2011-11-07

ගාමණි බැලුවද... ? ගූ හැත්තෑවයි...




"උඹ  ගාමනී  බැලුවද... ..   ගූ හැත්තෑවයි බං...  හිරිපොද වැස්ස හොදයි ඊට වඩා..."

මීට ටික දවසකට ඉහතදී එකෙක් මගෙන් අසුවේය... ඒ වන විට මම ගාමනී බලා තිබුනේ නැති... කට්ටියම කියන නිසා ගිහින් බැලුවේය..... බලපු පාර මෙහෙම ලියන්නටද හිතුනේය...

ආයෙ හෝදන්න දෙයක් නැතිය.. ගාමනී එලය...   සිංහල සිනමාවේ  අලුත් පිටුවක් පෙරලන්න පුලුවන් නිර්මානයක්ය...  බලපු එකා ගාමනී ගූ හැත්තෑවයි කිවුවෙ.. හිරිපොද වැස්සේ වගේ බුරි ජීලා බුරි පෙන්න පෙන්න නටන්නේ නැති නිසාය... උදේකාන්ත වගේ පිටරට කොප්පයක් ලෝකල් ගල් දෙකක් පෙන්නා විකුනුවේ නැති නිසාය...

ලංකාවෙ උන්ට හෙන ගැහී ඇත්තෙ ඔන්න ඔය නිසාය. අපේ දේ අගයන්න බැරිය... සුද්දාගේ අහවල් එක ලොකුය..
ට්‍රාන්ස්ෆෝමස් 3 සමග ගාමනී සසදා බලනවාය...  එහෙම එවුන්ගේ උන්ඩුකපුච්චෙත් ගොමය...

ලංකාවෙ පිචර් හොදවන්නනම් කුනුහරුප ජෝක් තියෙන්න ඕනෑය....  නැතිනම් නවක නිලියන්ගෙ කකුල් පේන්න ඕනෑය... අඩුම තරමේ බුරියක්වත් පේන්න ඕනෑය...  එතකොට ෆිල්ම් එක හොදය...  නැතිනම් ගූ හැත්තෑවය...
වැඩක් නැතිය.. පිටරට ඒවායේ අහලකටවත් තියන්න බැරිය.... 

ගාමනී චිත්‍රපටයේ පන්සලේ ඇබිත්තයාගේ චරිතය කරන නලුවා ඇත්තම අංගම්පොර ශිල්පියෙක්ය... ඒකාගේ ෆයිට් වැඩක් නැතිය... පිටරට තාක්ෂණය යොදාගෙන කරණ සුද්දාගේ ඒවා මේවාට වඩා හොදය.. මේවා බලු වටින්නේ නැතිය....

ගාමනී චිත්‍රපටයේ අඩුපාඩු නැතුවා නොවේය... සර්ව සම්පූරණ චිත්‍රපටියක් හදන්න ඉස්පිල්බර්ග් මමාටවත් බැරිය... වෙනසකට තියෙන්නෙ අපේ මොට්ට කම නිසා ඒවායෙ අඩුපාඩු අපිට නොපෙනෙන එකය.. ඒවා පට්ටයි කියා බලන්න කලින්ම ලේබලය අලවාගෙන බලන නිසාය... ලංකාවේ ඒවා ගූ හතයි කියලා බලන්න කලින්ම කියාගෙන බලන නිසා පේන්නෙ වැරදිමය...

ගෙවන ගානට පාට උලා පොටි දමා කපා සැකසූ  ගලක්වත් පේනවානම් අතේ ගානවත් ඉතුරුය.. එවා හොදය.... ගාමනි වගේ ඒවා නරකය...  ඒවායේ  මේකප් පාට උලා නැති ඇත්තම ඒවා පේන නිසා මෙලෝ රහක් නැතිය...

මේ සියල්ල අවසානයේ පොඩිමෑන්ට එකම එක ප්‍රස්නයක් තියෙනවාය...  සුද්දාගේ හැම එකම හොද එකාලා.. වැඩේ කර සුද්දා වගේම කොල කෑල්ලෙන් පිහිදනවාද... නැත්නම්  ලංකාවේ ක්‍රමේට වතුරෙන් හෝදනවාද යන්නය...

වතුරෙන් හෝදනවානම් ප්‍රස්නයක් නැත්තේය.... බඩු හොදට යන්නේය...  කොලකෑලිවලින් පිහිදනවානම්... බඩු අරවගේ යන්නේ නැතිය...  හැමදාම කරපු බඩු වලින් චුට්ටක් හරි තාමත් පුකේය... එතන ගූ හැත්තෑවට වඩා තියෙනවාය...

බලපු නැති අයත් ගාමනී බලන්නය...

ගූ හැත්තෑව ඒවා නොව මෙන්න මේවාය..


