2012-05-23

මදුෂාණීට දැන් සුවයි....!!! හැමෝටම ගොඩක් පිං...













 මතකද  මීට මාස තුනකට විතර ඉහතදි ලට්ට ලොට්ට අඩවියෙන් ඔබෙන් පුංචි ඉල්ලීමක් කරා ජීවිතයක් බේරගන්න උදවුවක් දෙන්න කියල... ??


ඔවු... තයිරොයිඩ් පිලිකාවෙන් පීඩා විදපු  මදුෂාණි සහෝදරීට ප්‍රතිකාර කරන්න එකතුවෙන්න කියලයි අපි හැමෝම ඉල්ලා සිටියෙ...


මේ ගැන මුලින්ම පොඩිමෑන්ට කිවුවෙ දේවායි...   නිශාන්ත මහත්තයා මගින් තමයි දේවා මේක දැනගත්තෙත්....


සහෝදර පාසලේ සහෝදරියක් නිසාත් ලබා දී තිබුණු ලිපිනය ටිකක් ලඟ පහතක එකක නිසාත් වැඩේ ආරංචි  උන දවසට පහුවෙනිද හැන්දෑවෙ  කල්හාර කොලුවයි පොඩි මමයි ඇයව හොයාගෙන ගියා....


බලාපොරොත්තු උන විදියටම අපිට ඇයව මුන ගැහුනා.. ඇගේ මව අපිට සියලු වෛද්‍ය සහතික පෙන්වමින් අපිත් එක්ක කතා කරා...


ඒ සියල්ල සොයාගත්තට පස්සෙ  දේවාත් මමත් අපේ බ්ලොග් අඩවිය මගින් ඇයගි ජීවිතය බේරාගන්න උදවු ඉල්ලුවා...


ගොඩක් දෙනෙක්  ලට්ට ලොට්ට බ්ලොග් අඩවියේ පලවෙල තිබුන පෝස්ටුව මූණූ පොතේද ශ්‍යාකරමින් අපිත් එක්ක ඇයව බේරගන්න එකතු උනා..


ඒ අතරට ලංකාවෙන් එපිට ඉදපු අයත් ගොඩක් ඇයට උපකාර කරා...


 ඇය රෝහල් ගතවීමට දිනකට පෙර  අවශ්‍ය මුදලටත් වඩා ප්‍රමාණයක් එකතුකර ඇය අතට පත් කරන්නට  මටත්  නිශාන්ත මහතා මගින් අපිට මේ ගැන දැන්වූ ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි උන සුමිත්  මහතාටත් පුලුවන් උනේ  මේක කියවන ඔබ  සියලු දෙනා නිසයි.... ශල්‍යකර්මයට පසුව කෙරෙන අනෙක් ප්‍රතිකාර සදහාත් ඇයට මුදල් ලැබුනෙ උණුවෙන හිත් ඇති මිණිස්සු ඉදපු නිසයි....


මාස තුනකට පස්සෙ අද ඇය පිලිකා මාරයා පරදා සතුටු සිනා සලන බව  දන්වන්නෙ උතුරා යන සතුටත් සමගම බ්ලොග් පෝස්ට් දෙක තුනකින් ඇයගෙ ජීවිතය බේරගන්න විශාල වශයෙන් දායක වෙන්න අපිට පුලුවන් උනා කියන පුංචි ආඩම්බරයත් එක්කමයි...


ඇයව බේරාගන්න උදවු කර ලංකාවෙන් එපිට සිටින බ්ලොග් පාඨකයන් ඇතුලු  සියලු දෙනාටම ඇගේ හිනාව දිහා බලල හිනා වෙන්න පුලුවන් දවසක් අද....


අපි ඇයට සුභ අනාගතයක් පතමු....... !!!









16 comments:

  1. පොඩි උබ මේ කරනවැඩේ හොඳයි ! මොකද දැන් ඉන්න බල්ලෝ කෙල්ලන්ට පැණි හලනවා මිස ඒ කෙල්ලගෙ යහපත ගැන බලන්නේ නැහැ උබට විතරක් සහා ආධාර කරපු අයටත් වැඩි වැඩියෙන් සතුට මුව අද්දර සුපීපෙවා !!!

    ඇයට සුභ අනාගතයක් !!!

    ReplyDelete
  2. ඔයාල ඔක්කොම එකතු වෙලා බොහොම හොද දෙයක් කරලා තියෙන්නේ . අපිත් පුළුවන් විදියට උපකාර කළා .
    හරිම සතුටුයි ඇය සුවපත් උන එක ගැන.

