2012-01-31

"කතාවක් සහ තවත් කතාවක් 3 " එදා මගේ ජීවිතේ දෙන්න පුලුවන් හැමදේම එයාට දුන්නා



මේ කතාවෙදි මම වෙනස් කරානම් ඒ නම් ටිකත්  ගම් ටිකත් විතරයි...  සමාධිගෙ පොතේ තිබුන කතාව අමුවෙන්න එහෙම දානයි මට ඕනෙ වුනෙ....  කතාවෙ නම් වලට තරු දාන්නෙ නැතුව නම් දාන්න කියපු නිසා කලින් පෝට් එක එඩිට් කරා...  ටැපලිච්ච අය ගිහින් ඒකත් බලලා... බැලුවෙ නැති අය කොටස් දෙකම බලල එන්න මේක කියවන්න....



කතාවක් සහ තවත් කතාවක් 1

කතාවක සහ තවත් කතාවක් 2


අද එතැන් සිට...




ඊට පස්සෙ කතා කරන්නත් උනා එයාල එක්ක.මම ඒ වෙලාවෙ නම් හිටියේ හොදටම බය වෙලා.ඒත් අපි දෙන්න කොහොම හරි ආව පස්සෙ ලෙක්චර් එකට යන්න ඕනෙ කියල.

එදා ඉදල තරූෂගෙන් ගෙන් මට බේරිල්ලක් නම් තිබුන නෑ.මම කැමති නොකිව්වට එයා මොකක් හරි කරන්න කලින් මට එයාගෙන අහන්න උනා මම කොන්ඩෙ කපනවනම් කොහේ හරි යනවනම් මට එයාගෙන අවසර ගන්න උනා.. තරූෂ මාව බලෙන් අයිතිකරගත්තා..මගේ භයෙන් එයා ප්‍රොයෝජන ගත්තා.. .මම මුකුත් කියන්නෙ නැතුව හිට්ය,මම හිතුව එයාට මාව ටික දවසකින් එපා වෙයි කියල.මේ විකාරෙ නතර කරයි කියල.ඒත් මට හිතුනේ මොන තරම් වැරදි දෙයක්ද කියල මට තේරෙනකොට පරක්කු වැඩි වෙලා.....


මම හැමදාම ගෙදර ආවෙ රෑට දිනෙත්  එක්ක චැට් කරන්න බලාගෙන.මුලු දවසේම ඉදල මම ඒ මොහොත වෙනකන් බලන් හිටියඒ තරමටම මම එයාට ආස කලා.දවසෙ මම කැමතිම මොහොත ඒක තමයි කියල මට හිතුන.මට කලාස් එකේ යාළුවො ගොඩක් හිටියෙ නෑ.3 දෙනෙක් විතර තමයි.එයාලගෙන් දිනෙත්ට කැමති උනේ නිමේෂි  විතරයි.අනිත් දෙන්නම කිව්වෙ එයා   ඔළුව වැඩි රස්තියාදු කාරයෙක්නේ කියලයි.ඇත්තට බැලූ බැල්මට නම් එහෙම පෙනුනට ඒ ගතියට මම ආස කරා.. faceBook එකෙ දාල තිබුන ෆොටෝස්වල එයා යාලුවොත් එක්ක අරක්කු බොන.. පාටිවල නටන ෆොටෝස් තිබුන නිසා මගේ යාලුවො එහෙම කිවුවත් එයා කතා කරනකොටනං ඒ කිසිම දෙයක් දැනුනෙ නෑ...එයාල කරේ මං වගේ කෙනෙක්ට එයාව ගැලපෙන්න නෑ කිය කියා එයාල මං දිනෙත්  ගැන කියන හැම වෙලාවකම මට බැන්නඑක .ඒත් දිනෙත්  ගැන තිබුන හැගීම මගේ හිතින් අයින් කරන්න එයාලගේ ඒ වචන වලට බැරි උනා   
 
