2012-01-10

ගාල්ලෙ ගෙට්ටුව කුමන්ත්‍රණයක්........ !!! අවසානයේදී පොඩි මෑන් පාපොච්චාරණය කරයි...


                      සාවිය.... නිෂ්ශබ්ද වේ.....න්.....!!!

සියල්ලෝම නැගිටිති...  විනිසුරු එනු පෙනේ... විනිසුරු වාඩි වූවාට පසු අනිත් පිරිසද වාඩිගති...
උසාවියේ වැඩ කටයුතු ඇරබේ...

තෝල්කයා :-
 නඬු අංක 2012.1.7     සයිබර් ගෙට්ටු ගෙදරක් යැයි කියා.. බොහෝ දෙනා නොමග යැවීම ගෑහැණු ළමයින්ගේ ජීවිත අනතුරට දැමීම  හා බ්ලොග් අවකාෂයේ කීර්ති නාමයට අපහාස කිරීම..


අදාල තොරතුරු ඉදිරිපත් කිරීමට පැමිණිලි කරුවන් වන සයිබර් පොලීසිය වහාම කටයිතු කරන්න....

පොලිස් නිලදාරියෙක් ඉදිරියට එනු පෙනේ...

සයිබර් පොලීසිය :-
 ස්වාමීනි  පෙර දිනයේ පැවැත්වුනු ගෙට්ටු ගෙදර සංවිධායකයංගේ හා තවත් කීප දෙනෙක්ගේ මහා කුමත්‍රණයක්...  එය අසාර්ථකයි.. නමුත් අපි කුමත්‍රණ කරුවන් හඳුනා ගත්තා ස්වාමීනි.... ඔවුන්ට අන් අයගේ අනාගතය විනාස කිරීම උත්සහ දැරීම ,  උන්ව එකසිය ගානට චාටර් කිරීම හා , නොමග යැවීම. බ්ලොග් අවකාශයට අපහාස කිරීමට උත්සහ දැරීම යන චෝදානා යටතේ මේ නඩුව ගොනු කර ඇත ස්වාමීනි...

විනිසුරු :-
 කෙසේද සැකකරුවන් අඳුනා ගත්තේ...  ??

සයිබර් පොලීසිය :-
 මුල සිටම මේ පිලිබද සැක සිතුවා ස්වාමීනි.. ලංකාව වටෙන්ම මෙවැනි පිරිසක් ගෙන්වීම හරිම අස්වාභාවිකයි ස්වාමීනි  එමනිසා අපගේ විශේෂ නියෝජිතයකු රහසේම එයට සහභාගී කරවා අපි සියල්ල සොයාගත්තා ස්වාමීනි ඔහු සාක්ෂියට කැදවීමට අවසර...

විනිසුරු :-
අවසර ලැබෙනවා.....!!!

තෝල්කයා :-
හොරෙක්, මංපහරන්නෙක් ලෙස වෙස්වාලාගත් දේශප්‍රේමී විශේෂ නියෝජිත උසාවියට වාර්ථා කරණු...

උසාවියේ පිරිස අතර සිටින ගෙට්ටුවට ආපු උන්ගේ කට ඇරේ... විශේෂ නියෝජිත බුවා සාක්කි කූඩුවට පැමිනේ..

විනිසුරු :-
තමාද ඒ විශේෂ නියෝජිතයා....

වි. නි බුවා :-
යෑස් සවාමීනි....

විනිසුරු :-
මොනවද තමාට ඒ ගැන ඔප්පු කරන්න තියෙන්නෙ සාක්ෂි....

වි.නි බුවා :-
පහුගිය ටිකේ ගෲප් චැට් බ්ලොග් පෝස්ට් ස්ටේට් අප්ඩේටින් සියලුම කරුනු පිලිවෙලකට ගොණු කරල මෙතන තියෙනව ස්වාමීනි... ඒ අනුව වරද කරුවන් අපි උසාවියට ඉදිරිපත් කර තියෙනවා ස්වාමීනි...

විනිසුරු :-
තමාට හොදටම ශුවර්ද...

වි. නි  බුවා :-
යෑස්... වයි නොට් ස්වාමීනි....

විනිසුරු :-
 එසේනම් සැකකරුවන් සාක්ෂිය සදහා කැදවන්න....

තෝල්කයා :-
 ප්‍රධාන සැකකරු පොඩි මෑන් සාක්ෂි කූඩුවට කැදවනු....

උසාවියා පුරා කසු කුසුවක් පැතිරයයි....

තෝල්කයා :-
උසාවි  ය      නිෂ්ශබ්දා වේ....න්...

පොලිස් නිරධාරීන් දෙදෙනෙක් මැදින් අහිංසක පෙනුම ඇති පොඩි කොලුවෙක් සාක්ෂි කූඩුව වෙත පැමිනේ...

විනිසුරු :-
තමාද පොඩි මෑන්...??

පොඩි මෑන් :-
එසේය ස්වාමීනි...

විනිසුරු :-
අන් අයගේ අනාගතය විනාස කිරීම උත්සහ දැරීම ,  උන්ව එකසිය ගානට චාටර් කිරීම හා , නොමග යැවීම. බ්ලොග් අවකාශයට අපහාස කිරීම උත්සහ දැරීම යන තමාට  එරෙහිව නැගී ඇති චෝදනා පිලිගන්නවද.... ??

කොලුවා ඔලුව කසමින් මද වෙලාවක් නිහඬව සිටී.....

තෝල්කයා :-
 ගරු උසාවියේ කාලය අපතේ යවන්න එපා......

පොඩි මෑන් :-
එහෙමයි ස්වාමීනි පිලිගන්නවා.... ඒත් ඒ එක යහපත් අරමුණක් සදහා ස්වාමීනි..... මම පාපොච්චාරණය කරන්න කැමතියි....

