
ඇයගේ මොලකැටි සිනිඳු උණුසුම් සුසුම් වල අතර මැදට තමත් ඉඳ හිට වැටෙන ඉකියට ඔහුගේ වම් ඇලපතට තද වුණ ඇයගේ නිරුවත් පියයුරුවල ගැස්සිල්ලක් තවමත් ඔහුට දැනෙයි... සීතල දුරුත්තේ හිරිගඩු නංවන හීතල කපාගෙන ආ තරු එළිය හොටෙල් කාමරේ කැඩුණ වීදුරුව අතරින් පොරෝනයෙන් පමණක් වැසුණු ඇගේ නව යොවුන් වතේ දහසකුත් කෝමල රේඛා කෑදරකමින් අවුස්සා බලනු අදුරට හුරු වුණු ඔහුගේ දෑස් දුටුවේ නැත.
ඉකියේ ගැස්සිල්ලට දෙනෙත් මත ඇදි ,හදවතේ අදුරු පාතාලයක සිටියාවත්දැයි නොදැන සැගවී සිට මොහොතකට කලින් ඇගේ කොපුල් දිගේ රූටා ඇදහැලුණු පුංචි කදුළු පාරවල් දෙක තුනකට බයේ අන්ධකාරයේ මුල්ලක නොපෙනුණු ද්වාරයක් කං අඩි පලාගෙන යන තරම් හඩින් බිඳ දමා පැන ගිය ඒ නූගත් භයංකාර ගුප්ත වනචාරී මුග්ධයාගේ අඳුරු සෙවනැලි වලින් මිදී ඇගේ කොමල රේඛා වලට දඩ බල්ලන් සේ පොර කෑ තරු එළි මැද මුව පැටියෙකු සේ කොපුල් මත වේලී ගිය කඳූළු පාරවල් ඉව ඇල්ලූ මලානික තරු කිරණයක දිස්නයක් මත සටහන් විය...
ඔහු තවත් වරක් ඇගේ හිස සිම්බේය.... බොහෝ වේලා නොලද තෙතමනෙන් වේලී සීතලට රැළි ගැසුණු ඔහුගේ වියළි දෙතොල්වල පහස දැනීදෝ ඇය ඔහුගේ බෙල්ල වටා බැදි බාහු යුග්මයේ බැමි තදකරගති....
දෙවසරක් පණ දෙවනිකොට ජීවන හුස්ම පිඹ රැකි ප්‍රේමයේ තම සතු සියලුම වත්කම් වන්නා වූ ඇය නැමති පුෂ්පය විවාහය නැමති මොට මන්න පිහියකින් වෘක්ෂය හා පුෂ්පය අතර ඇති තුබූ සියලු බන්ධනයන් ඡේදනය කොට තමා සන්තක සියලු පයුරු පාසානම් අඩුක්කොට තැබූ පෙට්ටගමට රැගෙන යන ගමනේ අතර මග සංධිස්ථානයක හමු වූ පාළු මූසල හොටෙල් කොරිඩෝරය දිගේ "ටකොස්" "ටකොස්" බර අඩි තියමින් එද්දී නැගුණු හඩේ දෝංකාරයවත් ඔහුට මතක ඇද්දැයි සැක සිතේ....
ඒ වෙනුවට යථොක්ත මුග්ධයා බිඳලූ ද්වාරයේ ශබ්දයෙන් බිඳී ගියාවූ කං අඩි තුළ "හෝ" "හෝ" හඩනම් තවම ඇසෙනව බවනම් ප්රක්ත්යක්ෂය....
ඔහු ඇයට පෙම් කළේය .... අසීමාන්තිකව පෙම් කරේය... එහි කිසිම ඇඳක් පලුද්දක් වූවානම් දෙවියන් වහන්සේ මනුසතා ලෝකයට මැවීමේදීම මැවුවා වූ සියලු මනුෂ්‍යය සත්වයාටම පොදු ධර්මතාවයක් වූ මානුෂීයත්වයම පමණක් විය... ඇයද එසේමය... ඇය ගේ ආලය දෙවැනි වූවානම් ඒ විටක ඔහුගේ ආලයට පමණක්ම විය....
ඒත් ඒ ඔහුගේ හෘදය පුරවා තැබූ ආලය මුග්ධයාගේ නික්ම යෑමත් සමහ හටගත් ද්වාරයෙන් ඉවතට ගලයිදෝ ඔහුටම සැක සිතෙන්නට විය....