එක දවසක් චැට් කර කර ඉන්න ගමන් දිනෙත් මගෙන් ඇහුව මම ඔයාව බලන්න එන්නද කියල.එයා එන්න හිතන් හිටපු අහපු දවසෙ මට යන්න බෑ කියල කිව්වම මට මතකයි එය ඊලඟට එන සතියේ 10 වෙනිද එන්න පොරොන්දු උනා.ඊට පස්සෙ කකුලෙ කටුවකුත් ඇනගෙන හික්කඩුවෙ ඉදන් ගෙදර ආවෙ.පොරොන්දු උන විදියටම අපි දෙන්න ජුනි 10 වෙනිද හමු උනා. මට තාම මතකයි දිනෙත් ව එක පාරටම දැක්කම මට එයාව එක පාරටම එපා උනා.ඒත් ටිකකින් ඒක හරි ගියා.එයා මට ෆිල්ම් එකක් බලන්න කියල කතා කලා.අපි ත්‍රීවිල් එකකින් කොල්ලුපිට්යට ගිහින් ෆිල්ම් එකක් බැලුවා

ඒ යන ගමන් එයා මගේ අතින් ඇල්ලුවම මට මතකයි.එයාගෙ අත් හරිම සිනිදුයි එයා තවමත් මට කියනව ඔය අපි හම්බ වුනු මුල්ම දවසෙ මුලින්ම කියපු වචනේ ඔය හරි සිනිදු ළමයෙක් අනේ කියලලු.අපි බැල්කනියෙ ෆිල්ම් එක බැලුවෙ කොල්ලුපිටියෙ ලිබර්ට් එකේ.එක තමයි කොල්ලෙක් මාව ඉම්බ පලවෙනි දවස.එයා මට තාමත් කියනව මට තේරුනා ඔයාට පුරුදු නෑ කියල කට තද කරගෙන නේ හිටියේ කියල.මම එදා බයටම වතුර බොතලේම බිව්ව ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින්ම.මට ඒ දවස කවදාවත් අමතක වෙන්න නෑ.අපි ෆිල්ම් එක බලල ඇවිත් කොල්ලුපිටියෙන් පෙස්ටි කාල ස්මැක් බිව්ව.ඊට පස්සෙ ගෙදර යන්න කියල කොටුවට යන්න කොල්ලුපිටියේ ස්ටේෂන් එකට ගියා.කෝච්චියක් එනකන් බලන් ඉන්න අතරෙ කවුරුවත් හිටියේ නැති ස්ටේෂන් එකේදි දිනෙත් මාව ආයෙම පාරක් ඉම්බෙ එදා දවසේ අන්තිම වතාවට, එයා සිගරට් බොනවට නං මං ආස නම් නෑ,ඒ උනාට එයා එදා මාව ඉඹිද්දි එයා ලඟින් ආව සිගරට් ගඳට මම තාමත් ආසයි.

ඒ මොනව උනත් මමවත් හිතපු නැති එක දෙයක් නිසා මට තරූෂට ලං වෙන්න උනා,මට හිතුන මම මොන තරම් ආදරේ උනත් දැන් නම්  දිනෙත්ට මාව ගැලපෙන්න නෑ කියල.මම හිතා ගත්ත ඇත්තටම උන දේ දිනෙත්ට කියල එයා කැමති කෙනෙක්ට එයාට ලං වෙන්න ඉඩ දෙන එක හොදයි කියල.මට හැම වෙලාවෙම හිතුන එකම දේ තමයි දිනෙත් මට ආදරේ නෑ කියන එක.මම හිතුව එයාට දැන් මාව ගැලපෙන්න නෑ කියල.එයාට හොද කෙනෙක්ට ලං වෙන්න ඉඩ දීල මම පැත්තකට වෙන එක තමයි හොදම දේ කියල.

එක දෙයක් නිසා තරූෂට ලං වෙන්න උනා කියල කියන්නෙ උගෙන් කෙල්ලට කරදරයක්වත් උනාද.... ? කියල තියෙන විදියට මොක හරි දෙයක් වෙන්න ඇති.... ඇයි දෙය්යනේ මේ කෙල්ල මෙච්චර මෝඬ....
ඌට බයවෙන්න ඌ යකෙක්ද....

මගේ හිතට ආවෙ මාර තරරහක්... ඒක තරූෂ එක්කද සමාධි එක්කද කියන්න දන්නෙ නෑ.. ඒත් තරහක්....