නැවත්ත.. කසු කුසුව පැතිරයි... විනිසුරු තැන මදක් කල්පනාකරණු පෙනේ...

විනිසුරු :-
තමා දන්නවාද තමා පවසන සියල්ල තමාට විරුද්දවම සාක්ෂි  ලෙස යොදාගත හැකි බව.... ??

පොඩි මෑන් :-
මා දන්නවා සොවාමීනි ඔහු එනවිටම මා දැනගත්තා ඒ එන්නෙ  මා තලන්+නටම බව... මට ගැලවීමක් නෑ...මම පාපොච්චාරණය කරන්න කැමතියි....

විනිසුරු :-
 හරි එසේනම් අවස්ථාව ලැබෙනවා....


පොඩි මෑන් :-  ස්වාමීනි කටින් කට පැතිර තිබුනා සයිබරයේ කට්ටිය ආයෙත් එකතු වෙන එකක නෑ කියලා... එහෙම එකක් කරන්න  කවුරුවත් මුල් වෙන එකක් නෑ කියල... ඕක හිතේ තියාගෙන ඉන්නගමනමයි මට බනියව දවසක් චැට් එකේ හම්බ උනේ...

පොඩි මෑන් බනියා දෙස බලයි... බනියා ඔරවනු පෙනේ...

බනියා චැට් එකේදී කිවුවා ස්වාමීනි   ලීමෝල් ,හයිබ්‍රිඩ්, ඇන්ඩ්‍රොයිඩ් කොච්චර නයි ඇරියත් කෙල්ලෙක් වැටුනෙ නැති බැවින් ජීවිතේ වපා වෙලා බව.... දන්න කියන කෙල්ලෙක් සෙට් කරල දෙන ලෙස බැගෑපත් උනා ස්වාමීනි....

බනියා :-
(නැගිට කෑ ගසමින් ) ඕකා කියන්න පට්ට පල් බොරු ස්වාමීනි... එහෙම දෙයක් උනේ නෑ

පොලිස් කරුවන් දෙදෙනෙකු තඩි බනියා වත්තම් කරගන්නට උත්සහ දරනු පෙනේ...


විනිසුරු :-
ඕඩර්.... ඕඩර්... තමා හිතුවද මේක තමාගෙ ප්‍රොෆයිල් වෝල් එක කියල... ඕනෙ ඕනෙ විදියට කෑගහන්න.... ආයෙත් ඔහොම කෑගසුවොත් ඕෆ්ලයින් සිරගෙදර සතියක් තපින්න වේවි...

බනියා පොඩිමෑන් වෙත ගිනි පිටවෙන හා බැල්මට් එක්ක දමා වාඩිවෙයි

පොඩි මෑන් :-
"උඹට කෙල්ලෙක් හොයල දෙනවට මට මොනවද ලැබෙන්නෙ.... ??"
 මම ඇහුව ස්වාමීනි...
"උඹට මොනවද ඕනෙ... "  බනිය ගත් කටටම ඇහුවා.....
මම හිතුවෙ විහිලුවට කියල ස්වාමීනි ... ඒ නිසා මම උගෙන් හයිබ්‍රිඩ් කාර් එක ඉල්ලුවා....
" යකෝ ඕක මොකද්ද සිරා කෑල්ලක් සෙට් කරනවනම් දෙන්නම්....."
බනියා කිවුවෙ... එක පයින්.. මට ඉතිං අදහා ගන්න බැරුව ගියා ස්වාමීනි...

පොඩි මෑන් මදකට නිහඩවෙයි....

ඉතිං බනියාට කෙල්ලෙක් හොයාදෙන්න නම් ඌව නොදැකපු කෙල්ලෙක් වෙන්නත් ඕනෙ.. ගාල්ලෙන් පිට වෙන්නත් ඕනෙ මොකද ගාල්ල පුරාම ඌගේ පැටිකිරිය නොදන්න කෙල්ලෙක් නෑ ස්වාමීනි... ඉතිං මම හිතුවා මේක තමයි නියම චෑනිස් එක...

විනිසුරු :-
ගෙට්ටුවක් කියා  කෙල්ලං ගෙන්වා ගැනීම...??

පොඩි මෑන් :-
එසේය ස්වාමීනි .. ඉතිං මම මේකට රවට්ට  ගන්න පුලුවන් තාම කිරි බොන වයසේ කිඩෝවා අල්ල ගත්ත ස්වාමීනි... බ්ලොග් කිවුවොත් ඌට බත් ඕනෙත් නැති ගොං පොඩි එකෙක් බව මම දැන සිටියා ස්වාමීනි.. ඉතිං මම කිඩෝවත් අල්ලගෙන පෝස්ට් එකක් දැම්මා ස්වාමීනි... කීඩෝව මොකද අලිපත ලොකු ටෝක් දෙන ලංකාවෙ අස්සක් මුල්ලක නෑර දන්නව කියල... ටිකක් හිනාවෙවී ඉන්න ගොන් පාල මාමත් ලෙසටම ඇන්ද ස්වාමීනි... 

ඇති ක්සිම වැඩකට නැතුව  රාජ් ලොක්කවත් මේකට උසි ගැන්නුව ස්වාමීනි...  පොරත් අතින් සල්ලි වියදම් කරගෙන හතරවටේට කෝල් දිදී කොළඹින් කට්ටිය එකතු කරා ස්වාමීනි... මට හයිබ්‍රිඩ් එකක්.. මුන්ට අතිනුත් කයිට්.. මතක් වෙනකොට මට දැනුත් පුකෙත් හිනා ස්වාමීනි....