ප.ලී

මූනු පොතේ පොඩි මෑන්ගෙ ෆෑන් පේජ් එකට මෙතනින් ගිහිල්ලා ලයික් එකක් දමා එන්ට ඒ පොඩි මෑන්ගෙ ලට්ට ලොට්ට වලට කැමතිනම්ය...


66 comments:

  1. අනේ හු### මේක ගිහින් පෙන්නහං එදිරීසිංහ ඇන්ටිට.. :DDD

    ReplyDelete
  2. සිරාවට!පෙර මතයක පිහිටා දේවල් රස විඳීම අදාල නිර්මානයට කරන අසාධාරනයක් වගේම අපේ රසවින්දනයට එල්ලකරගන්නා සෘජු බලපෑමක්!

    ReplyDelete
  3. මේ හොදට ඉන්න හාවාත් නරකට යනවා මේ චාටර් බ්ලොග් එක නිසා.. අපේ ළමයින්ටවත් එන්න දෙන්න නරකයි මෙව්වා බලන්න අනාගතේ..!! හොහ්..! :P

    ReplyDelete
  4. " සුද්දාගේ අහවල් එක ලොකුය..
    ට්‍රාන්ස්ෆෝමස් 3 සමග ගාමනී සසදා බලනවාය... "

    සහතික ඇත්ත බන්.... ගාමනි මමත් බැලුවා... බිම පෙරලෙනකොටත් හිනා වෙන... කෙල්ලොන්ගෙ කකුල් දෙකයි බුරියයි පෙන්නන... කුනුහරුප නැති අපේ චිත්‍රපටියක් බලන්නත් ලේසි නෑ නේ... එහෙව් එකේ ගාමනි සිරාය. පට්ටය.

    "සුද්දාගේ හැම එකම හොද එකාලා.. වැඩේ කර සුද්දා වගේම කොල කෑල්ලෙන් පිහිදනවාද... නැත්නම් ලංකාවේ ක්‍රමේට වතුරෙන් හෝදනවාද යන්නය..."

    උබටත් හිතෙන දේවල්... සිරාම කනේ පහර.

    ReplyDelete
  5. මමත් ගාමණී බැලුවා. මට නම් එහි එතරම් වරදක් නෑ. හොඳ කතා සංකල්පයක්. නමුත් මගේ මිතුරන්ගේ අදහස වුනේ ගාමණී චිත්‍රපටය ඉරහද යට වැනි ෆිල්ම් එකක් සමඟ ලඟින් වත් තියන්නට බැරි බවයි. ගොන්පාට් වැඩි බවයි. අපේ මිනිස්සු බලන්නේ තවත් දෙයකට සාපේක්ෂව අනිත් දේ පහතට දාලා කතා කරන්න. මේ ෆිල්ම් එකේ සමහර තැන් නම් ගොන් පාට් තමයි. ඒත් කෙනෙක්ගේ හොඳ උත්සාහයක් අගය කරන්න ඇයි අපි මැලි වෙන්නෙ?

    ReplyDelete
  6. ගාමිනි ගූ කියනවනම් ඌ කිසිම රසඥතාවයක් තියෙන එකෙක් වෙන්ඩ බැ බං...කොහොමත් අතීතේ ඉඳන්ම ලංකාව පාවා දුන්න එවුන් හිටිය එකේ...මේවගෙ කාලකන්නි තමා ඒ පරපුර ඉස්සරහට ගෙනියන්නේ...

    ReplyDelete
  7. ගාමණි, යනු වාර්ගික අර්බුද නැවතත් ඇවිලවීමටනම් හොඳ සංකල්පයකි. යුද්ධයක් අවසන් වු මේ මොහොතේ සිදු කළ යුත්තේ ඒවා නැවත පෙන්වා මිනිසුන්ගේ සිත් වල වෛරය ඇති කිරීම නොව සියලු දෙනාටම ඒවා අමතක කර සහයෝගිතාවයෙන් සිටිය හැකි රටකි.

    එල් ටී ටී ඊ ය මේ පෙන්වන විදිහට සිංහලුන් කපා කොටා ඝාතනය කළ බව ඇත්ත, නමුත් ආර් ප්‍රේමදාස යුගයේ සහ ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක අමාත්‍යාංශය මෙහෙයවු යුගයේ සිදුවූ දෙමල සංහාර කෙසේ අමතක කරන්නද?

    චිත්‍රපටය හොඳ හෝ නරකද මම නොදනිමි, නමුත් එය විකාශනය කළ කාලය නම් හොඳ නැති බව මම දනිමි.

