2012-05-13

ඔබා මාමේ.... උඹ අපේ හිත් තුල හැමදාම අමරණීයයි.....



ජීවිතේ එකම එක වරක් දැකපු..
හැබැහින් වචන කීපයකට වඩා කතා නොකරපු
උඹ සදහටම වෙන්වෙලා කියල ඇහුවාම
මගේ පපුව හිර උනේ ඇයිද කියල මම තාමත් දන්නෙ නෑ...

බ්ලොග් ලෝකෙට අලුත් එකෙක් විදියට
වෙන උන්ගෙ බ්ලොග් කියවගෙන යද්දි
සමහර පෝස්ට් වලට වඩා.. උඹේ කමෙන්ට් කියවන්න මම ආස කරා...

මමත් බ්ලොග් එකක පටන් ගත්තාම
උඹේ කමෙට් එකක් වැටුන දවසෙ
ඒක මට මහා ලොකු කමක් උනා...

ඒ උඹ මගේ හිතේ එච්චර " පොරක් " වෙලා ඉදපු නිසයි...


උඹ පොරක් උනේ වයස් සීමාවෙන් වෙන් කරන්න බැරි වෙච්ච යාලු කමට...
උඹ පොරක් උනේ හිතවත්කමට....
උඹ පොරක් උනේ මනුස්ස කමට....

එදා උඹත් එක්ක හිනා උන හැමෝම
ඇස්වල කදුළු පුරෝගෙන
බලාගෙන ඉදිද්දි...
තව ටිකකින්
උඹ හිනාවෙලාම යන්න යාවි....

උඹ විතරක් හිනා වෙද්දි
අපි ඔක්කොම අඩාවි...
අද ඉදං... බ්ලොග් අවකාශයේ හිනාව අඩුවේවි....

ඔබා මාමේ....
උඹ අපේ හිත් තුල හැමදාටම අමරණීයයි..... 

උඹට නිවන සුව....!!!

48 comments:

  1. මිනිස්සුන්ගේ හදවත් වල ජීවත් වූ ආදරණීය සහෘදයෙක් ......එතුමන්ගේ ඒ අව්‍යාජ සිනාව ඇතුලේ ගොඩාක් දේවල් හැංගිලා තිබුනා ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුවම අත්වේවා!!

    ReplyDelete
  2. ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  3. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!

    ReplyDelete
  4. මගේ ඔලුව කරකවිලා ගියා වගේ.. කවදාවත් බලාපොරොත්තු වුනේ නැහැ ඔබා මාමා මෙච්චර ඉක්මනට අපිව දාලා යාවි කියල..

    ReplyDelete
  5. නුදුටු මිතුර, සනත්, ඔබට නිවන් සුව!

    ReplyDelete
  6. ඔබා අයියා නැති උනා කියලා ඇහුවම පිස්සු හැදුනා වගේ උනා.... හිතා ගන්න බෑ...!!!!
    අන්තිම පොස්ට් එක බැලුවෙ අද උදේ... අර 18 + එක..
    ඔබා ට නිවන් සුව...!!!

    ReplyDelete
  7. හැම විටම සිනහවෙන්…සැහැල්ලුවෙන් සිටි මිනිසා….සැහැල්ලුවෙන්ම ඒ ගමනත් ගිහින්

    ඔබා අයියෙ ඔබට සුබ සැන්දෑවක්…..

    ReplyDelete
  8. පොඩිමෑන්,මටකියන්න ඕනෙඋනත් ගලපගන්නබැරිඋනදේ උඹකියලතියේ,,බ්ලොග්ලෝකයේ ආදරණිය මිනිසාට නිවන්සුව අත්වේවා...

