2012-01-01

බොග වල උඩ ලැබූ අවුරුද්ද... ...

වෙලාව 11 විතර ඇතිය... .. පට්ට හීතලය.. කොරන්නට වැඩක් නැතිය...  කකුලද කැඩිලාය... උඩ තියාගෙන ඉදලා ඇතිවෙලාය... තට්ටන් දෙකද රිදෙනවාය...   අමාරුවෙන් කකුල පහලට අරගෙන හිටගත්තායා... කලිසම ඇතුලට අත් දෙකම දමාගෙන තට්ටන් දෙක අතගෑවාය...  අම්මා.. මාර සනීපය...එකවරම අම්මා කාමරයට ආවායා...

අත් දෙකෙන්ම පුක කසනවා දැක පනු අමාරුවදැයි ඇසුවාය... මම නැහැයි කීවායා... අම්මගේ බැල්මට් එකේ විස්වාසකරන ලකුනු පෙනෙන්නට තිබුනේ නැතිය...

ආයෙත් පුටුවේ වාඩි උනාය... තට්ටම අතගෑ ඩිංගට නොටිපිකේශන් හතය...  එක එකාලා ගූගල් කාරයාට කියා හොරෙන් ගත්  අනුන්ගේ තවත් හැපි නිවු ඉයර් පොටෝ  හතක මාව එල්ලලාය...  අවුරුද්ද සුභ වෙනවා කෙසේ වෙතත් නොටිපිකේශන් බලලාම  ඇස් දෙකම ටීක් වෙලාය.... නත්තල් ගස් වලින් බැස්සා විතරය... දැන් ආයෙත් මුන් 12 හේ එල්ලලාය... මම නොටිපිකේසන් ඩිසේබල් කොර දැමුවාය...

අවුරුද්දේ අන්තිම දවස නිසා අම්ම ස්පෙසොල් හදලාය... කකුල කැඩිලා නිසා මේ ටිකේම මොන පෙසෙල් එක තිබ්බත් බුරිය උල් වෙන්න කා බඩ තැලෙනවාට උඩුපැල්ලියං අතට නිදාගත්තාය... අදත්  උගුර ලගටම එන්න ගිල්ලාය...  ටිකකින් දෙවනි සැරේටත් උගුරට ආවායා...  ඒ පාරනම් හරියට විකුනේ නැති මස් කෑල්ලක් ආයෙමත් කටට ආවාය... අපේ තාටත්තා දුක් මහන්සියෙන් හම්බු කරපු සල්ලි නිසා විසිකරන එක අපරාදේය.. ඒකත් ආයෙත් හොදට විකා ගිල දැම්මාය....

දවල් සොට් එකත් බඩේ නිසා වැසිකිලි බරක් සෙට් වේගෙන ආවේ දැනට පැයක වෙලේ සිටය.. ඒත් මේ ඉලවු හීතල නිසා හෝදන එක මතක් වී ඇග කිලි පොලා යනවාය...   ඒත් දැන්නම් ඉහෙන් කනින් දාඩිය දාගෙන ඇවිත් රෙඩ් ලයිට්ද වැටුනේය....  හීතල ඉවසන්නටම බැරිය.... බරත් එසේමය... ඉවසන්නටම බැරිය...

තාත්තා අද තර්ටි පස්ට් තනියම සමරන්නේය ...  අපේ තාත්තාද පුල් ආතල් බුවෙක්ය... මම ඒ ආතල් බුවාගේ බුවා පැටියාය... හෙමින් සීරුවේ ඒ පැත්තට ලිස්සා ෂොට් එකක් නවාගත්තාය...  ඕකේ මදිපාඩු තාත්තට දැන් ලොවෙත් පේන්නෙ නැතිය...  තිබුන ගාන තාත්තට තියා සොට් එක දැම්මට පසු මටද මතක නැතිය...

තාත්තට ඕක මතකනම් මේ තර්ටිපස්ට් තර්ටිපස්ට් කියා ජෝගි නටන හැම උන්දලාම ඒ සල්ලි වලින්  මැරිච්ච රනවිරුවන්ගේ පවුල් වල අවුරුදු නැති උන්ට මොනවා හරි අරන් දෙන්න මතක් වෙනවා ඇතිය....