මම එක දවසක් ගෙදර ඇවිත් ඒ හැමදේම එයාට කියල මාව අමතක කරල දාන්න කියල කිව්ව.ඒ උනත් එයා ඒ කිසිම දෙයක් ගනන් ගන්නේ නෑ,එයා එදා ඇඩුව,මම දන්නේ නෑ ඒ උනත් මට දැනුනෙම එයා මට ආදරේ නෑ කියලම විතරයි.මම හිතුව එයා හිත හදා ගත්ත කියල. එයා මට කතා කලා මාත් එක්ක යන්න එන්න කියල මම ඔයාව එක්කගෙන යන්න එන්නම් කියලත්, ඒත් රෑ 11ට විතර අපේ ගෙදට කතා කලා එයාගෙ යාළුවෙක් ඒ දිනෙත් හොදටම බීල වැටිල ඉන්නව මුකුත් ඇහුවට කියන්නෙ නෑ ඔයා එයා එක්ක තරහ උනා කියල විතරයි කියන්නේ කියල මට බැනල එයා phone එක තිබ්බ.

මම ආයෙත් අම්ම නිදා ගත්තට පස්සෙ එයාට කෝල් කලා.එයා කතා කර ගන්නවත් බැරි තරමටම බීල හිටියේ.එදා මුළු රෑම මම අඬල නිදාගත්ත උදේ යන්න කලින් මැසේජ් එකක් යැව්ව ඔයා කතා කර විදියට මම ඔයා එක්ක යන්න එනව කියල.එදා රෑ එයා මට කතා කරල කිව්ව මට මොනව වෙලා තිබුනත් එයා මාව බාර ගන්න කැමති කියල.මටත් එයා නැතිව ඉන්න පුලුවන් තරම් හයියක් නෑ කියල මට තෙරුම් ගියා

අගෝස්තු මාසෙ 23 වෙනිද අපි දෙන්න දෙවෙනි පාරට හම්බ උනා දෙහිවලදි. එයා අපි යමු කිවුවම මම එයාගෙන් ඇහුවේ නෑ අපි මේ කොහෙද යන්නේ කියල.මට හිතුන මම එහෙම ඇහුවොත් එයාට දුක හිතෙයි කියලයි... මම එයාව විශ්වාස කරන්නේ නෑ කියල.මම එයාට මුකුත් කිව්වෙ නෑ..... එදා මගේ ජීවිතේ දෙන්න පුලුවන් හැමදේම මම දිනෙත්ට දුන්නා....  


දෙයියනේ.. මේ ඒ දවස්වල මම දැන්ගෙන ඉදි සමාධිද...... කාටවත් වචනෙකින්වත් කරදරයක් නැති අහිංසක කෙල්ලෙක්ට මේ වගේ වෙන්නෙ තරම් දෛවය නපුරු උනේ ඇයි... ??   තාත්ත ලග නොහොටපු අම්මත් එක්ක විතරක් කොළඹ නගරෙ තනිවුන අහිංසක කෙල්ලෙක ගැන මනුස්ස ලීලාවෙන් බලන්න මේ හැතිකරේට පුලුවන් උනේ නැද්ද... ??

කතාවෙ ඉතුරු ටික මම කියවගෙන ගියේ මහා කලකිරීමකින්....


 ඒත් ඒ දෙයින් පස්සෙ මම බලාපොරොත්තු උනා එයා මාව දාල යන එකක් නෑ කියල.මම මං ගැන හිතුවෙ නෑ එයාට ආදරෙ කරද්දි කිසිම වෙලාවක. මම එයාට එදත් කිව්ව ඔයාට එපා උනොත් මාව දාල යන්න කියල.එයා ඒකට මුකුත් කිව්වෙ නෑ
ඒ වෙද්දි එයා ගැන අපේ අම්මත් දැනගෙන හිටිය.අම්ම එයා එක්ක කතාත් කලා.මට මතකයි මම එදා එයාට කිව්ව අම්ම දැන ගත්තට කමක් නෑ ඔයාට මාව එපා වෙලා වගේ දැනුනොත් ඔයා යන්න.මම ගැන හිතන්න එපා කියල

ඒත් කලින් වගේම හැමදේම උනේ නොහිතපු විදියට දිනෙත් ගැන තරූෂ දැනගෙන එයා මට හැම වෙලාවෙම කරදර කලා.මට ආයෙත් කලාස්  එන්න දෙන්න නෑ කියල කිව්ව.

