2012-06-02

කෑදර හෙවත් කා බෑ පුතා




අපේ එකෙක් හිටියා... උගේ කාඩ් එක කෑදර... ඒ නම වැටුනෙ ඌට කොත්තු තුනයි එලෝලු රොටි තුනකුයි කන ගමන් කෝක් බඩි දෙකක් බොන්න පුලුවන් වෙච්ච නිසයි..

තවත්  ඌ තියපු රෙකෝඩ් එකෙක් තමයි ගාල්ලෙ චීනගෙ කඩේ කිවුවාම ඕන එකෙක් දන්න චනීස් එකේ ( කුණු ඇල පාරෙ තියෙන ග්ලෝබ් චයිනීස් රෙස්ටුරෙන්ට් එක ) දෙන්නෙක් අමාරුවෙන කාල ඉවර කරන ෆුල් පෝෂන් එකක් මූට තනියම කන්න පුලුවන් ගේමක් නැතුව...  ඒක කාල ස්කෝලෙට ඇවිදගෙන එන ගමන් මූ මැගී දෙකකුත් ගන්නව ස්කෝලෙට ගිහින් හදාගෙන කන්න කියල...

මූ කන තරමටම පුස් ඌරෙක්ට වගේ හයිය හත්තියත් තියෙනවා.. මූට යකා නැගපු වෙලාවට කරන්න තියෙන හොදම වැඩේ තමයි කකුල් දෙකට වැදල දුවල කොහේ හරි හැංගෙන එක.. එක සැරයක් අපි ට්‍රිප් එකක ගිහිපු වෙලාවක මූට ආතල් දීලා මට මතකයි මම ඔහිය ස්ටේෂන් එකේ ලැට් එකේ පැයකට වඩා හැගිල හිටිය මහ රෑ හීතලේ ගැහු ගැහි.

මූට අම්භානෙකම තරහ යන්නෙ බඩගිනි වෙච්ච වෙලාවට... ඒ වෙලාවට මූගෙ ඔලුවට ලේ යන නහර ඔක්කොම වැහෙනවා... ඊට පස්සෙ ඉදල මූ හිතන්න ගන්නෙ බඩෙන්... ලඟ පහත ඉන්න හැම එකා එකෙම මල පනින එක සාමන්‍ය සිරිතක්... මූට බඩගිනි වෙලාවට තින්තස් ඇන එක්ක ගල් අඟුරු උනත්  කාවි.. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ...

 අපේ සෙට් එකේ ඉදපු වාචාලම කට තිබුන තවත් එකෙක් වෙච්ච චූටි  කියන විදියට මූ ඉපදිල තියෙන්නෙ " කා බෑ " නැකතෙන්... ඒක නිසාම චූටියා  මූට ආදර්ශ පාඨයක් දාල තිබුනා.. ඒ තමයි 

" කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි..."

කෑදරයගෙ කෑම සමබන්ද කතා අම්බානෙක තියෙනවා.. ඒව ලියන්න බ්ලොග් පෝස්ට් 20 විතර ලියන්න වෙයි

හැබැයි මුගේ ආතල්ම සීන් එක වෙච්ච වෙලාවෙනං මම  එතන  ඉදියෙ නෑ.. ඒක නිසා මේක "ලු" කතාවක්.. අපේ උන් දිගට හරහට මඩගහනව ඌට මේක කිය කිය... මඩක්මද දන්නෙ නෑ.. හැබැයි උගේ ඉතිහාසය සලකා බලන කොට මේක වෙන්නත් බැරි නෑ...

ඔන්න කෑදරයො තෝ මේක බලල මගේ ඇගට ගොඩ වෙනව එහෙම නෙවෙයි හරිය...

ඔන්න දවසක් කෑදරයා  ගියාලු  මුන්ලගෙ ගෙවල් පැත්තෙ ගෙයක් ගෙවදීමේ පාටියකට.. ගාල්ලෙ ඉදල උඬුගම පාරෙ කිලෝමීටර් 50 විතර ඇතුලෙන් තියෙන ගමක් වෙච්ච තවලම ප්‍රාන්තෙ මිනිස්සුන්ගෙ ආගන්තුක සත්කාර ආයෙ ඉතිං හෝදන්න දෙයක් නෑ උපරිමයි..... උදේ පාන්දරම අදාල ඉස්ථානයට වාර්ථා කරපු මූ  ගිහින්  පුරුදු විදියටම උදේ පාන්දර ඉදංම කරපු එකම වැඩේ  ඉතිං කන එක විතරයිලු...

කිරිබත් කැවිලිජාති කෙහෙල් ගෙඩි ඇතුලු තියෙන හැම එකකටම වගකියල  ඔන්න  ටික වෙලාවකින් කොල්ල ඉන්නවලු පුටුවක  හාන්සියක් දාල බඩත් අතගගා...

"මොකද මචං සීන් එක..."

මුගේ ලඟට කිට්ටු කරපු එකෙක් මුගෙන අහල...

"කෑව වැඩියි වගේ බං... හරි අමාරුයි...."