ඒවා උන්ට මතක නැතිය...  නිදහ්ස නිවහල් රටක් වෙනුවෙන් දිවිපිදූ උන්  ලොවෙත් නැතිය... අපේ උන්දලාට තර්ටිපස්ට් අවුලක් නැතුව සමරන්න දැන් පුලුවන්ය...

සොට් එක විතරක් මදිය ...  මම ආයෙත් අපේ තාත්තා චැනල් කර බැලුවෙය....  තාත්ත පෝන් එකෙන් බර කයියකය...  තාපොඩ්ඩක් හයියෙන් කතාකරානම් කෝල් එක ගන්නට ඕනෑ නැතිය.... කවුදෝ රට ඉදන් ආව බුවෙක් තෑගිදුන් පොරීන් සිගැරැට් පැකැට් එකෙන් එකක් උස්සාගත් මම හිමීට බාත් රූම් ප්‍රාන්තය කරා ලිස්සුවාය....

කොමොඩ් එකේ වාඩිවී අවුට් පුට් එකේ වෑල් එක ඇරියෙමිය... පරාක්‍රම සමුද්‍රයේ මඩ සොරොවුව ඇරියා වගේ ප්‍රතිචාරයත් බලාපොරොත්තු උනත්  තාම පස්චාත් බාගය යට ප්‍රදේශය මරණීය නිහැඩියාවක වෙලිලාය....

මම ඔලුව නමා බැලුවාය....  ම්ම්ම්හුක්... තාම නැතිය...  මට තියෙන හදිස්සිය තාම ගොලුවටා නැතිය ...  බලං ඉන්නට සිදුවෙනවාය...

ටික වෙලවකින් වැඩේ සෙටමෝල් වෙනව වගේ දැනෙන්කොටම දුම දාන්නට ගින්දර නැති බව මතක් උනාය...
තව පොඩ්ඩෙන් ගූ ගොඩේ ගල් බනිස්ය... ටවල් එක පටලාගෙන ආයෙත් කුස්සියට වැදී ගිනිපෙට්ටිය ඩැහැගෙන ආවාය....

ඔන්න දැන් වැඩේ නැගලා යනවාය.... නැගලා යනවා කිවුවාට බොහොම හෙමෙන්ය.... හීතලට  අන්ලෝඩ් පැකේජ් එකේ අයද  පස්ස ගහනවාය... ඒත් ඉතිං මගෙන් ඒවාට අවසර නැතිය...

එකපාරම චට බට චුස් බුස් ගගා තිබුන සතින්නා ටික ඩෝන් පටෝරිංං ගා පුපුරන්නට පටන් ගත්තාය... ජොසපින් අක්කට ජැස්මින් පවුඩර්ය....

වැසිකිලියේ  අමු නිර්වස්තරෙන් බොගවල උඩම මට අවුරුද්ද ලබලාය.....

ඒ මදිවට ඩෝප් එක දා සිගරැට් එකත් අතේය... ඉතිං අවුරුද්ද පට්ට පජාතය....

ඒත් එක අතකට මගේ වැඩි වෙනසක් නැත්තේය...  ණයට ගෙන හෝ ඩෝප් එක දමා ජොලි කරනා උන් එකසිය ගානට ඉන්නවාය... උනුත් බොගවල යට තියෙද්දී ඒ උඩින් සොමිය දමනවාය..හරියට මම වගේමය... ඒ බොගවල උඩම අවුරුදු ලබනවාය... ඇඳුම් ඇඳගෙනත් පුල් නිරුවස්තරයෙන්ය ... ඉතිං මගේ වැඩි අවුලක් නැත්තේය...

මම මටම සුභ අවුරුද්දක් පතා  අවුරුද්දක් තිස්සේ දැමූ බොගක් සෝදා හැරියාය.... සික පූතල වී යද්දී මට සිතුනේ මම බොග හේදුවාට අනිත් උන් තාමත් බොග වල උඩම නේදැයි කියාය.....