දවසක් තරූශ මාව භය කරල මට කියල කෝල් එකක් ගත්ත දිනෙත්ට... අරගෙන කියන්න කිවුවා මට වෙන කෙනෙක් ඉන්නවා ආයෙ මම ගැන හොයන්න එපා කියල....  මම බෑ කිවුවාම එයා මට බැන්නෙ කුනුහර්ප කියල  අන්තිමේදි එයා මගෙ කොන්ඩෙන් අල්ලං මට හොදටම ගැහුවා......නැතිනම් මාව මරණව කිවුවා...  කලාස් එන්න දෙන්නෙ නෑ කිවුවා.. අමම්ට තාත්තට එකම දූගැන හිතල මැරෙන්න වෙන විදියට වැඩ සලස්වනව කිවුවා....එයා එක්ක රන්ඩු කරන්න හයියක් මං ලඟ තිබුනෙ නෑ.....

අපි නිසාම අවුරුද් ගානක් තියෙන්නෙ පිටරටකට වෙලා දුක් විදින තාත්තටවත් නෑදෑයො කවුරුවත් නැතුව මම විතරක් ඉන අම්මටවත් මම නිසා මොනවත් වෙන්න දෙන්නෙ බරි උනා මට... මට මොනව උනත් කමක් නෑ.. ඒත් අම්මල නිසාම මම ඇස්දෙක පියාගෙන තරූෂ කියපු ටික දෙනෙත්ට කියල දැම්මා...

අන්තිමේදි තරූෂ මට දිනෙත්ව නැති කලා.


ඊට පස්සෙ මම දිනෙත්ව faceBook එකේ බ්ලොක් කරල දැම්මා... skype එකෙන් අයින් කරල දැමමා

මේක මගේ දෙයිවය වෙන්න ඇති කියල හිත හදාගත්තා... මොනව උනත් දිනෙත්ට එච්චර දුකක නෑ... ටික දවසකින් එයාට අමතකවෙයි මාව... මම හිත හදාගෙන තරූෂත් එක්ක ඉන්නව කියල  මම හිතා ගත්තා...

මම දුකෙන් ඉන්නව දැකල අම්ම ඇහුව ඇයි කියල.. මම කිවුවා දිනෙත් කතාකරන්නෙ නෑ
කියල.. අම්ම මටත් බැනල දිනෙත්ටත් බැන්නා... ඒකෙනුත් තරූෂ ප්‍රයෝජන ගත්තා... එයා අම්මව යාලුකරගත්ත... අම්මත් තරූෂට කැමති උනා...



මම දිනෙත්ව බ්ලොක් කරත් මගේ යාලුවෙක්ගෙ පරණ ප්‍රොෆයිල් එකෙන් ගිහින් මම එයාගෙ එක බලනව සමහර දවසට ටික දවසකින්  දැනුන දිනෙත් වෙන කෙනෙක්ට ලං වෙලා කියල.එයා වෙන කෙනෙක්ට ආදරෙ කලා කියල.එයත් මට හැමදේම හංඟල කියල මට හිතුනා...එයාගෙ හිත වෙන කෙනෙක් ළඟ නතර වෙලා තිබුන.මම හොදටම අසරණ උනා.එයා ඒ ළමයගෙ ෆේස් බුක් එකට ගිහින් මාව බ්ලොක් කරල තිබුන නිසා මට කිසිම දෙයක් පෙනුනෙ නැතුව තිබුන. එයාගේ වෝල් එක බලද්දි හැම දේම දැක්කෙ.මම එයාට වචනයක් වත් කියන්න ගියේ නෑ,එයත් හිතන්න ඇති මම තරූෂ  එක්ක ඉදීවි කියල.
මම එයා නිසා කොයි තරම් ඇඬුවද කියල මමවත් තවම දන්නේ නෑ.ඔලුව රිදෙනකන්ම මම අඬල ඇති.ඉස්සර බස් එකේ යනකොට එයා ගැන මතක් කර කර හිනා උන මම ඊට පස්සෙ එයා ගැන මතක් කර කර අඬ අඬා ගියා,සෙනග හිටිය කියලවත් මට දැනුනේ නෑ.මට එයාව මතක් වෙන හැම වෙලාවකම මට ඇඬුන.

