2011-12-19

මම තවත් විදුහල්පතිතුමාගේ පුකට පයින් නොගසමි



ඒ  ජීවිතේ ලස්සනම කාලෙ... ඔවු... ගොඩක් අය ආයෙත්  යන්න කැමති ඒත් යන්න බැරි කිය්න්න බැරි තරම් ලස්ස්න මතකයන් ටිකක් විතරක් ඉතුරුවෙච්ච පාසල් කාලෙ....  ඒ කලෙත් හොදම හරිය... ඒ ලෙවල් කරන කාලෙ...

ඒ ලෙවල් වලට මැත්ස් කරන්න ගියාපු පොඩි මෑන් අවුරුදු දෙක පුවාවටම පන්තියේ ඉදියෙ බොහොම  ටික දවසයි.... පාසලේ ජේ‍ෂ්‍යට ශිෂ්‍ය නායකයෙක් විදියට තේරුනාට පස්සෙ පන්තියට ගියේ අතේ ඇගිලි වලින් ගනින්න පුලුන් දවස් ගානක්...

ඔන්න ඔය කියන පට්ටම ලැබුන මුල් දවස්වල  පොඩි මෑන් ඇතුලු අනිත් උදවිය  ඉදියෙ පොඩ්ඩක් විතර පොලවට උඩින්...  තමනුත් එකොලහ වසරෙදි ඔය කියන ශිෂ්‍ය නායක අයියලගෙ දන්ඩ නීති සංග්‍රහයට යටත් වෙලා උන්ව මරාගෙන කන්න තරම් කේන්තියකින් ඉදපු බව එක මාත්‍රාවක් මතක තිබුනෙ නෑ...

දැන් අයියල අපිනෙ ඩෝ....

ඉස්සර කොච්චර හොදට කොන්ඩෙකපාගෙන සපත්තු පොලිෂ්කරගෙන ගියත් උන්ට මොකක්ම හරි වැරැද්දක් තිබුනා  ඒක නිසා ගොඩක් ඉස්කෝලවලට පොදු ධර්මතාවයක් වෙච්ච ශිෂ්‍යනායකයන්ගෙ හා එකොලහවසර ගැටුම් හැම අවුරුද්දෙම කෙලවරක් නෑ... පොඩි මෑන් එකොලහවසරෙත් තිබුනා... පොඩිමෑන් ඇතුලු පිරිස ශිෂ්‍යානායකො උන අවුරුද්දෙත් තිබුනා...

අවුරුදු තුනක ශිෂ්‍ය නායක ජීවිතේ පලවෙනි අවුරුද්ද ඉතිං ජුන්ඩො ... ලොකු අයියලගෙ මහා පාලන තන්ත්‍රයට යටත් වෙලා පාසලේ විනය රකින්න ඇප කැප වෙලා ඉදපු පරමාදර්ශ නායකො උන අපි අපේ බලපරාක්‍රමය පෙන්නුවෙ ඉකෝලෙ අනිත් උන්ට....

මේ සිද්දිය උනේ පට්ටම ලැබිල මුල් කාලෙමයි.... හදපානේ නිරුවත් වානර ජවනිකාව පෙන්නන්න ආසන්න කාලෙක..  ඔය ඇන්ටිගෙ ගෙදර වහලෙන් බැල්මට් දැමීම... ජොකා නැතුව කලිසම විතරක් ඇදල පොලිස් අංකල්ට සසර කලකිරීම  වගේ සීන් උනේ මීට මාස ගානකට පස්සෙ... ජුන්ඩ ඉයර් එකේ අන්තිම කාලෙ...