විනිසුරු :-
කට කට....තමා දන්නවාද.. මේ උසාවිය.. අසභ්‍ය වචන පාවිච්ච කලාම මේ උසාවිය එන පොඩි උන නරක් වෙන බං.... ??

පොඩි මෑන් බය උන ආකාරයෙන් මදක් බිම බලාගෙන ඉදියි...

පොඩි මෑන් :-
ඉතිං එ ආකාරයෙන් වැඩේ උනා ස්වාමීනි.. .....

විනිසුරු :-
 එතකොට තමාගේ පෙම්වතිය මේ අවස්ථාවට සහභාගී කරගත්තේ කිනම් අරමුණකින්ද...

පොඩි මෑන් :-
මම වගේ එක්සෙකටිවු ලුක් එකක් තියෙන....  හැන්සම් පොරකට එතන එන කෙල්ලන් හැමගේ බැල්මට් එක වැටෙන බව මම දැනගෙන ඉදියා ස්වාමීනි.... ඉතිං මට පෙම්වතියක් ඉදියොත් ඔවුන්ගෙන් බේරිලා බනියාගේ හයිබ්‍රිඩ් පෙන්වා ඌට කෑල්ලක් සෙට් කරන්න තමයි ස්වාමීනි මම මගේ පෙම්වතියට මේ අවස්ථාවට සහභාගී වෙන්නයයි දැනුම් දුන්නෙ... අනිත් එක බනියා දවසින් දෙකෙන් දමායන කෙල්ලෙක් නැතුව ටික කාලයක් අල්ල යන මෝඩ පහේ කෙල්ලෙක් එයාට කියල  තෝරන්නත් එක්ක

විනිසුරු :-
ඒ ඇයි...

පොඩි මෑන්:-
ස්වාමීනිත් පිස්සු බම්ප් වෙන  ප්‍රස්නනෙ අහන්නෙ.. ඇයි හත්තිලවුවෙ... කෙල්ල මූව දාල ගිය ගමන් මූ මගෙන් කාර් එක ඉල්ලගෙන ඒවි...

විනිසුරු :- කට කට... මේ තමාට දෙන අවසන් දැනුම් දීමයි...

පොඩි මෑන් :-  සමාවෙන්න....!!!

ඔය අතරෙදි ගෙට්ටුවට සහබාගී වෙන පාට පාට ගෑනු ළමයෙක් බනියා කෙරේ පොඩි මනාපයකින් ඉන්න බව තේරුනා ස්වාමීනි .. මම ඒ ගෑනු ළමයාටත් පොඩි ලන්නක් දුන්නා ස්වාමීනි... මගේ ගානෙ කිරිටොපි දෙන බවත් ඒවා තමන්ගෙ ගානෙ ගේන ඒවා බව කියන්න කියල මම ඒ පාට පාට ගෑනු ළමයට කිවුව ස්වාමීනි... ඒ කෙලත් හිස් මුදුනින් පිලිගත්ත ස්වාමීනි....

විනිසුරු :- ඒ මොකටද

පොඩි මෑන් :- මහා ස්ත්‍රී පුරුෂ වශී රාජයෙක් ඒ කිරිටොපි වලට දාලා ඒ කෙල්ල ගෙනා කිරිටොපි බනියගෙ අතින්ම කෙල්ලට කාවල කෙල්ල බනියාට වශී කර තැබීමටයි ස්වාමීනි... ඒත් බනියාගෙ කරුමෙට කිරිටොපියට  කෙල උනා ස්වාමීනි....

ඒත් පාට පාට ගෑනු ළමය ඒ වෙනකොත් කිරිටොපි ගේනවයි හතරවටේට අඩබෙර ගහල ඉවරයි ස්වාමීනි....කිරිටොපි නෑ කිවුවාම මෙන්න ඒ ලැජ්ජාවට ඒ ගෑනු ළමය එන්න බෑ කිවුව ස්වාමීනි...

ඒත් වැඩේ කියන්නෙ කොළඹින් කට්ටිය  එකතු කරපු රාජ් ලොක්කත් මීය කඩල තියෙන්නෙ අත ලෙවකන්න නෙවෙයි ස්වාමීනි... පොරත් මේ ගෑනු ළමයට ඇහැගහගෙන ඉදල තියෙන්නෙ ස්වාමීනි... එන්න බෑ කියල කෙල්ල හැන්ගෙද්දිත් මෙන්න මේ යකා කාර් එකකින් කොට්ටාවෙ ඉදල පොර වගේ හිගින් කෙල්ලව දාගෙන ආව ස්වාමීනි... අනිත් උන්ට පට්ට කට්ට ස්වාමීනි...

කොහොමින් කොහොම හරි කට්ටිය ආවාම බනියට මම ඉන්න හිටින්න විදිය කියා දීල ටිකක් එහායින් ඉදගෙන අපි හොද ගෑනු ළමයි තේරුවා... ස්වාමීනි...  ඒ අස්සෙ මෙන්න අපි ගිය එක හොය හොයා රෙපා මහත්තය වැටකෙයි ගාලක් පීරණව ස්වාමීනි... ග්‍රීස් යකෙක් වගේ,....

පුල් ආතල් ස්වාමීනි කලිසමත් පලාගත්තද කොහෙද වැටකෙය්ය ගාලෙ පැටලිලා...

විනිසුරු :- අම්මප... සිරාවට පුල් ආතල්නෙ ඕයි....

පොඩි මෑන් :- ආයෙ මේ මක්ක කියනවද ස්වාමීනි බඩේ බත් වගේ   දාන්න පහක්.... !!!