රෑට නිදා ගන්න ගියාම මට හැමදාම එයාව මතක් කර කර ඇඬුව.මට තාමත් මතකයි එදා අපි අන්තිමට හමබ උන දවසෙ මාව බස් එකට දාලා එයා මගේ නළල ඉම්බ.මම ඒ වෙලාවෙ නිකමටවත් හිතුවෙ නෑ මට එයාව නැති වෙයි කියල.මම ඒ මොහොත මතක් කර කර හැමදාම ඇඬුව.දෙහිවල දකිද්දිත් මට ඇඬුන

තරූෂට මාව දිනෙත්ගෙන් වෙන් කරල දාන්න ඕනෙ කම තිබුනට එයා ඊට පස්සෙ මට ඉස්සර වගේ වද දුන්න නෑ.මං ගැන හෙව්වත් නෑ.උදව්වක් ඉල්ලුවොත් උදව් කලා ඇර එයා මට වද දෙන්න ආවෙ නෑ.සමහර විට එයාත් මව එපා වෙන්න ඇති.ෆේස් බුක් එකේ චැට් කරන එක මට එපා වෙලාම ගියා,මම ආවෙත් ඕෆ් ලයින් දාගෙන.ඇවිත් දිනෙත්ගෙ ගේ ප්‍රොෆ්යිල් එක බලල ගියා.එයාගේ වෝල් එකේ එයාගෙ අළුත් ගෑණු ළමය දාන ඒව බලල මම වුවමනාවෙන්ම මගේ හිත රිද්දගෙන ඇඬුව.

මොනව උනත් එයාව මට නැති උනත් මම එයාට හැමදාමත් ආදරේ කලා.එයා අයෙ එන්නෙ නෑ කියල මම දැනගෙන හිටිය.ඒ උනත් එයා ගැන තිබුන ආදරෙ නැති කර ගන්න මට බැරි උනා.හැම දවසකම මට එයාව මතක් උනා.අපේ අන්තිම හමුවීම මට කිසිම විදියකින් අමතක කරන්න බැරි උනා.මගේ යාළුවො මට කිව්ව අපි උගේ ඔය කෙල්ලට ඔක්කොම කියමු කියල. ඒත් මොනව උනත් මට හිතුනෙ නෑ එයාගේ ආදරේ නැති කරල දාන්න.හැමෝම මට බැන්න දිනෙත් ගැන හිතන්න එපා කියල.මාව ටිකක් හරි තේරුම් ගත්තෙ නිමේෂි විතරයි
ෆේස් බුක් ආව හැම දවසකම මම එයාගේ වෝල් එක බැලුව.

ඔහොම කාලෙ නිකන්ම ගෙවිල ගියා.. තරූෂට මාව රූකඩයක් විතරක් උනා.. ඔලුවෙ කැක්කුම එනකම් මම ඇඩුවා. එහෙම ඔලුවෙ කැක්කුම ආවාම පැනඩෝක තුන හතර එක පාරට බිවුවා...  ජීවිතේටම දෙපාරක් විතරක් දැකපු මගේ හැමදේම දීපු එයා වෙනුවෙන මට ජීවිතේම විදවන්න වෙනබව මම දැනගෙන ඉදියා...  මම ජීවත් වෙන්නම්  වාලෙ ඔහේ උන්නා.... අඩපු දවසක් නැති තරම්..

ඒත් බලාපොරොත්තු උනේ නැති විදියට අවුරුද්දකට විතර පස්සෙ ආයෙ දවසක් දිනෙත් මට සකයිප් එකේ චැට් කරා..

මගේ ජීවිතේ ආයෙත් වෙනස් උනේ එදායින් පස්ස්සෙ...


අවසාන කොටස බලාපොරොත්තු වන්න.....


අවසාන කොටස මෙතනින් කියවන්න..


                              (නම් ගම්  මනංකල්පිතයි...)



51 comments:

  1. හෆ්ෆේ දිගයි... මුල් කොටස් බලලත් නෑ.. පස්සෙ බලලම කොමනේට කරනකං ඔ්ං....

    ReplyDelete
    Replies
    1. එහෙනම් හතරවෙනි එකත් එක්ක ඊලගට බලපං...