දැන් ලස්සනම කාලෙ කියල හිතුනට ඒ දවස්වලනම් උදේට හිතුනෙනම් ජීවිතේ එපාම කරපු කාලෙ කියලයි...අලුතින්ම ශිෂ්‍යනායකයො පත් උනාම උදේ පාන්දර ඉකෝලෙ ඇවිත් ඩියුටි දාන එක අනිවාර්යි...  7.30 පටන්ගන්න ස්කෝලෙට එන්න ඕනෙ වෙලාව උදේ 6.15

ඇවිත් වෙලාව දාල අත්සන් කරන්න ඕනෙ..  විනාඩියක් පරක්කු උනා කියන්නෙ ඉතිං පුටු තමයි...  රූම් එකේ තිබුන  අපිට වාඩිවෙන යකඩ පුටු ටික වැඩිහරියක් තිබුනෙ කන්දෙකේ ගෑවෙන්න  උස්සපු  අපේ අත් උඩ... එක පුටුවක්ද දෙකක්ද... උස්සන වෙලාව විනාඩි දහයද පැයක්ද එහෙමත් නැතිනම් පැය තුනද හතරද... හිටගෙනද දනගහලද ආදිය තීරනය උනේ වැරැද්දෙ සභාවය අනුව....

ඔය පුටු කෙරුවාවෙ අමාරුව දන්න නිසා කොහොමහරි උදේ 6.15 කලින් ස්කෝලෙට එනව බෙල්ල කඩාගෙන හරි... වෙනද නැගිටින වෙලාවට දැන් අපි ඉස්කෝලෙ.. එහෙම ඇවිත් පොත අත්සන් කරලා තමන්ට නියමිත ස්තානවල රාජකාරියට යන්න ඕනෙ... ගේට්ටු වලට එහෙමත් නැතිනම පන්තිවලට...

ගේට්ටුවල  ඩියුටි තියෙන අය පාසලේ නීතිසම්ප්‍රදායට අනුකූලව  අනිත් ශිෂ්‍යයෝ එනවද නැද්ද... ඉතා විමසුමෙන් ඉන්න ඕනෙ...
පන්තිවලනම් අතුගාන්න නියමිත අයට කියල තුගාවලා... පහන පත්තු කරලා සයිලන්ස් බෙල් වලට සද්ද නවත්තලා ඉන්න මල්ලිලාව යොමුකරවන්න ඕනෙ....

මේ අවාසනාවනත දවසෙ පොඩිමෑන්ට රාජකාරි තිබුනෙ එකොලහවසරෙ පන්තිවල... දහය වසර තිබුනෙත් ඊට එහාපැත්තෙ... උඩ පන්ති තුනයි යට පන්ති තුනයි විදියට ශෙක්ෂන් එකකට පන්ති හයයි... ප්‍රිෆෙක්ට්ස්ලා දෙන්නයි... උඩට එක්කෙනයි යටට එක්කෙනයි... ෂෙක්ශන් දෙකට හතරයි...

වැඩි කලබලයක් නැතුව මුල් පැය ගෙවිල ගියා...  ඒත් පලවෙනි බෙල් එක ගහන්න කිට්ටුවෙනකොටම යට පන්තිවල මොකක්හරි වලියක පෙරනිමිති දැනුන නිසා පොඩිමෑනුත් හෙමින් හෙමින් පහල පන්ති පැත්තට ඇවිදගෙන ආවා... පහල පන්ති ටික බාරව තිබුනෙ කෑදරට...  පොඩි මෑන් එතනට යනකොට... එකොලහවසරෙම උන් වගයක් ආරම්බ කරපු රංඩුව කෑදරගේ දේහදාරී අත්වලින් හා දහයවසර යට පන්ති භාරව ඉදපු ටැංකියවත්ත මැර කලූගේ භයානක  හයේ හතරේ කනේ පාරවල්  නිසා නිමාව දකිමිනුයි තිබුනෙ...

රංඩුවට සහභාගීවෙච්ච වැරදිකාරයන්ව එලියෙ  වැඩිදුර පරීක්ෂන කටයුතු සදහා සිර අඩස්සියේ රදවාගනිමින් ප්‍රේක්ෂක ජනතාව නැවත්තත් පන්තිවලට යොමු කෙරුනා....

එතකොටම පලවෙනි සයිලන්ස් බෙල් එකත් ගහල ඉවරයි...