    ReplyDelete
  8. ගාමිණි නොබලා මට මේ ගැන යමක් කියන්න බැ , හැබැයි ප්‍රචාරක පටවල නම් කිසිම සිනමාත්මක බවක් තිබුනේ නැ . සිනමාත්මක බවක් නැති ටෙලි නාට්‍ය ටයිප් එකේ චිත්‍රපටියක් මම බැලුවොත් ඒ කොමඩියක් තමයි (සිකුරු හතේ , කිං හන්තර් බහු භූතයෝ ) . ඒ වගේම ලියවිලා තිබුන විචාරත් (නිකන්ම එල පට්ට ගු හතයි වගේ ඒවා නෙවෙයි ) චිත්‍රපටිය බලන්න තිබුන උනන්දුව අඩු කලා . යුද්ධයත් එක්ක ජාති වාදය වපුරන නිර්මාණයක් කියලයි ලියවිලා තිබුනේ .එල්ටිටියේ වැරදි මනුෂ්‍යත්වයත් එක්කයි විග්‍රහ වෙන්න ඕනි .මම මාතා කියල චිත්‍රපටියක ට්‍රේලරයක් දැක්කා ඒක නම් ඒ වගේ කියල හිතෙනෙව . කොහෙන් කොපි කලත් හිරි පොද වැස්ස කියන්නේ සිනමා නිර්මාණයක් , චිත්‍රපටියක් විදිහට ගහපු ටෙලි නාට්‍යයක් නම් නෙවෙයි .

    ReplyDelete
  9. @ Bunny :- අනේ හු### ඇවිත් බලන්න කියපං.... :D :D :D උබේ ආයෙ අමුතුවෙන් නරක්වෙන්න තියෙන්නෙ මොනවද.... ??

    ReplyDelete
  10. @ sabith :- මෝඩ යක්කුනෙ බං....

    ReplyDelete
  11. @ පිස්සා :- අග්.... කාටද මම කනට ගැහුවෙ.... ඔන්න මම කාටවත් කනට ගැහුවෙ නෑ.... :D

    ReplyDelete
  12. @ සුදු මැණිකෙ :- මටනම් ඉරහද යටට වඩා ගාමණි හොදයි... එක එක්කෙනාගෙ රසඥතාවය වෙනස්...ඒක හරි ඒත් අපේ දේ අපේ කමෙන් බලන්න බැරි රසවින්දනේ ඇති වැදගත් කම මොකක්ද... ??

    ReplyDelete
  13. @ Raj :- සහතික ඇත්ත මචං....

    ReplyDelete
  14. @ Kas :- මටනම් ඒකෙ කිසිම වරදක් පේන්නෙ නෑ... ඒවගේම වර්ගවාදය අවුස්සන කිසිම දෙයක් ගාමණි එකේ නෑ... අපි එහෙම හිතනවනම් ඒ අපේම වැරද්ද... ත්‍රස්ථවාදීන් කියන්නෙ දෙමල මිනිස්සු නෙවෙයි... එල් ටී ටී ඊ එකට සහයෝගය දක්වපු සිංහල ජාතියේ එවුනුත් ඉදියා... වර්ගවාදය ඇවිස්සෙන්නෙ සියලුම දෙමලුන් ත්‍රස්ථවාදියෝය යන සංකල්පයේ ඉදගෙන බැලුවොත්... ඒකටත් උත්තරය ගාමණි චිත්‍රපටය දීල තියෙනවා...

    අනික යුද්දය අමතක අක්‍රන්න කිසිම හේතුවක් නෑ... යුද්දය අමතක කරනව කියන්නෙ අද අපි බයක් සැකක් නැතුව පාරෙ බැහැල යන්න ... බත් කටක් කන්න ඉඩහදපු ලේහලපු ජීවිත දන්දීපු සියලුම රණ විරුවන් අමතක කිරීමක්...

    ආ.. ඒක ඉවරයි කියල ආතල් එකේ ඉන්න එක නෙවෙයි වැදගත්... ඒවා මතකෙ තියාගෙන ආයෙ ඒවගේ දේකට සුලු ඉඩක් හෝ ලබානොදෙන එකයි.. ඒක මතු පරපුර දැනුවත් කිරීමයි... වර්ගවාදය ඇවිස්සීමක්නම් නෑ මෙතන..

    "ආර් ප්‍රේමදාස යුගයේ සහ ලලිත් ඇතුලත්මුදලි ආරක්ෂක අමාත්‍යාංශය මෙහෙයවු යුගයේ සිදුවූ දෙමල සංහාර කෙසේ අමතක කරන්නද?"