පොඩි මෑන් විත්ති කූඩුවෙන්  ඉස්සී පහක් දැමීමට සූදානම් වෙයි... ලග සිටි පොලිස් බටයෙක් පොඩි මෑන්ට ටොක්කක් අනී....

විනිසුරු :- ආතල් ගානකට ගන්න පුතා.. නැතිනම් ආපු නැති මටත් ඉරිසියි වගේ.,...කතාව කියන්න....

පොඩි මෑන් :- වැඩක් නෑ ස්වාමීනි  ... කෙල්ලො හිටියෙ නෑ ස්වාමීනි බනියට ගැලපෙන  .... 

කා ගාගෙනම ඉපදිච්ච කොයිවෙලාවෙත් බඩගිනි හිම හංසිට බනියගෙ ලීමෝලවත් විකුණල කන්න දෙන්න නැරි නිසා එයා රිජෙක්ට් උනා ස්වාමීනි... අනිත් අය ඔක්කොම අක්කලා....  වයස ප්‍රස්නයක් නැති උනත් උන් කැමති උනේ මූව කූඩුවක දාගෙන හදාගන්න මිසක් ලවු කරන නෙවෙයි... 

අන්තිම චෑනිස් එක... උඩට ඇවිත් තැණ්ඹිල ගන්න හදන කොටම  අර පාට පාට ගෑණු ළමයට තැඹිලි අරන් දුන්නෙත් හද්ද වන්නියේ ඉදලා නාකියෙක් වෙනකම්  නොබැද ඉන්න වලකච්ච ගහන්න අන්තිම මොහොතෙවත් පිරිත් ටික කියාගන්න කෑල්ලක් හොයපු එකෙක් ස්වාමීනි....

අන්තිමට සේරම චෑනිස් මක බෑවිලා ගිහින් මගේ හයිබ්‍රිඩ් සිහිනයට කෙල වෙලා ගියා ස්වාමීනි.....

එක වරම උසාවිය පිටිපසින් කෝලහාලයක් ඇසෙයි..... සැමගේ ඇස් ඒදෙසට යොමුවේ....

බනියා :-
අඩෝ උඹ හිතුවද උඹට හයිබ්‍රිඩ් ලැබෙයි කියල... මට ඇති හයිබ්‍රිඩ් එකක් නෑ ඩෝ... උඹත් මගෙ ලන්න කෑවා ඩෝ... තියෙනවනම් අච්චර රට ටෝක් දාල කට්ටිය එන දවසෙම මම ඕකෙ නෑවිත් පයින් එනවද ඩෝ.... උඹත් ඇන්ද මෝඩයා... හූ......

බනියා දගලමින් කෑගසයි.... පොලිස් කරුවන් දෙතුන් දෙනෙක් ඌට දෙකක් ඇන උසාවියෙන් පිටතට ගෙනයනු  පෙනේ....

විනිසුරු :-
උසාවියේ අයතා විදියට හැසිරීම නිසා බනියාට තුන් මසක ඕෆ්ලයින් හිරගෙයි කිසිම වැඩක් නැතුව සිරකර තැබීමට නියෝග කරමි...


පොඩි මෑන් :-
ස්වාමීනී මා මෙයත් කිවයුතුයි... ගෙට්ටුවේදිත් කෙල්ලෙක් නොලැබීම නිසා බනියාගෙ මානසික තත්වය හොද මදි ස්වාමීනි...

විනිසුරු :-  තමා කොහොමද එහෙම කියන්නෙ ?
පොඩි මෑන් :- මේ බලන්න ස්වාමීනි..... ගෙට්ටුවට පස්සෙ බනියා දාන ස්ටේටස්....
http://www.facebook.com/anushka.lakmal/posts/2173211388434

උසාවිය නැවත් සංසුන් වෙයි.... නිහැඩියාවක් පැතිරයයි...  අවසානයේ විනිසුරු තීන්දුව ප්‍රකාශ කිරීමට සැරසෙයි

විනිසුරු :-
 සියලු කාරන සැලකිල්ලට ගෙන මෙම චෝදනා සිදුකල  පොඩිමෑන් ඒවා යහපත් චේතනාවෙන් කල නිසා දඩුවම් නොකරන නමුත් නැවත් මෙවැනි දේවල් නොකරන ලෙස දැඩිව අවවාද කරයි.... ..බනියා මානසික රෝහලකට යැවීමට නියෝගකර සිටින අතර කෑලි බැලීමට ආතල් ගැනීමට කොල්ලන් බැලීමට ඒමට නොහැකිවූ අයටත් මේ සදහා සහබාගී උන අයටත්

" සයිබරයේ සිහින උළෙල 2012 " 

අප්‍රේල් 22 දා අගනුවරම පැවැත්වෙන බැවින් ඒ සදහා සහබාගී වීමට දැන්ම නිවාඩු දා රෙඩි පිට ඉන්නා ලෙසත් උසාවිය අවදාරනය කර සිටියි....

උසාවිය.... විසිර යා.....!!!



__________________________________________________

මඩ ගැහිල්ලත් කලාවක්............    ඉගන ගන්න....

88 comments:

  1. ඔන්න පොඩි මෑන් මමයි එක..නියමයි..

    ReplyDelete
  2. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ!
    :ඩී

    ReplyDelete
  3. මඩ ගහනවා කියලා මෙහෙමත් ගහනවද බන්? ඇඩෙනවා

    ReplyDelete
  4. විනිසුරු : යුෂ්මතා බොනවද?

    විත්තිකරු : බොනවනම් බොමු ස්වාමීනි! :D ;)

    ReplyDelete
  5. @ කුමාරි හාමි :- මාර ස්පීඩ්නෙ අනේ.... :D

    ReplyDelete
  6. @ වර්ණා :- ඔයා හැමදාම පරක්කුයි පාට පාට ගෑනු දරුවො...

