2012-06-13

කෑදර හෙවත් කෑ බෑ පුතාගේ තවත් වික්‍රමයක්....




අපේ සෙට් එකේ ඉදපු කෑදරයගෙ  " ලු " කතාවක්  මම කලින් කිවුවනෙ... ඕක පරන කතාවක් කියල ඔය කතන්දර එහෙම කිවුවා... ඒක නිසා පොරරගෙ ඇත්තම කතාවක්  කියන්න තාමයි මේ හදන්නෙ...

ඒ ලෙවල් කරන කාලෙ  ඒ කියන්නෙ 2007 - 2008  අවුරුදු දෙකේ පාසලේ සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එක තමයි ඔය අපේ සෙට් එක කියන්නෙ.. 24 දෙනෙක් ඉදපු සෙට් එකට ගුරුවරු පවා කිවුවෙ යමයො රැල කියලයි..  ඒ කාලෙ තිබුන ලොකුම ආතල් එකක් තමයි ලංකාව පුරාම ප්‍රිෆෙක්ට්ස් ඩේ වලට යන එක..  ඒකාලෙ ඉදලම ප්‍රිෆෙක්ට් ඩේ සංස්කෘතිය හා ඩේ නිසාම සෙට් වෙච්ච යාලුවො හැන අභීත එහෙමත් ලියල තියෙනව   මම දැක්කා..

ඔන්න ඔය වගේ ඩේ එකකට යන්න අපි සෙට්වෙන්න කතාකරගත්ත  සෙනසුරාද දවසක උදේ පාන්දරම ගාල්ලෙ ස්ටේෂන් එකට.. ඩේ එක තියෙන්නෙ මාතලේ  ඊට පහුවෙනිද... ඒ කියන්නෙ ඉරිද...  කොළඹින් 10. 30 තියෙන පොඩි මැණිකෙ ටේන් එකේ ගියාම 3 විතර වෙනකොට මාතලේ බහින්න පුලුවන්..  දුර ඩේ එකක් යනකොට කොහොමත් එහෙමයි ... වේලාසන ගිහිල්ල එහේ ඉන්න උන්ගෙ ගෙවල්වල රවුමක් දාල කොහෙන් හරි පැනල නාල කාල බීල රෑ වෙනකොට ඩේ එකට තියෙන ස්කෝලෙට එනවා... එදා රෑ ස්කෝලෙ තමයි නවතින්නෙ.. අපි වගේම දුර ඉදල එන තව ස්කෝල 10වත් නවතිනව අඩුම ගානෙ රෑට එදාට..

 ඔන්න ඒ වගේ සෙනසුරාද උදේම  යන්න ලේස්තිඋනත් මොකක හරි හේතුවක් නිසා අපිට කියපු වෙලාවට යන්න බැරි උනා .. අපේ කාගෙ හරි එකෙක්ගෙ  බුලක් නිසා තමයි... උදේ 7ට පිටත් වෙන්න ඉදපු එක  ගාල්ලෙන් පිත් වෙනකොට 3 විතර වෙලා මතක හැටියට...

යනකන් උගේ පරම්පරා වරුණනාව කියාගෙන  හිගින් කොහොම හරි මාතලේ බහිනකොට වෙලාව 11.30 විතර වෙන්න ඇති ස්කෝලෙට යනකොට 12 කිට්ටුයි...  ( ස්කෝලෙ නම මොකද්ද කියල නොවැලැක්විය හැකි හේතුව නිසා කියන්න බෑ..  මාතලේ ප්‍රධාන පිරිමි පාසල් කියල විතරක් මතක තියාගත්තම හරි  )

මාතලේ ගිහින් සෙට් වෙන්න තියාගෙන තියපුව පරක්කු නිසා කෝච්චියේම සෙට් වෙලා තිබුන නිසා කට්ටිය ආවෙ හොදට නිදාගෙන... ඒක නිසා අපි එනව කියල කන්ෆෝම්  කරන්න බැරි වෙච්ච නිසා  අපිට ඩිනර් එකත් නෑලු....


 ඔන්න  කෑදරයගෙ  ඔලුවට යකා වැහිච්ච තැන...