    මේ ගැන මම වැඩි යමක් දන්නෙ නෑ.... නමුත් මම කලිනුත් කිව්වුවා... දෙමල කියන්නෙ ත්‍රස්ථවාදීන් නෙවෙයි... අන්න එහෙම හිතන ගොන් යක්කු තමයි ඔය කෙහෙල්මල් වර්ගවාදයක් අවුස්සන්නෙ... එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් සමග තිබුන යුද්දය හා වර්සවාදය අතර තඹ සතේක සංම්බන්දයක් නෑ... එහෙම සංබන්ද කරනවනම් ඒ අපේ තකතීරු කම... නැතිනම් ඒ බව දැන දැන ලාබ ප්‍රයෝජන බලාගෙන කරණ අසික්කිත අවජාතක වැඩ..

    ReplyDelete
  15. @ බුවාගේ සිතුවිලි :- චිත්‍රපටය සාපේක්ෂ මනසකින් නැතුව විවෘත මනසකින් බලන්න... එහෙ සිනමාත්මක බවේ අඩුවක් තිබුනෙ නෑ.... අනික වර්ගවාදය ඇවිස්සීමකුත් නෑ... ඒකටත් පිලිතුරු දීල තියෙනව ච්ත්‍රපටියෙම...

    විචාරයක් ...අදාල චිත්‍රපටිය බලන්න උනන්දුවක් වවගේම උදාසීන බවකුත් ඇතිකරන්න පුලුවන්... නමුත් ඒ විචාරේ ඔලුවෙ තියාගෙන ගියොත් ඒක අපේ රසවින්දණයට බාදාවක්..

    හිරිපොද වැස්ස මම මෙතෙනට ගත්තෙ සාපේක්ෂව සසදාබලන්නයි... ලෝකෙ කිසිම දෙයක් නිරපේක්ෂ නැති නිසා... හිරිපොද වැස්සෙ යම් සිනමාත්මක බවක් තියෙනවා.. නමුත් අපිට ආවෙනික නෑ... අපි පුරුදු උන බොලිවුඩ් සිනමාවෙන් ගෙනාපු ප්‍රයෝග මතයි ඒක තියෙන්නෙ.. නමුත් ගාමනී බලද්දි අපිට ආවෙනික සිනමාත්මක බවක් මට දැනුනා...

    ප්‍රචාරක පටයනම් චිත්‍රපටියට සාපේක්ෂව දුරුවලයි....

    ReplyDelete
  16. අපෙ උන්ට මෙවගෙ අගයක් නැත්තෙ අපෙ ලගම තියෙන ගු රටෙ ෆිල්ම් බල්ලා එ රටෙ කබ්බන්න්ගෙ වයිසරස් බො වෙලා ,,,,,,,
    අපෙ රටෙ හැටියට නම් ගාමණි මරුය........

    ReplyDelete
  17. ගාමනි වර්ගවාදය ඇවිස්සීමක් නෙමෙයි... අමතක වෙන අතීතය මතක් කිරීමක්. යුද්දෙ ඉවරයි කියල එහෙම එකක් නොතිබ්බ වගේ ඉන්න අපිට පුළුවන්ද... යුද්දෙ නිසා අහිමි වූ දේවල් හානිය... දශක ගානක් තව පරම්පරා 2ක් වත් යනකල් අමතක කරන්න බෑ...

    ත්‍රස්තයො... කියන්නේ ත්‍රස්තයොම තමයි.

    ReplyDelete
  18. //එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් සමග තිබුන යුද්දය හා වර්සවාදය අතර තඹ සතේක සංම්බන්දයක් නෑ..//

    ඔබතුමාගෙ මේ මතය අනුව , ඔබතුමා චිත්‍රපටිය ගැන දරන අදහස සහ , අනික් විචාර දක්වන අය අතර වෙනසට හේතුව හිතාගන්න පුලුවන් . කොහොම උනත් මට චිත්‍රපටිය නොබල තර්ක කිරීමේ හැකියාවක් නැ .

    ReplyDelete
  19. @ ashen :- අපේ රටේ හැටියට ගාමිනි මරු.. ඇත්ත කතාව..

    බොලිවුඩ් වලිනුත් ඉගනගන්න දේවල් තියෙනවා...

    ReplyDelete
  20. @ පිස්සා :- හරියට හරි...

    ReplyDelete
  21. @ බුවාගේ සිතුවිලි :- ඔවු මම ඒ මතේ ඉන්නවා... යුද්ධ කලේ ත්‍රස්ථවාදීන් එක්ක මිසක් දෙමලු එක්ක නෙවෙයි... ඒක හමුදාවම ඔප්පු කරා... තේරුන්ගන්න බැරිවෙලා තියෙන්නෙ යුද්දෙ දින්නාම කිරිබත්කාපු අපටයි...

    ReplyDelete
  22. bola kollo boge kathawata kiyanna dewal godak thiyenawa....
    bola oka gu70 une bolala balanne suddage xxx ewwa...ewa balala mewwa baluwama gompat thama... yako meke kunuharapayak kiwwath kiwwe danna ekekuta misa wena eunta eka notherenna.. matanam gamini pattaya... mama suddage transformers 3 eka mokadda bola...

