2011-06-01

තින්තතෙතයියා දැකල තියෙනවද ... ???

             

                                               
                                 කස්ටියම සත්තු වත්ත ගාවින් බහිනකොට උදේ දහයට විතර ඇති... සතියෙ දවසක් උනත් පෝලිමත් ටිකක් තියෙනවා.. මුන්ටිකනම් පෝලිමේදිම අතින් අල්ලන හිකි හිකිය.. ඇතුලය ගියාම ඉතිං කුරුලු තොරන් තමයි අපිට බලන්න වෙන්නෙ.. ඔන්න වෙන ඔයවගේ සීන් එකක් යනවනම් රබර් ඇහැ දාලවත් බලතෑකි.. ඒත් මේව බලන්නවත් කියලද ?? කොච්චර උනත් එකටම ඉන්න සෙට් එකේ උන් ටිකයි උන්ගෙ පාටි ටිකයිනෙ..  අපි තුන් දෙනාට පාන් වාටි තමයි.....
                            
                            කස්ටියම කෙල්ලො ටිකත් එක්ක වන්ඩේ ට්‍රිප් එකක් දාගන්න කතා උනේ A/L කරන්න මාසෙකට කලින් ඉදලා... ඒත් ඕක ක්‍රියාවට නංවන්න උනේ රිසල්ට් ඇවිල්ලත් මාස 4කට විතර පස්සෙ...
                            
                           හුම්මානෙ අරමානෙ මේමානෙ කන්දෙ විහාරෙ ඔය ඔක්කොම යෝජනා ආවත් මොන්ඩිසෝරියෙනුත් ට්‍රිප් එකට ගිහින් බලල තියෙන සත්තු වත්ත බලන්නමයි කට්ටියට එන්න ඕනෙ උනේ... ඔවු ඉතිං කල්පනා කරල බලද්දි ඒකෙත් වැරද්දක් නෑ.. ඔය කොයි විහාරෙත් වැදගන්න පුලුවන් තැනක් තමයි සත්තු වත්ත කියන්නෙත් ඒ ගැන ඉතිං මොකට කතාකරනවද..
                          
                          කපල් 5ක් මේ ගමනට එන්න සෙට් උනත් ආවෙ කපල් 4යි දානෙගෙවල් මලගෙවල් විකුනල ආව ස්ත්‍රී පරාණවල වල්ග තුනකුත් එනව කියල ආරංචිය ආව නිසාම.. ඩබල්වීමේ බලාපොරොත්තුව ඇතිව අපි සිංගල් තුනකුත් ගමනට සෙට් උනා... ඒත් ඩබල් වෙන්න මවපු හීන ඔක්කොටම shift + Delete වැදුනෙ ආව වල්ග ටික දැක්ක ගමන්මයි.. නොදෝමකින්....දෙකක් තෙමිච්ච අටපට්ටම් වගේ...  එකක්නම් ටිකක් විතර ශේප්... ඒත් දැන් තුන්දෙනාම ඕකට එන්ටර් උනාම ඔතන පිහි ඇනිලි ඩප්පි ගැසිලි ගෙල සිරකර මැරිලි... තනිකර 007 ගෙ ෆිල්ම් එකක් වගේ වෙනවා ලෙසටම ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ...
                          
                          ඔන්න නමෝවිත්තියෙන් ගමන ආරම්භ කරා කියමුකො.. ගමන ආව අනිත් සිංගල් පරානියො දෙන්න ගාල්ලෙන් කෝච්චියේ නැග්ග වෙලාවෙ ඉදලම අනෙකා පරයා නැගෙන ඩබල් වීමේ මහා අමානුෂීය මෙහෙහෙයුමේ යෙදෙන්න ගත්තතා... එයින් මෙයින් උනේ,අර තෙමිච්ච අටපට්ටන් දෙකම මගේ පැත්තට කැරකෙන් කූඩුදෙකක් වෙන එකයි.... හුම්ම්.... ඔවු ඉතිං කපල්ස් විතරක්  යන ට්‍රිප් එකකට යාලුවත් එක්කනෙ එන්නෙ කියල බයිල දාල මුනුත් හොට දාල තියෙන්නෙ අහවල් එකකටයැ... අර දඹදිව යන්න බැරිව අපේ ආච්චිත් ෆොටෝ එකක් තියන් වදින්නෙ.එහෙම හරි වැන්දාම හිතට සැනසීමයි කියන්නෙ....

                      ඔයින් මෙයින් එකසිය ගානට කරකැවෙන කැරකෙනෙ කූඩු දෙකේ පිහිටෙන් මාත් පාලුව කාන්සිය මකාගෙන දෙහිවලට එනකම් ඇවිත් සත්තු වත්ත ගාවටත් ආවා.. පැය දෙකහමාරක  ඇවෑමෙන් අපේ එක සිංගල් ප්‍රානියෙක්ට විරුද්ද පාර්ශවයෙන් වැඩිපුර ලකුණුලු  

                           ආවෙ කපල් 4 උනාට 5ක් යන පෙරලකුණු දැන්මම පහල වෙලා.. මොනව උනත් එකට ඉන්න එකා නේද කියල අනිත් එකත් කැරකෙන් කූඩුවලට විරිදු කියන්න මාත් එක්ක සෙට් උනා.. හොද වෙලාවට..