පහල පන්තිවල සද්දයක් නොතිබුනත්...  පොඩිමෑන්ගෙ පාලන තන්ත්‍රයෙන් මිදුන උඩ පන්තිවල උන් තවමත් කෑකෝගහමින් වලියට ප්‍රතිචාර දක්වමින් ඉදියෙ පොඩිමෑන්ගෙ යකා හිස් මුදුනට නග්ගවමින්

උඩ පන්තිවලට යන පඩිපෙල තිබුනෙ බිල්ඩිමේ එහා කොනේ... ඉදපු තැන ඉදල ටිකක් දුරයි...  .. වහාම ක්‍රියාතමක් උන පොඩි මෑන් පඩිපෙල තරණය කරලා පාසලේ විනය කඩකරමින් අවිනීත ලෙස හැසිරෙන නොසන්ඩාල ශිෂ්‍යයන් දමනය කිරීමේ උතුම් චේතනාවෙන් පඩිපෙල පැත්තට දුවගෙන ආවා....

පඩිපෙල නගින්න පලවෙනි පඩියට අඩිය තියනවත් එක්කම පන්ති තුනම මීයට පිම්බ වගේ නිෂ්ශබ්ද උනේ එක පාරට...  යකා ආවේසයෙන් පඩිපෙල මුලට ආව පොඩි මෑන් පඩිපෙල මුදුනට ආවෙ .., තමාගැන මහත් ආත්ම අභිමානයෙන්... ඇයි යකෝ තමං එනව දැක්කලනෙ මුන් ටිකට බයේ පන්තිවලට දුවල විනීත සුවිනීත ශිෂ්‍යයො උනේ....

තමන් ගැන එසේ ඇතිකරගත් ස්වයං අභිමානයෙන්පඩිපෙලේ මුදුනට ලගාවෙද්දි, දැකපු දර්ශණයෙන් , යටපත් උන යකා...  ආයෙත් හිස් මුදුනටම එන්න එක තප්පරයක් ගියේ නෑ...

පොඩිමෑන් වැනි අති ගාම්බීර ශිෂ්‍යනායකයෙකුගේ පැමිනීම තබ සතේකට ගනං නොගනිපු  නොසන්ඩාල එකෙක් තාමත් කොරිඩෝවෙන් ලී වැටට අත්දෙකත් තියාගෙන එබිල පහල බලාගෙන ඉන්නවා......

වහාම මේ අවිනීත ශිෂ්‍යාට දඩුවම් කල යුතුයි....   ඒ පොඩි මෑන්ගෙ හිතට ආව සිතුවිල්ල...

අඩියට දෙකට මේ අවිනීත නොසන්ඩාල ශිෂ්‍යා ලගට ගිය පොඩිමෑන් ශිෂ්‍යාගේ පස්චාත් ප්‍රදේශය කරා දැවැන්ත පා පහරක් එල්ල කරා...

වේදානාවෙන් මිරිකුන ශිෂ්‍යා අත් දෙකෙන්ම තම පස්චාත් ප්‍රදේශය අල්ලගෙන පොඩි මෑන්ගෙ දිහාවට හැරුනෙ ශනිකයෙන්


කිරිගෝරිස් ආත මුචලින්ද නයාම කාපිය.... !!! 

පොඩිමෑන් ශිෂ්‍යයෙක් කියා පයින් ගහල තිබුනේ එවකට වැඩබලන විදුහල්පති තුමාට....   එතුමාත් වැඩි ඇගපතින් මහත නැති  ප්‍රමානයෙන් කුඩා පුද්ගලයෙක්....  ඒ මදිවට දිනපතාම පාසල ඇන්දෙත් සුදු කලිසමත් සුදු ෂර්ට් එකත්...  පාසල් ළමයෙක්ගෙන් වෙන්කර අදුනාගැනීමට තිබුන එකම දේ කලිසමට බැදපු  පටියයි, ටයි එකයි විතරයි...

අවීනීත ශිෂ්‍යයෝ හරි මගට ගැනීමට තිබූ උතුම් චේතනාවෙන් ඇස් අන්දවීගිය පොඩි මෑන්ට  අහෝ....ඒවා නොපෙනී ගිය කරුමෙක මහත.....

විදුහල්පතිතුමාගේ වියපත් දෑසට ප්‍රථමයෙක් පොඩිමෑන්ගේ කකුල් දෙක ක්‍රියාත්මක උනා...