    ReplyDelete
  23. පොඩිමැන්ගෙ කතාව නම් එළය. ප්‍රකාශනය පොඩි එකාට සුදුසු නැතිනිසා මගෙ පොඩි උන්ට නොපෙන්වමි.

    ReplyDelete
  24. නියම කතාව.අපේ උන්ට ඉතින් පිටරට එක තමා ලොකු කවදත්

    ReplyDelete
  25. පොඩිමෑන් මේකනම් මරු පෝස්ට් එකක් ඈ...

    ReplyDelete
  26. ඇත්තටම මං නම් තාම ගාමිණි බලලා නෑ.. මොකද ලංකාවෙන් පිට ඉන්න නිසා.. අපි සිනමා නිර්මාණ හොලිවුඩ් හරි බොලිවුඩ් හරි සිනමාවට සමාන කරලා බලනවනම් ඒක ඇත්තටම වැරදියි..

    ReplyDelete
  27. හිතුමතේ ට හිතුමතේ මේකට කමෙන්ට් එකක් දාන්න බැ..... මොකද මම ගාමිනි බලලා නැති නිසා.. ඉක්මනටම බලන්න තමා ඉන්නේ, ඒත් ඔය කියපු හිරිපොද වැස්ස.. වගේ ඒවා ගොඩාක් බොලදයි නේද???

    ReplyDelete
  28. @හිතුමතේ -බොලඳ සිනමා පටයක්ය කියන්න ඔබතුමාගෙ නිර්නායක මොනවද ?

    ReplyDelete
  29. ගාමණී නම් සිරාවටම පට්ට.කාලෙකින් මම බලපු එලම film 1ක්.

    ReplyDelete
  30. ගාමනී කියන්නේ ඇට්තටම මම කාලේකින් බලපු හොද ෆිල්ම් එකක්.මමනම් ඒකේ ඔය කියන විදියේ ජාතිවාදි බවක් දෑක්කේ නම් නෑ..

    ReplyDelete
  31. මාත් ගාමණි වීඩියෝ එක හොයාගෙන තියාගෙන ඉන්නේ පෝය දවසට බලන්න කියලා. වෙලාවක් නෑනේ බොල ෆිල්ම් එකක්වත් බලන්න.

    ReplyDelete
  32. මමත් බලාපු සිංහල ෆිල්ම් ගොන්න අතරින් ගාමනී කියන්නේ මගෙ හිතට දැනුනු ෆිල්ම් එකක් . ඒකේ පලමු විනාඩි 20 ඇතුලේ විතරයි සත්‍ය කතාව දුවන්නේ ඊට පස්සේ නිර්මාණයකල කතාවක් විතරමයි තිබුනේ .ඒවුණත් . මොකක්දෝ මන්දා හේතුවකට මම ඒ ෆිල්ම් එකට කැමතියි . සුද්දගේ ෆිල්ම් තරම් අපේ එවුවා හොඳ නෑ තමා . අපිට ඉතින් ඔය ගැජ මැටික්ස් නෑ නේ .ගත වෙන කාලයත් එක්ක ටිකෙන් ටික අපේ සිනමාවත් දියුනු වේවි ..

    ReplyDelete
  33. @ ඇනෝ :- ඉතිං ඒකනෙ... :)

    @ ලොකු ජෝන් :- ඒක හොදයි.. පොඩි එකාටා අපේ කම කියල දෙන්න...

    ReplyDelete
  34. @ කස්ස :- වැඩිහරියක් උන්ට එහෙම තමයි බං

    @ ඉන්දි :- තැන්කූ ඈ...

    ReplyDelete
  35. @ Dinesh :- ලංකාව කියන්නෙ කොච්චර පුංචි රටක්ද... ඒ රටේ විදියට මේ රටේ ෆ්ලිම් ගහන්න බෑ.. ඕක තේරුම්ගන්නෙ නෑ අපේ කට්ටිය...

    @ හිතුමතේ.. ඔවු ඔවු.. ඉක්මනට බලන්න... :)

    ReplyDelete
  36. පොඩි එකා හරි!!!

    ReplyDelete
  37. @ ඇනෝ :- සිරාවටම හොද ෆිල්ම් එකක්..

    @ අසංක :- ජාතිවාදී බවක් නෑ බං ඒකෙ...