    ReplyDelete
  7. බත් එකත් ඉස්පොල්ලෙ ගියා ඕයි !! සිරාම නඩුව... බි.පෙ.සි.

    සිහින උළෙල 2012.. අලුත් බලාපොරොත්තුවක් !

    ReplyDelete
  8. ඉරිසියාවේ බෑ. බනියට වෙච්ච දේ!!!

    ReplyDelete
  9. @ නුවන් තාරක :- කොයි හාමුදුරුවන්ගෙද ??

    ReplyDelete
  10. @Asanka :- කෝ මඩ පික්ෂුද ??

    ReplyDelete
  11. හුටා පාට පාට ගෑණු දරුවා කීවේ වර්ණාද පව් අහින්සකී

    පට්ට පෝස්ට් එක පොඩ්ඩෝ

    ReplyDelete
  12. යකෝ එකත් එහෙමද එතකොට
    අපිදන්නේ නැ නේ මෙහෙම සින් එකක්
    මටත් හිතුනා 10.30 වෙනකම්ම ඉදලා පාට පාට ගෑණු ළමයා එක්කගෙනම එනකොට මොකක් හරි කොස්සක් තියෙනවා කියලා

    ReplyDelete
  13. මඩ ගැහිල්ලත් කලාවක්...ඉගන ගත්තා.. අනේ යකෝ... :D :D

    ReplyDelete
  14. @පූෂා :- එහෙනම් යුෂ්මතා 22 එන්න :D

    ReplyDelete
  15. මම නො කමෙන්ට් කියා ඉවත් වෙමි.. මුන් මට කරන හදියක මහත :/

    ReplyDelete
  16. හෆ්ෆටසිලි කිව්වලු... මේ ගාලු ගමන ගැන එලටම ලියවිච්ච ජොලිම පෝස්ට් එකක්නෙ...:D මරු... හිකි හිකි!!!
    // ආයෙ මේ මක්ක කියනවද ස්වාමීනි බඩේ බත් වගේ දාන්න පහක්.... !!!//

    :D :D මට හොඳටම හිනා

    ReplyDelete
  17. @සිහිනයා :- පරණ හීනෙක අලුත් බලාපොරොත්තුවක්... :D :D

    ReplyDelete
  18. @පොඩි මෑන්
    උඹ හාමුදුරුවන්ගේ තමයි!
    :ඩී

    ReplyDelete
  19. චී චී හරිම කැතයි හරිම කැතයි.. මාගේ අකලංක ප්‍රේමයට.. මෙවන් නිග්‍රාහා කුමකටද.. අහෝ හෙන කූරයි ලොකේ.. !!
    කුජීතයි ලෝකේ...

    තො අහුවෙයං උනහපුලුවා.!!!!
    #*&@#@*()#@)#*&%@#*@&@

    ReplyDelete
  20. උසාවි නියෝගෙට දැන්ම වැඩ කරන්න වෙන්නේ නෑ බන් අපිට...
    දුක තමා රංජනී....

    ReplyDelete
  21. හත් ඉලවුවට ගහපු කලාබර කිවුවලු......
    මෙහෙම සීනුත් ඔතන ගියාද??
    මටත් තියේ අහන්ට නඩුවක්... කවුද පිස්සෙක් මගේ නම භාවිතා කොරල ඔය අවස්ථාවට සහභාගී වෙලා තියේ... එම නම් කමක් නැත... ඒකා කොල්ලෙක් වීම අහෝ ඛේදයක් වී තියේ..!!!

    ReplyDelete
  22. තනි ඇහැට ඇඩෙනවා ලොක්කා....ලෙසටම ලියලා තියෙනවා..මිටවැඩිය රියල් ගේමක් දෙමු අප්‍රියෙල් 22 ඇස් දෙකටම ඇඬෙන්න..

    ReplyDelete
  23. අඩෝ ෆට්ට නඩුව ! එත් එකම එක අව්ලක් තිබේ හොරෙක් මං පහරන්න්නෙක් ලෙස වෙස් වලාගත් දේෂ ප්‍රේමී සයිබර් පොලෝසියේ විශේෂ නියෝජිතයා මොකාද කියලා එලි කරලා නැ නොවැ O.o

    ReplyDelete
  24. බනිය තවම මේක දකල නැද්ද මන්ද, නැත්නම් බලල හොරා වගේ බැලුවේ නැ වගේ ඉන්නවද දන්නැ :D
    හෙට බනියට රෙදි නැතුව පාරේ යන්න වෙයි වගේ.. :D

    ReplyDelete
  25. අම්මට සිරි ඇතුලේ කතාවත් නරකම නෑ....නැවතිල්ලේ බලද්දී උඹලා සේරම කුමන්ත්‍රණ කරලා වගේ...මොනවා වුනත් මඩ පාර නිර්මාණාත්මකව ගහලා තියෙනවා..තාම බනියා ඇතුලෙද බං? එල එල පොඩ්ඩා...

    ReplyDelete
  26. හික් ගාල්ලෙ ඉදලත් මට එන්න බැරි උනානේ මෙකට... සික් අෆරාදේ... සෝක් මචෝ මේක තිබ්බෙ ගාළු උසාවියෙද බං???

    ReplyDelete
  27. නියමයි පොඩි මෑන් අයියා නියමයි...

    ඔන්න ඉතිං මගේ පලවෙනි කමෙන්ට් එකදැං ඉදංම ඇදුම් කාරිය ගන්න පටන් ගන්න ඕනා 22 එන්ට..