 ____________________________________________________

බ්ලොග් ලියන කියන උන්දලාගේ ගෙට්ටුව ගැන මෙතනින් බලන්න...

පොඩිමෑන් ලියූ ගෙට්ටුවේ අප්සට් තීම් සෝන් එක මෙතනින් බලන්න...



26 comments:

  1. සිරා
    හැපීම හැපී මෙවුවා එකක් වේවා

    ReplyDelete
  2. කලිසම ඇතුලට අත් දෙකම දමාගෙන තට්ටන් දෙක අතගෑවාය... අම්මා.. මාර සනීපය...එකවරම අම්මා කාමරයට ආවායා...

    උඹ වේලාවට පස්ස පැත අත ගැවේ ඉස්සරහ පැත්ත උන නම් මල ලෙඩේ :D

    ReplyDelete
  3. ෆට්ටයි මචන් එල එල.. හික් හික්.. මට තාම හිනා .. උඹට සුභ අලුත් අවුරුද්දක් ... !

    ReplyDelete
  4. හිකිස්‌. හිකිස්‌.............///[[]]....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. පුදුම කටක් තමයි නෑ නෑ පුදුම අතක්..කොටන්න මේ වචන කොහෙන් එනවද දන්නෙ නෑ...
    ඔබ තුමාටත් ලැබූ නව වසර සාරවත් එක් වේවා!
    සිතෙන පතන යහපත් වූ සියල්ල එලෙසින්ම ඉටුවේවා!

    ReplyDelete
  7. හොද වෙලාවට පස්ස අතගෑවේ.
    නැත්නම් අම්මා අහයි හීතලයි කියපු එකා මොකෑ මේ කූඩාරමක් ගහලා තියෙන්නේ කියලා. මතක් කරලා කන්ඩ කලින් නියපොතු ටික කපා ගන් මලේ. හික්ස් :)

    මල්ලිටත් ලැබුවා වු නව වසර සාමය සතුට පොරි සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  8. 2012 වසර පුරාවටම මධ්‍යම රාත්‍රියට පෙරම බොග සෙට් වේවා කියලා පතන්නම් !

    ReplyDelete
  9. කුරු කුරුලස් ජරමරලස් සුභ මෙව්වා එකක් වේවා!

    ReplyDelete
  10. 2012 ta kiyanna mekata wenath kathawak thibunema nedda?

    ReplyDelete
  11. සුබ නව වසරක් වේවා

    ReplyDelete
  12. හික් හික් ඩෝං පටාං කියවද්දී මට සිතුනේ වෙන දෙයක්ය බැලින්නං ඒ අර සද්දේ මේ හඩ මේවාය...

    මරු අප්පා එල ඈ සුභම සුබ නව වසරක් වේවා කියලා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා පවුලේ හැමෝටමත් එක්කම ජය වේවා

    ReplyDelete
  13. හික් හික්,.. අනේ අනේ පොඩි මෑන්
    හ්ම්ම් ඔයාටත් සුභ නව වසරක් වේවා :))

    ReplyDelete
  14. ඉවරයිනේ ඉතින්..... සුභ අලුත් අවුරුද්දක්ම වෙවා...!!!

    ReplyDelete
  15. මුළු අවුරුද්දම සරුවෙයි වගේ!

    ReplyDelete
  16. අම්ම ගහයි බැට් එකෙන්....සුභ අළුත් අවුරුද්දක් වේවා......

    ReplyDelete
  17. අගේ සුදු සුමුදු කලවා....
    දැක මගෙ වකුටු පිලවා...
    කවිය අහල ඇතිනෙ?

    සමාවෙන්න ඕනෙ පොඩි මෑන්...වෙන පෝස්ට් එකකට ලියපු කවියක කෑල්ලක් මේකෙ පෝස්ට් උනාට, ඔන්න ඔහෙ තියෙන්න ඇරිය, දන්නව නං ඉතුරු පද දෙක කවුරු හරි සම්පුර්න කොරන් නැතෑ.

    සුභ මෙව්ව එකක් වේවා...!!!