    @ මධුරංග :- එල එල.. පෝය දවසට කඩල ටිකක් තම්බගෙන කාරිය බලන්න..:D :D

    ReplyDelete
  38. @ හිස් අහස් :- සඳරු ලියපු කතාව බැලුව මම කමෙන්ට් එකක් නොදැම්මට ... නෑ සඳරු චිත්‍රපටිය දිවෙන්නෙ ඇත්ත කතාවක් වටා... ගාමණී.. ඒ කියන්නෙ ග්‍රාම නිලධාරී... ගෝනගල සිද්දියට පස්සෙ නේද ඔය ග්‍රාම ආරක්ෂකයන් හමුදා පුහුණුව දීල නිල ඇදුම් දීල ටී පනස් හය දීල හදල ගත්තෙ.. සඳරු දනව ඇති විස්තරේ හැමෝටව වඩා හොදට...ගුරුවරියගෙ චරිතෙ කොච්චර ඇත්තද දන්නෙ නෑ.. නමුත් අනිත් ටික ඇත්ත කතාව.... මේ කතාව අද්‍යකෂණය කරපු කෙනා තමයි ග්‍රාම ආරක්ෂක එකේ හිටපු ලොක්ක...

    ReplyDelete
  39. ගාමණී හදපු නේවි ලොක්කා ආමි එක ගැන මෙලෝ දෙයක් නොදන්නා හරකෙක් බව පෙනේ. ආමි එකේ මේජර් කෙනෙක් බ්‍රිගේඩියර් කෙනෙකුට කතා කරන විදිහට නෙවෙයි ගාමණී එකේ ඉන්න නළු මේජර් නළු බ්‍රිගේඩියර් ට කතා කරන්නේ. (මෙය ලියන මම ඇත්ත මේජර් කෙනෙක්) හැබැයි නළු බ්‍රිගේඩියර් වේශ නිරූපනයෙන්ද රංගනයෙන්ද අපේ ජෙනරාල් ෆොන්සේකා අනුකරණය කිරීම සතුටකි.

    ReplyDelete
  40. නියම කතාව කොල්ලො... ටිකක් සැරට ලියල තියෙනව තමයි .. ඒ වුනාට මගෙ නම් අදහස එහෙම ලියපු එක හරි කියලයි. මොකද අපේ රටේ ඉඳගෙන අපේම දේවල් කකා බිබී ..අපේ රටේ දේවල් පහත් කරල හිතාගෙන... ඔය පිටරටට පුක දීගෙන ඉන්න එව්වොන්ට ඔහොම තමා ලියන්න ඕන.

    ReplyDelete
  41. @ ඇනෝ :- ඔබතුමාගෙ ප්‍රකාෂයේ වැරද්දක් නෑ... අපේ තාත්ත කිවුවෙත් ඔය ටිකමයි... අපේ තාත්තත් ආමි එකේ හිටපු මේජර් කෙනෙක්... නමුත් මගෙනම් අදහස මේක සිනමාපටයක්... එහි සිනමාත්මක වැඩිකරන්න කරපු දෙයක් කියලයි... ඇත්තටමනම් අණදෙන නිලදාරියා උනත් මේජර් කෙනෙක්ට එහෙම පුහුණුවක් දෙන්න හැකියාවක් නෑ....

    අඩුපාඩු නැත්තෙ නෑ... නමුත් අපේ දේ ඒ අඩුපාඩු නිසා හෙලා දැකීම සම්පූරණ වැරදියි..... බ්‍රිගේඩියර්ව දැක්කාමනම් මටත් ඒ ටික හිතුනා... :)

    ReplyDelete
  42. @ කුමාරයා :- වෙන කොහොම කියන්නද බං...

    ReplyDelete
  43. @ ChAnDiKa :- මල්ලි හරි මල්ලි....

    ReplyDelete
  44. @පොඩි මෑන්

    මේක චිත්‍රපටය පිළිබඳ විචාරයක් නිසා වර්ගවාදය හෝ ත්‍රස්තවාදය ගැන ඔබේ අදහස් පිළීබඳ තව දුරටත් විග්‍රහ කිරීමට නොයමි.

    නමුත් රටක හෝ ජාතික දේශපාලනය ගැන කතා කිරීමට පෙර ඒ පිළීබඳව හොඳින් හදාරනවානම් ඉතාම වටිනා බව මතක් කිරීමට කැමතියි.

    එල් ටී ටී ඊ ත්‍රස්තවාදය හා වර්ගවාදය අතර කිසිම සම්බන්ධයක් නැති බව කීමෙන්ම ඔබේ දේශපාලන දැනුම මැන ගත හැකිය.

    ReplyDelete
  45. මුණු පොතටත් ගියා, ලයික් එකකුත් දැම්මා, බර වියදන්

    ReplyDelete
  46. මම ගාමනී බැලුවෙ නම් නැහැ. ඒත් මම දන්න දෙයක් තියෙනවා, අපේ පකයියන්ට සුද්දන්ගෙ ඕන මගුලක් හොඳයි අපේ ඒව ගඳයි.
    ඇයි අපි කලුයිනේ.....
    නෙදකින්.