    ReplyDelete
  28. "කා ගාගෙනම ඉපදිච්ච කොයිවෙලාවෙත් බඩගිනි හිම හංසිට බනියගෙ ලීමෝලවත් විකුණල කන්න දෙන්න බෑරි නිසා "හයියෝ මම ඔච්චර කන්නෙ නෑ නෙ අය්යෙ.මොනව උනත් පව් අනුශ්ක අය්යා.මේක දකින් කෙල්ලෙක් හරි ඉතින් ඉල්ලුම් පත්‍රයක් දෑම්මනම් අනුශ්ක අය්යට

    ReplyDelete
  29. අලේ එලම නඩුව පොඩි මෑන්.මේ කලාව නම් අති අනර්ග මඩ ගෑමේ කලාවක් බව පෙනී යන බව සඳකිඳුරා බලෙන් විත්ති කූඩුවට පැන පවසයි.පොඩ්ඩාගේ මූන ඇල්බට් අයියාගේ මෙන් දිස් වේ.(ඇල්බට් අයියා කිව්වෙ අපේ ඇල්බට් අයින්ස්ටයින් අයියට ඕන්).22 අනිවා හොඳ දෙයක් රටටම පේන්න කරමු.සයිබර් සිහින උලෙළ සිහින පාරාදීසයක් කරමු.ජය

    ReplyDelete
  30. ලෙසටම ලියා ඇත.. ගෙට්‍ටුව ගැන ලියවුනු හොදම පෝස්‍ටුවයි.. ආය හෝදන්න දෙයක් නෑ ඒකේ.. :D

    ReplyDelete
  31. පොඩි මෑන් උඹගේ බ්ලොගේට අද තමා මුලින්ම කොමෙන්ටුවක් දැම්මේ.
    ඔහෙප්පලයන් මේක එහෙම්ම පිටින්ම මඩ වලක් නේ බන්ස්.
    පට්ට පෝස්ටුව ....
    අර උඹ කියනවා වගේ හෝදන්න දෙයක් නැහැ.

    ReplyDelete
  32. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යානටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
  33. දාපන්කෝ පහට දහයක්... මමත් මේ බැලුවේ රාජ් ලොක්කා.. ඔච්චර මාත් එක්ක ‍ෆිට් එකේ ඉදලා එක පාරටම සද කිදුරාත් එක්ක මාරු උනේ කොහෙටද කියලා..

    එත උන්නු කොල්ලෝ නම් කිවේ කොල්ලෙක් උනා නම් මු මෙහෙම යයි ද ? කියලා

    (සිරාවටම ඇත්තටම එක ඇත්ත නෙමේ හොදේ එනවා කියපු කවුරුවත් මග දාලා එන්න අපි හිතුවේ නැ.. කැවේ කට්ටක් උනත් ඒකත් අලුත් අත්දැකිමක්නේ..

    ඇ බන් බනියාට ගැලපෙන්නේ මොනවගේ කෙල්ලෙක්ද බන්... දැකපු හැටියට බ්ලොග් ලියන කවුරුවත් නො මැචින් තමා....

    22............... අපි රෙඩි ඕන දේකට

    ReplyDelete
  34. මොක උනත් ලෙසටම ලියා ඇත. එල එල කොලුවෝ. අඩෝ මු මම කලිසම පලා ගත්ත එකත් ලියලනේ. චිකෙයියා මට ලැජ්ජාවේ බෑ ඕයි...

    ReplyDelete
  35. "පොලිස් නිරධාරීන් දෙදෙනෙක් මැදින් අහිංසක පෙනුම ඇති පොඩි කොලුවෙක් සාක්ෂි කූඩුව වෙත පැමිනේ..." මේක නම් පට්ට බොරුවක්,.. :P
    කොහොම වුනත් මරු පෝස්ට් එක පොඩ්ඩෝ,. මල් හතයි ආ...

    ReplyDelete
  36. පට්ටය මචන්..ඒ වගේම අහිංසක බනියාට මෙවන් මඩ ගැසීමේ පලවිපාක ලෙස අප්‍රේල් 22 මූ ගොඩ නොගියොත් අපිට වහ කන්න වෙයි

    ReplyDelete
  37. පට්ට... මාතලන් අයියත් ආවද බන්.. මම හිතුවෙ මේ දවස්වල පොර රටෙත් නැතුව ඇති කියල..

    @Dar[K]: වෙන කවුද බන් අපේ මාතලන් අයිය මිසක්.. මම දැනුවත්ව නම් වෙන මංපහරන්නෙක් නෑ..

    ReplyDelete
  38. @ දේවා - රාජ් අයියයි මායි කාර් එකේ නැගී පාට පාට අක්කා ගෙන ඒමට ගිය වෙලේ මුන් අපිට නොහොඹිනා පදත් හදල නොවැ

    ReplyDelete
  39. ෂික් යකෝ මං නඩුව ඇහුවනං යවනව තෝව දහඅට මාසෙකට බරපතළ වැඩ ඇතුව.

    ReplyDelete
  40. එහෙනම් මේකයි ගාල්ලේ වැඩේ යටි අරමුණ.. සයිබරයේ සිහින උළෙල 2012වත් බනියට හාවියක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  41. @කනියා
    ටැග් ගලවගෙන ඇදන් වර

    @ පොඩි
    හෝදන්න දෙයක් නෑ.පැය දෙකට ගත්ත ආතල් එක ඉහටත් උඩින්. දවසක නැවත හමුවෙමු පොඩි.
    ඒත් ... හෙන්රි ප්‍රේදිස් එකේ නම් වැටකෙයියා ගාල් නෑළු.

    ඒ වගෙම තමා අපිට ආතල් එකක් සෙට් කරන්න කියලා උඹලා කාපු කට්ටට ස්තූති කරන්නත් මේක අවස්තාවක් කර ගන්නවා මම.
    වෙල් ඩන්..