      Delete
  2. කවුද බං මේ කෙල්ල ? :-/

    ReplyDelete
    Replies
    1. සමාවෙයං මචං... කියන එක හරි නෑනෙ... මම ඒකිට කිවුවා.. මේකෙ ලියනව කියල... මුලින් බය වුනා... පස්සෙ කිවුවාම කාටව්ටහ් දැනගන්න දෙන්නෙ නෑ මෙහෙමයි කියල කැම්ති උනා... මේ කවුද කියල දන්නෙ දිනෙතුයි සමාධියි මමයි විතරයි.. බලනවනම් තරූශ තේරුම් ගනීවි....

      Delete
  3. ලියන්න 1000ක් දේවල් ඔලුවට එනව.....මොකක් ලියන්නද කියල හිත ගන්න බෑ...
    කෙල්ල පව්...
    අන්තිම කොටසත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අන්තිම කොටසත් කියවලම මැසේජ් කරපං...

      Delete
  4. අම්මපා දෙවෙනි පාරට පෝස්ට් එකක් නිසා කඳුළු ආවේ....... මොකක්ද බං මේ.......මේක සිරා කතාවක්ද කියහන් මේක සිරා නොවෙනවනම් හොඳයි කෙල්ල පව් දෙයියනේ..
    .
    .
    .
    මේවට කවුද වග කියන්න ඕනේ......ඉක්මන්ට අන්තිම කොටසත් දාමු වෙව්ල වෙව්ල කියවලා ඉවරයක් කරන්න

    ReplyDelete
  5. Replies
    1. හ්ම්ම්ම්ම් ?? මොකද ඔබා මාමෙ.. ?? මුව ගොලුවෙලාදැ ?

      Delete
  6. අගට දැනුන සිරා කතාවක් බං... දාමු දාමු ඉක්මනටම ඊලග කතාවත්....

    ReplyDelete
  7. ඒ මේ , මේක සිරාවටම ඇත්ත කථාවක්ද හලෝ, පිස්සු හැදෙනවනේ.

    ReplyDelete
  8. ඉක්මනින්ම අන්තිම කොටසත් ඔනේ. :(.මම කතා කියවන්නේ අන්තිම කොටසත් දාලා ඉවර වුණාම නේ..:)මම හිතුවේ ලින්ක් එක දැම්මේ අන්තිම කොටසත් දාලා කියලා..:/ අන්තිම විනිශ්චය අවසාන කොටසින් පසු...:D

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊලග කොටස තමයි අන්තිම කොටස.... :)

      Delete
  9. තේරුනේ දැන් තමයි, ඔන්‍න‍ ඔහොම නම් ගම් එක්ක ලිව්වනම් හරිනේ මුල ඉදලම.
    ඇයි දෙය්යනේ මේ කෙල්ල මෙච්චර මෝඬ....
    ඌට බයවෙන්න ඌ යකෙක්ද....
    මේ කොටසේදී නම් මට හිතුනෙත් ඔච්චර තමා, බලමුකෝ ඉතුරු ටිකත් මොකද වෙන්නේ කියලා......

    ReplyDelete
  10. මට මේකට කියන්න දෙයක් නැහැ මචන් මේ ඉන්නේ මමද කියලත් වෙලාවකට හිතෙනවා උබ දන්නවා මේ නමත් එක්ක මෙහෙම දන්නේ ඇයි කියල

    ReplyDelete
  11. සිරා ! තව එක කොටසද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔවු... ට්‍ර්යි එකක දානව.. දිගට අදින්න අකමැතියි මේක...

      Delete
  12. යකෝ ෆෙස් බුක් එකෙන් හම්බුවෙලා... හම්බුන දෙවැනි දවසෙම හැම දෙයක්ම කොල්ලෙක්ට දෙන්න තරම් මෝඩ වෙන කෙල්ලො ඉන්නවද ???

    ඔය ඉන්නේ... පුදුමයක් නෑ... අහල විතරක් නෙමෙයි හමුවෙලත් තියෙනවා එහෙම චරිත. ආයෙ 2 කියෙව්ව.. දැන් නම් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. උබේ පලවෙනි ප්‍රස්නෙට උත්තර උත්තර ඊලග කොටසෙ ඒ කෙල්ල තියෙනවා...

      Delete
  13. කතාව ලස්සනයි... ඒත් ඇත්ත කතාවක් හින්දා දුකයි....

    ReplyDelete
    Replies
    1. ඊලග ටිකත් කියවල බලන්නකො...