ඒ ක්ෂණයේදී ඔහුගේ දෑසේ මැවුණු හිත තුළ හටගත්තා වූ විචිකිච්ඡා චිත්ත මූලයක සේයා වහා හැදිනගත් ඇගේ දෑස කෙවිනි කඩා දෝරෙ ගලනා කදුළු වලින් සරණ බන්ධනයට එක මොහොතකට අභියෝග කළා වූ තවමත් හිස් මංගල පිරුවටය ප්‍රථම වරට තෙමා දැම්මාය... දශක දෙකක්වත් නැති තම ජීවිතයේ අතීතාවර්ජනය ඔහුගෙන් නොසැග වූවද , සැගවීමට බලාපොරොත්තු නොවූ එකම එක අදුරු මතකයක් දෝත දැරූ සංස්කෘතික පට සේල වෙලාගත් ස්ත්‍රීත්වය ඔහුගේ හසළ ප්‍රේමය හමුවේ ගොලුවිය.... එහි විපාක ඇයට ලැබෙනා බව දැන දැනත්.., ඔවුන් කාමරයට පියමනිද්දී නැගුණු පා හඬ යටපත් කල සිනාහඩවල් වල එක හඩක යටින් ගැබ්ව තිබුබා වූ අනිශ්චිත බිය හැදිනගත් හොටෙල් කොරිඩෝ බිත්ති එවෙලේ මෙන්ම මෙවෙලේද නිහඩ බව නොවෙනස්ව රැක්කාය....
නැතැයි කී මුග්ධයා ඇතැයි ඇයට සැක සිතී තිබිණි.... ඒ මුග්ධයා ඔහුද හැදින්නේ මංගල යහනට සුදුකොඩි එසවුන විටය... අදුරු පාතාලයක සැගවීසිට එකවරම විරාජමාන වූ මුග්ධයා විසින් රෝපණය කල එක ශනිකයේදී පැන නැග්ගාවූ යථොක්ත චිත්තක් වීථියේ ඡායාවට බිය වී ගැලූ ඇගේ කදුළු වලටම බය වූ මුග්ධයා දැන් පැන ගොස් අවසන්ය... ඒත් එයින් හද දොරගුළු බිඳ ලූ ශබ්දයෙන් සුණු විසුණුවී ගිය කං අඩිවල දෝංකාරය හැමදාට ඔහුට ඇසෙනු ඇත...
සඳ
නුඹ
නාවාට
කම්
නැත
තරු එලිය
මට
හුඟක් ඇත.. ....
___________෴ නිමි නැත ෴_____________
ගාලු ගෙට්ටුව ගැන දන්නවනෙ.... මෙතනින් දැනගන්න පුලුවන්

වෙලාව 11 විතර ඇතිය... .. පට්ට හීතලය.. කොරන්නට වැඩක් නැතිය... කකුලද කැඩිලාය... උඩ තියාගෙන ඉදලා ඇතිවෙලාය... තට්ටන් දෙකද රිදෙනවාය... අමාරුවෙන් කකුල පහලට අරගෙන හිටගත්තායා... කලිසම ඇතුලට අත් දෙකම දමාගෙන තට්ටන් දෙක අතගෑවාය... අම්මා.. මාර සනීපය...එකවරම අම්මා කාමරයට ආවායා...
අත් දෙකෙන්ම පුක කසනවා දැක පනු අමාරුවදැයි ඇසුවාය... මම නැහැයි කීවායා... අම්මගේ බැල්මට් එකේ විස්වාසකරන ලකුනු පෙනෙන්නට තිබුනේ නැතිය...
ආයෙත් පුටුවේ වාඩි උනාය... තට්ටම අතගෑ ඩිංගට නොටිපිකේශන් හතය... එක එකාලා ගූගල් කාරයාට කියා හොරෙන් ගත් අනුන්ගේ තවත් හැපි නිවු ඉයර් පොටෝ හතක මාව එල්ලලාය... අවුරුද්ද සුභ වෙනවා කෙසේ වෙතත් නොටිපිකේශන් බලලාම ඇස් දෙකම ටීක් වෙලාය.... නත්තල් ගස් වලින් බැස්සා විතරය... දැන් ආයෙත් මුන් 12 හේ එල්ලලාය... මම නොටිපිකේසන් ඩිසේබල් කොර දැමුවාය...
අවුරුද්දේ අන්තිම දවස නිසා අම්ම ස්පෙසොල් හදලාය... කකුල කැඩිලා නිසා මේ ටිකේම මොන පෙසෙල් එක තිබ්බත් බුරිය උල් වෙන්න කා බඩ තැලෙනවාට උඩුපැල්ලියං අතට නිදාගත්තාය... අදත් උගුර ලගටම එන්න ගිල්ලාය... ටිකකින් දෙවනි සැරේටත් උගුරට ආවායා... ඒ පාරනම් හරියට විකුනේ නැති මස් කෑල්ලක් ආයෙමත් කටට ආවාය... අපේ තාටත්තා දුක් මහන්සියෙන් හම්බු කරපු සල්ලි නිසා විසිකරන එක අපරාදේය.. ඒකත් ආයෙත් හොදට විකා ගිල දැම්මාය....
දවල් සොට් එකත් බඩේ නිසා වැසිකිලි බරක් සෙට් වේගෙන ආවේ දැනට පැයක වෙලේ සිටය.. ඒත් මේ ඉලවු හීතල නිසා හෝදන එක මතක් වී ඇග කිලි පොලා යනවාය... ඒත් දැන්නම් ඉහෙන් කනින් දාඩිය දාගෙන ඇවිත් රෙඩ් ලයිට්ද වැටුනේය.... හීතල ඉවසන්නටම බැරිය.... බරත් එසේමය... ඉවසන්නටම බැරිය...