    ReplyDelete
  42. හිකිස් හිකිස් !!! සුපිරියි අයියා..එල එල. ගෙට්ටුවට නාපු මට සීන් කෝන් එක මැවිලා පේනවා.

    ReplyDelete
  43. attaaa pitiya kiwwalu...............lajjai ha ................podi puthe api ahenam ape bunny koluwata adagolu bihiri haviyek wa wath set karamu neda?

    ReplyDelete
  44. ලාස්සනයි අප්පා..හෝදන්න දෙයක් නෑ..[ඔයාගෙ වචනයක්]යපිලටත් ඔය ගෙට්ටු වගේ ෆන් සීන් වලට එන්න අවසරද????

    ReplyDelete
  45. කාටද අර අහින්සක පාට කොලුවා කිවුවේ.. :/
    මේ මේ බනියා ව උණවටුනෙ එවන්න නම් එපා ඈ.. බනියා බලන්නෙයි කියලා හිම හංසි අක්කා යි ප්‍රාර්ථනා අක්කයි ඇවිත් බඩිගිනී බඩිගිනී කියලා අවසානෙ බාගයක් අපේ බවුවා ට ඉතුරු කරලා යයි.. :(

    ReplyDelete
  46. සයිබරයේ සිහින උළෙල කොළඹ ටිහියන්නේ නැතුව නුවර පැත්තට අරන් වරෙන්.කොළඹ අපිට දුරයි.

    ReplyDelete
  47. කෙටි නාට්‍යයක් බැලුවා වගේ...උසාවියෙ වැඩකලාද මේ උන්නාන්සෙ....
    කියන්න වචන නැතිය....ලස්සනම රචනාව...සුභ පැතුම් පොඩියෝ

    ReplyDelete
  48. මට එන්න බැරි වීම ගැන බොලල්ලත් එක්ක මාරම ඊරිසියයි.
    අනෙ අපොයි මෙහෙමත් මඩ. මන් හිතන්නෙ බ්ලොග් අවකසෙ ගහපු හොදම මඩ පොස්ට් අතරට මේක අනිව යනව ඇති.

    ReplyDelete
  49. පට්ට ආතල් සීන් එක මෙන්න මඩගහන කලාව පිස්සු කොර ආ උපරිමයි පොඩ් මෑන්

    අනේ සයිබරයේ සිහින උලෙල නුවර තියන්නකෝ මම කොළඹ ඉන්නේ කොළඹ අපිට කොළඹ තව මොනවා බලන්නද නුවර තියමු විනෝදෙන් ගත කරන්න ඇහැකි....(මාසෙකට සැරයක් මුණගැසෙන මගේ දැරිවි බලන්න යන්න අවස්ථාවක් ලබාදෙන්න නුවර තියමු පොඩි මෑන්)

    අනේ අනේ අනේ අනේ අනේ.......නුවරට බක්මහ සැණකෙලිය අරන් යමූ.......

    ReplyDelete
    Replies
    1. අන්න දාන්න පහක්.. මමත් සපෝට් මේ කතන්දරේට..

      Delete
    2. ඇයි 5ක් ඉල්ලන්නකෝ 25ක් ජයවේවා

      Delete
  50. නුවර තිබ්බොත් ගාල්ලෙ අයට එන්න බෑ නෙ.මට නම් කොමත් නුවර එන්නනම් අවසර ගන්න බෑරි වෙයි.කොළබ නම් අවුලක් නෑත.
    ෴ටින්ක්෴

    ReplyDelete
  51. මාර නඩුවක්නේ .. කොල්ලො ..
    ඕකට සහබාගි වුන අපිවත් නොදන්න කෙලි සෙල්ලංනේ බලාගෙන යනකොට වෙලා තියෙන්නේ..

    ReplyDelete
  52. හොඳ වෙලාවට තමයි අපි නෑවිත් හිටියේ නැත්තම් මඩ සෝදමින් තමා අද ඉන්න වෙන්නේ ..

    ඔය කීවට එන්න බැරි වීම ගැන දුකට මට පහුගිය දොහේ ඇඬිලා උන්නේ

    ReplyDelete
  53. සිරාවට ලියලා බොල.. ෆට්ටය..

    ආව නම් සැප කනේය..

    ReplyDelete
  54. අයියෝ... සල්ලි කිව්වලු. පව් බං බනියා....

    ReplyDelete
  55. අප්පට සිරි..යකෝ උඹ හැමදාම හෝදන්න දෙයක් නෑ කිව්වට මේකේ හෝදන්න මඩ ගොඩයි නේ බං..
    එල..

    ReplyDelete
  56. දැනුයි එදා වුනු සීන් හරියටම දැනගත්තේ උසාවි නඩු තීන්දුවෙන්.කවුද කියන්නේ ලංකාවේ උසාවිය හොඳ නැහැ කියලා.

    ලෙසටම එලටම කොරවෙන්න ලියලා

    ජයෙන් ජය.!!

    ReplyDelete
  57. ඔන්න මඩ.කවුද දන්නේ නෑ මඩ කල්දේරම මුදාහැරියේ.
    අහිංසක එවුන් ඒවා කරන්නේ නෑනේ නේද පොඩිමෑන්?

    ReplyDelete
  58. මොනවා කියන්නද කියල හිතෙනවා හප්පා. බනියෝ

    ReplyDelete
  59. අඩේ මේක සිරා පෝස්ට් එක... කලාත්මක මඩක්..