අඩි දෙකකට පඩිපෙලෙන් පහලට පැනපු පොඩි මෑන් නැවතුනේ රූම් එකේ...  ශිෂ්‍යනායකයන්ගෙ කාමරේ...

එතැනින් නොනැවතුන පොඩි මෑන් සියලු සබ්බ සකලමානාවත් ඇතිව පාසලේ පිටිපස ප්‍රදේශයෙන්  පැදුරටත් නොකියා නිවස දක්වාම පලා ගියා...

දවස් දෙකකට පස්සෙ ආයෙත් පාසලට එනකොට ලොකු අයියලා සින්කෝන් එක දැනගෙන  නිසා පැය ගානක් පුටු දෙකක බර බලා හාෆ්ෂිට් සීයක දෙපැත්ත  පිරෙන්න  "මම තවත්  විදුහල්පතිතුමාගෙ පුකට පයින් නොගසමි" කියා ලිවුවත් සයිලන්ස් බෙල් එකට  අවනත නොවුවන වරදට තමාට දඩුවම් කල එකා මොකාදැයි තාමත් එතුමා දන්නෙ නෑ...




32 comments:

  1. මරු කතාවනෙ බොලේ....ශිෂ්‍ය නායකකමත් එක විදියක සොඳුරු කට්ටක් තමා....

    ReplyDelete
  2. ලොවෙත් නෑ..... කොහොමද බන් අනිත් එවුන් ඕක දැන ගත්තේ?

    ReplyDelete
  3. අම්මට සිරි.. ලොවෙත් නැනේ :D උඹට තිබ්බ ඒ ගමන්ම ගිහින් බොසාටත් පයින් එකක් ගහලා.. මචං මං අන්න අර පොඩි එකාටත් මේ දැන් ගැහැව්වා.. මං ගෙදර යනවා කියලා මාරු වෙන්න :D :D

    අඩෝ මටත් සිස්ස නායක පට්ටම් දෙන්න එලව එලව අවා.. ඔය කොල්ලො තරහා කරගන්න එකට වඩා හොදයි නිකා ඉන්න එක කියලා මං ගත්තෙ නැ.. හම්මො එහෙනම් මට ප්‍රදාන සිස්ස නායක කමත් ගන්න වෙනවා :-/

    ReplyDelete
  4. ෆට්ට, අදමයි මේ පැත්තේ ආවේ. මගේ එකෙත් ගොඩක් තියෙන්නේ ඉස්කෝලේ සීන්...

    අපෙත් සර් කෙනෙක් හිටියා ලමයිගේ යුනිෆෝම් අදින.. :)
    පොරත් අනන්තවත් ටොකු කාලා ඇති වැරදිලා..

    වැඩේ නැගලා යයි...ජය ශ්‍රි.

    ReplyDelete
  5. ඔය ශිෂ්‍යනායක කං වලිං තමා බං ළමයින්ට අනිත් එකාව කපාගෙන නැගිටින හැටි පුරුදු කරන්නෙ! :(

    ReplyDelete
  6. මරු කතාව. පොඩි මෑන් අයිය හිටියෙ රිචිමන්ඩ් එකේද? ඒකෙත් ඔහොම සයිලන්ට් බෙල් එකක් ගහල සයිලන්ට් වෙලා තමයි ගෙදර යන්න දෙන්නේ..

    ReplyDelete
  7. අපේ අප්පෝ ..... මදැයි ඔයින් ගියා... ප්‍රින්සිපල් සර් නපුරුයි ද?
    කෙල්ලෝ වුනාට මොකද අපේ ඉස්කෝලෙත් තිබ්බා ඔය ශිෂ්‍ය නායක , 11 වසර ගැටුම.. අදටත් තියෙනවා.. හිකිස්.....

    ReplyDelete
  8. තනි අලියාගේ කමෙන්ට් එකට මට හිතෙන්නේ පෝස්ට් එකක්ම ලිව්වොත් හොඳයි කියලා...

    ReplyDelete
  9. සිරාම කතාවක් ඈ.. පට්ට.... :)

    ReplyDelete
  10. @ අකූ :- ආයෙත් අහලා...