තාත්තා අද තර්ටි පස්ට් තනියම සමරන්නේය ... අපේ තාත්තාද පුල් ආතල් බුවෙක්ය... මම ඒ ආතල් බුවාගේ බුවා පැටියාය... හෙමින් සීරුවේ ඒ පැත්තට ලිස්සා ෂොට් එකක් නවාගත්තාය... ඕකේ මදිපාඩු තාත්තට දැන් ලොවෙත් පේන්නෙ නැතිය... තිබුන ගාන තාත්තට තියා සොට් එක දැම්මට පසු මටද මතක නැතිය...
තාත්තට ඕක මතකනම් මේ තර්ටිපස්ට් තර්ටිපස්ට් කියා ජෝගි නටන හැම උන්දලාම ඒ සල්ලි වලින් මැරිච්ච රනවිරුවන්ගේ පවුල් වල අවුරුදු නැති උන්ට මොනවා හරි අරන් දෙන්න මතක් වෙනවා ඇතිය....
ඒවා උන්ට මතක නැතිය... නිදහ්ස නිවහල් රටක් වෙනුවෙන් දිවිපිදූ උන් ලොවෙත් නැතිය... අපේ උන්දලාට තර්ටිපස්ට් අවුලක් නැතුව සමරන්න දැන් පුලුවන්ය...
සොට් එක විතරක් මදිය ... මම ආයෙත් අපේ තාත්තා චැනල් කර බැලුවෙය.... තාත්ත පෝන් එකෙන් බර කයියකය... තාපොඩ්ඩක් හයියෙන් කතාකරානම් කෝල් එක ගන්නට ඕනෑ නැතිය.... කවුදෝ රට ඉදන් ආව බුවෙක් තෑගිදුන් පොරීන් සිගැරැට් පැකැට් එකෙන් එකක් උස්සාගත් මම හිමීට බාත් රූම් ප්‍රාන්තය කරා ලිස්සුවාය....
කොමොඩ් එකේ වාඩිවී අවුට් පුට් එකේ වෑල් එක ඇරියෙමිය... පරාක්‍රම සමුද්‍රයේ මඩ සොරොවුව ඇරියා වගේ ප්‍රතිචාරයත් බලාපොරොත්තු උනත් තාම පස්චාත් බාගය යට ප්‍රදේශය මරණීය නිහැඩියාවක වෙලිලාය....
මම ඔලුව නමා බැලුවාය.... ම්ම්ම්හුක්... තාම නැතිය... මට තියෙන හදිස්සිය තාම ගොලුවටා නැතිය ... බලං ඉන්නට සිදුවෙනවාය...
ටික වෙලවකින් වැඩේ සෙටමෝල් වෙනව වගේ දැනෙන්කොටම දුම දාන්නට ගින්දර නැති බව මතක් උනාය...
තව පොඩ්ඩෙන් ගූ ගොඩේ ගල් බනිස්ය... ටවල් එක පටලාගෙන ආයෙත් කුස්සියට වැදී ගිනිපෙට්ටිය ඩැහැගෙන ආවාය....
ඔන්න දැන් වැඩේ නැගලා යනවාය.... නැගලා යනවා කිවුවාට බොහොම හෙමෙන්ය.... හීතලට අන්ලෝඩ් පැකේජ් එකේ අයද පස්ස ගහනවාය... ඒත් ඉතිං මගෙන් ඒවාට අවසර නැතිය...
එකපාරම චට බට චුස් බුස් ගගා තිබුන සතින්නා ටික ඩෝන් පටෝරිංං ගා පුපුරන්නට පටන් ගත්තාය... ජොසපින් අක්කට ජැස්මින් පවුඩර්ය....
වැසිකිලියේ අමු නිර්වස්තරෙන් බොගවල උඩම මට අවුරුද්ද ලබලාය.....
ඒ මදිවට ඩෝප් එක දා සිගරැට් එකත් අතේය... ඉතිං අවුරුද්ද පට්ට පජාතය....
ඒත් එක අතකට මගේ වැඩි වෙනසක් නැත්තේය... ණයට ගෙන හෝ ඩෝප් එක දමා ජොලි කරනා උන් එකසිය ගානට ඉන්නවාය... උනුත් බොගවල යට තියෙද්දී ඒ උඩින් සොමිය දමනවාය..හරියට මම වගේමය... ඒ බොගවල උඩම අවුරුදු ලබනවාය... ඇඳුම් ඇඳගෙනත් පුල් නිරුවස්තරයෙන්ය ... ඉතිං මගේ වැඩි අවුලක් නැත්තේය...
මම මටම සුභ අවුරුද්දක් පතා අවුරුද්දක් තිස්සේ දැමූ බොගක් සෝදා හැරියාය.... සික පූතල වී යද්දී මට සිතුනේ මම බොග හේදුවාට අනිත් උන් තාමත් බොග වල උඩම නේදැයි කියාය.....
____________________________________________________
බ්ලොග් ලියන කියන උන්දලාගේ ගෙට්ටුව ගැන මෙතනින් බලන්න...
පොඩිමෑන් ලියූ ගෙට්ටුවේ අප්සට් තීම් සෝන් එක මෙතනින් බලන්න...