2011-08-02

මම රස්තියාදුකාරයා....





මොකද නෝනා
මගේ දිහා ඔරවල බලන්නෙ...
සිගරට් දුම පොඩ්ඩක් වැදුනටද..
ඉතිං නෝනමනෙ
මේක අස්සෙ රිංගුවෙ....
හරියට ඔරවන්නෙ
මම ආව වගේනෙ
නෝනගෙ රෙද්ද අස්සට..
හෙ හෙ...
නෝන තරහ ගත්තට
මම තරහ ගන්නෙ නෑ නෝනා....
මම දන්නවා
නෝන ඔරවන්නෙ
දුම වැදුනට නෙවෙයි
ඉරිසියාවට......
මගේ තරහ..
මගේ දුක...
ඇතුලට එන සිගරට් දුමේ දියකරල..
එලියට පිඹල යැවුවට..
නෝන මේ රෙද්ද අස්සෙ රිංගල
එක එකාලට රෙද්ද උස්සපුව....
පිඹල නෙවෙයි මකලවත්
එලියට දාන්න බැරි නිසා...
අමතක කරන්න බැරි නිසා...
නෝනට ඉරිසියයි නේද....
එහෙම දුක් විදවන්නෙ නැති
මම වගේ..
රස්තියාදු කාරයෙක් ගැන...
සිගරට් දුම පිට දාල
නෝන එරෙවුවෙ
ඉරිසියාවට නේද........
___________________ හාට් Piercing...✿•*`¨


කලින් හාට් එකේ  Pierce කරපුවා...

ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ

මීලගට  මගදිගට  5 .......

21 comments:

  1. ඉරිසියාවට නෙවෙ යකො.. ඔරවන්න ඇත්තෙ.. හුස්ම ගන්න බැරිව වෙන්ටැති.. :D
    සිගරට් බොන තැන් වල මට ඉන්නත් බැහැ :-/

    මේ නිකමට අහන්නෙ.. උඹ මොකටද ඒ රෙද්ද අස්සෙ ගියේ ? :P :P

    ReplyDelete
  2. ආයේ හෝදන්න දෙයක් නෑ පොඩ්ඩෝ පට්ට සිරා.. මම දුම් නොබොන්නෙක් මි.

    ReplyDelete
  3. @ Bunny :- ඒක මගේ රෙද්ද නිසා.....

    ReplyDelete
  4. @ සිහින :- තැන්කූ තැන්කූ කමෙට් එකට...

    ReplyDelete
  5. පොඩි කමටද මුගෙ වැඩ...

    ReplyDelete
  6. නෝනා රෙද්ද ඉස්සුවම තව කෙනෙක් සතුටු වෙනවා...ඒ උනාට උබ සිගරට් බිව්වොත් උබටත් ලෙඩ සමාජෙටත් ලෙඩ.....

    ReplyDelete
  7. අඩෝව් පොඩි මෑන් මම බොට එක උපදේසයක් දෙන්නම්..
    "ඔය එක එක රෙද්දවල් අස්සෙ රින්ගන්න යන්න එපා ඕයි"

    ReplyDelete
  8. @ සාතන් :- නැතුව..

    @ ප්‍රසංග :- නෝන රෙද්ද උස්සන එකෙන් තව සේහෙන්න මිනිස්සු ලෙඩ වෙන්න පුලුවන් නෝනත් එක්ක... නෝනගෙ පවුල ළමයි රෙද්ද උස්සපු එකාගෙ පවුල ලමටු ඔය හැමදේම... රස්තියාදුකාරයා ආසක ඉදල සිගරට් බිවුවාම ඌ සතුටු වෙනවා ඒකෙන් ඌ ලෙඩ වෙන්නෙ ඌ විතරයි නෝන මොකටද අස්සෙ ආවෙ... ?? මම උත්සහ කරේ සිගරට් එකක් සහ නෝනකෙන්ක් ගැන කියන්න නෙවෙයි... සමාජයේ මිනිස් හැසිරීම් වලින් පන්ති විශමතාවය ඇතිවෙන එකක් ගැන... ඔන්න පොඩි අදහසක් දුන්නා ආයෙ කවිය කියවල හිතපල්ලා...