අපරාදෙ කියන්න බෑ මොනව කරත් ඌ හරි අවංක එකා... මුගේ මූන දිහා බලල මූ ඉන්න අමාරුව තේරුම් ගත්ත මුගේ යාලුව ඊට පස්සෙ මූට මෙහෙම කිවුවලු..

ඒකනෙ ... තොට කන්න ගියාම මෙලෝ සිහියක් නෑනෙ...  දැන් ඉතිං වෙන කරන්න දෙයක් නෑ ... උගුරට ඇඟිලි දෙක දාල වමනෙ කරපං...

ඒක අහපු කෑදරය දත්කූරු විකුවලු...

" තෝ මේ ලබ්බක් කතා කරනවා...  යකෝ උගුරට ඇඟිලි දෙකක්  දාන්න පුලුවන්නම් මම තව අරින් පුවාලු ගෙඩියක් කනවනෙ... "


   අනේ ඉතිං කාට කියන්නද......

                                        ෴෴෴

කෑදරයගෙ බඩගිනි කම නිසාම හදපානේ හෙළුවෙන් අපිට මැරත්න් එකක දුවන්න සිද්ද වෙච්ච හැටිත් කියවන්න...



හඳපානේ නිරුවත් වානරයා 1
හඳපනේ නිරුවත් වානරයා 2

35 comments:

  1. මුහාහාහා.. :D :D
    ඇගිලි දෙකක් නිසා.. පුවාලු ගෙඩි 2 ක් උනත් බැරි නැ.. :D

    ReplyDelete
    Replies
    1. උඹ දන්නෙ නෑ ඒ පොඋවාලුවක සයිස්... මෙන්න

      Delete
  2. "ඊට පස්සෙ ඉදල මූ හිතන්න ගන්නෙ බඩෙන්..." සිරා...

    ReplyDelete
  3. යකෝ ඌට බඩක්ද නැත්නම් වෙන මොකක්හරි එකක්ද බන් තියෙන්නේ?

    ReplyDelete
  4. වෙලාවට ඇගිලි ගහගන්න තැනක් නැති වුනේ

    ReplyDelete
  5. Radiya :-
    " කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි..." oya sin eka hitapu gaman math wenawane :P

    ReplyDelete
  6. හහ් හහ් හා.....

    ReplyDelete
  7. කෙසෙල් කැන් වෙළදාම පිළිබදව හොද දැනුමක් තියෙන පුද්ගලයෙක් නේද මෙයා ? :D

    ReplyDelete
    Replies
    1. :O හත්වලාමයි... මේ කවුද මේ.... ??

      Delete
  8. යකෝ මේකා මොකෙද්ද? :-)

    ReplyDelete
  9. හිකිස් හිකිස්! තව කන්න! මාරයි බං ඌ නං!

    ReplyDelete
  10. " කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි..." LOL

    ReplyDelete
  11. //ඌට කොත්තු තුනයි එලෝලු රොටි තුනකුයි කන ගමන් කෝක් බඩි දෙකක් බොන්න පුලුවන් වෙච්ච නිසයි.. //
    මගේ අම්මෝ :ඔ කෑදරයෙක් ම තමා, පින්තූරෙත් පට්ටය්..

    ReplyDelete
  12. අපෝ පොඩ්ඩෝ අර පිංතුරේ නම් අජුතයි..කැත එකේ..

    එක නෙමේ කොහමේයි මැගි හදන්නේ ඉස්කෝලේ..ඉස්කොලේ කුස්සිත් තියෙන්වද..අපේ නම් එ කාලේ තිබ්බා අර ප්‍රායෝගික කියලා විශේයකට ඔය කැම ජාති හදන්න නම් පංතියක් ..එත් ඉතින් ටිච ගෙන් කැමැත්ත නැතුව බැනේ ඔව්වා හදන්න..

    අප්පෝ මේ මනුස්සයාව බදින ගැණු කෙනාට දෙයියන්ගේ පිහිටයි..

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලයක් තිබුනා අපි ස්කෝලෙ පදිංචිවෙලා ඉදපු කාලයක්... ෆ්‍රිෆෙක්ට් බෝඩ් එකේ ඉන්න කාලෙ එක එක වැඩ වලට තමයි එහෙම නැතරවෙලා ඉදියෙ... සාමන්‍යයෙන් ඩේ අක දවස්වලට සති දෙකක විතර ස්කෝලෙමයි රේසර් ටූත් බ්‍රෂ් පවා තියෙනව ඇදුම් හෝදගෙන වේලගෙන ඔක්කොම කරේ ස්කෝලෙ..

      නැවතිලා ඉදියෙ ෆ්‍රිෆෙට් රූම් එකේ.. මැගී හැදුවෙ රූම් එකේ හීටරේ ගහලා.. රොටි පුච්චුවා අයන් එකෙන් පරිප්පු හැදුව ෂොපින් බෑග් එකේ.. :)

      ඉස්සරහට ඒ ගැන කතා ටිකක කියන්නම්...