    ReplyDelete
  9. හිතාගන්නවත් බැරි සමුගැනීමක්. මම මුලින්ම දැනගත්තෙ මාරයගෙ බ්ලොග් එකෙන්. තවමත් ඒ කම්පනය දැනෙනව දැනෙනව වගේ. මම වසර ගණනාවක් සිංහල බ්ලොග් ෆලෝ කරත් මෑතක් වනතුරුම කමෙන්ට් කරේ නෑ. ඔබා මාමා බ්ලොග් එක පටන් ගන්නත් කලින් ඉඳලම අන්තිම පේළියට ලියපු ලිපි කියවල රස වින්ද. ඒ වගේ සරල සුන්දර අත්දැකීම් බහුල මනුස්සයෙක් ආයෙත් අපිට ලැබෙනකන් නෑ. ඔබ නැති අඩුව හැමදාම අපිට දැනේවි. ඔහුව මුණගැහෙන්නත් අවස්ථාවක් ලැබිල ඒක මිස් වෙච්ච එක ගැන මට එදාටත් වැඩිය අද කණගාටුවක් ඇති වෙනව. ජීවිතේ මහ පුදුමාකාරයි. අපි හිතන පතන දේවල් නෙවෙයි වෙන්නෙ. ඔබ අද අපෙන් සමු අරන් නොඑනගමන් ගිහින්. මේ සංසාරගමනේ කවදා හරි නැවත ඔබ මුණ ගැහේවි. එතෙක් සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  10. ඔබා මාමේ, ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  11. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  12. හිතාගන්න බැරි කණගාටුදායක සිද්ධියක්.
    ඔබා මාමාට නිවන් සුව පතමි !

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!

    ReplyDelete
  14. මට අදහගන්නත් බැරිවුනා හලෝ....:(

    ReplyDelete
  15. සිංහල බ්ලොග් කියවන්නෙක් වන මම හදවතින්ම වැලදගත්ත අව්‍යාජ ෙසාදුරු මිනිසෙක්. කමෙන්ටුවකින්වත් කවදාවත් කාගෙවත් හිත රිදෙන යමක් ලියනවා දැක්කෙ නැහැ විවාද වලදි කවදාවත් පැත්තක් ගෙන කොමෙන්ට් කරලා නැහැ...
    කවදාවත් හමුවෙලා කතාකරලා නැතිවුනත් ලඟම හිතවතෙක් විදයට දැනුනා. ඒනිසා හිතට ලොකු දුකක් දැනෙනවා.
    සිංහල බ්ලොග් අවකාශයෙ සොදුරුම මිනිසා....
    ඔබා අය්යට නිවන් සුව!

    ReplyDelete
  16. ඔබා අයියා අපි අතරින් වෙන් වුනත් කවදාවත් ඔබා අයියගෙ මතකය අපේ හිත් වලින් මැකෙන්නේ නැහැ..

    ReplyDelete
  17. අයිය හරි.. මටත් ඔබා මාමගෙ පලවෙනි කොමෙන්ටුව වැටුන දවසෙ දැනුනෙ මහ සතුටක්, ආඩම්බරයක්... කරන හැම විහිලුවක් ම විහිලුවක් කියල දැනගෙන ඒ විදියට බාරගෙන අපිටත් විහිලුවක් කරල සැහැල්ලුවෙන් හිටපු මනුස්සයෙක්... හැමදාම අපිව හිනස්සල ඒත් අද අපි හැමෝම අඬවල නොකියම යන්න ගියා.. අපිට උදවු කරන්නවත් අවස්ථාවක් දුන්නෙ නෑ.. උගුර හිරවෙලා කඳුලු පිරෙනවා මේ මොහොතෙත්..

    ReplyDelete
  18. ඔබා අයියාට නිවන් සුව! තවත් දහසක් දේ කීමට ඇතත් පසුවට කල් දමමි.

    henryblogwalker the Dude

    ReplyDelete
  19. ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!

    ReplyDelete
  20. හීනෙන්වත් නොසිතු සිද්දියක් උදේම ආරංචි වුනේ.

    "OBSERVER" ඔබා මාමේ ඔබට නිවන්සුව!!..

    ReplyDelete
  21. නිවන් සුව ලැබේවා ....

    ReplyDelete
  22. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  23. ඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.

    ReplyDelete
  24. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  25. අදහාගන්න බැරි පුවතක් ගෙනා ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!

    ReplyDelete
  26. ගොඩක් දුකයි.ඔබා මාමාට නිවන් සුව.

    ReplyDelete
  27. Deneth walata kadulu enawa apa hara giya bawa danagaththama,apa miya yana thuruma oba innawa mithure apa hada atthule hama dama.Nivan Suva!