    [තාම සමරන ගමං මේ කොමෙන්ට් එක දැම්මෙ]

    ReplyDelete
  18. තනි අලියාJanuary 1, 2012 at 10:51 PM

    සියලු පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් ුවුරුද්දකෞ වේවා පොඩිමෑන්! :D

    [තාත්තට ඕක මතකනම් මේ තර්ටිපස්ට් තර්ටිපස්ට් කියා ජෝගි නටන හැම උන්දලාම ඒ සල්ලි වලින් මැරිච්ච රනවිරුවන්ගේ පවුල් වල අවුරුදු නැති උන්ට මොනවා හරි අරන් දෙන්න මතක් වෙනවා ඇතිය....]

    මේක මතක් වෙන්නත් උඔම ඉන්න ඔ්න බං!

    ReplyDelete
  19. හප්පේ මේවගේ සීන් එකක් ඇහුවමයි....එල ඈ..සුභ වේවා....මොකක්ද මේ ඔබා මාමගේ වකු‍ටු පිලවා සීන් එක...

    ReplyDelete
  20. පට්ට ලියවිල්ල බන්... සුපිරියි අහ්.

    ReplyDelete
  21. ඔය තියෙන්නෙ අලුත් අවුරුද්දෙ බොග ඉතිරෙන්න ....ඉතිං මක්කටෙයි කිරි ....අනිත් එවුං බොග ගොඩේ කිරි උතුරවන කොට... උඹ බොගම ඉතිරෙව්ව එකට මට හරි පිරීතීය.....

    X-Porter

    ReplyDelete
  22. සුභ අළුත් අවුරුද්දක් වේවා ...

    ReplyDelete
  23. සුභ අලුත් අවුරුද්දක් පොඩි මෑන්ට..

    ReplyDelete
  24. වැඩි වැඩියෙන් ලියන්න අදහස් ගලා එන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
    උඹ ලියන ඒව බොහොම සැහැල්ලුවෙන් ලියුවට....
    අපි හැමොම ඒව හිනාවෙවී කියෙව්වට...
    උඹ ලියන දේවල් වල ලොකු ඇත්තක් තියෙනව පොඩ්ඩො...
    මම උඹගෙ BLOG එක කියවන්න ආස අන්න ඒ හින්ද
    හක්කෙ එකයි බොක්කෙ එකයි දෙකක් නෑ
    අන්න ඒ ගතියට මං මාර කැමතියි.....

    "....මට සිතුනේ මම බොග හේදුවාට අනිත් උන් තාමත් බොග වල උඩම නේදැයි කියාය..."

    පට්ට පට පට.......

    ReplyDelete
  25. maree maruya.. mee awruddama boka dama damaa boka wala udama inna labenawaya.. Josapin akkata, jamsan pawdarya.... LOLya

    ReplyDelete
  26. එළයැ... පොඩ්ඩා අළුත් අවුරුද්දේ කිරි වෙනුවට වෙන දෙයක් උතුරලාය... දැන් ඉතින් මුළූ අවුරුද්දම කිරියෙන් පැණියෙන් කෙසේ වෙතත් *** පිරෙනු ඇත...

    අර ලොකු අයියා කිව්වා වගේ, උඹේ සැහැල්ලු, හිස් වචන සෙට් එක ඇතුලේ ලොකු කථාවක් තියෙනවා. ඔය ශෛලිය තව ටිකක් දියුණු කර ගනින්. බනින එකා බනියි කුණුහරුප, විකාර ලියලයි කියලා. හිනාවෙන එකා බක බක ගගා හිනාවෙලා හොඳය කියලා යයි. කියවන එකා හිතින් බැන බැන හිනාවෙලා කියවලා ඊට පස්සේ කල්පනා කරයි...

    උඹ ඔය තුන්ගොල්ලටම හරියන්න ලියපන් මලේ... ගාලු ගමනට එන්ට බැරුවා. මට දේවා මලයා කිව්වා. එදාට උපන්දින සාදයක්...! උඹලාගේ වැඩ කටයුතු සාර්ථක වේවා ! සයිබරයට මල් පූදින සුභ 2012 ක් වේවා !!! ජය !!!

    ReplyDelete