" මුන්ගෙ  අම්මලට  හු###  එනව කියල කිය කිය එන්න ඕනෙද... ?? අපි කලින්ම කිවුවනෙ අපි එනව කියල...   දැන් මම මුන් එකෙක් හරි මරාගෙන කනවා  ඇයි යකෝ.. මගේ ඇස් දෙක පේන්නෙ නෑ බඩ ගින්නට... කඩවලුත් වහල මගුල.. "

කෑදරගෙ බෙරිහන්දීම අපි ඉවසගෙන හිටියෙ අපිටත් අම්භානෙක බඩගිනි නිසා....

උන් එක්ක ටිකක වෙලා කුටු කුටු ගාපු අපේ දුමින්දය අපේ තැනට ආවා...

 හරි මචං  නයිට් කඩයක් තියෙනවලු උන්ගෙ සෙට් එකකුත් අපිත් එක්ක එනවලු එතනින් කෑම කන්න පුලුවන් කියල කිවුවා...

" හු ####  දැන්ද ඕක කියන්න   කැ###  @#%$#@$&%^*<{"<>()&*  "

 කෑදරය සුපුරුදු ලෙස අම්ම මෝ නැතුව අරුන්ට බනිනවා...  ඒ මදිවට කලුවරේම එතන තිබුන බට් ඇඹරැල්ල පැලයක ගෙඩි ටික විතරක් නෙවෙයි කොලට ටිකත් ඌ කාල....

 කොහොමින් කොහොම හරි  අපේ සෙට් එකේ 8යි  උන්ගෙන් තුනකුයි  නයිට් කඩේට ආව.. කන්න  ඇවිත් මේස දෙකක් එකට දාගෙන වාඩි උනා කන්න...

 " මචං මෙතන තියෙන නියමම අයිටම් එක තමයි චිකන් සුප් එක.. තනියෙන් එකෙක්ට ලොවෙත් බොන්න බෑ පත සයිස්... වගේම මාර රසයි  පාන් කාලක් එක්ක සුප් එකක ගැහුවනං ආයෙ බඩ පැලෙන්න තරමට... "

එහෙ ස්කෝලෙ එකෙක් අපිට රෙකමන්ඩ් එක දුන්නා ... ඒක නිසා අපිත් සුප් ඕඩර් කරා පාන් එක්ක...

සුප් එක ගෙනාවම තමයි දැක්කෙ ඌ කිවුවෙ ඇත්ත කියල...   ඒ කාලෙ හැටියට රු 80 වගේ වෙච්ච සුප් එක මාර රසයි වගේම පත සයිස්...  හැබැයි කෑදරයනම් සුප් එක දැකල කිවුවෙ වෙන කතාවක්...

" මේකද යකෝ තනි එකෙක්ට බොන්න බෑ  පත සයිස් කිවුවෙ...  හෙග්... මටනං පාන් ගෙඩියක් කන්න පුලුවන් මේකත් එක්ක.. "

 කෑදරයගෙ බඩේ තරම අපි දන්නව උනාට  ඒක අහපු අපේ මාතලේ සෙට් එක  කෑදරයට හිනා උනා...

" පාන් ගෙඩියක්... ඕකත් එක්ක... ?? අනේ පලයන් බං යන්න..  උඹ කොන්ඩදෙනියෙ හාමුදුරුවො වගේ පෙරේතයෙන් බැඳගෙන ආවත් ඕකනං කන්න බෑ ...  අපිට තනි සුප් එක බොන්න බෑ.. අපි තින්දෙනාම ගත්තෙ සුප් දෙකයි... "

උගේ සහජ දක්ෂතාවය අවතක්සේරු කරපු මේ නර පණුවො තුන්දෙනත් එක්ක කෑදරයගෙ තිබුන තරහ ඩබල් උනා උන් දාපු කින්ඩිය නිසා... යකෝ පිටින් ඇවිල්ල කන්න දුන්නෙ නැතුව මදිවට  එක එක කින්ඩිත් දානවා...  ඒක නිසා තමයි කෑදරය වහාම සංග්‍රාම භූමියට බැස්සෙ...

" හරි ඔට්ටුවක් අල්ලමු...   මම මේ සුප් එකත් එක්ක  පාන් ගෙඩ්යක් කනවා...  බැරි උනොත්  උඹලගෙ සුප් දෙකේ බිල මම ගෙවනවා...  මම කෑවොත්  මගේ බිල උඹල ගෙවන්න ඕනෙ හරිද.. ?? "

කෑදරයගෙ ඔට්ටුව උන්ට පෙනුනෙ වදුරෙක් ඇවිල්ල ගහක් උඩ ඉදගෙන නියවල කරන පොඩි විහිලුවක් වගේ... උන් උඩ පැනල ඔට්ටුව බාර ගත්තා... උන් දැන්නෙ නෑනෙ මේ ඉන්නෙ නිකන් වඳුරෙක් නෙවෙයි හිමාලෙ උනත් උස්සගෙන යන්න පුලුවන් හනුමන්ත  බව...