    ReplyDelete
  47. සිංහලයා ජාති වාදියෙක්ය වර්ග වාදියෙක්ය කියන අය කලින්ම මේ යුද්ධෙන් බැට කාපු අය ගැන කතා කරනවානම් හොඳය එසේ කර ත්‍රස්තවාදියා යනු මොනතරම් භයානක එකෙක්ද සිතනු යෙහෙක. ඒ යුද්ධයෙන් බැට කෑ අය අතර දෙමල ජනතාවද සිටින බවත් අමතක නොකරනු මැනවි. මොකද කියනවානම් පාට කන්නාඩි දමාගෙන එන්ජීඕ ඇස් වලින් ලෝකය දැකීම භයානක බැවිනි.
    චිත්‍රපටය ගැන කියන විට මං එක තාම බලල නැතිය. ඩවුන්ලෝඩ් කරන්න හැකිනම් බාමි. එත් විචාර ලියන අවිචාරවත් උගුඩුවෝ ලියන කිසිත් මම කියවන්නෙත් අහන්නෙත් නැත.

    ReplyDelete
  48. ගුරුවරියගේ කතාව නම් ගොතාපු එකක් . ඒ වගේමයි හාමුදුරුවන්ගේ කතාවත් .ඒ කාලේ ගෝනගල පන්සලේ නම් ඒතරම් හොඳ හාමුදුරු නමක් හිටියේ නෑ අපේ ගමට ඇවිත් ඕන කෙනෙක් ගෙන් අහලා බලපං මලයා මාව සුවර් නැත්තම් . ඒ කාලේ ගෝනගල පන්සලේ හිටියේ බෝතලේට පෙම් කල හාමුදු නමක්. දුකින් උනත් ඒක කියන්න ඕන . අනික ග්‍රාමාර්ක්‍ෂකයන්ට ගිනි අවි . අලුත් ඇඳුම දුන්නේ ඔය සිදුවීම වෙලා වසර තුනක් හතරක් විතර ගියාට පස්සේ ..

    ඔය ෆයිට් සීන් එක නම් ඇත්ත . කඩු අරන් ආපු කොටින්ට සිංහල කොල්ලෝ දෙන්නෙක් එක්ක පැය ගානක් ඔට්ටු වෙන්න නම් වෙලා තියනවා . උන්ටත් කඩු හරි පිහි හරි තිබුනා නම් ඔය කොටින්ගෙන් හතර පස් දෙනෙක් උන් බාවනවා ..

    පලමු විනාඩි 20 විතරමයි මලයා ඇත්ත සිද්දිය දුවන්නේ ..ඊට පස්සේ යන්නේ කතාව . ඒකේ කිසි වරදක් නෑ ෆිල්ම් එක නම් මට හොඳයි ..

    උඹට මතකද මලයා ඔයි ෆිල්ම් එකේ කොටි ටික දානේ ගෙදරට කඩා වැදිලා කෙහෙල් ගෙඩි කැවුම් වගේ එවුවා ඔතා ගන්නවා . ඒක සහතිකම ඇත්ත . උන් කාලා ඔය කෑම මග දිගට දදා ගිහින් තිබුනා .

    ReplyDelete
  49. tharaha awasara podi man.... sinhala kamata garu karath mata engirisiyen liyanna wenneee mage eta maguleee sinhalen liyana eka nethi hinda......
    uba kiwwa wageeee local gal dekaka pennala wesa baduwak gahak wateeee duwawala gamini pennuwanam ape ponna yakkuth kata eragena balay... un danneee ban sinhala kama kiyaneee mokadda kiyala... apee ratata sudda apu dawaseee idan gahpu heneee thamay ban oka...

    ReplyDelete
  50. @ KAS :- රටක දේශපාලනය , ජාතික දේශපාලනයට වඩා සම්පූරනෙන් වෙනස්... වෙන හැදෑරීම් අවශශ්‍ය නෑ මතක් කිරිමට ස්තූතියි...

    මම ඔබේ දැණුම හා ආකල්පද මැනගත්තා... :)

    ReplyDelete
  51. @ Observer :- දැක්ක දැක්ක.. මොකට වියදං කරන් මහන්සි උනාද මන්ද...

    @ Uwiniran :- මම හිතන්නෙ මම වෙන්න ඇති කුනුහරුප කමෙට් දැම්මත් මකන්නෙ නැති එකම එකා... සිංඩිවලින් එලවයිද දන්නෙ නෑ... ඔන්න උඹ වග කියපං හොදේ..

    @ ක්සැන්ඩර් :- එහෙම තමයි ඉන්න ඕනෙ..

    ReplyDelete
  52. @ හිස් අහස් :- ඔය සිද්දියලු ඒකට මුල් උනේ නෑද.. ලු හොදේ... :D :D මටත් ෆිල්ම් එක හොදයි අප්ප.. වැරදියි කියන එවුන්නෙ කෑගහන්නෙ...