    @ විසිතුරු :- ප්‍රින්සිපල් ඇවිත් හොයල තිබුනා... ඉතින් අනිත් උන් දන්නවනෙ කවුද එතන ඉදියෙ කියල ප්‍රින්සිපල් දැනගත්තෙ නැති උනාට නඉත් උන් දැනගත්තා...

    ReplyDelete
  11. @ රහස්පරීක්ෂක :- නෑ මරනෙ

    @ බනී :- ඔය බැජ් එක ගහපු අලුතම... පස්සෙ අපි ඕව ඉගන ගත්ත බං... ඉතා සීමිත් සංඛ්යාවක් ඇරෙන්න කිසිම එකෙක් තරහ නෑ... අපෙන් ගුටිකාපු එවුන් තමයි වැඩියෙන්ම ෆිට්..

    ReplyDelete
  12. @ සෑම් :- අපේ එක්කෙනත් කුනුහරුප අහල තියෙනව කොල්ලොන්ගෙන් අනන්ත්වත්... ඒත් ලොකුම දඩුවම දුන්නෙ මම :D

    ReplyDelete
  13. @ තනි අලියා :- මම ඒ කතාවට බිංදුවක් එකග නෑ අපි අත්දැකීමෙන් ඉගන ගත්තා.. අපේ ක්‍රමේ වරදියි කියල අපි දැනගත්ත... සාමන්‍ය ළමයෙක්ට ජීවිතේ කිසිම දවසක ගන්න බැරි අත්දැකීම අපි ඒ අවුරුදු තුන ඇතුලෙදි ගත්තා... ශිෂ්‍යනායකයෙක් වෙච්ච එක මගේ ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක විදියටයි මම දකින්නෙ... මම ඒකට මාර කැමතියි...

    ReplyDelete
  14. @ තරිඳු:- නෑ බං උඹලගෙ ආදරවන්තයෝ... :)

    @ අයේෂා :- එහෙමම නපුරු නෑ... පොරට බෑ කොල්ලො එක්ක හැරෙන්නවත්... හැබැයි හිත හොද මනුස්සයා...

    ReplyDelete
  15. @ අභීත :- ඇත්ත අභීත අයියෙ... එක එක ස්කෝල වල ශිෂ්‍යනායක සංස්කෘතිය වෙනස්... උඹල දන්නව අපේ ගැන .. අපි දන්නව උඹල ගැන... මමනම් මිනිහෙක් වෙන්න ඉගන ගත්තෙ එතනින්...

    ReplyDelete
  16. @ kd ln :- හෙ හෙ.. තැන්කූ... :)

    ReplyDelete
  17. එල කතාව .... දිගටම ලියන්න

    ReplyDelete
  18. මරු වැඩනෙ කරලා තියෙන්නෙ... හික්ස්... :D

    ReplyDelete
  19. he he shoy kathawe :D :D keep writing :) take care

    ReplyDelete
  20. උඹත් ඉතිහාසගතවෙන වැඩක් කරපු එකෙක්නෙ බලාගෙන යනකොට....

    ReplyDelete
  21. සුදු කිට ගහන ප්‍රින්සිපල් කෙනෙක් අපිට ආවෙ අපි 11 වසරෙදි. ඒ දවස්වල "වැරදි හදුනාගැනීම්" නිසා ගුටිකාපු වාර අනන්තයි.

    ReplyDelete
  22. අපේ ඉස්කෝලෙත් හිටිය මචං ඔය වගේ සර් කෙනෙක්(සුදු කලිසමයි, සුදු ශර්ට් එකයි,කලු බෙල්ට් එකයි ) , නම වීරසිංහ. මිනිහ ඔය වගේ ජනේලෙකින් බලන් හිටියා... (ජනේලෙන් බලන් සිටීම අපිට තහනම් ) දැක්කෙ සෙක්ශනල් හෙඩ් සර්, දුන්නා මචං වේවැලෙන් පස්ස පැත්තට.
    පස්සෙ දෙන්නටම ලැජ්ජයි.
    දැක්ක අපිට විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ... හිනා වෙන්නත් බෑ..
    මොනවා කරන්නද කට වහගෙන පුකෙන් හිනා උනා.... මරු ආතල් එක.
    උඹ කියන්නෙත් ඔය සර් ගැනද දන්නෙ නැහැ, මිනිහා ඉගැන්නුවෙ මැත්ස්.1997 අපේ ඉස්කෝලෙන් ට්‍රාන්සර් වෙලා ගියා.