 ඔන්න මහා සංග්‍රාමය ඇරඹුනා..  කෑදරය කනව කනව කනව  කනව කනව කනව ...    ඉවරයක් නෑ  ආයෙ කනවා...

අරුන් තුන් දෙනා බයවෙලා බලාගෙන ඉන්නවා....

අපේ උන් අමාරුවෙන් සුප් එක බීගත්තත් සමහර උන් සුප් එක ඉතුරුකරල බලාගෙන  ඉද්දි කෑදරය තනියම සුප් එකත් එක්ක පාන් ගෙඩියක් කාල ඉවර කලේ වහල්ලක්වත් ඉතුරු නොකර...

අරුන් තුන් දෙනාගෙ ඇස් දැන් දැන් එලියට පැනල මේසෙ දිගේ රෝල් වෙයි කියල අපි බලාගෙන ඉදියා....

කාල ඉවර වෙලා උස්මක් අල්ලපු කෑදර උන්ගෙ දිහා බැලුවා...

" හරිනෙ මචං... එහෙනං බිල ගෙවනවනෙ... "

ඌ එහෙම ඇහුවාම උගේ දිහා බලාගෙන ඉදපු උන්ට පුලුවන් උනේ යන්නතන් ඔලුව හොලවගන්න විතරයි...

" අන්න එහෙම තමයි ඔට්ටු තියෙන්න ඕනෙ... .. "

 හිනාවෙලා බඩ අතගාල එහෙම කියපු කෑදරයා අපේ තව දෙන්නෙක් ඉතුරු කරල තිබුන සුප් කෝප්ප වල තිබුන සුප් උගේ එකට දාගත්තා...  දාගෙන කින්ඩි හිනාවක් දාල අරුන් තුන්දෙනාගෙ පැත්ත බැලුව...

"  ඔට්ටුව හරි උනාට මගේ බඩ පිරුනෙ නෑ බං  "

එහෙම කියල වේටරයට කෑගහල කතා කරා...

" අයියේ....... තව පාන් බාගයක් ගේනවයි....... !!! "


අරුන් තුන්දෙනා කලන්තෙ දැම්මෙ නැති එක විතරයි....  .......

                                                  ෴෴෴


 කෑගෙ  " ලු " තාව  මෙනින් කිවන්න..


කෑහෙත් කා බෑ පුතා..

62 comments:

  1. Replies
    1. හිකිස් කියල නෙවෙයි හික් කියල අරුන්ට ඉක්ක වැටුනා...

      Delete
  2. කෑදරට බඩක් නෙමේ වෙන මොකක් හරි අවයවයක් පිහිටලා තියෙන්නේ ...ෂුවර් ..

    ReplyDelete
    Replies
    1. අපිත් ඕක හොයන්න ට්‍ර්යි කරා

      Delete
  3. අඩේ බලහන් ඕකගේ කන එව්වා වෙන කොහෙට හරි යනව ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. නෑ මචං බඩටම තමයි යන්නෙ මොලද මූ ටොයිලට් ගියාමත් පැයක් විතර යනව වැඩේට

      Delete
  4. යකෝ බඩක්ද..ආවාටයක්ද...?

    ReplyDelete
  5. මට මූව පොඩ්ඩක් හම්බෙන්න ඕනේ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගාල්ලෙ අමානා ටකාෆුල් එකට ආවනම් හමබවෙන්න පුලුවන්

      Delete
  6. හෙහ් හෙහ් උගේ බංඩිය චන්ඩි ඇති :P

    ReplyDelete
    Replies
    1. බඩිය විතරක් නෙවෙයි ඌත් චන්ඩි

      Delete
  7. අනිවා ඌ ප්‍රිබයොටික් අඩංගු යෝගට් කන්ඩැති.. !! :D :D

    ReplyDelete
    Replies
    1. ප්‍රිබයොටික් කෙසේ වෙතත් බල්ඩ් ඩොනේශන් එකක දවසකදි යෝගට් 50ක් කෑවා එක පාර

      Delete
    2. වෙලාවක කෑදර මහත්තයව මුණ ගැහෙන්න හිතයි....