                         ඔන්න සත්තු වත්තට ඇතුල් වෙලා මින් මැදුර එහෙම බලල ඉවර වෙනකොට අර කපල් ආපු අයනම් හොයාගන්න ඉදියෙ නෑ.. අනේ අපිට මොකො.. අපි හොයන්න ගියෙත් නෑ.. ඇත්තටම ආවෙ සත්තුවත්ත බලන්න නෙවෙයිනෙ..ඒත් අපිට කරන්න වෙන වැඩකුත් නැති නිසා ඔන්න අපි සත්තු වත්ත බලාගෙන යනව බෝඩ් පිලිවෙලට...අපි කිවුවෙ... මම, මානුශික මෙහෙයුමෙන් පැරදුන සිංගල් ප්‍රානියා කැරකෙන කූඩු දෙක, වගේම අලුත් සෙට් වේගෙන යන කපල් එක.. අනිත් අය මිසින් උනාට මෙයාලට තාම නාමයෝජනා අනුමත් වෙලා නැති නිසා ඒ කෙරුවාව කරන්න බෑ වගේ ... හැබැයි නිතරම අපි හතර දෙනාගෙ පස්සෙන්මයි ආවෙ...
                      
                       දැන්නම් අඩුදෙක කකියනව ලෙසටම.. සියලු දෙනාගෙ එකගත්වය මත අපි වාඩි උනා එතන තියෙන සිමෙන්ති බැම්මක.. ඒ හරියෙ ගොඩක්ම වගේ තිබුනෙ සත්තු දාල නැති අලුත් කූඩු... තුරුලුවෙන්න ගිය කට්ටිය නැතුව අපි ඒ වෙනකොට කුරුලු උයනයි බල බල ඉදියෙ... මතක හැටියට..

                      ඔන්න කට්ටියම කයියක් දාගෙන ඉන්නවා.. කස්ටියම කිවුවෙ ඩබල් වේගෙන එන දෙන්නයි.. කැරකෙන කූඩු දෙකයි... අපි දෙන්නට ගමන දැන් එකසිය ගානට බෝරින් මොනව කරන්නද මෝඩ කන් වල මහත..  අනිත් අයටනම් ආයෙ හෝදන්න දෙයක් නෑ.....
කස්ටිය බරටම කයිය...

"මේ හරියෙ කූඩු ගොඩක් අලුතෙන් හදාගෙන යනව නේද  අනේ?? ලගදිම තව සත්තු ටිකක් දාවි ගෙනත්.."
"ඔවු... කලින් අවුරුදු දෙකට විතර කලින් එනකොට මෙච්චර ඉදියෙත් නෑ දැන් අලුතෙන් හදල.."
"ඒකනෙ ජීවිතේටට අහල නැති සත්තු ජාති ඉන්නවනෙ අනේ.. බලන්න කුරුල්ලො කොච්චර ඉන්නවද අපි අහලවත් නැති"
"ඒකනෙ අන්න අතන කූඩුවෙත් අලුත් සතෙක් ඉදියා නම ගහල තිබුනට දැක්කෙනම් නෑ"
"මොකාද?"
"තින්තතෙතයියා... ඔයා අහල තියෙනවද ඒහෙම කුරුල්ලෙක්.."
ඈ... තින්තතෙතයියා.. ඒ මොකාද ඒ... අපෙත් කන් ඉස්සුනා ඒ කතාවට..
"කොහෙද බං එහෙම එකෙක් ඉන්නෙ ??"
"අන්න අර කූඩුවෙ නම දැක්කට මමත් දැක්කෙ නෑ කූඩුවනම් ලොකුයි පත සයිස් කුරුල්ලෙක් වෙන්න ඇති.."

                        එහෙම කියාගෙන පොරම ඇවිදගෙන ගියා කූඩුව ලගට ගිහිල්ල කූඩුවෙ දැලෙත් එල්ලීගෙන තින්තතෙතයිය හොයනවා... යකෝ මේ අමුතු කුරුල්ල බලන්න අපිත් සෙට් උනා කූඩුව වටේට.. අපේ සෙට් එකම එබිල බලනව දැකපු සත්තුවත්ත බලන්න ආව වෙන සෙට් එකකුත් එතනට පිරුනා තින්තතෙතයියා බලන්න .. මොකද ඒ හරියෙ සත්තු ඉන්න කූඩු තිබුනෙ ටිකයි අනිත්ව හදාගෙන එන ඒව මිනිස්සුත් හිතන්න ඇති මෙතන අරුම පුදුම සතෙන් ඉන්නෙ කියලා..
මාත් ඇහැ කරකවල බැලුවා ම්හුග්.... පේන්න තින්නතෙතයියෙක් නැති නිසා නිකමට වගේ බෝඩ් එක බැලුවා... කෝ බෝඩ් එකක්.. බෝඩ් එකක් තියෙනව කාඩ්බෝඩ් එකක ලියල පැත්ත්කක ගහල... බෝඩ් එක දැක්කාමයි මට ඉන්න තැන අමතක උනේ..