    ReplyDelete
  28. ආදරණීය ඔබා මාමේ....
    අවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව....
    :'(

    ReplyDelete
  29. අද උදේ උඹේ කෝල් ඒක ආවාම මට හිතා ගන්න බැරි උනා මොකක්ද මේ උනේ කියලා. ඇස් වලට කදුළු එකතු කරලා ඔබා මාම යන්නම ගිහින් ආදරණිය ඔබා මාමේ ඔබට නිවන් සුව...

    ReplyDelete
  30. ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  31. "නුඹේ කතා වෙනදාමෙන් ඇසුනි
    ඉබේ ඇහැරී ඒ හීනය බිඳුණි
    හැබෑව නම් නුඹ ළඟ නැති 1 පමණි"

    ReplyDelete
  32. මමත් බ්ලෙග් කියෙව්වට කමෙන්‍ටුවක් දාන්නෙ කලාතුරකින්,ඒත් ඔබා කියන නම අහම්බෙන් හරි දැක්කොත් නොකියව යන්නෙ නෑ,එහෙව් ඔබා මාමා නැති වුනා කිව්වම දැනෙන්නෙ ලොකු කම්පනයක්.ඔබට නිවන් සුව

    ReplyDelete
  33. ඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !

    ඇත්තටම මගේ බ්ලොග් එකෙත් ඔබා මාමගේ කමෙන්ටුව වැටුනාම මමත් පුදුම විදියට සතුටු උනේ.

    ReplyDelete
  34. කිසි දා අමතක නොවේ......

    ReplyDelete
  35. හිතා ගන්න බෑ... හැබැහින් නොදැකපු... කතානොකල කෙනෙක් වෙන් වෙලා ගියහම දුකක් දැනුනු පලමු අවස්ථාව... ඒ බ්ලොග් ලෝකයේ ඔබ මගේ සමීප මිතුරෙක් නිසා වන්නට ඇති... වයස් පරතරය නොදැනුනේ ඒක නිසා වෙන්න ඇති. මම බ්ලොග් කියවන්න පටන් ගත් දවසේ මුලින්ම මතකයේ රැඳුනු චරිතය ඔබයි...
    ඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!!
    යලිත් සිංහල බ්ලොග් ලෝකය සරසන්න අප අතරම යලි ඉපදේවා...
    එදාට අපි මාමලා වෙලා ඉදිවී... නැවත හමුවන තුරු..........................................................

    ReplyDelete
  36. කිසි දා අමතක නොවේ......

    ReplyDelete
  37. කිසිදිනක දැක නැතඉ උවද කතා රස විද ඇත
    ඔබට නිවන් සුව ලැබේවා...

    ReplyDelete
  38. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  39. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  40. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  41. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!

    ReplyDelete
  42. ඔබා මාමේ ඔබට නිවන් සුව!!!!

    ReplyDelete
  43. ජීවිතය මිරිගුවක්
    තණ අගක පිණි බිඳක්
    යන මුනිදු බණ පදය
    ඔබෙ වියොව
    මට කියයි..

    කවට බස් තෙපළමින්
    සැම අතර සිටිය ඔබ
    අපට නොකියම හොරෙන්
    කොහෙද තනියම ගියේ..

    ReplyDelete
  44. අනේ අපේ ඔබා මාමට මොකද වුණේ කියල කාටහරි කියන්න පුළුවන්ද?මට මේක තාමත් හීනයක් වගේ.

    ReplyDelete
  45. අදහන්න අමාරු ඇත්තක්. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව,

    ReplyDelete
  46. ඔයාගේ ෆේස් බුක් එකේ පෝස්ට් එකෙන් තමයි මම ඉස්සෙල්ලම මේ ආරංචිය දැනගත්තේ.. ඉස්සෙල්ලා හිතුවේ බොරුවක් කියලා. ගොඩක් දුකයි මල්ලි... ඔබා මාමට නිවන් සුව පතමු..

    ReplyDelete
  47. ada ekama eka comment ekak adui..
    e Obaa mama ge comment eka..
    Obaa maama ta nivan suwa.
    Hemadaama Podi manz ge blogs kiyawaddi aniwaaryen hoyaa gena gihin hari mama Obaa mama ge comment eka kiyawanawaa mai..
    eth ada idan.....

    ReplyDelete