      Delete
  8. ලොවෙත් ඩයල් එකක් නේ බං

    ReplyDelete
  9. ඉස්කෝලේ ඇතුලේ පල්ලියක් තියන ඉස්කෝලෙටද ගියේ 2006 ඩේ එකට නම් අපිත් ආව

    ReplyDelete
  10. අපේ එකෙක් ඉන්නවා මෝනිස් එකේ බිත්තර පාන් 12ක් කාපු

    ReplyDelete
  11. :D :D මූ නම් මාර යකෙක්

    ReplyDelete
  12. මග දිගට ලියන එක නවත්තලාද දැන්

    ReplyDelete
    Replies
    1. ලියන එක නවත්තල නෑ දාන එක නවත්තලල තියෙන්නෙ පොඩි හේතුවක් නිසා පස්සෙ කියන්නම්කො.. :)

      Delete
  13. ඔය කන හැටියට ඇත්තටම කැදර ඔය වගේ මහතද පොඩි....මගේ අම්මෝ සුප් එකකුයි පාන් රාත්තලක්... :O

    ReplyDelete
    Replies
    1. පොඩිකාලෙනම් දන්නෙ නෑ ඒ කාලෙ උනත් එච්චර මහතක් නෑ මොකද කන තරමට වැඩත් කරනව කොල්ල

      Delete
  14. ඔය වගේම සීන් එකක් දෙමල ෆිල්ම් එකකත් තිබ්බා,, ඒකේ මූ කඩේ මුදලාලිත් එක්ක ඔට්ටු අල්ලනවා පරාට 50 කනවා කියලා, ඉතිං මූ පරාට 5ක් විතර කෑවාම මුදලාලි පොඩි කලු ලෑල්ලක ඉරි හතරක් සමාන්තරව ඇඳලා තව ඉරකින් හරහට කපනවා... මූ මෙහෙම පරාට 40ක් විතර කනකොට මුදලාලියට තේරෙනවා වැඩේ අල වෙනවා කියලා. මූත් හිතිං ගැන ගැන තමා කන්නේ, පරාට 45ක් විතර කෑවට පස්සෙ මුදලාලියා මූට හොරෙන් අර ඇඳපු ඉරි 10ක් විතර මකනවා, අරූ හරියට 50ක් කාල ඉවර උනාට පස්සෙ මුදලාලිට කියනවා හරී මම කාල ඉවරයි කෝ ඔට්ටුවේ සල්ලි දෙන්න කියලා, මුදලාලියා කියනවා මොන සල්ලිද ඕයි තමුසෙ තවම කාල තියෙන්නෙ පරාට 35යි කියලා, එතකොට මූ කෑ ගහනවා නෑ නෑ මම 50ක් කෑවා.. හොර සෙල්ලම හරියන්නේ නෑ... මුදලාලි ගනන් ලියද්දි හොරකරල තියෙනවා, එව්වා ඔට්ටු නෑ, ඔක්කොම ටික මකන්න, ආයෙ මුල ඉඳල කරමු කියලා. මුදලාලියා කලන්තේ හැදිලා බිම. :P

    ReplyDelete
    Replies
    1. මූව අහුඋනොත් උදේකානත මූව දාල සිංහල ෆිල්ම් එක ගහවි මයෙ හිතේ... :D

      Delete
    2. පට්ට කතාව... අනේ මචං තියන ෆිල්ම් එක කියපන්.. අර කතාව කියවලා එද්දී මේකත් දැක්කම බඩුම තමා.

      Delete
    3. මෙන්න කමෙන්ට් !!! පට්ට පැට්ටෝ !!!

      Delete
  15. මේ වගේ එවුන් නම් කොහෙත් ඉන්නවා.මග දිගට 19 විතරයි වගේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ල්ගදි එනවා.... පොඩ්ඩක් ඉවසන්නකො

      Delete
  16. ඒ බං මට මූව ටිකක් හම්බු වෙන්න ඕන..මාර ඩයල් එකක්නෙ. :D
    මට මෙන්න මේක පුලුවන්නම් හොයල කියහන්කො..
    මූට බඩවල් එකකට වඩා නැත්නම් ශාඛා බෙදිච්චි බඩක්ද තිබ්බෙ?
    නැත්නම්
    මූ කනකොට ඒව අවුට්ගොයින් වෙන්න ඉස්තාන මුකක් හරි තිබ්බද?