               
                   " තීන්ත තෙතයි"
                      අලුත් කූඩුවේ දැලේ තීන්ත ගාල... තීන්ත තෙතයි කියලනෙ යකෝ මේ ගහල තියෙන්නෙ..... බෝඩ් එක ලියල තියෙන්නෙත් අපේ එකාටත් වඩා ගොනෙක්...

                      මේ ගොන් අලියත් ප්‍රේමයෙන් මනරණ්ජිත වෙලා නන්දිත වෙලා ඔක්කොම වෙලා තීන්ත තෙතයි කියල ගහල තියෙන බෝඩ් එක කියවල තියෙන්නෙ තින්තතෙතයිය කියලයි... මට තැන නොතැන අමතක වෙලා බක බක ගාල හිනා යද්දි මාත් එක්ක ඉදපු අනිත් එකත් බෝඩ් එක දැක්ක පොරටත් එකසියගානට හිනා... ඔන්න මුගෙ ලවු සික් එකේ තරම.... ඒ මදිවට දැලේ එල්ලිලා අත් දෙකේමත් කොලපාට තීන්ත.. වැඩේ මීටර් උනාට පස්සෙ එතන ඉදපු අපේ සෙට් එක විතරක් නෙවෙයි අනිත් හැම කෙනාම බඩවල් අල්ලගෙන හිනා උනා..
                         ආයෙ හෝදන්න දෙයක් නෑනෙ... එදා ඉදන් ඌ තින්තතෙතයියම තමයි..

                         තින්තතෙතයිය උනාට මොකද තාමත් ඔය ඉන්නෙ එදා ඩබල් උන ගමන්නම...
කෙල්ල ඌට කතාකරන්නෙත් මගෙ තෙතයිතෝ කියලද දන්නෙ නෑ.. මොකද මාර ස්වීට් මතකයක්නෙ... ඌට නම වැටුනෙයි දෙන්න සෙට් උනෙයි එකම දවසෙ...





                                                     

19 comments:

  1. හොඳ රචනා ශෛලියක්!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි කතන්දර

    ReplyDelete
  3. තීන්තතෙතයිය කියන්නෙ කොල පාට සතෙක්ද එතකොට?.. :)

    ReplyDelete
  4. එල සිරාම රචනාවක් !!!! keep it up machn!

    ReplyDelete
  5. @ සාතන් : තින්තතෙතයිය උනේ කොලපාට ගානෙන උනාට හම කලු හිත සුදු සතෙක් ඌ..ඒකමයි නම්ගම් නැතුව ලිවුවෙ

    @ හසිත : තෑන්ක්ස් මචං..

    ReplyDelete
  6. එළ එළ... දිගටම කරගෙන යමු...

    ReplyDelete
  7. නියම රචනාව... හොඳට ලියලා තියෙනවා... තව ඔය වගේ කථා ඇති නේ අපිට ඉස්සරහට අහන්න...

    දිගටම ලියපන් මලේ... ජයවේවා...!!!

    ReplyDelete
  8. @ ශ්‍රී :- තෑන්ක්ස් ..

    @ චතුරංග :- තියෙනව තියෙනවා... :D ස්තූතියි...

    ReplyDelete
  9. මැක්සා කතාව පොඩි මෑන්.. යාලු උන දවසෙම මෑන් දාගත්ත තොප්පියනම් මාරයි..

    ReplyDelete
  10. @ දිනේශ් :- අනේද කියන්නෙ.... :D

    ReplyDelete
  11. හික් හික්!! ලොවෙත් නෑ

    ReplyDelete
  12. ලොවි ගහෙත් නෑ සහෝ.... ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ඇවිත් සප් එකක් දෙනවට...

    ReplyDelete
  13. හක් හක් හක්... පට්ට බන්...

    ReplyDelete
  14. ඇයි බන් දැන් zoo එකේ පාලම් කොක්කුන්ට වෙනම section එකක් හදලා තියෙන්නේ .

    ReplyDelete
  15. ෆට්ට...... එතකොට ඌ තාම තෙතෙයියියා ? අම්මෝ එහෙමත් කාඩ් වදිනවද?

    ReplyDelete
  16. podi maan .niyamayi.ohoma sathek issarath hitiya uge nama."hipa pata patoriya"

    ReplyDelete