      Delete
    2. අඩේ කියන්න හිතපු එක නිම්ශා කියල නොවැ... ඔන්න මාත් කිව්ව එහෙනම්..

      …අප්පෝ මේ මනුස්සයාව බදින ගැණු කෙනාට දෙයියන්ගේ පිහිටයි..

      Delete
  13. පොරව බන්දුල මහත්තයට අදුන්වලා දුන්නනම් ..

    ReplyDelete
  14. //අපේ එකෙක් හිටියා... උගේ කාඩ් එක කෑදර...//
    අපේ හිටපු එකාගෙන නම කෑම දාස. අපේ එවුන් පොරට කැන්ටීන් එක ලග වැටුන බිත්තර රෝල්ස් හිටින් අහුලං ඇවිත් දෙනවා පොර දන්නෙ නැතිව කනවා.

    //ගාල්ලෙ ඉදල උඬුගම පාරෙ කිලෝමීටර් 50 විතර ඇතුලෙන් තියෙන ගමක් වෙච්ච තවලම ප්‍රාන්තෙ මිනිස්සුන්ගෙ ආගන්තුක සත්කාර ආයෙ ඉතිං හෝදන්න දෙයක් නෑ උපරිමයි...//
    ලගදි මාත් ගියා බද්දේගම, මගෙ මිත්‍රයෙක්ගෙ ගෙදර දවස් 2ක් හිටියා. මගෙ යාලුව කොලබ ඉදන් ගෙදර ඉන්න වැඩේ දුරකථන මාර්ගයෙන් සෙට් කලේ. මගෙ යාලුවගෙ දෙමව්පියෝ මාව දැකලවත් නැතිව. මාත් එක්ක ගිය මගෙ තවත් මිතුරෙකුටයි මටයි උපරිමයෙන් සැලකුවා.

    Fatta ඩයල් එකක් නේ බං.

    අපේ දෝදුවා දවසක් අළු කෙසෙල් ඇවරි 3ක් අමුවෙන් කාලා පාන් රාත්තල් 1.5ක් කෑවා මලගෙදරකදි



    ජය !

    ReplyDelete
  15. මූ මාර කා පාලුවෙක් නේ..

    ReplyDelete
  16. යකෝ කොත්තු 3ක්? මූ කාගෙද?

    ReplyDelete
  17. හික්ස්........හපොයි දෙයියනේ....

    ReplyDelete
  18. ඇත්ත කියපන් පොඩී, උබ උඩින්ම ලියල තියෙන්නේ ඌ තුන් වේලකට කාපු කෑම වට්ටොරුවක් නේද. ඇයි බං එක වේලකට ඔය සේරම කන එකෙක් ඉන්නවනම් අනිවා ඌට බඩක් නෙමේ ඇත්තේ අම්බලමක්.හෙහ් හෙහ්... ජය...!

    ReplyDelete
  19. කෑමක් පේන්න බැරි පොරක් වගේනේ..

    ReplyDelete
  20. ආදර්ශ පාඨය තමයි මරු.
    " කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි..."

    ReplyDelete
  21. ලූ කියපු හින්ද හොඳා මොකද මේක පරණ කතන්දරයක්. මං පොඩි කාලේ අහලා තියෙනවා.

    ReplyDelete
  22. // ඌට කොත්තු තුනයි එලෝලු රොටි තුනකුයි කන ගමන් කෝක් බඩි දෙකක් බොන්න පුලුවන් //

    දෙයියනේ .... කව්ද බිල ගෙවන්නෙ.

    ඇත්තටම ඌට කන්න දීල ම උගේ ගෙදර මිනිස්සු දැන් හිඟමනට වැටිල ද?

    ReplyDelete
  23. Podi Man Methuwak Kalekata Dapu GONMA Post Eka. Kiyewwatath Padui Ban. Oya Kathawa Ahapu Nathi Ekek Lankawe Innawada Ban. Umbath Nikan Lankadeepe DEIYO SASKKI Type Wenna Epa Ban. Liyanna Deyak Nathinam Noliya Indapan.

    Umbe Hama Post Ekakma Kiyawapu Ekek.

    ReplyDelete
    Replies
    1. Meka nam sure ekatama කෑදර dala thiyenne.

      Delete
  24. මට මේ තනි කොත්තුව කාගන්නත් බෑ...කොත්තු තුනක් ? පිස්සු හොඳ වෙනවා අහපුහාම !

    ReplyDelete
  25. හපෝයි මට උපරිම කන්න පුළුවන් පාන් එකහාමාරයි ඊට වඩා නම් බැරියෝ... මේකා මෙහෙම කනවා කියන්නේ මුගේ මුළු ඇඟේම ඇත්තේ ආමාශයක්...

    ReplyDelete
  26. ඕකාට කවදහරි සිද්ධවෙන්නේ ‘කාල‘ මරණයක්. අකාල මරණයක් හෙම නෙමෙයි

    ReplyDelete
  27. Replies
    1. ඒ බං අරකත් දාපං, "නෑ නෑ අම්මේ උන් මං තරම් කන්නේ නෑ"

      Delete