    ReplyDelete
    Replies
    1. එක්ස් රේ එකක අරගෙන බැලුවාම එතන තිබුනෙ කලුපාටට විතරයි බං... ඩොකාලටත් හොයාගන්න බැරි උනාලු :D

      Delete
    2. හෑ ඒනම් කලු කුහරයක් තමයි ඌට තියෙන්නෙ!

      Delete
  17. මුගේ බඩේ ලස්සන හිගන පව්ලක් ඉන්නවා , ලොකු දූ බදින්න ඉන්නේ .. ඒ බැදලත් දුවගේ ගෙදරම නවතිනවලු

    ReplyDelete
    Replies
    1. පොඩි දූල දෙන්නම පැනල ගිහිල්ල ඒක නිසා දැන් මූ එච්චර කන්නෙ නෑ මතකනෙ හම්බවෙච්ච දවසක කිවුව දැන් එච්චර කන්න බෑ බං කියල :D

      Delete
  18. ලොවෙත් නෑ...ලොවි ගහෙත් නෑ..ගහ මුලත් නෑ....

    ReplyDelete
    Replies
    1. ගහේ කොලත් නෑ ගාල්ලෙ පොලෙත් නෑ

      Delete
  19. මට හිතුන ඌ ඒකත් කයි කියලා

    මරු බඩුවක්‍ නේ !

    ReplyDelete
  20. අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු.. මුගේ බඩේ හිඟන්නෙක් පදිංචි වෙලා හිටියද?

    ReplyDelete
  21. එක නම් බඩක් නෙමෙයි දෙබෝක්කාවක් !

    ReplyDelete
  22. පට්ට ඩයල් එකක්නේ...:D

    ReplyDelete
  23. ඔහොම බඩවල් ලබන්නත් පිං කරන්න ඕනේ

    ReplyDelete
  24. ඔහොම ඩයල් එකක් ගැන මං අහලා තියෙන්නෙ සව්දන් ජෙමා ගැන විතරයි. ෆිල්ම් එකකුත් තිබුණා.

    ReplyDelete
  25. අපේ සෙට් එකෙත් ඉන්නව ඔහොම එකෙක් උගේ බඩ ඇතුලේ හිගන පවුලක්ම ඉන්නව කියලා තමයි අපේ sir කියන්නෙ
    උටත් කා බෑ පුතේ

    ReplyDelete
    Replies
    1. මේක තමා පට්ටම කමෙන්ට් එක !!

      Delete
  26. යකෝ තෝ අපේ ඉස්කොලේටනේ ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  27. අපොයි.... මරු බඩක්නෙ...

    ReplyDelete
  28. මූ කන ඒවා කොහෙටද දන්නේ නෑ යන්නේ..

    ReplyDelete
  29. ෂික් .. බලපං ඌ කරපු බලු වැඩේ. මූණ උඩ නහය තියනව වගේ ඕක කන්න පුළුවන් බව හොඳටම දැනගෙන ඉඳලත් ඌ ඔට්ටු ඇල්ලුවෙ උගේ බිල ගෙවන්න විතරනෙ. ඌට කියන්න තිබුනෙ මේ ටික ඔක්කොම කෑවොත් උඹල අපි ඔක්කොම කාපුවගෙ බිල ගෙවන්න ඕන කියල.

    ReplyDelete
  30. හික්... කවද් බං ඔය හනුමා.. බොලෑයි ඉස්කෝලෙ මොකද්ද බං??..... දැනගන්න අහන්නෙ....

    ReplyDelete
    Replies
    1. හනුමා පෙන්නන්න වරෙන්කො අපේ ඉස්කෝලේ පැත්තේ.

      Delete
  31. උගේ ආමාසය අධික ප්‍රත්‍යාස්ථතාවක් තියෙන රබර් ජාතියක්ද මන්දා...
    මාතලේ කිව්වම ආයේ වෙන පිරිමි ඉස්කෝල තියෙනවැයි... අර පල්ලිය ගාව තියෙන ඉස්කෝලේ ඇරෙන්ඩ !!! හික්ස් :)

    ReplyDelete
  32. අම්මාපල් එල කොල්ලෙක්නෙ.............

    ReplyDelete
  33. mama oya uba kiyana clg eke thma machnn... Mma ethakota podi eka kaale.. He hee,, mmath oya day eke grma 1kaza htya....

    ReplyDelete
  34. මාතලේ පිරිමි පාසල් එකයි තියෙන්නේ.. ඒ අපේ එක විතරයි..

    ReplyDelete