    චාටර් කොල්ලා :- රෙද්ද අස්සෙ රිංගුවෙ නෑ අපේ රෙදි ගලවලා උන්ගෙ රෙද්ද අස්සෙ අපි ඔබාගත්ත මිසක්....

    ReplyDelete
  9. ප්‍රසිද්ද ස්ථානවල දුම්බීම ඇගට ගුණ නැත . . . බොන තරම් හොරෙන් බොන එක ඇගට ගුනය . පොලිසියෙන් හැමතැනම . . . ඒකයි .

    ReplyDelete
  10. දුම් බීම්ට පෙර සිතා බලනු..

    ReplyDelete
  11. හප්පා රබර් මල්ලකින් පටන්අරන් මේකා යන දුර හි හි :D

    ReplyDelete
  12. //මම උත්සහ කරේ සිගරට් එකක් සහ නෝනකෙන්ක් ගැන කියන්න නෙවෙයි... සමාජයේ මිනිස් හැසිරීම් වලින් පන්ති විශමතාවය ඇතිවෙන එකක් ගැන...//
    ඔන්න දැන් නොවැ තේරුනේ... :D :D

    ReplyDelete
  13. @ සුශාන් :- ප්‍රසිද්ද ස්තානෙ බොන්නෙ නැතුව ඒකනෙ රෙද්ද අස්සක බිවුවෙ.. :D

    @ චතුර :- අනිවා..... :D

    @ කිඩෝ :- නෑ මලේ තාම දුර ගියේ නෑ... තාම ඔය රෙද්ද අස්සක නෙ බං ඉන්නෙ..

    @ ප්‍රසංග :- ජයවේවා මචං... ඇත්තටම උබේ මේ දෙවනි කමෙන්ට් එකක් දාන්න තරම් අවන්ක නිහතමානී කමට මගේ හිස නමනවා...

    ReplyDelete
  14. අපොයි..මටත් දුම් බොන එකනම් පෙන්නන්නම බෑ...මට ඔලුවේ කැක්කුම හැදෙනවා ඒ ගඳට..:(

    ReplyDelete
  15. ඉරිසියාව නෙමෙයි අනේ ජීවිතයක් විනාස වෙනවනෙ කියන දුක වෙන්නැති. බලපල්ලකො ඒක සාධාරණීකරණය කරල තියෙන ලස්සන. හික්ස්. ඇත්තටම මරු.

    ReplyDelete
  16. උඹ පෙන්නලා තියෙන සමාජ විෂමතාව‍ ගැන මට මතුවෙන්නෙ වෙනස් චිත්‍රයක්..ඒත් ඒක විග්‍රහ කරන්න යන් නෑ මං..
    කොහොමත් මට විකාරයිනේ..
    හාට් Piercing... නැගලම යනවා... මරු..

    ReplyDelete
  17. ලස්සනයි අය්යේ......තව ලියන්න....:)

    ReplyDelete
  18. නියමයි පොඩ්ඩා.....

    ReplyDelete
  19. My partner and I stumbled over here from a different web address and
    thought I may as well check things out. I like what
    I see so now i'm following you. Look forward to looking over your web page yet again.
    Stop by my blog transfer news for arsenal foot ball club

    ReplyDelete
  20. Pretty! This was a really wonderful article. Thank you for
    providing this info.
    Here is my web blog transfer news epl today

    ReplyDelete
  21. I know this if off topic but I'm looking into starting my own blog and was wondering what all is needed to get set up? I'm assuming having a blog like yours would cost
    a pretty penny? I'm not very internet savvy so I'm not 100% sure. Any recommendations or advice would be greatly appreciated. Thank you
    Feel free to surf my homepage ; pizza games free download

    ReplyDelete