    ReplyDelete
  3. සතුටුයි ඇගේ සිනහවන් ගැන
    අපි අපිටම මිස අපට වෙන කවුරුන්ද කිව්වලු

    ReplyDelete
  4. මම මුල ඉඳලම දැනං හිටිය හැමෝගෙම උදවු, මහන්සිය, ප්‍රාර්ථනා වලට හොඳ ප්‍රථිපලයක් ලැබෙයි කියල... ජීවිතේ මුකුත් කරගන්න බැරි කාලෙක උනත් සතුටු වෙන්න ඉතුරු වෙන්නෙ මේ වගේ දේවල් තමයි..
    …මම එනකොට ඉලංදාරිය නම් ගිහිල්ල.. ඒත් ඔහු ගියේ බ්ලොග් අවකාසේ එකමුතු කම, මනුස්සකම තව දුරටත් මතු කරල, තහවුරු කරල කියල මේ සිද්ධියෙන් තවත් ස්ථිර උනා..

    ReplyDelete
  5. නියම වැඩක්! ජයෙන් ජය!

    ReplyDelete
  6. සංතෝසයි පොඩ්ඩෝ..... හොඳ වැඩකදි හොඳ ප්‍රථිපල ලැබුනහම ගොඩක් සංතෝසයි. මේ සම්බන්ධව හැමෝම දැනුවත් කරලා කට්ටිය සම්බන්ධ කරගත්තට පොඩ්ඩටත් පබොහොම ස්තුතියි.... බොහොම පින්..... මධුෂාණිට දිර්ගායුෂ සමඟ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට ශක්තිය, ධෛයය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. සුභම සුභ අනාගතයක් නැගණිය!!!!

    ReplyDelete
  7. සතුටුදායක ආරංචියක්......
    පිළිකා මාරයා ගැන කලින්ම දැනගත්තොත් සුව කළ හැකියි.මදුෂානිට ඒ වාසනාව තිබිලා..:)))

    ReplyDelete
  8. මේ කතාව මුලින්ම නිශාන්ත මහතා ජිටොක් වලින් කතා කරන කොට අපිට මේ තරම් දුරක් යන්න පුලුවන් කියලා නිකමටවත් හිතුනේ නැ..

    ජිවිතයක් බේරාගන්න පුන්චි උදව්වක් කරනවද කියලා මම දාපු පොස්ට් එකට මගේ පොස්ට් එකත් ලින්ක් කරලා උබ , නජාත් මල්ලි වගේ බ්ලොග් ලොකේ ගොඩාක් දෙනෙක් පොස්ට් පල කරනකොට පොඩි උබ එතන ගොඩාක් ලොකු වැඩක් කලා.. එදා මට මතක විදිහට මම නිශාන්ත අයියාගෙන් විස්තර අහගෙන කියනකොට හවස 6ත් පහුවෙලා ඒ ‍රැ මදුශානි ලාගේ ගෙදර ගිහින් විස්තරත් ඇත්ත කියලා තහවුරු කරගෙන මේ වැඩේට අතගහනකොට අපිට තිබුනේ දවස් 20කටත් අඩු කාලයක්.. 220000ක් හොයන්න ඕන උනු මේ වැඩේට 387000ක් විතර හොයාගන්න ලැබුනේ අපේම බ්ලොග් සහෝදර සහොදරියන්ගේ ෆේස් බුක් ලොවෙත් නැ වගේ ගෘප් වලින් ලැබුනු උදව් නිසා කියන එක විවාදයක් නැ...

    පොඩි මේ වෙනුවෙන් නිශාන්ත අයියා උබ වගේම ගොඩාක් මහන්සි උනු සුජිව මහත්තයා.. ඕනයා අයියාව ගොඩාක් වගකිමෙන් මතක් කරන්න ඕනා.. ඒ අය නිසා අද මදුශානි නංගා සතුටින්...

    ඇයට යහපත් සුභ අනාගතයක්.. මේ පිනට දායක උනු උබේ ජිවිතයත් ගොඩාක් ලස්සන වේවා

    ReplyDelete
  9. Please enlarge the letters so the old guys like me can read this blog easily....
    Thanks

    ReplyDelete
    Replies
    1. old උන්ට guys ලා කියලත් කියනවද අම්මාපා !!!

      Delete
  10. මාර සතුටක් දැනෙන්නේ !!!!

    ReplyDelete
  11. මධුෂාණී සොයුරියට සුභ අනාගතයක් !!! මේ හොඳ වැඩේට සහාය දුන්න හැමෝටමත් පිං !!!

    ReplyDelete
  12. This design is spectacular! You most certainly know how to
    keep a reader amused. Between your wit and your videos, I was almost
    moved to start my own blog (well, almost...HaHa!

    ) Excellent job. I really loved what you had to say, and
    more than that, how you presented it. Too cool!
    Check out my webpage :: bpl transfer news arsenal

    ReplyDelete
  13. Aw, this was a very good post. Taking the time and actual effort to make a very good
    article… but what can I say… I put things off a lot and don't seem to get nearly anything done.
    Feel free to visit my weblog ... manchester united latest transfer news

    ReplyDelete