      Delete
  14. අම්මා ගහයි බැට් එකෙන්,
    නම් දාල ලියපු නිසා එළකිරි පොඩ්ඩො,දැන් නම් අපිට තරු පේන්නෙ නෑ,
    ඉක්මනට ඊළඟ කෑල්ල දාපං බං...

    ReplyDelete
  15. පොඩ්ඩා බුකිය ගැන අවවාදයක් දෙන්න වගේ යන්නෙ..... බලමුකො අන්තිම බින්දුව වෙනකං....... අඩෝ.... මග දිගටහරහට දාන්නැද්ද........ ‍තෝ කන්න තනන්නෙ.....හරිය....

    X-Porter

    ReplyDelete
    Replies
    1. තොපිල එකකවත් ඉවරකරගන්න දෙන්නෙ නෑ නෙ... හිටු... මේක ඉවර කරනකං..

      Delete
  16. එක හුස්මට කොටස් තුනම කියෙව්වා. දැන් කවද්ද අන්තිම කොටස දාන්නෙ. ඉක්මනට දාන්ඩෝ..

    ReplyDelete
  17. Facebook නිසා සිදු වූ තවත් අවාසනාවට ඇත්ත කතාවක්.. හික් හික්..

    ReplyDelete
    Replies
    1. ඊලග කොටසත් බල්ල කියපංකො ඉතුරු ටික

      Delete
  18. නම් දාලා ලිවාමනෙ මේක හිතට වදීන්නෙ ඇඬෙන්නම..:( ම්ම්.. දුකයි!!! පවු ඒ කෙල්ල..

    ReplyDelete
    Replies
    1. දැන් ටැපලැන්නෙ නෑ නේද ?

      Delete
  19. ඔය කතාවෙ චරිත 3න් 1ක් උඹ.. ස්ත්‍රි පුරුෂ නම් මාරු කරලයි කතාව ලියන්නේ.. මම හරි නේද?

    ReplyDelete
    Replies
    1. චරිත 4යි.. 4න් එකක් මම... සිත්‍රී පුරුෂ නම්මාරු කරල කිවුවෙ,,, ? තේරුනේ නෑ...

      Delete
    2. මොන චරිතෙද මූ?

      Delete
  20. පිස්සා අහපු ප්‍රශ්නෙම තමයි බන් අහන්න තියෙන්නේ..
    කෙල්ල ගැනනම් අම්බානකට දුකයි...

    ReplyDelete
  21. අඩේ ඉක්මනට දියන් ඊලඟ එකත්

    ReplyDelete
  22. මම හිතුවා මේ ලොකෙ මේ විදියට ආදරේ කරපු එකම කෙල්ල මම වෙන්න ඈති කියලා..නමුත් තවත් මම වගෙම කෙල්ලෙක්.....වෙනසකට තියන්නෙ සමාදි ලන්කාවේ ඉදන් ආදරේ කලා...මම පිටරටක ඉදන්..

    ReplyDelete
  23. පව්!!! කෙල්ල ගැන දුකයි පොඩ්ඩෝ ......

    ReplyDelete
  24. පව් බං........ඉක්මනට අනිත් එක දාපං

    ReplyDelete
  25. machan ubala mata baninna epa. mm nm kiyanne oya kella mahama maha meti kellek machan. a wagema modai. tikak vitara gonut ekka. ohoma kollonta baya venne mona magulakatada? meka maha vikarayakne ban. henama chater

    ReplyDelete
  26. Wonderful website. Lots of useful info here. I'm sending it to some buddies ans also sharing in delicious. And naturally, thank you for your sweat!
    Also visit my blog - english premier league transfer news 2010

    ReplyDelete
  27. I am extremely impressed with your writing skills
    as well as with the layout on your blog. Is this a paid theme or did you customize it yourself?
    Either way keep up the nice quality writing, it's rare to see a nice blog like this one these days.
    My web page ; transfer news arsenal 2009

    ReplyDelete
  28. This is the right website for anybody who would
    like to find out about this topic. You know so much its
    almost tough to argue with you (not that I personally would want to…HaHa).
    You certainly put a brand new spin on a subject which has been
    discussed for decades. Excellent stuff, just wonderful!
    Look into my website - pizza games free

    ReplyDelete