැරැද්ද නැව්යි බං අපේ වැරැද්ද කියලයි මට හිතෙන්නෙ...

      Delete
  4. මගේ බොලද ආදරේ දාල මහා බැරෑරුම් ආදරයක් හොයාගෙන ඔයා යන්න ගිහින් . . . (වැදුනා. .)

    ReplyDelete
    Replies
    1. අයි නෝ ද මොනරතැන්න පුතා...

      Delete
  5. අරමක්කයි මලේ උනේ ?

    ReplyDelete
    Replies
    1. මක්කවත් උනේ නෑ බං අයියන්ඩි...

      Delete
  6. hmmm "ඔවු මම බොලදයි තමයි... අදරේ කරද්දි මම බොලද වෙන්න ආසයි...මහා පන්ඩිතයෙක් වගේ පුලුවන්ද ආදරේ කරන්න..."

    ReplyDelete
  7. ඇත්තටම ලස්සනයි ආදරේ කරද්දී බොළඳ වෙන්න ඕනි මගේ කතාවේ අනිත් පැත්තද මන්ද

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උඹ පන්ඩිතද ?:P

      Delete
  8. මොකද බොලේ මේ...

    ReplyDelete
  9. //අදරේ කරද්දි මම බොලද වෙන්න ආසයි...මහා පන්ඩිතයෙක් වගේ පුලුවන්ද ආදරේ කරන්න..."//

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... පොඩි මෑන්ටත් හිතෙන එව්වා.. මරු!!

    ReplyDelete
    Replies
    1. අපිට හිතෙන්නෙ මරු ඒව තමයි :D

      Delete
  10. හප්පා එළ ඈ..මුලින් හිතුනෙ වෙන බ්ලොග් එකකට ඇවිල්ලද කියලා..වෙනස් වෙලානේ....

    ReplyDelete
    Replies
    1. වෙන්සට තමයි මම හැමදාම කැමති ...

      Delete
  11. හත්වලාමයි!!!
    ඒක නෙමේ...බ්ලොග් ටයිටලේ රූපෙ නං පංකාදුයි ඈ..

    ReplyDelete
    Replies
    1. ඒක හදල දුන්නෙ මගේ රසිකයෙක් වෙච්ච මගේ මලයා... ඌට ඉතිං පිං :D

      Delete
  12. Podi man-Ai BN Uba Maga digata kathawa liyanne naththe?? Eke part 20 ko????? Maru storiya BN...mn patta asai..

    ReplyDelete