    ආ.. තව දෙයක් මේ පෝස්ට් එක නිසා පොඩි කතාවක් අහන්න ලැබුන ගෝනගල ඔය සිද්දිය ගැන.. සිද්දිය ඇහින් දැකපු පුද්ගලයෙක් මට කතා කරා... ඒගැන පෝස්ට් එකක් කොහොම ලියනවද කියලයි මේ හ්ඩවස් දෙකක් මම කල්පනා කරන්නෙ....

    ReplyDelete
  53. @ sachi :- ඔන්න උඹ අනිත් එකා... කුනුහරුප කියල සිංඩිවලින් මාව අයින් කරොත් මම බලාගන්නම් හොදේ... :D :D

    ReplyDelete
  54. @ sachi,
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    මචන් පොඩී,
    සින්ඩියෙන් අයින් කෙරුවොත් උඹ බය වෙන්න එපා,
    කුඩු කරමු සින්ඩිය, ඒ කරල අලුත් එකක් හදමු.

    ReplyDelete
  55. ප්‍රකාශනය ටිකක් සැර වැඩි ද මන්දා. ඒත් ලියලා තියෙන කතාව නම් ඇත්ත...

    'ගාමණි' මං බොහොම ආසවෙන් බලපු චිත්‍රපටියක්. සමහර තැන්වල ගොන් පාට් වැඩී වගේ දැනුණා තමයි. ඒත්, බොලිවුඩ්, හොලිවුඩ් කොපි කරලා හදන අමු බොළඳ චිත්‍රපටිවල ට වඩා මේක ගොඩක් ඉදිරියෙන් තියෙන චිත්‍රපටියක්. විශේෂයෙන් ම, නවකයෙක් අතින් මේ තරම් සාර්ථක නිර්මාණයක් බිහි වීම සැබවින් ම අගය කළ යුත්තක්..........

    ReplyDelete
  56. පුපිරි පොඩි එකෝ.. හැමදාම වගේ පට්ට පොස්ට් එක... අපේ වාහෙලට මේක තේරෙන්නේ නැද්ද නැත්නම් තේරුම්ගන්න උත්සහ කරන්නේ නැද්ද කියන එක තමා මට තේරෙන්නේ නැත්තේ..

    ReplyDelete
  57. This comment has been removed by the author.

    ReplyDelete
  58. @ Podi Man - උඹේ කතාවන්ම් සහතික ඇත්ත. ඒ උනාට ලියලාතියේනවා සැර වැඩිද මන්දා ?

    ReplyDelete
  59. ගාමණී මුල් ටික යුද්දයේ අපි නොදැකපු තිරිසන් පැත්තක් පෙන්නනවා. ඇත්තටම තනි පැත්තකින් නිරායුද අය මරණ එක යුද්ධයත් නෙමෙයිද කොහෙද. මිලෙච්ඡත්වය.....

    ඊට පස්සෙත් කතාව ගලාගෙන යනවා . අර ගොලුවුන ලමයා සහ පොඩි දෙමළ කෙල්ල නිසා තැන් දෙක තුනකදි කතාව හිතට දැනෙනවා ඇරෙන්න ඉතුරු ටිකේනම් වැඩක් නෑ.....

    අනිවාර්ය්‍යන්ම ගාමනී කියන්නෙ යුද්ධ කතාවක් නෙමෙයි. සමහරු ගාමණි බලන්නෙ රැම්බො කියලා හිතාගෙන, පිස්සු වැඩක් ඒකනම්! යුද්ධයට එහා ගිය දෙයක් තමයි මේක!

    ReplyDelete
  60. මමත් අදයි ගාමණී බැලුවෙ
    ඇත්තම කියනවනම් බනින්නෙ දේශපාලන චේතනාවකින් මිසක් තමන් විචාරයක් කරන්න දන්න හිංද නෙමේ මට නම් ෆිල්ම් එක හොඳයි

    ReplyDelete
  61. මෙ කතාවට උබේ කටට මසුරන් දාන්ඩ ඔනේ//... මම කුරුල්ලා

    ReplyDelete
  62. ගාමණි පට්ට :) මමත් බැලුවා

    ReplyDelete
  63. sahathika eththa....

    ReplyDelete
  64. Howdy, I think your site might be having internet browser compatibility problems.

    Whenever I take a look at your website in Safari, it looks fine but when opening in IE, it has some overlapping
    issues. I just wanted to provide you with a quick heads up!
    Other than that, fantastic website!
    Here is my web-site : liverpool transfer news now

    ReplyDelete
  65. Hi, its pleasant piece of writing concerning media print, we all be familiar with media is a wonderful source of data.
    Also see my web page: pizza games san antonio

    ReplyDelete