    බනියට දිව හපන් මැරෙන්න හිතෙන්න ලියල තියෙනවා... ඕක හපාගන්න දිව ඒ උනාට... හික් හික්

    ReplyDelete
  60. makzaaaaaaaaaaaaa.................
    උබ හරියට මාටින් වික්‍රමසිංහ ශුරීන් වගේනේ......................... කතාව නියමෙට ලියල තියනව.............. මට එන්න බරි උනා..............
    බලමු ඊලග වතාවෙවත්..........
    ඔබට ජයෙන් ජය................!

    ReplyDelete
  61. මඩපාර ගහල තියෙන්නේ බනියටද, රාජ් කොළුවටද කියල හිතා ගන්න බැරුවයි මම මේ කල්පනා කරන්නේ
    මට දුක වෙන මොකකටවත් නෙමෙයි, අප්‍රේල් ගේට්ටුවත් මිස්වෙන පාටක් පෙනිගෙන යන නිසා
    මම ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ අප්‍රේල් 22 න් පස්සෙනේ බං :((

    ReplyDelete
  62. අයියෝ ගාල්ලෙ ඉදලත් එදා එන්න බැරි වුනානේ.බලමු අප්‍රේල් 22 වත් සෙට් වෙන්න.

    ReplyDelete
  63. මරු උසාවියනේ.

    .. හරි හරි දේවල් වෙලානෙ එදා ... බලමු ඊලග ගෙට්‍ටුවටවත් එන්න ...

    ReplyDelete
  64. අනේ අම්මපා බොට මේවා කොහෙන් ඔළුවට එන ඒවද කියලා.

    ReplyDelete
  65. මොකෝ බං පරක්කු උනේ... මං බලං උන්න ගෙට්‍ටුවට පහුවදාම පෝස්‍ටුවක් වැටෙයි කියල....කෑලි බැලීම කිව්වෙ අර සූගාල ඇවිත් හිටිය තුන් දෙනාටද.....


    අඩ්ඩෝ උඹ හංගල ගහල තියෙන්නෙ.... එතකොට කවුද ඔය විනිඅසුරා.....?

    ඔන්න මඩ පඨාං ගත්තා... එන්න රොක්වෙන්න පොරකන්න...මිරිකන්න...... බොලොක්ක අවකාසයේ මාරාන්තික මඩ තරඟය ආරම්භ උනා........ඊලඟට මඩ ප්‍රහාරය බනියගෙන් පොඩිමෑන්ට..?

    ඕං අපිනං දැන්ම නිමාඩු දාගත්තා..හීන උලන්නවත් එන්න....නැත්තං මෙහෙ ඉඳන් ඉරිසියා කොරලම මැරෙනව ඕයි.....

    X-Porter

    ReplyDelete
  66. මඩය නෙමේනෙ මඩය, මූනෙ මඩය.

    කව්ද මේ jacksonlibrary ?
    වෙන පොස්ට් එකකත් දැක්ක එකම කොමෙන්ට් එක. තාම ලින්ක් හරහ ගිහින් බැලුවෙ නං නැහැ.

    ReplyDelete
  67. oya okkomath hari dan ithin vyangatai vimansatai mokada une? thawa kalpaantharayak balan inna weida danne na? habai ehema unoth thama podimanwa barapathala aparadekata usawi danna wenne.. ai appa hamadama awith balanawa adawath elanga kotasa daalada kiyala.. :(

    ReplyDelete
  68. ඊක්... මැදැයි මාත් ඉස්පැශල් උක්කුන් ටොපි කන්ට උන්නා...

    ReplyDelete
  69. එහෙනම් ස්පෙෂල් උක්කුං ටොපි කන්න මාත් 22 එනෝ.. තියෙන තැන කියලා තියන්නෝ.. තව මටත් කෙල්ලෙක් සෙට් කරලා දියෝ!!

    ReplyDelete
  70. අහෝ හාවා නොදිටි මොක් පුර

    ReplyDelete
  71. අඩේ මඩ ගහනවා කියල මෙහෙමත්? මේ පට්ටම සුපිරි මඩක් නේ.. හංගල ගලේ ගැහුවා වගේ..

    ReplyDelete
  72. මේවා දැක්කම සයිබර් සැනකෙලියට එන්නත් බයයි......

    ReplyDelete
  73. තඩි බනියා :D
    හපොයි බනියා :D

    ReplyDelete
  74. ශිකට ශිකේ... ඉඳල ඉඳලා නිවාඩු එනව ලංකාවට.. මේකා අවුරුදු උත්සවෙත් දාන්නේ මං නැති දවස් වලමනෙ...
    කමක් නෑ .. මෙකෙත් උඹල ජොලි කරපල්ලකො....
    හ්ම්ම්ම්ම්ම්..... මටත් දවසක් එයිනේ.... එදාට බලාගමු ......

    ..........Thilini Akka.........

    ReplyDelete
  75. බනිස් පාන් වුනේ ඔන්න ඔහොමලු

    ReplyDelete
  76. මට හිනා යනවා පොඩි මෑන්

    ReplyDelete
  77. පෝස්ටුව නන පරනයි ඒත් ෆට්ටයි ඈ

    ReplyDelete
  78. අඩෝ බනී.. යකෝ අපි ගහන මඩ මොනවද මේවනෙ මඩ! පුදුමයි මෙච්චර කල් අපි නොදැක්ක!

    ReplyDelete
  79. I could not refrain from commenting. Well written!
    My blog : chelsea transfer news neymar

    ReplyDelete
  80. Hey there! I simply wish to give you a huge
    thumbs up for the excellent information you have got right here
    on this post. I am returning to your blog for more soon.
    my web page - epl transfer rumours january 2013

    ReplyDelete
  81. අම්මප යකෝ බනියා සිය දිවි හානි කර නොගත්ත එක පුලුමයි,පට්ට මඩක්නේ?

    ReplyDelete