    ReplyDelete
  23. කිරිගෝරිස් ආත මුචලින්ද නයාම කාපිය.... !!!

    ReplyDelete
  24. ඉපදුණුදා මා හඩා වැටෙන්නැති..
    අම්මේ ඔබ හිනැහෙන්න ඇතී..
    දෙතනේ කිරි දි මා නලවන්නැති..
    අම්මේ ඔබ හිනැහෙන්න ඇතී...



    බඩ ගා දණ ගා මා නැගිටින්නැති
    වැටි වැටි යළි නැගිටින්න ඇතී
    අම්මේ ඔබ හිනැහෙන්න ඇතී...


    මට නැගිට්න්නට ඔබ අත දෙන්නැති
    අම්මා මා සිප ගන්න ඇතී
    අම්මේ ඔබ හිනැහෙන්න ඇතී...

    වන්දි ගෙවන්නට අද මට පින්නැති
    බුදුන් වදින ලෙස වදිමි වැටී
    ඔබ මතු බුදු බව ලබනු ඇතී...

    ReplyDelete
  25. රිද්ම මල්ලි ඔන්න අනේ මට වැරදුණු තැන..ඔයාගේ මේ පෝස්ට් එක්ට දාන්න ඕනි දේ නෙවෙයිනේ...ගණන් ගන්න එපා..මකලා දාන්න හී හී මේක අදාළ පෝස්ට් එකටම දාන්නම්...ඔයාගේ පෝස්ට් දෙකතුනක්ම එකපාර කියවන්න ගියානේ මම ...

    ReplyDelete
  26. මේ කථාවට මට කියන්න මතක් වුනේ අපේ ඉස්කෝලේ හිටපු විදුහල්පතිතුමා N.S.පෙරේරා මහත්මයා ගැනයි...එයත් කොච්චර වයස වුණත් සුදු ඇඳුම නිසා පාසල් ලමයෙක්ගෙන් වෙන් කරලා අඳුණාගන්න අමාරුයි..කතුරක් සාක්කුවේ දාගෙන ඉස්කොලේ වටේට උදේ යනගමන් අමුතුවට කොණ්ඩ මෝස්තර දාගෙන් WOODY WOODPECKERS ලා වගේ ජෙල් නාගෙන එන කොල්ලන්ගේ කොණ්ඩේ.. මොකක්ද උඹේ මේ අමුතු කොණ්ඩ මෝසතරේ කියලා පැනලා කොණ්ඩෙන් ඇදලා කපලා දානකම් කොල්ලො දන්නේ නැහැ එයාලා ලඟ හිටියේ ප්‍රින්සිපල් කියලා...

    ReplyDelete
  27. අපේ පිනත් ඔය විදියමයි. අනේ මටත් පයින් ගහන්න ඈත්නම්. හිකිස්...හ්ම්..හ්ම්...anyway,
    පොඩි මෑන් අයිය, ඔයා නම් පට්ටම බ්ලොග් කාරයෙක් තමා. A/L කාලෙ ඔය තරම් ගත්තද?
    මේක තමයි මගෙ favorite'ම බ්ලොග් 1. ගොඩක් ඒව 18+ උනත් කරන්න දෙයක් නෑ, පොඩි මෑන් අයිය ලියන ඒව ලොවෙත් 1යි. හි,හී...
    තව-තව ලියන්න, ''ජය වේවා!''

    ReplyDelete
  28. A/L කාලෙ ඔය තරම් *fun ගත්තද?

    ReplyDelete
  29. ඒ වෙලාවේ එතනින් දුවන්න මතක් වෙච්ච එක ලොකු දෙයක්..

    ReplyDelete
  30. උබ අපිව හිනස්සල මරන්නද හදන්නේ.. සිර කථාව බං...

    ReplyDelete